එජාපයේ ගජමිතුරු ධනවාදය හා මහ බැංකු අධිපතිට එරෙහි චෝදනා

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය තුළ හැමදාමත් දක්නට ලැබුණු දුර්ගුණයක් වන ගජමිතුරු ධනවාදය නැවත හිස ඔසවා ඇති බවට සාධක රැසක් තිබේ. 

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මතු වී තිබෙන විවේචන එහි ප්‍රධාන කොටසකි. ඔහු යටතේ 2015 මුල භාගයේ පැවති භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. ඒ පිළිබඳව විමර්ශනය කරන්නට පත් කළ කමිටු ආදිය කෙසේ වෙතත් ඒ ගැන එදා කතා කළ කිසිවෙක් එම පරීක්ෂණ පිළිබඳ විධිමත් අන්දමින් පසු විපරම් කරන බවක් දක්නට නො ලැබේ. 

සැකයට තුඩු දුන් බැඳුම්කර නිකුතුවේදී මහ බැංකු අධිපතිවරයා සිය බෑණාගේ සමාගමට වාසි සිදු වන අන්දමින් කටයුතු කළ බවට බරපතල චෝදනාවක් එල්ල විය.

රටක මහ බැංකු අධිපතිවරයාට මෙවැනි විෂමාචාර චෝදනාවක් එල්ල වීම සිල්ලර වැඩක් නො වේ. එය මුල්‍ය අපරාධ චෝදනාවක් ද වේ. එසේම එය රටේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් කරන චෝදනාවකි. 

එහිදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ මතය වී ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නීත්‍යානුකූලව සිදු වී ඇති බවයි. එසේ වුවත් මෙහි ආචාරධාර්මික ගැටලුවක් තිබේ. එය ප්‍රශ්න කිරීම සාධාරණ ය. මූලිකව ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ලංකාවේ මහ බැංකුව භාර දෙන්නට භාණ්ඩාගාර බැඳුම්කර මිළ දී ගන්නා සමාගමක් සමග සමීප ඥාතිත්වයක් ඇති අයකු හැර වෙන කෙනෙකු ඇත්තේ ම නැද්ද යන්නයි. 

ලංකාවේ ජනතාව ඉදිරියේ සිය අවංකභාවය පෙන්නුම් කිරීමට මෙරට දේශපාලකයන් හා රජයේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ අසමත් වී සිටිති. එවැනි සංදර්භයක් තුළ වතුර කොරහේ වුණත් කිඹුලන් දකින අසුබවාදිත්වයකට ජනතාව තල්ලු වීම ගැන ඔවුන්ට දොස් පැවරිය නො හැකි ය. 

මේ අතර අලුත්ම ප්‍ර‍වෘත්ති පවසන්නේ මහ බැංකු අධිපතිවරයා තමන්ට එරෙහිව ඇති චෝදනා සත්‍ය බවට ඒත්තු යන තවත් විෂමාචාර ක්‍රියාවක යෙදී ඇති බවයි. ඒ පිළිබඳ දූෂණ විරෝධී පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ. 

විවාද සම්පන්න භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවට අදාළ සියළු පරිගණක දත්ත මකා දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව ‘දුෂණ විරෝධී පෙරමුණ' ට දැනගන්නට ලැබි ඇත.

මහ බැංකුවේ ඉහළම නිලධාරියෙකු මෙම දත්ත මකා දැමිම සඳහා සේවකයින් දෙදෙනෙකුට නියෝග ලබා දී ඇති නමුත් ඔවුන් එම නියෝගය ක්‍රියාත්මක කිරීම ප්‍ර‍තිකේෂ්ප කර ඇත.

විවාද සම්පන්න දෙවන බැදුම්කර නිකුතුවේ විස්තර දින 36 ක් යන තුරු ලබා ගැනීමට නොහැකි ලෙස පරිගණක පද්ධතියට අගුලු දමා තිබූණි. කෙසේ නමුත් මෙම තොරතුරු බොහෝමයක් මේ වන විට සිවිල් සමාජ ක්‍රියාකාරීන් අතට පත් වී තිබේ. එයින් එක් වැදගත් තොරතුරක් වන්නේ බැදුම්කර නිකුතුට අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර (පෙ.ව. 10.50) ප්‍රාථමික නියෝජිත ආයතනයක් විසින් ශ්‍රී ලංකාවේ ජාතික අභිලාශයන් ට දැඩි හානි සිදුවන ආකාරයෙන් ලංසුවක් ඉදිරිපත් කිරීමය. රජයේ බැංකුවක් හරහා එම ලංසු තැබීම සිදු කොට ඇත.


භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් වැනි
මහේක්ෂ ආර්ථික කාරණා පිළිබඳව ජනතාව දන්නේ නැත. ඒවා ගමේ සීට්ටු වෙන්දේසි වන ආකාරයට වන්නේ නැත. එහෙත්, මේ වනාහි මහජන මුදල් ය. මෙම චෝදනා සම්බන්ධ නිසි විමර්ශනයක් කිරීම ද වරදක් සිදු වී තිබේ නම් දණ්ඩනය හා වරද නිවරද කිරීම ද සිදු විය යුත්තේ එහෙයිනි. ආණ්ඩුව මෙහිදී කටයුතු කර ඇත්තේ මහජන විශ්වාසය තහවුරු වන ආකාරයෙන් නො වේ. 

වගකිව යුතු දේශපාලන පක්ෂ කළ යුත්තේ කේලාම් කියන එක, කැලෑ පත්තර ගහන එක වැනි දේ නො වේ. වේ. එයින් සිදු වන්නේ දේශපාලනය තවත් හෑල්ලු වීම පමණි. එහෙයින් විමර්ශන හා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැන පසු විපරමක් කිරීමේ වගකීමක් විපක්ෂයට ද තිබේ.

මහ බැංකු අධිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ නො කර ඔහු ඉවත් කළ යුතු ය යන අදහස ඇතැමෙක් ඉදිරිපත් කරති. එසේ ඉවත් කිරීම මහ බැංකුවේ විෂමාචාරයක් සිදු වී ඇති බව අනියමින් පිළි ගැනීමකි. එය ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වීමෙන් රටේ ආර්ථිකයට බලපෑමක් සිදු වුණත්, දැන් පවතින තත්වය තුළ යහපාලනයේ නාමයෙන් හෝ ඔහු ඉවත් කළ යුතුව තිබේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සපෝට් ඕන් පැරා ඕක රනිල්ගෙ ලොකුම වීක් පොයින්ට් එක.මිස්ටර් ක්ලීන් කිව්වට වටේ ඉන්න ගජ මිතුරන්ට කන්න දීල බලා ඉන්නව. හැමදාම ඇන ගත්තෙ ඔතනින්.අනික තමා මෙලෝ හැකියාවක් නැති සාගල අකිල රුවන් වගේ උන්ට තියෙන වැදගත්ම මිනිස්ට්‍රි ටික දීපු එක.උන්ට තියෙන එකම සුදුසුකම රනිල්ට තියෙන සමීප සම්බන්ධය විතරයි.ඇත්තටම රනිල් වටේ ඉන්නේ රියල් වැඩ බැරි දාසල ටිකක්.ඒක නිසා තමයී රනිල්ගේ හැම සැලසුමක්ම හැමදාම ප්ලෑන් එකක් මිසක් ඇක්ෂන් එකක් නොවී තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. oba hari ranil mahaththayage den kaiya vitharai weda ne

      Delete
  2. ඕකේ බලන්න දෙයක්වත්, කතා දෙකක්වත් නෑ... ඒ යකා පට්ට හොරෙක්... මූ දැන්ම එලෙව්වේ නැත්නම්.. කබ්‍රාල් කියන හොරාට එහා කනවා... මේ වගේ කාළකන්නි නැතිව.. ඔය රස්සාව කරන්න මේ රටේ ඉන්න එක උගතෙක්වත් නැද්ද...

    හොරා කන එක්ස්පර්ට්ලා නැතිව...

    ReplyDelete
  3. යහපාලනය බලාපොරොත්තු වූ ජනතාවගේ දැඩි අපේක්ශාව වූයේ 'විනය' කියන කාරණාවයි.
    නමුත් යහපාලකයන් ගේ නැත්තේ ද මේ විනය යි. ඉදින් රටේ විනයක් කෙසේ ගොඩනඟන්නද?
    රනිල් යටතේ එක්සත් ජාතික පක්ශය පාලනය වූයේ යම්සේද,රටත් එසේම පාලනය වනු ඇති.(සිරිසේන කියන්නෙ නිකන්ම නමක් පමණයි.)
    ජයවේවා..!!

    ReplyDelete
  4. ඇතුලේ ගණුදෙනු වුණා නම්, එවැනි විෂමාචාර හිරේ යන වැරදි.

    කවුරුත් එෆ්සීඅයිඩීයට පැමිණිලි කරලා නැද්ද තාම.

    ReplyDelete
    Replies
    1. FCID එක බාරගන්නෙ රනිල් හාමු authorize කරපු පැමිණිලි විතරයි.

      Delete
  5. ඇතුලේ ගණුදෙනු වුණා නම්, එවැනි විෂමාචාර හිරේ යන වැරදි.

    කවුරුත් එෆ්සීඅයිඩීයට පැමිණිලි කරලා නැද්ද තාම.

    ReplyDelete
  6. ප්‍රසම්පාදන කොමිසමක්(national procurement commission) පත්කොරාට කෝ ? ඒක වැඩ කොරනවා ?පේනේනේ නෑ. තවමත් ටෙන්ඩර් බොහෝවිට යන්නේ පරණ විදියටමයි.

    ReplyDelete
  7. ඇත්තටම මේකත් FCID එකට යන්න ඕන

    ReplyDelete
  8. මොහුට සේවා දිගුවක් දීම අත්හිටුවිය යුතුයි.

    ReplyDelete
  9. //රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මකවු වෙබි අඩවි සඳහා මුදල් ලබා දුන් අය මුදල් ලබා නොදිමෙන් එම වෙඩි අඩවි වලින් බොහොමයක් වැසි ගොස් තිබේ.රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මකවු වෙබි අඩවි සඳහා එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්යේ මන්ත්‍රිවරුන් මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ සිටි මැති ඇමති වරුන් ද මුදල් ලබාදි ඇති අතර ඇතැමි මැති ඇමතිවරුන් සිය හිතවත් ව්‍යපාරිකයින්ලවා ද වෙබි අඩවි සඳහා මුදල් ලබා දීමට කටයුතු කර තිබේ.

    එහෙත් 2015 ජනවාරි8 වෙනිදින පැවති ජණාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්විමෙන් පසු පෙබරවාරි මාසයේ සිට වෙබි අඩවි සඳහා මුදල් ලබාදීම නතර කර ඇත.

    ඇතමි මැති ඇමතිවරුන් හා ඔවුන්ට හිතවත් ව්‍යපාරිකයින් රුපියල් ලක්ෂ 5සිට 10 දක්වා මුදලක් මාසයට එක් වෙබිඅඩවියකට රුපියල් පනස් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදලක් ලබාදී තිබේ.

    මේ ආකාරයෙන් එවකට විපක්ෂයේ සිටි කරු ජයසුරිය මහතා දයා ගමගේ මහතා ද සිය හිතවත් ව්‍යපාරිකයින් හරහා තිස්ස අතිතනායක මහතා රවී කරුණානායක මහතා ද මුදල් ලබා දුන් අය අතර වේ.

    මිට අමතරව ආණ්ඩුපක්ෂයේ සිටි රාජිත සේනාරත්න , මර්වින් සිල්වා යන ඇමතිවරුන් ද තමන් නියෝජනය කරනආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන වෙබි අඩවි සඳහා මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.මේ ලැබාදුන් මුදල් වලින් පවත්වාගෙන ගිය ලංකා ඬේලි වෙබි අඩවිය මුලින්ම වැසි ගිය අතර ඊට අමතරව ලංකා ඉන්ෆෝ ,ම්රර් ගර්ල් ආදි වෙබි අඩවි රාසියක් මෙි වනවිට වැසි ගොස් ඇති අතර අවසානයට වැසිගොස් ඇත්තේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ලේකම් සේනක ද සිල්වා මහතාගේ මුල්‍ය ආධාරයෙන් පවත්වා ගෙන ගිය ද ඉන්ඩිපෙන්ඩියන් වෙබි අඩවියි.//


    ඊළඟට W3 lanka ?

    ReplyDelete
    Replies
    1. මෙම වෙබ් අඩවියට මුදල් දෙන පුද්ගලයා එවැනි අයෙක් නො වේ. එබැවින් මෙය එසේ වැටේ යයි බලා සිට බලාපොරොත්තු සුන් කර නො ගන්න. 2009 සිට මෙතරම් කාලයක් මෙය පවත්වාගෙන යාමට අපට ශක්තිය සැපයූ අනුග්‍රාහකයා කවුරුද යන්න හෙළිදරව් කිරීමට කාලය පැමිණ ඇතැයි සිතමි. අපේ හැංගි හොරා නැත. නුදුරු දිනෙක ලිපියකින් ඔහු හඳුන්වා දෙමි. ඔහු දේශපාලනය කරන්නෙකි. හැකි නම් අනුමාන කරන්න.

      Delete
    2. ajith perakum jayasinghe

      Delete
    3. Palitha Thewarapperuma

      Delete
  10. දැන් දැන් යහපාලානේ ඇවුනුත් අර්ජුන් එපා කියද්දි තවත් ගොන් පාර්ට් එපා කියලයි මට හිතෙන්නෙ. අනික කාර් සීන් එකත් "තාවකාලික අත්හිටවීමක්" මිසක් අත්හිටවීමක් වෙලා නෑ. මේ ඔක්කොම උනේ රනිල් කරපු වැරැද්ද. මහලොකු යහපාලානේ කියල මහින්දගෙ කුපාඩි හොරුයි පැරදිච්ච අවුනුයි ලැයිස්තුවෙන් දාගෙන දැන් ආතල් දෙනව දෙගොල්ලන්ටම. "දැන්නම් හරිම සතුටුයි" හිටන්..

    ReplyDelete
  11. පැරා මොකෝ මේ පරණ නිවුස් එකක් ඇදගෙන, දැන් ඔය හදිස්සියේ මකන්න යනවය කියල කියන තොරතුරු පහුගිය ජන්දෙට ඉස්සර ඩීව් එළියට දාපු වාර්තාවේත් තිබ්බනේ ඒ දවස්වල කියෙව්වේ නැද්ද. පහුගිය දවස්වල ඉකොනොමැට්ටා ලියල තිබ්බා මහබැංකුව අරක්ගෙන ඉන්න සිංගල බෞද්ධ ගැංසියක් ගැන. හිටපු නියෝජ්‍ය ආචාරියා විජේවර්ධන තැන හිටු කියල මඩ ගහනවා පෝස්ට් එකට පැන ගන්න,

    රහතන් වහස්සේලා වගේ අවංක එක නිළධාරියෙක් වත් හිටියනම් ලංකාවේ හිටියේ මහින්ද යුගයට ඉස්සරින්, වැරදිලාවත් ඉතුරුවෙලා හිටියොතින් අනිවාර්යෙන්ම ඒ නට් එකක්, එහෙව් එකෙකුට මහ බැංකුව දෙනව නම් පිස්සෙක්.

    ඔතනට මේ වෙලාවේ අවශ්‍ය සුද්ධවන්තයෙක් නෙවෙයි, රනිල්ට අවශ්‍ය වෙනස්කම් ටික කරල දෙන කෙනෙත්. අධ්‍යාපනේටත් එහෙමයි, රනිල් කියන විදිහට නටන පබයෙක් තමයි වඩාත්ම සුදුසුම.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා