ලැජ්ජා නැති මහමුදලි කිරිඇල්ල ඉල්ලා අස් වෙනු!

විරැකියාවෙන් පෙළෙන අයෙකුට රැකියාවක් දීම කිසිවිටකත් දූෂණ ක්‍රියාවක්‌ නොවන බව උසස්‌ අධ්‍යාපන සහ මහා මාර්ග ඇමැති සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ඊයේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවසූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මෙම ඇමතිවරයාට දූෂණයක් යනු කුමක් ද යන්න කියා දිය යුතු ය.

රජයේ තනතුරුවලට වැටුප් ගෙවන්නේ මහජන මුදලිනි. එම නිසා රජයෙන් වැටුප් ලබන තනතුරුවලට බඳවා ගැනීමේදී පාරදෘෂ්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු ය. මහාමාර්ග අමාත්‍යංශයට උපදේශකවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවන බවට ප්‍රසිද්ධ මාධ්‍යයකින් දැනුම් දුන්නේ නැත. අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවේදී අඩු තරමේ බඳවා ගත් පිරිසට මහාමාර්ග කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීමට තිබෙන සුදුසුකම් හෝ හෙළි කළ බවක් දක්නට නො ලැබේ.

1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු මේ දක්‌වා බලයට පත්වූ සෑම ආණ්‌ඩුවක්‌ම රැකියා නැති අයට රැකියා ලබාදුන් බව සිහිපත් කළ හෙතෙම නීත්‍යනුකූල පදනමකින් රැකියා ලබාදී තිබේ නම් එහි ඇති වරද කුමක්‌ දැයි ප්‍රශ්න කර තිබේ.

මෙම පත්වීම් දුන් ආකාරය නීත්‍යානුකූල නැතුවා පමණක් නොව, මීට පෙර පැවති ආණ්ඩු කළ ආකාරයට ම දූෂණ ක්‍රියාවල යෙදෙන්නට නම් අලුත් ආණ්ඩුවක් අවශ්‍ය නො වන බව ද පරණ ආණ්ඩුවලින් ම දූෂණය කර ගන්නට හැකියාව තිබුණු බව ද ඇමති කිරිඇල්ලට මතක් කර දිය යුතු ය.

පසුගිය කාලයේ ද මහජන මුදලින් පිංපඩි ගෙවන රැකියා දුන් බව කවුරුත් දනිති. එ් කාලයේ ද අපි ඒවාට විරුද්ධ වුණෙමු. විමල් වීරවංශ සිය ඇම්බැට්ටයන්ගේ බිරියන් ඇතුළු පවුල්වල අයට ගෙදර නිකම් ම සිට පඩි ගන්නට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රැකියා දී තිබිණි. ඔවුන් කිසිදු තැනක කිසිදු රාජකාරියක් කර තිබුණේ නැත. පසුගිය ආණ්ඩුව උපදේශකයන් 250ක් පත් කර තිබූ බවක් ද ඒ ගැන පරීක්ෂණ නො කෙරෙන බව ද ඇමති කිරිඇල්ල කියයි. පරීක්ෂණ කළ යුත්තේ අප ද? අප ඔබට බලය දුන්නේ ඒ ගැන පරීක්ෂණ කිරීමට මිස, ඒවා නො කර, ඒ වැරදිවලට ආවරණය වෙමින් තව තවත් වැරදි කරන්නට නො වේ.

මේ වනාහි අමු අමුවේ මහජන මුදල් මංකොල්ලකෑම් ය. ඒවා දූෂණ නො වේ යයි කියන්නට දිව නැමෙන්නේ පල් හොරුන්ට පමණි.

මෙම සිද්ධිය පිළිබඳ ලක්බිම පුවත්පතේ පළ වූ වාර්තාව මෙසේ ය: 
මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරුන් ලෙස 45 දෙනකු පත්කර ඇති බවත් මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරදීමට සහය දුන් අයට අවස්ථාවක් ලබාදිය යුතු නිසා උපදේශක තනතුරු පිරිනැමූ බවත් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

රුපියල් 25000ක වැටුපක් හා රුපියල් 40000ක ගමන් වියදම් දීමනාවක් යටතේ මෙම උපදේශකයින් බඳවා ගත් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි

නලින්ද ජයතිස්ස මහතා -
උපදේශකවරුන් ගණන කීයද?

කිරිඇල්ල මහතා - හතළිස් පහයි.

නලින්ද ජයතිස්ස මහතා -
මේ උපදේශක තනතුරකට සම්පූර්ණයෙන් රුපියල් 65000ක මුදලක් ලැබෙනවා. මා ළඟ ඇති ‍ලේඛනයේ උපදේශකවරුන් 56ක් ඉන්නවා. ගම්‍පොල හාලිඇල විහාරයේ වට්ටප්පල සීවලී හිමියන්ට නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශක තනතුර දුන්නේ කුමන මාර්ග ඵලයක් ලබාගැනීමටද?

කිරිඇල්ල මහතා - ඔබ ඇහුවේ සුභාෂ් යටවර ගැන විතරයි. ඒකට මම උත්තර දුන්නා.

නලින්ද ජයතිස්ස මහතා - මා ළඟ ඇති ‍ලේඛනයේ මේ හාමුදුරුවන්ගේ නමත් තියෙනවා.

කිරිඇල්ල මහතා -
ඔබ දැනගත යුතුයි මහනුවර අපි ජනාධිපතිවරණයේදී ඡන්ද 81,000කින් දිනුවා. මහ මැතිවරණයත් ඉහළින්ම ජයගත්තා. අපට ජයග්‍රහණය අත්කර දුන් අයට අවස්ථාවක් ලබාදීම අපගේ වගකීමක්.

නලින්ද ජයතිස්ස මහතා -
නිමල් චන්ද්‍රසිරි නමැත්තකුට උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්. උපදේශක තනතුරු මෙහෙම අයටද දෙන්නේ? ප්‍රාදේශීය සභාවක විපක්ෂ නායක කෙනෙකුටත් උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්.

කිරිඇල්ල මහතා - ඒවා අතිරේක සුදුසුකම්. සම්මුඛ පරීක්ෂණයකට කැඳවලයි මේ තනතුරු දුන්නේ.
නලින්ද ජයතිස්ස මහතා - නුවර අරුප්‍පොලවත්තේ සමින්ද සමරසූරිය, සිරිල් සමරසූරිය එකම පවු‍ලේ එකම ගෙදර එකම ලිපිනය. මේකද යහපාලනය? ඔය ප්‍රතිපත්ති අගමැතිවරයා පිළිගන්නවාද?
කිරිඇල්ල මහතා - එකම පවු‍ලේ අයට දීලා තියෙනවා නම් මම ඒ ගැන හොයා බලන්නම්. පසුගිය රජය කාලයේ උපදේශක තනතුරු 250ක් දුන්නා. ඒ ගැනත් පරීක්ෂණ කරන්නේ නැහැ.
 පැතුම් වික්‍රමරත්න - රන්මලී සෝමසිරි (ලක්බිම)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.


Comments

  1. යහපාලනය කියන්නෙ වටඇල්ලලගෙ ක්‍රමය නෙවෙයි. උංට ඕව තේරෙන්නෙවත් නෑ. ඕකුං යහපාලනයට ගැලපෙන්නෙ නෑ.

    ReplyDelete
  2. රාජ්‍ය සේවා කොමිසම කියා එකක් තියෙනවා නේද?

    කිරිඇල්ල පමණක් නොවේ වික්‍රමසිංහ ද මේ දූෂණවලට වග කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒ ගොනානෙ පිටිපස්සෙ ඉඳන් ඔයාටත් එකක් ඕනෙද ඇහැව්වෙ.

      Delete
    2. ඒ ගොනානෙ පිටිපස්සෙ ඉඳන් ඔයාටත් එකක් ඕනෙද ඇහැව්වෙ.

      Delete
    3. ගොඩක් අය කියන කතාවක් තමයි රනිල් හොරෙක් නෙමේ කියලා.රනිල් හොරෙක් නොවුනත් වැඩක් නැහැ තමන්ගේ වටේ පිටේ ඉන්න උන් හොරු,වංචාකරයෝ නම් උන්ව ආරක්ෂා කරන්නේ රනිල් නම්.

      Delete
  3. අනේ මන්ද මේ මනුස්සයට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ නෙ. මේක තමයි පැරා උබල ගේනව කිව්ව යහපාලනේ. පොඩ්ඩක් ඉවසල ඉන්ට හිටන්. මේ පටන්ගත්ත විතරයි. (ශික්..!! 😩 අපරාදේ ඕයි මහින්ද මාමි ගෙදර යැව්වෙ 😂..)

    ReplyDelete
  4. අපරාදේ කියන්න බෑ මේ ලිපියේ නම් විමල් ගේ නම තිබුනට ඒවාට වග කියන්න ඕනේ කියල මහින්ද රාජපක්ෂගේ නම ඇත්තෙම නෑ!!

    හිනහයි ඕයි!!

    ReplyDelete
    Replies
    1. රවී කරුණානායකJuly 26, 2016 at 10:54 AM

      අම්මපා ඔව් නේන්නං.... කිව්වට පස්සෙ තමයි දැක්කේ මහින්ද රාජපක්ෂගේ නම නෑ කියලා... සෑහෙන ලොකු වෙනසත්......

      Delete
    2. අපට නම් එයා දැන් සීන් එකෙන් අවුට් වගේ. ඔයාලාට තවම නැහැ නේ ද?

      Delete
    3. ඈතදීම මෛත්‍රී දකින මහින්ද...

      "ආයූබොවන් සර් එන්න ඇතුලට" කියමින් මෛත්‍රී පිළිගන්නෙ බුළත් පිළිගන්වමින්.

      "බුළත් ඕනෙ නෑ මහින්ද , මම දේශපාලනේට ආවේත් , ඔයා ජනපති කලෙත් හිටන් එක දෙයක් කරගන්න , දැන් ඒ දේ කරන්න වේලාව හරි හිටන්" මෛත්‍රී මැතිදුන් පවසන්නෙ තමන්ට සුපුරුදු තේජවන්ත හඩින්.

      "කියන්න සර්, මම මොකද කරන්න ඕන ?" මහින්ද බයාදු ස්වරයෙන් නැවතත් තමන් ජනපති කළ නායකයාගෙන් විමසනවා.

      "මම තාත්තාට දීපු පොරොන්දුවක් තියනවා හිටන්. ඒක සම්පූර්ණ කරන්න ඕන මට, ඔයා මට මහවැලි ඇමතිකම හිටන් දෙන්න මහින්ද"

      "සුලු දෙයක්නේ සර්, තව මොනවද මන් කරන්න ඕන?"

      "කොටින්ට විරුද්ධව යුද්දේ ඔයා පටන් ගන්න හිටන්. ඔයා නමට නායකයා වෙලා ඉන්න. මම යුද්ධෙ මෙහෙයවන්නම් හිටන්"

      " ඒත් සර් .. කොටි භයානකයි නේ සර්. මට නම් බයයි " කොටි ත්‍රස්තවාදීන්ගේ නම ඇසුනත් බියෙන් ත්‍රස්තව වෙවුලන මහින්ද ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකියි.

      "බය ? බය වෙලා පුලුවන්ද අයිසේ ජනාධිපතිකම් කරන්න, තමුසෙ මම කියන විදියට කරනවා හිටන්. මම ඉතුරු ටික බලා ගන්නම් හිටන් " අභීත ස්වරයෙන් ජනපතිට අණ කරන මෛත්‍රී මැතිදුන් අරලිය ගහ මැදුරෙන් පිටව යන්නේ සිංහ ඝර්ජණාවක්ද පා.

      මෙසේ දින සති ගෙවෙමින් කාළය ගෙවී යනවා. මහවැලි ඇමති ලෙස සිය සිහිනය සැබැ කරගැනීමට සැළසුම් සකස් කරන මෛත්‍රී මැතිදුන් රජරට ගොවි පවුල් වලට ජලය ලබා දෙන සිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තෝරා ගන්නේ මොරගහකන්ද නම් ප්‍රදේශය.

      දිවා රෑ වෙහෙස මහන්සි වෙමින් , සැළසුම් සකස් කරමින් මොරගහතැන්නේ මහා ජලාශයක් ඉදි කිරීමට සැලසුම් සකස් කර වැඩ ආරම්භ කරන මෛත්‍රී මැතිදුන් සිය ව්‍යාපෘතියට මුල් ගල් තැබීමට ආරාධනා කරන්නේ නමට ජනපති මහින්ද රාජපක්ෂට.

      මේ මොරගහකන්ද ව්‍යාපෘතිය මෙන්ම , එවකට අවසන් වෙමින් තිබු යුද්ධය සහ අන් සියලුම සංවර්ධණ ව්‍යාපෘති වලට නායකත්වය සැලසූවේ මෛත්‍රී මැතිදුන් විසින්. නමට ජනපති මහින්ද සිදු කලෙ ව්‍යාපෘති වලට මුල් ගල් තැබීම සහ සාදා අවසන් කළ පසු විවෘත කිරීම පමණයි. නමුත් රට්ටූන් මේවා දැන සිටියේ නෑ. වරක් අමාත්‍ය නිමල් සොරිපාල ද සිල්වා මහතා කැබිනට් හමුවේදී කියා සිටියේ " යුද්ධය සහ සංවර්ධණ ව්‍යාපෘති වල සැබැ නියමුවා අමාත්‍ය මෛත්‍රීපාල මැතිදුන් බව රටට හෙළි කල යුතු බවයි" නමුත් ප්‍රශංසාවට හා ප්‍රසිද්ධියට අකමැති මේ සරල සුන්දර නිහඩ මිනිසා සිනහවකින් මෙසෙ පවසනවා. "රට්ටු ඉස්සරහා මහින්ද ලැජ්ජ නොකර රට්ටු හිනස්සවන්නෙ නැතුව ඉන්න නිමල්"

      එලෙස කාළය ගෙවි ගොස් 2009 වසරට පා තබනවා. මෛත්‍රීපාල මැතිදුන්ගේ නායකත්වය සහ බටහිරට සහ ඉන්දියාවට යටත් නොවී ගත් එඩිතර ඍජු තීන්දූ තීරණ නිසා කොටි ත්‍රස්තවාදය අවසන් කරමින් යුධ ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. නමුදු මේ බව නොදන්නා රටවැසියන් යුධ ජයග්‍රහණයට අණ දීමේ ගෞරවය ලබා දෙන්නෙ මහින්දට. මේ ගෞරවයෙන් සහ ජනතා ආදරයෙන් ඔලුව උදුම්මවා ගන්නා මහින්ද හිතුමතේ ක්‍රීයා කිරීම අරඹනවා. මේ අතර මොරගහකන්ද ජලාශය සැදීමේ ගෞරවය මෛත්‍රීපාල මැතිදුන්ගෙන් උදුරා ගැනීමට උත්සාහ දරණ මහින්ද මෛත්‍රී මැතිදුන් මහවැලි අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනවා. ඒ වෙනුවට එතුමන්ට ලබා දෙන්නෙ මහා වැව් , දාගැබ් තැනිය නොහැකි සෞඛ්‍ය අමාත්‍යංශය. මේ ප්‍රවෘත්තිය අසා උරණ වන මෛත්‍රී මැතිදුන් කෝපයෙන් පුපුර පුපුරා මහින්ද ජීවත් වන අරලියගහ මැදුර බලා යනවා.

      අරලියගහ මැදුරේ ගේට්ටුව අතින්ම විවෘත කරගන්නා මෛත්‍රී මැතිදුන් සරම කැසිපොට නංවා පරණ චිත්‍රපට වල චන්ඩියෙකුගේ වෙස් ගෙන අරලිය ගහ මැදුරට ප්‍රවිශ්ට වනවා.

      "අඩෝ මහින්ද කෝ උබ ඇරපන් දොර හිටන්" මෛත්‍රී මැතිදුන්ගේ සිංහ සෙයියාවට බිය වන මහින්ද නිවසේ සිටියත් එලියට එන්නෙ නෑ. ඒ වෙනුවට අරලියගහමැදුරේ දොර විවෘත කරමින් එලියට පැමිනෙන්නෙ ශිරන්ති රාජපක්ෂ ජනපති ආර්යාව.

      "අනෙ මේ මේ එයා මේ වෙලාවෙ නම් ගෙදර නෑ. යාලුවෙක්ගේ මල ගෙදර ගිහින්" ශිරන්ති බියෙන් වෙවුලමින් මේ නිර්භීත පුරුෂයාට පවසනවා. නමුත් ඇගෙ හඩේ ඇති වෙවුලන ස්වරයෙන් මහින්ද අරලියගහ මැදුර තුල සිටින බව මෛත්‍රී මැතිදුන් අවබෝධ කර ගත්තා.

      "අඩො මහින්ද මම දන්නවා උබ ගෙදර ඉන්නවා කියලා හිටන්. දැන ගනින් මම උබේ ආණ්ඩුව පෙරලලා හරි මගෙ හීනෙ මොරගහකන්ද ව්‍යාපෘතිය හැබැවක් කර ගන්නවා හිටන්. මුළ අමතක ද්‍රෝහීයා" කෝපයෙන් දිගින් දිගටම බැන වදින මෛත්‍රී මැතිදුන් දෙස ජනපති ආරක්ශක අංශයේ විශේෂ කාර්ය බලකා සෙබලු බලා සිටින්නේ බියෙන් ගැහෙමින්.

      කෝපයෙන් වෙවුල වෙවුලා සිටින මෛත්‍රී මැතිදුන් එතනින් ඉවත්ව කෙලින්ම යන්නෙ සිරිකොත එජාප මූලස්ථානයට. එහිදි රනිල් මැතිදුන් හමුවන මෛත්‍රී මැතිදුන් රනිල් මැතිදුන්ට කියා සිටින්නෙ ඊළග ජනපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සුදානම් බවයි. මෛත්‍රී වැනි ප්‍රබල නායකයෙකුගෙ පැමිනීමට අතිශය සතුටු වෙන රනිල් මැතිදු සිය ගජ මිතුරා ජවිපෙ නායක අනුර කුමාර මැතිදුන්ටද මේ බව කියා සිටිනවා....

      Delete
  5. පැරාගේ තනි පුද්ගල සමාජවාදි ගමන ,රනිල් යහපාලනය හරහා වැටි ඇති බව දැන් පැහැදිලිය,මේක බිද වැටුණු ස්ටාලින්ගේ තනි රටේ සමාජවාදයටත් ට්‍රෝට්ස්කිගේ නොනවතින විප්ලවයටත් වඩා විහිලුවකි.නමුත් සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. තනි පුද්ගල සමාජවාදය ඔබේ සංකල්පයක් මිස මගේ අදහසක් නො වේ. එහෙත්, සමාජවාදය යනු රාජ්‍ය බලය නැතුව කළ හැකි දෙයක් හෝ පුද්ගලයන්ට භාවිතා කරන්නට නො හැකි දෙයක් හෝ නො වේ. මම සමාජවාදය වෙනුවෙන් අරගලයක් කරමි. මා කරන්නේ මගේ කාර්යයයි. ඔබට ඔබේ කාර්යයත් එයට එකතු කර එය සාමූහික අරගලයක් කළ හැකි ය. ඔබ කළත්, නො කළත් මම මගේ කාර්යය අතහැර නො දමමි.

      දෙවැනි කරුණ රනිල් යනු මේ සමාජයේ ජීවත් වන තවත් පුද්ගලයෙකි. ඔහුට ද සමාජ වෙනස මට මෙන් ම අදාළ වේ. මට ඔහු මගේ සතුරකු ලෙස සලකන්නට කිසිදු හේතුවක් නැත.

      තුන්වන කාරණය යහපාලනය ගැනයි. යහපාලනය සමාජවාදයට එරෙහි සංකල්පයක් වන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරන්න.

      Delete
    2. පැරා රාජ්‍ය බලය අල්ලන්න වගේ

      Delete
  6. මෙහෙම කිව්වම ඉල්ලා අස්වෙන්න තරම් ගොනෙක් නෙමේ කිරිඇල්ල.මේ දුෂණයට එරෙහිව ආණ්ඩුවට කරන බලපෑම වැඩි කරන්න ඕන.නිකම් දවසක් දෙකක් කතා වෙලා වැඩේ යට යන්න ඉඩනොදන්න මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපි මේ කරමින් ඉන්නේ. ඒක දිගට ම ගෙන යා යුතුයි.

      Delete
  7. රනිල් ගේ රාජකීය පාසැල් සගයන් ට අභියෝග කොර සදාසොත්ති වීමට වෙර දරනා පැරා ට බටලන්දේ වීරයා සම්මානය ප්‍රදානය කොරමු!

    ReplyDelete
    Replies
    1. ඒ ගමන් තාමත් හොර රජාට ෆූ....ඛ.......දෙන කුමාර කළුආරච්චි හෙවත් ගොං සාරසයාගේ නිරුවත හෙළි කරමු.

      Delete
    2. ස ර ස තුමා ගේ නිරුවත දැක්කාම ඔබට කික් එකක් ලැබෙනවද ඇනෝතුමෝ?

      බයි ද වේ...ඔහෙ ඇණෝ තුමියක් නෙවෙයි නේ?

      Delete
  8. ඇමතිවරයෙකුට කැමති ප්‍රමාණයක් තම මතයට අනුව උපදේශක වරුන් පත්කිරීමට බලය ලැබුනේ/හෝ එසේ කරන්නට අරම්භ වුනේ මොන කාලයේ ද කියා සොයා බැලිය යුතුයි. 19වෙනි සංසෝධනයෙන් මෙථ වරප්‍රසාදය ඉවත් කරීමහෝ පස්දෙනෙක් වැනි ගනනකට සීමාකල හැකිව තිබුනා. මෙවැනි තනතුරු අනිත් ඇමතිවරුත් දී ඇති. නමුත් ජවිපෙට එම තොරතුරු ලැබීනෑ !. පසුගිය කාලේ මහාමාර්ග අමත්‍යංශය ඉතාදුශණයෙන් පිරුණ එකක් එම නිලධාරීන් මෙම තොරතුරු හෙහලි කලා විය හැකියි. කිරි ඇල්ල තනතුරු දීම සාධාරනයි කියා මා කියන්නනේ නෑ. එහෙත් පවතික්‍රමය එක පාරටම සම්පුර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් කියල අපි හිතනවා නම් ඒකත් මෝඩ කමක්

    ReplyDelete
  9. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහයෝගිතා පදනම,
    දළදා වීදිය,
    මහනුවර.

    2016 ජුලි මස 26 වැනි දින.

    අජිත් පැරකුම් ජයසිංහ මයා,
    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ වෙබ් පරිපාලක,
    W3Lanka වෙබ් (බ්ලොග්) අඩවිය.

    ගරු මහත්මයාණනි,

    “ලැජ්ජා නැති මහමුදලි කිරිඇල්ල ඉල්ලා අස් වෙනු!” යන ශීර්ෂයෙන් පළ වූ ලිපිය සම්බන්ධයෙනි.
    ------------------------------------------------------------------------------------------

    ඔබගේ හිමිකාරීත්වයෙන් සහ පරිපාලනයෙන් යුත් ප්‍රකට ‍වෙබ් (බ්ලොග්) අඩවියක් වන W3Lanka හි 2016/07/26 දාතමින් පළ වී ඇති පූර්වෝක්ත ලිපිය අසත්‍ය හා ද්වේෂසහගත කරුණු රැසකින් යුක්ත බව පවසන්නේ ඉතා කනගාටුවෙනි. මහනුවර දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිඳුන්ගේ අකලංක දේශපාලනයේ යශෝරාවය අස්ථානීය චෝදනා මඟින් නාශනය කිරීමේ දුෂ්ට චේතනාවෙන් පූර්වෝක්ත ලිපිය ඔබතුමන් විසින් ලියනු ලැබ ඇති බව වෛෂයික ව නිගමනය කළ හැකි ය. මතු දැක්වෙන කරුණු සම්බන්ධයෙන් ඔබතුමන්ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු:

    1. විරැකියාව දුරු කිරීමේ උදාර අරමුණින් ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිඳුන් විසින් නිසි ක්‍රමවේදයකට සීමිත රුකියා සංඛ්‍යාවක් ලබා දීම ඔබතුමන් විසින් විකෘති කර දක්වනු ලැබ ඇත. විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන ඔබතුමන් ආයතන සංග්‍රහ, රාජ්‍ය මුල්‍ය රෙගුලාසි, රාජ්‍ය ආයතන සංස්ථාපන පනත් සහ ඒවායේ අනුපූරක, රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය, අමාත්‍යවරයාගේ බලතල හා රාජ්‍ය සේවා කොමිශන් සභාවේ කාර්යභාරය පිළිබඳ පෙන්නුම් කරන අනවබෝධය පුදුමසහගත ය. ඔබතුමන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වූයේ කෙසේ ද යන ප්‍රශ්නය අපට ඇති වේ.

    2. ජ්‍යෙෂ්ඨ මහත්මා දේශපාලඥයෙකු සේ ම නීතිය මනැවින් හසළ ප්‍රවීණ අධිනීතීඥයෙකු ද ප්‍රබල අමාත්‍යවරයෙකු ද වන ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිඳුන් රාජ්‍ය සේවයට පුද්ගලයන් බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිය නො දනිති යි යන ඔබගේ ව්‍යංග හා සෘජු ප්‍රකාශනය ඔබ විසින් හිතාමතා ම සිදු කරනු ලබන සාපරාධි අපහාසයකි. විරුකියාවෙන් පීඩාවට පත් වන පුරවැසියන්ට සුදුසුකම් සලකා, නිසි ඇගයීමකින් පසු රැකියා ලබා දීම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් හෝ දේශපාලන බලය අවභාවිතා කිරීමක් හෝ දුෂණයක් හෝ වන්නේ කෙසේ ද? එසේ නම් අසූව දශකයේ දෙවන අර්ධයේ දී ඔබතුමන් විසින් කරන ලද රාජ්‍ය හෙවත් පොදු දේපළ විනාශයට දිය යුතු නාමය කුමක් ද? ඒ සමයේ පුපුරවා හරින ලද ට්‍රාන්ස්ෆෝමර සඳහා වැය කර තිබුණේ මේ රටේ වැඩ කරන පොදු ජනතාව නො වේ ද? එලෙස ම ගුරු වෘත්තියේ වැටුප් ලබමින් සුවහසක් දරුදැරියන්ට ඉගැන්වීම වෙනුවට දේශපාලන ව්‍යාපෘති සිදු කිරීමට දිය යුතු නම කුමක් ද?

    3. විශිෂ්ට දේශපාලනඥයන් සුවහසක් බිහි වූ කන්ද උඩරටින් එදා මෙදා තුර වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් ලබා උත්තරීතර පාර්ලිමෙන්තුවට පත් වූ අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිඳුන්ට ඉල්ලා අස් වෙනු යැයි අණ කරන්නට රාජ්‍ය සේවයෙන් නෙරපන ලද අපකීර්තිමත් ඉතිහාසයක් ඇති ඔබතුමන්ට ඇති අයිතිය කුමක් ද? ලක්ෂ දෙකකට ආසන්න වූ උඩරැටියන්ගේ ජන්දයේ වටිනාකමට එලෙස අපහාස කරන්නට ඔබතුමා අශීලාචාර වන්නේ පහතරැටියෙකු ලෙස ඔබතුමා පෙළෙන හීනමානය නිසා ද? ඔබගේ අසත්‍ය කරුණු මත ලියැවුණු ලිපියට අදාළ රැකියා ලබා දීම පිළිබඳ අධිනීතිඥ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිඳුන් උත්තරීතර පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කිරීමක් කර තිබිය දී ද ඔබතුමා එම පැහැදිලි කිරීම නො සලකා නැවතත් පූර්වෝක්ත ලිපිය මඟින් චෝදනා නැඟීම උත්තරීතර පාර්ලිමේන්තුවට කරන ලද අපහාසයක් බව අවධාරණය කරනු කැමැත්තෙමු.

    ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඔබතුමන් විසින් පූර්වෝක්ත ලිපිය මඟින් සිදු කර ඇති අපහාසාත්මක කරුණු දැක්වීම නිවැරද කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු. එසේ නිවැරදි කිරීමක් මෙම ලිපිය පළ වූ දින සිට දින හතක් (07) ඇතුලත සිදු නො වුණහොත් අජිත් පැරකුම් ජයසිංහ වන ඔබතුමන්ට එරෙහි ව නීති ප්‍රකාර ව කටයුතු කිරීමටත් රුපියල් මිලියන පනහක වන්දියක් ඉල්ලා නඩු පැවරීමටත් සිදු වන බව කනගාටුවෙන් දන්වා සිටිමු.

    ස්තුතියි!

    අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහයෝගිතා පදනම


    පිටපත්:
    1. ගරු කථානායකතුමා
    2. ගරු ජනාධිපතිතුමා
    3. ගරු අගමැතිතුමා
    4. පරිවර්තිත පිටපත: අන්තර්-පාර්ලිමේන්තු සංගමය, ජිනීවා - ස්විස්ටර්ලන්තය

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මේක දික්පිටිය අංකල් ලියපු එකක්දෝ කියල .

      Delete
    2. පේනවනේ උපදේශකයගේ මොලේ තරම. හත්පොලේ ගාගෙන !. ඒපාර උඩ රට ,පත රටත් ගාවගෙන.

      Delete
    3. චී, චී, චී, , කිරිඇල්ල තුමා බොහොම නරකයි.
      81000ක් ඔබ තුමාට චන්දෙ දුන්නනම්, අඩුමගානේ අවුරුද්දකට 10%කට විතර ඒ කියන්නේ 8000-9000කට පමණ රැකියා දෙන්න ඕනේ ඔය විරැකියාව නැතිකරන්න.
      අඩුමගානේ ඔය උපදේශකයන්ට එකාට 56 ගානේවත් තව උපදේශකයන් පත්කරන්න. එගොල්ලටත් එක්කෙනෙකුට 56 ගන්නේ උපදේශකයන් දාන්න.
      ඒ විධියට කරලා, කරලා, කරලා, කොහොම හරි අපි විරැකියාව නැතිකරමු.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා