බදු බර පනවා ණය බරෙන් මිදීම

ශ්‍රී ලංකාවේ ණය බර ගැන ආණ්ඩුව නිතර කතා කරයි. පුවත්පත්වල දැන්වීම් ද පළ කරමින් ජනතාව දැනුවත් කරයි. ආණ්ඩුව කියන්නේ මේ ණය බරින් රට ගලවා ගත යුතු බවයි.

පසුගිය රජයේ ඉවක් බවක් නැති ණය ගැනීම් හේතුවෙන් රු. බිලියන 8475කමහා ණය අගුලක රට හිර වී ඇති බව ආණ්ඩුව පවසයි. මෙය මුළු ජාතික ආදායමෙන් 75%කට සමාන ය. ඒ කියන්නේ රජය නොව රට වසරක් තුළ උපයන සමස්ත ආදායමෙන් 75%ක් තරමේ ණය බරක් රජයට තිබේ. රජය කරන්නේ ඒ ණය බර මහජනතාව මත පැටවීමයි.ණය ගෙවන්නට තව තව ණය ගත්තත් සිදු වන්නේ එය ම ය.

රජය සතු ව්‍යාපාර ද තිබේ. එහෙත්, ඒ ව්‍යාපාර ද බොහොමයක් පාඩු ලබන ඒවා ය. ඒ පාඩුව ද පැටවෙන්නේ ජනතාව මත ය. ශ්‍රීලංකන් ගුවන් සේවය නිදසුනකි.

වසරකට රු. බිලියන 1303ක් රජය ණය හා පොළිය වෙනුවෙන් ගෙවිය යුතු ය. එයින් පොළිය පමණක් රු. බිලියන 509ක් බව රජය කියයි.

රජය මෙතරම් ණය වී ඇත්තේ ඇයි? රජයේ වියදම්වලින් වැඩි ප්‍ර‍මාණයක් වැය වන්නේ රජයේ වැටුප්, විශ්‍රාම වැටුප් ආදිය වෙනුවෙනි. ලංකාවේ දේශපාලකයන් නඩත්තු කිරීමට මාසයකට රුපියල් බිලියනයක් පමණ වැය වේ.

මිලියන 8.5ක් වන රටේ ශ්‍ර‍ම බලකායෙන් මිලියන 1.5ක් ම රජයේ සේවකයෝ ය. ඔවුන් රටට කරන ඵලදායී ආර්ථික දායකත්වය කුමක් ද?

පෞද්ගලික අංශයේ ද විශාල කොටසක් ඵලදායී ආර්ථික කටයුතුවල නො යෙදෙති. නිදසුනක් ලෙස රටේ ත්‍රිරෝද රථ මිලියනයක් පමණ ඇත. මේ මිලියනය ම හයර් නො ගියත්, එයින් වැඩි කොටසක් හයර්වලට යෙදවේ. හයර් දුවනවා කිව්වාට මොවුන්ගෙන් වැඩි දෙනෙක් කරන්නේ ත්‍රීවීල් පාක්වල කට බලියමින් ඈනුම් අරිමින් සිටීම හා ඕපාදූප දෙඩීමයි. ලංකාවේ ශ්‍ර‍ම බලකාය නිෂ්පාදන ආර්ථිකය තුළ මැනැවින් කළමනාකරණය නො වීම බරපතල ගැටලුවකි. පසුගිය අයවැයෙන් හඳුන්වා දෙන ලද රු. 60,000 වාර්ෂික සමාගම් ලියාපදිංචි ගාස්තු වැනි කාරණා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගන්වනවා වෙනුවට අධෛර්යවත් කරයි.

රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5ක ණයක් ලබා ගැනීමට කටයුතු කර තිබේ. එම ණය දැන් අනුමත වී තිබේ. මේ අවස්ථාවේ එය රටට අත්‍යවශ්‍ය ය. එමගින් ක්ෂය වෙමින් ඇති විදේශ සංචිත ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. විදේශ සංචිත ශක්තිමත් වීම යනු ආර්ථික ස්ථාවරත්වය ප්‍ර‍දර්ශනය කරන එක් ආකාරයකි. ලංකාවේ මූලික සංවර්ධන උපාය වී තිබෙන ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා මෙම ස්ථාවරත්වය ඉතා වැදගත් ය. විදේශ ආයෝජන ලබා ගැනීමට සිදු වී තිබෙන්නේ රටේ ප්‍රාග්ධනය නැති නිසා ය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අඩු පොළී ණය නිකම් ලැබෙන්නේ නැත. ඒ සමග ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ගැට ගසා තිබේ.

එහි මූලික ම කාරණයක් වන්නේ රාජ්‍ය අයවැය පරතරය අවම කිරීමයි. 2016 වසරේදී රජයේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%කි. එය 2020 වන විට 3.5% දක්වා අඩු කිරීමට ඉලක්ක කර තිබේ. රජයේ බදු ආදායම ඉහළ නැංවීම ඒ සඳහා අනිවාර්ය ය. වැට් බදු ඇතුළු බදු වැඩි කිරීම සිදු වන්නේ එම සංදර්භය තුළ ය. බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ද රජය ක්‍රියාමාර්ග ගත යුතු ය. එසේ ම බදු සහන ලබා දීම ගැන ද රජය දැඩි ලෙස සැලකිලිමත් විය යුතු ය.

රජයේ බදු ආදායම පවතින්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක මට්ටමක ය. එය 20% පමණ දක්වා ඉහළ නංවා ගැනීමට රජය බලාපොරොත්තු වේ. 

එහෙත්, මේ බදු බර ජනතාව කෙසේ දරා ගනු ඇද්ද යන්න ඉදිරි කාලය තුළ දැක ගත හැකි වනු ඇත. සමස්තයක් ලෙස ගත් කල ආණ්ඩුව මහා පරිමාණ බදු වංචාකරුවන්ට එරෙහිව ක්‍ර‍ියාමාර්ග ගනු වෙනුවට දුප්පතුන් වැඩිපුර හසු වන ආකාරයට බදු දැල පුළුල් කර එළා තිබේ. එයින් පීඩිත ජනතාව දැඩි කැළඹීමකට ලක් වීමට ඉඩ තිබේ.  ජනතාවට පටි තද කර ගන්නට කියන දේශපාලකයන් පැත්තෙන් කිසිදු කැප කිරීමක් පෙන්නුම් නො කිරීම ද ජනතාව අතර ආණ්ඩුව අප්‍ර‍සාදයට පත් වන්නට හේතු විය හැකි ය. 

ආණ්ඩුව පැත්තෙන් තුලනයක් ඇති කර ගත හැකි වන්නේ ආර්ථික වශයෙන් වේගවත් ඉදිරි ගමනක් සිදු වේ නම් පමණි. ආණ්ඩුවේ මූලික උපාය වන ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම පැත්තෙන් තවමත් ලොකු ඉදිරි පියවරක් තබා නැත. මත්ස්‍ය නිෂ්පාදන සඳහා යුරෝපා බදු සහන යළි තහවුරු කර ගැනීම වැනි ජයග්‍ර‍හණ රැසක් අවශ්‍ය ය. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නැංවීම ද රජය පැත්තෙන් කළ හැකි තවත් දෙයකි. එහෙත්, ඒ වෙනුවෙන් කිසිදු මුලපිරීමක් තවමත් දක්නට නැත. දේශපාලකයන් ජනතාව අතරට යාම ද ඉතා වැදගත් ය. බිම් මට්ටමේ ආණ්ඩුවක් නැත. පක්ෂ දේශපාලනයක් ද නැත. තිබෙන්නේ අකාර්යක්ෂම රජයකි. ඊටත් වඩා භයානක පිළලයක් බිම් මට්ටමේ තිබේ. ඒ වනාහි රාජපක්ෂවාදයයි. 
- අජිත් පැරකුම් ජයසිංහ - රාවය 2016-05-06

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රුපියල් ට්‍රිලියන 3කට ආසන්න මුදලක් පසුගිය දශකයේදී හොරකම් කෙරුණි. දේශ පාලුවන්ගේ දැනුවත් කමින් දැනුත් කෙරෙයි. මූල්‍ය දූෂණය නිසා ලංකාවට වසරකට අහිමි වන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1900 කට අඩු නැත.

    ReplyDelete
  2. පැරා,

    ඔබම දැන් පිළිගන්න දේ //අයවැයෙන් හඳුන්වා දෙන ලද රු. 60,000 වාර්ෂික සමාගම් ලියාපදිංචි ගාස්තු වැනි කාරණා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගන්වනවා වෙනුවට අධෛර්යවත් කරයි.//

    බලන්න මම මේ බද්ද පනවන විටමයි මෙයය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අධෛර්යවත් කරනව කියල කිව්වේ මතකද ඔබ තර්ක කළා සමාගම් වලට මෙය දැරිය හැකි බවත් බොහෝ සමාගනම් ලියාපදිංචි කර ඇත්තේ හොර වැඩ කිරීමට බවත් සුලුපරිමානයෙන් උවමනානම් ප්‍රාදේශීය සබාවේ නම ලියාපදිංචි කල හැකි බව වැනි පඩි වදන් වලින් ඔබ පිළිතුරු දුන්නා මතක ඇතයි සිතමි.


    ඔබ නම් PAYPAL පිලිබදව සාදනිය ලෙස අදහස් දැක්වූ බව කියන්න ඕනේ, නමුත් රජය අසමත් වුනා මෙවැනි පහසුකම් ලබාදෙන්න.

    රජයට දැනට පවතින දක්ෂ සේවකයන් යොදවා අන්තර්ජාතික ගනුදෙනු කිරීම පහසු කරන PAYMENT GATEWAY එකක් නිර්මාණය කිරීම තවම කල් තියනවා මෙවැනි ක්‍රමයක් සමග ශ්‍රී ලංකා තැපෑල අන්තර්ජාතිකව parcel tracking පහසුකම ඇතිව ක්‍රියාත්මක කල හැකිනම් විශාල විදේශ මුදලක් ශ්‍රී ලංකාවට ගෙන එන්න පුළුවන්.

    දැනටමත් ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක සිට පාර්සලයක් දිනකදී ඕනෑම තැනකට යවන්න පුළුවන් SPPED POST වැනි පහසුකම් තිබෙනවා ඉතා සුළු දෙයක් පමණයි කලයුතු වන්නේ අන්තර්ජාතිකව මෙය ක්‍රියාවේ යෙදවීමට, අවාසනාව කියන්නේ ඔබ දක්ෂයි කියන රනිල් ගොය්යට ඕව තෙරුම් නොයාමයි, මෙනිසයි මම කිව්වේ රනිල් බොහෝදෙනා සිතාසිටින දක්ෂයෙක් නොවන බව, ඔහුගේ බැබලීම උනේ ලලිත් ඇතුලත් මුදලි, ගාමිණී දිසානායක, ප්‍රේමදාස වැනි අය එක්සත් ජාතික පක්ෂයේ කරනලද වැඩ වල කිර්තිය ලැබීම නිසයි.

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ... සාම ගිවිසුමෙන් කොටි සන්ව්ධානය දෙකඩ කරපු රනිල් දක්ශයෙක් නෙමේ නම් දක්ශය රට ණය උගුලක හිරකරපු ඔහෙ දැන් නයට කහින මරාද? මෙ අවුරුදු 2 අමාරුයි ථමා, නමුත් 2020 වෙනකොට මෙගාපොලිස් ව්‍යාපෘතියත් එක්ක ඇමරිකානු,යුරොපීය, ඉන්දියානු, ජපන් ආයොජකයො ගලාගෙන එනව... 2020- 2030 කාලෙ රනිල්ගෙ නායකත්වයෙන් රට හිථාගන්න බැරි දියුනුවක් ලබනව.. 2030 වෙනකොට දකුනු ආසියාවෙ ආකලමන්දාව තමා මෙ රට... එතකොට උබ රනිල්ට මල් ථියල වදියි....

      Delete
    2. Lankika Sithuwili,

      උඹට PAYPAL දෙන්නෙම නෑ... ඇයි උඹ මොනව කරන්නද?

      Delete
    3. //සාම ගිවිසුමෙන් කොටි සන්ව්ධානය දෙකඩ කරපු රනිල්//
      1987 දී උරාගෙ මාළු උරාගෙ ඇගේ තියල කපුවා බවයි ජේ ආර් පප්පා ගැන කිව්වේ.
      හැබැයි යුද්දය අවුරුදු 30ට ඇදුන එහෙම ඇදුන යුද්දය අවුරුදු 3න් ඉවර උනේ මොන සාම සකච්චවෙන්ද ?

      AnonymousMay 6, 2016 at 1:51 PM
      //උඹට PAYPAL දෙන්නෙම නෑ... ඇයි උඹ මොනව කරන්නද?//
      අපිට PAYPAL තිබුනත් එකයි නැතත් එකයි මේ අංශයේ වසර 10ට වඩා ඉන්න ඕනෑම කෙනෙක් දිගට ඉන්න ඕනේ නම් ක්‍රම විදි සොයාගන්නවා.

      නමුත් පටන්ගන්න පුද්ගලයකුට එක කරන්න බෑ, රනිල් ගේ වැසිකිලිය හෝදන තමුන් වගේ අයට කොහොමත් PAYPAL ඕනේ නෑ. හැබැයි මේක කියවන අය එහි වැදගත් කම දන ගනී

      Delete
    4. රනිල්ගේ මොළය නිසා තමයි මේ මාසේ අවසාන සතියේ ජපානයේ පැවැත්වෙන ලෝකයේ ප්‍රබලම ආර්ථිකයන් ඇති රටවල් හතේ (G7)වාර්ෂික සමුළුවට ලංකාවට විශේෂ ආරාධනයක් කරලා තියෙන්නේ. මේ වාගේ ආරාධනා අතිශයින්ම විරලයි.

      Delete
    5. පකෝ රනිල් සාම ගිවිසුමෙන් කොටි ඩෙකඩ කරපු එක ඌ හිතල කරපු දේකට වඩා නිතැතින් උන දෙයක් උගේ සාම ගිවිසුම තරමකට බලපෑවා. ඒත් මතක තියාගනින් රනිල් පොන්නයට ආයුධ මගින් හමුදා මෙහෙයුම් කරල කොටි පරද්දන්න උවමනා උනේ නෑ කියලා. ඒත් මහින්දට ඒ උවමනාවත් තිබුණා ඊට අවශ්‍ය දේශපාලන නායක්ත්වයත් දුන්න බටහිරටයි ඉන්දියාවටයි නොනැමී ඒ වගේම හමුදාව මෙහෙයවපු එකත් හරියට කළා. අවසානයේ ප්‍රභාකරන නන්දිකඩාල් කලපුවෙම අවසන් ගමන යැවුවා. ඒකයි වැදගත්ම දේ . කොටි සංවිධානෙ දෙකඩ වෙලා තිබුන එක වාසියක් උනත්. එහෙම නොවී තිබුනත් හමුදාවට මේ අභියෝගය ජයගන්නම පුළුවන් එකක්. මහින්ද කොටි පරද්දවපු එක තොගේ ඔය මහන්තත්තකම පැත්තක තියල පිළිගනින්. අපිත් මහින්දවාදියෝ නෙවෙයි ඒත් කරපු දේ පිළිගන්නව.

      Delete
    6. // අවශ්‍ය දේශපාලන නායක්ත්වයත් දුන්න බටහිරටයි ඉන්දියාවටයි නොනැමී ඒ වගේම හමුදාව මෙහෙයවපු එකත්//
      කොටින්ගේ ගිනුම් මුලින්ම තහනම් කලේ ඇමරිකාවෙන් බවත් ලන්කාවේ හමුදා බටයින් සිය ගනනකට යුද්ධය කාලයේ ඉන්දියාව වාර්ෂිකව පුහුනුව ලබාදුන් බවත් තමා දන්නැත්ද? තවම හිතාගෙන ඉන්නෙ රාවනා පරපුරෙ සින්හලයට බයේ බටහිර හා ඉන්දියාව දෙමලට ආයුධ දුන්නා කියලා?

      Delete
    7. http://www.cnn.com/2016/05/04/us/gallery/us-military-april-photos/index.html

      Delete
    8. // 2030 වෙනකොට දකුනු ආසියාවෙ ආකලමන්දාව //

      ආලකමන්දාව හදන්න රනිල් තුමා ආලවකය ද?

      Delete
    9. Speed post is new tehcnology method. Not to worry this thecnology soon come to Sri Lanka. No matter Ranil whats doing. If Ranil cant do Mithri can do it. Mithri will bring thecnology and all new thins into Sri Lanka.

      Delete
    10. Alakamandawa is not made by Alawaka but kuwera.

      Delete
  3. මෙතන මේ කර්මාන්ත හා සමාගම් අතර ගොඩක් අය පටලවගෙන තියෙනවා. කර්මාන්තය කියන්නේ ක්‍රියාවලියක් වගේ දෙයක්. සමාගම් කියන්නේ ව්‍යුහයක්. ඉටිපන්දම් කියන්නේ කර්මාන්තයක්. ඒක අමල් කියන පුද්ගලයාට ඒක පුද්ගල වයාපාරයක් විදිහට ලියාපදිංචි කරලා හරි නැතුව හරි කරන් යන්න පුළුවන්. පිරිසක් එක්ක එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් විදිහට කරන් යන්නත් පුළුවන්. නැත්නම් සීමිත සමාගමක් විදිහට කරන් යන්නත් පුළුවන්.එතකොට මෙතනින් වැඩි කළ ඔය ගාස්තුව අදාළ වෙන්නේ සමාගමක් විදිහට කරන් යනවා නම් විතරයි.

    ReplyDelete
  4. විදේශ සංචිත ක්ශය වීම වලක්වාගැනීමට කල යුතුම දෙ වසර 2 කට අධි සුඛෝපභෝගී වාහන ආනායකය තහනම් කිරීමයි... ඉතා දුශ්කර වනගත මාර්ග නොමැති ලන්කාව වගෙ රටකට 4×4 offroad SUV අවශ්ය නෑ... එවගෙම ආනායන මිල $40000 ට වැඩි අධි සුකෝපභෝගී වාහන ගෙන්වීම රටේ විදෙශ මුදල් සන්චිත වලට බරක්.. සුඛෝපභොගී වාහන වල්q නොගියාය කියා මැරෙන්නෙ නෑ.. සාමාන්ය කාර්, හැමොට යන්න පුලුවනි...

    ඊලග දෙය මැදපෙරදිග විදෙශ රැකියා වලට යෑමට රටෙ තරුන තරුනියන්න් දිරිමත් කිරීම... වසරකට ලක්ෂ 2 පමන සාමාන්ය පෙලින් අධ්‍යාපනය නතරකරනවා.. මෙ අයගෙන් 20% වත් වසරක පමන පුහුනුවකින් පසු මැදපෙරදිගට යවාගන්නට පුලුවන්න් නම් වසරකට ඩොලර් මිලියන 2-3 ලෙහෙසියෙන්ම අලුතින් ගෙන්වාගත හැකියි...

    ඊලගට ලන්කාවෙ සරසවි වලින් මූලික උපාධිය ලබා බටහිර රටව්ලට සන්ක්‍රමනය සිටින ශ්‍රීලාන්කිකයින්ට තමන්ට එරටට යෑමට උපකාරීවූ මේට රජයෙන් ලැබූ විෂ්වවිද්‍යාල අධ්‍යාපනයට රජයෙන් වැයවූ මිලෙන් කොටසක් ආපසු ගෙවීමට නියමකිරීම... (මෙ අය තමන් උපයන දෙයින් ලන්කාවට බදු නොගෙවන නිසා මෙය අසාධාරන ක්‍රියාවක් නොවෙ..)

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම $ 40,000 ත් වැඩියි. ලංකාවට ආනයනය කරන පුද්ගලික වාහනවල CIF මිළ $ 25,000 ක උපරිම සීමාවකට යටත් කළ යුතුයි. ඒ වාගෙම, කිසිදු හේතුවක් නිසා මේ උපරිමය වෙනස් නොකළ යුතුයි.

      Delete
    2. // ඊලගට ලන්කාවෙ සරසවි වලින් මූලික උපාධිය ලබා බටහිර රටව්ලට සන්ක්‍රමනය සිටින ශ්‍රීලාන්කිකයින්ට තමන්ට එරටට යෑමට උපකාරීවූ මේට රජයෙන් ලැබූ විෂ්වවිද්‍යාල අධ්‍යාපනයට රජයෙන් වැයවූ මිලෙන් කොටසක් ආපසු ගෙවීමට නියමකිරීම... //

      ශ්ශ්ශ්

      අහවලා..

      ඔවු ඔවු අන්න එයා විරුද්ද වෙවි!

      Delete
    3. ඇයි ඩුවෙල් සිටිසන් ෂිප් ගනිද්දී ගෙවන එව්වා මදිද.... රට එහෙම හරි ගිය එවුන් ඩොලර් කීය කීය හරි ලංකාවට එවනවා.... රට ඇතුලෙම ඉන්න එවුන් නිදහස් අධ්‍යාපනයත් අරගෙන පිටින් එක සතයක් ගෙනැල්ලා තියෙනවද.....

      Delete
    4. ස ර ස තුමනි, අහවලා කිව්වේ රසිකොලොජිස්ට් ද?

      Delete
    5. //රට එහෙම හරි ගිය එවුන් ඩොලර් කීය කීය හරි ලංකාවට එවනවා.//

      එහෙම එවන්නෙ මැදපෙරදිග, කොරියාවෙ වැනි රටවල තාවකාලික සන්ක්‍රමනික සේවයේ යෙදෙන අයයි.. මෙතැන කියා ඇත්තේ සන්වර්ධිත බටහිර රටවලට පවුල්පිටින් සන්ක්‍රමනය වී එහි ජීවත්වන අය ගැනයි.. ඔවුන් මෙරටට බදු ගෙවන්නේ නෑ, බොහෝවිට ඔවුන්ගේ පවුල් පවා ඒ රටවල සිටින නිසා මෙරටට මාස්පතා මුදල් යැවීමක් සිදුවන්නේ නෑ, ඒ රටවල උපයන මුදල් බොහෝවිට ඒ රටවලම බැන්කු වල තැන්පත් කරනවා පමනයි...

      //රට ඇතුලෙම ඉන්න එවුන් නිදහස් අධ්‍යාපනයත් අරගෙන පිටින් එක සතයක් ගෙනැල්ලා තියෙනවද...//
      ඕලෙවල් වෙනකම් පමනක් ඉගෙන ගෙන වෙලද කලාපවල මහන තරුනියන්ගේ සිට ලෝක වෙලදපලට මෘදුකාංග සපයන ලංකාවේ සමාගම්වල සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවන් දක්වා රට ඇතුලේ සිටිමින් විදේශ මුදල් හම්බකරන අය ඔනෑතරම් ඉන්නවා... කෙසේවෙතත් මෙතැන කතා කොට ඇත්තේ කරන්නේ රටට මුදල් පිටින් එවන අය ගැන නොවේ යැයි ඔබට වැටහී ඇතැයි සිතනවා...

      Delete
    6. ඩුවල් සිටිසන්ෂිප් ගන්නේ නාකි වුණාම ඇවිල්ලා ඉන්නට ගෙයක් ගන්නයි... නැත්නම් වෙන මගුලකට නෙවෙයි.

      Delete
    7. ඉතින් මනුස්සයෝ ඒ ගේ ගන්න සල්ලි ගේන්නෙත් පිටරටින් හම්බ කරපුව නේද?

      Delete
    8. තාවකාලික සංක්‍රමිකයන්ගෙන් හැර යුරෝපයේ හෝ අනිත් රටවල ඉන්න අයගෙන් නම් ලංකාවට සල්ලි එනවා කියන එක ඉතාම අවමයි. එහෙම එවන්න සල්ලියක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. අනිත් එක ඔවුන් තම ගිනුම් පවත්වාගෙන යන්නේ තමන් පදිංචි රටේමයි. එකක්වත් තියාගන්නවද මන්දා.

      Delete
    9. correction.....NRFC එකක්වත් තියාගන්නවද මන්දා.

      Delete
    10. // Aruna PereraMay 7, 2016 at 12:34 PM
      තාවකාලික සංක්‍රමිකයන්ගෙන් හැර යුරෝපයේ හෝ අනිත් රටවල ඉන්න අයගෙන් නම් ලංකාවට සල්ලි එනවා කියන එක ඉතාම අවමයි. එහෙම එවන්න සල්ලියක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. අනිත් එක ඔවුන් තම ගිනුම් පවත්වාගෙන යන්නේ තමන් පදිංචි රටේමයි. එකක්වත් තියාගන්නවද මන්දා. //

      වැරි වැල් සෙඩ් අරූ තුමා!

      උන් බලන්නෙ කොමෙන් කෝමින් හරි අම්ම තාත්ත ගේ දේපොල පවා විකුනලා ඒ සල්ලිත් පලවෙනි ලෝකෙට උන්ඩිය ක්‍රමේට අදින්නේ කෝමද කියලා නේ!

      Delete
    11. ////අම්ම තාත්ත ගේ දේපොල පවා විකුනලා ඒ සල්ලිත් පලවෙනි ලෝකෙට උන්ඩිය ක්‍රමේට////

      ස ර ස තුමාට මගෙන් උම්මා එකක්!

      Delete
  5. ඉන්කම් ටැක්ස් වගේ සෘජු බදු හරියට ක්‍රියාත්මක නොකර වැට් වගේ ලේසියෙන් ගන්න පුලුවන් ඉන්ඩිරෙක්ට් ටැක්ස් වැඩි කරන එක හරි අසාධාරණයි. ඉන්කම් ටැක්ස් වලින් හරියට ගෙවන්නෙ පඩියෙන් ගෙවන PAYE විතරයි

    ReplyDelete
  6. //දුප්පතුන් වැඩිපුර හසු වන ආකාරයට බදු දැල පුළුල් කර එළා තිබේ. //

    හෙනහුරා ගෙ අම්මත් හොඳින් හැදුනු කෙහෙල් කැන තියෙන්ඩ ඇරලා කනාටු වෙච්චි කෙහෙල් කැන කපාගෙන ඇවිත් පෙන්නුවේ මේ සන්කල්පයමයි....

    මේ රටේ දනපති ඉන්නේ කොපමන කුඩා ප්‍රමානයක් ද.. ඒ නිසා ගහන බද්දක් ඔයි දුපත්ත් ඈයොන් ට ම ගහමු පැරා!

    ReplyDelete
  7. //මෙය මුළු ජාතික ආදායමෙන් 75%කට සමාන ය. ඒ කියන්නේ රජය නොව රට වසරක් තුළ උපයන සමස්ත ආදායමෙන් 75%ක් තරමේ ණය බරක් රජයට තිබේ.//
    මහ බැංකු වාර්තාව අනුව නිවැරදිම ගණන 76%කි. කෙසේ වුවද, මුල් වරට දළ දේශීය ආදායමේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය 76% මට්ටම ඉක්මවූයේ 1980දීය. ඉන් පසුව 1984 වසරේදී සහ 2010-14 කාලයේදී හැර අනෙක් සෑම වසරකදීම මේ ගණන පැවතුණේ මීට වඩා වැඩියෙනි. ජවිපෙ විසින් රටේ නිෂ්පාදන ආර්ථිකය අකර්මන්‍ය කළ 1988දී මේ අගය මුල් වරට 100% ඉක්මවූ අතර 1989 දී 108.9%ක් විය. නැවතත් කටුනායක LTTE ප්‍රහාරය සිදු වූ 2001දී රටේ ආර්ථික වර්ධනය පළමු වරට සෘණ අගයක් ගැනීමත් සමඟ මේ අගය 100% ඉක්මවූ අතර 2004 වන තුරු 100% ඉක්මවා පැවතිණි. එතැන් සිට ගතවූ දශකය තුල ණය ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ ගියත් ද.දේ.නි. ඊට වඩා වේගයෙන් වැඩි වූ නිසා මේ අගය පහළ ගියේය. (එසේ වැඩි වුනේ කෙසේද යන කරුණ දැන් ආර්ථිකය මෙහෙයවන අය තේරුම් ගත යුතුය. එය සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එය තේරුම් ගත නොහැකිනම් වඩා හොඳ සැලසුමක් හැදීම පහසු කරුණක් නොවනු ඇත.)

    //2016 වසරේදී රජයේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%කි.//
    "රාජ්‍ය අයවැයෙහි වියදම් විශාල ලෙස ඉහළ යාම, ද.දේ.නි.හි ප්‍රතිශතයක් ලෙස 4.4%ක් වූ ඉලක්කගත අයවැය හිඟය 7.4% දක්වා ඉහළ යෑමට"-උපුටා ගැනීම මහ බැංකු පුවත් නිවේදනයෙනි. පසුගිය වසරේද ඇස්තමේන්තු කළ හිඟයට වඩා සැබෑ හිඟය 3%කින් වැඩිය. මේ වසරේදී හිඟය ඇස්තමේන්තු කර ඇති 5.4% මට්ටමේ පවත්වා ගැනීමට තරම් මූල්‍ය විනයක් රජය විසින් පෙන්වනු ඇතැයි අපි දැනට සිතමු.

    ReplyDelete
  8. බයියොයි ටොයියොය් එකතු වෙලා කවදාවත් මේ රට හදන්න බෑ.... සිරිසේනට වඩා මහින්ද ආර්ථිකයෙදි සෑහෙන ඉදිරියෙන් හිටියා.... සමහර විට මහින්ද ජනපති වෙලා උන්නා නම්, එක්කෝ චීන ආධාර එනවා... එහෙම නැත්නම් ආන්ඩුවේ ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමකට යනවා.. එහෙම යන්න කිසි අවුලකුත් නෑ... මොකෝ ජනමාධ්‍ය ඕවා ප්‍රශ්ණ කරන්නේ නෑ උන් මහින්දගේ බල්ලො වගේ නිසා... උදාහරනයකට ඩෝල් සමාගමට අක්කර දාස් ගනන් දීම.. ඕක රනිල් කරා නම් කොහොමට තියෙයිද...?

    රනිල්ට 2002 දිත් අවශ්‍ය දේ කර ගන්න බැරි උනා... මේ වතාවෙදිත් එහෙමමයි... ඉතින් එයාට මැරෙන්න වෙන්නේ පට්ට ෆේල් නායකයකු විදියට තමයි...

    ReplyDelete
    Replies
    1. ////සිරිසේනට වඩා මහින්ද ආර්ථිකයෙදි සෑහෙන ඉදිරියෙන් හිටියා/////////

      ඒ කිව්වේ?

      Delete
    2. මහින්ද පාරවල් හරි හැදුවා. පෝට් සිටි එක පටන් ගත්තා. හොරකම් කලෙත් ඒ අතරෙ නේ. මුන් මොනවද බං අද වෙනකන් කළේ?

      Delete
    3. එපා නොකියන්න ප්‍රොජෙක්ට්ස් නම් කරා තමයි. මුන්ට මුකුත් කරගන්න බැරි, මේ පටලැවිල්ල ලිහාගන්න බැරිනිසානේ. කිසිම ආණ්ඩුවක් කැමැත්තෙන් බදු පටවන්නෙත් නැහැනෙ බන්. උන්ගේ කැපකිරීමක්, දූෂනය අවම කිරීමකුත් නැහැ.

      ප්‍රශ්නේ තියෙන්නේ මේ පරම්පරා ගානක ඉඳන් ණය බරෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන ගැටලුවනේ. විසඳුම තියෙන්නේ මේ ආණ්ඩුව පෙරලීමෙන් නෙමේනේ. ඒක එහෙම කරන්න විදිහකුත් නැහැ. මම නම් හිතන්නේ මේ මරා දාන දනිස් මාට්ටු වලින් මිදිලා, රට වෙනුවෙන් හිතලා මේ උගුලෙන් ගලවගන්න ඉඩ දෙන්න ඕන කියලා.

      Delete
    4. ///මම නම් හිතන්නේ මේ මරා දාන දනිස් මාට්ටු වලින් මිදිලා, රට වෙනුවෙන් හිතලා මේ උගුලෙන් ගලවගන්න ඉඩ දෙන්න ඕන කියලා.///
      අරූ, දැන් ඉන්න සෙට් එක මුල සිට අවසාන මොහොත දක්වා මරාට විරුද්ධව අම්බානක දනිස් මාට්ටු දාල අන්තිම මොහොතේ පට්ට වෙට්ටුවකුත් දාපු එකේ මරාගෙන් ඊට වඩා වෙනසක් බලාපොරොත්තු වෙන එක සාධාරණද...

      Delete
    5. පාරවල් හැදුවේ දේශීය බිංකු වලින් නය අරං !. හම්බන්තොට වරායට ගත්ත නය සහ වියදම ගැන . ජන කතිකාවතක් ගෙනායුතුයි. ඇත්ත තවම හෙලිවෙන්නේ නෑ. මේ ආංඩුවත් ඒවා හෙලි කරන්න බයයි වගේ පේන්නේ.

      Delete
    6. කකුල් මාට්ටු දාන්න ලොක්කා ඉඩ දෙන එකක් නෑ. මොකෝ වැටුනොත් හෙම රනිල් කෙසේ වෙතත් ලොක්කගෙ මයිල් ගහක් වත් හොයා ගන්න වෙන්නේ නෑ. කබලෙන් ලිපට වැටුන එකාට නිරයට ගියත් කිසි අවුලක් නෑ බං.

      Delete
    7. ලොකු පුතේ......එදා ජනවාරි අටවෙනිදා වැට්ටුවේ හෝ කනෙන් ඇදලා එලියට දැම්මේ මරා හා චක් ගෝලයන් පවත්වාගෙන ගිය අපත, වනචාරි, සමාජ දේශපාලන අලුගුත්තෙරු කම මිසක් , මරා කියන ශරීර කූඩුව නොවන බව මගේ විශ්වාසයයි. ඒ නිසා වැරදි හදාගන්න ඕන මරාමයි. ප්‍රති මාට්ටු දාන්න ඕන රටට , අනාගතයට නොවන බව මගේ විශ්වාසයයි. පරිනත නායකයෝ හැසිරෙන්න ඕන එහෙම නේද?

      Delete
    8. මම අදටත් පිලිගන්න දේ තමයි මේ රට හදන්න පුළුවන් සොඳුරු එකාධිපතියෙකුට විතරයි කියන දේ.. සුද්දා මේ රට හැදුවේ.. ඒක අධිරාජ්‍යයක් උන නිසා... නීතියක් විනයක් තිබුන නිසා... මහින්ද තමයි ඒකට නියම සුදුස්සා... ඒත් මහින්ද රට හැදුවේ නෑ පවුලයි හැදුවේ... එහෙම නැතුව රට හැදුවා නම්.. තවත් ලී ක්වාන් යූ කෙනෙක්, මහතිර් මොහොමඩ් කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්... යුද්ධයකුත් ජය ගත් නිසා මා ඕ සේතුං තත්වයට උනත් එන්න තිබුනා... ඒත් එයා අද විහිළුවක් වෙලා ඉවරයි... ආයෙත් එයාට ඕන රට හදන්න නෙමෙයි පවුල හදන්නම තමයි.. ඒකට බැසිල් ඝෝඨා විතරක් නෙමෙයි. පක්ෂයේ ජේෂ්ඨයන්ට පවා පෙන්නන්න බැරි නාමලුත් අයින් කරන්න ඕන... ඒක නොවන තාක් කල් එයාට නැවත් බලය තියා කිසිම තතුරක් වත් හම්බ වෙන්නේ නෑ...

      Delete
    9. මේ යන විදිහ බලාගෙන යනකොට benevolent dictator කෙනෙක් තමයි ඕන. දේශපාලන අර්තයෙන් ඕක මට කියන්න දැණුමක් නැහැ. ඩිමොක්‍රසි කියන එක අපේ රටට තව දුරටත් වලංගුද කියලත් හිතෙනවා එක වෙලාවට. අපි ආපස්සට යන ජාතියක්. දුකයි.

      මේ benevolent dictator කෙනෙක් හැටියට මම දකින පාලකයෙක් තමයි ඕමානයේ සුල්තාන් කබූස් කියන පාලකයා. සියලුම දේ හරිද කියන්න මම දන්නේ නැහැ. තමන්ට කියලා දරුවෙක්වත් නැති කෙනෙක්, ඒ රට යම් තැනකට ගෙනාවා. ඒ ක්‍රමය දේශපාලනිකව වැරදිනම් එංගලන්තේත්,ඇමරිකාවත්, රුසියාවත් මෙව්වා අස්සේ ගොනු වෙන්නේ කොහොමද? ඒ ක්‍රමය ඔය කොයි කාටත් පොදු වාදයක්ද? නැත්නම් තෙලේ බලේද? මේව මං වගේ පොඩි අප්පුහාමිලාට තේරෙන මඥ්ඥං නෙමේ

      Delete
    10. // ප්‍රශ්නේ තියෙන්නේ මේ පරම්පරා ගානක ඉඳන් ණය බරෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන ගැටලුවනේ //

      අපි ණය ගෙවනවා කියලා ටී වී එකේ දැන්වීම් දාන ඒක න්වත්තගන්න බැරිද මෙයාලා...

      අපි වැට් එක්ක අමාරුවෙන් මිල දී ගත් කෑම පත්තියන් වෙන්නේ නැහැ ණය ගෙවනවා කියලා ණයට දැන්වීම දානවා දැක්කාම!

      Delete
  9. ප්‍රශ්නය තියෙන්නේ ගෙවුම් ශේෂයේ. ආනයන වලට වඩා අපනයන අගය අඩුයි. මේ හිගය පියැවෙන්නේ විදේශ සංක්‍රාම වලින්. ඒක ප්‍රමානවත් නැති හන්දා විදේශ ණය ගන්නවා. විදේශ ණය ගද්දී ජාමූඅ කියනවා රජයේ අය වැය හිගය අඩු කරන්න කියලා. ගෙවුම් ශේෂ හිගයයි රාජ්‍ය අය වැය හිගයයි අතර සම්බන්ධය මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඇනෝ. ප්‍රධානම ප්‍රශ්නය තියෙන්නේ ගෙවුම් ශේෂයේ. ඔබ අහන ප්‍රශ්නයට පිළිතුර මට මෙතන කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. පසුගිය කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය ඔය සම්බන්ධය තේරුම් ගත්තා පමණක් නෙමෙයි ඒ ගැන ගොඩක් දෙනෙක්ට ඇති නොදැනුවත්කමත් වාසියට ගත්තා. ඒ නිසා පසුගිය කාලයේ ආර්ථිකයේ ඇතිවුණු ආකෘතිමය ප්‍රශ්නය බැලූ බැල්මට සංඛ්‍යාලේඛණ වලින් මතුපිටින් පේන්නේ නැහැ. ඒ නිසා අයවැය හිඟය අඩු කළාට දීර්ඝකාලීනව ප්‍රශ්නය විසඳෙන්නේත් නැහැ. කෙසේ වුවත් අයවැය හිඟය ප්රශ්නයට එක් මූලික හේතුවක් නිසා එය අඩු කළ යුතුයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා