වමේ පක්ෂ ධනවාදයට කඩේ යන හැටි පෞද්ගලික විශ්වවිද්‍යාල සටන ඇසුරෙන්

අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2016-07-02

අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙහෙයවීමෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව සිදු වන සටන ප්‍රගතිශීලී අරගලයක් නොවන්නේ කෙසේද යන්න මේ ලිපියෙහි තේමාව වී තිබේ. මෙහි සඳහන් වන කාරණා ලංකාවේ තවත් බොහෝ ජනප්‍රිය අරගලවලට අදාළ වේ.

‘සයිටම්’ නමින් හැඳින්වෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ගැටලු සම්බන්ධයෙන් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගුණාගුණ ගැන හෝ සංවාදයක යෙදෙන්නට අපට වුවමනාවක් නැත. රාජ්‍ය විශ්වවිද්‍යාල ද ඉතා හොඳ මට්ටමක ඇතැයි අප පිළිගන්නේ නැත. ලංකාවේ වෛද්‍ය විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පොදු ජනතා අත්දැකීම වන්නේ ඒවායින් බිහි කරන අය අතරින් විශාල පිරිසක් මිනිස්කම ඇති වෛද්‍යවරුන් නොව, පන්ති හිණිමගේ ඉහළ යෑම සඳහා මහජනතාවගේ ජීවිත පාවිච්චි කරන බහුතරයකගෙන් සමන්විත, ලාභ පසුපස හඹා යන, ආචාර ධර්මයක් නොදත් මුදලාලිලා පිරිසක් බවයි. ඒ නිසා රජයේ විශ්වවිද්‍යාල හොඳ ද යන්න පිළිබඳ ගැටලු තිබේ. ඒවායෙන් බිහි වන වෛද්‍යවරුන් ආකල්ප අතින් කෙසේ වෙතත් දැනුම හා කුසලතා පැත්තෙන් පවා කොතරම් ඉදිරියෙන් සිටිනවාද යන්න මතභේදාත්මකය.

උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අප මෙහි ඉදිරිපත් කරන ස්ථාවරය වන්නේ උසස් අධ්‍යාපනය ලිබරල් විය යුතු බවය. තමන් අකැමැති හැම දෙයටම නව ලිබරල් යන ලේබලය අලවන අයට කියන්නට ඇත්තේ අප කියන්නේ ඔවුන්ගේ කෝකටත් තෛලය ගැන නොවන බවයි. නිදහස් අධ්‍යාපනය නැති කළ යුතු බවක් අප කියන්නේ නැත. අප කියන්නේ රජය විසින් ලබා දෙන අධ්‍යාපනය එකම උසස් අධ්‍යාපන ක්‍රමය නො විය යුතු බවය.

යම් පවුලක් හෝ පුද්ගලයකු අනාගත ආයෝජනයක් ලෙස උසස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නට සූදානම් වීම වරදක් නොවේ. එයට අවස්ථාව තිබිය යුතුය. එසේම එබඳු හැකියාවක් නැති දිළින්දන් හා දක්ෂයන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයද පැවතිය යුතුය. කුමන අන්දමින් සිදු වූවත් උසස් අධ්‍යාපනය වනාහි සමාජ මෙන්ම පෞද්ගලික ආයෝජනයක්ද වේ.

අධ්‍යාපනය රජය විසින් රජයට අවශ්‍ය පරිදි පමණක් ලබා දිය යුතුය යන සංකල්පය සමාජවාදී වන්නේ නැත. එය ලංකාවේ ධනේශ්වර ක්‍ර‍මයෙන් පල නෙළාගන්නා ප්‍රධාන බලවේගයක් වන මධ්‍යම පන්තිකයන්ගේ පටු අදහසකි.

අධ්‍යාපනය පිළිබඳ වඩා සමාජවාදී අදහස වන්නේ එය ලාභ නො ලබන, ස්වාධීන ආයතන විසින් මෙහෙයවිය යුතු බවයි. එවැනි ආයතනවලට ද නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නට හැකියාවක් නැත. අධ්‍යාපනය සඳහා යන වියදම් දරාගත හැකි පරිදි සමාජය ආර්ථිකව ශක්තිමත් කළ යුතුය. එය කරන්නට බැරි වන්නට ලංකාවේ නම් ප්‍රධාන හේතුව ජනතාව සූරා කන රජයයි. වියදම් දරාගන්නට අපහසු සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ණය ක්‍රමයක් ආරම්භ කිරීම අමාරු වැඩක් නොවේ.

මාක්ස්වාදී විග්‍ර‍හය අනුව, ලංකාවේ ධනේශ්වර රාජ්‍ය ක්‍ර‍මය යනු මහජන මුදල් බදු ලෙස අය කර, අනාගත පරම්පරා උගස් කර ණය ගෙන, ඒවා සෑහෙන්න නාස්ති කර, සුළු කොටසක් නිදහස් අධ්‍යාපනය වැනි මහජන සුබසාධන සේවාවන් වෙනුවෙන් යොදන පීඩක මෙවලමකි.

ලංකාවේ පවත්නා ධනේශ්වර ක්‍රමයේ ආධිපත්‍යය හොබවන්නේ ධනේශ්වර හා මධ්‍යම පන්ති වේ.

ලංකාවේ මධ්‍යම පන්තිය ඉතා බලවත් ය. සූරාකෑම ප්‍ර‍මාණාත්මකව වැඩියෙන් කරන්නේ මේ මධ්‍යම පන්තියයි. රජයේ සේවකයන් එහි ප්‍ර‍ධාන බලවේගයයි. ලංකාවේ පීඩිත ජනයාගේ ජීවිත කාලකන්නිකම නිර්මාණය කරන ප්‍රධාන බලවේගය වන්නේ දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා රජය සමග කොන්ත්‍රාත් කරන්නන්ගෙන් සමන්විත මධ්‍යම පන්තික බලවේගයයි.

මේ රටේ පීඩිත ජනතාවගේ බදු මුදල්වලින් වැඩි ප්‍ර‍මාණයක් වැය වන්නේ මෙම පැළැන්තිය නඩත්තු කිරීමටයි. මහජන බදු මුදලින් වැටුප්, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වරප්‍ර‍සාද, තීරු බදු සහන ආදිය ලබන මෙම බලවේගය පීඩිත ජනතාවට සලසන සේවාවන්ගේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතල ගැටලු ජනතාවට තිබේ. ලංකාවේ මධ්‍යම පන්තිය පීඩිත පන්තීන්ට හා සමාජවාදයට එරෙහි පීඩක බලවේගයක් ලෙස හඳුනා ගත යුතුය. එසේ හඳුනා නොගන්නා අයට කළ හැකි සමාජ වෙනසක් නැත.

පවත්නා ධනේශ්වර රාජ්‍ය ක්‍ර‍මය මේ අන්දමින් ශක්තිමත් කරන තරමට මහජන සූරාකෑම තව තවත් වැඩි වේ. ආර්ථික ලිබරල්කරණය ප්‍ර‍ගතිශීලී වන්නේ මේ සන්දර්භය තුළයි. එමගින් ධනපති පන්තිය ශක්තිමත් වන බව ඇත්තය. එහෙත් මධ්‍යම පන්තිය පරාජය නොකර පීඩිත පන්තිය ශක්තිමත් කරන්නටද බැරිය.

ලංකාවේ පීඩිත පන්තියට තමන්ට අනන්‍ය සමාජ ව්‍යාපාර තබා දෘෂ්ටිවාදයක් හෝ නැත. පවතින්නේ මධ්‍යම පන්තික දෘෂ්ටිවාදයයි. පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටින බව කියන සියලු සංවිධාන අඩු-වැඩි වශයෙන් මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් ඒවායි. ඒ සංවිධාන වැඩ කරන්නේ රාජ්‍යය තුළ මධ්‍යම පන්තික ආධිපත්‍යය ශක්තිමත් කිරීමටයි. ඔවුන් කම්කරු පන්තියට ගැලවීම ලෙස යෝජනා කරනු ලබන්නේද මධ්‍යම පන්තියට උසස්වීමයි.

මෙය සම්පූර්ණයෙන්ම වැරදි දෘෂ්ටිවාදයකි. කම්කරුවා විමුක්තිය සලස්වාගත යුත්තේ කම්කරුවකු ලෙස ම මිස පන්තියක් ඉහළ නැගීමෙන් නො වේ.

ලංකාවේ ධනවාදය ආරක්ෂා කරන ප්‍ර‍ධානම බලවේගය රාජ්‍යය හා එහි ක්‍රියාකාරිත්වයන් එපරිද්දෙන් ම ආරක්ෂා කරන, ප්‍ර‍තිසංස්කරණවලට එරෙහි මධ්‍යම පන්තියයි. ඔවුන් එසේ කරන්නේ ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ දැනට පවතින සමාජ ක්‍ර‍මය තුළ නිසාය. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ ලංකාවේ මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් රාජ්‍ය මූලික ධනවාදය ආරක්ෂා කරන ප්‍ර‍ධානම බලවේග වේ. ලංකාවේ ධනපති බලවේග ඔවුන් තරම් මේ ක්‍රමය ආරක්ෂා කරන්නට ඇප කැප වී නැත. හේතුව පවත්නා ක්‍රමයේ වැඩි වාසි ලබන්නේ ධනපති පන්තියටත් වඩා නිෂ්පාදනයට දායක නොවන, රාජ්‍ය බදු ආදායම්වලින් යැපෙන මධ්‍යම පන්තිය වීමයි.

ඔවුන් රජය හා ඊනියා නිදහස් අධ්‍යාපනය වැනි ලාංකික ධනේශ්වර ක්‍රමයේ මෙවලම් වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින්නේ අන් කිසි හේතුවක් නිසා නොව, මේ සමාජ ආර්ථික ක්‍ර‍මයේ හිමිකරුවන් ඔවුන් නිසාය. ඔවුන්ට මේ ක්‍ර‍මය වෙනස් කරන්නට වුවමනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය බලය සියතට ගන්නට පමණි. ක්‍ර‍මය මෙහෙමම හොඳාය.

මෙය ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නොවේ. ග්‍රීසිය මේ ක්‍රමය නිසා අභාවයට ගිය රටකි. ප්‍රංශය වැනි රටවල දැන් තිබෙන උද්ඝෝෂණද මෙවැනිම ඒවාය. ඒවා ලංකාවේ වාමාංශිකයන්ට මාර ආස්වාදනීය වී තිබෙන්නේ ඇයිද යන්න දැන් පැහැදිලිය.

ලෝකය පුරාම ආන්තික මාක්ස්වාදී පක්ෂ හා කණ්ඩායම් තවමත් සිය චින්තනය පදනම් කරගන්නේ සෝවියට් මාදිලියේ රාජ්‍ය ධනවාදයන් මතය. සමාජවාදී රාජ්‍ය ධනවාදයන් සහිත ජාතික රාජ්‍ය සියල්ල මේ වන විට අසාර්ථක වී හමාරය. ඒ මාර්ගය ඔස්සේ පවතින්නට නම් උතුරු කොරියාවක් නිර්මාණය කර ගත යුතුය. චීනය, වියට්නාමය වැනි රටවල් පවා සිය ආර්ථිකයන් සෑහෙන දුරට ලිබරල් කර තිබේ.

‘ධනේශ්වර' රාජ්‍ය ධනවාදයන් යනු ඉතා දූෂිත, අකාර්යක්ෂම, ක්‍රෑර ක්‍රමයකි. එවැනි රාජ්‍ය ධනවාදයන් ආරක්ෂා කරන්නට වාමාංශික පක්ෂ කටයුතු කරන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ දැනට පවත්නා ක්‍ර‍මයේ ආධිපත්‍යය හොබවන මධ්‍යම පන්තික සමාජ ස්ථරය මත නිසාය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ ප්‍රශ්නයට මූලිකම හේතුව නම් වෙද රැකියාව, විශේෂයෙන් ම බටහිර වෙදෙකු වීම, අන් සියලු රැකියාවලට වඩා ඉහළ එකක් යැයි ලංකාවේ ඇති පුහු පිළිගැනීමයි.

    එනිසා සහ මුදල් ඉපයීමට ඇති හැකියාව නිසා අති බහුතරයක් දෙනා මේ රැකියාවට යොමුවෙන්නේ ලෙඩුන් ගැන කරුණාවකින් හෝ වෙනත් උතුම් හේතු මත නොවේ.

    අනික වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමට එක් මූලික අවශ්‍යතාවක් වී ඇත්තේ ක්‍රෑම් කිරීමට ඇති හැකියාවයි. ඒ වෙනුවට වැය කිරීමට ඇති හැකියාව ආදේශ කිරීමෙන් පලක් වේද?

    ReplyDelete
    Replies
    1. දොස්තරකම ලංකාවේ වෙනත් රැකියාවලට වඩා ලොකු වී තිබෙන්නේ අන් කිසි හේතුවක් නිසා නොව, හෙරොයින් ජාවාරමෙන් මුදල් උපයන ආකාරයට ම, එහෙත් නීත්‍යානුකූලව මුදල් උපයන්නට එයින් හැකි වී තිබෙන නිසා ය. එහෙයින්, පංති හිනිපෙතේ ඉහළ යාමට තිබෙන කෙටිම නීත්‍යානුකූල මාර්ගය දොස්තරකම වී තිබේ. එය දේශපාලන වෘත්තියට වඩා ස්ථාවර ය. අවදානම අඩු ය. වැඩි පිරිසකට ඒ සඳහා අවස්ථාව ලැබේ.

      ජවිපෙ වනාහි මේ සමාජ දොස්තරකම ගැන එදා සිටම සංවේදී පක්ෂයකි. එයට එක් හේතුවක් විය හැක්කේ විජේවීර වෛද්‍ය ශිෂ්‍යයකු වීමයි.

      දොස්තර පංතිය ශක්තිමත් කිරීමට ජවිපෙ දක්වා ඇති දායකත්වය වෙනම අධ්‍යයනය කළ යුතු විෂයකි.

      අප මේ කතා කරන්නේ වෛද්‍ය වෘත්තිය ගැන නො වන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. වෛද්‍ය විද්‍යාල වලට ඇතුල්වීමට අවශ්‍ය අවම උසස්පෙල ප්‍රතිඵලය එස් 3කි. එයින් අදහස්වන්නේ එම සුදුසුකම ඇති අයෙකුට එම තත්වය ලබා ගැනීම වරදක් නෙවන බවයි. මුදල් වැය කිරීම විවිධ ආකාරයෙන් කොාහොමත්ම සිදුවේ. එය රජයෙන්ද් පුද්ගලික මුදල්ද යන්න වැදගත් නැත!

      Delete
    3. නිදහස් ය කියන අධ්‍යාපනය පැවතිය යුතු බව මම සිතමි. එහෙත්, එය නොමිළේ යයි කීවාට මේ රටේ මහජනතාව ඒ වෙනුවෙන් මිළ ගෙවා තිබේ. එහෙත්, එසේ මිළ ගෙවන ජනතාවට රජයෙන්ලැ බෙන සේවාවන් ගැන සතුටු විය හැකි ද?

      Delete
    4. //මේ ප්රශ්නයට මූලිකම හේතුව නම් වෙද රැකියාව, විශේෂයෙන් ම බටහිර වෙදෙකු වීම, අන් සියලු රැකියාවලට වඩා ඉහළ එකක් යැයි ලංකාවේ ඇති පුහු පිළිගැනීමයි.//
      හරියට හරි,රසිකොලොජිස්ට් දොස්තර කෙනෙකු කසාද බැන්දේ ඔහු මෙවැනි කෙනෙකු නිසායි

      Delete
    5. මෑත කාලීන gmoa එකෙ දේශපාලන මැදිහත් වීම ඉතාම ප්‍රතිගාවේ .තම ප්‍රතිරූපය ඔසවා තැබීමට නිතරම වෙහෙසෙන gmoa ලොක්කා අනෙක් බහුතරයක් ව්‍යිද්‍යවරුන් වටහා ගැනීමට කදිම නිදසුන කි. ඔහු දන්නා පරිදි පිට පිට 6වන වතාවට නිතර ග යෙන්තේරී පත්විය . ඉතින් කවර ප්‍රජාතන්ත්‍රවාදය ක්ද දැඩි එට්කා විරෝධී යකු වන ඔහු ලග දේශප්‍රේමී සලු පොරවාගෙන හොර අලි වෙනුවෙන්ද පෙනී සිටියේය .

      Delete
    6. //දොස්තරකම ලංකාවේ වෙනත් රැකියාවලට වඩා ලොකු වී තිබෙන්නේ අන් කිසි හේතුවක් නිසා නොව, හෙරොයින් ජාවාරමෙන් මුදල් උපයන ආකාරයට ම, එහෙත් නීත්‍යානුකූලව මුදල් උපයන්නට එයින් හැකි වී තිබෙන නිසා ය. එහෙයින්, පංති හිනිපෙතේ ඉහළ යාමට තිබෙන කෙටිම නීත්‍යානුකූල මාර්ගය දොස්තරකම වී තිබේ. එය දේශපාලන වෘත්තියට වඩා ස්ථාවර ය. අවදානම අඩු ය. වැඩි පිරිසකට ඒ සඳහා අවස්ථාව ලැබේ. ////

      100% agree

      Delete
  2. /මාක්ස්වාදී විග්‍ර‍හය අනුව, ලංකාවේ ධනේශ්වර රාජ්‍ය ක්‍ර‍මය යනු මහජන මුදල් බදු ලෙස අය කර, අනාගත පරම්පරා උගස් කර ණය ගෙන, ඒවා සෑහෙන්න නාස්ති කර, සුළු කොටසක් නිදහස් අධ්‍යාපනය වැනි මහජන සුබසාධන සේවාවන් වෙනුවෙන් යොදන පීඩක මෙවලමකි./
    ඕක කොහොම ද මාක්ස්වාදී විග්‍රහයක් වුනේ? මගේ විග්‍රහත් ඕකමයි ඒත් මම මාක්ස්වාදියෙක් නෙවෙයි, මාක්ස්වාදීන් කියන අය කියන්නේ වෙන දෙයක්නේ, එයාල කියන්නේ ව්‍යාපාරික‍ේ‍යන්ගෙන් සල්ලි අරන් පීඩිතයන්ට දෙන්න ඕන ලු, ව්‍යාපාර ආණ්ඩුවට ගන්න ඔනෙලු වගේ කතා නේ.

    ReplyDelete
    Replies
    1. ඇණයයි මායි දන්න මාක්ස්වාදය!

      සල්ලි වැඩිපුර තියන අයගෙන් අරගෙන පීඩිතයන්ට දෙන එක මාක්ස්වාදය නෙවෙයි, ස්පාටකස්වාදය. සරදියෙල්වාදය කිව්වත් කමක් නෑ.

      Delete
  3. මේ ලිපිය මං අද උදේ ඉඳන් විප්ලවවාදී සෙට් එකේ ඇහේ අතුල්ලනවා. ඒ වුණාට කාටවත් පෙනෙන්නෙ නැහැ. මං කැමතියි මේ ගැන ඒ අය කියන දේ දැනගන්න.

    ReplyDelete
  4. කොහෙ හරී මම දැක්කා වෙද සිසුවෙක් බුකියේ දාලා තියනවා මහජනයා අතරින් කෙනෙක් ඒ අයගේ ඉගෙනීම වෙනුවෙන් වැය කරන්නේ සත 62 ක් වගේ ගානක්ය ඒ අය ඒ මුදල ආපසු ගෙවන්න සූදානම්ය කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් චැනල් ගාස්තුව සත හැට දෙකකින් අඩු වෙයි නේද? සත හැට දෙක ගණන් හැදුවෙ අවුරුදු හතරෙ කෝස් එකේ වියදම සමස්ත ජනගහණයෙන් බෙදල වෙන්න ඇති.

      සයිටම් එකේ කෝස් එකේ මිල ජනගහණයෙන් බෙදල ගණන් බලන්නත් පුළුවනි.

      Delete
  5. පැරාගේ පන්ති විග්‍රහය පැහැදිළි මදි. හැබැයි මාක්ස්ගේ විග්‍රහය අනුව වර්තමාන පන්ති ගනුදෙණු විග්‍රහ කරන්න බැහැ තමයි. ලංකාවේ පන්ති ධ්‍රැවාන්තගත වීම වෙනුවට පැරා කියනව වගේම මධ්‍යම පන්තිය හා ධනේශ්වරය තව තවත් කළවම් වීම දකින්න පුළුවනි.

    ReplyDelete
  6. Mamath dekka website ekaka thiyenawa eka weda sisuwekuta awuruddakata laksha15 wiyadam wenawa kiyala.ewa ape badu mudal 15×5 :75neda saitm eka 94 saitm demawpiyo anduwe lamai venuwenuth badu walata hawul wela thamange lamaitath athin wiyadam karala uganwanawa

    ReplyDelete
  7. Fully agree: I have been rubbing these on the face of people for sometime: "වියදම් දරාගන්නට අපහසු සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ණය ක්‍රමයක් ආරම්භ කිරීම අමාරු වැඩක් නොවේ."

    WE NEED:

    1) Independence of the Highe Educational institutions as the author suggests
    2) A loan scheme as author suggests
    3) Both tax payer funded and privately funded system integrated into a single transparent admissions system (possibly managed by UGC)
    4) Quality assurance mechanism
    5) Elected student representation in some of these bodies(anthare?)
    ....

    ReplyDelete
  8. Mama hoyala beluwa saitm eke gana laksha 94 Ape rate mudal laksha 75 wiyadam wenawa eka doctor kenek hadanna govt med school walata namuth me ayagen (engineersla th ethuwa free educatio labana aya)kee denek digree gaththata passe rata atherala yanawada kawda ewa hiyanne kramayak hediya yuthui ewa aya kara geneematath

    ReplyDelete
  9. As a sri Lankan doctor I agree with you to some extend. But your understanding on Sri Lankan leftist movement or at least about FLSP is not healthy. why? when you said 'these protest will leads towards strengthening of capitalist parties ' it has a sense. yes this will be true if you , me and many of others will not succeed in overthrowing this total capitalist system , which is FLSP's main objective as I know it. If remaining few of people in our society with unspoiled brains unable to come in to common stand to, fight against this dirty system, your forcast may be correct. Your's, and your friend's anger towards so called doctors will be substantiated if you rally against this system . Other wise these metamorphosed creatures - doctors will go in same direction. The most valuable thing will be the realization of core reason in this - the decisive role of those doctors environment where they thrived up to that level historically. I wont say that as intellectuals they don't have any responsibility on their society where they live. But if they don't do it , there are enough other people to do it, as it happened through out all our history.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා