නිවැරදි තීරණය ගැනීමට එක්සත් රාජධානියේ ජනතාවට ශක්තිය ලැබේවා - අගමැති රනිල් වික්‍ර‍මසිංහ

1977දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ දේශපාලනඥයකු ලෙස මම පසුගිය වසර හතළිහක් පුරා ලෝක දේශපාලනය තුළ සිදු වූ වැදගත් චලනයන් අධ්‍යයනය කර ඇත්තෙමි. ඒ අතරින් කිහිපයක් මෙසේයි: ඩෙන් ෂියාඕපිං විසින් 1978දී චීනයේ මුල පුරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් එරට ආර්ථිකය ලෝකයත් සමග ඒකාබද්ධ කරන ලදී. ප්‍රබල දේශපාලන පෞරුෂයන් වන බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර්, එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන්, ජර්මන් චාන්සලර් හෙල්මට් කෝල් වැනි අයගේ ක්‍රියාමාර්ග හේතුවෙන් සෝවියට් සංගමය හා බර්ලින් තාප්පය බිඳ වැටිණි. ඉන්දීය ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරමින් 1991දී අගමැති නරසිංහ රාඕ විසින් ගන්නා ලද එඩිතර මුලපිරීම් සමග 2016 වන විට ඉන්දියාව වැදගත් කලාපීය බලවතෙක් බවට පත් ව ඇත. 1993 ජනවාරි 1දා සිට ඒකීය යුරෝපීය වෙළඳපොළක් පිහිටුවීම ද මවිසින් නිරීක්ෂණය කරන ලදී. මෙම මුලපිරුම්වල අවසන් ප්‍රතිඵලය වූයේ නව ගෝලීය ආර්ථික පිළිවෙලක් පැන නැගීමයි. එමගින් එක්සත් ජනපදය, යුරෝපා සංගමය, චීනය, ජපානය හා ඉන්දියාව වැනි ප්‍රධාන පාර්ශ්ව අතර විවෘත වෙළඳපොළවල් හා නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය කරන ලදී. වර්තමානයේදී අපි මෙම නව ගෝලීය පිළිවෙලට අයත් වෙමු. එහි දී වෙළඳාම දේශීය සීමාවන්ට හා වෙළඳපොළවලට පමණක් සීමා වී නැති අතර වේගයෙන් කලාපීය තත්වයට පත් වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අප සියලු දෙනා ම 2008 සිට ආර්ථික අර්බුදයකින් යථා තත්වයට පත් වෙමින් තිබෙන අධිපති ගෝලීය ආර්ථිකයක් යටතට හා එහි බලපෑමට ලක් වී සිටිමු.

ගෝලීය මහේක්ෂ ආර්ථික ස්ථායීභාවය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් වැදගත් වේ. ත්‍රස්තවාදය, අභ්‍යන්තර ගැටුම් හා භේදකාරී දේශපාලනය සහිත දශක තුනකට පසු අපි සංහිඳියාවේ, මානව හිමිකම් නඟාසිටුවීමේ, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ හා ගෝලීය වටිනාකම් දම්වැල සමග එක් වෙමින් අපගේ ආර්ථික පදනම ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියකට පිවිස ඇත්තෙමු. අපගේ අපනයන විවිධාංගීකරණය කිරීමේ හා වෙළඳ ශේෂය වර්ධනය කිරීමේ අපගේ උපායමාර්ගයෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ ස්ථායී ගෝලීය ආර්ථිකයක් මත ය. එබැවින්, ගෙවුම් ශේෂය අපට වාසිදායක වන පරිදි, අපගේ අපනයනවලින් 30%ක් යොමු වන යුරෝපා ඒකීය වෙළඳපොළෙහි අනාගතය අපට ඉතා වැදගත් ය. එහි සිදු වන බිඳවැටීම් මුළු ලෝකයට ම බලපායි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2016 වසන්ත රැස්වීම අවසන් වූයේ ගෝලීය ආර්ථික වර්ධනයේ පහළට යොමු වූ අවදානමත් සමග ගෝලීය ආර්ථික වර්ධනයේ බලාපොරොත්තු දුර්වල වී ඇති බවට නිගමනය කරමිනි. දැඩි අවදානම් තත්වයක් වන්නේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තිබෙන ඉඩකඩයි. එය ආර්ථික කැළඹීම වැඩි දියුණු කිරීමට හේතු වනු ඇත. ශ්‍රී ලංකාවට මෙන් ම වෙනත් බොහෝ ආසියාතික රටවලට ද තවත් මුල්‍ය කැළඹීම් හා ගෝලීය ආර්ථික කඩාවැටීම් දරා ගැනීමේ හැකියාවක් නැත. එබැවින් ඔබ යුරෝපා සංගමයෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට, එක්සත් රාජධානියට හා ගෝලීය ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳ අපි සැලකිලිමත් වන්නෙමු.

එක්සත් රාජධානියෙහි පිටවීමේ ක්‍රියාවලිය තුළ ඇති පහතට යොමු වුණ අවදානම පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ලෝක දැක්ම අනාවැකිය බ්‍රිතාන්‍ය මහා භාණ්ඩාගාරයේ විශ්ලේෂණය විසින් ද වැර ගන්වා තිබේ. බ්‍රිතාන්‍ය රජයට සිදු වන දැවැන්ත ආදායම් හානි පිළිබඳ හා සෑම පුරවැසියකු ම 2030 වන විට පවුම් 4300කින් දුප්පත් වනු ඇති බව එමගින් ප්‍රක්ෂේපණය කර තිබේ. මෙම භාණ්ඩාගාර වාර්තාව අපහාසාත්මක සඳහන් කිරීම් කීපයකින් නො තකා හැරීම හෝ ඉවත දැමීම කළ නො හැකි ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ලෝක දැක්ම අනාවැකිය හා භාණ්ඩාගාර වාර්තාව වෙනත් සංවිධාන රැසක පිළිගැනීමට ලක් වී තිබේ. ඔවුන්ගේ සොයාගැනීම් ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා සංවිධානය (OECD), රාජ්‍ය මුල්‍ය අධ්‍යයන ආයතනය, (CBI විසින් ප්‍රසිද්ධ කර තිබෙන) ප්‍රයිස් වෝටර්හවුස් කූපර් වාර්තාව, Unite, GMB, TUC, Unison, Lloyds Bank, Legal and General, Nissan, Goldmansachs, Black Rock, Morgan Stanley, J P Morgan, EasyJet, Vodafone, Royal Dutch Shell, HSBC යනාදී බැංකු වැනි සංවිධානවල සමාන නිගමන මගින් වැර ගන්වනු ලැබේ. මෙම වාර්තා විසින් කරනු ලබන නිගමනය වන්නේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් පිටවීම බ්‍රිතාන්‍ය ආර්ථිකයේ බරපතල පසුබෑමකට හේතු වනු ඇති බවයි.

ඇත්ත තත්වය තුළ එක්සත් රාජධානිය විසින් යුරෝපා ඒකීය වෙළඳපොළක් ව්‍යූහගත කර තිබේ. එමගින් ඔවුන්ට ලෝක දෙකෙහි ම හොඳම තත්වය ලබා දී තිබේ. එය වනාහි යුරෝ කලාපය හා ස්ටර්ලිං පවුම් කලාපය අයත් වන මිලියන් 500ක් ජනතාවගේ ඒකීය වෙළඳපොළකි. යුරෝ හා ස්ටර්ලිං පවුම් යනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සංචිත විනිමය ඒකක පහෙන් දෙකකි. පසුගිය වසරේ ලන්ඩනය නිව්යෝක් පසු කරමින් නැවත වතාවක් ලොව ප්‍රධානතම මුල්‍ය මධ්‍යස්ථානය බවට පත් විය. යුරෝපා සංගමය ලොව ලොකුම ආර්ථිකයයි. එය ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට වැඩි ය. එය ලොව විශාලත ම වෙළඳ කලාපය වේ. ලෝකයේ භාණ්ඩ හා සේවා අලෙවියෙන් 15%ක් සිදු වන්නේ එහි ය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 80කට වැඩි සංඛ්‍යාවක විශාලතම අපනයන වෙළඳපොළ එයයි. එබැවින් එක්සත් රාජධානිය යුරෝපා සංගම් වෙළඳාමෙන් ඉවත් විම නිසා ඇති විය හැකි ආර්ථික ප්‍රතිඵල ලෝකයේ අප ජීවත් වන කලාපයට ද දැනෙනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ කැමැත්තක් දක්වන අය පවසන්නේ එරට යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් මාලාවකට එළැඹීමෙන් යුරෝපා තනි වෙළඳපොළ අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල අවම කර ගනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ අපි 2000 දශකයේ අග භාගයේදී GSP+ අහිමි වීමේ විපාක භුක්ති වින්දෙමු. එම අත්දැකීම අනුව, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ නරක ආදීනව වඩාත් වැඩි ය. (එක්සත් රාජධානියේ අපනයනවලින් 45%ක් සිදු වන්නේ යුරෝපා සංගමයටයි.)

වර්තමානයේදී ශ්‍රී ලංකාව GSP+ සඳහා නැවත අයදුම් කිරීමේ ආසන්නයට පැමිණ සිටියි. අපි ඉන්දියාව සමග ආර්ථික හා තාක්ෂණ ගිවිසුමක් සාකච්ඡා කරමින් සිටිමු. චීනය, සිංගප්පූරුව හා ඇමරිකා එක්සත් ජනපදය සමග නිදහස් වෙළඳ ගිවිසුම් / පාර ශාන්තිකර සහයෝගිතාවන් සාකච්ඡා කරමින් සිටිමු. වෙළඳාම සංවර්ධනය කිරීම පිණිස අපට එකට වෙළුණු මාවතක් අනුගමනය කිරීමට සිදු වී තිබේ. එහිදී තිබෙන එකම විකල්පය තනි, තනි සාකච්ඡා පැවැත්වීමයි. හේතුව වන්නේ අපගේ දකුණු ආසියාතික කලාපයට තනි වෙළඳපොළක් පිහිටුවීම කළ හැකි දෙයක් නො වීමයි. එබැවින්, අවිනිශ්චිත අනාගතයක් වෙනුවෙන් තම සුරක්ෂිත වර්තමානය අත්හරින රටක් පිළිබඳ මම විස්මයට පත් වෙමි. යුරෝපා ඒකීය වෙළඳපොළෙන් ඉවත් වීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටක් ඉහත සඳහන් කරන ලද රටවල් සමග ගිවිසුම්වලට එළැඹෙන තෙක් පෝලිමක බලා සිටීමයි. නිදහස් වෙළඳ ගිවිසුම්වලට දැඩි ඉල්ලුමක් තිබේ ද? යුරෝපා සංගමයෙන් පිටවීම ප්‍රවර්ධනය කරන අයට එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වන මුල්‍ය කැළඹීම් හා ආර්ථික පරිහාණිය බොරු යයි කීමේ හැකියාව නැත.

වැඩිදුරටත්, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු සිදු වන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මුල්‍ය කැළඹීම ද වැඩි කරනු ඇත. එක්සත් රාජධානියේ ඉවත් වීම විසින් යුරෝපා සංගමයේ වෙනත් රටවල ද සමාන ජනමතවිචාරණ සම්බන්ධ ඉල්ලීම් මතු කළ හැකි ය. එමගින් සමස්ත යුරෝපා ඒකීය වෙළඳපොළ ම අවදානමට පත් වේ. සැකයක් නැතිවම, මෙමගින් ගෝලීය වෙළඳපොළෙහි අවිනිශ්චිතභාවයක් ඇති වේ. එමගින් යුරෝපයේ අති දක්ෂිණාංශික දේශපාලන පක්ෂ ශක්තිමත් වන අතර ඔවුන්ගේ ප්‍රාදේශීය ඉල්ලීම් තහවුරු වනු ඇත. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු අලුත් විය හැකි ස්කොට්ලන්තයේ නිදහස පිළිබඳ ඉල්ලීම හේතුවෙන් එක්සත් රාජධානියේ සමස්ත ආර්ථිකය ම අවදානමට ලක් කරනු ඇත.

ශ්‍රේෂ්ඨ රාජධානි තුනක එකතුවක් වන මහා බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ එක්සත් රාජධානිය විසින් නීතියේ පාලනය හා පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය වැනි යහපාලන සංකල්ප ලෝකයට ලබා දුන් බව අපි අමතක නො කළ යුතු ය. එමගින් කාර්මික විප්ලවය පණ ගැන්වුණ අතර නිදහස් වෙළඳාම බිහි විය. ඉංග්‍රීසි කතා කරන ලෝකය ජෝන් හැම්ප්ඩන්, ජෝන් මිල්ස්, ඇඩම් ස්මිත් හා ජෝන් මේනාර්ඩ් කීන්ස් පිළිබඳ දැන ගත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිත ව්‍යාපාරය සමගයි. අපගේ පාර්ලිමේන්තුවේ අප නිතර උපුටා දක්වන කතානායක ලෙන්තෝල්ගේ ප්‍රකාශයක් මෙසේයි: “මට මෙම ස්ථානයෙහිදී දකින්නට ඇස් හා කතා කරන්නට දිව නැත. එහෙත් සභාව මා මෙහෙයවීමට කැමති හෙයින් මම එහි සේවකයෙක් වෙමි.” මේ හා සමානව, අපගේ අධිකරණය ද ඇට්කින්ස් සාමිවරයාගේ එකඟ නොවන තීන්දුව ද අපි අදාළ කර ගන්නෙමු. ලිවර්සිජ්ට එදිරිව ඇන්ඩර්සන් (1941 3AER 338) නඩුවේදී “ආයුධ ගැටුම් අතර ද නීතිය නිශ්ශබ්ද නැති බව” කියැවිණි.

අධිරාජ්‍යයන් දෙකක් හා යුරෝපා ඒකීය වෙළඳපොළ සමග ආර්ථික ආධිපත්‍යය ගොඩනැගූ හා නඩත්තු කළ එක්සත් රාජධානියේ ගතිකයන්ට සමාන්තර වන වෙනත් තත්වයක් නූතන ඉතිහාසයේ නැත. එබැවින් මේ මොහොතේ යුරෝපා සංගමයෙන් පිටවීම යනු එම ස්ථානය හා ආර්ථික ආධිපත්‍යයේ මූලෝපාය අත්හැර දැමීමකි. ක්‍රිකට් භාෂාවෙන් නම් එය හිට් විකට් වීමකි. විශේෂයෙන් ම, දෙවන ලෝක යුද්ධයේ හා ෆෝක්ලන්ත අර්බුදයේ අඳුරු වකවානුවලදී පසෙකින් සිට ඔබ වෙනුවෙන් ජයඝෝෂා කළ පාර්ශ්වයන් මෙමගින් බියෙන් වෙවුලුම් කනු ඇත. මෙම තත්වය තුළදී ඔබගේ හිතවතුන් හා මිතුරන් සිය කාංසාව හා සැලකිල්ල ප්‍රකාශ කිරීම පුදුමයට පත් විය යුතු තත්වයක් නො වේ. වසර 31කට පෙර 1985 අප්‍රේල් මාසයේදී අගමැති මාග්‍රට් තැචර් ශ්‍රී ලංකාවට පැමිණියා ය. ජනාධිපති ජයවර්ධන ෂේක්ස්පියර්ගේ හැම්ලට් කෘතියෙන් උපුටා දක්වමින් කතා කරන විට මම එහි සිටියෙමි. ඔහු පොලොනියස් සාමිවරයාගේ ප්‍රකාශයක් උපුටා දැක්වීය. එය මෙසේ ය:

“Those friends thou hast, and their adoption tried,
Grapple them to thy soul with hoops of steel;
(ඔබගේ සැබෑ මිතුරන් ඔබගේ හදවතට සමීපව තබා ගන්න)

එක්සත් රාජධානියේ ඡන්දදායකයන්ට ජුනි 23දා දීමට තිබෙන තීන්දුව 1940 මැයි 28දා බාහිර කැබිනට්ටුව විසින් ගන්නා ලද තීරණයට සමාන එකකි. එදා එමගින් තීරණය කරනු ලැබුවේ චර්චිල්ගේ තීරණය ගමන් මාර්ගයේ වෙනසක් නො කර පවත්වාගෙන යා යුතු බවයි. 2016 ජුනි 23 දින නිවැරදි තීරණය ගැනීමට එක්සත් රාජධානියේ ජනතාවට ශක්තිය ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැති
2016 මැයි 23

(පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. රනිල් පව් අනේ!
      අන්න පරාදයි. ඩේවිඩ් කැමරනුත් ගෙදර යයි!

      Delete
    2. තමා හිස් කෝම්බයක් බව රනිල් ගතවන සෑම දිනක ම අපූරුවට ඔප්පු කරමින් සිටී. ඔහුට ඇති ජාත්‍යන්තර සම්බන්ධයක් නැති බව ද මේ අවුරුදු එකහමාරට පෙන්වා අහවර ය. ඔහුට හැකි එකම දෙය ලොරි ටෝක් දීම පමණි. Brexit එකේ ආදිනව කීමට මහජන මුදලින් පොතේ ගුරකු (හර්ෂ ද සිල්වා), පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්නකු (හරින් ප්‍රනාන්දූ සහ හිටපු රූ රැජිනක (රෝසි සේනානයක ) ලන්ඩන් නගරය වෙත පිටත් කර හැරීමෙන් ලංකාවට ඇති වූ සෙත කුමක්ද? මේ මුදල එක්සත් ජාතික පක්ෂය විසින් භාණ්ඩාගාරය වෙත ලබා දිය යුතුය.

      Delete
    3. https://www.facebook.com/367157203453413/photos/a.367186053450528.1073741828.367157203453413/599636393538825/?type=3&comment_id=599670910202040&notif_t=like&notif_id=1466786665463961

      Delete
  2. කාල් මාක්ස්, එන්ගල්ස්, ලෙනින්, චේ ගුවේරා සහ හෝ චින් මින් වෙනුවෙන් වෙන් වී තිබූ ඔලුගෙඩි ගරු රනිල් වික්‍රමසින්හ වෙනුවෙන් කැපවීම අගේ කල යුතු ය!

    ReplyDelete
    Replies
    1. ස රස තුමෝ,

      මේක දැක්කද?
      //විපැරාකරණ සංහිතා
      =============

      ආදී ඔක්ස්බ්‍රිජ් විද්‍යාර්ථීන්ගේ ලාංකීය සංගමය විසින් සංවිධානය කෙරෙන විපැරාකරණ සංහිතා දේශන මාලාවේ පළමු වැන්න ළඟ දී ම පැවැත්වීමට නියමිත ය. ලාංකීය වාම විප්ලවීය දේශපාලනයට එරෙහි ව සිදු වූ අවසන් මහා පාවාදීම හෙළි වීමත් සමඟ එකී මහා පාවාදීමේ නිර්මාපකයා වූ මතුගම ඉද්දගොඩ මහවත්තේ අජිත් පැරකුම් ජයසිංහ භ්‍රෂ්ටයා ලාංකීය වාම විප්ලවීය දේශපාලනයෙන් නිල වශයෙන් නෙරපා හැරීමේ දස වන සංවත්සරය අලළා මෙම දේශන මාලාව ඉදිරිපත් වේ.

      දේශන:

      ජ.වි.පෙ සිට හිරු දක්වා ප්‍රගතිශීලී ගමනක අවසානය හෙවත් එ.ජා.ප. ය දක්වා ප්‍රතිගාමී ගමනක ආරම්භය - පැරාවලෝකනය

      න්‍යායමුක්ත දේශපාලන භාවිතාවේ ව්‍යාකූලත්වය හෙවත් සමාජවාදය උදෙසා ධනවාදය සමඟ යහන්ගත වීමේ පැරාමය විසුළුව

      පැරාමය සමාජවාදය හෙවත් නාසි සමාජවාදී උතෝපියාව උදෙසා අකුරු ගැළපීම හෙවත් ඩබ්ලිව් තුන ලංකා

      වාම විප්ලවීය දේශපාලනය තුළ වැඩුණු, දශකයකට පෙර තියුණු සැත් පහරින් ඉවත් කරනු ලැබූ මාරාන්තික පිළිකාව යළි නො වැඩෙන්නට කළ යුතු ම විකිරණ චිකිත්සාව හෙවත් විපැරාකරණය

      දේශකයෝ:

      ලාංකීය පැරණි වාම විප්ලවීය සහෝදරත්වය
      ඕර්තඩොක්ස් මාක්ස්වාදී සහෝදරත්වය
      විදග්ධ මාධ්‍ය සහෝදරත්වය
      සම්භාව්‍ය මාර්ක්ස්වාදී සහෝදරත්වය

      පසුගිය දස වසරක කාලය තුළ ඩබ්ලිව් තුන ලංකාහි වාරණයට ලක් වූ අදහස් දැක්වීම්වල සංගෘහිත ප්‍රකාශනයක් ජනගත කිරීම ද මෙම දේශන මාලාවට සමගාමී ව සිදු වනු ඇත.

      සංවිධායක කමිටුව//

      පැරා රනිලාවාංශික සට්ටැඹියෙක් බවට ක්‍රමානුකූලව රූපාන්තරණය වී ඇත.

      Delete
    2. // AnonymousJune 23, 2016 at 12:32 PM
      ස රස තුමෝ,

      මේක දැක්කද? //

      දැක්කෙමි..
      හැබයි ඔයි "විපැරාකරණ සංහිතා" ව ට ස ර ස තුමා විරුද්දය...
      ඒ එහි සඳහන් වන පරිදි පැරා ජාතිබ්‍රශ්ටයෙකු නොව ජාති ජාති පොරක් බවට පරිවර්තනය වී ඇති නිසා ය....
      පෙරලෙන ගලේ පාසි නොබැඳේ සන්කල්පයට නව අරුතක් එක් කරනා මතුගම අජිත් පැරකුම ජයසින්හ තුමා සමහර විට අනාගතයේ දී "ජාතිආල" පොරක් බවට පරිනාමය වීමේ ඉඩකඩක් ද පවතී!

      එතකොට කාටද ආඩම්බර?

      Delete
    3. පැරා රනිලාවාංශික සට්ටැඹියෙක් බවට ක්‍රමානුකූලව රූපාන්තරණය වී ඇත.

      ++++++++++++++++++++++++++++

      2001 දී බුද්ධි අංශය පාවාදීපු කට්ටියට කෙඩ් ගිෙයාත් තමයි රට විනාස කරන්න පුලුවන්.

      Delete
    4. ඔය විදියට බලනවා නම් මීට කලින් මම රෝහණ විජේවීරගේ හා වෙනත් අයගේ සට්ටැඹියෙකු වී සිටියෙමි. දැන් සමහරු අනුර කුමාරගේ හෝ ප්‍රේමකුමාරගේ හෝ සට්ටැඹි වී සිටිති. සට්ටැඹිකම ඔය කාට කළත් වෙනසක් නැත. ඔය ඔක්කොම එක වල්ලේ පොල් ය.

      Delete
  3. 1. අපගේ අපනයනවලින් 30%ක් යොමු වන යුරෝපා ඒකීය වෙළඳපොළෙහි අනාගතය අපට ඉතා වැදගත් ය.
    2. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ නරක ආදීනව වඩාත් වැඩි ය. හේතුව ලංකාවේ අපනයනවලින් 45%ක් සිදු වන්නේ යුරෝපා සංගමයට වීමයි.
    ඇයි මේ ප්‍රතිශත දෙකක්?

    ReplyDelete
    Replies
    1. එය පරිවර්තන දෝෂයක්. නිවැරදි කළා.ස්තුතියි.

      Delete
  4. Ranil talks BS
    UK free yourself.

    ReplyDelete
  5. ආ දැන් උඹට සමාජවාදෙ අමතකවෙලා වගේ නේද. නැත්තන් රනිල් මාක්ස්වාදියෙක් උනාවද්ද ලඟදි?

    ReplyDelete
  6. මරාට මේක කියවන්න දීලා ප්‍රශ්න අහන්න ඔනේ තේරෙනවද බලන්න.

    ReplyDelete
    Replies
    1. ෙකාලයක් බලාගන සජීවි වැඩසටහනක උත්තර දීලා ෙලා්ක වාර්තාවක් තියලා දීපු ඒෙකක් පත් කරගන්න කෙඩ් ගියපු ඒෙකක්ට ඒෙහම හිතුනැයි හිටං?

      Delete
  7. රනිල්තුමා අනුන්ගේ හොරි කසන්න යන්නේ නැතිව මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තරයක් දුන්නොත් හොඳයි. මොකද, එයාව අගමැති කළේ එක්සත් රාජධානියේ පුරවැසියෝ නොවේ; ලංකාවේ පුරවැසියෝ.

    (1)පොරොන්දු වුණු රැකියා දස ලක්ෂයෙන් මේ වන විට රැකියා කීයක් දී තිබේ ද?

    (2) පොරොන්දු වුණු 'සැමට කාර් එකක්' යන රනිල්ගේ ම සංකල්පය ඉතාමත් කුරිරු ලෙස විනාශ කළේ ඇයි?

    රනිල්, ඔයා එක්සත් රාජධානියේ ඡන්දදායකයන් ගැන නෙවේ වෙහෙසිය යුත්තේ; මේ රටේ ඡන්දදායකයන් ගැන. ඊළඟට එළඹෙන කුමන හෝ මැතිවරණයක දී රජයට විරුද්ධව මා ඡන්දය දෙන්නේ රනිල් කඩ කළ කාර් පොරොන්දුව නිසා ම ය. වෙන අන් කිසිම හේතුවක් නිසාවත් නොවේ.

    ReplyDelete
    Replies
    1. 1. රැකියා දස ලක්ෂයක් යනු රජයේ රැකියා දශ ලක්ෂයක් නොවෙයි!
      රජයේ රැකියා දස ලක්ෂයක් දුන්නොත් දැනට තියෙන බදු තව දහ ගුණයකින් වත් වැඩි කරන්න සිදු වෙනවා ඒකාන්තය. එතකොට වෙන්නේ දැනට රස්සා කරන මිනිස්සුත් පාරට වැටීම ය. රැකියා දස ලක්ෂය ඇති විය යුත්තේ පෞද්ගලික අංශයේ ය. යුරෝපා ධීවර වෙළද පොළ යලි විවෘත වී ඇති අතර එමගින් ඉදිරි කාලය තුල ධීවර අංශයේ වැඩි සේවා නියුක්තියක් බල පොරොත්තු විය හැක. ජී එස් පී සහනය ලැබුනොත් මරාගේ කාලයේ වැසුනු කම්හල් රැසක් නැවත විවෘත වනු ඇත. මෙමගින් රටේ සේවා නියුක්තිය ඉහල යනු ඇත. ඒ කෙසේ වෙතත් රටක ආර්ථික තත්වය යහපත් වෙන විට විවිධ සංවිධානත්මක මෙන්ම අසංවිධිත ක්ෂේත්‍ර වලද වැඩි සේවා නියුක්තියක් ඇති වනු ඇත. රනිල් රැකියා දස ලක්සයක් දී ඇත්දැයි බැලිය යුත්තේ 2015 වසරේ ලංකාවේ රැකියා නියුක්තිය අනාගතයේ ඊලග චන්දයය පවතින වසරේ රැකියා නියුක්තිය සමග සංසන්දනය කිරීමෙනි.

      2. සැමට කාර් එකක් යනු කාර් වල මිල අඩු කිරීම නොව කාර් එකක් ගනීමට හැකි මට්ටමට පුද්ගල ආර්ථිකය දියුනු කිරීමයි. සියලු දෙනාම කාර් නිකන් දුන්නද ඒවාට තෙල් ගහන්නට නඩත්තු කරන්නට වත්කමක් නැත්තන් ඒ කාර් වලින් වැඩක් නැත.මේවා බය්යන්ට ද නොතේරෙනවා නොවේ. නමුත් නොතේරෙන ලෙස ඉන්නේ කුහක කමට ය.

      Delete
    2. ///සැමට කාර් එකක් යනු කාර් වල මිල අඩු කිරීම නොව කාර් එකක් ගනීමට හැකි මට්ටමට පුද්ගල ආර්ථිකය දියුනු කිරීමයි.///

      අඩේ අප්පා.... අද ලෝකයේ දියුණුම ආර්ථිකයන් ඇති රටවල කාර් මිළටත් වඩා ඉහළ මිළක් ඇති මේ ලංකාවේ කාර් එකක් ගැනීමේ මට්ටමට පුද්ගලික ආර්ථිකය දියුණු කරනවා යැයි කියන්නේ ලංකාවේ ඒක පුද්ගලික ආදායම, ලෝකයේ දියුණුම ආර්ථිකයන් ඇති රටවල ඒක පුද්ගලික ආදායමට වඩා වැඩි කිරීම නේ.... එතකොටනේ කාර් එකක් ගන්න පුළුවන් වන්නේ?

      ඇත්තටක ඔහේට පිස්සුද නැත්නම් හැටිද?

      ඇත්ත වශයෙන්ම ලෝකයේ දියුණු ආර්ථිකයන් ඇති රටවල මිළ ගණන්වලටම ලංකාවේ කාර් මිළ කරනවා නම් අද රටේ සෑහෙන දෙනෙක් ඔය කියන ආර්ථික මට්ටම ළඟා කරගෙනයි තියෙන්නේ. ඒ අයට කාර් මිළදී ගැනීමේ ශක්තිය තියනවා. එහෙත් එය ඉතා කුරිරු ලෙස රනිල් ප්‍රමුඛ රජය විසින් අහිමි කර තිබෙනවා.

      නියම කුහකයා ඔහේ.

      Delete
    3. තමුන් කියන්නෙ මහින්දගෙ කාලෙ කාර් නිකන්ම වගේ ගන්න තිබ්බ, රනිල් ඇවිත් ඔක්කොම බදු ගැහුව කියලද? NTB 3% ගැහුවෙ කාගෙ කාලෙද? එතකොට කොහෙද හිටියෙ? දැන් VAT 3% ට බොරුවට අඩනවා ලෝකෙ තියෙන ඔක්කොම බදු මේ අවුරුදෙ ගැහුව වගේ. බදු වැඩි වුන නිසා තමුන්ට මොකක්ද ගන්න බැරි වුන වාහනේ xtrail එකක්ද ගන්නවකො ඊට වඩා ඊට වඩා අඩුයි නේ වෙසල් එකක්.

      Delete
    4. //ඇත්ත වශයෙන්ම ලෝකයේ දියුණු ආර්ථිකයන් ඇති රටවල මිළ ගණන්වලටම ලංකාවේ කාර් මිළ කරනවා නම් අද රටේ සෑහෙන දෙනෙක් ඔය කියන ආර්ථික මට්ටම ළඟා කරගෙනයි තියෙන්නේ. ඒ අයට කාර් මිළදී ගැනීමේ ශක්තිය තියනවා. එහෙත් එය ඉතා කුරිරු ලෙස රනිල් ප්‍රමුඛ රජය විසින් අහිමි කර තිබෙනවා.//
      ලංකාවෙ අවම වැටුප Rs. 10,000 monthly
      ඇමරිකාව 7.25 USD per hour
      එක්සත් රාජධානිය £6.31 hourly minimum wage

      Delete
    5. මුල් වරට කාර් මිළ ජඩ විදියට වැඩි කළේ චන්ද්‍රිකාගේ මුදල් ඇමති සරත් අමුණුගම 2004 බජට් එකෙන්. ඊට පස්සේ පත් වුණු මහින්දගේ ආණ්ඩුවත් ක්‍රමයෙන් කාර් මිළ වැඩි කළා. 2011 දී මාස කිහිපයක කාලයකට මිළ තරමක් අඩු කළා. කොහොම වුණත් ලංකාවේ කාර් ගන්න මිනිස්සුන්ගේ ප්‍රමාණය වැඩි වුණා මිසක් අඩු වුණේ නම් නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කාර් එකක් මිළදී ගැනීම පිණිස ආර්ථික ශක්තිය වැඩි වුණා කියන එක. මෙහෙම විශාල ලෙස කාර් අලෙවිය වැඩි වුණේ ලංකාවේ කාර් මිළ ලෝකයේ දියුණු ආර්ථිකයන් ඇති රටවලට වඩා ඉහළ මිළකට කාර් අලෙවි වන තත්ත්වයක් තුළ. දුරකථන, පරිගණක, රූපවාහිනී, මහන මැෂින්, ගැස් ලිප්, ශීතකරණ, තණකොළ කැපීමේ යන්ත්‍ර වගේම කාර් එක යනු ආර්ථික ශක්තිය වැඩි වුණු පුද්ගලයාගේ අවශ්‍යතාවක්. විශේෂයෙන්ම පොඩු ප්‍රවාහන ක්‍රමය දුර්වලම අඩියක තියන මේ රටේ කාර් එකක් නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා ඉවරයි.

      තමුන්නැහේ කුහකයෙක් නිසා එකවරම X-Trail ගැන තමයි කතා කරන්නේ. මනුස්සයෝ, X-Trail නෙවෙයි, මිනිහෙකුට 1600 CC එන්ජින් ධාරිතාවට අඩු කාර් එකක් ගන්න අවස්ථාව තමයි දැන් රනිල් ප්‍රමුඛ ආණ්ඩුව නැත්තටම නැති කරලා තියෙන්නේ. ලක්ෂ 42 ට තිබුණු Vezel එක ලක්ෂ 72 කරලා දුන්නේ රනිල්.

      Delete
    6. ////ලංකාවෙ අවම වැටුප Rs. 10,000 monthly
      ඇමරිකාව 7.25 USD per hour
      එක්සත් රාජධානිය £6.31 hourly minimum wage///

      මෙතනත් තමුන්නැහේ කුහක කතාවක් කියනවා. කවුද අවම වැටුපක් ලබන්නේ? වෘත්තීය අධ්‍යාපනයක් නොලද කුලී කාරයෝ බව කියන්න ඕන නැහැනේ. රුපියල් 10,000 ක් මාසේකට හම්බ කරනවා කියන්නේ දවසකට රුපියල් 333 යි.... අනේ ඕයි, කුලී වැඩ කරන කෙනෙකුට දවසකට රුපියල් 333 ක් නම් ගෙවන්න තියෙන්නේ තමුන්නැහේ අරන් එනවාකෝ හෙට ඔය ජාතියේ කුලී කාරයන් 10 දෙනෙක්. මම දෙන්නම් ඒ 10 දෙනාට වැඩ. මගේ ගෙදරයි වත්තේයි වැඩ මට තනියෙන් කර ගන්න බැරුව මම ඉන්නේ. කුලීකාරයෙක් ගත්තොත් දැන් 2000 ක් දවසකට ගෙවන්න ඕන.

      ඇමරිකාවේ පැයකට $ 7.25 ක් හම්බ කරන පුද්ගලයාට වුණත් X-Trail ගන්න බැහැනේ. තමුන්නැහේ වගේ අය කාර් මිළ ගැන කතා වෙන කොට එකපාරටම X-Trail එක තමයි ඉස්සරහට දාන්නේ ප්‍රශ්නයෙන් පැනලා යන්න. මනුස්සයෝ අද කොම්පැනි පඩිකාරයෙකුටත් අමාරුයි පාවිච්චි කරපු Nissan Sunny එකක් වුණත් ගන්න රනිල්ගේ ආණ්ඩුවෙන් මිළ ඉහළ දාලා තියන නිසා.

      දැන් එතකොට රනිල්ගේ ආණ්ඩුවේ නිල කාලය ඉවර වෙන කොට ලංකාවේ අවම වැටුප පැයකට $ 7.25 කට වඩා ගොඩාක් වැඩි වෙලා තියෙන්න ඕන. මොකද, එතකොටනේ කාර් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඇයි කරුප්පන් මුදල් ඇමති කිව්වනේ කාර් එකක් ගැනීමේ මට්ටමට පුද්ගලික ආර්ථිකය දියුණු කරනවා කියලා.

      පුද්ගලික ආර්ථිකය ඉහළ දැමීම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ නිල කාලය ඉවර වෙන කොට හාමතෙන් සහ ලෙඩ රෝගවලින් මිනිස්සු නොමැරී හිටියොත් ඇති මේ බදු ගහන විදියට. රජයට බරක් නොදා තමුන්ගේ පාඩුවේ පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගනිමින් හිටපු ජනතාවටත් බරක් දැම්මා බදු ගහලා. දැන් වෙන්නේ මොකද්ද? පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගත්තු අයගෙන් යම් ප්‍රමාණයක් රජයේ රෝහල්වලට යනවා ප්‍රතිකාර ගන්න. මොකද පුද්ගලික රෝහල් රනිල් ප්‍රමුඛ රජය විසින් ජනතාවගෙන් ඈත් කරපු නිසා. ඒකෙන් වෙන්නේ රජයට තවත් බර වැඩි වීමයි. ඉතින් ඔය පුද්ගලික රෝහල්වලට ගහපු බද්දෙන් වැඩක් වෙන්නේ නෑ. ඔන්න මුදල් ඇමතිගේ මොළය!

      Delete
  8. ජනපති මෛත්‍රී හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකි

    රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ අරමුණ නිරෝගීමත් ජාතියකි

    ඒත් හෙම්බිරිස්සාට බෙහෙත් ගත්තොත් වැට් බදුය

    බයි පාස් වලට ගහන වැට් එක නිසා ලෙඩා තියටර් එක ආසන්නයේදී මිය යයි

    ඒ මෛත්‍රීෙගේ බදු ප්‍රතිපත්තියයි

    ඊළග බදු ජාතිය මිනිස්සු වාහන ගැනීම වළකන බදුය.

    මිනිස්සු වාහන ගන්නේ පාරෙ බස් වල කෝච්චියේ වෙලාවට කලාවට පිලිවෙලට යන්න බැරි නිසාය

    ඒකට විසදුම් නොදී බදු ගැහුවාම හරිය කියා මෛත්‍රීට රවී කියා දී ඇත

    දැන් රටේ කසිප්පු නිෂ්පාදනය ඉහල යමින් පවතී

    ඒ අරක්කු බෝතලයට බියර් එකට හෙන ගෙඩි මෙන් බදු ගසා ඇති බැවිනි

    අඩු මිලට වස විස පොවා බෙහෙත් ගන්න එනකොට ඒකටද බදු ගසා මහ පාරේ මිනිස්සු මරාදාන ප්‍රතිපත්තිය යහපාලනය බව දැන් ජනතාව කියයි

    ඒ නිසාය නගරෙන් නගරේ මිනිස්සු මැරෙන්න පෙර පාරට බහින්නේ

    ඉතින් මෛත්‍රී/රනිල් ඔබද පාරට වැටෙන්නට පෙර ඔබේ බදු ක්‍රමට ගැන බුදුවට හිතිය යුතු නොවේද?

    ReplyDelete
  9. ලංකාවේ එකෙක්ට යූකේ වල ජොබක් වත් හොයා ගන්න තියන චාන්ස් එකට කෙළවන රනිල් ගෙ මේ ප්‍රතිපත්තියෙන් ලංකාවට වෙන අලාබයක් මිස සත පහක ලාබයක් නැති උනත්, පිට රට ඉන්න හා යන්න පුළුවන් මිනිස්සු ගැන පැරාට තියන කුහක ඉරිසියාවට මේක සමපාත වෙන නිසා පැරාට මාර චූන්....

    පැරා මේවට කියන්නේ අපිටත් ඕනනම් යන්න පුළුවන් කියලයි. අනේ පැරෝ උබ යූකේ යන්නේ මොනවා කරන්නද බන්...

    කොහොම හරි ජෙප්පන්ට කඩේ ගියත් රනිල්ට ගියත් වෙනසක් නෑ කියල පිළිගත්තු එකම මදැයි ලොකු සමාජවාදියා.....

    ReplyDelete
  10. ජනතා විමුක්ති පෙරමුණ හා සැබෑ සමාජවාදයක් අතර සම්බන්ධයක් මට නම් නො පෙනේ.

    අනෙක, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් වූ විට ලංකාවට ඇති වන ලාභය ගැන ඔබ කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.

    පිටරට ගොස් ඒ සමාජය සමග බද්ධ වීමට බැරිව, ලංකාව දෙස බලාගෙන හූල්ල හූල්ලා ඉන්න අසරණයන් ගැන මට නම් ඇත්තේ අනුකම්පාවක් පමණි.

    ඔවුන්ගේ ඊළඟ පරම්පරාව ලංකාව අතහැර ඒ රටවල පුරවැසියන් වනතුරු මේ ප්‍ර‍ශ්නය ඉතුරු වී පවතී.

    ReplyDelete
  11. EU referendum: BBC forecasts UK vote to leave.

    The UK has voted by a narrow margin to leave the European Union after 43 years in an historic referendum, a BBC forecast suggests.

    http://www.bbc.com/news/uk-politics-36615028


    ඔබට සතුටුද දැන්?

    ===============================

    ReplyDelete
  12. මීළඟට බලාපොරොත්තු වන්න Frexit.

    ප්‍රංශ දේශපාලඥ මරීන් ල පෙන් මැතිණිය 2017 එරට ජනාධිපත්වරණයෙන් ජය ගත හොත් මස 6 ක් ඇතුළත මෙවැනිම වූ ජනමත විචාරණයක් පවත්වා ප්‍රංශය ද යුරෝපීය හවුලෙන් එළියට ගන්න බව කියයි.

    France + Exit = Frexit

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා