බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හා ලංකාවේ අපි

2016 ජුනි 23 දින බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජනමතවිචාරණය ලෝක දේශපාලනයට අතිශය වැදගත් එකකි.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ දිගට ම ඉන්නවා ද නැතිනම් එයින් පිට වෙනවා ද යන්න එමගින් තීන්දු කිරීමට නියමිත ය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම තවත් රටවලට ද එවැනි ක්‍රියාමාර්ගවලට යන්නට පෙළඹවීමක් ඇති කර අවසානයේදී යුරෝපා සංගමයේ බිඳවැටීමට ඉවහල් වනු ඇත. එමගින් ලෝකයේ වෙනත් කලාපවල එවැනි කලාපීය ඒකීය වෙළඳපොළවල් බිහි වීමේ අවස්ථාව කල් යනු ඇත.

බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂයේ දක්ෂිණාංශික කොටස් හා සෙසු අති දක්ෂිණාංශිකයෝ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් පිට විය යුතු බව පවසති.

යුරෝපයට පැන ගන්නට හීනයක් අපට නැත. ඒ නිසා අපට ඔය ෂෙන්ගෙන් වීසා අරවා මේවා වැදගත් නැත. එහෙත්, අප දකින්නේ යුරෝපා සංගමය සමාජ සංවර්ධනයේ ඉදිරි පියවරක් බවයි. හේතුව, එමගින් යුරෝපයේ වෙළඳපොළ ඒකාබද්ධ වීම සමාජයන්ගේ ඒකාබද්ධ වීමට හා පුළුල් දේශපාලන ප්‍රජාවන්ට මුල පිරීමට ඉවහල් වී ඇති හෙයිනි.

ධනවාදයේ අර්බුදය පැත්තෙන් මෙය එක එක ආකාරයෙන් රවුම් කර කර විග්‍රහ කරන්නට බැරි නැත. එහෙත් මාක්ස්වාදීන්ට තිබෙන මූලික ගැටලුව වන්නේ ධනවාදයේ අර්බුදය ගැන විග්‍රහයක් නැතිකම නොව තමන්ට සිදු වී ඇති දේ හා කම්කරු ව්‍යාපාරයට සිදු වී ඇති දේ සම්බන්ධයෙන් විග්‍රහයක් නැතිකමයි. ඒ නිසා යුරෝපා සංගමය කඩාවැටුණා ය කියා සමාජවාදයක් හැදෙන්නේ නැත. සිදු වනු ඇත්තේ ජාතිවාදය තවදුරටත් ශක්තිමත් වීම පමණි.

ලංකාව හා ඉන්දියාව අතර සාකච්ඡා කරමින් තිබෙන ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම වනාහි යුරෝපා සංගමය වැනි ඒකීය වෙළඳපොළක් දකුණු ආසියාවේ පිහිටුවීම සඳහා හේතු විය හැකි මූලික පියවරකි.

ලංකාවේ අන්ත ජාතිවාදී දක්ෂිණාංශිකයෝ ද, අන්ත වාමාංශිකයෝ ද සිය එක බඩවැලෙන් උපන් සහෝදරකම මෙතැනදීත් ප්‍රදර්ශනය කරමින් එට්කා ගිවිසුමට එරෙහිව එකට උද්ඝෝෂණය කරති. ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගය අනුව යුරෝපා සංගමය බිඳ වැටෙන එක ද හොඳ ය.

ජාතිවාදීන්ට ජාතිවාදයේ වැදගත්කම එමගින් ඉස්මතු කළ හැකි ය. එහෙත්, මෙම ජනමතවිචාරණයේ ඊළඟ අදියර ලෙස ස්කොට්ලන්තයේ ජනතාව එක්සත් රාජධානියෙන් වෙන්ව යාමට ඡන්දය ප්‍රකාශ කරන්නට ද ඉඩ තිබේ. ස්කොට්ලන්තය එක්සත් රාජධානියේ ඉන්නවා ද නැද්ද යන්න තීරණය කරන්නේ ස්කොට්ලන්තයේ ජනතාව මිස සමස්ත බ්‍රිතාන්‍යයේ ම ජනතාව නො වන බව ද මතක තබා ගන්න.

මෙම මූලධර්මය අනුව යමින් ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාව වෙනම රාජ්‍යයක් පිහිටුවා ගන්නවා ද යන්න ද නිගමනය කරන්නට ජනමතවිචාරණයක් ප්‍රවර්ධනය කරන්නට දෙමළ ජාතිවාදීන් කටයුතු කරනු ඇත.

ජාතිවාදීන්ට කැලේ නීතිය අනුව, ජාතිවාදී යුද්ධයෙන් ගනුදෙනු බේරා ගන්නට සිදු වන දවසක් උදා කර ගන්නට පුළුවන. එවැනි අවධියකදී සිංහල වැනි දුබල ජාතීන්ට බුදු සරණ තමා ය.

ලංකාවේ අමු ජාතිවාදීන්, ජාතිවාදී වාමාංශිකයන් හා දෙමළ ඩයස්පෝරාවේ අතින් කන වාමාංශික අන්තවාදීන් තව දෙසතියක පමණ ඇවෑමෙන් පැවැත්වෙන මෙම ඓතිහාසික ජනමතවිචාරණය හමුවේ කුමන ස්ථාවරයක් ගන්නවා ද යන්න දැන ගැනීමට කැමැත්තෙමි.

අප දන්නා ආකාරයට නම් එක්සත් ජාතික පක්ෂය මෙම ජනමතවිචාරණයේදී සිටින්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් නො විය යුතු ය යන ස්ථාවරයේ ය. අගමැති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ නිල අදහස් දැක්වීමක් පවා කර තිබේ. ඒ පිළිබඳ අපෙන් නොව සිරිකොතෙන් හෝ අගමැති කාර්යාලයෙන් අසන්න.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නවසමසමාජ පක්ෂය, ලසසප - කොප විකල්ප කණ්ඩායම්, ලසසප, කොප, Journalists for Democracy of Sri Lanka යන තමන්ට නො ගැලපෙන නමකින් පෙනී සිටින දෙමළ ජාතිවාදී, ස්ටාලින්වාදී හිරු කණ්ඩායම, අක්ෂය වෙබ් අඩවිය කරන පිරිස, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සමන් රත්නප්‍රිය ප්‍රමුඛ වෘත්තීය සමිතිවාදීන් ආදී වාමාංශික හෝ විකල්ප කොටස් මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය දැන ගැනීමට කැමැත්තෙමි. 

නිර්නාමිකව ඇවිත් වගකීම් රහිත පරිකතා කිව්වාට කමක් නැත. නිල වශයෙන් ස්ථාවරයක් ප්‍රකාශ කරන්නට කොඳු නාරටිය ශක්තිමත් කර ගැනීම ද වැදගත් බව මතක් කර දෙමි. 

අපේ ස්ථාවරය ඉතා පැහැදිලි ය. එය එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි නායකත්වයේ ද ස්ථාවරයයි. ඒ ගැන අපට කිසිදු විචිකිච්ඡාවක් නැත. බොහෝ පැතිවලින් එජාප ලංකාවේ ඉහත ලැයිස්තු කරන ලද වාමාංශිකයන්ට වඩා වාමාංශික ය. වාමාංශිකයෝ බොහෝ පැතිවලින් එජාපට වඩා දක්ෂිණාංශික ය. 

අප ජීවත් වන්නේ වම දකුණ මාරු වූ ලෝකයක ය. එහෙත් වඩා වැදගත් වන්නේ තමන් වයර් මාරු කර නො ගැනීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Breexitඑක ඇත්තටම ධනවාදයේ වරදක් නොවේ.. යුරෝපා සන්ගමයෙන් බ්‍රිතාන්‍ය පිටවිය යුතුයැයි කියන අය එසේ කියන්නේ යුරෝපා සංගමයේ ග්‍රීසිය, ඉතාලිය, ස්පාඥය, ඉතලිය වැනි අඩු ආර්තික වර්ධන්යක් ඇති රටවල් තමන්ගේ සුභසාදන (සමාජවාදී ) ආර්තික ක්‍රම නඩත්තු කරගන්නට ප්‍රභල ආර්තිකයන් ඇති බ්‍රිතාන්‍ය, ජර්මනිය වැනි අටවලින් අධික ණය ඉල්ලීම සහ යුරෝපා සංගමයේ ඉන්න තාක් එවැනි රටවල් ණය දීමට බැදී සිටීම..

    ඉතාලිය, ග්‍රීසිය වැනි රටවල මොන ආර්තික අපහසුතා තිබුනත් එහි වැසියෙකුට මාසෙකට යුරෝ 1500 විතර රජය නිකන් දෙනවා. ඒ රටවල උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි දේවල් 100% නොමිලේ.. (ඇමරිකාව වැනි රටවල ඇති ස්ටුඩන්ට් ලෝන්, හෙල්ත් ඉන්ශුවරන්ස් වගේ නොවේ ) මීවා නඩත්තු කරන්නට සෑහෙන මුදලක් අවශ්‍යයි... විරැකියාව නිසා මේ රටවල රජයෙන් පිනට කන විෂාල තරුන ප්‍රජාවකුත් ඉන්නවා.. (මූලික අවශ්‍යතා නිකන් ලැබෙන නිසා වෙනත් රටවල තරුනයින් තරම් රැකියා හොයාගන්නත ඔවුන් උනන්දු වන්නේ නෑ ) ඉතින් බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය වගේ රටවලට මේවායේ බර ණය විදිහට කරගහන්න වෙලා..

    Brexit උනොත් ඒකට හේතුව යුරෝපා රටවල ප්‍රචලිත 'ධනය නිශ්පාදනය කිරීමට (Wealth Creation ) වඩා අනිකාගෙන් ධනය අරන් තවකෙකුට දීමේ' වාමාංශික ආර්තික ක්‍රම..

    ReplyDelete
  2. Main thing we no racism people. We reyal socalism people. We must no hope to victary to socalism thrugh brake down yuropian unian. There no tru this also. We socalism people must have figtin way to reech socalism target. We cant keep hopes socalism victary on the yuropian unian brake down insident hapen. We socalism people must figt use the brane. Brane think the mane wepan to socalism people. Brane think must go to figt last.

    ReplyDelete
    Replies
    1. wada node api liyana widihata liyan ban pin sidda wei

      Delete
    2. මෙච්චරයි. ආයෙ මෝඩ ජෝක් එකක් දැම්මොත් කපනවා.

      Delete
    3. Ratathota Wisthara මකන්න එපා පැරකුම් එයාටත් සම්මානයක් ගන්න ඕන වෙලා තියෙන්නේ

      Delete
    4. 2017 නෙළුම් යාය හොඳ ම බ්ලොගය සඳහා සම්මාන ලැබීමට දැනටමත් නිර්දේශිත බ්ලොගයක් තමයි Ratathota Wisthara.

      Delete
    5. ඉතින් පැරකුම් නොවෙයිනේ එවා සම්මාන නිර්දේශිත කරන්නේ. පැරකුම්ට අදාළ නෑනේ !!!!

      Delete
    6. ඕක මහලොකු දෙයක් නොවෙයි.සම්මානයක් ගන්න ඕනැනම් ඔය දර්මාට පෙන් ඩ්‍රයිව් ටිකක් වැඩ කරන තැනින් ඉල්ලලා දෙන්න.

      Delete
  3. "අපේ ස්ථාවරය ඉතා පැහැදිලි ය. එය එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි නායකත්වයේ ද ස්ථාවරයයි. ඒ ගැන අපට කිසිදු විචිකිච්ඡාවක් නැත. බොහෝ පැතිවලින් එජාප ලංකාවේ ඉහත ලැයිස්තු කරන ලද වාමාංශිකයන්ට වඩා වාමාංශික ය. වාමාංශිකයෝ බොහෝ පැතිවලින් එජාපට වඩා දක්ෂිණාංශික ය."


    ඔබතුමා මේ ටික මෙසේ ලියා තැබීම ගැන මට මුලින් දුකක් / කේන්තියක් ආවත්, පසුව සුපුරුදු මිනිස් ස්වභාවය අනුව පළමුව හිත හදා ගැනීම ට ත්, අනතුරුව සතුටු වීමට ත් හැකි විය. කලක් වම ට බරව සිටි ඔබතුමා නැවතත් වම ට නැඹුරු කරවා ගැනීම පිණිස අපි w3lanka හී කමෙන්ට් රාශියක් ලියා ඇත. එහෙත් ඔබතුමා "අපේ ස්ථාවරය ඉතා පැහැදිලි ය. එය එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි නායකත්වයේ ද ස්ථාවරයයි. ඒ ගැන අපට කිසිදු විචිකිච්ඡාවක් නැත." යන්න මුලදීම කියා තිබුනා නම්, අඩුම තරමින් අප අපේ කාලය මෙසේ මෙහි නාසති කරන්නේ නැත. ඔබ ට ආයුබෝවන්.

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් අපේ ස්ථාවරයයි එජාප ස්ථාවරයයි එක වෙන එකේ ඔබට තිබෙන ගැටලුව මොකක් ද?

      අනෙක, ලංකාවෙ තිබෙන ඔය එජාප, ශ්‍රිලනිප, ජවිපෙ, පෙසප වැනි පක්ෂ අතර තිබෙන වෙනස මොකක් ද?

      මං කාලයක් ජවිපෙ පූර්ණකාලිකයෙක් වී හිටියා. කාලයක් හිරු කණ්ඩායමේ හිටියා. මං එජාප නැහැ. ඒ වුණාට මං මේ වෙලාවෙ එජාප එක්ක ඉන්නවා. මං නසසප, පෙසප වගේ පක්ෂ එක්කත් ඔය වගේ ම ඉඳලා තියෙනවා. මට තියෙන ගැටලුව අනෙක් අය එක්ක ඉන්න එක හොඳ වෙන්නත්, එජාප එක්ක ඉන්න එක නරක වෙන්නත් හේතුව මොකක් ද කියන එක.

      මේ ඔක්කොම එකයි. ඒගොල්ලන්ගෙ ඉතිහාසයත් එක වගේ කුජීතයි.

      Delete
    2. ඔබ පැමිණ තිබෙන්නේ මට ඉගැන්වීමට පමණක් බව පෙනේ. එහෙත්, සංවාදයක් තුළ අනුන්ගෙන් ඉගෙනීම ද තිබේ. ඒ නිසා මට නම් ඔබ ඉදිරියටත් මෙහි කමෙන්ට් කිරීම වැදගත් ය. ඒ නිසා ඉහත කී අදහස සම්බන්ධයෙන් ඔබේ අදහස් දක්වන්න. අනෙක උපුටා ගන්නකොට විජේවීර උපුටා ගන්නවා වගේ තමන්ට ඕනැ කෑල්ල විතරක් උපුටා ගන්නෙ නැතුව අඩු ගානෙ ඡේදයක්වත් උපුටා දක්වන්න.

      Delete
  4. මම ජාතිකවාදියෙක් මි. (ඔබතුමා ජාතිකවාදීන් ගේ ස්ථාවරය දැන ගැනීමට කැමති බවක් දක්වලා නෑ. ඒත් මට මේක නිකම් ලියන්න හිතුනා.)

    ජාතිකවාදියෙක් ලෙස මගේ ස්ථාවර වන්නේ බ්‍රිතාන්‍යය, යුරෝපයෙන් ඉවත් වීම අරුත්සුන් වැඩක් බවයි. (මගේ එම කල්පනාව ට, දෙමළ ඩයස්පෝරාව පවත්වන්න ට හදන ජනමතවිචාරණය ආදිය අදාළ වන්නේ ද නැත.) මම බ්‍රිතාන්‍යය, යුරෝපයෙන් ඉවත් වීම විකාරයක් ලෙස දකින්නේ පසු ගිය වසර පන්සියයේ යුරෝපයේ ඉතිහාසය අනුවයි.

    යුරෝපයේ නූතනත්වයේ පහළ වීම, එක් රටක සිදු වූවක් නොවේ. එය ඉතාලිය ආදී තැන් වලින් ඇරඹුන ද, එය යුරෝපය පුරාම පැතිරිනි. ජාතික රාජ්‍ය වල නැගීම ට, මෙම නූතනත්වයේ විකාශනය හේතු වුවද, කල් යාමේ දී පෙනුනේ, නූතනත්වය හේතුවෙන්, ජාතික රාජ්‍ය යනුවෙන් වෙන් වෙන් ඒකක පහළ වීම සිදු වුවද, මෙම ඒකක වල සිසාරා කිසියම් පොදු බවක් පැතිරී යමට ද මෙම නූතනත්වයේ නැගීම ම හේතු වූ බවයි.

    අවසානයේ දැන් පෙනෙන්නේ රෝම අධිරාජ්‍යය යටතේ ද යුරෝපය තනි ඒකකයක් ව පැවති බවත්, දැනට ද තනි ඒකකයක් දෙසට ගමන් කරමින් පවතින බවත් මේ දෙක අතර මැද ජාතික රාජ්‍ය පහළ වීම තාවකාලික දෙයක් පමණක් වී ඇති බවත් ය.

    නේටෝ ව පදනම් කරගත් බටහිර යුරෝපා රටවල් පමණක් නොව, ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය සහිත නැගෙනහිර යුරෝපයේ ස්ලැවික් ජනයා පවා යුරෝපා සංගමය ට එක් වෙමින් පවතින මේ යුගයේ බ්‍රිතන්‍යය ඉන් ඉවත්වීමට කල්පනා කිරීම, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන්න ට සිතන තරම් දුරක ට යාම, තර්ක විරෝධී ය. යුක්‍රේනය පවා සිතන ආකාරය අපි පසු ගිය වසර වල දුටුවෙමු.

    බ්‍රිතාන්‍යයෙන් උපන් ඇමෙරිකාවේ මතය, පෙරළා බ්‍රිතාන්‍යය ට බලපාන තරම බලා ගත හැකි තැනක් ලෙස ද මම මෙය දකිමි.

    කැනඩාවේ කියුබෙක් ප්‍රශ්නය වෙලේ, ක්ලින්ටන්, කැනඩා පාර්ලිමේන්තුව ඇමතීම, ජනමත විචාරණය ට බලපෑවේය. කියුබෙක් වෙන් වුනොත්, එය උතුරු ඇමෙරිකානු නිදහස් වෙළඳ ගිවිසුමට ඇතුළු කර නො ගන්නා බවට ඇමෙරිකාව ප්‍රංශ කැනඩාවට අනියමින් තර්ජනය කළේ ය.

    මේ පාර එහෙම තර්ජනයක් ලොකුවට නෑ. හැබැයි ඇමෙරිකාවේ නායකත්වය, බ්‍රිතාන්‍යය කොතරම් පිළිගන්නවා ද යන්න අපිට බලා ගත හැකි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබාමා එයාගෙ පහුගිය ලංඩන් විසිට් එකේදි පොඩි තර්ජනයක් දාල තිබ්බෙ, එයාලා බ්‍රිතාන්‍ය කියන යුරෝපයේ තනිරට එක්ක වෙනම ආර්ථික ගිවිසුම් වලට යන්නේ නෑ එනිසා යුරෝපා සංගමයෙන් අයින් වුනොත් දැනට ඇමරිකාව සමග බලපැවැත්වෙන ගිවිසුම් වලිනුත් හැලෙයි කියා.

      Delete
  5. බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස පැවතෙන, භූගෝලීයව ස්පාඤ්ඤයේ කොටස් වන ජිබ්රෝල්ටාවේ ජනතාව නම්, බ්‍රිතාන්‍යය යුරෝපීය එකතුවෙන් ඉවත්වීමට අකැමතියි.

    ReplyDelete
  6. එංගලන්තය විසින්, ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය ආදිය යටත් කර ගෙන ගොඩ නගන ලද අධිරාජ්‍යයේ පොදු බවේ විශාල කම්පෝනන්ට් එක වන්නේ බටහිර නූතනත්වය මිස, බ්‍රිතාන්‍යත්වය නෙමෙයි. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා කියන්නේ බ්‍රිතාන්‍යය මේ බටහිර නූතනත්වය නිසා ලැබෙන පොදු බවට වඩා බ්‍රිතාන්‍යත්වය නිසා ලැබෙන පොදු බවක් මත පරායත්ත වීමට යනවා කියන එකයි. අපිට යුරෝපය ඕනෑ වෙනවාට වඩා යුරෝපයට අපිව ඕනෑ වෙනවා කියන එකේ තේරුම ඕක තමයි. බටහිර නූතනත්වය ට වඩා බ්‍රිතාන්‍යත්වය ලොකු කර ගැනීමට බ්‍රිතාන්‍යය පෙළඹෙනවා නම්, ඒ ඔස්සේ බ්‍රිතාන්‍යය රාජ්‍යක් ලෙස අර්බුදයට යාම අපේක්ෂා කළ යුතුයි.

    - ජාතිකවාදියා

    ReplyDelete
  7. යුරෝපා සංගමයේ සිටීම පිණිස චන්දය පාවිච්චි කලා. නාසීන්, ෆරාජ්, EDL වැනි අන්ත දක්ෂිනාන්ෂිකයන් සමග එකට සිට ගැනීමට අදහසක් නැත.

    ReplyDelete
    Replies
    1. තොපි වගේ අවස්තාවාදියෝ ගිහින්ම දැන් ඒ රට නාස්ති වෙලා ඉවරයි. දැන් සුද්දන්ට තියෙන්නේ මුහුදට පැනල මැරෙන්න. දැන් වෙන්නෙත් ඒකද කොහෙද. white flight කියල එකක් අහල නැද්ද. එක අතකට හොඳ වැඩේ ඕකුන්ට.

      Delete
    2. සම්පූර්ණ ඇත්ත.... ලන්ඩනයේ මේ white flight එක කොච්චර දරුණු ද කියනවානම්, අද ඒ නගරයේ සුදු ජනගහණය 44% ට බැහැලා.

      උදාහරණයක් වශයෙන් ලන්ඩන් නගරයේ උතුරු සීමාවේ Enfield හි ජීවත් වන අජිත් ධර්මගේ අසල්වැසියෝ එක්කෙනෙක් හැර අනිත් සේරම සංක්‍රමණිකයෝ. අජිත්ගේ අල්ලපු නිවසේ ඉන්නේ වයස අවුරුදු 75 ක ඉංග්‍රීසි සුද්දෙක්. අනිත් අසල්වැසියෝ අප්‍රිකානුවෝ සහ තුර්කියෝ.

      Delete
    3. අප්පේ මම හරියට භය වුණා මව හොයාගෙන කියල. ඔය උඩ තියෙන නම ගැහුවම ඉන්න තැන එනවා කොහොමත් ගූගල් එකේ. මේක ලියපු ඇනෝ පොන්සි ගේ යාළු පොන්සි ගොඩක් කාලෙකින් ඇවිත් නැහැ මේ පැත්තේ. නැත්නම් මට කෝල් එකක් දෙන්න කියන්න. (වෙන්නත් බෑ හැබැයි. ඊයේ පෙරේද මගෙන් එකෙක් ඇහුවා කෝ බන් අර සුද්දා කියල. අහපු එකත් මම දන්නවා.)

      සුද්ද ගිහින් අවුරුදු පහකට වැඩියි. ඒ ගෙදර ඉතා ශිලාචාර කළු ජාතික මහතුන් සහ ඉතා ලස්සන පෝලන්ත යුවතියක් කුලියට ජිවත් වේ,.
      දැන් මේ ප්‍රගතිශීලි ලෙස පෙනී සිටින ජාතිවාදී පොන්සිවරුන්ගේ දැන ගැනීම පිණිස.
      අපේ ස්ක්වෙයාර් එකේ ජනගහනය. මද ලස්සන පිට්ටනියක් තිබේ.
      මගේ අනිත් පැත්තේ අල්ලපු ගෙදර - ඉංග්‍රීසි
      ඒ පැත්තේ ඉංග්‍රීසි පවුල් 3 තුර්කි 2 අනිත් පැත්තේ ඉංග්‍රීස් 3 , කළු ජාතික බ්‍රිතාන්‍ය 2 , තුර්කි 1
      දෙපැත්තේ තුර්කි 2, බ්‍රිතාන්‍ය ඉන්දියන් 1, ඇල්බේනියන් (කොසොව) 1, ඉංග්‍රිසි , ග්‍රීක 2

      කරුණාකර අප්ඩේට් කරගන්න.

      Delete
    4. අපි තමයි පොන්සි මලේ මේ රටේ හොඳට ජිවත් වෙන්නේ. ඉංග්‍රීසි ජාතිකයෝ එක්ක. ජාතිවාදී අවස්ථාවාදී පොන්සි බැටැලියන් එක සුද්දන්ට බැන බැන මෙහෙ ඉන්නේ. උන් තමයි අවස්ථාවාදී බල්ලෝ. හොඳේ පොන්සි. කොන්ද තියනවද. අතගාල බලන්න.

      Delete
    5. අනිත් අයට පොන්සි කියලා අපහාස කරන එකත් එක විදියක ජාතිවාදයක් තමයි.බොරුවට සිරා පොරවල් කියලා පෙන්නගෙන ඉන්න අජිත්ලා වගේ අයට පොඩ්ඩක් කෙනිත්තුව ගමන් ඒ අයගේ නියම ජරා ගති ටක් ගාලා එලියට එනවා.ඒ ජාතියේ හොදම එක තමයි අර සේරම දන්න දොස්තර.

      Delete
    6. මට ඔය හැම තැනම අපහස කරන්නේ පොන්සිය කියලනේ උඹල . උඹලට කිව්වහම රිදෙනවද. හැම ඇනෝ බල්ලෙකුටම මිට පස්සේ පොන්සිය කියල තමා කියන්නේ. අපිට බනින කොට අපි කටයි පුකයි වහගෙන ද ඉන්න ඕනේ. මට ඔය නෙළුම් යාය සම්මානේ හෙට නැවතුනත් ප්‍රශ්නයක් නැහැ. අපි හැදුවේ මිනිසුන්ට හොඳක් කරන්න. තොපි මොනවා කිව්වත්. මට මුකුත් ගොඩ නගා ගන්න රෙද්ද්දකුත් නැහැ. මොකද මම චන්දෙ ඉල්ලන්න යනවය. හොඳින් කතා කරන්න නම් පොන්සි නොවී ඇත්ත නම් වලින් ඇවිත් ශීලාචාර විධිහට කතා කරපල්ල.

      Delete
    7. ඔයා ඔය මොන කතා කිව්වත් සම්මාන උලෙල නම් නවත්තන්නේ නැහැ කියලා අපි දන්නවා. ඇනෝලාට බයේ මම මේවා නවත්ත්නේ නැහැ කියලා ඔයා ඒක ආයෙත් පටන් ගන්නවා කියලා අපි දන්නවා.ඔයාගේ ඔය ගොට්ටෝ කීපදෙනෙකුට කියලා කොමෙන්ට් කීපයකුත් දාගන්න.අජිත් අයියේ ඔයා ඇනෝලාට බය වෙන්න එපා කියලා .

      Delete
    8. ආරන්චි වල හැටියට අජියා දැනටම එන අවුරුද්දේ සම්මාන උලෙල ප්ලැන් කර කරලු ඉන්නේ.ඕකා ඕක නවත්තන්නේ නැහැ.ඔය අනිත් අය බය කරලා අපට බන්නවන්න ගහන ප්ලැන් එකක.

      Delete
    9. අජිත් අයියේ, ඔයා මෙතන ලියලා තියන විදියට නම් ඔයා පදිංචි වෙලා ඉන්නේ ලන්ඩන් නගරයේ ghetto එකක.

      Delete
    10. මල්ලි ඔය සුද්ද ගැන කිව්වා එක්කෙනාගෙන් අහන්නකෝ ගෙටෝ එකක්ද කියල. ඒක ගෙවල් සමුහයක්. මැද තියෙන්නේ තණකොළ පිට්ටනියක්. පිට්ටනිය වටේ පාර යනවා. ගෙයි එළියේ තියෙන්නේ පිට්ටනිය. නැත්නම් ගොඩක් ලන්ඩන් ගෙවල් වල පාරේ අනිත් පැත්තේ ගේ. අපි එකට කැමති වුනේ නැහැ. මෙතැන ගෙයක් මිලදී ගන්න ලෙහෙසි නැහැ ඔය තැන පිට්ටනිය නිසා. ලන්ඩන් කියන්නේ අධිරාජවාදී සමයේ සිට වෙනත් රටවල් මිනිසුන් පදිංචිවී සිටි තැනක්. ඔවුනට් අධිරාජ්‍යයක් තිබු නිසා තමා එහෙම වුනේ. ලන්ඩන් වල 1940 වගේ වෙනකන් ගෙටෝ තිබුණා මම හිතන්නේ. නමුත් දැන් එම තත්වයක් නැහැ. අපේ ගෙවල් තියන square එකේ පවුල් දෙක තුනක් කුලියට ඉන්නේ. අනිත් අය ගෙවල් හිමි අයයි.

      Delete
    11. මෙතනදී අජිත් කරන කපටි වැඩය දුටුවාද?මුලින්ම ඇනෝලා බය කිරීමටත් උදව්වට කට්ටිය ගෙන්වා ගැනීමටත් නෙලුම්යාය ඕනැ වෙලාවක නවත්තන්න පුලුවන් කියා පොර කතාවක් කියයි.නමුත් වැඩය වැරදෙයි.කවුරුත් ගනන් ගන්නේවත් නැත.ඇනෝ කින්ඩියකුත් දමයි. ගොට්ටෙක් දමා කතාව වෙන පැත්තකට හරවයි. නෙලුම්යාය නැවැත්වීම කතාව යට ගහයි. පව් අප්පා මේ හාදයා සල්ලි වලට වෙන පීචන් වීමක්.කෙලින්ම කියන්නකො.සම්මාන නවත්තනවාද?

      Delete
    12. අජිත් අයියේ, මෙතන නරක විදියට කමෙන්ට් කරන අයට තියෙන්නේ 'නෙළුම් යාය' එක්ක තියෙන ඇරියස් එකක්. වෙන මොකක්වත් නෙවෙයි. ඕක නිසා තමයි උන් අයියාට නොසෑහෙන විදියට අපහාස කරන්නේ. උන් කවුද කියලා හොයාගෙන උන්ටත් ඔය මොකක් හරි සම්මානයක් දුන්නොත්, අන්න එදා ඉඳලා අයියාගේ ගුණ වර්ණනා කරයි.

      Delete
    13. //හැම ඇනෝ බල්ලෙකුටම මිට පස්සේ පොන්සිය කියල තමා කියන්නේ.// මීට අජිත් දර්මකීර්ති
      AnonymousJune 7, 2016 at 8:02 PM
      බලන්නකො මල්ලි ඔයාගේ අජිත් අයියා ඔයාට කියන කතා

      Delete
    14. මෙන්න සංවාද....මෙන්න මිනිස්සුන්ගේ හැටි....ඉන්න රට, ඉන්න ගෙදර, ඉන්න වටපිටාව තමයි හැමෝගෙම පලවෙනි ආගියුමන්ට් එක වෙලා තියෙන්නේ. මේවා නිකං පෞද්ගලික ගොන් ආතල්. අපිට පිස්සු ඕයි. ආටක නාටක වගේ. වෙනසකට තියෙන්නේ ප්‍රසිද්ධ නලුවෝ වෙනුවට, ප්‍රසිද්ධ බ්ලොග් කාරයෝ සහ කමෙන්ට් කරන එව්වෝ ජටාවේ ඉඳන් ජංගිය දක්වා ඇඳුම් ගලවගන්නවා. ලැජ්ජාවක් නැතිකමද මෝඩ කමද කියලා ඔලුවක් තියෙන එවුන් වටහා ගනියි.

      Delete
    15. මේක කාටහරි ඕනනම් කර්මය අනුසාරයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. සුද්දෝ අපිව යටත් කරගෙන උන්ගේ රටේ ඉන්න ගෙවලයෝ ටික මේවට එවල මේ රටවල් හූරන් කෑවා. දැන් මේ රටවල සක්කිලි හැත්ත ගහින් උන්ගේ රට අල්ලන් සුද්දන්ගේ ඔලුව කනවා. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව.

      Delete
    16. අරූ ඇනෝ සෙට් එකක් අර හෙන්රි ගේ නොකී කතා බ්ලොගයේ, දුකාගේ බ්ලොගයේ සහ තවත් තැන්වල මට පොන්සියෙක් කියාගෙන යනවා. එකෙක් මට අහවල් එකත් කරනවලු. ඉතින් මම පිළිතුරක් දුන්න. ඊට පස්සේ අඬනවා පොන්සි කිව්වම. මම දන්නේ කොහොමද මේ ඇනෝ ඒ අනෝමද කියල. බලාගෙන ගියහම මේ පෙරටුගාමී ඇනෝ කෙනෙක් වගේ මාව දන්න. ලන්ඩන් වලින් ඉඳල ගිය කට්ටියත් ඉන්නවනේ. පරණ සුද්ද ගැන දන්නේ ඒ අය විතරයි. කවුද හිතුවේ අප්පා.
      මේ යන හැම සංවාදෙටම නෙළුම් යායක් ඇද ගන්න එකෙන් වෙන්නේ සංවාදය හැම වෙලේම වෙන අතකට යන එක.
      සාමාන්‍ය සුද්දෝ කෙසේ වෙතත් නාසි පොරවල් ටිකත් යුරෝපෙන් එලියට යන්න බැහැල ඉන්නේ. අපේ එවුන්ට නම් තියෙන්නේ රස්සා ප්‍රශ්නය. යුරෝපෙන් ආපු එවුන් රස්සා ගන්න නිසා. ඒ නිසා බංගලා දේශය, පකිස්ථානය හා අපේ අය එලියට යන්න චන්දය දෙයි. නමුත් එක වෙළඳපලක් එන එක තමා හොඳ. රටවල් එකතුවිය යුතුයිනේ. පෙරටුගාමී කට්ටිය විරුද්ධ ඇයි කියන එක තේරෙන්නේ නැහැ.

      ඔය මට සපෝර්ට් කරපු ඇනෝ මල්ලි මම දන්නා නිසා අර ගොඩට ඔහු වැටෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්නැ. හි හි

      Delete
    17. අජියා.....කවුද කියන එක අමතක කරලා, මොකක්ද කියන එක කතාකරොත් ඔය ලෝකෙට පේන්න අතේ ගහන වැඩේ ඔය කාටවත් කරන්න ඕන වෙන්නේ නැහැ. ස්වයං ආතල් එක අපි කවුරුත් දන්නවනේ. පබ්ලික් එකේ අතේ ගහන එවුන්ට, මටත් අතේ ගහන්න පුලුවන් කියලා පෙන්නන සයිස් එකට වැටෙන්න ගියාම තමයි, ඒ සොමියේ තියෙන ආතල් එකත් නැතිවෙලා යන්නේ. ප්‍රසිද්ධියේ අතේ ගහන එකයි, ජුන්ඩා ආතල් එකක් ඉල්ලන වෙලවාට හොලවන එකයි දෙකක් . එක එකාට අවශ්‍ය අතේ ආතල් එක ගන්න දීලා අහක බලන් හිටපං. ඕවා එක්තරා ආකාරයක වින්දන.

      Delete
    18. අහින්සක බ්ලොග් කරුවන්ගේ නම විකුනා මුදල් එකතු කර තමන්ගේ වැඩ කර ගැනීම අරුන පෙරේරාට අනුව ස්වයන් වින්දනයක් වුවද අපට අනුව නම් ජඩ වැඩකි.

      Delete
    19. ඉතින් ඕක කියා කියා ඉන්නේ දානවකෝ කවුද ඔය කියල බලන්න. මටත් දැන ගන්න. කාගේ සල්ලිද මම පාවිච්චි කලේ කියල ගණන් මිනුම් ඇතුව. ඔච්චර අමාරුද? ඇයි ඇනෝ ලියන්නේ. නමින්ම කියනවකො ඔච්චර දන්නවා නම් හැමෝටම දැන ගන්න.

      Delete
    20. ///කාගේ සල්ලිද මම පාවිච්චි කලේ කියල ගණන් මිනුම් ඇතුව.///

      අජිත් අයියා කී සැරයක් නම් ඔය ප්‍රශ්නය ඇහුවද? කෝ ඔය එක ම ඇනොනිමස් වසලයෙක්වත් හරියට උත්තර දුන්නද? උත්තර දෙන්න උන්ට උත්තර තියෙන්න එපැයි. අජිත් අයියා තව සිය සැරයක් ඔය ප්‍රශ්නය උන්ගෙන් ඇහුවත් අයියාට උත්තරයක් ලැබෙන්නේ නෑ. අජිත් අයියාගේ දෑත් පිරිසිදු බව ලංකාවේ බ්ලොග් ලියන අය දන්නවා. ඒවගේ ම ඔය ඇනොනිමස් චෝදනා එල්ල කරන එවුනුත් දන්නවා අයියාගේ දෑත් පිරිසිදුයි කියලා. නියම නමින් එන්නේ නැතුව අදෘශ්‍යමානව එන්නේ ඒ නිසායි. දැන දැන පට්ට පල් බොරු චෝදනා එල්ල කරනවා. ඔය ඇනොනිමස් වසලයන්ට බයේ 'නෙළුම් යාය' අතහරින්න එපා අයියේ. උන්ට ඕනෑ කරලා තියෙන්නෙත් ඕක නවත්තන්න. ඒකටයි ඔය බොරු චෝදනා එල්ල කරන්නේ. 2017 දීත් නැවත හමු වෙමු අයියේ. I have only one humble request to you, Ajith Ayiyaa: Please do not yield to those invisible elements who don't have the courage show their face.

      Delete
    21. ///අහින්සක බ්ලොග් කරුවන්ගේ නම විකුනා මුදල් එකතු කර තමන්ගේ වැඩ කර ගැනීම අරුන පෙරේරාට අනුව ස්වයන් වින්දනයක් වුවද අපට අනුව නම් ජඩ වැඩකි.///

      මේක ලියලා තියෙන්නේ පිදුරු කන්නේත් නැති, කන ගොනාට කන්න දෙන්නෙත් නැති බල්ලෙක්.

      Delete
    22. මේ අජියා නම් ලැජ්ජා ඇති එකෙක් නොවේ.ගානක් කපා ගන්න තියෙනවා නම් ඕනැ ජරා වැඩක් කරන එකෙක් වගෙයි පෙනෙන්නේ.

      Delete
    23. මේ පිළිබඳව එංගලන්තයේ ජීවත් වන ලංකිකයකුගේ මතය පහත සබැඳියෙන් ---


      Leave or Stay?

      Delete
  8. brexit ගැන එක්සත් රාජදානියේ තාවකාලිකව රැකියාවක් කරන මට හැඟෙන ආකාරය ...එය ශ්‍රී ලාංකිකයන්ට බලපාන ආකාරය ගැන මතයනම් පෝලන්ත /පෘතුගාල වැනි රටවල සිට මෙහි පැමිණ රැකියා කරන අයට visa/visa fee නැතිව english කිසිසේත්ම නොදැන වුනත් මෙහි රැකියා කල හැකිය. එසේ වුවද asian රටවල අපිට point based system හරහා අතිශය තරඟකාරී ලෙස වීසා ලබාගෙන IELTS professional qualifications 7.5සමග පැමිණිය යුතුය. එසේනම් BREXIT තුලින් සියලු දෙනාට point based system ක්‍රියාත්මක කළහොත් අපේ රටවල professional qualifications සමග බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා ලැබෙනු ඇත.(සිංහල දෙමල මුස්ලිම් බේදයකින් තොරව) රට කරවන මහ තැන් මෙවැනි අවස්ථා හඳුනා ගෙන BREXIT වල EXIT ලෙස චන්දය දීමට UK ලංකික යන් උනන්දු කල යුතුය. මහා ලොකු ආර්ථික theory වලට වඩා රටට විදේශ විනිමය වැඩිපුර ලැබෙන ක්‍රම ඇතිකිරීම වැදගත්ය. Ranil වැනි දේශපාලකයින්ට මෙය තේරුම් ගත නොහැකි වීම පුදුමයට කරුණක් නොවුවත් මට දුක ඔබ වැනි මාදයවෙදියන්ද වැඩිදුර නොසිතා මෙවනි ප්‍රකාශ කිරීමයි .

    ReplyDelete
    Replies
    1. Brexit පස්සේ යුරොපයේ ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් එක්ක තියෙන ආර්තික ගිවිසුම් අවලංගුවෙලා එන්ගලන්තයේ ආර්තිකයට බලපෑම් එල්ල උනොත් වැටුනොත් කාටවත් රස්සා ලැබෙන්නෑ. අනික එන්ගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් උනා කියල ආසියාතිකයින්ට රැකියා ලබාගැනීමට මහ පහසුවක් වෙතියි කියා හිතන්න අමාරුයි. දැන් ස්විට්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවේ, නමුත් ස්විට්සර්ලන්තයේ රැකියාවක් ලබාගැනීම පහසු ලාංකිකයෙකුටද වෙනත් එඋරෝආ වැසියෙකුටද?

      Delete
  9. Ajith Parakum Jayasinghe , honda desapaalanika denumak himi swaadhiena pudgalayek bawa ohude tharhkaaliena lipi magin pasak wea.

    ReplyDelete
  10. මෙතනින් ඉවත්වීම හෝ රැඳිසිටීම පිලිබඳ මම වගේ සාමන්‍ය මිනිහෙකුට හැඟෙන හෝ දැණෙන මහා ලොකු වෙනසක් ඔය කැම්පේන් එකේ ඉන්න කවුරුත් ඇඟට දන්නවලා නැහැ. බිරිතාන‍ය දෙශපාලනය ගැන මහා හැදෑරීම් තියෙන අයට ඒවා තේරෙනවා ඇති. මං වගේ මුකුත් නොදන්නා හම්බවෙන මුදලින් බිල්ස් ටික ගෙවාගෙන යන සුද්දෝ නම් කියන්නේ, ඔය මගුලෙන් ඉවත්විය යුතු බවයි. ඒක හරිද වැරදිද කියන්න දන්නේ, ලාංකීය බ්ලොග් කාරයෝ තමයි. මට නම් කෝබින් එදා කියපු දේත් මතකයි. රටේ පොදු මහජනතාව තීරනය කරන්නේ ඔවුන්ට දැණෙනා ආකරයට මිසක් කාටවත් උවමනා විදිහට නොවේ. මේ ජනමතය එකම පක්ශ පවා අදහස් දෙකක ඉන්නා නිසා, මෙතන ඇත්තේ පක්ශ පොලිටික්ස් නොව, මිනිස්සුන්ට දැණෙනා හැඟීමයි.

    මේකත් ඔහේ ඉන්න ගමන් කියවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකගයි ++++++++ (පැරත් දන්න දේවල් නේද අරූ..?? 😂)

      Delete
    2. පැරා හොඳයි, ඊට වඩා හපන්නේ මේ රටේ ඉන්න ලාංකීක බුද්ධිමත්, පාරිශුද්දික, දකුනු ඇටේට වඩා වම් ඇටේ බර, පට්ට සීරියස් පොත් කියවපු, අනිත් එවුන් කියවලා තියෙනවද කියලා ප්‍රශ්න කරන, නෑඹිළියෙන් හාල් ගරපු ජාතියෙ පොරවල්. කුල්ලක් තිබුනානම් මුන් හාලුත් පොලනවා. ඒ ඉන්න ගමන් නිවුඩු මොකට බාස්මති හොඳයි කියනවා....ප්‍රතිරූප වන්දනා...

      Delete
  11. මහා බ්‍රිතාන්‍යය යුරෝපීය හවුලෙන් ඉවත් වුණත් OECD එකේ ඉන්නවනෙ... ඉතින් ඒක නිසා අවුලක් නැති වෙයි මං හිතන්නේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා