ජාතික උරුමයන් ද බිලි ගන්නා ආගමික රැවටීම්

ආගම යනු අතිශය පෞද්ගලික විශ්වාස පද්ධතියකි. එහෙයින් පිළිගත් ආගමික සංස්ථා හා පුද්ගලයන්ගේ ආගම් යනු හැම විට ම එකක් නො වේ. එසේම, පිළිගත් ආගමික සංස්ථා හා ශාස්තෘවරුන්ගේ ආගම් ද එක ම වන්නේ නැත.

ඒවා සන්සන්දනය කර ආගමික, අනාගමිකභාවයන් විනිශ්චය කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. පිටිදූවේ සිරිධම්ම හිමි බුදු වී තිබේ ද යන්න ඔහුගේත්, ඔහුගේ අනුගාමිකයන්ගේත් ප්‍රශ්නයක් පමණි.

පසුගිය දිනෙක ඉන්දියාවේ හින්දු ඉවැන්ජලිකයකු වන ආට් ඔෆ් ලිවිං පදනමේ නිර්මාතෘ ශ්‍රී ශ්‍රී රවි ශංකර් ලංකාවට පැමිණියේ ය. රවිශංකර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී සිදු විය. ඉන් පසුව ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද හමු වී ඔහුට විශේෂ සළුවක් පළදවා ආශිර්වාද කළේ ය. රවි ශංකර් අරලියගහ මන්දිරයේදී දේශනයක් පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ඔහුගේ බිරියගේ ද සහභාගීත්වයෙනි.

මම ඉන්දියාවේදී ශ්‍රී ශ්‍රී රවි ශංකර්ගේ ආට් ඔෆ් ලිවිං මධ්‍යස්ථානයේ පැවැත්වුණු සතියක වැඩසටහනකට සහභාගි වී ඇත්තෙමි. විවිධාකාර වූ මෙම වැඩසටහන් වෙනුවෙන් මුදල් අය කරනු ලැබේ. ඉන්දියාවේදී මා සහභාගි වූ අන්තර් ආගමික සාම වැඩසටහනක් විසින් මා වෙනුවෙන් මුදල් ගෙවන ලදී. මා ආගම් අදහන්නකු නො වන බව දැන සිටි නිසා කැමති නම් පමණක් එයට සහභාගි වන ලෙස ඔවුහු පැවසූ හ.

කුෂ්වාන්ත් සිංගේ Burial at Sea කියවීමෙන් පසු ශාස්තෘ නවකතාව ලිවීම සඳහා මූලබීජය රෝපණය වෙමින් තිබුණු මෙසමයෙහි මට ආට් ඔෆ් ලිවිං මධ්‍යස්ථානය කදිම අධ්‍යයනයක් විය.

එය ලංකාවේ විශ්වවිද්‍යාලයක් තරම් සුවිසල් තැනකි. එහි විවිධ පංති කාමර, දේශන ශාලා ආදියෙහි විවිධ තරාතිරම්වල මිනිස්සු අධ්‍යාත්මික ඉගෙනීම් කරති. පාඩම් උගන්වන ස්වේච්ඡා ගුරුවරු වැඩිදෙනෙක් මෘදුකාංග ඉංජිනේරුවෝ, ගුවන් යානාවල සේවය කරන අය වැනි ඉහළ මධ්‍යම පංතික රැකියා කරන හෝ කළ අය හෝ බව ඔවුහු පවසති. එතැනට වැඩිපුර එන්නේ ද එවැනි ම ඉහළ මධ්‍යම පංතිකයෝ ය. එය ආගමක් පමණක් නොව බිග් බිස්නස් එකකි.

මා සහභාගි වූ පාඨමාලාවේ මහලොකු දෙයක් නො තිබිණි. ශ්‍රී ශ්‍රී රවි ශංකර් එක් කලෙක කිසිවකු සමග සම්බන්ධතා නැතිව කිසියම් ගුප්ත තත්වයකට පත්ව එහිදී දෙවියන් හමු වූ බව ද දෙවියන් ඔහුට සුදර්ශන් ක්‍රියා නම් ඥානයක් දුන් බව ද කියා අප එම සුදර්ශන් ක්‍රියාවට පුහුණු කරනු ලැබේ. එය වනාහි ප්‍රාණායම්, භස්ත්‍රිකා ආදී පැරණි ආශ්වාස ප්‍ර‍ශ්වාස ව්‍යායාම ආශ්‍ර‍ය කරගෙන නිර්මානය කරන ලද ශරීරය හා මනස පිරිසිදු කරනවා යයි කියන ක්‍රියාවකි. මම එය එක් වරක් කළෙමි. එමගින් කරනුයේ හුස්ම ගැනීම ආයාසයෙන් ස්වාභාවික රිද්මයෙන් කෘත්‍රිම රිද්මයකට හැරවීමයි. එය ඉතා වෙහෙසකර, වේදනාකාරී ක්‍රියාවකි. එහෙයින් එය කර අවසන් කළ පසු මහත් සනීපයක් දැනේ. ඒ සුවය ලැබෙන්නේ සුදර්ශන් ක්‍රියා නිසා බව ගුරුවරයා පැවසී ය.

වෑල්ඩිං වෙදා ගාවට ගොස් කැඩුණු අතක් කපන්නට ආසන්න තත්වයකට පත් කර ගත් මගේ මිතුරියක් කීවේ වෙදා ඇගේ අත පත්තු තබා තදින් වෙලූ බවත්, එය ඉතා දැඩි වේදනාකාරී වූ බවත්, එය ලිහූ පසු පුදුම සහනයක් ලද බවත් ය.

මේ වනාහි මිනිසුන් රවටන එක් සුලබ ක්‍ර‍මයකි. දැඩි වේදනාවකට පසු දැනෙන සහනය අමුතු සුවයක් ලෙස පෙන්නා මිනිසුන් රැවටිය හැකි ය.

සොබාදහම විසින් දී තිබෙන රිද්මයන්ට හැර වෙනත් ආකාරයන්ට අමාරුවෙන් හුස්ම ගන්නට මට නම් උවමනාවක් නැත. ඒ නිසා මගේ සුදර්ශන් ක්‍රියා එතැනින් අවසන් විය.

පුනරුත්ථාපන වැඩසටහනකදී මේ ලෙස ම මම ආනාපාන සති භාවනාව ද අත්හදා බලා ඇත්තෙමි. මට නම් හිතෙන්නේ හිත එක් තැන් කරන්නේ මොන මගුලට ද කියා ය. හිත පාලනය කර ගත යුතු බව නම් මම ද පිළිගනිමි. එහෙත්, ඒ වෙනුවෙන් මනසට වධ දෙන්නට මට නම් උවමනාවක් නැත.

දේශපාලකයෝ ආගම් එකතු කරන්නේ මුද්දර එකතු කරනවා වගේ ය. ඔවුහු ආගම්වලින් අච්චාරු වී ඇත. අරලියගහ මන්දිරයේ නො තැවරුණු ආගමික කිළුටක් නැති තරම් ය.

මේ ආගමික රැවටීම් වෙනුවෙන් ජාතික උරුමයන් ද බිල්ලට දී තිබේ. ආගමික උත්සවයක් වෙනුවෙන් නොබෝදා කෞතුකාගාරයෙන් අරලියගහ මන්දිරයට ගෙනා පුරාවස්තු බුදුපිළිමයකට හානි සිදු කර තිබේ.

මේ දිනවල ලංකාවේ තවත් ආගමිකයන් පිරිසකට ප්‍රශ්නයක් වී ඇත්තේ Zizek කියන නම උච්චාරණය කරන ආකාරය ගැන ය. තමන් එම දාර්ශනිකයාගේ ඔරිජිනල් බැතිමතුන් බව ප්‍රකාශ කරන්නට හදන්නේ තමන් එම නම උච්චාරණය කරන ආකාරය පිළිබඳ තර්ක කිරීමෙනි. මෙය ද නිවැරදි උච්චාරණය බුද්ධ ද බුද්ධා ද වැනි ප්‍රශ්නයකි.

Zizekගේ මූලික අදහසක් වන්නේ වර්තමාන දේශපාලනය තේරුම් ගැනීමට වෙනස් ආකාරයක දාර්ශනික සංකල්පනාවක් අවශ්‍ය බවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහජනයා නැගිය යුතු ප්‍රශ්න නම්-

    මේ ඩබල් ශ්‍රීකාරයාට මහජන දුනානාද? කිසියම් ආකාරයකින් වියදම් කළාද?
    මොහුට පාලන තන්ත්‍රයේ ඉහල අය හමුවීමට ඉඩ ලැබුණේ කෙසේද?
    මොහු ගේ් දේශිය නියෝජිතයා කවුද?
    ඒ දේශිය නියෝජිතයා සම්බන්ධ ව්‍යාපාර මොනවාද?
    ර් ව්‍යාපාර රජය සමග හනුදෙනු කරනවාද?

    වැනි ඒවා ය.

    තොරතුරු දැන ගැනීමේ නිතිය සම්මත වුණු පසු මෙවැන් දේ සොයා ඒවා මාධ්‍යවල පළ කිරීම මාධ්‍යවේදීන් ගේ වගකීම වෙනු ඇත.

    දැනටත්, මන්ත්‍රීවරුන්ට මේවා පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න කළ හැක.

    ReplyDelete
    Replies
    1. http://www.gossiplankanews.com/2016/05/sillara-kasi-tele-drama-on-location.html

      ඒ රසිකත් මේ රසිකත් එක්කෙනෙක්මද?

      Delete
    2. රසික සූරිය ආරච්චියි, රසික සුරවීර ආරච්චිවයි පටලගන්න එපා. ඒක ඒ දෙන්නටම අවුලක් වෙයි මචෝ.

      Delete
  2. පැරා කාලයක් කොණ්ඩේ වවාඝෙන හිිටියේ මේ ඩබල් ශ්‍රී ගේ පොට් එකේ ඉගෙන ගත් කාලයේ පුරුද්ද වෙන්නැති?

    ReplyDelete
  3. Replies
    1. gaala kadaagaththa harakekuge aseemitha koment damilla.

      Delete
    2. AnonymousMay 26, 2016 at 8:33 PM
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. ඩබල් ශ්‍රී ගේ ගෝලයින් දෙදෙනෙකු මෙහි පැමිණ ඇති බව පෙනේ!

      Delete
    4. අනේ නිකන් පලයන් බල් ඔසී පොල් බූරු ප_යා

      Delete
  4. ආගමයි පාලනතන්ත්‍රයයි කෙස් වලු පටලවා ගන්න ගන්න ඒ රට අරාජක වෙනවා.

    ReplyDelete
  5. ඔන්න ඔන්න මතුගොම අජිත් පැරකුම් ජය්සින්හ අපේ රනිල් තුමාටත් විරුද්දව ලියන්න පටන් අරන්!

    ඕක නම් හරියන සෙල්ලමක් නෙවෙයි හොඳේ?!

    ReplyDelete
    Replies
    1. මා අරයාගේ ඉත්තෙකි, මෙයාගේ ඉත්තෙකි, වැඩ කරන්නේ අරක වෙනුවෙනි, මේක වෙනුවෙනි කියමින් පසුගිය දස වසරක් තිස්සේ තමන්ගේ කාලය නාස්ති කර ගත් බොහෝ දෙනා අතරින් ඔබ තවත් එක් අයෙකු පමණක් බව කියමි. මම නම් ඔබලා ගැන සලකන්නේ ‘නෝ පබ්ලිසිටි ඉස් බෑඩ් පබ්ලිසිටි' පදනමිනි. තැන්කියු.

      Delete
    2. // මම නම් ඔබලා ගැන සලකන්නේ ‘නෝ පබ්ලිසිටි ඉස් බෑඩ් පබ්ලිසිටි' පදනමිනි. තැන්කියු. //

      ඔයා මේ පඬි ටෝක් දෙනවා රනිල් ට බැන බැන...

      අන්න අරෙහෙ නාමල් ගෙ ලේකම් ගෙ ගෙදරින් රත්තරන් කිලෝ දහයක් අහු වෙලාලු...

      දහය විස්ස කරලා යහපාලන බේරෙන පෝස්ට් එකක් ලියන්න කෝ!

      Delete
    3. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන -
      හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ -
      අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා -

      තුන්වන ජේදය

      Delete
  6. පැරා,

    //පුනරුත්ථාපන වැඩසටහනකදී මේ ලෙස ම මම ආනාපාන සති භාවනාව ද අත්හදා බලා ඇත්තෙමි. මට නම් හිතෙන්නේ හිත එක් තැන් කරන්නේ මොන මගුලට ද කියා ය. //

    ඔබ අඩු ගානේ විනාඩියක් වත් සිත එක්තැන් කරගෙන තිබෙනවද මේ අබ්යාසයේදී ? එහෙම කරලා අද්දැකීමක් නැත්නම් ඔබ කොහොමද කියන්නේ එකේ වැඩක් නෑ කියල ?

    මිට අමතරව ආගම් සංවිදාන නමින් කරන බොහෝ දේ සදහා මුදල් සම්බන්ද වෙනවා මේ තිබන බොහෝදෙ මොකක් හරි බිස්නස් එකකට සම්බන්දයි එකේ දෙකක් නෑ .

    නමුත් මේ අතර මුදල් වලට ප්‍රමුක තාවයක් නොදෙන සමහර විට තනි තනිව තමන් ගේ මනස ගැන දැනුවත් වන වැඩ සටහන් තියනවා වෙනස තියෙන්නේ මේවට කිසිම මුදලක් වැය නොවීමයි, මේ ක්‍රමවේද වලින් ප්‍රයෝජන ගන්න පිරිස් අද ලෝකයේ බොහොරටවල්ත් මේ රටෙත් සිටිනවා.

    මෙනිසා යම් විවේචනයක් කරනකොට අදාළ අංශය ගැන පරිපුර්ණ විස්තරයක් කරනවානම් බොහෝදෙනාට වටිනවා.

    ReplyDelete
    Replies
    1. සිතුවිලිකාරයා ගූ තලියක් ම අතෑරලා.... ගඳේ බෑ....

      Delete
  7. මට නම් හිතෙන්නේ ඕක වෙන්නේ අපේ උන්ගේ චරිත පුක උඩ තබාගැනීමේ මනසිකත්වේ නිසා. සිරිදම්මගේ ගෝලයන්ට වැදගත් බුද්ධ දර්ශනේ නෙමෙයි ,ඌව. දීප්තිව පුක උඩ තියන් ඉන්න උනුත් එම තමයි.

    ReplyDelete
  8. ආගමක් නැතුව ජිවත් වෙනකොට පුදුම සැහැල්ලුවක් දැනෙනවා.. ඒකත් ඔය කියුවා වගේ ආගමෙන් හිර කරලා ඉඳලා නිදහස් උනාම දැනෙන සැහැල්ලුවම විය යුතුයි.

    ReplyDelete
  9. ආගම් කියන්නේ පැරා කියනවා වගේ පුද්ගලික ඇදහිල්ලක් විය යුතු දෙයක් වුනත් ගොඩක් දෙනා ආගම් අදහන්නේ හුදෙක් පෙනුමට පමණයි.
    පාර්ලිමේන්තුවේ මොකෙක් හරි මල්වත්තේ හෝ අස්ගිරියේ පන්සලට ගියවිට ඒකෙන් නිව්ස් එකක් ගන්න මාධ්‍ය බලන් ඉන්නවා.
    ආගම් දේශපාලනයෙන් වියුක්ත වෙන්න ඕනේ.නමුත් එහෙම වෙන බවක්නම් පෙන්නේ නැහැ.

    ReplyDelete
  10. පැරකුම් තමන් ආගමක් අදහන්නේ නැතිබව පවසන්නේ අනික් පිරිස් ආගමක් අදහනවායැයි පවසන අර්ථයෙන්ම පමණය, එහි එයිට වැඩි අමතර දෙයක් එහි නොමැත...

    තමාගේම ලිපියේ පළමු ජේද දෙක කියවීමෙන් තොරව මෙම විවේචනයන් කර ඇති බවක් තමයි ලිපිය කියෙව්වහම මටනම් පෙන්න තියෙන්නේ,

    ReplyDelete
  11. තමන් ස්වාදීනයි කියලා පෙන්නන්න අජිත් පෑරකුම් මේ සිද්දිය යොදාගත්ත ආකාරය තමයි පේන්නේ.

    ReplyDelete
  12. මහ එවුන් හිටගෙන රෙනවා බලන් ඉඳලා ගෝලයෝ දුව දුව රෙනවා. රටම ගඳ ගහනවා. වඳින එකෙකුට වැඳගෙන පාඩුවේ ඉන්නැතුව මීඩියා එකටත් දෙනවා. උන් මේ යක්කුන්ට සළු පලඳනවා...මුන් අපි ඉස්සරහ සළු ගලෝ ගන්නවා ඕවා ප්‍රසිද්ධ කරලා.

    ReplyDelete
  13. Deer parakum sir. you reyally no religen fallow? That no matter. I also think no religen no problems. Why you talk about nasional heretege and musiyam budda stachu? Socialism people no relawant this.

    ReplyDelete
    Replies
    1. Soshalisam people want culchar. In Ceylon Buddha stachu is culchar. Thisis why Parakum sir rayiting aboot Buddha stachu. But you not forget Parakum Sir not fallow any relijan. Parakum Sir says relijan & culchar one. So he sapport budda stachu.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා