දෙමුකො බලන්න මහ බැංකුව පිළිබඳ මේ ප්‍රශ්නවලට උත්තර

රනිල් වික්‍රමසිංහ යනු ධනේශ්වර නායකයන් අතරින් පුළුල් දැක්මක් ඇති අයෙකු ලෙස අපි හඳුනාගෙන ඇත්තෙමු. ඔහු කලක සිට මේ රට සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යෝජනා කරමින් සිටියි. එය සීයට සීයක් පිළි නො ගන්නා මුත්, අපි ඔහුට ඒ වෙනුවෙන් අවස්ථාවක් ලබා දුන්නෙමු. හේතුව, වමේ හෝ දකුණේ හෝ මැද මාවතේ හෝ අන් කිසිවෙකුට ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි යෝජනාවක් නැති වීමයි. තියෙනවා නම් කියන්න.

එසේ ම, අපි ඔහුට ඒ වෙනුවෙන් සහයෝගය ද ලබා දුන්නෙමු. තවමත් ඒ සහයෝගය ඉවත් කරගෙන ද නැත. මේ කියන්නේ මගේ පෞද්ගලික මතයකට වඩා පොදු පුරවැසි ව්‍යාපාරයේ අදහසයි.


සමන් නන්දලාල් විසින් ෆේස්බුක්හි මතු කර තිබෙන මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ වගකීමක් විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට තිබේ.

1. අවුරුදු 30ට ආසන්න සේවාකාලයක් ඇති නියෝජ්‍ය අධිපතිවරුන් 4 දෙනෙක් සිටිය දි (ඔවුන්ගෙන් 3 දෙනෙකුට පීඑච්ඩී තිබුනි) රනිල් ලංකාවේ මහ බැංකුවේ අවුරුදු කිපයක් සේවය කළ විදේශිකයෙකුට මේ රටේ මහ බැංකු අධිපතිකම දුන්නේ ඇයි?

2. මුදල් අමාත්‍යංශය යටතේ තිබිය යුතු මහ බැංකුව අග්‍රාමාත්‍යවරයා තමන් යටතට ගත්තේ ඇයි?

3. වර්තමාන මහ බැංකු අධිපතිගේ බෑනාට අයත් සමාගමක් ඍජුව ම බැදුම්කර මිල දි ගැනීම සදාචාර සම්පන්නද?

4. බැදුම්කර ගනුදෙනුවේ දි මහ බැංකු අධිපති මාමා, බිස්නස්කාර බෑනාට තොරතුරු ලබා නොදුන්නේ යයි පිලිගත හැකි ද?

5. ඒ අනුව මෙහි ඉන්සයිඩර් ට්‍රෙඩිං වර්ගයේ අක්‍රමිකතාවක් සිදුව නැතැයි සහතික විය හැකි ද?

6. ඇත්තටම ශ්‍රෙෂ්ඨාධිකරණය නඩු නො අසාම මහ බැංකු අධිපති නිදොස් කොට නිදහස් කළා ද?

7. අර්ජුන් මහේන්ද්‍රන් පසුගිය වසර එකහමාරක කාලය තුළ පෙන්වා ඇති ප්‍රගතිය කුමක්ද?

8. ඔහු මහබැංකුවේ මුදල් නාස්ති කරමින් රිසි සේ සවාරි ගසන බව වාර්තාවෙයි. එසේ නම් ඒ නාස්ති වන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට බෙහෙත්, රෝහල්වලට උපකරණ යනාදියට වෙන් කළ හැකි මුදල් ය. එසේනම් එවැනි නාස්තිකාරයකු රාජ්‍ය සේවයේ තවදුරටත් තබා ගන්නේ ඇයි?

9. හදිසියේවත් අර්ජුන් මහේන්ද්‍රන් මළා නම් රනිල් මහ බැංකු අදිපතිකම හිස්ව තබනවා ද?

10 මේ රටේ වඩා බලසම්පන්න පුද්ගලයා අගමැති ද? ජනාධිපතිද?


11. සාමාන්‍ය මහජන මතයට හිස නොනමන අගමැතිගේ උද්ධච්ඡ කමට පිලියම් කල යුත්තේ කෙලෙසින් ද?


12. මහ බැංකුවේ අධිපති දූෂකයකු යයි චෝදනා එල්ල වෙයි. ඔහු තමා යටතේ ඇති ආයතනයක ප්‍රධානියා ලෙස තබා ගන්නේ ඒ දූෂණවලින් උපයන මුදල්වලින් තමාටත් පංගුව ලැබෙන නිසා ද?

කපා හැර ඇති ප්‍රශ්නවලට අප මේ මොහොතේ එකඟ වන්නේ නැත. එහෙත් එම ප්‍රශ්න මතු කිරීමට සමන් නන්දලාල්ට ඇති අයිතිය වෙනුවෙන් ඒවා කියවිය හැකි පරිදි තබා තිබේ.

රතු අකුරෙන් දක්වා තිබෙන්නේ අපට ඉතා වැදගත් ප්‍රශ්නයකි. මහ බැංකුව කරමින් සිටින ප්‍රධාන කාර්යය වන්නේ ණය ගත හැකි හැම තැනින් ම ණය ගැනීමයි. ඒ හැරෙන්නට මහේක්ෂ ආර්ථිකය හැසිරවීමේ සැලකිය යුතු දක්ෂකමක් අපට නම් පෙනෙන්නේ නැත. මහ බැංකුව සියල්ලට වග කිව යුතු යයි අපි නො කියමු. ආර්ථික ප්‍රතිපත්ති සමපාදකයන්ගේ වගකීම් අර්ජුන් මහේන්ද්‍රන් පිට තබා කැපිය නො හැකි ය. ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අසමත් වීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටයි. 

අර්ජුන් මහේන්ද්‍ර‍න්ගේ සුදුසුකම් හෝ ඔහු විදේශ පුරවැසියකු වීම හෝ දෙමළ ජාතිකයකු වීම හෝ අපට ගැටලු වී නැති බව ද මෙහි විශේෂයෙන් සඳහන් කළ යුතු ය. අර්ජුන් මහේන්ද්‍ර‍න් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු වූ බව හෝ ඔහු සම්බන්ධයෙන් තිබෙන ආචාරධාර්මික ගැටලු සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් කර ඇති බව හෝ අපි පිළි නො ගනිමු. ගැටලුව ඇත්තේ එතැනයි. මෙම තනතුරෙහි මීට පෙර සිටි පුද්ගලයා සම්බන්ධයෙන් ද ගැටලු ඇත. ඔහු රාජපක්ෂ රූකඩයකු වූ පරිද්දෙන් ම මොහු වික්‍ර‍මසිංහ රූකඩයකු විය හැකි ය. එහෙත්, මහ බැංකුව යනු රාජපක්ෂගේ හෝ වික්‍ර‍මසිංහගේ බූදලයක් නො වේ. 

මහින්දගේ රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ නැගී සිටිමින් ආණ්ඩුව වෙනස් කිරීමට ප්‍රධාන වශයෙන් උර දුන්නේ එක්සත් ජාතික පක්ෂයටත් වඩා පුරවැසි බලවේගයි. ඒ කාලයේ අර්ජුන් මහේන්ද්‍රන්ලා ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. රනිල්ට පුරවැසි ව්‍යාපාරය වෙනුවට තමන්ගේ ගජමිතුරා තෝරා ගන්නට පුළුවන. එහෙත්, ඒ සමග ම ඔහුගේ ගමනක අවසානය අවසාන වශයෙන් තීන්දු වන්නට පවා ඉඩ ඇති බව ඔහුගේ අන්තේවාසිකයෝ ඔහුට පහදා දිය යුතු ය.

අපට අර්ජුන් මහේන්ද්‍ර‍න් වැදගත් නැත. එහෙත්, ආණ්ඩුව වැදගත් ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා සමඟ 100% ක් එකඟයි. අර්ජුන් පිළිබඳව දැනට රටේ ඇති කතිකාවත පැහැදිලි මඟකට ගැනීමක් ලෙස මේ ලිපිය හඳුන්වන්න පුළුවන්.

    ReplyDelete
  2. ඉන්සයිඩර් ට්‍රෙඩිං කියන්නේ හිරේ යන වරදක්.
    අනික රාජ්‍ය මුදල් අපහරණය!

    ReplyDelete
    Replies
    1. /ඉන්සයිඩර් ට්‍රෙඩිං කියන්නේ හිරේ යන වරදක්./
      ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ

      Delete
  3. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ලෝවැඩ සඟරාවෙත් නැති අර්ජුන්.....
    යහපාලන කිරි කලයේ පළමු ගොම තලිය අර්ජුන්.....
    සුපිරිසිදු මහත්මා දේශපාලනයේ (කණ)කොකා, රනිල් ලොක්කාගේ (කළු)සුද පෙන්වූ අර්ජුන්.....
    තව සැරයක් බෑනට සල්ලි දෙයිද අර්ජුන්?

    ReplyDelete
  4. මහ බැංකු අධිපතිව සුද්ද කරන්න ඕන නෑ, ඒත් මෙතන insider dealing එකක් වෙලා නම් ඒ ගැන මේ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වෙච්ච අනික් සමාගම් චෝදනා කරන්න ඕන. ඇයි ඒ ගැන ඒ සමාගම් නිහඬ? අනික ඒ මෙතන සෘජුව බැඳුම්කර වික්කා කියලා කියන්න බෑනේ මොකද ටෙන්ඩර් කරලා බැඳුම්කර විකුණද්දී ලියාපදිංචි ප්‍රාථමික අලෙවිකරුවන්ට තමයි ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉදිරිපත් වෙච්ච එක සමාගමක් තමයි ඔය කියන ආයතනය. ඒකට ඒ සමාගමට නීතියෙන් අවසරයක් තියෙනවා. අනික ආරංචි වෙන විදිහට ඔය බෑණා ඔය කියන ගනුදෙනුව වෙන වෙලාවේ සමාගමේ අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි. කොටස් කරුවෙකුත් නෙවෙයිලු. එහෙම නම් නීතිය ඉදිරියේ මෙයා කොහොමද සම්බන්ධිත පාර්ශවයක් වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේවා සම්බන්ධයෙන් ආරංචි හරි යන්නෙ නැහැ. විමර්ශනයකින් නිශ්චිත ඇත්ත තහවුරු කර ගන්න ඕනැ.

      Delete
    2. "අනෙක් සමා‍ගම් චෝදනා කරනන ඕන"
      හික් හික්.....

      Delete
    3. රාජ්, insider dealing එකකදි පාඩු වෙන්නේ තවත් ලංසු කරුවෙකුට. එතකොට මුලින්ම චෝදනාව එන්න ඕනේ අනෙකුත් ලංසු කරුවන්ගෙන්. ඒක සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය දන්න ඕනම කෙනෙක් දන්නවා. මේ වගේ දෙයක් විග්‍රහ කරද්දි සම්බන්ධිත පාර්ශව පිළිබඳ ගිණුම් ප්‍රමිති ප්‍රතිපාදන හා සම්බන්ධිත පාර්ශව පිළිබඳ විගණන ප්‍රමිති ප්‍රතිපාදනත් බලන්න වෙනවා. අදාළ බෑණා මේ ගනුදෙනුව වෙන වෙලාවේ සමාගමේ කොටස් කරුවෙක් වුනේ නැත්නම් එයා අධිපතිගේ ගෙදර නෙවේ ඇඳ යට හිටියත් කරන්න දෙයක් නෑ.

      Delete
  5. ලංකාවේ ඇරිස්ටක්‍රට්ස්ල, විශේෂයෙන්ම පරණ ඩයල් අතර කතාවක් තියෙනවා හැමෝම දන්න. නිදහස් අධ්‍යාපනය නිසා ගහක පොල් ගෙඩියක්වත් කඩා ගන්න එකෙක් නැති උනා කියල. රනිල් නියෝජනය කරන්නේ ඒ ඇරිස්ටරක්රසි ලෙවල් එක. එයාගේ අරජුන් යාලුවත් එහෙමයි.

    සමන් නන්දලාල් (නමෙන්ම පෙනෙන හැටියට) කියන්නෙත් අර පොල් කඩන සමාජ පන්තියේ පොරක් නිදහස් අධ්‍යාපනය නිසා මොන හරි කට ගාගෙන දැන් රනිල්ලටත් දැනමුතුකම් දෙන්න යන එකෙක්. අජිත් පැරකුම්ට අඩු ගන්නේ වාසගමක් හරි තියෙනවා. (මම මේ කියන්නේ මගේ ආකල්ප නෙවෙයි. අර ඇරිස්ටක්‍රට්ස්ල, තොපි වගේ උන් දිහා බලන විදිය. මේ ලියන මම දිහත් එච්චරයි)

    රනිල්ලා මුන් කියාද දේවල් සුලු පරිමාන පඩයක් තරම්වත් අහනවද කියන එකයි ප්‍රශ්නය. මොකද රනිල්ලාට අර පොල් කඩන ලෙවල් එකේ උන් ඕන වෙන්නේ චන්දයක් දිනන්න විතරයි. එතනින් එහාට වෙන්නේ උන්ගේ සමාජ පන්තිය අතර රට බෙදා ගන්න එක. අද රටේ තීරණ ගන්නේ රනිල් වටේ ඉන්න පොරගේ ඇරිස්ටක්‍රට් යාලුවෝ ටික - රවී මලික් වගේ.

    පොල් කඩන ලෙවෙල් එකේ දේශපාලන බුද්දියක් නැති උන් මොනා කරත් රනිල්ලව ගොඩ දන බව උන් දන්නවා. ඒ හුකන්නිලට ඕන තමන්ගේ පක්ෂය බලයේ ඉන්නවා දකින්න විතරයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් එයාගෙ ඇරිස්ටක්‍රැට්ස්ලා නිසා නෙමෙයි එයා බලයට පත් වුණේ. ඒ විතරක් නෙමෙයි, එයාට 2003 ගෙදර යන්න පාර පෙන්නුවෙත් ඔය ඇරිස්ටක්‍රැට්ස්ලා තමයි. මෙදා පාර ගියොත් ගියා ම තමයි. නැවත ඒමක් නැති වෙයි.

      අනෙක ඔය ලොකුවට හිතාගෙන ඉන්න ක්ලාස් එක මොන හිඟන්නො ද? ඕකුන්ට පුළුවන් ද ඉන්දියාවෙ ධනපති පංතියෙ අහලින්වත් යන්න. බයිං ඇන් සෙලිං ඇරෙන්න ඕකුන් කරලා තියෙන නිෂ්පාදනය මොකක් ද? පොල් කඩන පංතියෙන් ආපු ප්‍රේමදාසගේ පිහිටෙන් දාගත්ත ගාමන්ට් ෆැක්ටරි ටික නැතිනම් ඕකුන්ට දැන් තමන්ගෙ පොල් තමන්ම කඩා ගන්න එක තමයි කරන්න වෙන්නෙ.

      Delete
    2. පැරාගේ මේ කතාව ඇත්ත. මේ ගැන හොඳට විස්තර කරලා තියනවා කුමාරි ජයවර්ධනගේ From Nobodies To Somebodies කියන පොතේ.

      Delete
  6. විශාල ප්‍රමාණයේ බැඳුම්කර වංචා 'බැඳුම්කර රජා' යයි විරුදාවලිය ලත් 'අජිත්' හරහා නිවාර්ඩ් කබ්‍රාල් අවුරුදු 10 ක් ටෙන්ඩර් නැතුවම බැඳුම්කර නිකුත් කර ඉන්පසුව පොලී අනුපාත වෙනස් කිරීමෙන් බැඳුම්කර වල වටිනාකම එහෙ මෙහෙ කර ගසා කෑමට එජාපෙ ඇතුළු හැමෝම විරුද්ධ වුණා.

    හොරෙන් නැතුව විනිවිද බාවය සඳහා කියලා ටෙන්ඩර් හරහා ගන්න එක හොඳ වුණත් ටෙන්ඩ ප්‍රමාණයට වඩා ගැනීම ටෙන්ඩර් නැතුව ගැණීමට සමානයි. එම නිසා ටෙන්ඩර් කල ප්‍රමාණයට පමණක් බැඳුම්කර නිකුත් කිරීමට නියෝගයක් ගෝ නීතියක් අවශ්‍යයි. කෙසේ වෙතත් යහපාලනය පතන්නන්ගේ විශ්වාශය නැතිවී සිටින අධිපතිවරයා ගේ කාලය නැවත දික් නොකල යුතුයි.

    ReplyDelete
  7. අර්ජුන් හොඳද නරකද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්ණය, අර්ජුන් යනු නුසුදුස්සෙකුය යන ජනතා හැඟීම (හා එම හැඟීම ඇතිවීමට ඔහු විසින් කොට ඇති දෑ) අනුව ඔහු මෙවැනි භාරදූර වගකීමකට නුසුදුස්සෙකු වීම. එමන්ම තවත් සුදුස්සන් ඕනෑ තරම් සිටීම.

    ReplyDelete
  8. අර ඒකාබද්ධ විපක්‍ෂයේ සෙට් එක කිව්වේ රවීට එරෙහි විශ්වාසභංගය ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන් ගැන ලිට්මස් පරීක්ෂාවක් කියලා.මේ මහා බැංකු අධිපතිවරයා ගැන ආණ්ඩුව ඉදිරියට ගන්න තීරණයත් ඒ වගේ පරික්ෂාවක් වෙන්න ඕනේ.එක පුද්ගලයෙක් නිසා ආණ්ඩුව බිල්ලට දෙනවද,නැද්ද කියන එක රනිල් තීරණය කරන්න ඕනේ.ජනතා විරෝධයන් ඉතිරියේ නම්‍යශිලිව කටයුතු කරන්න පුළුවන් ආණ්ඩුවක් මේ ප්‍රශ්නයේදී කටයුතු කරන විදිය බලලා ගොනා හැරෙන්නේ මොකටද කියලා බලාගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  9. එකෙන්ම එකඟයි....

    අපේ ගෙවල් ගාව මිනිස්සුන්ගේ සල්ලි අරගෙන පොලියට දෙන සීලවතී අක්කට දුන්නත් ඕකමයි කරන්නේ. සමහර විට ඔයිට වඩා හොඳ වෙන්නත් පුළුවන්...

    අමතක උනා... එයාට ඉන්ගිරිසිත් පුළුවන්..

    ReplyDelete
  10. සියල්ලට එකඟයි...
    මට හිතෙන විදිහට අංක 09 ටත් යම් වලංගු භාවයක් තියෙනවා, ඒ කියන්නේ "දෙන්න එකෙක් නැතිම කමටද අර්ජුන් ට ඒ තනතුර දුන්නේ" කියන ප්‍රශ්නය එතන ව්‍යංගාර්ථයෙන් කියවෙනවා...

    ReplyDelete
  11. මා දන්නා විදිහට පළවෙනි ප්‍රශ්නයට පිළිතුර නම් රනිල් සහ අර්ජුන දෙන්නාම ඕල්ඩ් රෝයලිස්ට්ලා වීමයි.

    ReplyDelete
  12. අර්ජුන් සහ අර්ජුන ඉවත් කරනු!

    - Dimithry

    ReplyDelete
  13. මෙච්චර දේවල් කියද්දිත් නැසු කන්ව ඉන්න තරම් විලි ලැජ්ජාවක් නැතිකමම ,ඇති මේ මනුස්සයව එලවල දාන්න.

    ReplyDelete
  14. අඩෝ රනිල්, අර්ජුනය අස් නොකොලොත් බලා ගම්මු, අපි තමයි වැඩ කාරයෝ හරිද. අපිට ඔයි ෆයනෑන්ෂල් ඩීල් නොතේරුනාට උඹ අපි කියන එක අහන්නනෝන හරිද, මොකද අපි තමා ගෘහ මූලිකයෝ හරිද, උඹ අපි කියන දේට කීකොරු වෙන්න ඕන තේරුනාද?



    ReplyDelete
    Replies
    1. උඹට කීකොරු වෙන්න බැරිනම්, අඩුගානෙ කීකොරුයි කියල පෙන්නන්වත් ඕන, මොකද අපි උඹට උදව් කොරල තියනවා, උඹත් අපේ නම්බුව රකින විදිහට වැඩ කරන්න ඕන, ඒක ඔප්පු හොඳම විදිහ අර්ජුනයගේ බෙල්ල කපන එක, උබට ඒකට දාන්න වෙන එකෙක් ඇත්තෙම නැත්නම් ගනිංකෝ අර ජයසුන්දරයව, එතකොට අපිටත් හරි චූන් අනේ.

      Delete
    2. ඔය බයිලා කියලා වැඩක් නැහැ. රනිල්වයි අර්ජුනවයි බේර ගන්න ඕනැ නම් මේ තියෙන ගැටලු පැහැදිලි කරන්න. ජනතාව මේවා හරියට දැනගන්න ඕනැ. මේ ගන්න ණය ගෙවන්නේ මහජනතාවයි.

      Delete
  15. මේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව සරල ඉංග්‍රීසියෙන් පැහැදිලි කිරීමක් මෙන්න ---

    The Whenever Show explains bonds. Dodgy bonds.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා