මන්ත්‍රීවරුන් මෙසේ හැසිරෙන්නේ ඇයි?

අපේ ගමෙන් අප පාර්ලිමේන්තුවට යැවූ බ්‍රේක් නැති ඇට්ටැට්ටරේ හා ප්‍ර‍සන්න රණවීර නම් තවත් මන්තිරියකු ඊයේ පාර්ලිමේන්තුවේ වලියට මුල බව සොයාගෙන තිබේ. දැන් මේ දෙන්නා දඬුකඳේ ගසා අනෙක් කට්ටිය සුදනන් වෙන්නට උත්සාහ කරන බව පෙනේ. 

අප නම් කියන්නේ පාර්ලිමේන්තු ප්‍ර‍චණ්ඩත්වය පිළිබඳ ප්‍ර‍ශ්නය මීට වඩා ගැඹුරු එකක් බවයි. ලංකාවේ පාර්ලිමේන්තුවට පත් වන්නේ ලංකාවේ ඡන්දදායක අපට ගැලපෙන මිනිස්සු ය. ජවිපෙ හා කොටි සංවිධානයේ කැරැලිත්, රජයේ මර්දනයත් නිසා අපට ඉතිරි වී සිටින්නේ මේ ඉන්න අපි තමුසෙලා වගේ වාහෙලා ටික ය. හැම ජාතියක ම දක්ෂයන් විශාල පිරිසක් අපි සුද්ද කර දමා ඇත. 

මේ මන්ත්‍රීලා මෙහෙම වන්නට හේතුව අප ම ය. ඔවුන් බලවත් වන අන්දමින් මධ්‍යම පංතිය හා ඒ පංතියට මහජන මුදල් සූරා දෙන සේ රජය ශක්තිමත් කළේ අප ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් යනු මේ රටේ මහජන මුදලින් යැපෙන මධ්‍යම පංතික පරපෝෂිතයන් අතරින් ඉදිරියෙන් ම සිටින පිරිසයි. ඇත්තම කියනවා නම් මධ්‍යම පංතිකයන්ගේ පරපෝෂිත පරමාදර්ශය ද පාර්ලිමේන්තු මන්ත්‍රී ය. බල්ලන්ට ගහන්නට සල්ලි ඇති දොස්තරලා, පෙරකදෝරුවන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෙනත් වෘත්තිකයන්, බාර්කාරයන්, ගිනි පොළීකාරයන්, කොන්ත්‍රාත්කාරයන්, ව්‍යාපාරිකයන් පවා පැණි හැලියට වහ වැටුණු ඇඹලයන් සේ දේශපාලනයට එන්නේ ඒ නිසා ය. 

මධ්‍යම පංතිකයන්ගේ ජීවන පරමාදර්ශය මන්තිරියා ය. දේශපාලකයකු වුවහොත් ගිය ගිය තැන පිළිගැනීම ය. යන්නේ සුපිරි වාහනයක ය. පොලිසිය පාර පාදයි. කන්නේ, බොන්නේ, පීත්ත පටි කපන්නේ උත්සවාකාරයෙනි. ගිය, ගිය තැන කතා පවත්වන්නට ලැබේ. කතා කරන එක මිස වැඩක් කරන්නට උවමනාත් නැත. හැමෝ ම ආසාවෙන් බලති. බාල ගෝලයෝ කණ කසති. පොඩි විහිළුවලට වුණත් හැමෝ ම හයියෙන් හිනා වෙති. රස්සාවල්, උසස්වීම්, මාරුවීම් සොයාගෙන ආධාරකරුවෝ එති. හැමෝම එයාව අඳුනගන්නට කැමති ය. නෑදෑයෝ පවා හිතවත් වෙති. ඇඟ පුරා ම ලොක්කෙකි. ස්ත්‍රී ශරීරවල රහ බලන්නටත් අවස්ථාව ලැබේ. රට යන්නට පුළුවන. නිතර රට යනවා කියන්නේ ලංකාවේ මාර පොරක් බවට සලකුණකි. පාර්ලිමේන්තුවේ පඩි හා වරප්‍ර‍සාද හොඳ ය. ඇමති කට්ටෙකු වුණොත් යාන වාහන ද, අරවා ද මේවා ද නො ලැබෙන දෙයක් නැත. තව ඉතින් කොමිස් ද ලැබෙනවා ය. හත්මුතු පරම්පරාව ම ගොඩ ය. ළමයි පිටරට යවන එක නතිං ය. දේශපාලකයෙක් වුණොත් රට යන්නට ඕනෑ නැත. මෙහෙත් සැප කණේ ය. 

මන්තිරියන් අලි වෙන්නේ රජය ශක්තිමත් වන තරමට ය. මන්ද, රජය අපේ ජීවිතවලට මැදිහත් වන ප්‍ර‍මාණය වැඩි වෙන තරමට දේශපාලකයන්ට ද අපේ ජීවිතවලට ඇඟිලි ගහන්නට අවස්ථාව ලැබේ. වෙළඳපොළ ශක්තිමත් වන තරමට අපට රජයක අවශ්‍යතාව දැනෙන
ප්‍ර‍මාණය අඩු වේ. ඒකෙන් කියන්නේ රජය අනවශ්‍ය ය කියා නො ව. ජනතාව ලෙස අපට මිළ දී ගැනීමේ හැකියාව හා තෝරා ගැනීමේ නිදහස තිබිය යුතු ය. ඒ දෙක නැති හා ඕනෑ නැති අය වෙනුවෙන් රජයේ සේවාත් තිබුණාට කමක් නැත. සංවර්ධනයත් සමග අප රජයෙන් ස්වාධීනව පුද්ගලයන් ලෙස හා සමාජය ලෙස ශක්තිමත් විය යුතු ය.  

එහෙත්, ලංකාවේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් දේශපාලන බලවේග උත්සාහ කරන්නේ තව තවත් රජය ම ශක්තිමත් කරන්නට ය. විශේෂයෙන් ම වාමාංශික පක්ෂ රජය වෙනුවෙන් දිවි පුදන්නට වුව සූදානම් ය. වර්තමානයේ රජය වනාහි පාඩු ලබන දැවැන්ත කොම්පැනියකි. ඒ වුණාට වාමාංශිකයන්ට කමක් නැත. විප්ලවය වූ දාට ගෙඩිය පිටින් රජය තමන් අතට ලැබේ යයි ඔවුහු සිතාගෙන සිටිති. 

එතකල්, රජයත්, දේශපාලකයෝත් මෙසේ අපට .... (එක්කෝ ඒකත් කියන්න ඕන්නෑ ය.) 

ඇමතිවරයකු නඩත්තු කරන්නට මාසයකට මහජන මුදලින් රු. ලක්ෂ 50ක් පමණ වැය වන බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ හා පළාත් සභා ආදියෙහි සිටින දේශපාලකයන් නඩත්තු කරන්නට අපට මාසයකට රු. බිලියනයක් පමණ වැය වේ. 

මේවාට පත් වී ඇති අනාගත නායකයන්ගේ ඔලුවේ දිග පළල බලාගන්නට හැකි අපූරු ලිපි පෙළක් මව්බිම පුවත්පතේ හටන අතිරේකයේ පළ වේ. එහි පරිවර්තනයක් සිලෝන් ටුඩේ පත්තරයේ ද පළ වේ. තමන්ට ජනාධිපතිකම ලැබුණොත් කරන දේවල් එහි සඳහන් වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සාරස තුමා මන්තිරියෙක් වුණ දාට ලංකාවේ හැමෝගේම දත් ගලවනවාය.

    ReplyDelete
  2. එදා සිට අද දක්වාම සිදුවන්නේ පාට මාරු වීමක් පමණකි. රට තවමත් අගාධයේය. නැත්නම් අපි වෙනුවෙන් මේ කෑ ගහන හැටියට මෙලහකටත් මේ රට සුරපුරක් වී හමාරය. ඉතින් සහෝදරය, කියන්න ඇත්තේ
    " මොකා දෙඩෙව්වත් එක වල්ලේ පොල්මයි "
    යනුවෙන් පමණයි.

    ජයවේවා !

    ReplyDelete

  3. අප නම් කියන්නේ පාර්ලිමේන්තු ප්‍ර‍චණ්ඩත්වය පිළිබඳ ප්‍ර‍ශ්නය මීට වඩා ගැඹුරු එකක් බවයි. ලංකාවේ පාර්ලිමේන්තුවට පත් වන්නේ ලංකාවේ ඡන්දදායක අපට ගැලපෙන මිනිස්සු ය. ජවිපෙ හා කොටි සංවිධානයේ කැරැලිත්, රජයේ මර්දනයත් නිසා අපට ඉතිරි වී සිටින්නේ මේ ඉන්න අපි තමුසෙලා වගේ වාහෙලා ටික ය. හැම ජාතියක ම දක්ෂයන් විශාල පිරිසක් අපි සුද්ද කර දමා ඇත//

    ලංකාව කියල අපි හඳුන්වන කොටසේ ඇති නීති රීති, ජනතාවගේ සිතුම්පැතුම්.... ආදී අටෝරාශියක් කාරණාවලට අදාලව බිහිවිය හැකි පාලකයන් තමයි මේ හදාගෙන තියෙන්නෙ.(එහෙම නැතුව මරල ඉවර කරල නෙවේ). මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙච්චරයි.

    ReplyDelete
  4. පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට එක දවසකට යන වි්යදම මිලියන කීයක්දැයි නොදනිමි. මෙරටේ බදු ගෙවන්නන් ගේ මුදලින් අනුභවකර, කාර් පර්මිට්, සහ තවත් දීමනා ලබා මුන් ටික කරන්නේ උන්ට ඇතැයි සිතන පුද්ගලික ප්‍රශ්න වෙනුවෙන් ගහ මරාගන්න එකය . ඉරාකයේ දැන් කරනවා වගේ ජනතා උද්ගෝෂනයක් චත් කොරලා මුන් ටික එලවා දැමීම හැර ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් නැත..

    ReplyDelete
  5. තාම පරක්කු නෑ පැරා.....

    ReplyDelete
  6. අපේ ගමින් අප පාර්ලිමේන්තුවට යැවු වෙනුවට මම පෞද්ගලිකවම චන්දය ලබාදුන් සහ අනෙත් අයට එලෙස ලබාදිය හැකි පුද්ගලයෙකු ලෙස පෙන්වු තෙවරප්පෙරුම ලෙස ලියුවානම් හොදය.....

    //ජවිපෙ හා කොටි සංවිධානයේ කැරැලිත්, රජයේ මර්දනයත් නිසා අපට ඉතිරි වී සිටින්නේ මේ ඉන්න අපි තමුසෙලා වගේ වාහෙලා ටික ය. හැම ජාතියක ම දක්ෂයන් විශාල පිරිසක් අපි සුද්ද කර දමා ඇත.// මේවා පදනම් විරහිත කතාවන්ය. මෙයින් පවසන්නේ ජවිපෙ හා කොටි සංවිධානයේ කැරැලිත්, රජයේ මර්දනයත් නොතිබුනේනම් රට සුරපුරයක් වන බවද? එසේවුයේනම් අද දිනයේ ඉතා දක්ෂ කාර්යශුර පුද්ගලයින් පාර්ලිමේන්තුවේ සිටින බවද?
    මෙය සැබවින්ම විදේශිකයින් රට ආක්‍රමණය නොකලානම් ලංකාවේ ආර්ථිකය හා සංස්කෘතිය මීට වඩා දියුණුවිය හැකිව තිබිය හැකිබව කියනවා පරිදිය. (සමහරුන්ට අනුව ලංකාවේ ආර්ථිකය හා සංස්කෘතිය විනාශකලේ ඉංග්‍රිසීන්ය)

    ReplyDelete
    Replies
    1. මම පාලිතට ඡන්දය දුන්නෙමි. එ් අන් හේතුවක් නිසා නොව ඔහු ප්‍රදේශයේ ඇති වූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ජීවිත අනතුරු නො තකා මිනිසුන් බේරා ගැනීමට ඉදිරිපත් වීමෙන් පෙන්වූ එඩිතරකමට ගරු කිරීමක් ලෙස ය. එවැනි ක්‍රියාවලට ගරු කළ යුතු ය.

      ජවිපෙ හා කොටි සංවිධානයේ කැරැලිත්, රජයේ මර්දන ක්‍රියාත් නිසා ජීවිත විනාශ වූ අය ගැන වෙන වෙන ම සිතා බලන්න. ඒ අය ලෝකයේ සිටියා නම් ඇත්තෙන් ම රටට ඔවුන්ගේ හොඳ දායකත්වයක් ලැබෙන්නට තිබිණි. එය ඇස් පනා පිට පෙනෙන කාරණයකි. උදාහරණයක් ලෙස 1989දී මා මරා දැමුවා නම් මේ බ්ලොගය අද නැත.

      Delete
  7. උන්ට ඕනෙ විධියට මරාගන්න කියලා අපි අපේ වැඩක් කරගෙන ඉමු අප්පා.. හෙට අනිද්දා ආයම ඕකුන් එකට ඩ්‍රින්ක් එකක් දාලා ආතල් එකේ ශේප් වෙලා ඉඳියි.

    ReplyDelete
  8. Any possibility of dissolving parliament due to misbehaviour of its members?

    ReplyDelete
  9. සතියක පාර්ලිමේන්තු තහනමක්. මේ මොන විකාරයක්ද? මේ වගේ මැරයන් පාලනය කරන්න පුළුවන් වෙන්නේ උන්ගේ නූගත්කමට ගැලපෙන දඬුවම් ලබාදීමෙන්.

    මාස තුනක පාර්ලිමේන්තු තහනමක් වැටුප් සහ මන්ත්‍රී වරප්‍රසාද රහිතව.

    ඒ මාස තුන තුල රජයෙන් ලබාදුන් වාහන, පාස්පෝට් ආපසු භාරදිය යුතුයි.

    රජයෙන් ලබාදුන් දුරකථන පහසුකම් ඒ මාස තුන තුල අත්හිටුවීම.

    කිසිදු රාජ්‍ය උත්සවයකට සහභාගිවීම තහනම් කිරීම.

    කිසිදු රාජ්‍ය ආයතනයකට නිල මට්ටමෙන් ඇතුළුවීම තහනම් කිරීම.

    පාර්ලිමේන්තුවේ වෛද්‍ය පහසුකම් අත්හිටුවීම.

    මාධ්‍ය වෙත අදහස් දැක්වීම තහනම් කිරීම.

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොටම වඩා හොඳ නැද්ද පක්ෂ්ය විසින් තීරනයක් ගෙන මන්ත්‍රීධූරයෙන් ඉවත්කිරීම. පක්ෂ ව්‍යවස්තාව තුල ඒ සඳහා කොච්චර ඉඩක් තියෙනවද දන්නේ නැහැ.

      Delete
    2. එතකොට අනික් පැත්තෙන් ඌව මල් මාලා දාලා පිලිගන්නවා අරුණ. අරූ ඒ පැත්තේ ඉඳන් රෙද්ද උස්සලා පෙන්නනවා.

      Delete
    3. ඒක නම් එහෙම වෙයි තමයි විචා.ඒවාට හොඳ උදාහරණ නම් ඇති පදම්. පක්ෂ විනය කඩකිරීම නිසා (ජපානයට කාවද ගෙනිහින් )නේද ජවිපෙ මන්ත්‍රීවරයෙක්ව සිටි අනුරුද්ධ පොල්ගම්පොල ඉවත් කරේ ඒ දවස්වල. ඒත් ඒ යකා කාලයක් සද්දේ වහලා ඉඳලා ආපහු මරාට කඩේ ගියා.

      තම පක්ෂ සාමාජිකයා ඇස් පනාපිට වරදක් කර ඇතිවිටත් එය කතානායකට බාරදී අත පිහිදා ගැනීම පිලිබඳව සාමජිකයින් නායකත්වය ප්‍රශ්න කල යුතුයි. ඒත් ඒ පක්ෂ තියෙන්නෙත් මේ මජර සිස්ටම් එක ඇතුලෙමනේ.

      Delete
  10. thurkeye kachal eka baluwama ape MP la supeshala shikshakami.

    ReplyDelete
  11. ජ.වි.පෙ.ඇතුලෙ විතරයි මේ වගේ දේකට,ගැලපෙන දඬුවමක් ලැබෙන්නෙ.අනිත් පක්ෂවල ඒවගේ දෙයක් කරොත්,සේරටම ගෙදර යන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. අනේ මොකට කියනවද, එයාලා එහෙම දඩුවම් කරපු හින්දා වෙන්නැති වීරවංශ සහ නඩය එයාලව දාලා මහගෙදර ගියේ.

      Delete
  12. පැරා ගේ කාටූන් හැකියාව නම් එළ!

    ReplyDelete
    Replies
    1. ඉහල වමේ බල්ලා අහවල් එක කෙලින් කරගෙන ෆයිට් කරනව

      Delete
    2. බ්ලොග් කාටුන් කියලා වැඩක් ප්‍රමෝට් කරන්න පුළුවන් නේ ද? වෙන අයත් පෙළඹෙයි. (දෙයියන්ගෙ නාමෙට සම්මාන කැටගරියක් කරන්නට යෝජනා කරන්න නම් එපා.)

      Delete
  13. මන්ත්‍රීවරයකු නොමනා විදිහට හැසිරෙනවානම් මහජන පැමිණිලි විමසා බලා අධිකරණක්‍රියාවලියක් තුලින් ඔහුගේ /ඇයගේ මන්ත්‍රීකම අහෝසිකිරීමට වෙනෙකෙකු පත්කිරීමට පියවර අළුත් ව්‍යවස්තාවට දාගන්න වෙනවා.

    එසේ අහෝසි කරදා පටන් තවකෙකු පත්කර එවන තුරාවට ඔහු/ඇය තෝරා එවූ ජන්දකොට්ඨාශයට රටේ බදු මුදල් වලින් ලබාදෙන සහනාධාර, රජයේ රැකියා සඳහා පත්කිරීම්, රජයේ ඉදිකිරීම් අත්හිට විය යුතුයි.

    ReplyDelete
  14. ප්‍රසන්න රණවීරට හෝ පාලිත තෙවරප්පෙරුමට හෝ දඩුවම් කිරීම අර්ථ විරහිතය.

    ඇත්තටම ඉහළම දඩුවම ලබාදිය යුත්තේ දිනේෂ් ගුණවර්ධනට ය.

    විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 1983 දී මහරගම අතුරු මැතිවරණයට ඉදිරිපත් වී තේරී පත් වූ දිනේෂ් ගුණවර්ධන මේ ගෙවන්නේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් තුන්වන අවුරුද්දයි. ඒ අතරතුර අවුරුදු හයක් ගෙදර සිටි බව ඇත්තක් වුවද ඔහු ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

    එහෙත් ඒ ජේෂ්ඨකම අමතකව වල් තක්කඩිකම උඩට මතුවන්නේ කළබගෑනියකදී ය. පසුගිය අගහරුවාදා ඇතිවූ පාර්ලිමේන්තු ගැටුමේ දී මේ ජේෂ්ඨයා හැසිරෙන්නේ වෙඩි කෑ ඌරෙකු සේ ය. වරෙක යටි ගිරියෙන් කෑ ගසමින් ද වරෙක ප්‍රකෝප ලෙස අභියෝග කරමින් ද තවත් වරෙක ආණ්ඩු පක්ෂයට බැන වදිමින් ද ඔහු හැසිරෙන්නේ කනිෂ්ඨ මන්ත්‍රීවරුන් අභිබවා යමිනි. බරපතලම වරද වන්නේ ඔහු සෙංකෝලය පැහැර ගැනීමට තැත් කිරීමයි.

    ඉහ නිකට පැසුණු දිනේෂ් ගුණවර්ධනගේ කහඹිලියා ගා ගැනීමට සාපේක්ෂව ආධුනික තෙවරප්පෙරුම හා ප්‍රසන්න රණවීර කළ දෙයක් නොමැත.

    නාමාධාරී පාසැල් වලින් අධ්‍යාපනය ලැබූ විට විනය ඇතුළු පෞද්ගලික චර්යාව යහපත් වන බව මතයක් පවතී. එහෙත් කහඹිලියා ගා ගෙන දගලන දිනෙෂ් මෙන්ම කට වාචාලකම් කියවන රනිල් වික්‍රමසිංහ ද කොළඹ රාජකීය විද්‍යාලයේ නිෂ්පාදනයන් දෙකකි.

    අදෝමැයි.

    - පිලිප් ශාන්තගේ සටහනකින් උපුටා ගන්නා ලදී.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා