පශ්චාත් මැයි දින (මරණ) පරීක්ෂණය

මැයි දිනයක් සැමරිණි. එය ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් ලෙස සැලකිය නො හැකි ය. 

එය තනිකර ම බල අරගලවල තෝතැන්නකි. 

ප්‍ර‍ධාන බල අරගලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු විපක්ෂය ලෙස හඳුන්වනු ලබන රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් යුත් දේශපාලන ව්‍යාපාරයයි. 

සෙනග යන්නේ කිරුළපනට ද, ගාල්ලට ද යන්න කාගේත් අවධානයට ලක් වී තිබිණි. වැඩිපුර සෙනග ආවේ තමන්ට බව දෙපැත්ත ම කියති. 

මේ අතර තරගයකින් තොරව එක්සත් ජාතික පක්ෂය ද විශාල සෙනගක් සහිතව මැයි රැළිය පැවැත්වී ය. 

සෙනග ගණන් කළ කිසිවෙක් නැත. එසේම, ෆොටෝෂොප් කර සෙනග බස්සන ලද ඡායාරූප දැමීම ද සිදු වන නිසා ඒවා ගැන ද දැන් විශ්වාසයක් නැත. අපට නිගමනයකට එන්නට සිදු වන්නේ කිසියම් විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුවයි. 

ඒ අනුව අපි පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත්තෙමු. 
1. සෙනග පිළිබඳ තොරතුරු
2. මාධ්‍ය ආවරණය
3. සමාජ මාධ්‍ය හරහා පළ වන තොරතුරු හා අදහස්
3. කටකතා
5. දේශපාලන පක්ෂවල ප්‍ර‍තිචාර

ඒ අනුව, මැයි දින රැළි හා පෙළපාලි රෑන්ක් කළ විට ලැබෙන ප්‍ර‍තිඵලය මෙසේ ය:

1. එක්සත් ජාතික පක්ෂය
2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ගාල්ල
3. පොදු විපක්ෂය, කිරුළපන

සිව්වන ස්ථානය හිමි වන ජවිපෙ මැයි පෙළපාලිය හා රැළිය විශේෂ අවධානයක් දිනා ගත්තේ ය. එයට සහභාගි වූ ජන අනුපාතය සමග සන්සන්දනය කළ විට වැඩිම වියදමක් දරන ලද මැයි රැළිය එය විය හැකි ය. එහෙත්, ඒ සඳහා යන වියදම් පුළුල් ලෙස පක්ෂ සාමාජිකයන් හා හිතවතුන් අතර බෙදා ගැනීම නිසා සත්‍ය වියදම හෙළිදරව් කර ගැනීම දුෂ්කර ය. 

ජවිපෙ උත්සාහ කළේ තමන් ඉතා විනයගත පිරිසක් බව පෙන්වීමටයි. මහින්ද රාජපක්ෂ දරුවන් වඩා ගන්නා ඡායාරූප සේ ම ජවිපෙ නායකයන් හිටගෙන බත් මුල් කන ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කිරීම සුලබ ය. හිටපු ඇමති නිර්මල කොතලාවල වැනි තවත් අය ද මෙවැනි ඡායාරූප නිකුත් කළ හ. ඔවුන් පෙන්වන්නට උත්සාහ කරන්නේ මෙම නායකයන් ඉතා සාමාන්‍ය මිනිසුන් බවයි. එය ව්‍යාජයකි. ඉතා බලවත් මිනිසුන් වන ඔවුන් සාමාන්‍ය මිනිසුන් බත් කන විදියට බත් කෑවත්, සිතන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස නො වේ. 

ජවිපෙ මැයි දිනයේදී කරන ලද කතා අර විනාඩියක් පමණයි තරගය වැනි ය. එහි මූලික කොන්දේසිය මේ ආණ්ඩුව බලයට ගෙනාවේ ජවිපෙ යන කරුණ අමතක කර කතා කිරීමයි. 

ජවිපෙ කතාවල හරයක් නැති නිසාදෝ ජවිපෙට පක්ෂ සමාජ මාධ්‍ය විසින් වැඩිපුර හයිලයිට් කරනු ලැබුවේ රැළියෙන් පසු කුණු ටික ඉවත් කර ගෙදර යාමයි. එය හොඳ ආදර්ශයකි. ලංකාවේ ජනතාව මෙවැනි කාරණාවලදී විනයගත කිරීම සඳහා කටයුතු කරන්නේ නම් ඇත්තෙන් ම ජවිපෙට ඒ ඔස්සේ දේශපාලන ඉදිරි ගමනක් අපේක්ෂා කළ හැකි ය. විනයක් නැතිකම ලංකාවේ ජනතාවගේ මූලික ම ගැටලුවයි. දේශපාලකයන් පත් වන්නේ ඒ යක්කුන්ට ගැලපෙන විමාන හදමිනි. 

ජවිපෙ බල අරගලය තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමගයි. තමන් පෙසපට වඩා ශක්තිමත්, විධිමත්, විනයගත හා සංවිධානාත්මක බව ඔවුන් විසින් ප්‍ර‍දර්ශනය කරන ලදී. කොටින් ම වඩා පෙරටුගාමී හෙවත් වෑන්ගාඩ් පක්ෂය තමන් බව පෙන්වීමට ඔවුන් දරන ලද උත්සාහය සාර්ථක වූ බව පෙනේ. මේ තරගය නම් එච්චර හොඳ නැත. මන්ද, මේ වන විට ලොව බලවත් ම පෙරටුගාමී පක්ෂය ඇත්තේ උතුරු කොරියාවේ ය.

පෙසප ද තමන් මැයි පෙළපාලියක්, රැළියක් පැවැත්විය හැකි පක්ෂයක් බව පෙන්වී ය.  

අනෙකුත් මැයි රැළි ගැන කතා කරන්නට දෙයක් නැත. ඒවා එක්කෝ ෆන් වැඩ ය. නැතිනම් මාක්ස්වාදී ආගමික අභිචාර පමණි. 

මේ එකකින්වත් කම්කරුවන්ට නම් ඇති මෙලෝ ප්‍රයෝජනයක් නැත. කම්කරුවා කවරෙක්දැයි තේරුම් ගන්නට හෝ උත්සාහයක් තිබුණු තරමක් දුරට හෝ හරවත් කතාවක් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණි. වැඩ පුළුවන් බවක් තවම ඔප්පු කර නැති සිරිසේන ජනාධිපතිවරයා තවුසන්ඩ් ටෝක් දෙන්නට ගජ හපනකු බව ඔහු නැවතත් පෙන්වා දුන්නේය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෑන්ස් ගේ කතා නම් සාමාන්‍යයෙන් හොඳයි තමයි.
    මේක නං බැලුවේ/ඇහුවේ නැත.

    ReplyDelete
  2. //විනයක් නැතිකම ලංකාවේ ජනතාවගේ මූලික ම ගැටලුවයි. //

    අති උත්කෘෂ්ට උතුම් සංස්කෘතියකට අරුමක්කාර වූ අති උතුම් සිංහල ජාතියට විනයක් නැති බව පවසන්නේ දේශ ද්‍රෝහීන්ය. ලංකාවේ කොහේ ගියත් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ ප්‍රෞඩ ජාතියේ විනය මොකට ප්‍රදර්ශනය වන්නේය. ලාංකික ජනතාව ඉතා විනීතව තෝරා ගත් සුවිනීත නායකයන්ද ඉතාමත් විනීතව පාර්ලිමේන්තුවේ හැසිරීම ලෝකයටම ආදර්ශයක් වී තිබේ.

    ReplyDelete
  3. පැරා ගෙ ලියුන් කියුන් වලට කොමෙන්ට් වැටීම අඩුවේගන නේද යන්නේ?

    ReplyDelete
    Replies
    1. මරාගේ රැස්වීන් වලට එන සෙනඟ නම් අඩුවේගන තමයි එන්නේ.

      Delete
  4. උඩ පින්තූරේ ගැන හබරල කවියක් මම කාලෙකට කලින් ලිව්වා...


    කෝ යකෝ.... දෑකැත්ත...?
    "මිටිය" නම් බස් එකේ.
    යන ගමන් අදිමු බං
    මල් හතයි මැයි දිනේ..

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල හඳ මේ වගේ. ඒක හොඳයි දෑකැත්තට මිට නැති වුණාට. අනෙක මිට මොනවට ද? කවුද දැන් දෑකැත්තෙන් ගොයම් කපන්නෙ? සුනාමිය තියෙනවනේ.

      Delete
  5. මැයි දිනේ වැඩියෙන්ම ජෝක් කරන රට ලංකාව වෙන්න ඕන

    ReplyDelete
  6. සිරිසේන ජනාධිපතිතුමා වාගේම පැරකුම්ලාද තවුසන්ඩ් ටෝක් දෙන්නට ගජ හපන්නුන්ය.

    ගමක කලාගාරයක් නොවන නිවසක ජිවත්වන දිනපතා මතුගම සිට කලුතරට බසයෙන් සහ ඉන්පසු දුම්රියෙන් යන පැරකුම්ට ඒ සදහා සාමාන්‍යෙයන් ගෙවන පැය 3කට ආසන්න කාලයේ රසිකලොජිස්ට මෙන් බොලොග් ලිවිමට නොහැකිය. ඒ කාලය ගතකරන්නට වන්නේ මගියකු බුලත් කෙල ගසනු බැලිමට හෝ පාර අයිනේ දමා තිබෙන කුණු නිරික්ෂණය කිරීම සදහාය. එහෙත් මට දැනෙන විදිහට පැරකුම් විශ්වාස කරන්නේ රනිල්ට කියල රසිකට වගේ ඒ කාලයේදි බොලොග් ලිවිමට අවශ්‍ය තත්වයන් පොදු ප්‍රවාහන සේවයේ ඇතිකර ගත හැකි බවය.

    මේ සදහා ඇති ලොකුම බාධාවනම් නැවත මහින්ද බලයට ඒමට ඇති ඉඩය. එයට අමතරව පැරකුම්ලා පත්කරගත් ආණ්ඩුට එරෙහිව පාරට බහින පුද්ගලයින් සහ මධ්‍යම පන්තියේ සිටිනා ජනතාව සුරාකන රජයේ සේවකයින්ය.

    ලංකාවේ දේශපාලන මැයි පලවෙනිදාට පෙලපාලිද අනෙක් දවස්වලට මාධ්‍ය සාකච්ජාද පවත්වනවා වාගේ පැරකුම්ද දවසකට පාරේ තියෙන කුණු ගැනද, මැයි රැලිවල කුණු ගැනද, පෙඩරල් යෝජනා ගැනද,මධම පන්තියට කෙලවීම පිලිබදව මාතෘකා වෙනස් කරමින් ලියම්න් සිටියි.

    මෙහි ලියන සියලු දේවල අවසාන තර්කයනම් රනිල්ට කියලා මොකක් හෝ කරගත හැකි බවය. ඒ සදහා මේ තරම් කාලයක් බාධාව වුයේ මහින්දය දැන් මහින්දට අමතරව මෛත්‍රිද ඇත. මෙයට අමතරව රටේ සිටින වාමාංශිකයින්ද, පිස්සු කෙලින ජනතාවද සිටිනවාය.....හෙට අනිද්දාට රනිල්ට බාධාකරන සෙට් එකට තව කී දෙනෙක් එකතුවේදැයි දන්නේ පැරකුම් පමණය. අපිට තිබෙන්නේ ඒ දෙස බලා සිටිමටය...

    ReplyDelete
    Replies
    1. ඔබට මා කියන දේවල් තරමක් දුරට වැටහී ඇති බව පෙනේ. තව තවත් කියවන විට තව තවත් තේරෙනු ඇත.

      ඔබට රනිල් ලොකු වුණාට අපට රනිල් ලොකු නැති බව ඔබට තවම තේරී නැත.

      Delete
    2. Why is everibody blame Parakum sir? Why peepal blame Parakum sir not try understand the ritings of Parakum sir? Not only mr. rasikologist can rite blogs on train. Parakum sir can also rite on tablet. Matugama have 3G. Kalutara have 4G. Raylway from Kalutara to Colombo Fort have 4G. So what the problem?

      Delete
    3. ඔය ඉංගිරිස් ජෝක් එක දැන් ඇති බං. බෝරිං. තරහ වෙන්න එපා. ආයෙ දැම්මොත් මකනවා.

      Delete
    4. මටත් රනිල් ලොකු නැත ඔහු මගේ තරමේම උස මහත ඇති මිනිහෙක්ය, වයස පරතරය විතරක් ටිකක් ලොකුය.

      ඔබට රනිල් ලොකු නැති වුනාට රනිල් විසින් ආර්ථිකය ශක්තිමත් කර රට සුරපුරයක් කරන බවට විශ්වාසය. මහින්දට කල නොහැකි අමුතු දෙයක් රනිල්ට කල හැකි බවට විශ්වාසය ( සමහරවිට විශ්වාස නැතිවුනාට බොලොග්වල ලියන්නේ ඒ විදිහටය විමටද පුලුවන, මට ඔබගේ බොලොග් කියවනවිට තේරෙන්නේත් ඒ විදිහටය, ඒ ඔබ ලියන විදිහේ හෝ මම කියන විදිහේ අවුලක්ද යන්න මටනම් තේරෙන්නේ නැත)

      Delete
    5. රනිල් මහින්දට වඩා වෙනස් දැක්මක් ඇති මිනිහෙක් බව ඇත්තකි. එය ෆැක්ට් එකකි. මහින්දට කළ නො හැකි දේ රනිල්ට කළ හැකි බව රනිල් පෙන්නා දී තිබේ. නිදසුනක් ලෙස රනිල්ට මහින්දට වඩා හොඳින් ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යා හැකි ය.

      දේශපාලනය කරනවිට කවුරුවත් විශ්වාස කරන්නට අවශ්‍ය නැත. ඒ විශ්වාසය යනු ආගමික කණ්ඩායම්වල ඇති ඇදහිල්ල වැනි දෙයකි. අපි රනිල් හෝ මහින්ද හෝ අනුර කුමාර හෝ විශ්වාස කර ඔහුට රට භාර දිය යුතු නැත. අප කරන්නේ පාලකයන්ට වගකීම් පවරා ඔවුන් ඒවා ඉටු කරන ආකාරය ගැන පරීක්ෂාවෙන් සිටීමයි. අප කැමති වුවත්, නැති වුණත් වත්මන් සංදර්භය තුළ අපට පාලකයන් අවශ්‍ය ය.

      අනෙක, පාලකයන් පත් කිරීමට ඡන්දය දී එදා පටන් කඩාකප්පල්කාරීන් ලෙස හැසිරෙන සාමාන්‍ය ජනතා ප්‍රතිගාමිත්වය අපි අනුමත කරන්නේ නැත. අප පෙනී සිටින්නේ දේශපාලන වගකීම් සහිත පුරවැසි දේශපාලනයක් වෙනුවෙනි.

      Delete
    6. (Ajith Perakum JayasingheMay 4, 2016 at 3:27 PM
      ඔය ඉංගිරිස් ජෝක් එක දැන් ඇති බං. බෝරිං. තරහ වෙන්න එපා. ආයෙ දැම්මොත් මකනවා.)

      //ප්‍රබාකරන්ගේ අම්මට හුකපු එකාම තමයි පැරකුම්ගේ අම්මටත් හුකල තියෙන්නේ//
      (මෙක කලින් පොස්ටුවෙන් ගත්තෙ)

      එතකොට මේ වගෙ කොමෙන්ටු වලටද පැරාට බෝරින් නැත්තේ. ඒව බලනකොට පැරාටයි අම්මටයි දෙන්නටම ආතල්ද....(මෙක කලින් පොස්ටුවෙන් ගත්තෙ)?

      Delete
    7. //ඔය ඉංගිරිස් ජෝක් එක//
      පුස්වෙඩිල්ලවගේ ටිකක්

      Delete
    8. පුස්වෙඩිල්ලට වඩා මං කැමති පුස්වෙඩිල්ලගේ ලේකම්ටයි!

      Delete
    9. මේ ඉංග්‍රීසි කොමඩිය දාන්නේ පැරාමය.

      තමන් ගේ බ්ලොගය ප්‍රමෝට් කර ගැනීමට බ්ලොග්කාරයන් නොකරන දෙයක් නැත.

      Delete
  7. 1. ජවිපෙ කුණු එකතු කලේ උන්ම බිම දාපු ඒවාය , ඒක විනය සම්භන්ධ ප්‍රශ්ණයකි.

    2. සිරිසේනගේ කතා ඇසීම මම නම්නවතා දමා ඇත. ඔහු කතාව දෝලාවෙන් ගමන පයින් වත් නොයන වර්ගයේ එකෙකි

    ReplyDelete
  8. පැරා කියන දේ පැහදිලියි. ලංකාවේ සියලුම මැයි දින පැවැත්වෙන්නේ එක්කෝ;

    1. බල අරගලවල තෝතැන්නක් ලෙස
    2. ශක්තිමත්, විධිමත්, විනයගත හා සංවිධානාත්මක බව පෙන්වීමට
    3. ෆන් වැඩ ලෙස
    4. මාක්ස්වාදී ආගමික අභිචාර ලෙස

    ලංකාවේ කවුරු කරන මැයිදිනයක් වුවත් මෙයින් එක් කැටගරියකට හරි වැටෙනවා..

    ඇත්තෙන්ම ලෝක කම්කරු ජනතාවගේ දිනය, එහි හරය අනුව යමින්, නූතන මැයි දිනයක් ලෙස සැමරිය හැක්කේ කෙසේද?

    මෙහෙම අහන්නේ මැයි දිනය විහිලුවට ලක් විය යුතු දෙයක් නොවිය යුතුයි කියන අදහසේ සිටයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. .... විහිලුවට ලක් නොවිය යුතු දෙයක් කියන අදහසේ සිටයි.

      - Dimithri

      Delete
    2. මට හිතෙනවා දේශපාලන පක්ශවලින් වියුක්තවූ , එක් වෘත්තියකට එක් වෘත්තිය සමිතියක් යන පදනම මත ඒකරාශිවෙන වැඩකරන මිනිසුන් තුලින් කම්කරු දිනය සැමරීමටත්, රජයට තම ශක්තිය සහ බලපෑම පෙන්වීමටත් යොදාගත හැකිබව. නමුත් අපේ දේශපාලන පක්ශ යූනියන් අස්සේ තියෙන තාක් කල් ඒවා හීන විතරයි.

      Delete
    3. මම නම් කියන්නේ අපි ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා ද නැද්ද යන්නට වඩා වැදගත් දේ තිබෙනවා. නූතන කම්කරුවා කවුරුද, කම්කරුවාට අවශ්‍ය කුමක් ද, එය සාක්ෂාත් කර ගැනීමට මේ මොහොතේ කළ යුතු දේ කුමක් ද යන සංවාදය වඩා වැදගත් කියලායි මට නම් හිතෙන්නේ.

      Delete
  9. මැයි පළවෙනිදා උදේ ඉඳන් පහු වෙනිදා උදේ 5 වෙනකම් අපේ කොල්ලෝ වැඩ.. :) හොඳට OT එකක් ගෙව්වා.. මැයි දිනේට ජයවේවා කියලා පැය දෙකක් නිදාගෙන ආයෙම 2 වෙනිදා උදේ හතට වැඩ පටන් ගත්තා..

    ReplyDelete
  10. මැයි දිනයේ කම්කරුවන් ප්‍ර‍මුඛ වැඩකරන ජනතාවට ඉහළින්ම සළකන රට ලංකාවය. ඔබගේ දැනගැනීම පිණිස මෙදින දේශපාලන පක්ෂ මඟින් වැඩකරන ජනතාවට ලබාදෙන ප්‍ර‍තිලාභ සමහරක් පහත දැක්වේ (මේවා ප්‍ර‍ධාන දේශපාලන පක්ෂවල මැයි රැළි සඳහා සහභාගීවන අයට පමණක් හිමිවන බව කරුණාවෙන් සළකන්න)

    1. රු. 1000 හෝ ඊට වැඩි දීමනාව
    2. ලාංකීය කම්මකරුවන්ගේ ආත්මීය පානය - ගල් අරක්කු කාල
    3. නොමිලේ විනෝද චාරිකාව
    4. කැප් තොප්පිය (මෙය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ වසරේ සෙසු කාලය තුළ වැඩ කිරීමේදී හිරු රශ්මියෙන් මොළය ආරක්ෂාකර ගැනීමටය)
    5. ටී ෂර්ටය (දරුවන්ට ප්‍රයෝජනවත් වේ උදා- පාසලේ ක්‍රීඩා පුහුණු කටයුතු/ශ්‍ර‍මදාන සඳහා)

    මේ අනුව මැයි දිනය තුළ වැඩකරන ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ලොකයේ වැඩිම වියදමක් දරණ රට ලංකාව වේ.

    ReplyDelete
  11. සූස්තියක් ගහගෙන හඳ දිහා බලාගෙන ඉන්න එක තමයි 'මැයි දවසට 'කරන්න වෙන්නේ.

    නූතන මැයි දිනේට හොඳම ලෝගෝ එක. නියමයි කාටුන් එක පැරා.

    ReplyDelete
    Replies
    1. මගෙත් ඡන්දය ලෝගෝ එකට

      Delete
    2. ඔය සුරුට්ටුව මෙහේ නම් සැළකෙන්නේ ධනපති පන්තියේ සංකේතයක් ලොසයි. පැරා එය යොදන්න ඇත්තේ ගමේ මිනිහෙක් සුරුට්ටුවක් (හෝ මල් මිටියක්!) බොනවා යන අර්ථයෙන් විය යුතුයි!

      Delete
  12. ශක්තිමත්, විධිමත්, විනයගත හා සංවිධානාත්මක වුනාම වැන්ගාර්ඩ් වෙන්න පුළුවන් ලු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා