වංගු බැහැ හඳුන්නෙත්ති. කෙළින් එන්න!

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් බාහිර බලපෑම් මත කටයුතු කරන්නේ නම් තමන් සභාපති ධුරයෙන් අස් වන බව කෝප් සභාපති, ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම ප්‍රකාශය කරන්නේ කෝප් කමිටුව විසින් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගැන විමර්ශනයක් කරමින් සිටියදී ය.

කෝප් කමිටුව බාහිර බලපෑම්වලින් තොර එකක් යයි බලාපොරොත්තු වීම ම වැරදි ය. එය වනාහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් 26දෙනෙකුගෙන් සමන්විත කමිටුවකි. එම මන්ත්‍රීන් එම කමිටුවට පත් කරන්නේ පක්ෂවල පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයන් විසිනි. එසේම, මෙම මන්ත්‍රීවරුන් වනාහි කෝප් කමිටුව වැනි අධිකරණ බලතල සහිත ව්‍යූහයක් නියෝජනය කිරීම සඳහා වෘත්තිකමය හෝ ආචාර ධාර්මික සුදුසුකම් ඇති අය ද නො වෙති. මේ අතරින් ඇතැමෙක් දූෂණ චෝදනාවලට ලක් වූ අයයි.

කෝප් කමිටුවේ අවසන් නිගමනය ගනු ලබන්නේ ඡන්ද විමසීමක් ඔස්සේ ය. මෙම කමිටුවේ බහුතර බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ය. රජයට එහි පැහැදිලි බහුතරයක් හිමි ය. මේ වන විටත්, කමිටු සාමාජිකයන් අතර, අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් එජාපය සහයෝගය ඉල්ලා සිටිමින් ඇති බව වාර්තා වේ.

අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය ජුනි 30දායින් අවසන් වේ. කෝප් කමිටුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් තමන් සේවා දීර්ඝ කිරීමක් ඉල්ලා නො සිටින බව මහේන්ද්‍රන් පවසයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් ද භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලදී. 

කෝප් කමිටුවට එම වාර්තාව ද අධ්‍යයනය කරන්නට පුළුවන. 

ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුළ විමර්ශනය කළ යුතුව තිබුණු කාරණයකට අවසානයේදී කෝප් කමිටුව මැදිහත්ව තිබේ. කෝප් කමිටුවට මෙම විමර්ශනය සඳහා අවශ්‍ය උපරිම බලය තිබුණු බව පැහැදිලි ය.

දැන් තව දුරටත් බෙදුණු තීන්දු, ඉල්ලා අස්වීම් ආදී වැඩේ අතරමග නවතින වැඩ කරන්නට සුනිල් හඳුන්නෙත්ති ඇතුළු කෝප් කමිටුවට අයිතියක් නැත. මහ බැංකු අධිපති වංචාවක් කර ඇතිනම්, ඔහුට දඬුවම් කළ යුතු ය. සිදු වූ පාඩුව පියවිය යුතු ය. 

මේ පරීක්ෂණය ආරම්භ වූයේ මහ බැංකු අධිපති වංචාවක් කර තිබේ ය යන පූර්ව විනිශ්චයෙනි. දැන් කෝප් කමිටුව උත්සාහ කරන්නේ එසේ නැති ය කියන්න ද? 

නැතැයි කියා ඔප්පු වුණොත්, චෝදනා කළ අය ගැන කළ යුත්තේ කුමක් ද? 

කෝප් කමිටුවේ සාමාජික නාම ලේඛනය:

Sunil Handunnetti (Chairman) Rauff Hakeem (SLMC), Anura Priiyadarshana Yapa (UPFA), Dayasiri Jayasekera (UPFA), Ravindra Samaraweera (UNP), Wasantha Aluvihare (UNP), Lasantha Alagiyawanna (UPFA), Dr Harsha de Silva (UNP), Ajith P Perera (UNP), Ranjan Ramanayake (UNP), Ashoka Abeysinghe (UNP), Anura Kumara Dissanayake (JVP), Lakshman Seneviratne (UPFA), Chandrasiri Gajadeera (UPFA), Bimal Ratnayake (JVP), Weerakumara Dissanayake (UPFA), Mavai Senathiraja (TNA), MA Sumanthiran (TNA), Hector Appuhamy (UNP), Velu Kumar (UNP), Dr Nalinda Jayatissa (JVP), Harshana Rajakaruna (UNP), S Sritharan (TNA), Abdulla Maharoof (ACMC), Gnamutthu Srinesan (TNA) and Mahindananda Aluthgamage (UPFA).

(උපුටා ගැනීම දි අයිලන්ඩ් පුවත්පතෙනි)

මෙම ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔයාගෙ සතපහත් මෙතන දාමුද?

    http://transyl2014.blogspot.com.au/2016/06/blog-post_27.html

    ReplyDelete
  2. ඉල්ලා අස්වෙලා ඇඟබේරාගන්න ? ලැජ්ජ නැද්ද !

    ReplyDelete
  3. හොරුන්ගේ අම්මලාගෙන් පේන අහන තැනක්ද කෝප් කියන්නේ.. මේ සමහර නම් දැක්කම එහෙම හිතෙනවා..

    ReplyDelete
  4. ඕක විසිරුවා හැරලා හඳුන්නෙත්තිත් වෙන වැඩක් බලා ගත්තා නම් ඉවරයි...

    යකෝ ඉන්ටර්නැෂනල් හොරු නේ ඒකේ ඉන්නේ...

    ReplyDelete
  5. ඔකට ඡන්දෙ දෙනවා කියන්නෙ මැති අැමති කම් ඒක්ක UNP ඒකෙ යාවජීව (UNP අාණ්ඩුව පෙරලෙනකං) සාමාජිකත්වය හම්බ වෙනවා කියන ඒකනෙ. ඒ් නැතත්, ඒකෙම අයට 3.5 කාර් ජීප් කිරි කිරියෙං හොර පාරෙං හම්බවෙනවා අැති...

    ReplyDelete
  6. Ranil kiyanne සක්කිලි අසූචි ගිලින පල් හොරෙක් බොරු කාරයෙක් වංචා කාරයෙක් තිරිසනෙක් ජාතිද්‍රෝහියෙක් අවජාතක බල්ලෙක් දුටු තැන ගල් ගසා හූ කියා එලවා දමනු

    ReplyDelete
    Replies
    1. :) අපට කියන්නේ ඔයාම කරන්නකෝ.

      Delete
  7. ඔන්න ඒ පාර අර ගයිඩ් පුඟුල හඳුන්නෙත්තිටත් උපදෙස් දෙනවා. අවුරුදු 16ක් පාලිමන්ට් එකේ ඉන්න, කෝප් එකේ සභාපතිවෙච්ච හඳුන්නෙත්ති, මේ ගයිඩ් පුඟුලගෙන් ටියුෂන් ගන්න ඕනෙද ? ඔව්නෙ, කුණුහර්ප බ්ලොග් ලියන්න ටියුෂන් ඕනෙ තමයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා