ගංවතුර කඳවුරේ නයනා

වැල්ලම්පිටිය විද්‍යාවර්ධන ප්‍රාථමික විද්‍යාලයේ ගංවතුර අනාථ කඳවුරේදී 
ගංවතුර, නායයාම වගේ ස්වාභාවික විපත්වලදිත් වැඩියෙන් බැට කන්නේ ස්ත්‍රීන්, ගැහැනු ළමයින්, ළමයින්, වැඩිහිටියන්, අසනීප පුද්ගලයන් හා ආබාධ සහිත ජනයායි.

එයින් අදහස් වන්නේ නැහැ, පිරිමින්, තරුණයන්, පීඩාවට පත් වීමේ අඩුවක් තිබෙනවා ය කියලා.

එහෙත් කාන්තාවන් අමතර ගැටලු රැසකටත් මුහුණ දෙනවා. ඒවා ලැයිස්තු ගත කරන එක වුණත් පහසු කාර්යයක් නොවෙයි.

ගංවතුර නිසා විපතට පත් ස්ත්‍රීන්ගේ ගැටලු ගැන අවධානය යොමු කිරීම සඳහා සටහනක් ලිවීමේ අරමුණින් කරපු අධ්‍යයනයක් එක්ක කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරනවා ද කියා හිතා ගන්නට බැරුව ඉඳිද්දි මට හිතුණා ඒ යථාර්ථය නිරූපණය කරන්නට ප්‍රබන්ධ සාහිත්‍යය යොදා ගන්නා එක වඩා සාර්ථක වේවි ය කියලා.

ඒ නිසා තමයි මෙහි පහත සම්බන්ධ කරන කෙටි කතාව ලිව්වේ.

නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.

කාමරයේ අල්මාරිය ඇර බැලූ ඇගේ පපුව හෝස් ගා දැවී ගියේ ය. සාරි, ගවුම්, ළමා ඇඳුම් ආදියෙන් තවමත් දිය බේරේ. ඇය අල්මාරි ලාච්චුව ඇර බැලුවා ය. වටිනා ලියකියවිලි සියල්ල තෙමී ඇත. ඒ අතර රත්තරං බඩු උකස් පත්‍රිකා ද ඇති බව සිහි වී ඇගේ අත නිතැතින් ම ගෙලට ගියේ ය.

ඉතිරි ටික කියවන්න මෙතැනින් අදාළ බ්ලොගයට පිවිසෙන්න. 

ඒ ගැන සටහනක් එතැන හෝ මෙතැන තියලා යනවා නම් ස්තුතියි. විශේෂයෙන් ම මෙවැනි ස්වාභාවික ආපදාවලට ලක් වූ අය පමණක් දන්නා, අප නො දන්නා තවත් ගැටලු එමට ඇති.

පහත සටහන් දෙකේ තිබෙන්නේත් ඒ ආපදාවන් පිළිබඳ වැදගත් තොරතුරු ටිකක්. ඒවාත් කියවන්න.

ගංවතුරෙන් අවතැන් වූවන් අතරිනුත් වැඩිපුරම පීඩාවට පත් වන්නෝ කවරහුද?

වසරකට 67,000කට වඩා ජීවිත බිලි ගන්නා, මිලියන 200ක් පීඩාවට පත් කරන ස්වාභාවික ආපදා

ස්ත්‍රීන්, තරුණයන්, වැඩිහිටියන් මුහුණ දෙන ගැටලු ගැන වැඩි අවධානයක් යොමු කරන ත්‍රෛභාෂා වෙබ් අඩවියක් වන www.kiyanna.lk ඔබේ දෛනික කියවීම් අතරට එකතු කර ගන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // www.kiyanna.lk ඔබේ දෛනික කියවීම් අතරට එකතු කර ගන්න. //

    මොකද මේකෙ හිට්ස් ගාණ මගේ ආදායමට ඍජුවම බලපානවා.

    මම ඔය කාපු බීපු වෙලාවට මට වෙන රස්සාවල් තියනවා ඕයි කියලා කිව්වාට ඒක මෙතන ට අදාළ කර ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකක්ද වැරැද්ද?

      Delete
    2. කියන්න අල්මයන්න අඹඹයන්න තමා....

      Delete
    3. උඹ ඉපදුණෙත් උඹ ඔය අපහාසයෙන් කතා කරන ජෛව විද්‍යාත්මක තැනින් බව මතක තියා ගනින්. අපි කරන්නේ දේශපාලනිකව ස්ත්‍රියට ලැබිය යුතු හිමිකම් ගැන කතා කරන එක. ඒක අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ උඹලා වගේ පිරිමි ඉන්න නිසායි. ලැජ්ජා වෙයන් මිනිහො, තිරිසන් කමෙන්ට් දාන එක ගැන.

      ඔච්චර වෛයකින් කමෙන්ට් දාන උඹ ම වෙන්න පුළුවන් පසුගිය සතියෙ දකුණුදිග එංගලන්තයේ ශිෂ්ටත්වය ගැන ලොකු ටෝක් දුන්නේ.

      Delete
    4. // ඉතින් මොකක්ද වැරැද්ද? //

      උඹ ඇයි බං ධනවාදය ට විරුද්ධ?

      එහෙම නැත්නම්, උඹ ධනවාදය ට විරුද්ධ නැති ද?

      උඹ යම් අරමුණක් වෙනුවෙන් දේශපාලනය කරනවා කිව්වාට. උඹ මේ බ්ලොග් එකේ ලියලා තියෙන දේවල් ටික සමස්තයක් වශයෙන් ගත්තාම, එහෙම අරමුණක් කියලා නිශ්චිත යමක් හොයා ගන්න පුළුවන් ද?

      උඹ ඔය කියන අරමුණ මොකක් ද කියන එක, සංයුක්තව, සංගතව, සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් ද?

      උඹ කියන විදිය ට උඹ ලියන්නෙ සල්ලි වලටත් නෙමෙයි නම්. උඹ ලියන්නෙ යම් දේශපාලනයක් වෙනුවෙන් නම් (සහ උඹ පිස්සෙකුත් නෙමෙයි නම්) උඹ මේ බ්ලොග් එකේ කරන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් එකෙක්වත් ඉන්නවා කියලා මම නම් හිතන්නේ නෑ.

      උදාහරණයක් විඩියට මම wsws එකේ විජේ ඩයස් ලියන ඒවා කියවනවා. ඒත් ඒවා ගැන කවදාවත් මේ විදියේ ප්‍රශ්න මතු වෙලා නෑ.

      Delete
    5. ඉතින් මොකටද මේක කියවන්න එන්නෙ? WSWS කියවගෙන ඉන්න පුළුවන්නේ. ආවෙ නෑ කියල මට ප්‍ර‍ශ්නයක් නැහැ. ගුඩ් බායි!

      Delete
    6. Ajith Perakum Jayasinghe has got checkmated in a very convincing manner!

      Delete
    7. What is there so much to checkmate? I am a professional blogger and a translator who provides services to a number of media. I am very satisfied because I have been given opportunity to write what I like to write.

      Delete
    8. FYI see this too (scroll down to the bottom)
      You can call and ask the editor of Ceylon Today.
      There were and are many others also.

      Delete
  2. මොන පයන්නක් කියනවද පැරා, මෙන්න රියල් නිව්ස්: http://www.divaina.com/2016/06/01/news29.html

    ReplyDelete
  3. කෙටි කතාව මේකත් දාන්න.

    ReplyDelete
  4. මගුල තමයි පිරිමි ගෑනුන්ට වඩා දහ ගුණයකින් දුක් විදිනවා හබැයො ඒක මාකට් කරන්න බෑ ඒවගෙම කවුරුත් ගනන් ගන්නෙත් නෑ.

    බලපන් දැන් ගෑනුන්ව මැද පෙරදිග යවන්න එපා කරදර හිරිහැර වෙනවා කියලා අඬන එවුන් ඕනිතරම් ඉන්නවනේ හැබැයි උන් බැලුවොත් මැද පෙරෙදිග ගිහින් රස්සව කරන අතරතුර මැරුණ මිනිස්සු ගාන ඒකෙන් වැඩි හරියක්ම පිරිමි. ගෑනු 100ක් මැරුන නම් පිරිමි 200ක් ඒ අවුරුද්දෙම මැරිලා ගෙදර එනවා හැබයි මොකෙක්වත් කියන්නෑ නේ අපේ තාත්තලාව මැද පෙරදිග යවන්න එපා කියලා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා