Posts

Showing posts from May, 2016

බිම් මට්ටමට විහිදෙන ආණ්ඩුකරණයක් ඇති කරන්නේ කෙසේ ද?

Image
Reuters Photo බිම් මට්ටම දක්වා විහිදෙන ආණ්ඩුකරණයක් නිසි පරිදි ක්‍රියාත්මක නො වන බව පෙන්වා දුන් අවස්ථාවක් වන්නේ පසුගිය ගංවතුර ආපදා තත්වයයි. ආපදා මුල් අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරිත්වයන් අවම මට්ටමක තිබිණි. බොහෝ සහන මෙහෙයුම්වලට මුල පිරුවේ ස්වේච්ඡා කණ්ඩායම් විසිනි. මෙහිදී සමාජ ජාල වෙබ් අඩවි ජනතාව බලමුළුගැන්වීම සඳහා පුළුල් අන්දමින් උපයෝගී කර ගන්නා ආකාරය දක්නට ලැබිණි. රජය පිළිබඳ සාමාන්‍යයෙන් නැගෙන චෝදනාව සම්බන්ධ වන්නේ අකාර්යක්ෂමතාව සමගයි. එය වනාහි දීර්ඝ ඉතිහාසයක් සහිත තත්වයකි. එයට පිළියම් යෙදීම ද එවැනි ම දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එහෙත්, ඒ වෙනුවෙන් තීරණාත්මක මුලපිරීම් අවශ්‍ය වී තිබේ. වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය පාලනය හා ආණ්ඩුකරණය පැත්තෙන් පැහැදිලි වෙනස්කම් සිදු වෙමින් තිබේ. රජය තුළ ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරය ශක්තිමත් කරනවා වෙනුවට ආයතන ශක්තිමත් කරමින් තිබේ. සරළව කියනවා නම් දේශපාලන ඇඟිලි ගැසීම් වෙනත් යුගවලට සාපේක්ෂව බොහෝ දුරට අඩු ය. එහෙත්, ලංකාවේ රාජ්‍ය ව්‍යූහය පිරිහී තිබෙන තරමේ මට්ටම අනුව එය ගොඩ ගැනීම පහසු නැත. රජයේ සේවයේ පුරුද්ද වී තිබෙන්නේ ම දේශපාලන බලාධිකාරය අතින් නැටවීම මි

Putting Nakkale to Maithri's English හෙවත් මෛත්‍රීගේ ඉංගිරිසියට නක්කලේ දැමීම

Image
මහින්දලාගේ, විමල්ලාගේ, ගම්මන්පිලලාගේ ආසාව  මෛත්‍රීට ජී 7 රාජ්‍ය නායක සමුළුවට ආරාධනා ලැබීම හා එහිදී ලෝක නායකයන් ඇසුරු කරන්නට ලැබීම ගැන ඒවාට ආසා කරන හාදයන් තුළ මාර ඉරිසියාවක් ඇති වී තිබේ.  වෙනදා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කරන බටහිර විරෝධී දේශප්‍රේමියෝ මේ දවස්වල කතා කරන්නේ මෛත්‍රීගේ කඩ්ඩ ගැන ය.  මෛත්‍රීට සිරාවට කඩ්ඩ බැරි බව සැබෑ ය. මෛත්‍රීට වඩා ලොකු රාජ්‍ය නායකයෝ ගොඩකට කඩ්ඩ බෑ ය. ඒක ලොකු ප්‍රශ්නයක් නො වේ. හොඳ භාෂණ පරිවර්තකයකු සේවයේ යොදවා ගන්නට පුළුවන. මහින්ද දෙමළෙන් කතා පවා පැවැත්වූයේ ය. ඒ ටෙලිප්‍රොම්ප්ටරය උපයෝගී කරගෙන ය.  කඩ්ඩ හෙවත් ඉංගිරිසි භාෂාව පිළිබඳ සමාජවාදී ස්ථාවරය කුමක් විය යුතු ද යන්න විමසීම මෙම ලිපියේ අරමුණයි.  ලංකාවේ සමාජ ස්ථර අතර කොළඹ කේන්ද්‍රීය එක්තරා පිරිසකගේ භාෂාමය ආදර්ශ පාඨය වී තිබෙන්නේ ‘My Sinhala is not good' කියන එක ය. මෙය ඇත්තට ම එක්තරා රැකියා කට්ටලයක් සඳහා සුදුසුකමකි. මේ සුදුසුකම නිසා ඇත්තට ම ඒ රැකියා පමණක් නොව එම ආයතන ද අසාර්ථක වී තිබේ. ජාත්‍යන්තර රාජ්‍ය නො වන සංවිධාන උදාහරණයකි. මෙම සමාජ ස්ථරය සමීපව ඇසුරු කරන විට දැකිය හැකි කරුණක් වන්නේ වෙනත

මඩවල මදීනා සිට කුරුඳුවත්ත රාජකීය දක්වා ගෝත්‍රවාදී, ආගම්වාදී, ජාතිවාදී, ලිංගික, යටත් විජිතවාදී පාසල් වෙනස් කළ යුතු ය

Image
මඩවල මදීනා මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් අභිවෘද්ධි සංගමය නම් නිල නො වන සංවිධානයක් විසින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යවා තිබෙන අත්සනක් නැති ලියුමක් හා එහි සිංහල ගුරුවරුන්ට එල්ල කළ බව කියන කුණු බිත්තර ප්‍රහාරයක් ය කියන වීඩියෝවක් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබේ. මුස්ලිම් පාසලක පාසල් සංවර්ධන සමිතිය සිය පාසලට මුස්ලිම් ගුරුවරු පමණක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම තුළ ඉන් එහාට ගිය කාරණයක් ද ඇත. ඔවුන් මඩවල මුස්ලිම් අය වෙනුවෙන් වැඩි අවස්ථාවක් ඉල්ලා තිබේ. ඒ අතින් බැලූ කල එය ජාතිවාදී, ආගම්වාදී පමණක් නොව ප්‍රාදේශීයවාදී ඉල්ලීමකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට පටහැණි ය. එමගින් කියවෙන්නේ කිිසිදු පුද්ගලයකු වර්ගය, ආගම, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි වෙනත් හේතූන් මත වෙනස් කොට නොසැලකිය යුතු බවයි. ගම්පොළ සහිරා විදුහලේ ද මේ හා සමාන ප්‍රශ්නයක් තිබේ. මෙවැනි දේ සිංහල බෞද්ධ ආධිපත්‍යය සහිත පාසල්වල ද සිදු වේ. මා අවසන් වරට සේවය කළ කතෝලික කමක් ඇති සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුත් පාසලේ විදුහල්පතිනිය පාප්තුමා පැමිණි දිනයේ රටේ ම පාසල්වලට නිවාඩු දී තිබියදී නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ

අපි රනිල්ට - ඒ වුණාට - රනිල් අපට - ඉන්නවා ද?

Image
සමහරු කියනවානේ අපි රනිල්ට කඩේ යනවා ය කියලා. එක අතකට එහෙම කියන එකේ වැරැද්දකුත් නැහැ. රනිල් දීර්ඝ කාලයක් තිස්සේ රටේ පාලනයට ගැඹුරින් මැදිහත් වෙන්නට අවස්ථාවක් ඉල්ලමින් හිටියා. අපි දුන්නා. ඒක එච්චරයි. රනිල්ට හොඳ අදහස් තියෙනවා. විශේෂයෙන් ම මේ දිනවල රනිල් අධ්‍යාපනය ගැන ඉදිරිපත් කරන අදහස් ඉතා ප්‍රගතිශීලීයි. ඒවා ධනවාදී අදහස් නෙමෙයි. සමාජවාදී අදහස්. අධ්‍යාපනය ගැන ධනවාදී අදහස අධ්‍යාපනයත් වෙළඳපොළකරණය කරන එක නේ. එහෙත්, රනිල් ප්‍රමුඛතාව දී තිබෙන්නේ වෙළඳපොළකරණයට නෙමෙයි. සැමට අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරන්නටයි. මම හිතන්නේ 2004දී තමන් අගමැති ධුරය දැරූ ආණ්ඩුව කඩා වැටීමෙන් පසු රනිල් පුනරුත්ථාපනය වෙලා. ලංකාවේ ශක්තිමත් ධනපති පංතියක්වත්, කම්කරු පංතියක්වත් නැහැ. ලංකාව මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් ක්‍රියාත්මක වෙන සුබසාධන රාජ්‍යයක්. ඒක තමයි ලංකාවේ ක්‍රමයේ අනන්‍යතාව. රනිල් කලින් යෝජනා කරපු යළි පුබුදමු ශ්‍රී ලංකා නව ලිබරල්වාදී වැඩසටහන ලංකාවට නො ගැලපෙන්න ප්‍රධාන හේතුව එ්කයි. මූලික වශයෙන් ඒක ඔසවා තබන්නට උවමනාවක් තිබෙන ධනපති පංතියක් ලංකාවේ නැහැ. මේක මේ මැදපෙරදිග ශ්‍රමිකාවන්, වතු කම්කාරියන්

ජාතික උරුමයන් ද බිලි ගන්නා ආගමික රැවටීම්

Image
ආගම යනු අතිශය පෞද්ගලික විශ්වාස පද්ධතියකි. එහෙයින් පිළිගත් ආගමික සංස්ථා හා පුද්ගලයන්ගේ ආගම් යනු හැම විට ම එකක් නො වේ. එසේම, පිළිගත් ආගමික සංස්ථා හා ශාස්තෘවරුන්ගේ ආගම් ද එක ම වන්නේ නැත. ඒවා සන්සන්දනය කර ආගමික, අනාගමිකභාවයන් විනිශ්චය කරන්නට කිසිවෙකුට අයිතියක් නැත. පිටිදූවේ සිරිධම්ම හිමි බුදු වී තිබේ ද යන්න ඔහුගේත්, ඔහුගේ අනුගාමිකයන්ගේත් ප්‍රශ්නයක් පමණි. පසුගිය දිනෙක ඉන්දියාවේ හින්දු ඉවැන්ජලිකයකු වන ආට් ඔෆ් ලිවිං පදනමේ නිර්මාතෘ ශ්‍රී ශ්‍රී රවි ශංකර් ලංකාවට පැමිණියේ ය. රවිශංකර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී සිදු විය. ඉන් පසුව ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද හමු වී ඔහුට විශේෂ සළුවක් පළදවා ආශිර්වාද කළේ ය. රවි ශංකර් අරලියගහ මන්දිරයේදී දේශනයක් පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ඔහුගේ බිරියගේ ද සහභාගීත්වයෙනි. මම ඉන්දියාවේදී ශ්‍රී ශ්‍රී රවි ශංකර්ගේ ආට් ඔෆ් ලිවිං මධ්‍යස්ථානයේ පැවැත්වුණු සතියක වැඩසටහනකට සහභාගි වී ඇත්තෙමි. විවිධාකාර වූ මෙම වැඩසටහන් වෙනුවෙන් මුදල් අය කරනු ලැබේ. ඉන්දියාවේදී මා සහභාගි වූ අන්තර් ආගමික සාම වැඩසටහනක් විසින් මා ව

ප්‍රොටොකෝල් නො දන්නා අාණ්ඩුකාරයාට හා හමුදාවට නැගෙනහිර මහ ඇමතිවරයා ඒවා කියා දීම වැරදි ද?

Image
You the Governor don't know the protocol නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්නට උත්සවයකදී බැන වදින දර්ශනයක් පිළිබඳ ලොකු හාහූවක් ඇති වී තිබේ. මෙම සිද්ධිය වී ඇත්තේ පාසලක පැවැත්වුණු උත්සවයකදී ය. නැඟෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ඇමරිකානු තානාපති අතුල් කේශාප් ද උත්සවයට සහභාගි වී තිබේ. මෙම උත්සවයට මහ ඇමතිවරයාට ආරාධනා කර නො තිබුණු බව වාර්තා වේ. එබැවින් අදාළ හමුදා නිලධාරියා මහ ඇමතිවරයාට උත්සව සභාවෙන් ඉවත් වන්නට කියූ බවක් පෙනේ.  මේ පිළිබඳව ලංකා ඊ නිව්ස්හි මෙවැනි අදහසක් පළ වේ.  මෙම තිරිසන් හැසිරීම වාර්ථාවන්නේ සාම්පූර් මහා විද්‍යාලයට නව විද්‍යාගාරයක් සහ පරිඝණක ඒකකයක් පරිත්‍යාගකිරීමේ උත්සව අවස්ථාවේදීය. මෙහි මූල්‍ය බරපැන ඩේවිඩ් පීරිස් ආයතනය විසින් දරා තිබූ අතර අනෙක් සියළු මානව සම්පත් දායකත්වය ලබාදුන්නේ ශ්‍රි ලංකා නාවුක හමුදාව විසිනි. පළාත් සභා අමාත්‍යංශය විසින් සිදුකලයුතු මෙවැන්නක් සඳහා පෞද්ගලික අංශයේ සහ නාවුක හමුදාවේ මැදිහත්වීම පැසසිය යුතුය. මේ රටේ බුද්ධිමත් සිවිල් සමාජයට අයත් අය පවා මෙම අදහස අනුමත කර තිබෙනු දැක්කෙමි.

ඔබ අඳුරු කොදෙව්වට කැන්දන් යාද කුමාරි

Image
අනුර සේනානායක ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකු පමණක් නොව ගායකයකු ද වේ. ඔහුගේ ගී ජනප්‍රිය ය. තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මවිසින් ලියූ සටහනක අදහස වුණේ එවැනි දේ කරන්නට මහින්ද රාජපක්ෂ රජයට හෝ රාජපක්ෂ පවුලට හෝ උවමනාවක් ඇතැයි සිතිය නො හැකි බවයි. (රාජපක්ෂ රජවරුන්, කුමාරවරුන් හා බැලයන් පුනරුත්ථාපනය කිරීම) ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ අවස්ථාවේදී ද මා තර්ක කළේ රාජපක්ෂ ආණ්ඩුව සිවරාම්, ලසන්ත වික්‍රමතුංග වැනි ජනමාධ්‍යකරුවන් ඝාතනය කළේ ඔවුන් දේශපාලනික වශයෙන් දැඩි ලෙස අභියෝගාත්මක වූ නිසා බවයි. ප්‍රගීත් වැනි අයෙකු මරා දමන්නට ඔවුන්ට උවමනාවක් නැති බව මගේ අදහස විය. (ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කතිකාව නව මානයකට | The dialogue on Prageeth Ekneligoda moves to a new dimension - කිඹුලකු නොවී ඔහු ගැන සිතමු) අන්තර් විශ්වවද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණය ගැන රජයට චෝදනා කරද්දී මම නම් සිතුවේ එය ඉතා මුග්ධ කුමන්ත්‍රණ න්‍යායක් බවයි. එහෙත්, අවසානයේදී මා ලියූ දේ දෙස මට ස්වයං විවේචනාත්මකව බලන්නට සිදු වී තිබේ. දැන් යන පරීක්ෂණ අනුව පෙනී යන්නේ විනෝදය සඳහා මිනීමැරීමක් ද එකල සිදු වී තිබේ ය කියා ය. එවැනි ක්

දූෂණ, වංචා, අපරාධ ගැන විමර්ශන නිසි පරිදි සිදු නො වන්නේ ඇයි? ගල් ගසා මරන උපුල් පිළිබඳ විමර්ශනය පදනම් කරගෙන විමසමු

Image
අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ, 2016-05-22  රාජපක්ෂ යුගයේ සොරුන්, දූෂිතයන් ගැන කොයි තරම් හෙළිදරව් කිරීම් සිදු වුණත් ඔවුන්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැති බවට නිරන්තරයෙන් ම චෝදනා මතු වේ. ආණ්ඩුවේ ම මැති ඇමතිවරු පවා මේ සම්බන්ධයෙන් තම අතෘප්තිය ප්‍ර‍කාශ කර තිබේ. සොරකම්, වංචාවලට සම්බන්ධ බවට සමාජයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෝ ම කෝ අපි සොරකම් කළා නම් අල්ලන්නෙ නැත්තෙ ඇයිදැයි අසන්නට පෙළඹෙති. එය ගැන කතා කරන විට නූතන ජන ව්‍යවහාරයේ ඇති විහිළු කතාවක් සිහිපත් වේ. දුම්රියේ ටිකට් නොමැතිව හොරෙන් ආ මගියෙක් වේදිකාවේදී ටිකට් පරීක්ෂකවරයකුට මාට්ටු වූයේ ය. "කෝ ටිකට්?" "ටිකට් තියෙන්නෙ කොහොමද, මං කෝච්චියෙ ආවෙ නැහැනේ," මගියා කීවේ ය. "තමුන් කෝච්චියෙ ආවෙ ටිකට් නැතිව නේ ද?" "පිස්සුද? මං කෝච්චියෙ ආවෙ නැහැ. කෝච්චියෙ ආවා නම් ටිකට් තියෙන්න එපා යැ." මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් වූ රාජපක්ෂ පවුලේ සිට ඇමති මණ්ඩලය හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා පිරිස දූෂණ චෝදනා පිළිබඳ මතු කරන තර්කය ද මෙවැනි ය. දූෂණ කළා නම් චෝදනා තිබෙන්න එපායැ යන තර්කය ඔවුහු රැගෙන එති. ඔව

ඔපරේෂන් ගංවතුර ගැන නිරීක්ෂණ කීපයක්

Image
මේගොල්ලන් ගැන හිතපු මිනිස්සුත් හිටියා 2016 මැයි ගංවතුර හා නායයාමෙන් විපතට පත් අනාථයන්ට පිහිට වීමේ මෙහෙයුම තවමත් ඉදිරියට යනවා. එය ලංකාවේ මිනිසුන් තමන් අනුන්ගේ දුක වෙනුවෙන් උණු වන හිත හොඳ මිනිසුන් බව පෙන්වන්නට ලොකු උත්සාහයක් ගත් අවස්ථාවක්.  හොඳ මිනිසුන් ලෙස පෙනී ඉන්නට උත්සාහ කරන එක වුණත් නරක නැහැනේ. එතකොට සමාජය සමස්තයක් ලෙස අංශු මාත්‍රයකින් හරි ඉදිරියට යනවා.  විවිධ අරමුණු වෙනුවෙන් ජන සමූහයන් ගොඩනගාගෙන සිටින බොහෝ දෙනෙක් ආධාර එකතු කරන්න, බෙදා දෙන්න, උදව් කරන්න මහන්සි වෙනවා. තම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් බොහෝ අය බොහෝ දේ කරනවා.  මේ අතරෙ දේශපාලන, ව්‍යාපාරික හා මාධ්‍ය මුද්‍රා තබා ගැනීමේ උත්සාහයකුත් දකින්න ලැබෙනවා. ඒත්, ඉතින් වැඩක් කරලා ලකුණු දාගත්තත් මොක ද?  හැබැයි ඉතින් වටින්නේ කිසිදු අපේක්ෂාවකින් තොරව නිහඬව වැඩ කරපු මිනිසුන්ගේ මිනිස්කමයි. වැදගත් වන්නේ තමන්ගේ කාර්යභාරය කිරීම මිස එය කළ බව කියා කෑ ගැසීම නෙමෙයි. මේක ලංකාවේ ආරක්ෂක හමුදාවල නව මානයක් මතු වුණ අවස්ථාවක්. මෙය ආරක්ෂක හමුදා වෘත්තික මට්ටමේ සැබෑ මානුෂික මුදාගැනීමේ මෙහෙයුමකට උර දුන් අවස්ථාවක්. ඒ වගේ ම ඔවුන් රජය නියෝජනය කරමින

ලංකාවේ ආගමික ශාස්තෘවරුන්ගේ යාවත්කාලීන කළ ලේඛනය

Image
දිවයින ඉරිදා පුවත්පත ජනතා විමුක්ති පෙරමුණට අවලාද නගමින් පළ කර ඇති අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සොයාබැලීමට මේ වනවිටත් නීතිවේදීන් කණ්ඩායමකට භාරදී ඇති බවත් එම පුවත්පතට එරෙහිව 'පුවත්පත් මණ්ඩලයට' හා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කිරීමට බලා පොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය දිනෙක පැවසුවා. ජවිපෙ නිල පුවත්පත වන නියමුවා පත්තරේ කට්ටිය පසුගිය දිනවල ආණ්ඩුවෙන් දෙන මෝටර්සයිකලුත් ඉල්ලුවානේ. ඒ ගැන මේ ලිපියේ විස්තර තිබෙනවා. ජවිපෙ මන්ත්‍රීවරු හැමදාමත් මහජන මුදලින් දෙන බදු සහන මත ආනයනය කර ගත හැකි වාහන බලපත්‍ර ලබාගෙන තිබෙනවා. එ් නිසා එයට එරෙහිව ඔවුන් කවදාවත් හඬ නගන්නේ නැහැ. ජවිපෙට තියෙන මූලික ගැටලුව කිසිදු ක්ෂේත්‍රයක බැරෑරුම් සාකච්ඡා සමග ජවිපෙට සම්බන්ධයක් නැති එකයි. පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම කියන්නේ පසුගිය කාලයේ මේ රටේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සංවාදයේදී මතු වූ මූලික කාරණාවක්. ඒ වගේ ම පුවත්පත් පැමිණිලි කොමිෂම ශක්තිමත් කිරීමත්, විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ද එවැනි ව්‍යූහයක් ගොඩනැගීම පිළිබඳවත් සංවාද කෙරුණා. ජවිපෙ හද

ආපදා කළමනාකරණය හා හෙල්පිං පොළොන්නරුව

Image
දහසක් දේ කතා කරන මේ ඡායාරූපය ඩේලි නිව්ස් පුවත්පතෙනි. මං ඒ පත්තරේ කර්තෘ වුණානම් මේක පිටු කාලක් තරම්වත් ලොකුවට පළ කරමි.   1994 – 2014 සමයේ ලොව පුරා වාර්තා වූ ආපදා අතරින් 43%ක් ම ගංවතුරයි. එයින් බිලියන් 2.5ක් ජනයා පීඩාවට පත් වූ හ. 1994 – 2014 සමයේදී ලොව පුරා බිලියනයක් ජනයා නියඟයෙන් පීඩාවට පත් වූ හ. එය ස්වාභාවික ආපදාවලින් පීඩාවට පත් වන්නන් සෑම සිව්දෙනෙකුගෙන් ම එක් අයෙකි. පීඩාවට පත් වන සෑම දහසකින් ම 79ක් සුනාමි මරණයි. භූමිකම්පා මරණ 4කි. මේ අනුව සුනාමි, ගොඩබිම ඇති වන භූමිකම්පා මෙන් 20 ගුණයක් භයානක ය. ( ලෝකයේ ආපදා තත්වය ගැන විස්තර රැසක් මෙම ලිපියේ ඇත .) දේශගුණික විපර්යාස හේතුවෙන් අද වන විට, ගංවතුර, කුණාටු වැනි ස්වාභාවික ආපදා සිදු වීම වසර 25කට පෙර තිබුණාට වඩා දෙගුණයකින් වැඩි වී තිබේ. ශ්‍රී ලංකාවේ අපි ද වාර්ෂිකව දැවැන්ත ස්වාභාවික ආපදාවන්ට මුහුණ දී ඇති බව පසුගිය වසර දහයක පමණ අතීතය විමසා බලන විට පෙනේ.  2004 සුනාමි ආපදාව යනු ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ගොඩ නො ආ තත්වයකි. එහෙත්, විධිමත් පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතියක් තවමත් අපට නැත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විහිළුවක් බවට පත් ව

යුද ජය කියා සමරන්නට ඇත්තේ යුද අපරාධ අතීතයකි

Image
යුද ජය සමරන්නේ නැති එක ගැන ආණ්ඩුවට ප්‍රශංසා කරමි. එය සැමරිය යුතු නැත. දිනුවේ රජයේ හමුදා ය. පරාජය වුණේ කොටි සංවිධානයේ හමුදාවයි. එහෙත්, දෙපැත්තේ ම මැරුණේ අප ඔබ වැනි මිනිස්සු ය. මිනිසුන් ලෙස අප පරාජිත ය. එහෙයින් හමුදා ලෙස යුද ජය සමරන්නට යාම තේරුමක් නැත.  මෙම යුද්ධය නීති නැතිව කළ ක්‍රීඩාවකි. මුලදී ම ඒ මැච් එක දාගත්තේ මැච් නො ගැසිය යුතු තත්වයක ය. දෙපැත්තේ ම ක්‍රීඩකයන් ශාරීරික උත්තේජන ගෙන තිබියදී ය. ඒ ජාතිවාදයෙනි. එසේම දෙපැත්තේ ම පීඩිතයන්ට යුද්ධයක් දරා ගැනීමේ හැකියාවක් නො තිබිණි.  ඊළඟට දෙපැත්තෙන් එක පැත්තක්වත් යුද නීති තැකුවේ නැත. දෙපැත්ත ම කීවේ යුද්ද කරන්නේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ය කියා ය. රජය කීවේ එය මුදා ගැනීමේ මෙහෙයුමක් ය කියා ය. රෙද්දෙ විමුක්තිය ය. රෙද්දෙ මුදා ගැනීම ය. කොටි සංවිධානය යුද්ධයට ගියේ ම සියල්ල පරදුවට තබලා ය. පිටරට සුවපහසු ජීවිත ගත කරන ගමන් ලංකාවේ පීඩිත දෙමළ ජනයා යුද්ධයට තල්ලු කළ දෙමළ ඩයස්පෝරාව අවසානයේදී ලංකාවේ කොටි හමුදා විනාශ වන එක හා දෙමළ සිවිල් වැසියන් විශාල පිරිසකගේ ජීවිත වැනසෙන එක නිකම් බලා සිටියේ ය.  ආණ්ඩුව මෙන් ම කොටි සංවිධානය ද යුද්ධයෙන් ප්‍රශ්නය

අපි හැමෝම තකතීරුවො - අන්න ඒක නිසා තමයි - කෙස් පැලෙනා මොළකාරයො - අතළොස්සක් ඕන අපට

Image
W3Lanka බ්ලොගය පවත්වාගෙන යන්නේ එහි රචකයාට ඇති මාර රීඩිං එක හා මාර අදහස් සමාජය වෙත දානය කිරීමට නො වේ. ඇත්තම කියනවා නම් එහෙම ලොකු මගුලක් මේ ලියන මා ළඟ නැත. අශෝක හඳගමගේ චිත්‍ර‍පටය පිළිබඳ අප ලියූ සටහනත් එවැනි ය. එය ලිව්වේ වරලත් විචාරකයන්, කියවන්නන් හා සිතන්නන් ගැන මගේ රසවින්දනය නම් සටහන ලියූ දිනවල ම ය. එය රාවයට යැවූ දිනය පරීක්ෂා කර බැලුවෙමි. ඒ මැයි 2දා ය. බොරු නම් ජනරංජනගෙන් අහන්න. ඒ නිසා පහත පළ වන සටහනේ මුල් වාක්‍යය ම වැරදි ය. මං එච්චර සිරා නැත. දෙවන වාක්‍යයේ ඇත්තේ මා කෙරෙහි වෛරය හා මගේ පැවැත්ම නිසා ඇති වී තිබෙන අසහනයයි. තුන්වන වාක්‍යයේ ඇත්තේ මා විසින් කරගෙන යන සංවාදයක් නිසා ඇති වී තිබෙන වේදනාවයි. හතරවන වාක්‍යය අමු බොරුවකි. කෙසේ වෙතත්, හඳගමගේ ඇගේ ඇස අග චිත්‍ර‍පටය ගැන මා ලියූ රසවින්දනයේ අදහසක් ලෙස ඇනොනිමස්ව පළ වුණත්, එම සටහන වැදගත් නිසා මෙහි යළි පළ කරමි. එහි බොහෝ කරුණු ගැන මට ලොකු ප්‍ර‍ශ්නයක් නැත. මගේ අදහස් සටහන තුළ ම රතු අකුරෙන් තබමි. අජිත් පැරකුම් ජයසිංහ කල්පයක් පෙරුම් පුරා හඳයාගේ අභිනව සිනමාව පිළිබඳ ස්වකීය පැරාමය කියවීම පළ කර ඇත. සකල විධ ලෝක ධාතුවේ සෑම සියලු ගැටලුවකට ම පිළිතුරු