අපි නො දන්න ඒලියන්ල

අසූ තුනේ කළු ජුලියෙදි
දෙමළුන් හට ගල් ගැහුවේ
එකම එකම සිංහලයයි
ඒකගෙ නම නිර්මාල් ය

අනෙක් එවුන් සියලු දෙනා
දෙමළුන් බේරා ගත්තා
බේරා බේරා බේරා 
බේරෙ වගේ මනුස්සකම

අසූ තුනේ කළු ජූලිය
සිංහලුන්ගෙ මනුස්සකම
උතුරා ගැලු සමයක් විය
ඔය කියන්නෙ කවියො එහෙම

බේරී බේරී බේරී
දෙමළු මළා ලේ බේරී
ආසාවෙන් අපි බැලුවා
ගිනි කෙළි සිරි - සිරි සිරි සිරි

අපි නම් නෑ දෙමළු මැරුවෙ
අපි බේරා ගත්ත උන්ව
උන්ව මැරුවෙ ඒලියන්ල
ඒලියන්ල ඒලියන්ල

කඩ කැඩුවේ ඒලියන්ල
ගිනි තිබ්බේ ඒලියන්ල
ඔක්කොම කළෙ ඒලියන්ල
අපි නො දන්න ඒලියන්ල

පැරකුම් ජයසිංහ
2016-07-25


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හහ් හහ් හා හරි හිනා. අනේ පැරෝ කවුරුත් දන්නව ඒ ජඩ වැඩ කලේ සිංහලයො බවත් ඒවාට උල්පන්දන් දුන්නෙ ඔයා අද කඩේ යන යූ.එන් .පී ආණ්ඩුව බවත්.( හැබැයි කයිය නං ලස්සනයි ඈ.)

    ReplyDelete
    Replies
    1. ethakota 71 di JVP kiyala ahinsaka minissu maruwa aanduwa thope ammageda

      Delete
  2. එක්සලන්ට්!

    මුලින් හිතුවෙ ඒලියන්ත ගැන කියලා!! අපි නොදන්න ඒලියන්ත..

    "බේරෙ වගේ මනුස්සකම".. නියම යෙදුමක්. හිනා වෙලත් බෑ නොවීත් බෑ.

    මම හිතන්නෙ පැරා කවි ලියන්න තව තවත් උනන්දු උනොත් හොඳයි කියලා

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මටත් වැදුනේ ඒ කෑල්ල... මොකෝ ගංගාරාමේ සීමා මාලකේ පැත්ත පලාතේ යන්න බෑ ගන්දස්සාරේ... ඒ ගඳ අස්සෙත් පොටෝ ෂූට්... මුන්ගේ නහයවල් නැද්ද දන්නේ නෑ...

      Delete
    2. කවි කියන ජාතිය හිතලා ලියන්න මට බැහැ. මේක ලියවුණේ අද උදේ නාලක ගුණවර්ධන මතු කරපු ප්‍ර‍ශ්නයක් දැකලා.

      Delete
  3. වටකරගෙන ඉන්න කලට
    වෙල්ලමුලික්කාල් ගමට
    එලියන්ලා ඇවිත් දුන්න
    බං, රම්පෙට පොරි හැලෙන්න

    ReplyDelete
  4. සමාජ ජාල ආදියෙන් වීරයන් වී සිටින සිංහල ජාතිවාදීන්ට අපි අභියෝගයක් කරමු. ඔබගේ සිත් ඇතුළේ සැඟවී තිබෙන කළු ජූලියක් නැවත ඇති කරන්නට හැකිනම් එනු ඉදිරියට.
    (http://www.w3lanka.com/2016/07/blog-post_25.html)

    ReplyDelete
    Replies
    1. ජූලි මාසෙ ඉවර වෙන්න තව දවස් පහක් තියනවනෙ.

      Delete
    2. හොඳටම ඌයියා වෙලා ගොන් පකයට

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා