චම්පික නිහඬ ඇයි?

වැඩේ පිටුපස හිටියේ මේ සූත්තර පුංචා ද?
රාජගිරියේදී තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක් වූ සිදුවීමකදී එම රිය පැදවූ බවට ඇතැමෙකු විසින් චෝදනා කරන ලද ඇමති චම්පික රණවක එම රිය පැදවූ බවට සාධක නැති බැවින් ඔහු අදාළ නඩුවේ වගඋත්තරකරුවකු බවට පත් කිරීම අධිකරණය විසින් ප්‍ර‍තික්ෂේප කර තිබේ. 

මෙතෙක් අධිකරණය හමුවේ තිබුණ ප්‍ර‍ශ්නය වූයේ ඇමතිවරයා වාහනය පැදවූවා ද යන්නයි. ඔහු රිය පදවා, අනතුරකට සම්බන්ධ වී, ඉන් පසු සිය රියදුරු ඉදිරිපත් කර වගකීමෙන් ගැලවුණු බව සාක්ෂිකරුවන් කීපදෙනෙකු ද, මාධ්‍ය ද, දේශපාලකයෝ ද පැවසූ හ. 

එපමණක් නොව, කිසියම් සංවිධානයක් ඇමති චම්පික රණවක අත්අඩංගුවට ගන්නැයි අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළ හ. 

ඇමති චම්පික රණවක වනාහි ජාතිවාදියකු හා මේ රටේ ජාතිවාදයට විරුද්ධ බලවේගවලට එරෙහිව සෑහෙන ජාතිවාදී වෛරයක් මුදාහළ දේශපාලකයකු බව ඇත්ත ය. එහෙත්, මෙම සිද්ධියේදී ඔහු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලකයන් හා මාධ්‍ය කටයුතු කළ ආකාරය අතිශය ගැටලු සහගත ය. 

ඔහු ඇත්තට ම මෙම අනතුරට සම්බන්ධ වූවා නම්, විමර්ශනයකින් එය ඔප්පු කිරීම වර්තමානයේදී එතරම් දුෂ්කර යයි අපි නො සිතමු. ඇමතිවරයාගේ ජංගම දුරකථන විස්තර, වාහනයේ රස පරීක්ෂණ වාර්තා ආදිය ද පොලිස් හා වෙනත් සාක්ෂි ඔස්සේ එය ඔප්පු කිරීම දුෂ්කර නැත. 

දැන් සිදු වී තිබෙන්නේ ඒ සියල්ල වංචනික ලෙස විකෘති කර, අධිකරණය නොමග යවා වැරදි තීන්දුවක් ලබා ගැනීම යයි චම්පිකට චෝදනා කළ අය පවසනවා ද? එසේ විය හැකි ද? අධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව ඔවුන් ගන්නා නීතිමය ක්‍රියාමාර්ග මොනවා ද? 

අනෙක් පැත්තෙන් වැදගත් කාරණයක් වන්නේ මෙතැනදී යම්, යම් පුද්ගලයන් දේශපාලන උවමනා මත බොරු සාක්කි දුන්නා ද යන්නයි. 

ඇමතිවරයා සම්පූර්ණයෙන් ම නිර්දෝෂී පුද්ගලයකු බව අධිකරණය පිළි ගෙන තිබේ. එහෙත්, ඔහු නිහඬ ය. ඒ ඇයි? තමන්ට එරෙහිව සිදු වූ අසාධාරණය ගැන ඔහු තවම කතා නො කරන්නේ ඇයි?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරාටත් ප්‍රශ්න නැතුවට ප්‍රශ්න .....!!!

    ReplyDelete
    Replies
    1. නැහැ රසික. මෙතන නීතිය සමග සෙල්ලම් කිරීමක් තියෙනවා. ඇමති දැවැන්ත ගේමක් ගහලා නැතිනම්, අනෙක් පාර්ශ්වය කළේ කැත වැඩක්. මේවා නිකම් ම යන්න දිය යුතු නැහැ. මේ විමර්ශන අරවා මේවාට පවා වියදම් වෙන්නේ මහජන මුදල්.

      Delete
    2. චම්පික නිහඬ වුනත් පැරා නිහඬ නෑ.... ඒක නෙවෙයි මේ ලිපියට ගෙව්වෙ කවුද.... චම්පිකද?

      Delete
    3. මේකට චම්පික.

      මෙන්න ආසන්න සෙසු ලිපි නවයකට මුදල් ගෙවූ අය:

      වර්තමාන අර්බුදයට ජවිපෙ සමාජවාදී විසඳුම - පෙසප
      වංගු බැහැ හඳුන්නෙත්ති. කෙළින් එන්න! - පෙසප
      ජනතාව බලමුළුගන්වන දේශපාලනයකින් තොරව ඉදිරියට යා හැකිද? - පුරවැසි බලය
      The lost book - සරසවි
      බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ඓතිහාසික තීරණය - ජර්මනිය
      “දිශාවක් නො දත් සුළඟ”: ප්ලේටෝගේ සිට මාර්ක්ස් ඔස්සේ.. - ඇරිස්ටෝටල්
      නිවැරදි තීරණය ගැනීමට එක්සත් රාජධානියේ ජනතාවට ශක්තිය ... - අගමැති කාර්යාලය
      සුන්දර ඉංගිරිසි: ටයි ටයි බොටයි මටයි මැච් එක ටයි - සක්විති රණසිංහ
      රෝහිතස් ඩැම්සල්ගේ දන්සැල් වන්දනාව හා දන්සැල් ලංකාව.. - ක්‍රිස්තියානි පල්ලිය
      මුසම්මිල්ට පස්සෙ රංජිත් සෝමවංශට එම චෝදනාව ම - එක්සත් ජාතික පක්ෂය

      Delete
    4. Super..... you didn't say who is behind this blog para, as you said several posts ago.....will you?

      Delete
    5. බලාපොරොත්තු වන්න.

      Delete
    6. ගොන් ඇනෝගේ ගොන් කොමෙන්ටුවට ඔයවගේ උත්තරයක් තමයි දෙන්න ඕනේ

      Delete
  2. පැරා වැනි කොන්ද කෙලින් නිදහස් මතධාරීන්ට අවමන් කරන ඇනෝ පුඟුලන් පන්නා දැමිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නෙ මගෙ කොන්ද කෙළින් කියලා.

      Delete
    2. ලියන කියන ඒවලින් අපිට පේන්නෙ ඒ වගේ. යහපාලන ආණ්ඩුවෙන් රටයි හදයි කියන අහින්සක බලාපොරොත්තුවෙන්, බඩ ගැන නොහිතා කෙලින් කතා කරනවා. ඒත් රනිල් පුඟුල රට හදයිද කයිද කියල දෙයියො තමයි දන්නෙ 😀

      Delete
    3. Robert ඔයාට සිංහල කියවගන්න පුලුවන් වුනාට සිංහල තේරෙනව අඩුයි. අැත්තෙන්ම නැහැ වගේ. මොකද පැරාත් වෙලාවකට මේෙකම අැනෝ වෙනව. සමහරු පැරාටත් වැදගත් දන්නෙ නැති තොරතුරු දෙනව.
      මොෙකා් පැරා කියන්නෙ? ඔට්ටුද?

      Delete
    4. මං මේකෙ ඇනෝ වෙන්නෙ නැහැ කිව්වොත් ඔයා පිළිගන්නෙ නැහැනේ. මට කවුරුවත් සල්ලි දෙන්නෙ නැහැ ය කියන එකත් ඒ වගේ.

      ඒ නිසා අපි මෙහෙම කියමු. මං මේ ඔක්කොම ලියන්නෙ සල්ලිවලට. මේ ඔක්කොම ඇනෝ කමෙන්ට් දාන්නෙත් මම.

      අවුල් වගේ ද?

      Delete
    5. පැරා ඔන් ෆයර්. ගොබ්බ යක්කුන්ට ඔයවගේ උත්තර තමයි ගැලපෙන්නේ

      Delete
    6. AnonymousJune 30, 2016 at 3:24 PM
      ඇනෝ, මගෙ සිංහල තේරුම් ගැනිල්ල කෙසේ වෙතත් ඔහෙගෙ සිංහල ලිවීමේ හැකියාව comment එකෙන් පේනවා. Safari එකෙන් බලද්දිනම් ඔහෙගෙ ගොඩක් අකුරු කැපිල කෙටිලා ගිහිල්ලා, Google chrome එකෙන් බැලුවත් ගොඩක් සිංහල වැරදියි. උදා: මේෙකම, මොෙකා්
      දැන් මාතෘකාවට එමු. පැරා ඇනෝ එනවා කියලා ඔප්පු කරන්න සාක්කි නැතුව නිකන් කටමැත දොඩවලා වැඩක් නෑ. මටත් කියන්න පුළුවන් ඔහේ ඇනෝ විධියට comment කළාට, අර කුණුහර්ප බ්ලොග් එකක් ලියන ගයිඩ් පුඟුලා කියල. ඒත් මා ගාව ඔප්පු කරන්න සාධක නැති නිසා ඔහේ ගයිඩ් පුඟුලා කියන්න මට බෑනෙ. කොහොම වෙතත් පැරා කියන්නෙ, හොරෙන් තමන්ගෙම බ්ලොග් එකේ ඇනෝ ගහන්න තරම් කොන්දක් නැති මිනිහෙක් නෙවෙයි. තමන්ගෙ මතය වෙනුවෙන් නිර්භයව පෙනී ඉන්නෙක්. එදා ජවිපෙ කැරලිකරුවෙක් ලෙසත්, අද එජාපයට සහයෝගය දෙන සිවිල් පුරවැසියෙක් ලෙසත්. මම දන්නෙ නෑ මොන සංවිධානයක් නියෝජනය කරන කෙනෙක්ද කියල පැරා. හැබැයි ඔහේ ඇනෝ වෙලා මේ වගේ මිනිස්සුන්ට ගහන්නෙ ඔහේට කොන්දක් නැති නිසා. පුළුවන්නම් profile එකක් හදාගෙන තමන්ගෙ photo එකක් upload කරගෙන එනවකො සංවාදෙට. මහ අමාරුවක්යැ, ඕනෙනම් විනාඩි 10ක් යැයි වැඩේට. හැබැයි ඔහේ ඒක කරන්නෙ නෑ, මොකද ඔහේගෙ හෙළුව එළි වෙනවා, මොකද ඔහේ මේ බ්ලොග් ලෝකෙ කවුරුත් දන්න චරිතයක් නිසා.

      Delete
    7. උඩ දීල තියන ඇඩ්වයිස් එකට තැන්කු රොබට්, මමත් ඉගෙන ගත්තා කොහොමද මගෙ සිංහලත් වැරදීද කියලා දැනගන්නේ කියලා, කොකටත් ඒ දෙකට අමතරින් ගිනි නරියත් දාල බැළුවනං වැඩේ අති ෂුවර් වෙයි නේද?

      Delete
    8. Champika himself answered this question 'why he is silent?'. Listen till end.

      https://goo.gl/QiN933

      Delete
  3. ඇබෑර්තු : සිංහල - ඉංග්‍රීසි පරිවර්තක
    ---------------------------
    සිංහල ප්‍රවෘත්ති ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමේ හැකියාව.
    වයස සීමාවක් නැත
    මනා පරිඝනක ඥානය
    මනා නව සන්නිවේදන තාක්ෂනික ඥානය
    පරිවර්තකයෙකු ලෙස අවම වසර 5 ක පළපුරුද්ද
    වෙබ් මාධ්‍යයේ යෙදී සිටියේ නම් අතිරේක සුදුසුකමකි
    ජීවත්වන රට කුමක් වුවද ප්‍රශ්නයක් නොමැති නමුත් ගෙවීම් සිදුකළ හැක්කේ ලංකාවේ මුදලින් ලංකාවේ වටිනාකම අනුවය.
    වැඩි විස්තර මෙතනින්..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. චම්පික නිහඬ ව සිටියේ එය අදිකරනය ඉදිරියෙ තිබූූ නිසා ද ? නමුත් ඔබ අසන්නේ ඇසිය යුතුමපැනයකි

    ReplyDelete
  6. චම්පික නිහඬ ව සිටියේ එය අදිකරනය ඉදිරියෙ තිබූූ නිසා ද ? නමුත් ඔබ අසන්නේ ඇසිය යුතුමපැනයකි

    ReplyDelete
  7. චම්පික නිහඬ ව සිටියේ එය අදිකරනය ඉදිරියෙ තිබූූ නිසා ද ? ඔබ අසන්නේ ඇසිය යුතුමපැනයකි

    ReplyDelete
  8. මෙතන ආයේ හොයන්න දෙයක් නැහැ. ඔය සාක්කි දෙන එකා ගම්මන්පිලගේ කොන්තරාත්තුව ඉටු කලේ. මාද්‍ය ඉස්සරහ බොරු සිංහයා වෙලා ඇමතිගෙන් ගේම ඉල්ලනවා. හැබැයි ඇමති පොලිසියට යන්න කතා කල වෙලේ කලිසමේ චූ ගියාලු. ඌ විතරක් හිටපු නිසා බය හිතුනලු. යාළුවා බයික් එක හරස් කරලා ඇමතිගේ වාහනේ නවත්තන්න විතරයි ඇවිත් තියෙන්නේ. මූ බැස්ස ගමන් මූව එතන දාල ගිහිල්ල.

    ReplyDelete
  9. ඔය චම්පිකට විරුද්ධව මාධ්‍යට voice cut දුන්න අය, ඇයි ඒවා අධිකරණය ඉදිරියෙ කියන්න බය? අනිත් එක හැප්පිච්ච බයික් එකේ පිටිපස්සෙ ගියපු තුවාලකරුගෙ මිතුරත් පොලිස් කට උත්තරේදි කියන්නෙ චම්පික එලෝනව දැක්කෙ නෑ කියල නේද. ඉතින් මේගොල්ලො වීර චරිතනම් ඇයි කෙලින් කතා නැතුව මග අරින්නෙ ? අනිත් එක ඔය 1000CC නීති විරෝධී බයික් එක හැප්පිලා තියෙන්නෙ චම්පිකගෙ වාහනේ පිටිපස්සෙ, පැත්තට වෙන්න. පිටිපස්සෙ දොරේ සීමාවෙන් පිටිපස්සෙ හැප්පෙන වාහනේක වැරැද්ද යන්නෙ පිටිපස්සෙන් හප්පපු කෙනාට, ඒ කියන්නෙ මේකෙදිනම් බයික්කාරයාගෙ අතේ තමයි වැරැද්ද. අනිත් එක ඒ වෙලාවෙ බයික්කාරයගෙ බයික් එකේ නීත්‍යාණුකූලභාවයයි, රියදුරු සහතිකේ ඇතිද නැතිද යන්න මතයි තව ඇසින් දුටු සාක්කි මතයි, අධිකරණය්දි ඔප්පු වෙයි කාගෙද වැරැද්ද කියලා. හැබැයි මටනම් පේන්නෙ අර voice cut දීපු වීරයො කාගෙහරි උසි ගැන්වීමකට චම්පිකව පටලවන්න ගිහින් අන්තිමේ වැඩේ නා ගත්ත කියල තමයි. සමහරවිට මේව පසුපස ඇත්තෙ සූත්තර පුංච ඉන්න පුළුවන්. එහෙමත් නැතිනම් චම්පික සල්ලි ටිකක් දීල තුවාලකරුගෙ පාර්ශවයෙ කට වැහුවා වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  10. "ඒත් රනිල් පුඟුල රට හදයිද කයිද කියල දෙයියො තමයි දන්නෙ" - Robert.

    රනිලුන් යනු හුදු "පුඟුලකු" නොව ආර්ථිකය පිළබඳ වෙසරද නැණින් යුතු දෙස් විදෙස්හි "පකට පුඟුලෙකි". හෙතෙම අප සුව පිණිස "පඩි තකා" වැඩ නොකරණ ලක් මවගේ "විනය තකාම" සේවය සලසන තවත් "පකට පුඟුලකු" වන "බන්ධිත මහා ඉන්ද්‍ර" තෙම රට නැගුම පිණිසම මෙහි වැඩමවා ඇත. එම්බල රොබටය, එකක් පැවසිය යුතුමය. එනම් මේ ගජ මිතුරු බාන සුළු කාලෙකින් රට නැගූ කළ එහි වැනුම උදෙසා "හුදු හෙළුවෙන් වැනුම" නම් නොසරිලන බවයි.

    මම ඇඩම් ස්මිත් මුණුබුරු චන්දරේලාගේ අන්දරේ ස්මිත් වෙමි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා