ගොඩනැගිලි අලුත්. මිනිස්සු පරණයි.

තුෂාර දංකැටිය විසිනි

11 ශ්‍රේණියෙ පුරවැසි අධ්‍යයන විෂයට අදාල ගිය සතියේ දිනක පාඩම වුණේ ආණ්ඩුවේ විවිධ ස්ථර ඒවාට අයත් කාර්යන් කියන මාතෘකාව. එහිදී මම මුලින්ම පැහැදිලි කලේ ව්‍යවස්ථාදායකයේ කාර්යයන්.
එහිදි මම නීති සම්පාදනයට අමතරව ව්‍යවස්ථාදායකයෙ කාර්යන්වලට පහත ඒවත් ඇතුළත් බව ළමයින්ට මතක් කළා. 

1.අය වැය පාලනය (මූල්‍ය)
11.විධායකය පාලනය
111.ජනතා දුක් ගැනවිලි ඉදිරිපත් කිරිම. 

ඒ වගේ දේවල් ද ඒකට අයත් බව පෙන්වල දුන්න. එතකොට එක ළමයෙක් ඇහුවෙ ගුටි ගහගැනීම ඒකට අයත් කාර්යක් නොවෙයිද කියලායි. 

මේ සිදුවිමෙන් මට මතක් උනෙ ලංකාවෙ පාර්ලිමෙන්තුවෙ ඉහත කාරණා නැතිව අනෙක් ඔක්කොම දේවල් සිද්දවෙන බව. ලංකාවෙ බටහිර දේශපාලන ආයතන සියල්ලම වගෙ තියෙනව. ඒත් බටහිර දේශපාලන සංස්කෘතිය ලංකාවෙ ක්‍රියාත්මක වෙන්නෙ නෑ.ගොඩනැගිලි නුතන යුගයෙ වුණාට ඒවායේ ඉන්න මිනිස්සු අමු වැඩවසම්. 

ලංකාවේ අනෙක් රාජ්‍ය අයතනවලටත් මේක අදාලයි.මෙ දවස්වල අපේ පැත්තෙ පොලිස් ස්ථානයෙ පරණ ගොඩනැගිල්ල වෙනුවට අලුත් එකක් ඉදිවෙනව.මෙතනදි මට මතක් උනේ පොලිසිය අලුත් උනාට ඒකට එන අය පරණයි නේද?කියන එක. පගා ගන්න, ජනතාවට පහත් ලෙස කතා කරන මිනිස්සු තමයි ඒකට ඇතුල්වෙන්නෙ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් අලුතින් ඉදි වුණේ. ඒකෙත් ඉන්නෙ වැඩවසම් මිනිස්සු. මගෙ යාලුවො සංවර්ධන සහකාර පත්වීම් ගන්නට පෙර ඒකෙ පුහුණු වෙනකොට නිළධාරිනියකට මැඩම් කියල කියවුණේ නෑ කියල ලොකු වලියක් ගියා.

වැඩවසම් කාලෙනම් ඉඩම් ලැබීම වෙනුවෙන් ගැත්ත රදලයට ගරු කලාට කමකුත් නෑ කියමු.ඒත් දැන් ඒ ගෞරවය ජනතා සෙවකයො බලාපොරොත්තු වෙන එකේ තර්කයක් නෑ.මෙක තමයි ලංකාවෙ තත්වෙ. ගොඩ නැගිලි අලුත් ඒත් ඒවායෙ මිනිස්සු පරණයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හරියටම හරි "ගොඩනැගිලි අලුත් මිනිස්සු පරණයි" මේ එකම වැකියෙන් සියල්ලම පැවසෙනව

    ReplyDelete
  2. අලුත් ගොඩනැගිලි වලට යනකොට ඉන්නා අයගේ ඔලුත් මාරු කරන්න පුලුවන්නම් කොච්චර හොඳද!

    ReplyDelete
    Replies
    1. No matter if new building need buy it or take rent.

      Delete
  3. සෑම දෙයක් ම සෘණාත්මකව දැකීමත් එක්තරා රෝගයක්. එම රෝගයට මූල කාරකය ADRA2b නමැති ජානයේ යම් විචල්‍යතාවක්.

    පාර්ලිමේන්තුවල ගැටුම් ඇතිවෙලා තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. පහත තියෙන සබැඳියෙන් පාඨකයන්ට දැකබලා ගන්න පුළුවන් වෙයි වීඩියෝ පෙළක්. ජපානය වැනි "ශිෂ්ට සම්පන්න" රටක් ඇතුළු බොහෝ රටවල මෙවැනි අඩදඹර පාර්ලිමේන්තු සභාගර්භවල සිදු වෙලා තියෙනවා. මේ වීඩියෝ පෙල බැලුවාට පස්සේ පාඨකයන්ට පෙනෙයි ඊයේ පෙරේදා ලංකා පාර්ලිමේන්තු සිද්ධිය නිකං අධෝ වාතයක් වගේ එකක් කියලා.

    The Parliament Fights Blog

    ReplyDelete
    Replies
    1. ඕනැ අධෝවාතයක් ධනාත්මකව ගැනීම හෙවත් ඕනැ පඩයක් සුවඳයි කියන එක මොන ජානයේ විචල්‍යතාවක් ද ඇනොනිමස් පඬිතුමා?

      Delete
    2. ඕනෑ ම අධෝවාතයක් ධනාත්මකව ගත යුතුයි කියා මගේ කොමෙන්ටුවේ සඳහන් කර නැත.

      මා නොකිව් දෙයක්, කිව්වා කියා උපකල්පනය කිරීම, එසේත් නැතහොත් මා කිව් දෙයක විලෝමය මා විසින් දරණු ලබන අදහසක් විය හැකි යි යනුවෙන් උපකල්පනය කිරීම ඔබ වැනි පරසිදු රචකයකුට එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ.

      Delete
    3. අප වනාහි සෑම දෙයක් ම ඍණාත්මකව දකින ජානමය මානසික ගැටලුවකින් පෙළෙන අය යයි පෙන්වීමට ඔබ විසින් දරණ ලද උත්සාහය මහත්මා නො වනවා පමණක් නො ව, මහජන මුදලින් යැපෙන පරපෝෂිතයන් පිරිසකගේ හෙළා දැකිය යුතු හැසිරීමක් ලෝකේ වෙනත් තැන්වලත් එහෙම වෙනවා ය කියා සාධාරණීකරණය කරන්නට ද ඔබ උත්සාහ කර තිබේ. ලොව කොතැන වුණත් මේවා හෙළා දැකීමට අපට අයිතියක් තිබේ. මේ අපේ බදු මුදල් ය. එය මානසික රෝගයක් ලෙස දකින්නා මානසික රෝගියකු විය යුතු ය.

      Delete
    4. APJ, මෙන්න තමුන්නැහේගේ රනිල් තුමා අපේ බදු මුදල් ප්‍රකෝටි ගණනින් ලෝස් නැතුව හම්පඩ නිළියන්ට බෙදන අයුරු.... මේවා ගැන තමුන්නැහේ කතා නැත්තේ ඇයි?

      රනිල් සබීතාට සලකපු විදිහ...
      තිත්ත වුණත් ඇත්ත.

      Delete
    5. රනිල්වත් සබීතාවත් අපේ නො වේ. රනිල් ඔබ තබා ගන්න. සබීතා නම් කමක් නැත.

      Delete
    6. සබීතා ට දැන් වයසයි බං

      උඹේ ටේස්ට් එක නම් මොකක් ද මංදා

      Gerontophilia වත් ද?

      Delete
    7. කතානායකට අවනත නොවූ නවසීලන්ත අගමැති දොට්ට...

      නවසීලන්ත පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර උණුසුම් වාදයක පැටලුණු එරට අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා සභා ගර්භයෙන් ඉවත් කිරීමට කතානායකවරයා කටයුතු කර තිබේ. අගමැතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකු සමග මෙම උණුසුම් විවාදයේ පැටලී සිටියදී කතානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ, තම බාධා කිරීමද නොතකමින් අගමැතිවරයා දිගින් දිගටම විවාද කිරීම නිසාවෙනි.

      [www.ada.lk]


      මේවාගේ දේවල් සිද්ද වෙන්නෙ ලංකාවේ විතරයි කියලා හිතන පැරා කිච වුණා.

      හූ... හූ... හූ... ඇද්ද පැරාට?

      Delete
  4. ඔය ලයිට් බිල ගෙවන් ඕන වුනාම මන්ඩලේටම යන්න හිතෙන්නෙ..එතකොට ටී.වී බලද්දි රූපවාහිනී සේවයම බලන්ඩ හිතෙන්කෙ..රේඩියෝ එක අහද්දී ලක්හඩම අහන්ඩ හිතෙන්නෙත් ඒකම නිසා නේද??

    ReplyDelete
  5. හොද දේකට w3lanka එකේ දොර ඇරෙන බව පසක් කර ගතිමි

    ReplyDelete
  6. පැරාල, අලුත් යහපාලන බිල්ඩිම හදලා, ඒකේ රනිල්ව ගෙනල්ලා පදිංචි කෙරෙව්වා වගේ නේ.....

    ReplyDelete
  7. පරණ මිනිස්සු මැද්දට අලුත් ගොඬනැගිලි අත අරින එකෙන් ඔය උත්සාහ කරන්නේ අපිත් ඉංටර්නැෂනල් කියල පෙන්නන්න. පොලිසියෙ විතරක් නෙමේ, ඔය ඉන්ටර්නැෂනල් කියල හැඳින්වෙන.. දවස පුරා කඩ්ඩෙන් කතා කරන තැන් වල වැඩ කරන මිනිස්සු තුළත් ලංකාවෙ අමු ගොඩයන්ගෙ ලක්ෂණ තියෙන බව මම අත්දැකීමෙන් දන්නවා. මේ මිනිස්සු ආර්ථික අතින් දියුණු වුනාට සමාජීය අතින් ගැමියන්ට සමානයයි. චින්තනයේ වැඩි වෙනසක් නැහැ. ඕන නම් එක පිරිසක් ඉරිදා පොළෙන් බඩු ගද්දි අනිත් පිරිස ෆුඩ් සිටියෙන් බඩු ගනියි. එක පිරිසක් සැලූන් එකෙන් කොණ්ඩේ කපද්දි අනිත් පිරිස සැලෝන් එකෙන් කොණ්ඩේ කලයි. මේ ගොල්ලන්ට මම දාලා තියෙන්නෙ 'ඉන්ටර්නැෂනල් ගොඩයෝ' කියන නම. මොකද ටයි පොලු දාගෙන හිටියට හැසිරෙන්නෙ ඒ විදියට නිසා.

    ReplyDelete
  8. ඔය කතාවම ආදළ කරගත්තා"යහපාලන" අණ්ඩුව බලය ගන්න ජනතාව ඉදිරියට ගෙනාපු පොරොන්දු ඉටුකරන්න ප්‍රමාද වෙනකොට.
    අණ්ඩුව අලුත් නමුදු ඉන්න නිලධාරීන් පරණයි කියලා.දැන්නම් ඉතින් පරණ හොරුත්,අලුත් හොරුත් මේ අණ්ඩුවේ ඉන්න එක් ඕක කොහොමත් එකයි.

    ReplyDelete
  9. පැරා, අනුර කුමාර් සහෝදරයා යුරෝපයේ කළ සංචාරය අලළා ශ්‍රී ලාංකීය මාධ්‍ය විසින් යම් නිශේධනීය මැදිහත් වීමක් කරනු ලබන බව පෙනේ. අනුර කුමාර් සහෝදරයාගේ දේශපාලනය පිළිබඳ අපට මූලධර්මීය විසංවාදයන් ඇතත් මෙකී ප්‍රස්තුත කාරණය අරබයා අප මාධ්‍යයේ වර්යාව අනුමත නො කරමු.

    අනුර කුමාර් සහෝදරයාගේ විවාහය හෝ දරු සම්පත් පිළිබඳ හෝ කාරණා දේශපාලනික ව අපට වැදගත් නැත. ස්ත්‍රිවාදී කතිකාව අරබයා ඉදිරිපත් වුණු “පෞද්ගලිකත්වය දේශපාලනික ය” යන ලැකානියානු සුසමාදර්ශය සන්දර්භයෙන් පරිබාහිර ව අවභාවිතා කිරීම නිසා අනූව දශකයේ මුල් භාගයේ සිට ලාංකීය සමාජ-දේශපාලනික කතිකා මණ්ඩපවල ඉස්මතුව ආ ප්‍රවණතාවයක් වූයේ වෛෂයික ප්‍රශ්න කිරීම්වලට පුද්ගලාලම්බන ප්‍රතිචාර දැක්වීම ය. අනුර කුමාර් සහෝදරයාට හෝ වාම විප්ලවවාදියෙකුට හෝ කුටුම්බ සංරක්ෂණය සඳහා හෝ දාරක පෝෂණය සඳහා හෝ ඇති අනුල්ලංඝනීය මානව හිමිකාරීත්වය වාම විප්ලවීය දේශපාලනය විසින් බැහැර කෙරෙන්නේ නැත.

    ස්ත්‍රී-පුරුෂ අන්තර්සම්බන්ධතා යනු ක්‍රමික ව පරිණාමයට බඳුන් වන්නකි. සමාජයක රජයන වෛවාහික විධි වූ කලී පවතින පංති සමාජය විසින් ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතාවයන් සඳහා ලබා දෙන ස්වජාතකරණයන් පමණි. පංති සමාජය විසින් ස්වජාතකරණය කරනු ලබන ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා කුටුම්බය යන සංකල්පය තුළ ස්ථානගත කළ විට පුද්ගල දේපළ රැස්කිරීම පිළිබඳ ලාලසාව තව තවත් ගොඩනැඟේ. පංති සමාජය තුළ පවතින මානව ජීවිතය සුපුෂ්පිත වීමට බාධා කරන සතුරු බලවේග මානව සංහතියේ ආරම්භයේ සිට ම විකාසනය වූ ආකාරය එංගල්ස් ස්වකීය “The Origin of the Family, Private Property and the State” කෘතියේ සඳහන් කරයි. වාමාංශිකයන් යනු වියළි හදවතැත්තන් නො වේ. වාමාංශිකයන්ගේ ඒකායන අරමුණ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා පංති සමාජය නම් යදමින් මුදවාගෙන නිදහසේ වැඩෙන්නට ඉඩ හැරීම ය. ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා යනු මානව ජීවිතයේ අත්‍යන්ත හිමිකමකි. අනුර කුමාර් සහෝදරයාට පමණක් නො ව ගලබොඩ අත්තේ ඥානසාරට ද ඒ හිමිකම ඒක සේ ඇත. මාධ්‍ය කළ යුතු දෙය තබා නො කළ යුතු දෙය කරන්නට ව්‍යාවෘත වීම ඛේදවාචකයකි. උවමනා දෙය යි නුවමනා දෙය යි පිළිබඳ මනස්ගාත ලියා බ්ලොග් පඩංගුවලින් දේශපාලනය කරන්නට යන පිස්සු ඩයල්වලට ද අප පවසන්නේ දේශපාලනය යනු වෛෂයික ප්‍රපංචයක් බව වටහා ගන්නා ලෙස යි.

    පැරාට අප පවසන්නේ දියවැඩියාවේ ද ක්‍රිකට් ක්‍රීඩාවේ ද දේශපාලනය පිළිබඳ මනෝමය විවරණ ලියන්නට ඔබට තිබෙන උනන්දුව පූර්වෝක්ත මාධ්‍ය අවභාවිතාව පිළිබඳ ලියන්නට ද ඇති කරගන්නා ලෙස යි. ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ අතිදීප්තිමත් තාරකාව වන ධීමත් භාෂණ සහෝදරයා යමක් මේ පිළිබඳ ලියන තුරු බලා සිට ඉන්පසු “භාෂණ අරක පැහැදිලි කරලා නැහැ, මේක පහැදිලි කරලා නැහැ” යනාදී මුග්ධ ප්‍රකාශ නො කර නො ලසා ඔබගේ අස්ථානය ප්‍රකාශ කරනු! ලාංකීය කුහක අධිපති මාධ්‍යය ද ඊනියා බ්ලොග් පඩංගු.ද ඇයි මෙතරම් යුරෝපයට බය?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා