හෙට ඔබේ දරුවා වෙනුවෙන් අද නවක වධයට එරෙහි වන්න

මම විශ්වවිද්‍යාලයේ රැග් එකේ මාර මිහිර දන්නේ නැත. හේතුව මා විශ්වවිද්‍යාලයට ගොස් ඇත්තේ දේශපාලන වැඩවලට පමණක් නිසා ය.

ලංකාවේ හා ලංකාවෙන් පිටරට ගොස් සිටින පඬිවරුන් කියන ආකාරයට මම නූගතෙක්මි. ඔව්, මම සාමාන්‍ය පෙළින් පසු විධිමත් අධ්‍යාපනයක් නො ලැබුවෙක්මි. උසස් පෙළ සමත් වූයේ රැඳවුම් කඳවුරකදී ය. මා නූගතකු වූ ආකාරය ගැන පසුව වෙන ලිපියක් ලියමි. හැබැයි, මට විධිමත් අධ්‍යාපනයේ අවස්ථා අහිමි වීමට දේශපාලනයත් එක් හේතුවක් වූ බව පමණක් දැනට ලියමි.

1992දී පුනරුත්ථාපන කඳවුරකදී මම ඉංග්‍රීසි ගුරු විභාගයට ලිව්වෙමි. වැඩි ලකුණු තිබුණු නිසා ඩෙලික් පාඨමාලාව හදාරන්නේ නැතිව, සති කීපයක පූර්ව සේවා පුහුණුවකින් පසුව මම යුද්ධයේ උච්චත ම අවධියකදී, උතුරුමැද පළාතේ ඊසානදිග සීමාවේ දුෂ්කර පාසලක ඉංග්‍රීසි උගන්වන්නට ගියෙමි.

මිහිරි ය කියන විශ්වවිද්‍යාල රැග් එක නො දන්නවා වුණාට වධ දීම තුළ ඇති පරපීඩන කාමුකත්වය ගැන මම ජීවිතයෙන් ලොකු පර්යේෂණයක් කර ඇත. එහෙත්, ඒ පර්යේෂණ ඇකඩමික් රිසර්ච් නො වන නිසා ඒවා ගැන පොත් කියවපු අය ඒ ගැන අපට වඩා දන්නවා ය කියති.

ඉතින් අවුරුදු හතරකට සේවයෙන් පසුව මම ගුරු පුහුණු පාඨමාලාවක් සඳහා මහරගම ගුරු විද්‍යාලයට ඇතුළු වුණෙමි. ඒ වන විට මගේ වයස අවුරුදු 32ක විවාහකයෙක් මි. මා ගුරු වෘත්තියට යන විට ද මගේ වයස අවුරුදු 28කි. ඉතින් එතකොට අපි හොඳ බාප්පලා ය. ගුරු විද්‍යාලයේ සිටි අය අතර මට වඩා වයසින් වැඩි අය මෙන් ම අඩු අය ද වූ හ. එහෙත් අඩු වයස් අයත් අවුරුදු 25ක් පමණ වූ අයයි. වැඩිදෙනෙක් විවාහකයෝ වූ හ. සෑම කෙනෙකු ම ගුරු වෘත්තියේ අවුරුදු හතරක්වත් සේවයේ යෙදුණු රජයේ සේවකයෝ වූ හ.

අප ගුරු විද්‍යාලයට යන විට එහි ඉංග්‍රීසි, වානිජ, විශේෂ අධ්‍යාපන හා තාක්ෂණ පාඨමාලා පැවැත්විණි. තාක්ෂණ විෂය ගුරුවරු වනාහි ටෙක්නිකල් කොලේජ්වල විවිධ ශිල්පී පාඨමාලා කර ගුරු වෘත්තියට පැමිණි ගුරු බාස්ලා පිරිසකැයි කියන්නේ අපහාසයට නො වේ. පාසල්වල තාක්ෂණ අධ්‍යාපනය බල්ලාට ගොස් තිබුණේ මේ ගුරුවරුන්ගේ දුර්වලකම නිසා ය. ඔවුන් සිසුන් සමග පවත්වන සම්බන්ධය බොහෝ විට බාස් හා ගෝලයා මට්ටමේ එකකි. දැන් ඔවුන්ගෙන් ඇතැමෙක් උසස් පෙළ තාක්ෂණය උගන්වති. ඔවුන්ගෙන් තාක්ෂණය ඉගෙන ගන්නා සිසුන්ට බුදු සරණ ය.

මහරගම ගුරු විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ බලය තිබුණේ මෙම තාක්ෂණ සිසුන්ට ය. ඊට කලින් අවුරුද්දේ නිලවරණයේදී සභාපති තනතුරට තරග කළ ඉංග්‍රීසි අංශයේ ගුරු සිසුවියක පරාජය වී තිබිණි. මේ තාක්ෂණ අංශයේ ගුරු සිසුවෝ තමන් කාර්මික විද්‍යාලවල උගත් කාලයේ අත්විඳ තිබූ හා තමන් අසා ඇති වෙනත් රැග් ගුරු විද්‍යාලයේදී කරන්නට මහත් ඇල්මක් දැක්වූ හ. එහෙත්, රජයේ සේවකයන් ලෙස රස්සාව බේරා ගත යුතු වීම හා නවක ගුරු සිසුන් වැඩි දෙනෙක් ජීවිතයෙන් තැම්බී සිටි අය නිසා ඒ රැගිං පට්ට ජෝක් විය.

සරළ උදාහරණයක් ගතහොත්, ගුරු විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර දැරූ එකෙක් අපට පැවසුවේ ශිෂ්‍ය ව්‍යාපාරය පාවා නො දෙන ලෙසයි. ඒ වන විට මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙකි. පසුව බැලූ කල මේ ගුරු සිසුවෝ වැඩි දෙනෙක් කිසිදාක වෘත්තීය සමිතියක සාමාජිකත්වය දැරූ අය නො වූ හ. තමන්ට යන්නට නො ලැබුණ විශ්වවිද්‍යාලවල සංස්කෘතිය ගැන අසා ඇති ගොන්පාට් කොපි කරමින් ඇතැම් ළාබාල ගොබ්බයෝ කණිෂ්ඨ බැච් එකේ බාප්පලා වැනි ගුරු සිසුන්ටත් මල්ලිලා යයි ආමන්ත්‍ර‍ණය කරන්නට උත්සාහ කළ හ.

ගුරු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා රජයේ සේවයට යන ගුරු සිසුන්ට එම අවුරුදු දෙක තුළදී පූර්ණ වැටුප් හා වැටුප් වර්ධක ද ගෙවනු ලැබේ. ඒ වෙනුවෙන් ගුරු සිසුන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළඹිය යුතු ය. පුහුණුවෙන් පසු වසර පහක කාලයක් ගුරු වෘත්තියේ යෙදීම අනිවාර්ය කිරීම එක් කොන්දේසියකි. ගුරුවරු වැඩි දෙනෙක් යනු ගුරු වෘත්තියට වඩා හොඳ යයි කියන වෙන රස්සාවකට සුදුසුකම් ඇති අය නො වෙති. එහෙයින් මේ කොන්දේසියෙහි ඇති පීඩනයක් නැත. අපේ ජ්‍යේෂ්ඨ උත්තමයන්ට වෙන සටන් පාඨයක් නො තිබුණු නිසා උන් කළේ බොන්ඩ් එක දෙන්න එපා ය කියා මතවාදයක් නවක සිසුන් අතර ගෙන යාමයි. එහෙත්, පාඨමාලාව අවසානයේදී පුහුණු ගුරුවරයකු ලෙස උසස් වීමට අවශ්‍ය සහතිකය ගන්නට මේ සියලු දෙනාට ම ගිවිසුම ලබා දෙන්නට සිදු විය.

එකල ගුරු විද්‍යාලයේ විදුහල්පති වූයේ ආනන්ද විද්‍යාලයේ කලින් සිටි විදුහල්පතිවරයෙකි. මෙම විදුහල්පතිවරයා ද මෙම ගොන් බූරු රැග් එකට යම් අනුග්‍රහයක් දැක්වූයේ ය. ඒ ඔස්සේ ඔහු පහසුකම් ගාස්තු කියා මුදලක් ගුරුවරුන්ගෙන් ඩැහැ ගත් අතර, ශිෂ්‍ය සංගමයට සාමාජික මුදල් එකතු කර ගන්නට අවස්ථාව ලබා දුන්නේ ය. එම නවක වධය පසුපස එවැනි ආර්ථික අරමුණු ද තිබිණි. 

එසේම, විශ්වවිද්‍යාලයට යන්නට නො ලැබුණු අයගේ ආසාවන් පිරිමසා ගැනීමට ද නවක වධය භාවිතා කරන බව මගේ නිරීක්ෂණය විය. හමුදා, පොලිසිය වැනි ආයතනවල ද තිබෙන්නේ මේ සෙල්ලම ය. දැන් එය ඇතැම් පෞද්ගලික ආයතනවලට ද පැතිරෙමින් තිබේ. 

ආයතනයකට අලුතෙන් සේවකයෙක් පැමිණි විට පාටියක් ඉල්ලා සිටීමත් නවක වධයකි. කෝච්චිවල කාඩ් ගහන ගොන් පාට් මගී කල්ලි පවා තමන්ගේ කල්ලියට අලුතෙන් සාමාජිකයකු එක් වූ විට පාටි ඉල්ලති. 

අනුන්ට වධ දීමේ අවස්ථාවක් ගන්නට කැමති බොහෝ දෙනෙක් ද නවක වධයට කැමති වෙති.

ගුරු විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ උත්තමයන් කළේ නවක ගුරු සිසුන්ගෙන් එකතු කර ගත් සාමාජික මුදලින්, මළ ගෙවල්වලට අරවා මේවාට ගොස්, තමන්ගේ බැච් ට්‍රිප් එකත් ගිහින්, බැච් ෆොටෝ එකත් ගැනීමයි.

ඊළඟ අවුරුද්දේ මම ශිෂ්‍ය සංගමයේ ලේකම් වුණෙමි. සභාපති වුණේ තාක්ෂණ සිසුවෙකි. භාණ්ඩාගාරික වුණේ වානිජ සිසුවෙකි. ගුරු විද්‍යාලයේ බහුතරය ගැහැනු වුණත් ශිෂ්‍ය සංගමය තනිකර පිරිමි ආධිපත්‍යයෙන් යුත් එකක් විය. ඒ වන විට ජ්‍යේෂ්ඨ උත්තමයන් ශිෂ්‍ය සංගම් ගිනුමට වග කියා අහවර කර තිබිණි. අපට ලැබුණේ හිස් ගිනුමකි. අපේ බැච් එකේ එවුන්ට ද උවමනා වුණේ අරුන් අපට කළ දෙය අප ඊළඟ බැච් එකට කරන එක ය. සම්ප්‍රදාය එය විය. තමන්ගේ කණ්ඩායම් සමූහ ඡායාරූපය ශිෂ්‍ය සංගමයේ අරමුදලින් ගැනීමට උවමනා වූ මගේ බැච් එකේ ගුරු සිසුන්ට මම දැඩිව විරුද්ධ වුණෙමි. උන් කෙසේ හෝ බැච් ෆොටෝ එකේ මිළෙන් භාගයක් ශිෂ්‍ය සංගම් ගිනුමෙන් අරගන්නට සමත් වූහ. මම එම බැච් ෆොටෝ එක ගැනීම සංවිධානය කර හෙමින් සැරේ එතනින් මාරු වුණෙමි. මම ඒ ඡායාරූපයට පෙනී සිටීම හෝ නො කළෙමි. 

එහෙත්, දැඩි අරගලයකින් පසු වසර අවසානයේදී ඉතිරි මුදලක් සහිත ගිනුමක් ඊළඟ කණ්ඩායමට භාර දුන් අතර, මම සියුම් ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් සංගමයේ ප්‍රධාන තනතුරු සියලු අංශ අතර බෙදෙන ක්‍රමයක් සකස් කළෙමි. ඒ අනුව ඊළඟ වසරේ සභාපතිකම තාක්ෂණ අංශයෙන් ගැලවී ඉංග්‍රීසි අංශයේ සිසුවකු වෙත ලැබිණි.

විශ්වවිද්‍යාල නවක වධය පිටුපස  මෙවැනි වානිජ අරමුණු ද තිබිය හැකි ය. ඒ පසුපස දේශපාලන අරමුණු ඇති බව නම් ඉතා පැහැදිලි ය.

නවක වධය යනු ලංකාවේ පුළුල්ව පැතිරුණු පරපීඩන කාමුකත්වයක කොටසකි. ලංකාව පරපීඩාව ආත්මය කර ගත් සමාජයකි. ලංකාවේ මිනිහෙක් හෝ ගැහැනියක් හෝ නිල ඇඳුමක් අන්දා ගේට්ටුවක් අසල තැබුවත් ඒකා හෝ ඒකි හෝ අනෙකා වධයට පමුණුවයි. ලංකාවේ ලොකු ම වධකයන් සිටින්නේ රාජ්‍ය සේවය තුළයි. ඕනෑම ආණ්ඩුවේ කාර්යාලයකදී, පාසලකදී, රෝහලකදී, පොලිසියකදී, හමුදා කඳවුරකදී ඔබට ඔවුන් හමු වේ. ලංකාවේ ඉන්නේ තමන් විඳින වධය අනෙකා මත විමෝචනය කර තෘප්තිමත් වන එවුන් ය. 

පවුලක් ගත්තත් එය එසේ ම ය. නැන්දම්මා ලේලිට දෙන වධය ද එක්තරා නවක වධයකි.  හිරගෙවල්වල ද පරණ හිරකාරයෝ අලුත් එවුන් නවක වධයට ලක් කරති.

පාසල පරපීඩන කාමුකත්වය බෝ කරන මධ්‍යස්ථානයකි. අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් හොඳින් ම දන්නා දෙය පරපීඩන කාමුකත්වයයි. ඔවුන් එය ළමයින්ට ද බෝ කරන අතර හොඳට ම පුහුණු කරන තැන් වන්නේ ශිෂ්‍ය නායක සංචිතය, කැඩෙට් කණ්ඩායම ආදියයි. විශ්වවිද්‍යාලවලට සිසුන් එන්නේ මේ වධයට ඇති තරම් භාජනය වෙලා ය. ඉන් අනතුරුව තමන්ට ජ්‍යේෂ්ඨ කණ්ඩායමක් විසින් තමන් මත විමෝචනය කරන වධය ඉදිරියට ගෙන යාම තමන්ගේ ඩියුටියක් ලෙස ඔවුහු සලකති. 

පෙසප, ජවිපෙ වැනි ඇතුළතින් ම ප්‍ර‍චණ්ඩ පක්ෂ සිසුන් තම අරමුණු වෙනුවෙන් කඩේ යවා ගැනීම සඳහා පහසු ක්‍ර‍මයක් ලෙස නවක වධය යොදා ගනිති. ගතානුගතිකයන් වන මෙම පක්ෂවලින් නවක වධයට එරෙහි වීම බලාපොරොත්තු වෙනවා නම් එය ඉබ්බන්ගෙන් පිහාටු පැතීම වැන්නකි.

ලංකාවේ විශ්වවිද්‍යාල වනාහි ගොන්පාට් සංස්කෘතියක තෝතැන්නකි. ඒවායේ සිසුවෝ අයියා-මල්ලි සම්බන්ධය, කාඩ් එක, බකට් එක වැනි ගොන්පාට් පවා වන්දනා කරති.  මේ ගොන්පාට් කාරයන් තමන්ගේ ගැලවිජ්ජාවට කියන්නේ වශ්වවිද්‍යාලවල නවක වධයට වඩා බරපතල ප්‍ර‍ශ්න ඇති නිසා නවක වධය ගැන කතා නො කළ යුතු බවයි. මෙය හරියට රටේ ප්‍ර‍ශ්න ඇති නිසා මහින්ද රාජපක්ෂලා කළ සොරකම් කතා නො කර සිටිය යුතු යයි විමල් වීරවංශලා නගන තර්කය වැනි ය. 

විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධයෙන් ඇති ලොකු ම ප්‍ර‍ශ්නය වන්නේ ඒවාට නො තේරෙන අති මහත් බහුතරයක් වන සිසුන්ට තමන්ගේ අතින් වියදම් කර හෝ ඉගෙන ගන්නට තිබෙන අධ්‍යාපන අයිතිවාසිකම උල්ලංඝනය කරන්නට මහජන මුදලින් ඉගෙන ගන්නා සිසුන් දරන උත්සාහයයි. ඒ හා සමාන ම තවත් වැදගත් ප්‍ර‍ශ්නයක් වන්නේ මහජන මුදලින් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් බහුතරයකගෙන් රටට වැඩක් තිබේ ද යන්නයි.

අප නම් මෙවැනි ක්‍රියා දුටුවේ වධකාගාරවල ය. මේවා සොඳුරු යයි කියන්නෝ උම්මත්තකයන් විය යුතු ය. සරසවි සිසුන්ට පහර දෙන පොලිසිය හා මෙම වධකයන් අතර ඇති වෙනස කුමක් ද? නවක වධයට සීමාවක් නැත. කළ යුතුව තිබෙන්නේ එය මුළුමනින් ම පිටුදැකීමයි. හෙට ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි තිරිසනුන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සහයෝගය දක්වන්න. නවක වධය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සිසුන්ට උපරිම නීතිමය දඬුවම් පැමිණවිය යුතු ය. වෙනත් ශිෂ්‍ය උද්ඝෝෂණත්, නවක වධයත් පටලවා නො ගත යුතු ය. 



නවක වධය වෙනුවෙන් පෙනී සිටින මෙම සිසුවියගේ ශරීර භාෂාව අධ්‍යයනය කර බලන්න. ප්‍ර‍ශ්නය ඇත්තේ කොතැනද යන්න තේරුම් ගැනීමට එය ඉවහල් වේ.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මම නවක වදය ට සම්පූර්ණයෙන් ම විරුද්ධයි.

    නවක වදයෙන් ලැබෙන ඕනෑම හොඳ දෙයක් ඊට වඩා හොඳින්, විධිමත්ව, විද්‍යාත්මකව ලබා ගත හැකියි.

    නවක වදයෙන් ලැබෙනවා ය කියන, දරා ගැනීමේ හැකියාව, ඔරොත්තුදීමේ හැකියාව, කණ්ඩායාම් හැඟීම, ආදී නොයෙක් දේ පුද්ගලයෙකුට අවශ්‍ය දේ තමයි.

    හැබැයි නවක වදය කියන්නේ ඔය කියන දේවල් ලබා දීමේ ඉතාම අසාර්ථක / අකාර්‍යක්ෂම ක්‍රමයක්.

    විශ්ව විද්‍යාල වල තියෙනවා එක එක ඒකක. පරිගණක ඒකකය, එහෙම කියලා. අපිට පුළුවනි කුසලතා පුහුණු ඒකකය කියලා හරි වෙන නමක් දාලා හරි ඔය කියන හැකියාවන් ලබා දෙන / පෞරුෂය වර්ධනය කරන ඒකක විශ්ව විද්‍යාල ආරම්භ කරන්න.

    හමුදා කඳවුරුවල ලබා දුන්, නායකත්ව පුහුණුව දෙස ද බලා, අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ට ලබා දිය යුතු දේ වඩා විද්‍යාත්මකව, ශාස්ත්‍රීය පදනමක් ඇතිව, සිවිල් පරිසරයක, විධිමත් පුහුණුව ලැබූ අය යටතේ ළමයින් ට ලබා දෙන්න බැරිකමක් නෑ.

    දෙවන වසරේ ශිෂ්‍යයන්ට මොකක්ද තියෙන අධ්‍යාපනය / පුහුණුව ස්ටැමිනා හරි එන්ඩියුරන්ස් හරි උගන්නන්න? මේවා ජීවිතියට අවශ්‍ය දේවල්. හැබැයි ලබෙන්න ඕනෙ පිස්සන්ගෙන් නෙමෙයි. වෘතීකයන් ගෙන්.

    අපි පළමු වසරේ ශිෂ්‍යන්ට ඉකෝන් උගන්නන්න, දෙවන වසරේ ළමයෙකුට කියන්නෙ නෑනෙ. ඉතින් ඇයි අපි ටීම් බිල්ඩිං උගන්නන්න දෙවන වසරේ ළමයෙකුට දෙන්නෙ? ඒවාටත් අපි ඉහල සුදුසුකම් ඇති අය / පිටරට පුහුණුව ඇති අය ගන්න ඕනෙ.

    ඊළඟට ඔය කියන උප් සංස්කෘතිය ගැන. මමත් රජයේ විශ්ව විද්‍යාලයක උපාධි / පශ්චාත් උපාධි ලබපු කෙනෙක්. මම බය නැතිවම කියනවා මේ රටේ කිසිම විශ්ව විද්‍යාලයක නෑ කියලා, විශ්ව විද්‍යාලය තුල ගත කරන කාලය තුල දී ඉගෙන ගත නොහැකි, වෙනම නම්නීකරන වැඩසටහනක් හරහා පමණක් ඉගෙන ගත හැකි උප සංසංස්කෘතියක්.

    ඊළඟට යාළුවො. අපි බස් එකේ දුම් රියේ යන කොට යාළුවො හැදෙන්නෙ ඉබේමනෙ. පාසැල් බස් වල යාළුකම් / හිතවත් කම් ඇති වෙන්නෙ නැතිද? මිශ්‍ර පාසැල් වල ප්‍රේම සම්බන්ධත් ඇති වෙන්නෙ නැතිද? ඉතින් විශ්ව විද්‍යාල වල මොකක්ද තියෙන අමුතු ප්‍රශ්නෙ? නවක වදය නැති පීඨ වල ළමයින් ට යාළුවො නැතිද?

    නවක වදයේ තියෙන්නෙ මෙච්චරයි. එකක් දේශපාලන මතවාද බලෙන් පැතිරවීම සහ තම පක්ෂ වලට නවක සිසුන් බා ගැනීම. ඊළඟට සමාජ වෛරය හා අසහනය පිට කර ගැනීම. තව ඕනෙනම් කෙල්ලෙක් සෙට් කර ගැනීම. අනිත් ඔක්කම ඕවා වහන්න හදලා තියෙන බොරු කතා.

    ReplyDelete
  2. නවක වධය වෙනුවෙන් පෙනී සිටින මෙම සිසුවියගේ ශරීර භාෂාව අධ්‍යයනය කර බලන්න.++++++හරියටම හරි. ඔය ජාතියේ අය තමයි rag එකේ පෙරමුණේ ඉන්නේ. මෝඩ යක්කු.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. "නිදහස්" අධ්‍යාපනය ශිෂ්‍ය "අයිතීන්" කියන ඒව තියෙන්නෙ ඕනෙ සීනියර් වුනාම පමණක්ද? නවකයින්ට නැද්ද?

      Delete
    2. To the point para, well done!! You just need to consider the percentage of school students who pass their A/L s and try to shun public universities due to this pest called ragging. Since we do not have a proper agency to do such research these stats stay hidden as undisclosed mysteries; also our idiots of parents who do everything for their children should be more active in taking action against this pest which makes their own children divested of a benefit they are entitled for as in the form of free education paid out by their own tax money!! Think about your children and come forward to act against those who rob and plunder and vandalize the opportunity given to your children by way of free education.
      These mentally retarded seniors will back down for a while as a temporary measure in the face of huge protest coming from the society right now against this brutal practice, but will sneak back into the scene once the public attention is taken away by some other issue. Therefore it is necessary to introduce long lasting institutional measures and policies to subdue this problem, there has to be a RESPONSIBLE AUTHORITY with hands on this; otherwise everything will be back to normal very soon again.

      Delete
    3. කුරුටු සැට් එක මේ පෝස්ට් එක සහ කොමෙන්ට්ස් කියවයි ද?

      Delete
  4. පැරකුම් ඔබට හැකිද

    ///එකල ගුරු විද්‍යාලයේ විදුහල්පති වූයේ ආනන්ද විද්‍යාලයේ කලින් සිටි විදුහල්පතිවරයෙකි ////

    ඔහුගේ නම සඳහන් කරන්න

    ReplyDelete
    Replies
    1. පැරකුම් මහතාට
      /එකල ගුරු විද්‍යාලයේ විදුහල්පති වූයේ ආනන්ද විද්‍යාලයේ කලින් සිටි විදුහල්පතිවරයෙකි ////උත්තර දෙන්න බැරි මේවා බොරු කතා නිසාද එහෙම නැතිනනම් ඇතිවී තිබෙන හිනමානය නිසා නේද ?

      Delete
  5. මේක දැන් ඇනුවල් ඉවෙන්ට් එකක්.... නිකං දළදා පෙරහැර වගේ...

    ReplyDelete
  6. හරිම වටිනා ලිපියක් පැරා,

    මේගැන ලිපියක් ලියන්න ඕන උනත් වැඩ නිසා කරන්න බැරි උනා.
    මට කියන්න ඕන බොහෝ දේ ඔබ කියල තියනවා.

    //රජයේ සේවකයන් ලෙස රස්සාව බේරා ගත යුතු වීම හා නවක ගුරු සිසුන් වැඩි දෙනෙක් ජීවිතයෙන් තැම්බී සිටි අය නිසා ඒ රැගිං පට්ට ජෝක් විය. //

    ඔන්න බලන්න ඉහත හේතුව වන රස්සාව බෙරගැනීම නිසා මේ අමානුෂික නවකවදයට යන්නේ නෑ.
    මම නම් කියන්නේ නවකවදයට සුළුවෙන් හෝ සම්බන්ද අයගෙ ශිෂ්‍ය බාවය එකවර අහෝසි නොකර ඔවුන්ට නිදහස් අද්‍යාපනය අත්හිටවා මුදල් ගෙවා ඉගන ගැනීමට අවස්තාව ලබා දිය යුතුයි.

    නැවත ඔවුන් අසුවුනොත් කෙලින්ම ශිෂ්‍යබාවය අත්හිටවිය යුතුයි.

    මේවගේ දැඩි පියවර ගත්තනම් වසර 3කින් මේ සෙල්ලම ඉවරයි.

    මේකේ වෙන මොනවත් නෑ ඔබ කියන පරපීඩන කාමුකත්වය විතරයි තියෙන්නේ, මෙවැනි අයට පුද්ගලික අංශය කැමති නෑ ඔවුන් කැමති නැත්තේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි කණ්ඩායමක් ලෙස වැඩකිරීමට මොසුන් දක්වන දුර්වල කම නිසා.

    මම එක බ්ලොග් එකෙක දැක්කා නවක වදයට පක්ෂ පුද්ගලයක් රජයේ විස්වාවිද්යාල වල සාර්ථක කම ගැන කිව්වහම කෙලින්ම උදාහරණයට ගත්තේ මොරටුව විස්වවිද්යාලයයි, ඔහු මෙම විස්වවිද්‍යාලයේ අමානුෂික නවකවදය නැතිබව කිව්වේ නෑ.

    රජයේ විශ්වවිද්‍යාල වල යම් දියුණුවක් ලබල තියන ආයතන තියනවනම් ඒ නවකවදය නැතිම තැන් විතරයි, මගේ බාල සහෝදරිය ගියේ ජයවද්දනපුර විස්වාවිද්යාලයට ඇය තෝරාගත්තේ ඉංග්‍රීසි මාද්යෙන් කරපු උපාදියක්, ඔවුන් නවකවදයට ලක්වුනේ නැතිතරම් අද පවා ඔවුන්ගේ මිත්රත්වය් තියනවා විතරක් නෙමෙයි මේ ළමයි බොහෝදෙනා ඉතා ඉහල තැන්වල දක්ෂ ලෙස තමවුර්තිය කරනවා, මේ අයට උපාදි තියාගන රැකියා නැතිව අවුරුදු ගණන් ඉහන ඕනේ උනේ නෑ.

    මේක තමයි යත්ර්තය මිට අමතරව මම මගේ මුල්ම රැකියාව කලේ අද දිවයිනේ ත් විදේශ වලත් ශාකා ඇති විශාල පුද්ගලික ආයතනයක මට පැවරුනේ විශේෂ රැකියාවක් මේ කාලේ 2001 පමණ දී ADSL තිබුනේ නෑ බොහෝදෙනාට තිබුනේ Dial-up මගින් ලබාදුන්න ඉතා දුර්වල සම්බන්දයක් නමුත් මේ ආයතනය leased line එකක් ලබාගැනීමට තරම් උනන්දු වී තිබුනේ අදාළ අයිතිකරු (මුස්ලිම් ජාතිකයෙක් ) ගේ උවමනාවට ඔවුන්ට අන්තර්ජාලය මගින් රුපියල් මිලියන 1.3ක පමණ වෙළදාමක් කරන්න ලැබිල තියනවා.

    මෙනිසා මමත් තව අන්තර්ජාතික පාසලක උසස්පෙළ කරපු ළමයෙක් තමයි තෝරාගත්තේ, මෙහි අයිතිකරු කියපු දෙයක් මට මතක්වෙනවා ඔහු කිව්වා මොනම හේතුවක් නිසාවත් රජයේ සේවකයෙක් තම ආයතනයට බදවා නොගන්න බව.

    ඔහු ශ්‍රී ලංකික විස්වාවිද්යාලයකින් කිසිවෙක් බදවා ගත්තේ නැත්තේ මේ පරපීඩන කාමුකත්වය කියන බයානක ලෙඩේ ඇති මිනිසුන් - ගැහැනුන් තුල ඇති හීන මානය නිසා සිදුවන්නේ එක පුද්ගලයෙක් ව යටපත් කර තව පුද්ගලයෙක් පැමිණීමට කරන උත්සාහයේ දී සිදුවන්නේ ආයතනයට විශාලා පාඩු සිදුවීමයි.

    මෙහිදී සොයාගන ඇති නව අද්යන වලට අනුව කිසියම් පුද්ගලයෙක් ආයතනයක් හැර යන්නේ වැටුප අඩු නිසා නොව තම ආසන්නනම උසස් නිලදරියාගේ ඇති පිඩාව දරාගැනීමට නොහැකි නිසයි.

    මෙවැනි කාරනා ගැන මනා දැනුවත් මේ ආයතන නවකවදය වාර්තා වූ විශ්වවිද්‍යාල වලින් පැමිණෙන අයව බදවාගැනීමට කැමැත්තක් දක්වන්නේ නෑ.

    මේ සරල සත්ත්‍ය ඉහනිකට පැහුණ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ගිය සමහරුන් තේරුම් නොගැනීමත් කණගාටුවක්.

    යම් පන්නරයක් මේ දේවල් වලින් ලැබෙනවානම් එය කලයුත්තේ තම විශ්වවිද්‍යාලයේ නව නිපැයුම් ලෝකයට හදුන්වාදීම මගින් බව මේ අය තේරුම් ගත යුතුයි.

    මේ නවකවද සිද්දි වලින් වෙන්නේ මේ විශ්වවිද්‍යාල වල සිටින දක්ෂ සිසුන්ටත් අවස්ථා අහිමි වීමයි.

    ලෝකයේ දියුණු රටවල තරග කරන්නේ නව දැනුමින් සන්නද්ද වීම මගිනුයි මිට අමතරව තම දැනුම අනුන්ට බෙදාදීම මගිනුත් අදාළ පුද්ගලයා ගැන ආයතනය ප්‍රාසාදය දක්වනවා. මට මතකයි මම අදාළ ආයතනයෙන් ඉවත් වන විට මට ලබාදුන් ලිපියේ සදහන් කරලා තිබුන ආයතනයේ අනෙක් ය අතර දැනුම බෙදාගැනීමට මම කල දායකත්වය පිලිබදව.

    තව කිවයුතු දෙයක් තියනවා මේ දැනුම බෙදාගැනීමේ හොද ලක්ෂණය මේ ආයතනයට සම්බන්ද වූ බටහිර අද්‍යාපනය ලැබූ සියල්ලගේම පොදු වූ ලක්ෂණයක් වූබව කියන්න ඕනේ, අන්තර්ජාතික පාසැල් වලින් පැමිණි සිසුන්ගේ මේ සුහද බව තිබුනා ඔවුන් තුල කුහක කම තිබුනේ නෑ (මම නම් අන්තර් ජාතික පාසලකට ගියකෙනෙක් නෙමෙයි ) කණගාටුවට කාරණාව මම කුහකකම දැක්කේ නිදහස් අද්‍යාපනය තුලින් පැමිණි අය තුලයි.

    ReplyDelete
    Replies
    1. ලාංකික,

      ලංකාවේ රැගින් පාලනය කිරීමට ඔයිට වඩා සාර්ථක විසඳුම් තියෙනවා. අප කලයුත්තේ සියලුම රාජ්‍ය සරසවි අධි ආරක්ශිත කලාප බවට පත්කර සියලුම මිනීමරු නවක වධකයින්ට දුටු තැන වෙඩි තැබීමට පාර්ලිමේන්තුව මගින් අණ පණත් සම්මත කරගැනීමයි. මේ සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතට සමානව යමින් "විශේෂ නවකවධ මර්දන පනත" නමින් පණතක් සම්මත කල යුතුයි. දැනට සමාජයේ තිබෙන උග්‍ර නවකවධ විරෝධී ආකල්පය අනුව ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුවෙන් 5/6 ක් අනුමැතිය සහිතව මෙය සම්මතවනු ඇති. ඕනෙනම් ජෙප්පො ටික විතරක් විරුද්ධ වෙයි.

      මිනීමරු ගෝටාභය යටතේ සුදු වෑන් බලසේනාංකයක්, පළාත් සංවර්ධන ගරු අමාත්‍ය ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මැතිතුමා යටතේ පාබල සේනාංකයක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කිරිඇල්ල යටතේ විශේශ කමිටුවක් පත්කර මෙය පටන් ගත හැකියි. එමෙන්ම ලංකාවේ වාසනවට පහලවූ දැනට ලොව සිටින විශිෂ්ටතම අධිතාක්ෂණ විශේෂඥයකු වූ ගරු හරීන් ප්‍රනාන්දු විද්වතාණන්ගේ නවතම බැලූන් බෝල තාක්ෂණයෙන් මෙම වධකයින් පහසුවෙන් සොයාගත හැකියි.

      මෙම වෙඩිතැබීම්/ බැලූන් / වෑන් ක්‍රමවෙදයෙන් ඉතාම ඉක්මණින් පැය කිහිපයකින් පමණ නවකවධ අලුගෝසුවන් තුරන්කල හැකිවනු නිසැක වන අතරම සින්ගප්පූරු ගොබිල්ලු විලිලැජ්ජාවේ සැඟවෙනු නිසැකය.

      Delete
    2. මේ මානසික ලෙඩේ සොබාවයක් තමයි මේ ලෙඩේ ලක්ෂණ ගැන කිව්වහම ගැරඩියෙකුට බුමිතෙල් ගැහුවා වගේ ඔහොම විහිලු කිරීමට උවමනා වීම.

      අද වෙනකොට ඔය නවකවදෙන් පන්නරය ලබල ලක්ෂගනනක් සමාජයේ ඉන්නවා, ඔබ දකිනවද මේ එකෙක් එනව රටේ ජනතාවට හානිකර පනත් වලට විරුද්ධ වීමට ? නිකන් ගොන්පාර්ට් නොදා ඉන්න ඇනෝ.

      Delete
    3. ඇයි ඔය බ්ලොග් ලියන මේජර් ජෙනරාල් විචාරක උන්නැහේගේ "පුක් පයින්" තාක්ශනය අම්තක උනයි? ඒක ඔය ඔක්කොටම වඩා භයානක කුම්න්ත්‍රනකාර මෙතඩ් එකක් ඔයි.

      Delete
    4. නවක වධය වෙනුවෙන් පෙනී ඉන්න ශිෂ්ට පුද්ගලයන්ට බැහැ. ඒ නිසා අර වගේ කමෙන්ට් දාන්නේ ඒකෙන් තමන්ගේ පටු උවමනාවන් ඉෂ්ට කර ගන්න හදන පසුගාමියෝයි.

      Delete
    5. ලාංකික,

      මම නවක වදය ට සම්පූර්ණයෙන් ම විරුද්ධයි.

      හැබැයි මේ කරන වැඩේ හරියට මදුරුවන්ගෙන් බේරෙන්න හිල් වෙච්ච නෙට් එකක් දාගන්නවා වගේ වැඩක්. ලොකුවට නෙට් එක දාගත්ත කියල හිතුවට අරට වඩා මදුරුවො කනවා එතකොට. රැග් එකට ආවේගශීලී චූන් විසඳුමක් නෑ.

      අද වෙනකොට අන්තිමට අපි කරලා තියෙන්නේ අනුන්ට කඩේ ගිය එකක් විතරයි. මේක මේ තරම් උස්සලා මාධ්‍ය සන්දර්ශන දදා දගලන්නේ ඇයි කියලා අපේ උන්ටවත් නොතේරෙන හැටියක්. කැම්පස් උන්ට බැණ බැණ වෛරයක පිරිමැහුවාට වැඩක් නැහැ. යකෝ එදා මෙදා තුර රැග් එක කිසා 9 ක් මැරිලා තියෙනවා කියලා කෑ ගහනවා. ඒක හරි කියමුකෝ. ඔය ඒ ගැන කියවන ලෙචාලා ඒ එකක් දෙන්නම්, ෆස්ට් ක්ලාස් එකක් දෙන්නම්, ඩිමෝ කමක් දෙන්නම් කියලා තමන්ගේ දරුවෝ වගේ කෙල්ලෝ කීයක් රූම්ගානේ ඇදලා උන්ගේ ජීවිත අනාථ කරලා තියෙනවාද???? මේ දැනුත් ඒක කැම්පස් අස්සේ වෙනවා. අන්න පුලුවන්නං ඒවා ගැන කතා කරපල්ලාකෝ. රටේ දෙමාපියෝ මේවා දන්නෙත් නැහැ. වැඩි පුර බය වෙන්න ඕනේ උඩ බැච් එකේ උන්ට නෙමෙයි ඔය නාකි මනමාලයොන්ටයි. හැබැයි බහුතරයක් දෙනා මේවා දන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. ඒකෙන් අනාථ වෙලා තියෙන ජීවිත ගාන ඔය කුණුහරපෙ අහපු කෙල්ලට වඩා ගොඩක් වැඩියි.

      ලංකාවෙ ඉදිරි කාලය තීරණාත්මක විය හැකියි. විවිධ වෙනස්කම් සිදුවිය හැකියි. ඒවාට මුලින්ම සංවේදී වෙන්නෙ තරුණයන්. තරුණයන් රාශිගතවී ඉන්න තැනක් සරසවිය. ඒ තුලින් රටට දැනන හඬක් මතුවිය හැකියි. එය ඇතැම් දේශපාලන පක්ශ විසින් විකුණාගෙන කන අතර ඇතැම් පක්ශ වලට කන්දොස්කිරියාවක්.

      හොඳම දේ ඔවුන්ට තියෙන පිළිගැනීම නැති කිරීම. බොන බෙහෙත් පෙත්තට වැට් ගහලා කාර් ගන්න එක යට යවලා රැග් එකක් අල්ලන් උඩ පනින එක බුකියෙ වෙන එක ගැන දුකක් නෑ. මොකද ඒ පේජ් මේ වෙනකොට විකිණිලා ඉවරයි.

      අඬලා.... අඬලා... අඬලා කිරි එරවගන්න ඕන තත්වයක් දැන් කැම්පස් වල තිය්න්නෙ. හැබැයි අඬන එකට පනිශ්මන්ට් ශුවර්. ඒ නිසා නැති එකමුතුවක් බොරුවට පෙන්න ගන්න රැග් එක කියන එක භාවිතා වෙනව. කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති.

      මමත් පුද්ගලිකව නවකවධය (විශේෂයෙන්ම අමානුෂික සහ අන්වශ්‍ය ලිංගික/ පිළිකුල් සහගත ක්‍රියා සහිත ) කරනවාට විරුද්ධ නමුත් මෙතන සිද්ධ වෙන්නේ වෙනත් මගඩියක්.

      Delete
    6. මෙන්න බුද්ධියේ ප්‍රතිපල https://www.facebook.com/Jimpappaa/videos/916787128409965/

      Delete
    7. //තමන්ගේ දරුවෝ වගේ කෙල්ලෝ කීයක් රූම්ගානේ ඇදලා උන්ගේ ජීවිත අනාථ කරලා තියෙනවාද?//

      මේවට ඔය හොදටම දන්න ශිෂ්ෂ්‍ය වියාපර උද්ගෝෂණ නොකරන්නේ ඇයි ? ඕව තමයි ගොන් පාර්ට් කියන්නේ

      Delete
    8. අජිත් පැරකුම්,

      මෙහෙමයි ඔබ මා කියූ දෙය තේරුම් ගෙන ඇත්තේ වැරදියටයි. මා නවකවධයට විරුද්ධ මෙන්ම එයට එරෙහිව කටයුතු කිරීමට පක්ශයි. නමුත් මෙතන වෙන්නේ වෙනත් ප්‍රෝඩාවක් බව පැහැදිලි නේද? ආණ්ඩුව ජනතා අවධානය නවක වදය දෙසට යොමුකර ඉතාම කපටි වංචාසහගත් ප්‍රෝඩාවක් ක්‍රියාත්මක කරන බවත් අප සියල්ලෝම එම රැල්ලට ගොදුරු වී ඇති බවත් කිව යුතුයි.

      ආණ්ඩුව කුමාර් ගුණරත්නම් හිර කරපු විදිය වැරදීයි. පෙරටුගාමින්ව මෙල්ල කරන්න කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සිරගත කරනවා නම් එයත් වැරදියි. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් වුනත් රටේ නීතිය උන්ටත් අදාළ බව මතක තබා ගත යුතුයි.

      Delete
    9. ඔව් අපි අපේ ප්‍රස්න වෙනුවෙන් කැ ගහනවා..අපිට ලැබෙන්ඩ ඔනි දෙවල් නොලැබෙනකොට අපි කැ ගහනවා..පුලුවන්නන් නවත්තපන්.මිනිස්සු බනි.එත් උනගේ දරැවොත් මෙවා බුක්ති විදිනකොට තෙරුම් ගනි..යකෝ ටයර් සැයවල් වල පුච්චලත් නවත්තන්ඩ බැරි වුන එවා තෝ කොහොමද නවත්තන්නේ..අසාදරනේ වෙනුවෙන් අපි කතා කරන මේ රටේ මහ උනදැලට නවත්තන්ඩ බැරි උන එක තෝ කොහොමද යකෝ නවත්තන්නේ..උබත් නිදහස් අදපනයෙන් ඉස්කොලෙ ගිහිල්ලා එකටම වල කපන අවලමෙක්නේ. තොට යන්ඩ අපායක් නැ යකෝ.

      Delete
    10. //ලංකාවෙ ඉදිරි කාලය තීරණාත්මක විය හැකියි. විවිධ වෙනස්කම් සිදුවිය හැකියි. ඒවාට මුලින්ම සංවේදී වෙන්නෙ තරුණයන්. //

      ඇයි ඉතින් ඔය නවක වදයෙන් පන්නරය ලබපු වැඩිහිටියෝ ලක්ෂ ගණනක් ඉන්න එකේ ඕවට විරුද්ද වෙනෙකනේ තියෙන්නේ.

      ඔය කියන පන්නරය හරියට කෙසෙල් ගෙඩියක් කනවා වගේනේ අනෝ අද කෑවා හෙට වැසිකිලි වලේ. ලබපු ලබ්බේ පන්නරය ට මොකද උනේ ? මට ඇති ප්‍රශ්නය ඉගන ගත්තු ඒවත් ඔහොමම අමතකවෙනවද දන්නේ නෑ

      Delete
    11. // ආණ්ඩුව ජනතා අවධානය නවක වදය දෙසට යොමුකර ඉතාම කපටි වංචාසහගත් ප්‍රෝඩාවක් ක්‍රියාත්මක කරන බවත් අප සියල්ලෝම එම රැල්ලට ගොදුරු වී ඇති බවත් කිව යුතුයි.//

      ඉතින් ඔච්චර් උගතුන් ඇයි රජයට සටන්පාට ලබාදෙන්නේ

      Delete
    12. නවක වදය යන වැරැදි නාමකරණයකට ලක් වී තිබෙන නවකයින් හා ජ්‍යෙෂ්ටයින් අතර දැනහඳුනා ගැනීමක් මෙන්ම සංහිඳියාවක් ගොඩනැගෙන ක්‍රියාවලියක් වූ, විශ්වවිද්‍යාල වල පණක් නොව පාසල්, ගුරු විද්‍යාල, ආරක්ෂක හමුදා වැනි ආයතනවලත් අඩු හා වැඩි වශයෙන් සිදුවන ක්‍රියාදාමය ගැන ඔය කෑගහන අය කාගෙන් හරි අහගත්ත හෝ හිතෙන් හදාගත්ත මනෝවිකාර මතයි උඩ පනින්නේ. ඉඳහිට සීමා ඉක්මවා යන සිදුවීම් වෙනව නම් ඒවාට එරෙහි වීම අදාළ ප්‍රජාවගේ වැඩක්. විශ්වවිද්‍යාල වලට බබ්බු යවන්න එපා. වැඩිහිටි සිසුන් යවන්න.

      Delete
    13. ලංකාවේ කිසිම ආණ්ඩුවක් කවදාවත් නවක වධයට පක්ෂව කටයුතු කරලා නැහැ. එස්.බී.යි මහින්දයි නම් නවක වධය වෙන විදියකින් දුන්නා නායකත්ව පුහුණුව කියලා.

      ආණ්ඩුව නවක වධයට එරෙහිව ක්‍රියා කරන්නේ ඔය කියන කුමන්ත්‍ර‍ණයක් නිසා නෙමෙයි. අපි වගේ පුරවැසියන් හා සරසවි සිසුන්, මව්පියන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එයට එරෙහිව කටයුතු නො කරන්නේ ඇයි ද කියන කාරණය ප්‍ර‍ශ්න කරන නිසායි.

      නවක වධයට කුමාර් ගුනරත්නම්ගේ නඩුව අදාළ කරගන්න අවශ්‍ය නැහැ. එහෙම කරන්න උත්සාහ කරන එකත් ඉතා ප්‍ර‍තිගාමීයි.

      මේ විශ්වවිද්‍යාල ළමයි හිතන තරම් ඔවුන් මේ ආණ්ඩුවට අභියෝගයක් නෙමෙයි. ඔවුන් එහෙම මාර බලවේගයක් ය කියලා ජවිපෙයි, පෙසපයි ඔවුන්ට ලණුවක් දීලා. ඒක ඇඳ ගත්ත ගොන්නු ටිකක් ඉන්නවා.

      විශ්වවිද්‍යාල විප්ලවවාදීන් වැඩිදෙනෙක් අන්තිමට වෙන මොකුත් කරන්න දන්නෙ නැති නිසා ඇවිත් ගාල් වෙන්නෙ ගුරු වෘත්තියෙයි. සංවර්ධන නිලධාරි තනතුරුවලයි. රස්සාව ගත්ත දවසෙ ඉඳල උන් වැඩිදෙනෙක් බලන්නෙ නිකම් ඉඳන් පඩි ගන්න හා වෙන බිස්නස් කරන්න. වෘත්තීය සමිති වැඩකටවත් එන්නෙ නැහැ.

      ඔතන ඉන්නකල් කඩේ යවාගත්තොත් විතරයි කියන එක ජවිපෙ, පෙසප දන්නවා. ඒ නිසා උපරිමෙන් අන්දනවා. පව්!

      Delete
    14. //විශ්වවිද්‍යාල වලට බබ්බු යවන්න එපා. වැඩිහිටි සිසුන් යවන්න.//

      විශ්වවිද්‍යාලවලට යන්නේ පාසල්වල ගුරුවරුන් අතින් ඇබියුස් වෙන, වැඳ වැටෙන කොන්ද බිඳපු අහිංසක ළමයි.

      දේශපාලන අනුග්‍ර‍හයෙන් රැකෙන පාදඩ උප සංස්කෘතිය විසින් උන්ව අමු කුහකයන් හෝ සමාජ විරෝධීන් බවට පත් කරනවා. උදාහරණ: පාසල්වලට පත් වෙලා එන හා සංවර්ධන නිලධාරි පරපෝෂිත කලා උපාධිධාරීන්.

      Delete
    15. Also it is very good that a criminal like Kumar Gunaratjnam is put into prison. It is his henchmen who are abusing the ragging as well as try to make use of every loophole in the country to create instability, I was neutral to this earlier but now I salute the government for putting him where he belongs..

      Delete
  7. මෙහෙමයි අජිත් පැරකුම්,

    ඔබේ අදහස් සමග එකඟයි. නමුත් මේ පිලිබඳ "පොරටෝක් අජිත්" නොහොත් ලෝක විෂයයෙහි කෙලපැමිණි සකලකලා වල්ලභ ගරු කටයුතු (අති උතුම්) අජිත් දරුමකිත්ති උතුමාණන් වහන්සේගේ අදහස් නොබලා මෙයට කමෙන්ට් කිරීමට අප භය වෙමු. ඉතින් එතුමාගේ කමෙන්ට් වැටුන පසු මගේ කමෙන්ටුවද (එම සාරගර්භ අදහස් ඇසුරෙන් ලද ශික්ෂණයෙන්) මෙහි බහාලමි.

    ReplyDelete
  8. අජිත් ධර්මා උතුමාණන්ගේ අදහස් වලින් ආභාශය ලැබිය හැක්කේ එතුමා හා සමාන වත්කම් ඇති අයට පමණි. බස් එකේ තනි කකුලෙන් හිට ගෙන පොල්ලේ එල්ලී ගෙන කමෙන්ට් කොටන හිඟන්නන් ට, බී ඇම්. ඩබ්ලිව්. එකේ යන අජිත් ධර්මා උතුමාගෙන් ආභාශය ලැබීම ට වරම් නැත.

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්ති උතුමාණන් සමඟ සංවාදයක එකතු වීමට බලාපොරොත්තු වන මම තව නොබෝ දිනකින් මාගේ වත්කම් ප්‍රකාශය එතුමාණන් හට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිමි.

      Delete
  9. ඔය නවක වදයට පක්ශව කතා කරන සිසුවියගේ ඉරියව් සහ ත්‍රස්ථවාදී කල්ලිවල නිකුත් කරන වීඩියෝ වල ස්ටේට්මන්ට් කියවන ත්‍රසථවාදීන්ගේ ශරීර භාෂාවේ සමානකමක් පේන්නේ නැත්ද?

    ReplyDelete
  10. www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.

    www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.


    www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.

    www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.

    www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.

    www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.

    www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.

    www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.

    www.w3lanka.de බලාපොරොත්තු වන්න. පැරාට එරෙහි ව මත දක්වා, ඒවා වාරණයට ලක් වූ සියලු සහෝදරය සහෝදරියන්ට www.w3lanka.de හි ඉඩ ඇත. අවැසි නම් පැරාට ද එහි ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබට තිබෙන අසනීපය මෙම කමෙන්ටුවෙන් ම පෙනේ. අපරාදෙ ඩුමේන් එකට ගිය සල්ලි!

      Delete
    2. මම මේ දැන් දාපු කමෙන්ට් එකකුත් අජිත් පැරකුම් ජයසිංහ මැකුවා. මූ හෙන පණ්ඩිතයා වගේ දැඟලුවාට තනිකරම ගොබ්බසේන කෙනෙක්. සම්පූරණයෙන් ම අසංස්කෘතික මිනිසෙක්. හැබැයි මම, මම දාපු කමෙන්ට් ඒකේ screen shot එකක් අරං තියා ගෙන ඉන්නෙ. ඔයා ඔයා ගේ විද්‍යුත් තැපැල් ලිපිනය මෙහි පළ කරන්න. එතකොට මම ඒක ඔයා ට එවන්නම්. ඔයාට ඒක ඔයා ගේ www.w3lanka.de එකේ හැමෝටම පේන්න දාන්න පුළුවනි. මෙන්න මේ කෑල්ලත් එක්කම. "ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු." (මට වෙලාවක් තිබුනොත් දැනට www.blogspot.com එකේ සයිට් එකක් හදාල ඒකෙ වුනත් screen shot එක දානවා.) අනේ අජිත් පැරකුම් ජයසිංහ මහත්තයෝ උඹේ මළ ඉලව් ප්‍රජාතන්ත්‍රවාදය රෝල් කරලා ගහ ගනිං පුකේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය රෝල් කරන කොට අර ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, හොඳට හීනියට රෝල් කරන්න. නැතිනම් හිර වෙයි. මම මේ කමෙන්ට් එකත් පබ්ලිශ් වුනු ගමන් screen shot එකක් ගන්නවා ඒ නිසා ඕනෙම නම්, මේක්ත් මකන්න.

      Delete
    3. පැරා ගේ රෙදි හැලවේ!!!

      Delete
    4. Mokakda moo me kiyanne. Koheda yana pissek, campus manda manasikayekda danne na...

      Delete
    5. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි සහෝදරයා. ඔබ පවසන දෙය සත්‍යයකි. පැරා යනු සරලමතිකයෙකි. ඔහුට හැදෑරීමක් නැත. එනිසා ඔහු හැදෑරීමක් සහිත මිනිසුන්ට ගරහයි. පැරා වමට දෙවි පිහිටයි කියමින් ලියු ලිපි දෙකකින් ඔහුට ලෝකය ගැන ඇති වෛරය පිට කළේ ය. පැරාට අවශ්‍යය වන්නේ බුද්ධිමය සංවාද නො ව පිටකසා ගැනීම් ය. පැරා යනු පුහු වීරයෙකි.

      අප පැරා ගැන දැනුම්වත් අද ඊයේ සිට නො වේ. පැරා වැලේ වැල් නැති ව රස්තියාදු ගහමින් සිටි කාලයේ ද ජවිපෙ දෙවන කැරැල්ලේ දී තේ සෑදීම, කෑම පිසීම, පිඟන් කෝප්ප සේදීම වැනි සිවිල් දායකත්වයක් දැක් වූ කාලයේ ද අපි පැරා හොඳින් දනිමු. පැරා අද දවසේ තරුණ පරම්පරාවට පොර ටෝක් දෙන විට අපට අධෝමාර්ග හාස නැඟෙන්නේ එනිසා ය.

      පැරා පුහු වීරයෙකු හෝ වූයේ අප අතින් සිදු වූ ඵෙතිහාසික වරදක් නිසා ය. නන්නත්තාර වී සිටි පැරාට හිරු පුවත්පතට එක්වන්නට දීම දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප අතින් වූ අත්වැරදීමකි. පැරාගේ වෙලාවට සිංහල දෙමළ සංස්කෘතික උලෙළට මැරයන් පහර දෙන විට පැරා මයික්‍රපෝනය අසල සිටියේ ය. අප ගම්ලත් සහෝදරයා ඇතුළු බුද්ධි ජීවීන් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙත් දී පැරා රැඟුවේ ය. පැරා නමක් හදා ගන්නට හිරු කණ්ඩායම ද එහි ක්‍රියාකාරකම් ද භාවිතා කර අවසානයේ දී කන්න දීපු අපේ අත් ම සපා කෑවේ ය. අද පැරා ධනවාදයට රෙදි නැති ව කඩේ යමින් විසි එක් වන සියවසේ ලාංකිය දේශපාලනයේ අග්ග මහා පණ්ඩිතයා වෙන්නට වෙර දරයි; එසේ සිතා කටයුතු කරයි.

      සහෝදරයා, ඔබ සතු පැරා විසින් මකන ලද ආලෝචනා සුරැකි ව තබා ගන්න. අප ඔබට එවා වෙබ් අඩවියට එක් කිරීමට අවස්ථාව නුදුරු දිනක ම සලසා දෙන්නෙමු.

      අන්‍යයන් පිළිබඳ පණ්ඩිතමානී තීන්දු තීරණ දෙන පැරාගේ කීම් කෙරුම් ද ළඟ දී ම එළි වනු ඇත. නැවතත් ඔබට ස්තුති කරමින් අපි දැනට නවතිමු සහෝදරයා.

      Delete
    6. Umbata mole kachalda ban eka eka widihata awilla comment danna, uda inneth umbama thamayi, umba umbatamane sahodaraya kiyaganne

      Delete
    7. ආලෝචන ඇනෝ, අනේ මාව බය කරන්න එපා අයියො! මට චූත් යන්න ආවා.

      Delete
    8. හිරු කණ්ඩායම විදියට කමෙන්ට් දාන මෝඩයා වෙතයි. හිරු කණ්ඩායම සමග අපගේ කිසිදු පෞද්ගලික තරහක් නැත. ඇත්තේ දේශපාලන මතභේදයක් හා සංවාදයක් පමණි. එබැවින් බොරුවට අප හිරු කණ්ඩායම සමග කොටවන්නට උත්සාහ කර අසාර්ථක නො වන්න. උන් ඔබ වැනි මෝඩයන් පිරිසක් නො වේ.

      Delete
  11. Well done para, kiyanna oni de hariyatama kiyala thiyenawa- could not agree more- ara Noki katha blog dandu lena rag eka wenuwen sarama ussagena kade yana ekek, thawa kawuda ehema aya inne kiyala Dana ganna kamathiyi- ewannange blog padangu warjanaya karamu, wes moonu dagena inna paharayo

    ReplyDelete
  12. ගස් ගෙඩි කඩන දෙමව්පින්ගේ දරුවෝ කැම්පස් එන තාක්කල් නවක වදය පවතී .වරද රටේ තියන ගස් ගෙඩිද ? දෙමව්පියෝද?

    ReplyDelete
    Replies
    1. ගස් ගෙඩි කඩන කම්කරුවන් වනාහි අද වන විට ඉතා විරල කුසලතාවක් සහිත, කසිප්පු නො බී හරියට වැඩ කරනවා නම් මධ්‍යම පංතිකයන්ට වඩා හොඳ ජීවිතයක් ගත කළ හැකි, සයිටම් බැරි වුණාට NVQවත් වෙනුවෙන් දරුවන්ට තමන්ගේ ආදායමින් උගන්වන්න පුළුවන් මට්ටමක පිරිසක්. ඔවුන්ට වෘත්තීය රක්ෂණයක් හා ආරක්ෂිතව ගස් යාම සඳහා පුහුණුව හා උපකරණ අවශ්‍යයි. ගස් යාම සඳහා අය කරන ගාස්තුවට රක්ෂණ ගාස්තුවත් ඇතුළත් කළ යුතුයි.

      ගස් අයිතිකාරයෝ කාලා වරෙව්! නැතිනම් කාරෙක තමන් ම හෝදගන්නවා වගේ ගසුත් පලයව්!

      Delete
  13. Campus wala rag karana manda manasikayanta uththamawiya, uththamaya yana amanthrana bhawithayen walakinna. Sopahasaya sandaha wath mema wachana bhawitha nokala yuthuyi, mowunwa mowunta galapena niyama nam wana manda manasikayan, hinamana karayin washayen handinwiya yuthuya

    ReplyDelete
  14. ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහර්ප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. මෙම කුණුහර්ප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහර්ප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහර්ප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති. උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහර්පයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති වුනාට තුච්ච අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් තියෙනවා

      Delete
  15. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. (වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)

    ReplyDelete
  16. අපගේ සරසවි සිසුන් තමන්ගේ නියම අයිතිවාසිකම් ගැන දන්නේ නැත. ඒ පිළිබඳව කිසිවෙකු ඔහුව දැනුවත්ද නොකරති. තමන්ට නවක වදයේ නාමයෙන් අසභ්‍ය වචනයෙන් බැනීමට, කුණුහරප කීමට බල කිරීමට, පුස්තකාලයට යාමට ඉඩ නොදීමට , බලහත්කාරයෙන් වියායාම වල යෙදවීමට, බල්ලෙකු සේ කකුල් හතරෙන් සිට මාළු කටු , ඉඳුල් බත් කෑමට බල කිරීමට , තමන්ගේ ඇඳුම ගැලවීමට, බලහත්කාරයෙන් පන්ති වර්ජනය කරවීමට, බලෙන් උද්ගෝෂණ වලට ගෙන යාමට කිසිම පුරවැසියෙකුට අයිතියක් නැති බවත් එවැනි දේ කිරීමට තැත් කිරීම බරපතල වරදක් බවත් බව සරසවි සිසුවාට දැනුවත් භාවයක් ලබා දිය යුතුය. එසේම නවක වදය යනු අපරාදයක් බවත් අපරාදයක් කාලවරෝධනයට යටත් නොවන නිසා තමන්ට නවක වදය දුන් පුද්ගලයට එරෙහිව තවත් වසර 5 - 10 පසුද නඩු දැමීමට හැකි වන ලෙසට නීති සංශෝදනය වීම වැදගති.නවක වදය යනු ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වසාගත් පිළිලයකි. එම පිළිලය බොහෝ දුරට අපගේ විශ්ව විද්‍යාල විනාශ කොට අවසානය. අපගේ විශ්ව විද්‍යාල පද්දතිය තුල අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් ඇති යමක් ඉතිරිව ඇත්තේ ඉතා සුළු වශයෙනි. එම සුළු කොටස හෝ ආරක්ෂා කිරීම පුරවැසියන් වන අප සැමගේ යුතුකමකි.(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ)

    ReplyDelete
  17. නවක වධය වූ කලී තනිකරම අසහනයකි...

    ReplyDelete
  18. පරපීඩක කාමුකත්වය ලංකික සංස්කෘතියට කොතරම් තදින් මුල් ඇද තිබේදැයි කිවහොත් මහා ලොකු සංස්කෘතික උත්සව යැයි කියා ගන්නා හිංගල අවුරුද්දේද වෙසක් උත්සවයේද ප්‍රධාන අංගයක් වන්නේ අන්‍යයන්ට වධදීම යි

    ReplyDelete
    Replies
    1. Ane nikam nayi arinne nathuwa hitapan, umbath ara uda kotala thiyena asahana karaya wage penne

      Delete
  19. if you did not go to university u have no right to talk about the rag, thats the most stupidest defensive argument people who are for the rag have, its like telling if u have not been raped u cant speak against rape, i totally agree with para 100%, all what these uni students do is to be educated with the governments money and bark against people who study with their own money, out of many uni grads i have seen only few can be know outstanding, most of them are utter fools, who have no ethics,manners or common sense, whats the point of wasting our money ( i pay tax on every rupee i earn ) for producing such incompetent fools, look at that dumb girl who seems to have come from a rural area speaking her lungs off with out atleast having the common sense about how courts work, i must ask this question from para, why would we need a special law against ragging as harassment of sexual and verbal are already covered in general law?

    ReplyDelete
    Replies
    1. You are correct. They are already covered under penal code. In fact the 1998 No. 20 act has been utilized to mitigate punishment. In 2013, three university students of Peradeniya were given suspended sentences even though they had been found guilty for counts on sexual abuse for which the punishment must be not less than 10 years' RI.

      Delete
  20. පිස්සුද පැරා මේ උප සන්ස්කෘතියට අනම්,මනම් කියන්නේ.මේව්වා අපේ අනන්‍යතා මේවා රැක ගන්නයි මහන්සි වෙන්න ඔනේ.

    ReplyDelete
  21. Para, I appreciate your work on this subject. Also I am concerned by the absence of a concrete programme to condemn this practise and make our universities something with some regard and acceptability not only in international level but also within our own country. With your kind consideration towards all the gentle souls who are aspiring to enter these institutions in the future, to rescue them from this barbaric environment I would like to invite you to take an initiative in creating an effective campaign aimed at eradicating this practice from not just unis but all the concerned institutions as a concrete and result oriented endeavor. You are a man enjoying a powerful position in getting your message through to the mass and looking at the many positive feedback coming from all quarters why can not we make some concrete effort towards this? I hope there will be many many people to support you. I am a helpless person who can only express myself like this but in your position you have a better authority which can be used. It could be settin a website, creating a petition or any other means which you may come up with better ideas on. We need to make it a durable voice, which is felt by the society and who are concerned. Your name will be remembered much gratefully if you could do this. By the thousands of innocent children who are to come in the future, thanks!!! Wish you best of luck!

    ReplyDelete
    Replies
    1. There is no record to prove such an act has prevailed in the ancient Sri Lankan educational institutions such as Mahavihara or Abhayagiri Vihara. In the post World War II era, a concept called ragging came into existence. Ragging is not an indigenous phenomenon, but a direct result of the British colonialism in Sri Lanka.

      WW2 soldiers returning from war re-entered the college and brought with them the technique of ragging learned in military camp. These techniques were used to make individuals fail as an individual, but succeed as a team. Eventually, when less military persons entered the universities, ragging lost its primary objective and became a violent and hazardous exercise.

      Ragging continues to happen in most government universities and several private institutions. In majority of the cases, ragging implies that seniors mocking and jesting at freshers. There is a certain period of time, usually the first few months in the university, assigned for each and every undergraduate to undergo ragging. This period is known as the ragging period. In Sri Lanka, several types of ragging can be observed.

      Delete
  22. මේ වාගේ පරපීඩක කාමුකත්වයක් තිබුණු උපවිදුහල්පතිවරයෙක් තමයි "කටයා".

    ReplyDelete
  23. ලංකාවේ රැගින් යනු මානසික ව්‍යාධියකි. සමාජ ව්‍යසනයකි.

    මේ ලංකවේ රැග්

    https://en.wikipedia.org/wiki/Ragging_in_Sri_Lanka

    මේ පිටරට රැග්

    https://en.wikipedia.org/wiki/Rag_(student_society)

    ReplyDelete
  24. //1992දී පුනරුත්ථාපන කඳවුරකදී මම ඉංග්‍රීසි ගුරු විභාගයට ලිව්වෙමි. වැඩි ලකුණු තිබුණු නිසා ඩෙලික් පාඨමාලාව හදාරන්නේ නැතිව, සති කීපයක පූර්ව සේවා පුහුණුවකින් පසුව මම යුද්ධයේ උච්චත ම අවධියකදී, උතුරුමැද පළාතේ ඊසානදිග සීමාවේ දුෂ්කර පාසලක ඉංග්‍රීසි උගන්වන්නට ගියෙමි.//
    පැරා මමත් ඩිරෙක්ට් ඉංන්ග්රිසි ගුරුවරයෙක් වුනා 1992 දී .1993 කැම්පස් යන්න ඉස්සර ඔය නවක "වද දෙන්නේ ජ.වී.පෙ . සම්බන්ධ සිසුන් විතරක්ම නෙවෙයි .හිනමනයකින් පෙළෙන ජ.වී,පෙ විරෝදියි කියාගන්නා ආචාර්ය වරුන් පවා එවැනි "වද " සිස්යයන්ට දෙනවා..http://helmalu.blogspot.com.au/2015/05/blog-post_17.html මේ ඒ සම්බන්ධයෙන් මා ලිවූ පොස්ට් එකක්...

    ReplyDelete
  25. මේ සිසුවිය නවක වදයට පක්‍ෂයැයි තම කතාවේදී නොකියන නිසා ඇයට එලෙස චෝදනා කිරීමට මම නම් නොපෙළඹෙමි.

    ඇය කියන්නේ නීතිය අනුව ඇප දිනය නොහැකි වරදක් කර නැති තම විශ්ව විද්‍යාලයේ සිසුවියන් කිහිප දෙනෙකුව පැමිණිල්ලක් පමණක් මත අත් අඩංගුවට ගෙන ඇප නොදී තබා ගැනීම ගැන ඔවුන් විරෝධය පාන බවයි.

    එහි ඇති වරද කුමක් ද?

    මට නම් පේනෙන්නේ ඇය ඉතා එඩිතරව කතා කරන බවයි.

    මේ විඩියෝව අහම්බෙන් දුටුූ, ලංකාවේ විශ්ව විද්‍යාලයක උගත්, ලංකාවේ වත්මන් දේශපාලනය ගැන තොරතුරු වැඩිපුර නොදන්නා කාන්තාවක් ද කීවේ, ඒ සිසුවියට අන් අය බණින්නේ ඇයිදැයි යන්න ඇයට සිතා ගත නොහැකි බවයි.

    මා මගේ ලිපියක ලියූ පරිදි අද විශ්ව විද්‍යාලවල බලය ඇතැයි කියන ඵෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංගම්වලින් වහාම කළ යුත්තේ, තමන් නවක වදයට විරුද්ධද නැද්ද යන බව ඛෙලින් ම ප්‍රකාශ කර, විරුද්ධ නම්, නවකවදය මුලිනුපුටා දැමීමට වහාම පියවර ගැනීමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා