තීරු බදු රහිත වාහන ජාවාරම තලතා අතුකෝරළගේ සිට සමන්ත විද්‍යාරත්න දක්වා

අපි මෙහෙමයි වැඩට යන්නෙ 
විදේශ රැකියා ඇමතිනියගේ වාහනයක් සම්බන්ධ වැදගත් ප්‍රශ්නයක් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න විසින් මතු කර තිබේ. ඔහු පවසන්නේ ඇමතිනිය සිය අමාත්‍යාංශයට වාහනයක් ආනයනය කර ඇති බවයි. 

එහෙත් ඒ පිළිබඳ පැහැදිලි කරන ඇමතිනී තලතා අතුකෝරළ වැදගත් කරුණු කීපයක් හෙළිදරව් කරයි. ඇය පවසන්නේ ඒ වනාහි තීරු බදු රහිතව තමා විසින් ආනයනය කර ගන්නා ලද වාහනයක් බවයි. 

මෙම වරප්‍රසාදය වසර 30ක පමණ කාලයක් තිස්සේ ඇති බව ද, එමගින් මන්ත්‍රීවරයකුට වසර පහකට වරක් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කර ගත හැකි බව ද ඇය පෙන්වා දෙයි. ඇගේ සොයුරා වන ගාමිනී අතුකෝරළ මන්ත්‍රීවරයකු ලෙස එසේ වාහන තුනක් ආනයනය කර ඇති බව ද, ඇය ද එසේ වාහන තුනක් ආනයනය කර තිබෙන බව ද ඒවා ගෙදර ඇති බව ද ඇය පවසයි. 

ගාමිනී අතුකෝරළගේ වාහන පැත්තකින් තියමු. මෙම ඇමතිනියට ගෙදර වාහන තුනක් තිබේ. ඊට අමතරව අමාත්‍යාංශයේ ද වාහන ඇත. අපට තිබෙන ප්‍රශ්නය මෙයයි. මෙච්චර වාහනවලින් දුවමින් කළ වැඩ කෝ? විදේශ රැකියාවල නියුක්ත වන ලාංකිකයන්ට පසුගිය කාලයේ මෙම අමාත්‍යාංශය විසින් කර ඇති කැපී පෙනෙන සේවා මොනවා ද? 

අනෙක් කාරණය වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම මෙසේ වාහන ආනයනය කරගෙන ඇති බවයි. ප්‍රශ්නය මතු කළ ජනතා විමුක්ති පෙරමුණ මෙම වරප්‍රසාදය පාවිච්චි කර වාහන ආනයනය කළේ නැද්ද? ජවිපෙ මන්ත්‍රීවරු 1994 සිට පාර්ලිමේන්තුවේ සිටිති. මෙතෙක් කල් ආනයනය කරන ලද තීරු බදු රහිත වාහන කෝ? ඒවායින් මහජනතාවට කරන ලද සේවය කුමක් ද? වසර පහක් ගත වන තෙක් විකිණිය නො හැකි ය යන කොන්දේසිය මත ලබා දෙන මෙම වාහනය විකුණා තමන් මුදල් ගත් බව හිටපු ජවිපෙ මන්ත්‍රී අජිත් කුමාර විවෘතව ම පැවසුවේ ය. 

මෙම තීරු බදු රහිත වාහන ජාවාරම කරන්නේ දේශපාලකයන් පමණක් නො වේ. රජයේ නිලධාරීහු ද ගජරාමෙට මෙම ජාවාරමේ යෙදෙති. 

බොහෝ දෙනෙක් කරන්නේ තීරු බදු රහිත වාහන බලපත්‍රය ගෙඩිය පිටින් ම වාහන ආනයනකරුවෙකුට විකුණා අවම වශයෙන් රු. ලක්ෂ 10කට වැඩි මුදලක් ලබා ගැනීමයි. මේ දේශපාලකයන්ට හා රජයේ නිලධාරීන්ට මේ රටේ මහජනතාව වසර පහකට වරක් අඩු ම තරමේ රු. ලක්ෂ 10ක් බෝනස් ලෙස ගෙවන්නෙමු. මෙය අවම වශයෙන් මාසයකට රු. 16,667ක බෝනස් එකකි.  

එය මෙරට බොහෝ වැඩ කරන මිනිසුන්ගේ මාසික වැටුපට සමාන මුදලකි. 

මේ රථගායේ තවත් පැත්තකි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,
    මුලින්ම සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී නොව පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහුගේ රසිකයන් ඔහුගේ කථා අසා කුල්මත්ව යුඇන්පියට සහ සන්ධානයට ඡන්දය දෙන බැවින් ඔහුගේ පක්ෂයට මෙවර ඌවෙන් පාර්ලිමේන්තු අසුනක් දිනා ගැනීමට නොහැකි විය. මමද ඔහුගේ කථා යූබටය හරහා නොයෙක්වර රස විඳින සමන්තගේ රසිකයෙක්මි. පාර්ලිමේන්තු උත්තමයන් රථ ගායකින් පෙලෙන බැවින් නිතරම ජනතා මුදලින් ලොව හොඳම සැප වාහන ගෙන ජනතාවගේම මුදලින් තෙල් ගසා ජනතාවටම කොකම් පාති. උන්ට ඡන්දය දෙන මෝඩ හුදී ජනයා දුම් රිය හා බස්වල පාපුවරුවේ වවුලන් සේ එල්ලී ජීවතයත් මරණයත් අතර සටනක් දී සොච්චම් වැටුපකට කඹුරති. දේශපාලකයන්ට බණින වෙලේ මගේනම් පැතුම බූරු මොළයක් ඇති හුදී ජනයාට බුද්ධිය පහලවේවා කියා උදේ හවස ප්‍රාර්ථනා කිරීම පමණි.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !
    ලංකාවේ බූරු මොළයක් ඇති හුදී ජනයාට බුද්ධිය පහලවේවා !

    ReplyDelete
    Replies
    1. සමන්ත විද්‍යාරත්න 2004 සිට 2010 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කලක් සංස්කෘතික නියෝජ්‍ය ඇමතිකම ද දැරුවේ ය.

      Delete
    2. හිටපු මන්ත්‍රී
      හිටං මන්ත්‍රී නොවේ.

      Delete
    3. හුදී ජනයා කිව්වම පැරා පුතත් අයිතිද ? දන්නෙ නැති නිසයි ඇහුවෙ...හිටන්

      Delete
  2. මේ රට හදන්න නම්... පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පටන් මාද්දියවේදියා දක්වා දෙන සියළුම සහනාධාර නවත්තන්න ඕන... මන්ත්‍රිවරුන්ගෙ පැන්සොන් එකටත් කෙලවන්න ඕන.. මුන් මේක ජාවාරමක් කරගෙන තියෙන්නේ.. මේක හෙන හත වදින අපරාධයක්...

    ReplyDelete
  3. තලතා කරපු වැඩනම් තියෙනවා. එයාට ඉන්නව එයාගෙ ගම් පලාතෙ බච්චො සෙට් එකකින් ෆෝම් කරපු වැඩ බැරි මියුසික් ගෲප් එකක්. පහුගිය අවුරුදු සමයෙ මෙයා ගියා ලංකාවෙ කම්කරුවො ඉන්න රටවල් කීපයකට එයාගෙ බච්ච මියුසික් ගෲප් එකත් අරන්. උන්ට, සල්ලි, හෝටල් සියල්ල විදේශ අමත්‍යාන්ශෙන්, පැය දෙකක තුනක විතර සංගීතයක් දෙනවා, ඒකටත් වැඩිපුර හූ පාර තමයි. මොනවා වුණත් ඒ වගේ එකක් හරි කරන්න ඉන්නෙ තලතා මැඩම් තමයි.

    ReplyDelete
    Replies
    1. අර ඩිලාන්ගේ රටවිරුවෝ එක ආයෙත් පටන් ගත්තා නම් හරිනේ බං.තලතාට බෑන්ඩ් එකකුත් තියෙනවා නම්.

      Delete
  4. කවුද පැරා ඔය පර්මිට් එපා කියපු සිරිසඟබොලා පාර්ලිමේන්තුවේ ඉන්න.අමතකද අර එල්ලාවල බෙන්ස් එක.

    ReplyDelete
  5. සමන්ත විද්‍යාරත්න සහ ගප්පියා අතර වෙනස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකත් හරියට ඉවාන් පවුලූෂයි දෙරණෙ චතුරයි අතර වෙනස අහනවා වගේ වැඩක්නෙ. චතුරයා පළපුරුදු දක්ෂ නිවේදක, උඹනම් වැඩ බැරි නිවේදක, අපි දැක්කනෙ නෙළුම් සම්මානෙ. උඹ හරියන්නෙ ගප්පියට තමයි, මොකද උඹල දෙන්නම ජනතාවට විහිළු සපයනවා. හැබැයි, ගප්පියා ටැලන්ට් එකෙන් තමන් දැනගෙන විහිළු කාරයෙක් වෙද්දි, උඹට ඒක නැතුව, නොදැන විහිළු කාරයෙක් වෙනවා.

      Delete
    2. //චතුරයා පළපුරුදු දක්ෂ නිවේදක
      දවසේ විහිළුව :-D

      Delete
    3. හරි හරි බන්..එහෙනම් අපි සිරසෙ කිංස්ලි කියමුකො. ඒත් මේ පව් දෙන ලූෂා...මූ නම් එදා මාර ජෝක් එකක් වෙලා තිබ්බෙ.

      Delete
    4. මම නම් එදා මගදි නැගිටලා අවා බන් මූගෙ ජෝක් බලන්න බැරුව. අපේ රසික මහත්තයට අතරින් පතර හිස් තැන් පුරවන්න කතා කෑලි ටිකක් දීල එතුමවත් හෑල්ලු කළානෙ මූ. මූ මොනවදෝ කියවනවා ඌවත් දන්නෙ නෑ ඌ මොනවද කියවන්නෙ කියල්ල. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කිව්වලු.....

      Delete
    5. අහෝ නිසි වයසට නිසි දේ නොකළ කරුමයක මහත ඇනෝ.
      ටිකක් ඉන්ටකෝ.

      Delete
    6. ඇනෝ... පව් බං උඹ.... මේ ලඟදී උඹ වගේ ඉරිසියා කාරයෙක් හෙණයක් ගහල මළා...

      Delete
  6. මාත් කාරෙකක් ගෙනාවා, 1994 දී.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවැයි ඉතින් රසික පුතාගෙ කාර් කතා. ඔව්වා ඔක්කොම රස බේරෙන කතා වස්තු විධියට පරණ බ්ලොග් එකේ ලියලා තියෙන්නෙ. ඇත්තටම ඒක නිකන් රසික පුතාගෙ ජාතක කථා වස්තුව වගේ.

      Delete
    2. ඒ කියන්නෙ තලතා අතුකෝරළගේ සිට සමන්ත විද්‍යාරත්න දක්වා අතරමැද රසිකත් ඉන්නවා. පිස්සු නැත්තං ෂෝක් මෙයා!

      Delete
  7. වෘත්තීයවේදීන්ට ප්‍රේමදාස, චන්ද්‍රකා සහ මහින්ද දුන් පර්මිට් එක රනිල් තනියම බෙදාගෙන කයි. කැතයි හොඳේ !

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තු ගස් බල්ලන්ට වගේම ඔය හුත්තීය වේදීන්ටත් කාර් පර්මිට් එපා. උන් වෙන වෙන ක්‍රම වලින් මහා විසාල සල්ලියක් හොයනවා.

      මැදපෙරදිග කඹුරලා එන එවුන්ට දීපල්ලා.

      Delete
  8. 10ta deeganna beriwunaa. 9.60kata thamaa dunne. Eth ithin rajaye sewakayo widiyata api awuruddakata miliyana 100ka withara purchasing decision initiate karanawaa. Ithin oyawage bakkak awurudu 5kata paarakwath naawoth ape inna ayyalaata status maintain karanna wenne oya miliyana seeyen 5k 6kwath wamata gahalaa. Ma dannawaa oka labunath wamata gahana porawal innawaa. eth oka nisaa godak aya thamange raajakaariya hariyata karanawaa.

    Para ayya hithanna api nidahas adyaapanen aapu minissu. apiata loku pawul pasubimak ne. Ithin api marutiyakata hari karagahanne oya sochchen. 5kata paarak aawaama geyak dorakata weda patanganna puluwan. Nethinam minissu corrupt wenawaa. Loke koyi rateth decision ganna porawalwalata hoda padiyak gewanawaa mokada horakam kaloth paaduwa wedi nisaa. Onna ithin loku padith aran horakam karanawa kiyana attitude eke wereddak.

    ReplyDelete
    Replies
    1. ඩිලාන්,
      සිංහල වචන ඉංග්‍රීසියෙන් කෙටුවම අමාරුයි කියවන්න. ඒ නිසා මේ link එකෙන් සිංහල කොටන්න පුරුදු වෙන්න.

      http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      ඔබේ කොමෙන්ටුව සිංහලෙන් පහත පරිදි;
      10ට දීගන්න බැරිවුණා. 9.60කට තමා දුන්නෙ. ඒත් ඉතින් රජයේ සෙවකයො විදියට අපි අවුරුද්දකට මිලියන 100ක විතර purchasing decision initiate කරනවා. ඉතින් ඔයවගේ බක්කක් අවුරුඩු 5කට පාරක්වත් නාවොත් අපෙ ඉන්න අය්යලාට status maintain කරන්න වෙන්නෙ ඔය මිලියන සීයෙන් 5ක් 6ක්වත් වමට ගහලා. මම දන්නවා ඕක ලැබුණත් වමට ගහන පොරවල් ඉන්නවා. ඒත් ඕක නිසා ගොඩක් අය තමන්ගෙ රාජකාරිය හරියට කරනවා.

      පැරා අය්ය හිතන්න අපි නිදහස් අධ්‍යාපනෙන් ආපු මිනිස්සු. අපිට ලොකු පවුල් පසුබිමක් නෑ. ඉතින් අපි මරුටියකට හරි කරගහන්නෙ ඔය සොච්චමෙන්. 5කට පාරක් ආවාම ගෙයක් දොරකට වැඩ පටන්ගන්න පුලුවන්. නැතිනම් මිනිස්සු corrupt වෙනවා. ලෝකෙ කොයි රටෙත් decision ගන්න පොරවල්වලට හොඳ පඩියක් ගෙවනවා, මොකද හොරකම් කලොත් පාඩුව වැඩි නිසා. ඔන්න ඉතින් ලොකු පඩිත් අරන් හොරකම් කරනව කියන attitude එකේ වැරැද්දක්.

      Delete
  9. ගිය අවුරුද්දේ කාට කාටත් ඔය බලපත්තරේ දෙන එක නවත්තන්න යනකොට දොස්තර මහත්තුරු වලියක් ඇදලා වැඩේ හබක් කළා වගේ මතකයි.

    ReplyDelete
  10. Let us grant your point at the beginning. Thereupon, two major questions arise about the authenticity of your claim:

    1. Do you adhere to the belief that the curtailment of the government extravagances (in contrast to a major paradigm shift in monetary and fiscal policies) would bring about a resolution or at least a substantial mitigation to the current economic crisis in Sri Lanka?

    2. Will you still rebuff the vehicle permits, if they are offered to the government nursing officers?

    The basis for our first question is to investigate whether you still observe the obsolete and superannuated doctrines of the JVP, who believe that they could manage a state as if they manage a small boutique in the peripheries of Tissamaharama.

    The basis for our second question is to investigate whether your opposition to vehicle permits is a matter of principle or an element of sensationalism. It is also intended to get the best out of you by the referential nature of the question, as we are well aware that Ajith Perakum Jayasinghe’s very best can be seen when he is provoked.

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ලියපන් ඩෝ. උඹ පීපී කරලා සල්ලි හොයන නමුත් රටේ මහජනතාවගේ සල්ලි වලින් ඉගෙනගත්ත දොස්තර අපතයෙක් නේද?

      Delete
  11. මෙම බ්ලොග් පෝස්ට් එක පළ කිරීමෙන් පසු අජිත් පැරකුම් ජයසිංහට කොළඹ 7, සර් අර්න්ස්ට් ද සිල්වා මාවතේ අංක xx දරන ස්ථානයෙන් දුරකථන ඇමතුමක් ලැබේ. අංකය හොඳට හුරු පුරුදු අජිත් පැරකුම් ජයසිංහ ගරුසරු පෙරදැරි ව තිවංක මුද්‍රාවට එළඹ මෙසේ ප්‍රතිචාර දැක්වීම අරඹයි:

    “සුබ උදෑසනක්’

    “සුබ උදෑසනක්. ජයසිංහ මහත්මයා, ගරු xxxx xxxxx xxxxxxxxxxxx මැතිතුමාට ඔබතුමා සමඟ සාකච්ඡාවක් කරන්නට අවශ්‍ය යි.”

    “පුළුවන්… පුළුවන්… සම්බන්ධ කරන්න... සම්බන්ධ කරන්න..”

    “සුබ උදෑසනක් සර්”

    “ජයසිංහ මහත්මයා, තව ම ඔබතුමා xxxxxxxතුමාට සම්බන්ධ වූණේ නැහැ. ටිකක් ඔහොම ඉන්න”

    “හෙලෝ.. “

    “ගුඩ් මෝනිං සර්. මොකක් ද සර් කෙරෙන්න ඕන? දැන් ම පිටකෝට්ටේට යන්න ඕන වැඩක් ද සර්? මම ලෑස්තියි සර්”

    “ගුඩ් මෝනිං! අයිසේ පැරකුම්, අර ලියුම නම් නියමෙට ලියවිලා තියෙනවා. තමුසේ බලං ගියා ම මහින්ද අබේසුන්දරටත් වඩා වැඩ කාරයෙක්නේ”

    “තැන්ක් යූ සර්. තැන්ක් යූ. සමන්තයට නැති වෙන්න දුන්නා සර් මම අත දිග ඇරලා”

    “අයිසේ පැරකුම්, තමුසේ මොනව ද මේ කියවන්නේ?”

    “ඇයි සර් මොකක් හරි අප්සැට් එකක් වෙලා ද?”

    “මොන අප්සෙට් ද අයිසේ? තමුසේ මේ සමන්තයෙක් ගැන කියවනවා. ඇයි තමුසේ නියමෙට දීලා තිබුණේ අතුකෝරාළ හත්මුතු පරම්පරාවට ම නැති වෙන්න.”

    “අවුලක් නෑනේ සර්? අර පියාණන්ගේ පුත්‍රදාස ඒක්ක එකතු වෙලා නංගි සර්ව පන්නන්න හැදුවා. ඊට කලින් අයියත් අර ආවොත් පායයි හිරු මහත්තයත් එක්ක එකතු වෙලා සර්ව පන්නන්න හැදුවා. සර්ට එහෙම කරපු එවුන් ගැන අපේ යුතුකම ඉටු කරන්න ඔනෙනේ සර්. සර් නැත්නම් අපිත් නෑනේ සර්. සර් තව කවුරු ගැන ද සර් ලියන්න ඕන. සර් දන්නවනේ මට කවුරු වුණත් එකයි. ලක්ෂ ගණනක් බලනවා මගේ බ්ලොග් එක.”

    “ඕවා මගෙන් අහන්න එපා. මම කරන්නේ මහහත්මා දේශපාලනයක්. නම් ලිස්ට් එකක් තමුසේ ම හදාගන්නවා ටිකක් කල්පනා කරලා. තමුසෙට මම ඕව කියන්න ඕනැ නැහැනේ. තමුසෙට මම කියල ද අර ලොක්කටත් ගහලා තිබ්බේ ඊට කලින්”

    “සර් වෙනුවෙන් මම ඔය මොකාට වුණත් ගහන්න දෙපාරක් හිතන්නේ නැහැ සර්. සර් දන්නවනේ මම බොන්ඩ් කේස් එක ගැන ලියන එකත් අත ඇරලා දැම්මා කියලා.”

    “අයිසේ පැරකුම්, කෝ අයිසේ අර ලංකාතිලක ද ගඩලාදෙණිය ද කියන හාදයා.”

    “ආහ්.. සර් මිනිහ ද? හරි සර්… හරි සර්… මට තේරුණා සර්. මම ළඟ දි ම උපදේශකයෝ ගැන පොස්ට් එකක් දාන්නම් සර්. එතකොට එයා ගැන මට සලකා බලන්න පුළුවන්”

    “අයිසේ පැරකුම්, තමුසේ වගේ කෙනෙක් තමා බේරේ ගෙදරට දාන්න ඕන”

    “සර් ඉතිං ඕක හැමදා ම කියනවා. ඒත් වෙන්නේ නැහැනේ. සර් චාන්ස් එකක් දුන්න නම් මම සූජීව දිසානායකට වඩා හොරිකඩ වැඩකිඩ ටිකක් පෙන්නනවා සර්”

    “බලමු‍කෝ… බලමුකෝ… තමුසෙව එතනට දාලා තමුසේ එතන ඉන්න ඉංග්‍රීසි පත්තර කාරයන්ට ඉංගිරිසි උගන්වන්න ගිහින් නැති ආරවුලක් හදා ගනී ද කියලා බයයි. තමුසේ හිතං ඉන්නේ තමුසේ ලකීටත් වඩා ඉංගිරිසි මාධ්‍යකාරය කියලනේ. අයිසේ පැරකුම් මට දැන් මීටින් එකක් තියෙනවා. තමුසේ පිටකෝට්ටේ යන වෙලාවක කලෙක්ට් කරගන්නවා. කෑෂ්වලින් ගෙවන්න කියලා මම කියලා තියෙන්නේ.”

    “තැන්ක් යූ සර්.. තැනක් යූ.”

    තිවංක මුද්‍රාවෙන් ම දුරකථනය විසන්ධි කළ පැරකුම් ජයසිංහ නැවතත් තම සේවාව ඇගයීමට පිටකෝට්ටෙන් ලබා දුන් පරිගණකය වෙත ගියේ ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා