බාලදක්ෂ වැඩ සතිය හා පාසල්වල ළමා ශ්‍ර‍මය

1956 අංක 47 දරණ කාන්තාවන්, තරුණ පුද්ගලයන් හා ළමයින්ගේ පනත අනුව වයස අවුරුදු 14ට අඩු ළමයින් රැකියාවල යෙදවීම තහනම් ය.

එහෙත්, ළමයින් සේවයේ යෙදවිය හැකි අවස්ථා දෙකක් ගැන එම පනතේ කියැවේ.

1. පාසල් ආරම්භ කිරීමට පෙර හා පාසල් කාලයෙන් පසු සරළ කෘෂිකාර්මික කටයුතු
2. රජයේ නිලධාරියකුගේ අධීක්ෂණයට ලක් වන තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු ආයතන

මෙම කරුණ සදහන් කරන්නේ කිසියම් හේතුවක් ඇතිවයි.

මේ දිනවල පාසල්වල බාලදක්ෂ වැඩ සතිය පැවැත්වේ. පසුගිය ඉරිදා හා බදාදා දිනවල මගේ නිවසට පැමිණි වයස අවුරුදු 12, 13, 14 වයස්වල පෙනුම ඇති පිරිමි හා ගැහැනු ළමයින් කණ්ඩායම් දෙකක් වැඩක් ඉල්ලූ හ. මම ඔවුන්ට සුළු මුදලක් දුන්නෙමි. වැඩක් ගැනීමේ අදහසක් හෝ අවශ්‍යතාවක් මට නො තිබුණි. මෙම ළමයින් මෙහෙයවීම පිණිස කිසිදු ගුරුවරයකු හෝ වෙනත් වැඩිහිටියකු සිටියේ නැත. මේ ළමා කණ්ඩායම් දෙක ම මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෝ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ළමා ශ්‍ර‍මය පිටුදැකීමේ සම්මුතියට 2016 ජුනි 22දා අත්සන් තැබුවේ ය. ළමා ශ්‍ර‍මයට එරෙහි ලෝක දිනය වෙනුවෙන් මෙම අත්සන් තැබීම කරන ලදී. ජනාධිපති මාධ්‍ය අංශය මගින් ජංගම දුරකථන වෙත පොදු පණිවුඩයක් එවමින් ළමා ශ්‍ර‍මය එපා යි කීම සැමගේ වගකීමක් බව දැනුම් දුන්නේ ය. ජනාධිපතිවරයා මේ රටේ ප්‍රධාන බාලදක්ෂයා ය.

ළමයින් අනාරක්ෂිත, අවිධිමත්, වගකීම් විරහිත තත්වයන් තුළ මෙසේ වැඩෙහි යොදවා බාලදක්ෂ ව්‍යාපාරය මුදල් ඉපැයීම කෙතරම් සදාචාරාත්මක ද? නීත්‍යානුකූල ද?

ග්‍රාමීය පාසල්වල විශේෂයෙන් විදුහල්පතිවරුන් විසින් ළමා ශ්‍රමය අයථා ලෙස විවිධ කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබේ. පාසල්වල ක්‍රීඩා කටයුතුවලට අදාළව මෙම ගැටලුව බරපතල අන්දමින් දක්නට ලැබේ. ඇතැම් ගැටලුවලට පාසල්වල විසඳුම් ද නැත. ඇතැම් අවස්ථාවලදී ළමයින් වැඩෙහි යොදවන්නේ බලහත්කාරයෙනි. ප්‍ර‍තික්ෂේප කරන ළමයින්ට දඬුවම් කිරීම ද සුලබ ය.

ළමා ශ්‍ර‍මය පිළිබඳ ලංකාවේ නීතියෙහි බරපතල අඩුපාඩු තිබේ. සවිස්තර ලිපියක් මෙතැනින්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කරුණු සීරියස්ලි ටපලවා ගැනීමකි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කරන්න.

      Delete
  2. දැන් පැරා සමාජවාදි මිනිසෙක් සොයා යන ගමන ගැන පැහැදිලි චිත්‍ර‍යක් මෑත පෝස්ටු පෙන්වාදෙයි, සුබ පැතුම් එදා වේල ටුවර්ස් ලිපි හා එදා වේල ටුවර්ස් විවේචන හරහා සමාජවාදි සමාජයක්.හිප් හිප් හුරේ

    ReplyDelete
    Replies
    1. මිනිසුන් ජීවත් වන්නේ එදිනෙදා ප්‍ර‍ශ්න සමග මිස න්‍යාය සමග නො වේ. ළමා ශ්‍ර‍මය අයථා ලෙස භාවිතා කිරීමට එරෙහිව සටන් කිරීම සමාජවාදී නො වන්නේ කෙසේ ද යන්න කරුණාකර පෙන්වා දෙන්න.

      Delete
  3. බාලදක්ෂ ව්‍යාපාරය ගැන නං මටත් ඊයෙ මෙහෙම හිතුනා. ඒක හොදවුනත් ඒකෙන් එලියට මුකුත් වෙන්නෙෑ. උදා 12-13 වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ඉවරයි වගේ. ඒකත් ඉවර වෙනවද මන්ද. ඒකෙන් ලබන පන්නරය ඉදිරියට ගෙනියන්න මුකුත් උදව්වක් නැහැ නෙද.

    මේකෙන් වෙන හොදේ තමයි ගම්වල ගොඩක් නැතත් නගරබදව ළමයි පරිසරයත් එක්ක (තියන තැනක - දැං නගරබදව පරිසරය කියලා එකක් නැහැනේ.) ටිකක් හැප්පිලා පරිසරය ගැන උපකරන ගැන දෑතේ හුරුව ගැන අදහසක් ගන්න එක.

    බාලදක්ෂ ව්‍යාපාරය තව සක්‍රීය වෙන්න ඕනෙ කියල හිතෙන්නැද්ද?

    ReplyDelete
  4. බාලදක්ශයෙක් විදිහට කටයුතු කරලා තියන නිසා දන්න දෙයක් තමයි වැඩ සතියෙන් මහා මුදලක් එකතු නොවෙන බව.යන්තං කෑම්ප් එකක් දෙකක් කරගන්න පුළුවන් වෙයි.
    හැබැයි රට තොට ඇවිදින්න,තමුන්ගෙ ආරක්ශාව වගේම අනෙකාවත් බලාගෙන වගකීම් දැරීම වගේ දේවල් පොතට සීමා නොවී ප්‍රායෝගිකවම අත් දකින්න ලැබෙනවා.
    මිනිස්සුන්ගෙ විවිධත්වය,ඔලුව ඉදිමෙනවා කියන්නෙ මොකද්ද?, සල්ලි වල තියන අගය එහෙමත් ළමයින්ට නොදැනීම ඔලුවට යනවා.
    ආරක්ශාව අතින් නම් ඉතින් ගේ ඇතුලෙ හරි ඉස්කෝලෙ හරි පාරෙ අම්මගෙ අතින් අල්ලන් යනවට වඩා හරි අවධානමක් තියෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා