ගෝඨා දේශපාලනයට පැමිණීම හෙවත් බණ්ඩාට නගරය පැමිණීම

ගෝඨා දේශපාලනයට එන බවක් කියයි. 

ආරක්ෂක ලේකම් කාලයේත් ඔහු සිටියේ දේශපාලනයේ ම තමා ය.  ඔහු රාජ්‍ය නිලධාරීන්ට උඩින් පමණක් නොව නීතියටත් ඉහළින් සිටියේ ය. 

ඔහුගේ දෑතේ ලේ ගෑවී නැති බව ඔහු කියයි. භෞතිකව ගත් කල එය ඇත්ත ය. ඔහු කිසිදු ඝාතනයකට භෞතිකව සම්බන්ධ වන්නට නැත. 

ඔහු මෙන් ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද වැරදිකරු වන්නේ මේ රටේ ඝාතන සංස්කෘතියක් ඇති කිරීම සම්බන්ධයෙනි. එය නීතිය ඉදිරියේ ඔප්පු කරන්නට බැරිකම නීතියේ ගැටලුවක් මිස යුක්ති ධර්මයේ ගැටලුවක් නො වේ. 

මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් ද තත්වය එයයි. මහින්ද රාජපක්ෂ දැවැන්ත දූෂණ සංස්කෘතියක් නිර්මාණය කළේ ය. 

රාජ්‍ය ත්‍ර‍ස්තවාදය ද ඇතුළුව ත්‍ර‍ස්තවාදය හා රාජ්‍ය මට්ටමෙන් මහජන දේපල අපහරණය කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස විග්‍ර‍හ කරන නීතියක් මානවයා විසින් සංවර්ධනය කර ගත යුතු ය. 

එය කිරීමට බැරිකමක් නැත. හෙරොයින් විකිණීම හා හොර සල්ලි අච්චු ගැසීම / පරිහරණය වැනි ක්‍රියා සම්බන්ධයෙන් එසේ කර තිබේ. 

ගෝඨා වැනි බලයෙන් අන්ධ වී කටයුතු කළ දේශපාලකයකු මහජන නියෝජිත සභා දේශපාලනයට එන එක හොඳ ය. එය එක්තරා අන්දමින් ඔහු පුනරුත්ථාපනය වීමට ඉවහල් වනු ඇත. 

සරත් ෆොන්සේකා මිලිටරි මානසිකත්වයෙන් බොහෝ දුරට ගැලවී ප්‍ර‍ජාතාන්ත්‍රික දේශපාලනයට අනුගත වූ පරිද්දෙන් ගෝඨාට ද වෙනස් වන්නට හැකියාව තිබේ.  

ඝාතන හා දූෂණ සංස්කෘතිය සම්බන්ධයෙන් ඔවුන්ගේ වගවීම ඇති කරන්නට වර්තමාන ආණ්ඩුවට උවමනාවක් හෝ හැකියාවක් නැති එකේ කපන්න බැරි අත ඉඹ ගත්තා ම අපට මොක ද? 

හැබැයි, කවුරු අමතක කළත්, අපි නම් ඒ ඉතිහාසය අමතක නො කරන්නෙමු. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අපේ කමට පන පොවනා පණ ඇති මිනිහෙක් :D

    ReplyDelete
    Replies
    1. අපේ කම කිව්වෙ උද්ධච්ඡකම, බියගුළුකම, හීනමානය, බළය අසීමාන්තිකව අව භාවිතය, දූෂණය වැනි නුගුණාංගයන් වෙන්නැති, නේද

      Delete
  2. හා මචං

    ReplyDelete
  3. http://ranrandil.blogspot.com/2016/06/419.html

    පෝද්දල ජයන්තගෙන් ඇහුව නං කියයි.....

    ReplyDelete
  4. ලංකාවෙ දේශපාලකයන්ගේ සංඛ්‍යාවනම් අඩුවෙන්නේ නෑ. එන්න එන්න වැඩිවෙනවා

    ReplyDelete
  5. Do not forget that you are still breathing because of this man.

    ReplyDelete
    Replies
    1. It's upto you if you feel so but I'm not. I am not a fan of Gota or HIS war.

      Delete
    2. but you are mr A. you are a fan of SF. so there is some unbalance with that statement of yours. if SF joins SLAF your viewpoint and above statement wii be difference, so you are a SLAF HATER and JVP + UNP supporter. am i correct?

      Delete
    3. Gota too need to spend some time in prison, like SF, until he comes to his senses.

      Delete
  6. මේ රටේ ඉන්න ඔක්කෝම එකයි නේ.... ඔක්කෝම ඔය පැරා කියපු චෝදනාවන් තියෙන උන්... කොටින්ම දැන් ඉන්න ජනපතිටත් අගමැතිටත් තියෙනවා...

    හැබයි ඝෝඨා කියන්නේ අති විශිෂ්ඨ චරිතයක්... නොම්මර එකේ පරිපාලකයෙක්.. සුපිරි කළමණාකරුවෙක්.. ඒකෙන් ප්‍රයෝජනයක් නොගන්නා එක නම් අමු ගොන් කමක්... බැසිල්ට අදාලව නම් ඔය කතාව වෙනස්...

    ReplyDelete
    Replies
    1. ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා.

      Delete
    2. තවත් එකක් නම් හමුදා පිරිස් සහ සම්පත් යොදාගෙන සහ විරුද්ධ වන්නන් අතුරුදහන් කරමින් විශ්වවිද්‍යාල සහ අනිකුත් උසස් අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් රට පුරා ඇතිකලා නම්, විශාල වාරිමාර්ග ක්‍රම කලා නම්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වංපෝශිත කලා නම් ඔහුට රට ගැන දර්ශණයක් තිබූ කෙනෙක් කියන්න තිබුණා.

      Delete
    3. ඉයන් කියන "යටිතල පහසුකම්" සහිත පරිසරයන් මින් පෙර යුගවලත් තිබුනා... හැබයි ඒ දවස්වලවත් මේ වගේ චරිතයක් මතු උනේ නෑ... බලය තිබුනට වැඩක් නෑ මිනිස්සු ක්‍රියේටිව් නැත්නම්.. ක්‍රියේටිව් වෙලා වැඩක් නෑ බලය නැත්නම්...

      ඉතින් ලංකාවේ මේ දෙකම තිබුන මිනිස්සු දෙන්නේක් තුන් දෙනෙක් උන්නා... ලලිත් ඇතුලත්මුදලි, ප්‍රේමදාස සහ ඝෝඨාභය... මොවුන්ගෙන් ඉන්නේ ඝෝඨා විතරයි.. ඉයන කියන දේවල් උනත් ඔහුට දුන්නා නම්.. ඒ දේවලුත් ඔහු සුපිරියටම කරයි...

      Delete
    4. තමන්ට අසීමිත බලයක් තියාගෙන ඉන්නකොට මිනිහෙක් කරන වැඩ වලින් ඔවුන් 'අති විසිශ්ට' පොරවල් වෙන්නෙ නෑ.. අනෙක ලබාගත්ත ගෞරවයක් පවා හෝදන්න කරවපු අපරාධ ඇති...
      මිනිහෙක් පොරක්ද නැත්ද හන්න තීරනය වෙන්නේ තමන් බලයෙන් දුර්වලම අවස්තාවේ ප්‍රැශ්නවලට මූනදෙන විදිහෙන්... දැන් තෙල් බලෙන් රටවල් දිව්‍යලෝක වගේ හදාගෙන ඉන්න මැදපෙරදිග ඒකාධිපති සුල්තාන්වරු විසිශ්ට පොරවල් කියා නොසලකන ලොකය නෙල්සන් මැඩෙලා, මාටින් ලූතර් වගේ මිනිස්සු විසිශ්ටයින් කියල සලකනව

      Delete
    5. පොරත්වයත් සාපේක්ෂයි... දෙමළ මිනිස්සුන්ට ප්‍රභාකරන පොරක්... අනෙක් උන්ට ටෙරෙක්....

      Delete
  7. හැබැයි, කවුරු අමතක කළත්, අපි නම් ඒ ඉතිහාසය අමතක නො කරන්නෙමු.
    +++++++++++++

    ReplyDelete
  8. රටකට වඩා උචිත වන්නේ ප්‍රබල පුද්ගලයන්ට වඩා ප්‍රබල අායතක ගොඩනැගීමයි.
    උදාහරණයක් හැටියට දෙමළ ජාතිවාදය පැරදවීම ලංකා රාජ්‍යයේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් ඒ සඳහා සමාජ විද්‍යාඥයින්, මනෝ විද්‍යාඥයින් ආදීන්ගෙන් සමන්විත CIA වැනි ආයතනයක් සාදා දේශපාලන ඇඟිලි ගැසීම් වලින් නොරව ක්‍රියාත්මක කල යුතුයි.
    එවැනි ආයතන නොමැති නිසා අපට පණ ඇති මිනිසුන් මත යැපෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය, දෙමළ හින්ගල කියලා කැටගරයිස් කරන්න එපා... කරන්න ඕන හැම එකාගෙම ජාතිවාදෙට තිත තියන එකයි....

      Delete
    2. ජගත් පතිරණ මහතා සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි. විශේෂයෙන් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, වාරිමාර්ග, රැකියා උත්පාදනය, දුප්පත් කම නැතිකිරීම ආදිය සිදුවිය යුත්තේ බලතල සහිත ඒවගේම වගකීම් සහ ටාගට් සහිත දේශපාලනය බලපෑම් කල නොහැකි ආයතන වලින්. එසේ නොවුන කොට කාලයෙන් කාලයට එම ක්ශේත්‍ර වල දියුණුව වෙනස් වෙනවා. ඒවගේම උසස් අධ්‍යාපනයේ සිදුවෙනවා වගේ ඒවාට සම්බන්ධ පුද්ගලයින් දේශපාලන අතකොළු වෙලා ඒවායේ දියුණුව කඩා කප්පල් කරන්නවා.

      Delete
  9. //මෙච්චරයි. ආයෙ මෝඩ ජෝක් එකක් දැම්මොත් කපනවා. ///

    නොදකින්. තමන්ගේ ගෝලයාට මේ විධියට කියන ගුරෙක් දැක්කමයි. අනෙක ගොන් ජෝක් මකනවානම් මේ බ්ලොග් එකම මකන්න ඕන.

    ReplyDelete
  10. 88/89 යුගයේ මිනීමරු සංස්කෘතිය/සංස්කෘතීන් නිර්මාණය කිරීමට දායක වූ අය ව ත්, ඔය වගේ ම මතක තියා ගෙන ද දන්නෙ නෑ ඉන්නෙ?

    ReplyDelete
  11. //නීතිය ඉදිරියේ ඔප්පු කරන්නට බැරිකම නීතියේ ගැටලුවක් මිස යුක්ති ධර්මයේ ගැටලුවක් නො වේ//

    "මේ බ්ලොගය ලියන පැරකුම් මහතා වංචාචාකාරයෙකි, මංකොල්ලකාරයෙකි, බාල අපරාධකරුවෙකි, මිනිමරුවෙකි"

    එයා එහෙම කෙනෙක් නෙවේ බොරු කියන්න එපා කෝ සාක්ෂි ? ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තේ ?

    පැරකුම්ට විරුද්ධ චෝදනා නීතිය ඉදිරියේ ඔප්පු කරන්නට බැරිකම නීතියේ ගැටලුවක් මිස යුක්ති ධර්මයේ ගැටලුවක් නොවේ. කිසිම සාක්ෂියක් නැති නමුත් අහිංසක ලීලාවෙන් ඉන්න පැරා හොරෙක් ම තමා. අපි දිගටම පැරාට මඩ ගහමු. සාක්ෂි නැතිකම ඔහුගේ නිර්දෝෂී බවට සීයට සීයක සහතිකයක් නොවුනත් අඩුම ගානෙ සැකයේ වාසිය වත් පැරාට නොදෙමු. දිගටම මඩ ගහමු.

    ReplyDelete
  12. අහෝ ශ්‍රිලනිපය.........සිරා මරුද.... මරු සිරාද...

    ReplyDelete
  13. ඉයන්June 7, 2016 at 12:28 PM
    ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා.Iyange me comment ekata thamayi mama wadathma ekanga wenne.Mathalan Gotabaya gana darana mathaya matanam maha pudumayak!Prahelikawak!

    ReplyDelete
  14. ඉයන්June 7, 2016 at 12:28 PM
    ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා.Iyange me comment ekata thamayi mama wadathma ekanga wenne.Mathalan Gotabaya gana darana mathaya matanam maha pudumayak!Prahelikawak!

    ReplyDelete
  15. ඉයන්June 7, 2016 at 12:28 PM

    ඉයන් ඔය කියන දේවල්ම, චන්ද්‍රිකා ජනාධිපතිනියගේ මාමා වෙච්ච හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමති අනුරුද්ධ රත්වත්තේටත් තිබ්බ නේද ?. ඒවගේම ජේ.ආර්. යුද්ධේ ඉවර කරන්න කියල උතුරට යවපු ජෙනරාල් වීරතුංගටත් ඔය වගේම බලතල තිබ්බ නේද

    ReplyDelete
  16. ටිකක් Anonymous comments වැඩි වෙයි එච්චරයි...!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා