ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අණ දුන්නේ කවුරු ද?

යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ වරදකරු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක
සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මාසයේදී මහමගදී කෘර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. එය මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති බව ද, ඇතැම් හිටපු බලධාරීන් කලබලයට පත් වී ඇති බව ද දක්නට ලැබේ.

දේශපාලන හා හමුදා ලොක්කන් වෙනුවෙන් නීති ඉක්මවා සේවය කරන්නට යන නිලධාරීන් අමාරුවේ වැටීම සුලබ තත්වයකි. ඇතැම් ඝාතන සම්බන්ධයෙන් ප්‍රමාද වී හෝ නීතිය ක්‍රියාත්මක වීම වළක්වන්නට අපරාධකරුවන්ට බැරි වී තිබේ.

මහින්ද රාජපක්ෂගේ අඳුරු දශකයේ අපරාධවල සුලමුල දැන් එකින් එක හෙළිදරව් වෙමින් තිබේ. එහෙත්, ඒවා හෙළිදරව් කිරීමටත්, වගඋත්තරකරුවන්ට දඬුවම් පැමිණවීමටත්, නැවත එවැනි සිදුවීම් සිදු නොවන තත්වයක් ඇති කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට දැඩි දේශපාලනික අධිෂ්ඨානයක් ආණ්ඩුවට තිබෙන බවක් නො පෙනේ.

එහෙත්, දේශපාලකයන් වෙනුවෙන් අපරාධවල යෙදුණු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඔවුන් තනි වීම සාමාන්‍ය තත්වයකි.

2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ වරදකරු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් 2015 ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී. ඔහු සමග ඝාතනයට හවුල් වූ සෙස්සෝ පමණක් නොව, අණ දුන් නිලධාරියා ද අධිකරණය ඉදිරියේ සාක්ෂි ප්‍රමාණවත් නො වීම නිසා නිදහස් විය.

මෙම ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් වන්නේ මරා වැසිකිළි වලකට දැමීම පිණිස හමුදා භට පිරිසක් විසින් රැගෙන යමින් සිටියදී පළා යාමට සමත් වූ මහේෂ්වරන් නමැති දෙමළ සිවිල් වැසියෙක් පසුව ඒ පිළිබඳ රජයට සම්බන්ධ ඊපීඩීපී සංවිධානයට දැනුම් දීම නිසා ය.

පසුව ඊපීඩීපී සංවිධානයේ මැදිහත් වීමෙන් යුද හමුදා පොලිසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්විණි. සිද්ධිය වූ ස්ථානයට මහේෂ්වරන් රැගෙන ගොස් සිටියදී ඒ අසල ගැවසෙමින් සිටි හමුදා අනුඛණ්ඩයක් දැක ඔවුන් කැඳවා විමර්ශනය කළ අවස්ථාවේ මහේෂ්වරන් එම කණ්ඩායමේ සිටි සුනිල් රත්නායක හඳුනා ගත්තේ ය.

ඔහු සුනිල් රත්නායක හඳුනා ගන්නේ වැසිකිළි වළ අසල සිටි බෙලිකපන්නා ලෙසයි. බෙල්ල කැපීම සඳහා වැසිකිළි වළ අසලට රැගෙන යන විටත් වළ තුළ මිනිසුන් දඟළනු මහේෂ්වරන්ට දැනී තිබේ. සුනිල් රත්නායක දැකීමෙන් මහේෂ්වරන් අතිශය භීතියට පත් වූ බව වාර්තා වේ.

යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුනිල් රත්නායක විසින් මළ මිනී වළ දැමූ ස්ථානය පෙන්වන ලද අතර නඩුවේ සෙසු සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ද ඔහු විසිනි.

මෙවැනි ඝාතනයක් ඔප්පු කිරීම ඉතා දුෂ්කර ය. දක්ෂ නීතිඥයකුට තවමත් මහේෂ්වරන්ගේ සාක්කිය බිඳ සුනිල් නිදහස් කර ගන්නට අවස්ථාව තිබේ. සෙසු පිරිස නිදහස් වන්නේ ඒ නිසා ය. එහෙත්, සුනිල් තමා එම ඝාතනය කළ බව පිළි ගත් බවත්, එයට සම්බන්ධ සෙසු පිරිස් පාවා දුන් බවත් ඇත්තකි. ඔහුට එය කරන්නට නියෝග දුන් අය බේරී ඔහු පමණක් වරදකරු වූ බව ඇත්ත ය.

කුලියට මිනීමැරූ පීඩිතයන් ඔවුන් එයට පෙළඹවූ බලධාරීන් වෙනුවෙන් බෙල්ල දිය යුත්තේ කුමට ද? 

සත්‍යය හෙළිදරව් කිරීමට උපකාර කළ මෙවැනි වරදකරුවන් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර ඔවුන්ට ලිහිල් දඬුවම් ලබා දිය යුතු ය. 

ඔවුන්ට මෙවැනි දඬුවම් ලබා දීම ඇත්තෙන් ම සත්‍යය හෙළිදරව් කරන්නට කැමති අපරාධ සහායකයින් අධෛර්ය කරන්නට හේතු වේ. 

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් කළ යුතුව තිබෙන්නේ එයට අණ දුන් පුද්ගලයන් හෙළිදරව් කර ගැනීමයි. එය සුළු සිද්ධියක් නො වේ. ඉහළින් ම පැමිණි අණකින් සිදු වූ දෙයකි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අණ දුන්නේ කවුරු ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නීතිය හරියට ක්‍රියාත්මක උනා නම් මෙලහකට මහින්ද විතරක් නෙමයි රනිල් දේශපාලයේ ඉන්න විදියකුත් නැහැනේ ....
    ඒ වගේම ප්‍රභාකරන් අදටත් ජීවත්ව සුපුරුදු හෝ ඊටත් වඩා diplomatic විදියට ත්‍රස්ත්‍රවාදය පතුරමින් ඉන්න ඉඩ තිබුනා ..
    දැන් අවශ්‍ය පොදු සමාවක් ... පුනරුත්තාපනයක් .. JVP එකට ලැබුන , LTTE එකට ලැබුන විදියේ
    වෛරය පැතිරීමෙන් වැඩක් වෙන්නේ නෙහෙ

    ReplyDelete
    Replies
    1. අනිවා. තව අවුරුදු 5කට ලසන්තයි තාජුඩීනුයි එක්නැලිගොඩයි විතරද ලංකාවේ ජීවත් වුනේ.
      අනික ඔය කරුනු කාරනා හැර UNP ආණ්ඩුව බලයට පැමිණි හැම අවස්සාවේදීම මරණයක් වෙලා තියනවා.

      ඒක ආපස්සට හැරි බැලිය යුතු කරුනක්. යම් සමාජ අඩවියක ඒබව කමෙන්ටුවකින් කියලා තිබුනාම මේ පාර ඒක නැති වුනා.

      රතු පස්වල සිද්ධියත් පුලුල්ව පරීක්ෂන කරන්න ඕනො මේවගේ තත්වයකදී.

      මේක ලියන්න කියක් දුන්නද පැං ගොරෝ..

      Delete
    2. රයිට්! ඇනෝ වුණත් මේ අදහසට මං එකඟයි. කොටි සංවිධානයටත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් යන දෙපාර්ශ්වයට ම පොදු සමාවක් දිය යුතුයි. මේක අලුත් මගුලක් නෙමෙයි. ජවිපෙට මේක දෙපාරක් ම ලැබුණා. ඊපීඩීපී, කරුණා, ප්ලොට්, කේපී වගේ අයටත් දීලා තියෙනවා.

      හැබැයි ඉතින් යුද්දෙ ගැන අදාළ වුණාට පොදු දේපල මංකොල්ලකෑම ගැන නම් මේ කතාව අදාළ නැහැ.

      Delete
  2. යුද්ධය ඉවරයි. ඒක පොදු සමාවක් දීල ඉවරයක් කරන්න පුළුවන් . ඒත් පොදු දේපල අදත් මංකොල්ල කනවා. එයට සමාව දිය යුතු නෑ.

    ReplyDelete
  3. Manawa wargayata erehi(against humanity) aparada walata samawa denu hakida.

    ReplyDelete
  4. In an investigation of an assassination, what's more important is to find out who paid for the bullet. Who fired the weapon is of secondary importance.

    ReplyDelete
  5. //එහෙත්, සුනිල් තමා එම ඝාතනය කළ බව පිළි ගත් බවත්, එයට සම්බන්ධ සෙසු පිරිස් පාවා දුන් බවත් ඇත්තකි.// ඔබ මේක දැනගත්තෙ කුමන ආකාරයටද? (උදා: නඩු වාර්තාව වගේ දෙයක් කියවීමෙන්,...)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා