පාර කඩා ධාතු පෙන්වීම හෙවත් අටුව කඩා පුටුව හැදීම



මෙම ඡායාරූප කීපය අප වෙත එවූයේ අපගේ පාඨකයකු විසිනි. මේ වනාහි මාතර මන්තින්ද විහාරස්ථානයේ පැවැත්වුණු ධාතු ප්‍රදර්ශනයක් නැරඹීට යන ජනතාව වෙනුවෙන් පදික වේදිකාවේ සිමෙන්ති ගල් ගලවා කණු සිටුවා ඇති ආකාරයයි. 

දැන් මේවා නැවත තිබුණ අන්දමින්, තිබුණ අලංකාරයෙන් නැවත සැකසීම අධික වියදම්කාරී වැඩකි. මේ මහජන මුදල් ය. එසේම, මේවා විනාශ කර දැමීමෙන් පීඩාවට පත් වන්නේ ද පදික වේදිකාවල පයින් යන සාමාන්‍ය ජනයා ය. 

කොළඹින් පිට නගරවල පදික වේදිකා ඇත්තේ අල්පයකි. ලංකාවේ මාර්ග සංවර්ධනය තවමත් ඇත්තේ පදික වේදිකා තබා පැති කාණු ගැනවත් ගැඹුරින් නො සිතන තැනක ය. බොහෝ ප්‍රාදේශීය නගරවල පමණක් නො ව, කොළඹ පවා පදික වේදිකා හෝ මාර්ග දෙපස මගී මාර්ග යනු මර උගුල් සහිත බිමකි. ඒවායේ අත පය නො කඩාගෙන, වලවල්වල, කාණුවල නො වැටී යාම ලංකාවේ මිනිසුන්ගේ සුවිශේෂ කුසලතාවකි. 

වැසි වැටී, ජලය පිටාර ගලා යන විට මේ මර උගුල් නො පෙනීම නිසා වටිනා ජීවිත ගණනාවක් නැති වී තිබේ. 

වටිනා ජීවිත ය කීවාට ඒවා ඇත්තෙන් ම වටින්නේ කාට ද? ලංකාවේ රජයට හා දේශපාලනයට ජනතාවගේ ජීවිත වටින්නේ නැති බව ඉතා පැහැදිලි ය. ජනතාවටවත් තමන්ගේ ජීවිත වටිනවා ද යන්න ගැටලුවකි. 

වරක් මා ඉගැන්වූ පාසලක 11 ශ්‍රේණිය පංතියක් ඇතුළේ අනාරක්ෂිත විදුලි පුවරුවක් ආවරණයක් රහිතව තිබුණේ මර උගුලක් පරිද්දෙනි. මේ පිළිබඳව තම දෙමව්පියන් දැනුවත් කර ක්‍රියාමාර්ගයක් ගන්නැයි අදාළ බලධාරීන්ට බල කරන ලෙස දෙමව්පියන්ට කියන්නැයි මම සිසුන්ට කීවේ නැත. එහෙත් කිසිවක් සිදු වූයේ නැත. ඒ දිනවල විදුහලේ ප්‍රධානියා විශාල මුදලක් වැය කරමින් සිය කාර්යාලයට කවුළු තිර දැමී ය. 

මෙවැනි කාරණා ගැන දැනුම් දීමට තිබෙනවා ය කියන හොට්ලයින් නියම හොටු ලයින් ය. 

ලංකාවේ ගම්වල ජනතාවට පදික වේදිකාව විනාශ වුණාට වඩා ධාතු බලා ගැනීම වැදගත් ය. මන්ද, මෙලොව දුක වුණත් එලොව සැප ෂුවර් යයි ඔවුන් සිතන බැවිනි. 

පළාත්පාලන ආයතනවල සභිකයන් හා නිලධාරීන් ද, දේශපාලකයන් හා රටේ ම රජය ද, ජනාධිපති ද, ජනමාධ්‍ය ද, අධ්‍යාපනය ද, ධාතු බලා කඳුළු සලන ගැමි අම්මණ්ඩිලාට යට වූ විට ඇති වන්නේ මෙවැනි තත්වයකි. 

මොවුන් අතර මහින්ද තරම් ජනප්‍රිය වන්නට වෙන කිසිවෙකුට බැරි වෙන්නට පුළුවන. එහෙයින් ඔවුන් සතුටු කරන්නට යාම තේරුමක් නැති වැඩකි. 

කළ යුතුව තිබෙන්නේ මේ මුග්ධ සමාජය ම ශිෂ්ට කිරීම සඳහා ක්‍රම සෙවීමයි. එහෙත්, වත්මන් දේශපාලකයන්ට ද එය තේරෙන බවක් නො පෙනේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය කඩපු තැන් නැවත අළුත්වැඩියා කිරීමක් සිදුකිරීමට බොහෝ ප්‍රමාදවේ සමහර විට එසේ අළුත්වැඩියා කිරීමක් සිදුනොවීමටද බොහෝ දුරට ඉඩ ඇත. එවිට සිදුවන්නේ කඩතොළුවු තැන තවත් විශාලවී මහාපරිමාවේ අළුත්වැඩියා කිරීමක් දක්වා මහජන මුදල් නාස්තිවීමකි. දැන් බලන්න අළුතෙන් වතුර සම්භන්ධතාවයක් ලබා දීම සඳහා පාර හරහට කපා බට දැමු තැන් කොච්චර තියනවාද ? පාර කැඩී කැඩී යනවා මිසක් කඩපු තැන වතුර බටය දැමු සැනින් අළුත් වැඩියා කිරීමක් නොකරයි. ඒක තමයි ශ්‍රී ලාංකික අපේ වෙනස !.ඒ කට අපි ගරු කරන්න ඕනෑ ! හැක් !

    ReplyDelete
  2. ගල් වගේද ධාතු

    මග යාලුවෙක් ධාතු ගිහිල්ලා නෑ නෑ ධාතු බලන්න ගිහිල්ලා මලා

    ReplyDelete
  3. මීට හේතුව වැරදි තැන් වල ධාතු ප්‍රදර්ශනය කිරීමට යාමයි. අපි නම් ධාතු ප්‍රදර්ශනය කරන්නේ පංසල් වල නොව රූම් ගිහිල්ලා ය. එවිට, පාරවල් කැඩීමක් අවශ්‍ය නොවේ. ගලක් කැපීමක් පමණක් සිදු වේ.

    ReplyDelete
  4. ඒකත් දැන් බිස්නස් එකක්නේ.පාරේ ගල් ගලවලා නෙමේ පාරේ බුදියාගෙන හරි කමක් නැහැ මිනිස්සු බලන්නේ ඩාතු වැදලා නිවන් යන්න.

    ReplyDelete
  5. නානාප්‍ර‍කාර විප්‍රයෝග, විනෝද සැණකෙළි වෙනුවෙන් අපේ රටේ පොදු දේපළ මීට වඩා විනාශ වේ.
    නමුත් මෙය ලියන පවිටු පුද්ගලයාට ඒවා නොපෙනේ.

    එවගේම 80 අගභාගයේ මොහුද කේඩරයකු ලෙස ක්‍රියා කළ කුජීත සමාජවාදී විප්ලවය වෙනුවෙන් යයි කියමින් සිදුකරන ලද අප්‍ර‍මාණ දේපළ විනාශය, බැංකු කොල්ලකෑම්, බස් ගිනි තැබීම්, මනුෂ්‍ය ඝාතන, කන්වල කාබන් පෑන් ගැසීම් ඔහුට අමතකය.

    ධාතු ප්‍ර‍දර්ශනයකදී පදික වේදිකාවට වී ඇති සුළු හානියක් පමණක් දැක මෙම හිටපු ත්‍ර‍ස්තවාදියා ගිනියම් වී ඇත.

    බුදු දහම සමඟ ඔහුව විශාල ඇරියස් එකක් ඇති බව පමණක් පැහැදිලිය.

    සුමනා වීරසුරිය

    ReplyDelete
    Replies
    1. ඔයා සුමනා ගෝමස් නෙවේද?

      Delete
    2. //ධාතු ප්‍ර‍දර්ශනයකදී පදික වේදිකාවට වී ඇති සුළු හානියක් //??????

      මෙව්වා ඇහෙන කොට පෑරා "කළ යුතුව තිබෙන්නේ මේ මුග්ධ සමාජය ම ශිෂ්ට කිරීම සඳහා ක්‍රම සෙවීමයි" යැයි කීවේ ඇයි කියා තේරේ.

      Delete
    3. බුදු දහම සමග මෙන් ම වෙනත් සියලු ආගම් සමග ම මට විශාල ඇරියස් එකක් ඇත. මා මුළු හදවතින් ම කටයුතු කරන්නේ සියලු ආගම් මේ ලෝකයෙන් ම තුරන් කර දැමීම සඳහා ය. ඒකෙ ආයෙ හැංගි හොරා කිසිවක් නැත.

      හේතුව සුමනා වීරසූරිය වැන්නන් නිර්මානය වන්නේ ආගම් නිසා වන බැවිනි.

      Delete
    4. පැරා, මගේත් එකම බලාපොරොත්තුව මෙලොව සියළුම ආගම් (බුද්ධාගම ද ඇතුළුව) තුරන් වේවා යන්න යි. ආගම් මෙලොව බිහි වූ දා පටන් කළේ මිනිසාට ව්‍යසනයන් ළඟා කර දීම මිසක් වෙන කිසිම දෙයක් නොවේ.

      Delete
    5. අනේ ඇත්තටම ආගම් නැත්නම් මේ ලෝකය කොච්චර සුන්දර වෙන්න තිබුණද?

      Delete
    6. නොදකින් පැරා සහ තොපි ඔක්කොම පුස්සෝ ආගමක අගය දන්නේ නැති නරුමයෝ.

      Delete
    7. සියළුම ආගම් සහ ජ්‍යෝතිශය විසින් බිහි කරනුයේ මුග්ධයින් ය. ආගම් සහ ජ්‍යෝතිශය පසුපස යන්නෝ අන්ධයෝ ය. මුග්ධයින් සහ අන්ධයින්ගෙන් යුක්ත වූ සමාජ ගමන් කරනුයේ පරිහානියට ය. ඒ අද සිරියාවේ මෙනි. එම නිසා සියළුම ආගම් සහ ජ්‍යෝතිශය විනාශ කර දැමිය යුතුයි.

      Delete
    8. ගං වතුරට මිනිසුන් මැරිල බුදුපිළිමෙ නිරුප්‍රදිතව තිබුන නම්, පිටකොටුවෙ බෝම්බෙදි මිනිසුන් මැරිල බෝධියට හානියක් නොවුනා නම් තවත් මොනවටද මේ පදික වේදිකාවක ගලක් ගැන කතා නේද සුමනො? ඉහ්..ඉහ්..කොහොමද ඔය ගල සුමනො?

      Delete
  6. Dathu penweemedi witharak nowe den kalayaka sita deshapalana resweem wesak ekata thoran mekee nokee siyalu setama kisi wagak nethuwama podu depala kada binda damanu labe me aparadayaki

    ReplyDelete
  7. ඔය මෝඩ උපාසක අම්මලට ධාතු කියල පෙන්නන්නෙ වේලපු මාලු ඇස් හා මාලු කටු.
    ඕක තක්කඩි ගනයන්ගේ ව්‍යාපරයක්.

    ReplyDelete
    Replies
    1. කොළඹ නගරයේ එක්තරා පන්සලක තායිවානයෙන් ආපු සංචාරක පිරිසකට ධාතු කියලා කළු පාට නූල් කෑල්ලක් පෙන්වනවා මම දෑහින් ම දැක්කා.

      Delete
  8. මට හිතුනා, මට හිතුනා, පෝප් තුමා පැමිණි අවස්ථාවේ පාරවල් වහලා සිවිල් ජන ජීවිතය ට බාධා කිරීම ට එරෙහිව, අජිත් පැරකුම් ජයසිංහයන් විසින් w3lanka මගින් දැඩි විරෝධයක් දක්වලා තියෙනවා දැක්කාම, මට හිතුනා, අජිත් පැරකුම් ජයසිංහයන් යනු සියලු ආගම් විරෝධියෙක් තමයි කියලා.

    (මම කලිං දවසක, w3lanka එකේ චම්පික රණවක ට, සුදු හුණු ගාලා තියෙන වාක්‍ය ටිකක් කොපි පේස්ට් කරලා කමෙන්ට් එකක් දැම්මාම, මගේ කමෙන්ට් එක මකලා, ඊළඟ w3lanka පෝස්ට් එකේ හෙල්පිං පොළොන්නරුව කියල එකක් දාලා බොරු බබා පාර්ට් එකක් දැම්මා වගේ, දැන් ආයෙත් හෙට අනිද්දාට අන්‍යාගම් ගැනත් මොකක් හරි බොරු විරෝධයක් දක්වන්න.)

    ReplyDelete
    Replies
    1. සියළුම ආගම් සහ ජ්‍යෝතිශය විනාශ කර දැමිය යුතුයි.

      Delete
    2. හෝව්! හෝව්!! අජිත් පැරකුම් ජයසිංහයන් විසින් මාර්ක්ස්වාදය ද ආගමක් ලෙසින් සලකන බැවින්, මාර්ක්ස්වාදය ද විනාශකර දැමීම ට බැරි නැත. හැබැයි අජිත් පැරකුම් ජයසිංහයෝ අතින්, ධනවාදය ආගමක් ලෙස නො සැලකෙන බැවින් ධනවාදය ට නම් බය වෙන්න ට දෙයක් නැත.

      Delete
    3. අජිත් පැරකුම් ජයසිංහයන් මාක්ස්වාදය බැහැර කොට බොහෝ කල් ය. ඒ බව තෙපි නොදන්නහු ද?

      Delete
    4. Capitalism (ධනවාදය) is an economic and political system in which a country's trade and industry are controlled by private owners for profit, rather than by the state. It's not a religion.

      Delete
    5. මාර්ක්ස්වාදය ආගමක් ලෙස දැකීම හෝ ධනවදය ආගමක් ලෙස නො දැකීම හෝ එක් එක් අයගේ අර්ථ නිරූපණ අනුව සිදු වන්නකි.

      ධනවාදය ගැන ගූගල් දෙවියාගෙන් ඇසූ විට ලැබෙන එක් උත්තරයක් ඉහත කොපි පේස්ට් කර ඇත. http://www.oxforddictionaries.com/definition/english/capitalism

      එහෙත් ධනවාදය ආගමක් ලෙස දකින අය ලියා ඇති දේ ද අවශ්‍යනම් ගූගල් දෙවියා ගෙන් ම අසා දැන ගත හැක. http://www.counterpunch.org/2015/05/08/capitalism-is-the-wests-dominant-religion/

      ගූග්ලෙ දෙවියා ආගමක් ලෙස සලකන අය ද ඉන්නවා විය හැක. http://apcmag.com/is-googlism-the-new-religion.htm/

      එමෙන්ම මාර්ක්ස්වාදය ආගමක් ලෙස නො සලකන අය ද ඕනෑ තරම් සිටිති. https://www.youtube.com/watch?v=OywzvHLGbmY

      Delete
  9. පාර කඩාපු බවක් පේන්න නෑ, හෙමතෙනින්ම ගල් උපරිම දෙකක් අයින් කරලායි තියෙන්නෙ, වෙඩේ ඉවර උනාම පයිප්පෙ ගලවලා ගල් දෙක දාන්න පුලුවන්, එහෙම නොකර මිනිස්සු මහ පාරට නිරාවරනය වන්නට හැරීම හරිද? ඔබේ අදහස් කියන්න අතාර්කික අවස්තා පාවිච්චි කරන්න එපා, ඒකෙන් නෝන්ඩි වෙනවා.හැම තැනම දාතු පෙන්නන්නේ දලදා මාලිගාවට අපේ තියෙන ගෞරවයට පහර දෙන්න, ඕක මුලින්ම කලේ මහරාජා, අනිත් මාධ්‍ය අනික අය කරන දේ කරන්න ඕන නිසා කලා මිසක් ඉන් වෙන සබෑ හානිය මන් හිතන්නේ දකින්නේ නෑ, සමහර අය අපේ එක හොඳම එක කියන්න දාතුවේ ඉස්සරහට නිසැක දාතු කියලත් දානව.

    ReplyDelete
  10. බුද්ධත්වය හෝ රහත්භාවය පැවතිය හැක්කේ මානසික ක්‍රියාකාරිත්වය තුළය.කාගේත් ශරීරය මනුස්ස ශරීරයක් නොවේ ද? ධාතුන් වහන්සේලා යයි පවසමින් වන්දනා මාන කරන්නේ මිනී අළු වලට නොවේ ද? බුදු දහම අනුව මිනී අලු වලට වන්දනා මාන කුසලයක් වන්නේ යයි දැක්වේ ද?

    ReplyDelete
    Replies
    1. ධාතු වන්දනාව බුදුන් වහස්ෙස් විසින් අනුදැන වදාරණ ලද්දකි. කරුණාකර ෙනාදන්න ෙද් කියමින් පව් රැස් ෙනාකරන්න.

      Delete
    2. අනේ අපිටත් කියන්නකෝ බුදුන් වහන්සේගේ ඒ කිවූ දේ ඇත්තේ කොතනද කියා. මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් නිර්මල බුදුදහම ආරක්ෂා කරගැනීම බෞද්ධ හැමගේම යුතුකමක් වන නිසා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා