කඩාකප්පල්කාරී ජනතාවක් එක්ක සමාජය වෙනස් කිරීමේ අරගල

ගම්වල මහින්දවාදීන් කියන්නේ ඇත්තෙන් ම අමුතුම බුවාලා ටිකක්. පහුගිය දිනවල මං කතා කරපු ඇතැමෙක් හරියට අයියෙස්කාරයෝ වගේ. පෝලියෝ එන්නත දෙන එක වළක්වන තලේබාන්කාරයෝ වගේ. නැතිනං මරාගෙන මැරෙන කොටි වගේ. 

මේක තේරුම් ගන්න ඕනැ තත්වයක්. උන් ඉන්නෙ බද්ධ වෛරයෙන්. උන් මුළු රටටම වෛර කරනවා. බලාගෙන ඉන්නෙ රටට කෙළවෙනකල්. බුද්ධිමත් එවුන් ආර්ථිකය කඩා වැටෙනකල් බලන් ඉන්නවා. ඒවා ගැන නො දන්න එවුන් බලන් ඉන්නේ කොටි යළි නැගිටිනකල්. රට කැඩෙනකල්. මේ වෙනකොට විග්නේශ්වරන් උන්ට දෙයියන් වගේ. 

උන් එක්ක කතා කරන්නත් බැහැ. අසූහාරදාහට නගිනවා. මොන දේ පැහැදිලි කරන්න හැදුවත් කියන්නේ ‘හරි බලමුකෝ. අපිත් ඉන්නෙ මෙහේනේ.'

වැඩේ කියන්නේ ගම්වල ඉන්න මේ වගේ මහින්ද පිස්සන්ගෙන් ඇතැමෙකුට මහින්දගෙන් ලැබුණු අලගෙඩියකුත් නැහැ. මහින්දගේ කාලෙ රජයෙන් කඩා වඩා ගත්ත එවුන්ට උන්ට තරම් අමාරුවකුත් නැහැ. උන් බලන්නෙ මේකෙනුත් ඒ වැඩේ ම කර ගන්නනේ. මුන්ගේ මහින්දවාදය කුළු ගැන්වෙන පොයින්ට් එක තියෙන්නේ දෙමළුන්ට කෙළවීම කියන සාධකය ඇතුළෙ. ඒක බෙහෙත් නැති ලෙඩක්. 

මේ මට්ටමේ සමාජ විරෝධයකින් පෙළෙන තවත් කොටස් ඉන්නවා. කණගාටුවෙන් වුණත් කිව යුතු දෙයක් තමයි වාමාංශික අන්තවාදියෝත් මේ ගණයට අයත් වන බව. දියුණු මිනිසුන් හැදීම වෙනුවට කෙසේ හෝ තමන්ගේ අතට බලය ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. ඒ නිසා ඔවුනුත් මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියාවලට කැමතියි. 

පහුගිය දින කීපයක් ම මම දැක්කා මතුගම ටවුමේ ප්‍රධාන පාරවල් කීපයක මේ වගේ බරසාර කුණු මලු වීසි කරලා තිබෙනවා. අප්‍රේල් 23දා උදේ මේ ෆොටෝ එක මං ගත්තෙ මතුගම - නෑබඩ පාරේ හිරිකැටිය පහු කරලා වෝගන් කන්ද නගිද්දි. මෙතන දකුණු පැත්තෙ ඡායාරූපයේ නැති හරියේ තියෙන්නේ මනරම් තේ වත්තක්. මේ පැත්තේ මතුගම අලුත්ගම පාරේ ලෙව්වන්දුව දක්වා හරිය අැරෙන්නට මේ පැත්තේ සියලු ප්‍රධාන පාරවල් මේ වන විට සංවර්ධනය කරලායි තිබෙන්නේ. ඒත්, කිසි කෙනෙක් මේ පාරවල් පරිස්සං කරන්නේ නැහැ. තමන්ගේ කුණු ගෙනත් දාන්නේ පාරට. ඒ විතරක් නෙමෙයි, මළ ගෙවල්, අවුරුදු උත්සව ආදියෙදි පාරවල් දෙපස සැරසිලි කරනමුත්, ඒවා ඉවත් කරන්නට කිසි කෙනෙක් නැහැ. 

මේ කුණු මල්ලේ හිස් ළූනු බෑග් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙවල්වලට එහෙම ළූනු මලු ගේන්නෙ නැහැ නේ. මේක බොහෝ විට කඩේක එකක් වෙන්න පුළුවන්. අප්‍රේල් 22දා කලුතර පාර දිගේ බස් එකෙන් යද්දිත් පාන්තිය කිට්ටුව පාරේ මේ වගේ කුණු මල්ලක් විසි කරලා තිබුණා. මේවා දාන්නේ ගෙවල් දොරවල් අඩු තැන්වල පාරටමයි. පාර අයිනටවත් නෙමෙයි.

මතුගම ප්‍රාදේශීය සභාව කියන්නේ කුණු ටික හරියට අදින එකක් නෙමෙයි. ඒක ඉතින් මුළු ලංකාවෙම එහෙමයි. මේ කුණු මල්ල දාලා තියෙන හරියට කිසිම දාක කුණු ට්‍රැක්ටරය එන්නෙ නැහැ. ප්‍රාදේශීය සභාව ප්‍රදේශය ඇතුළෙ වෙනම සීමාවක් ලකුණු කරගෙන ඒක ඇතුළෙ විතරයි කුණු අදින්නෙ. 

පරිසර පොලිසිය කියලා එකකුත් නං ඔය තියෙන්නෙ. හැබැයි ඉතින් මොන නීති ගෙනාවත්, මොන පොලිසි දැම්මත්, මේ වගේ කුණු පොරවල් නං නැති කරන්නට බැහැ. මේව ඇවිල්ලා ත්‍රස්තවාදී වැඩ වගේ දේවල්. 

මේ වන විට, ලංකාවේ රජය අසමත් වී තිබෙන ප්‍රධාන කාරණයක් තමයි කසල කළමනාකරණය. ඇත්තම කියනවා නම්, රජය මෙය පෞද්ගලීකරණය කරනවා නම් වඩා ඵලදායී වෙන්න පුළුවන්. රජය උත්සාහ කළ යුත්තේ එය නියාමනය කරන්නට හා එම කටයුතුවල යෙදෙන සමාගම් දිරිගන්වන්නටයි. ඒ වගේ ම ජනතාවගේ ආකල්ප වෙනස් කරන්නටත් මැදිහත් වීම ඉතා වැදගත්. 

මේ කර්තව්‍යයට නිෂ්පාදකයන් හා කඩකාරයනුත් සම්බන්ධ කර ගත යුතුයි. කිසිදු වගකීමකින් තොරව ප්ලාස්ටික් පරිසරයට මුදා හරින්නේ ඔවුනුයි. ඔවුන් මෙහිදී කරනු ලබන දායකත්වය වෙනුවෙන් බදු සහන එහෙම ලබා දී ඔවුන් දිරිමත් කරන්නට පුළුවන්. තමන් නිකුත් කරන ප්ලාස්ටික් හා පොලිතින් ආපසු එකතු කර භාර දෙන්නට හෝ තමන් ම ප්‍රතිචක්‍රීයකරණය කරන්නට ඔවුන් පොළඹවන්නට පුළුවන්.

ලංකාවට අවශ්‍ය ඇත්ත සමාජ වෙනස ඇතුළෙ බල දේශපාලනයෙන් පරිබාහිර මෙවැනි සාධක රැසක් තිබෙනවා. ඇත්ත සමාජ වෙනසක් අපේක්ෂා කරනවා නම් දේශපාලන ව්‍යාපාර මේ සියල්ල අන්තර්ග්‍රහනය කර ගත හැකි ඒවා විය යුතුයි. 

වත්මන් ආණ්ඩුවේ තිබෙන මූලික ම ගැටලුව වන්නේ එය පහළට විහිදුණු එකක් නො වීමයි. කොළඹ තිබෙන ආණ්ඩුව එක්ක සම්බන්ධ වෙන්න පුරවැසියන්ට අවශ්‍යතාවක් තිබුණත් ඒකට ක්‍රමයක් නැහැ. බිම් මට්ටමට විහිදෙන කිසිදු සමාජ නායකත්වයක් නැහැ. පළාත් පාලන ඡන්දය වෙනුවෙන් කොළඹ මාධ්‍යවලින් උද්ඝෝෂණ කරන කිසිදු දේශපාලන පක්ෂයක් මේ වන විට බිම් මට්ටමේ වැඩ ආරම්භ කරලා නැහැ. ඒ වෙනුවෙන් කිසිදු මුලපිරුමක් කිසිම පක්ෂයක නැහැ. වාමාංශිකයන්, විප්ලවවාදීන් කියන අයත් එහෙමයි. 

වෙලාවකට මට මෙහෙම හිතෙනවා. මේ රට ඇවිල්ලා කඩාකප්පල්කාරීන්ගේ දේශයක්. විශේෂයෙන් ම ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් පෙළෙන පිරිසක්. ඔවුන් කිසිදාක රාජ්‍ය පාලනය තුළ තමන් කොටස්කරුවන් වන බව හා තමන්ටත් වගකීම් ඇති බව පිළිගන්නේ නැහැ. එවුන් පුරවැසියන් බවට පත් නො කර මේ රටේ කුමන හෝ සමාජ දේශපාලන වෙනසක් ඇති කරන්නට බැරි බව කවුරු කවුරුත් සිතා ගත යුතුයි. එය වර්තමානයේ දේශපාලන ව්‍යාපාර විසින් තමන් තුළ ඇති කර ගන්නට උත්සාහ කළ යුතු ලක්ෂණයක්. 

සරළව කියනවා නම් දේශපාලන පක්ෂ ජනතාව එක්ක නිරන්තර සමාජ දේශපාලන සංවාදයක් පවත්වාගෙන යන්නට උත්සාහ කළ යුතුයි. එහෙම නැතිනම්, වෙනත් කිසියම් සමාජ ව්‍යාපාරයක් හෝ ඒ කටයුත්තට අතගැසිය යුතුයි. නැතිනම් අප විනාශය දෙසට යන ගමන වළක්වන්නට බැහැ.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්ද වාදීන් බද්ධ ව්යිරයෙන් ඉන්න කතාව නම් සහතික ඇත්ත. ගම්වල විතරක් නෙවෙයි ඔය කොළඹ පැත්තේ දත් දොස්තර වැඩේ කරන බුවෙකුත් ඔහොම වෙනවා .ඌ කුණු විසිකරන්නේ/කැත කරන්නේ පාරේ නෙවෙයි බ්ලොග් අවකාශයේ .. තව ටිකකින් මේකෙට ඇවිල්ල හිටු කියලා ඇනෝ කමෙන්ට්ස් දායි . ඒ අතර එකක් දෙකක් ටිකක ඩි සැන්ට් ගතියක් ටයන්තමට තියෙන එවා සාරස කියලා පොරගේ නමින්ම දායි....

    ReplyDelete
    Replies
    1. සා රස මොන මගුලක් කොරන්න එනවද දන්නෙ නැහැ. අපිනම් දේසපාලනේ බලන්න නෙවෙයි මේකට එන්නෙ, තොපි වගේ මොළේ හොඳ නැති අමුම අමු ගොබ්බ මීහරක් දෙන ගොන් ආතල් බලල හවහට පොඩි ආතල් එකක් ගන්න. විශේශයෙන්ම අර මැක්ස්/ නිපුන කියන පුකේ ඉඳන්ම් පිස්සු තියෙන ගොන් මල හත්වල්ලාම ලියන මලවලාමවල් බැලුවම පුකෙනුත් හිනා :D :D :D

      Delete
    2. හරියටම හරි! සාරස කියන්නේත් ඔය වගේ පාරේ තැනින් තැන කුණු දාන කෙනෙක්. විභාග පාස් කළාට මොකද ඒ මිනිහාට වැදගත්කම කියන එක ගෑවිලාවත් නැහැ. කොහෙද ඉතින්, ඔය වගේ මිනිස්සුන්ට වැදගත්කම කියන එක උපතින් අරන් ආවේ නැත්නම්, ඒක එන්නත් කරන්නයැ.......

      Delete
    3. //////////Anonymous April 24, 2016 at 7:36 PM

      සා රස මොන මගුලක් කොරන්න එනවද දන්නෙ නැහැ. අපිනම් දේසපාලනේ බලන්න නෙවෙයි මේකට එන්නෙ, තොපි වගේ මොළේ හොඳ නැති අමුම අමු ගොබ්බ මීහරක් දෙන ගොන් ආතල් බලල හවහට පොඩි ආතල් එකක් ගන්න. විශේශයෙන්ම අර මැක්ස්/ නිපුන කියන පුකේ ඉඳන්ම් පිස්සු තියෙන ගොන් මල හත්වල්ලාම ලියන මලවලාමවල් බැලුවම පුකෙනුත් හිනා :D :D ://////////////////


      ඔන්න ඔය ඇනොනිමස් කමෙන්ට් එක දාලා තියෙන්නේ සාරස.

      මීට දවස් තුන හතරකට කලින් මිනිහා අකුරක් නෑර ඔය කමෙන්ට් එකම වෙන තැනකත් දැම්මා.

      ඒ කමෙන්ට් එක දැම්මේ මම මිනිහාට තමුන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න කියලා දාපු කමෙන්ට් එකකට උත්තරයක් හැටියට.

      Delete
    4. සාරස කියන්නේ අසාර්ථක ලිංගික ජීවිතයක් නිසා විවාහය කඩාකප්පල්වූ එක්තරා ආකාරටය මානසික රෝගියෙක්.

      Delete
    5. මචං ඇනෝ උඹ හරියට හරි . ඔය යකාගේ පුද්ගලික ජිවිතේ නිසා මම ඒ ගැන කිව්වේ නෑ.. විවාහ කඩාකප්පල් විමෙන් පස්සේ සරසයා තවත් අමු ගොබ්බ වැඩ වැඩිවැඩියෙන් කරන්න පටන් ගත්තා...

      Delete
    6. // AnonymousApril 24, 2016 at 10:23 PM
      සාරස කියන්නේ අසාර්ථක ලිංගික ජීවිතයක් නිසා විවාහය කඩාකප්පල්වූ එක්තරා ආකාරටය මානසික රෝගියෙක්.


      AnonymousApril 25, 2016 at 3:26 AM
      මචං ඇනෝ උඹ හරියට හරි . ඔය යකාගේ පුද්ගලික ජිවිතේ නිසා මම ඒ ගැන කිව්වේ නෑ.. විවාහ කඩාකප්පල් විමෙන් පස්සේ සරසයා තවත් අමු ගොබ්බ වැඩ වැඩිවැඩියෙන් කරන්න පටන් ගත්තා... //

      සබ්බේ සත්තා උම්මත්තකා කිවුවලු....

      :D

      Delete
    7. /////සබ්බේ සත්තා උම්මත්තකා කිවුවලු....///// (- Sa rasa)

      කවුද එහෙම කිව්වේ?

      Delete
    8. // කවුද එහෙම කිව්වේ? //

      ලෙනින් තුමා...
      ඇයි අවුල් ද?

      Delete
  2. පළවෙනි ඡේද හතරේ තියෙන මහින්ද විරෝධය හා පාරේ කුණු දැමීම අතර සම්බන්ධය කුමක් ද ? යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ම ප්‍රශ්ණ මගහැරීමේ උපක්‍රමය වන යන්නෙ කොහෙද මල්ලෙ පොල් න්‍යාය මෙතනත් පාවිච්චි වෙලා ද ?

    ReplyDelete
    Replies
    1. ↑ මෙන්න මේ තියෙන්නේ සාරසගේ ඇනොනිමස් කමෙන්ට් එකක්. ↑

      Delete
    2. මම මෙම ප්‍රශ්නය බලාපොරොත්තු වූයෙමි. මෙම සිද්ධි හා මහින්දවාදය අතර සම්බන්ධය ඔප්පු කළ නො හැකි ය. එහෙත්, එසේ අනුමාන කරන්නට පුළුවන් තත්වයක් ගම් මට්ටමේ තිබේ. එසේ ම, මෙසේ ප්‍රධාන මංමාවත්වලට ම කුණූ වීසි කිරීම ඒ තරම් සාමාන්‍ය තත්වයක් නො වේ. මතුගම ප්‍රදේශයේ තමන්ගේ වත්තේ කුණු වලක් කපා ගත නො හැකි ඉඩම් තිබේ නම් ඇත්තේ ඉතා ම අල්පයකි. කසල කළමනාකරණයේ බරපතල අර්බුදයක් තිබෙන්නේ දිරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් නොව, නො දිරන පොලිතින්, ප්ලාස්ටික් සම්බන්ධයෙනි.

      Delete
    3. හොඳයි. එතකොට මේ යහපාලන (යැයි කියනු ලබන) ආණ්ඩුවට චන්දය දුන් පුද්ගලයන් බහුතරය පාරේ කුණු නොදාන බවද ඔබ කීමට උත්සාහ කරන්නෙ ?

      Delete
    4. පාරට කුණු දමන්නේ මහින්ද ට කැමති අය ද වෙන අය ද යන ප්‍රශ්නය සම්බන්ධව "ඔප්පු කළ නොහැකිය - එහෙත් අනුමාන කරන්න පුළුවන් තත්වයක් තිබේ" ආදිය පවසනවා ට වඩා වැදගත් වන්නේ ඒ සම්බන්ධව දේශපාලනික - නෛතික ප්‍රවේශයක් politico legal approach ගැනීමය. එය නොකෙරෙන්නේ ඇයි ද යන්න පැහැදිලි නැත.

      Delete
    5. අපොයි ඕක ඔච්චර බරපතල විදියට හිතන්න ඕනෙ නෑ. මේ යහපාලන (යැයි කියනු ලබන) ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන බොහොමයක් අය ඔය ලිපියේ අවසාන ඡේද වල කියලා තියෙන මහින්ද පාක්ෂිකයා මේ ආණ්ඩුවත් සමග සිටින තරම්ම වෛරයකින් තමයි මහින්ද දිහා බලන්නෙ. දෙගොල්ලන්ගේ වෙනසක් නෑ. එක ම වෙනස ගමේ ශ්‍රී ලංකා කාරයා (මහින්ද වාදියා) තිත්ත කුණුහරුපෙන් කේන්තිය පිට කරනකොට අජිත් පැරකුම් ලා වගේ අය අහක යන කුණුගොඩවල් වලටත් මහින්දව ගාවාගෙන ප්‍රොෆෙෂනල් විදියට කේන්තිය පිට කරනවා.

      Delete
  3. පැරා, සාරස වගේ වෛද්‍යවරයෙකුත් කරන්නේ බ්ලොග් අවකාශය කැත කරන කඩාකප්පල්කාරී වැඩ නම් ලංකා සමාජයේ ආකල්ප වෙනස් කරන එක දීර්ඝ කාලයක් ගතවෙන, ඉතාම ආයාසයක් දැරීමට සිදු වෙන වැඩක්.

    ReplyDelete
    Replies
    1. සාරසට කැමති දෙයක් ඔහුට කරන්නට නිදහස තිබේ. අප කරන්නේ අප නිවැරදි යයි සිතන දේ ය.

      Delete
  4. ඇනෝ ලා මාර ෆන් එකක් ගන්නවා වගේ...

    ReplyDelete
    Replies
    1. අපි ෆන් ගන්නේ සාරස ඇනොනිමස් ඇවිල්ලා අපිට ෆන් දෙන නිසා.

      (හැබැයි ඉතින් 'සාරස' කියන්නෙත් ඇනොනිමස් තමයි)

      Delete
    2. සාරස තමුන්ගේ රෙජිස්ටර් නමින් කමෙන්ට් දාන කොට ලියන්නේ නම දෙකට වෙන් කරලා "ස රස" විදියට.

      සාරස ඇනොනිමස් කමෙන්ට් දාන්නෙත් නම දෙකට වෙන් කරලා, හැබැයි පළමුවෙනි සයන්නට ඇල්පිල්ලක් එකතු කරලා "සා රස" විදියට.

      අනිත් හැමෝම ඒ නම එක වචනයක් විදියටයි ලියන්නේ.

      ඔන්න ඔහොම තමයි අපි මෙතෙක් කල් සාරසගේ ඇනොනිමස් කමෙන්ට් හඳුනා ගත්තේ.

      Delete
    3. දැන් අපි මොකද කරන්නේ ඈ?

      Delete
    4. මේ තත්වය සාරසටත් මාර ආතල් එකක් දෙනවා ඇති. Nothing is bad publicity, isn't it?

      Delete
    5. ඔවු .. ඔව් ඔය හාදයා අජිත්ගේ , ක. කා., මාතලන්ගේ ගේ වගේ බ්ලොග් වල ඇවිත් හතර අතේ ඇනෝ සහ නමින් යන දෙකෙන්ම කොමෙන්ට්ස් දමමින් කරන්නේ එක තමයි.

      Delete
    6. // මේ තත්වය සාරසටත් මාර ආතල් එකක් දෙනවා ඇති. Nothing is bad publicity, isn't it? //

      පැරා ට පමනයි ඇත්ත තේරුනේ....

      Delete
    7. මෙන්න සරසට තවත් ඇඩ් එකක්!!!!

      දතක් හෝ දෙකක් ගලවගන්න ඕන නම් ....... සරසයා ගාවට ගිහිල්ලා මහින්ද ලොක්කට බැනලා කට ඇරගෙන හිටපන්. නොමිලේ දත් සෙට් එකම ගලවගන්න පුලුවන්

      Delete
    8. // මෙන්න සරසට තවත් ඇඩ් එකක්!!!! //

      මුදල් ගෙවා ප්‍රචාරය කොරන ලදී!

      Delete
  5. මේක මොන ආණ්ඩුව කාලේ හැදුව පාරක්ද?

    ReplyDelete
    Replies
    1. මොන ආණ්ඩුව කාලේ හැදුවත් වියදම් කරලා තියෙන්නේ මහජන සල්ලි.

      Delete
    2. පාරවල් සංවර්ධනය කිරීම නැවතී නැත. තවමත් බොහෝ පාරවල් හැදෙමින් තිබේ. නුවර පාර උදාහරණයකි. පාරවල් හදන්නේ රජය මිස ආණ්ඩු නො වේ. ආණ්ඩු කරන්නේ දේශපාලනයයි. මහින්දගේ කාලයේ ආණ්ඩුව පාරවල් කොන්ත්‍රාත්වලින් ද ගසා කෑවේ ය.

      Delete
  6. මා හිතන හැටියට නම්, ප්‍රාදේශීය සභාවල් කසල කළමනාකරණය හරියට කරනවානම් පාරේ කුණු දැමීම 90% කින්ම අඩු වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඔප්පු කරන්නට උදාහරණයක් තමයි මතුගම ප්‍රාදේශීය සභාව. එවැනි උදාහරණ තවත් ඕනෑ තරම් ඇති. ප්‍රාදේශීය සභාවලට මේවා කරන්නට බැරි බව නැවත නැවත ඔප්පු කරන්නට ඕනැ නැහැ. මේවා පෞද්ගලීකරණය කළ යුතුයි. එතකොට ඒ වෙනුවෙන් මනස හා නිර්මානශීලිත්වය යෙදවීම වර්ධනය වෙනවා.

      Delete
  7. මෙන්න මේ පිස්සත් මරාගෙන් මොකුත් නොලැබුනත්, මරාගේ බෙටි අල්ලන එකෙක්.

    http://pakispettiya.blogspot.com/2016/04/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. නොමිළේ පබ්ලිසිටි.

      Delete
  8. කසළ කළමනාකරණය මහින්දගේ කාළේ කර ගන්න බැරි උනත් ලංකාවට අපූරුවට ගැලපෙන ආරක්ෂක ලේඛම් කෙනෙක් උන්නා. ඒ කාළේ කොළඹ කඩවල උන් කඩේ පඩියවත් පාරට අතු ගාන්නේ නෑ. මොකෝ ඒක දැක්කා නම් පට්ට දඩයක් ගහනවා. පරිසර පොලීසිය නියමෙට වැඩේ කලා. සංචාරකයෝ පවා පුදුම වෙනවා ඒ කාළේ අපේ පාරවල් දැක්කම. විශේෂයෙන් ඉන්දියාවෙ උන්.

    අපේ රටේ උන් හදන්න නම් ඒ වගේ මිනිස්සු අනිවාර්යයෙන් ඉන්නම ඕන. ප්‍රශ්ණය වෙලා තියෙන්නේ එහෙම ප්‍රසනැලටි මේ ආන්ඩුවට ඉන්නවද කියන එක. නිසි ලෙස කළමනාකරණය තිබු දෙයක් ආයෙත් අයාලේ යනවා දැකීම පක්ෂ පාට බේදයකින් තොරව කනගාටු විය යුතු කරුණක්. පාරේ කුණු දාන මහින්දවාදියෝ අල්ලන්නේ කොහෙද, පස්සෙත් අරින උන් එක්කත් ලව් කරන ආන්ඩුවක්.

    ReplyDelete
  9. පැරා සමාවෙන්න මෙතන මේක දැම්මට ඔබ කලින් පොස්ට් එකේ කිව්වා මද්යම පන්තිය කලයුතු කැපකිරීම් ගැන ඔබ දන්නවද අර්ජුන මගේන්ද්‍රන් ලක්ෂ 20ක කොට් එකක් ගත්ත කියල.
    මම හිතනවා ඔබ මේ ධනපතියන් කරන කැපකිරීම් ගන්නත් කිව්වනම් වටිනවා කියල

    ReplyDelete
    Replies
    1. ඇයි, මහින්ද රාජපක්ෂ කාලේ, සමාජවාදී විමල් වීරවංශ ඩොලර් 450 හේ Burberry කමිස ඇන්ද වග ඔහේට අමතක වෙලාද?

      Delete
    2. හහ් හා. සිරිකොතේ වැසිකිලි වලවල්වල ලැගගෙන ඉන්න මළ පෙරේතයෝ ඔහොම්මමයි. අන්ත දූශිත පාදඩ මිනීමරු මරා කල්ලිය කරපු බලු පාහර කාඩ වැඩ නිසා තමයි උන් බලයෙන් පහ වෙලා බලු වෙලා කුජීත වෙලා ඉන්නෙ. ඔය කියන විකට වංස පඟර නැට්ට දැන් එල්ලෙන්න වැල් නැතුව ජාතිවාදෙයි සාටකේයි එල්ලිලා යන්තම් පණ ගැට ගහගන්නෙ ඕවයෙ ප්‍රතිපල නිසා තමයි. ඉතින් අලුත් ආණ්ඩුවේ ඉන්න පල් හොර අර්ජුන් මහේන්ද්‍රන්, රන් ගොවියා ඇතුළු නඩය දැන් දැන් මරා කල්ලියට නොදෙවෙනි ලෙස හොරා කනවා. අවුරුද්දකදි මෙහෙම නම් මරා කල්ලිය අවු. 10කින් හොරකමෙන් තියාපු රෙකෝඩ් තව මාස කීපෙකින් කුඩු කරල දාවි. ස්වාධීනව ජනතාව එක්සත්ව නැගීහිටියොත් විතරක් මේක පාලනය කල හැකි වේවි.

      Delete
    3. AnonymousApril 25, 2016 at 11:28 AM,

      ඩොලර් 450 ක් කියන්නේ රුපියල් 67500 මොහු වියදම්කරලා තියන්නේ ලක්ෂ 20ක් (රුපියල2000000 ) ඔබට මේ දෙකේ වෙනස තේරෙන්නේ නැද්ද ? ඔහු මේ මුදල රජයෙන් අයකර ගැනීමටත් උත්සහ කරනවා.

      Delete
    4. @ Lanka Sithuwili,

      A man who buys a coat buys only one coat. A man who buys shirts buys many shirts. That's the difference between a coat buyer and a shirt buyer.

      Usually a public figure like Vimal Veeravansha has about 40 - 50 shirts. Assuming that he had bought 25 Burberry shirts, the total amount he had spent is almost Rs. 17 lakhs (Rs. 67500 X 25 = Rs. 1,687,500).

      The alleged value of Arjun Mahendran's coat is Rs. 18 lakhs.

      Who has broken whose record?

      Delete
    5. AnonymousApril 25, 2016 at 2:12 PM,

      How do you know wimal bought 25 Burberry shirts and Arjuna mahendran bought only one coat (and no shirts ) also you forgot to mention Mr Mahendran stayed at Beverly hills hotel in california that is not cheap.

      Delete
    6. @ Lankika Sithuwili,

      I said I ASSUME that Wimal had bought 25 Burberry shirts. That doesn't mean that I know the exact number. But one can have a fair guess of the number of shirts he had bought from the number of times he appears in public (including on TV) with such shirts.

      Arjun Mahendran may have purchased shirts as well, but he does not appear to attempt to pass that expense to the Government. Even the cost of the coat which is said to have been purchased at a price of Rs. 18 lakhs is not yet paid by the Government. I agree that the Government should not bear that expense. As to his stay at the Beverly Hills Hotel, there is no allegation that he used state funds for that expense, if he had stayed there at all.

      Delete
    7. Well Sir,

      At the rate of things happen it is certainly not prudent to come to conclusion based on Assumptions.

      its much better to look at facts rather then fiction.

      As a person who supported this Government I am very disappointed the way things are going, that is not to say its better to have Mr's Government.

      http://dbsjeyaraj.com/dbsj/archives/46353 coming colours are not good

      Delete
  10. ඉතිං රනිල් වික්‍රමසිංහ රුපියල් 20000 ක් 30000 ක් විතර වෙන van heusen shirt අඳින්නෙ. කඩේ සාමාන්‍ය හොඳ ෂර්ට් එකකුත් දැන් රුපියල් තුන්දහක් හාරදහක් වෙද්දි ඒ මනුස්සයා රුපියල් 5000 ක් විතර වෙන ෂර්ට් එකක් ඇන්දම මොකද

    ReplyDelete
    Replies
    1. රනිල් බොරුවට කලු සුද්ද වගේ පොශ් බව පෙන්නන්න කිට මරල සෝබන දැම්මට රනිලුත් විකටවංස, මරා, ගොන්දුල බණවඩන, වාසු _කා, මංගොංපිල වගේම අමුම අමු ගොබ්බ ඇතුල හිස් අපත පුද්ගල්යෙක් විතරයි. රනිලගෙ ගෝලයො සෙට් එක්කත් රනී මහදැනමුත්තගෙ ගෝලයො වගේම අමුම අමු ගොබ්බ මෙලෝ වැඩක් බැරි රට අවතාර ටිකක්.

      Delete
  11. කොහේ ගියත් කමක් නැහැ ලොක්කෝ..ඒත් මෙ යහ පාලන අන්ඩුවට එරෙහිව එහෙම කටක් අරිනවා නෙවි..

    අපි දැන් කොච්චර සැපට ජිවත් වෙනවද?
    අපේ රනිල් සෑර් දැන් වැට් එකත් 15% ක්ම කොරන්න යන්නෙ.. ඒ මදිද?
    දැන් රුපියල උනත් ලස්සනට ඉහල අහසෙ පා වෙනවා.. කොච්චර ෂෝක් ද?

    යහ පාලණ ආන්ඩුවෙන් අළුතෙන් ඇති කරපු රස්සා දස ලක්සෙන් එකකුත් අර ගෙන, වොක්ස්වැගන් කාර් එකෙන් රවුමක් ගිහින්, බ්‍රෙස්ලට් අතෙ දා ගෙන අපි දැන් ගන්න මේ ආතල් එක බිඳින්න හිතන්නවත් එපා රජෝ...

    ReplyDelete
    Replies
    1. ජර්මනියේ වොක්ස්වැගන් කොම්පැනිය ලංකාවේ කර්මාන්තශාලාවක් ඉදි කරනවා කියලා කිසිම අවස්ථාවක ප්‍රකාශ කරලා නැහැ. එහෙම කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න වොක්ස්වැගන් කොම්පැනියට අදහසක් තිබුණත්, වායු විමෝචන වංචාවෙන් පසුව ඒ අදහස නිකම්ම අතහරින්නයි ඒ කොම්පැනියට වෙලා තියෙන්නේ. වායු විමෝචන වංචාව නිසා මේ වෙනකොට වොක්ස්වැගන් කොම්පැනියට ගෙවන්න සිදු වෙලා තියෙන මුදල යුරෝ බිලියන 32 ක ට වැඩියි. මේ මුදල හොයා ගන්න වොක්ස්වැගන් සමාගමට අයත් සමහර කර්මාන්තශාලා විකුණන්න සිද්ද වෙයි කියලා තමයි මෝටර් රථ කර්මාන්ත ක්ෂේත්‍රයේ අය හිතන්නේ. ඒ නිසා වොක්ස්වැගන් කොම්පැනිය කර්මාන්තශාලා අරින යුගයක් නෙවෙයි මේක. මේ වොක්ස්වැගන් කර්මාන්තශාලා වැහෙන යුගයක්.

      අනික, ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කළේ වොක්ස්වැගන් කොම්පැනිය නෙවෙයි, වොක්ස්වැගන් කාර් ලංකාවට ආනයනය කරන සෙනොක් සමාගම යි. ඉතින් ඔය කුලියාපිටියේ ආරම්භ කරනවා යැයි කියන කර්මාන්තශාලාව සෙනොක් සමාගමේ කර්මාන්තශාලාවක් මිසක්, වොක්ස්වැගන් සමාගමේ කර්මාන්තශාලාවක් නෙවෙයි.

      මේක හරියට මයික්‍රෝ සමාගම කොරියාවේ සැංයොං (SsangYong) මෝටර් රථ පොල්ගහවෙල ඒ අයගේ කර්මාන්තශාලාවේ දී එකලස් කරනවා වගේ වැඩක්. පොල්ගහවෙල තියෙන්නේ මයික්‍රෝ සමාගමේ කර්මාන්තශාලාවක් මිසක්, සැංයොං සමාගෙමේ කර්මාන්තශාලාවක් නෙවෙයි නේ...

      Delete
    2. මගේ ඔය ඉහත කමෙන්ටුවට මම ඌනපූරණයක් එකතු කරන්නම්....

      මම 2015 අගෝස්තු මාසය මුල දී කොළඹ ජර්මන් තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා මේ සම්බන්ධව. එවකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා විසින් කළ ප්‍රකාශයකට අනුව ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ලංකාවේ මෝටර් රථ කර්මාන්තශාලාවක් පිහිටුවනවාද කියලා මම එහි ජර්මන් ජාතික නිලධාරියෙකුගෙන් ඇසුවා. ඒ නිලධාරියා මට කිව්වේ තමුන් ඒ ගැන කිසිත් නොදන්නා බවත් සමහරවිට හර්ෂ ද සිල්වාට ඒ ගැන ඊට වඩා යමක් කීමට හැකි යැයි තමුන් විශ්වාස කරන බවයි. ඔහු ව්‍යංගයෙන් කිව්වේ වොක්ස්වැගන් සමාගම මෙහි සෘජු ආයෝජනයක් නොකරන වග යි.

      Delete
    3. වත්මන් යහපාලන රජයට රට ගොඩගැනීමේ සැලසුම් තිබෙනවා, එහෙත් ක්‍රියාත්මක නොවීම ගැටලුවක්.

      බලන්න (ආචාර්ය හර්ශ ද සිල්වාගේ කතාව) මෙම සාකච්ඡාවේදී ආචාර්ය හර්ශ ඉතාම හොඳ යෝජනාවක් ඉදිරිපත් කරනවා.

      ඔහුගේ කතාව එතරම් ආකර්ශනීය නැතත් ප්‍රධාන අදහස නිවැරදියි. (ආයෝජන සහ අපනයන සංවර්ධනය). නමුත් මේක ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි?

      මාතලන් සහ ඉයන් වැනි අයගෙන් මා ඉල්ලා සිටින්නේ මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය ගැන අපව දැනුවත්කරන ලෙසයි. ස්තූතියි.

      Delete
    4. Aruna Perera මහත්මයා....

      මේ කියන ගිවිසුම තවම අවලංගු නැහැ. මම කියන්නේ මේ ගිවිසුම BOI සහ Senok යන ආයතන දෙක අතර පමණක් අත්සන් කෙරුණු දෙයක් මිසක් BOI සහ වොක්ස්වැගන් අතර අත්සන් කෙරුණු එකක් නෙවෙයි කියලා.

      මේ ව්‍යාපෘතිය වොක්ස්වැගන් සමාගමේ සෘජු ආයෝජනයක් නම් හර්ෂ ද සිල්වා මහත්මයාට කියන්න පුළුවන්ද වොක්ස්වැගන් ආයතනය වෙනුවෙන් අත්සන් කළ නිලධරයාගේ නම?

      මෙය මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් කොරියානු මෝටර් රථයක් වන SsangYong ලංකාවේ දී එකලස් කිරීම වැනි ව්‍යාපෘතියක් මිස වොක්ස්වැගන් සමාගමේ සෘජු ආයෝජනයක් නොවේ.

      Delete
    5. ඇනෝ මහත්මයා.......මම ඒ කාරණාව සහසුද්දෙන්ම දන්නේ නැහැ. මම ඒකයි හිතුවේ මේක අවලංගුද කියලා. හැබැයි මේ ලිපියේ හැටියට වොක්ස්වගන් පාර්ශ්වයක් ගැන සඳහන් වෙනවා.A ground breaking agreement was signed by the Board of Investment of Sri Lanka with M/s Senok Automobile (Pvt) Ltd and Volkswagen AG to set up in Kuliyapitiya an assembly plant for Volkswagen Automobiles.
      ඒත් අත්සන් කරන්නේ ලාංකිකයෙක්. ඇනෝ මේ කියන්නේ මේක මේ ලංකාවේ ආයෝජකයෙක් සහ රජය අතර ගිවිසුමක් කියලද? වොක්ස්වගන් සමාගම ඩීල් කරන්නේ සෙනොක් එක්ක පමනක් බවද?

      Delete
    6. BOI සමඟ අත්සන් තැබෙන සෑම ආයෝජන ගිවිසුමක් ම යම් යම් හේතු නිසා ක්‍රියාවට නංවන්නේ වන්නේ නැහැ. Senok සමාගම මෙම කර්මාන්තශාලාව ඉදි කළ පසු තාක්ෂණික දැනුම ලබා දීමට වොක්ස්වැගන් ආයතනය කැමති වන්නට ඇති. එමෙන්ම වොක්ස්වැගන් මෝටර් රථ එකලස් කිරීම සඳහා නිර්නායක ද ඔවුන් විසින් සැපයෙනු ඇති. ඔබ සපයා ඇති සබැඳියේ සඳහන් වන්නේ මෙය ඩොලර් මිලියන 26.5 ක ආයෝජනයක් ලෙසයි. අද ලෝකයේ මෝටර් රථ කර්මාන්තයේ ඩොලර් මිලියන 26 ක් යනු "ගෑවෙන්නටත් මදි" තරමේ මුදලක්. මන්ද, නියමාකාර මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවකට ඩොලර් මිලියන 500 ක් සහ 1000 ක් (එනම් ඩොලර් බිලියනයක්) අතර ආයෝජනයක් අවශ්‍යයි. Senok සමාගම මේ ආයෝජනයේ වැඩි විස්තර මාධ්‍යට කියා නැති නමුත් ආයෝජනය කරන මුදල් ප්‍රමාණයෙන් මෙය පොල්ගහවෙල පිහිටි මයික්‍රෝ මෝටර් රථ සමාගමේ එකලස් කිරීමේ කර්මාන්තශාලාව වැනි එකක් කියා සිතීමට හැකියි.

      කෙසේ නමුත් මෙම ගිවිසුම අත්සන් කළ පසු සිදුවූ කාරණා දෙකක් නිසා මේ කර්මාන්ත්ශාලාව ඉදි වේ දැයි ප්‍රශ්නයක්.

      (1) වොක්ස්වැගන් මෝටර් රථවල වායු විමෝචන පද්ධති වංචාව නිසා එම සමාගම ලොව පුරා ඇතිකර ගත් අපකීර්තිය සහ ඉදිරියේදී එම සමාගම විසින් ගෙවීමට නියමිත දඩ මුදල් සහ වෙනත් වන්දි යුරෝ බිලියන 32 ක අති මහත් අගයක් ගැනීම (එය මෝටර් රථ කර්මාන්තශාලා 42 ක් ඉදි කිරීමට වැය වන මුදලකි).

      (2) පසුගිය නොවැම්බරයේ ලංක්කණ්ඩුව විසින් මෝටර් රථ සඳහා පැනවූ විශාල බද්ද නිසා ශ්‍රී ලාංකිකයන්ගේ මෝටර් රථයක් මිළ දී ගැනීමේ ශක්තිය හීන වීම. නොවිකිණෙන මෝටර් රථ එකලස් කරන්නේ කවුද?

      උදාහරණයක් වශයෙන්, මයික්‍රෝ සමාගම ලංකාවේ එකලස් කළ SsangYong Tivoli නම් මෝටර් රථය 2015 නොවැම්බරයට පෙර විකිණුනේ රුපියල් ලක්ෂ 43 ක මුදලකට. එම රථය සඳහා දැන් නියම කර තිබෙන මිළ රුපියල් ලක්ෂ 55 යි. ලංකාණ්ඩුව මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවකට අවසර දෙන්නේ එහි නිපදවෙන මෝටර් රථයකට 30% ක අවම දේශීය දායකත්වයක් ඇත්නම් පමණයි. ඒ අනුව මයික්‍රෝ සමාගම විසින් එකලස් කරන මෝටර් රථවල බම්පර් සහ ආසන යනාදිය නිපදවන්නේ ලංකාවේ ම යි. එසේ තිබියදීත් ලංකාවේ එකලස් කරන මෝටර් රථයක මිළ රුපියල් ලක්ෂ 55 ක අගයක් ගන්නා විට ඒ නිෂ්පාදන විකිණෙයි ද? මා ඉහතින් සඳහන් කළ මෝටර් රතය කොරියාවේ නිෂ්පාදනය කර එංගලන්තයට ගෙන්වා විකුණන්නේ පවුම් 15,500 (රුපියල් ලක්ෂ 33 ක් පමණ) පමණ මුදලකට. අපි සිතමු වොක්ස්වැගන් සමාගම නිපදවන කුඩා ම සහ මිළෙන් අඩු ම මෝටර් රථය වන රථය මෙහි එකලස් කළා කියලා. නව බදු ක්‍රමය යටතේ මෙය ලංකාවේ එකලස් කළත් අවම වශයෙන් රුපියල් ලක්ෂ 46 කට වත් මිළ නියම වෙයි. එම මුදලට කුඩා මෝටර් රථයක් මිළදී ගන්නා අය සිටීවි ද? එම මුදලට ජපානයේ වසරක් පමණ පාවිච්චි කළ, ප්‍රමාණයෙන් වඩා විශාල මෝටර් රථයක් මිළ දී ගන්නට පුළුවන්.

      Delete
  12. පාරට කුණු දමන්නේ වාහන වලිනි, බොහෝ විට රියදුරු විසින්ය, එය කිසි සේත්ම අතපසු වීමක් විය නොහැකි නිසා හොදම දඩුවම රියදුරු බලපත්‍ර‍ය දිගු කලකට කැන්සල් කිරීමය.

    ReplyDelete
    Replies
    1. වැරදියි. පාරට කුණු දමන්නේ පාදඩ මරා කල්ලියට චන්දය දෙන මරා පාක්ශිකයන් පමණි. යහපාලනයට ඡන්දය දුන් මතු බුදුවන බෝසත් මිනිසුන් (සහ අනාගත දිව්‍ය පුත්‍රයින්, සාන්තුවරු, අපෝස්තුලුවරු, නබි (සල්) වරුන්) රහසින් තබා සිහිනෙනුදු කිසිදු ආකාරයක වැරදි නොකරති. එබැවින් මීට එකම විසඳුම රටපුරා සිටින සියලුම මරා පාක්ශිකයින් සොය සොයා විනාශකර දැමීමය. රාජපක්ශවරු, ඔවුන්ගේ සට්ටැඹියන්, අනුගාමිකයින් මෙරටින් තුරන් කර දැමීමය. එවිට මෙරට මිහිබට සුරපුර වනබව නිසැකය.

      Delete
  13. මහින්ද රාජපක්‍ෂ යුගයේ සීෂෙල්ස් බැංකු ගිණුම් හෙළිවේ

    රාජපක්‍ෂවරු සී ෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් ආරම්භ කළේ මහපරිමාණ මුදල් ගසා කෑම්වලට හා තම කළු සල්ලි සුදුකර පිටරට යැවීම සඳහාත් බව පසුගිය කාලයේ ඉතා විශාල ලෙස සමාජගත කරන ලද මතයකි. මේ ඉතා මෑතක දීත් යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු පවසා තිබුණේ අදාළ බැංකුව සතුව ගණුදෙනුකරුවන් දෙදෙනෙකු පමණක් සිටින බව ය. කෙසේ වෙතත්, දැන් එම බැංකුවේ ක්‍රියාකාරිත්වය ගැන නියම තත්වය පැහැදිළි කරගැනීමේ අවස්ථාව අපට තිබේ. වත්මන් ලංකා බැංකු සභාපති රොනල්ඩ් පෙරේරාට අනුව, ලංකා බැංකුවේ සී ෂෙල්ස් ශාඛ‍ාව දැන් ලාභ ලබන ආයතනයකි. 2015 වසරේ දී පමණක් එම ශාඛාව රුපියල් මිලියන 32ක ලාභ ලබා ඇත. එකී බැංකු ශාඛාව සතුව මේ වන විට ගණුදෙනුකරුවන් 691කි. ඒ අතර එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් ද සී ෂෙල්ස් පුරවැසියන් ද වේ. බැංකු සභාපතිවරයා සහතික කළේ ආදළ බැංකුව තුළ ලංකාවේ පදිංචි කිසිවෙකුගේ ගිනුම් ද නැති බව ය.

    තව ද අදාළ බැංකු ශාඛාව විසින් කිසිදු නීති විරෝධී හෝ සදාචාර විරෝධී මුදල් ගණුදෙනු සිදු කොට නැති බව ද සභාපතිවරයා අවධාරණය කරන්නේ ය. තමන් මෙසේ කියන්නේ මේ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් සිදු කිරීමෙන් පසුව බව ද ඔහු පවසා ඇත. මේ අතර, බැංකු ශාඛාව වසා දැමීමට කිසිදු හේතුවක් නැති බවත් 2016 වසරේ තම ඉලක්කය ශාඛා ලාභය මිලියන 46 දක්වා වැඩි කිරීම බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම ඉලක්කයට යාමට තිබෙන විශාලතම බාධකය වන්නේ ලංකාවේ මේ බැංකු ශාඛාව සමබන්ධයෙන් කෙරෙන අහිතකර ප්‍රසිද්ධීය බව ද රොනල්ඩ් පෙරේරා පවසා සිටින්නේ ය.

    මේ මහා මිථ්‍යාව හෙළිවීම අතිශය වැදගත් කරුණකි. මන් ද එය ජනවාරි 8න් පසු ලංකාවේ ආර්ථික පරිහානියේ රූපකයක් ලෙස ද පෙනී සිටින බැවිනි. රටේ ආර්ථිකය ඉතා ශක්තිමත් පදනමක තිබිය දී එය ඉතා අයහපත් බවටත් රාජපක්‍ෂවරුන් රට සොරා කා ඇති බවටත් රනිල්-මෛත්‍රීවාදීන් විසින් මතයක් සමාජගත කිරීමේ වක්‍ර ප්‍රතිඵලය වූයේ එවැනි ‘දූෂීත’ රටක ආයෝජනය කිරීමෙන් පලක් නැති බව සිතා ආයෝජකයින් බුරුතුපිටින් රටින් මුදල් ඉවත්කර ගැනීම ය. අප මුහුණ දෙන ආර්ථික අර්බුදයේ මුල ඒ ය.

    මූලාශ‍රය මෙතනින්

    ReplyDelete
    Replies
    1. පසුගිය මාර්තු 29 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී අධික පොලියට රු. කෝටි 2900 ක බැඳුම්කර ලංසු පිළිගැනීම නිසා රජයට රු. කෝටි 200 කට අධික පාඩුවක්‌ සිදුව ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.
      April 25th Newsfirst...

      Delete
  14. අජිත් අයියේ,

    2016 මැයි මස දෙවැනිදා සිට නව බදු වැඩිකිරීම් ක්රියාකත්මක කල පසු රුපියල් සියයක් ජංගම දුරකතනයට ගෙවුවහොත් එයින් කතා කාලය හිමිවන්නේ රුපියල් 56ක් බවත් ඉතිරිය (රු. 44ක්ම) බදු ලෙස අයවන බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කිව්වා නේද?

    මෙතෙක් දුරකථන ගාස්තුවලට බදු වශයෙන් 27% ක් අය කළ අතර දෙවැනිදා සිට 15%ක වැට් බද්ද හා 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දත් එක් වූ පසු 44%ක් ලෙස බදු ඉහල යන බවද ඔහු පැවසුවා. මේක ඇත්තක්ද? එසේ නම් මෙය ඇත්තටම සාධාරණද? අප සටන් කල යුත්තේ මෙයට එරෙහිවම නොවේද?

    ReplyDelete
    Replies
    1. සටන් කළ යුතුයි. රජයට වගේ ම රජයෙන් මේ මුදල් ලබා ගන්නා අයටත් එරෙහිව සටන් කළ යුතුයි. කොටසක් යන්නේ ගත් ණය ගෙවන්න. එතකොට ණයට ගත්ත සල්ලිවලින් යැපුණු හා මේ බදු මුදලින් යැපෙන ප්‍ර‍ධාන බලවේගය වන දේශපාලකයන්ට හා රජයේ සේවකයන්ට එරෙහිව පීඩිතයන් සටන් කළ යුතුයි.

      Delete
    2. සබීතාගේ මිනිහාට ගෙඩි රුපියල්වලින්ම මිලියන 590 ක් ගෙවලා. උඹලා දාන රීලෝඩ්වලින් තමයි ඒ මුදල ගෙවලා තියෙන්නේ. දැන් කාපියව් දූවිලි.

      Delete
  15. මේ ප්‍රශන වලට උත්තර දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවාද?

    1.1 මහින්ද රාජපක්ෂ බලයට එන විට මේ රටේ ගෙවීමට ඉතිරිව තිබූ මුළු ණය ප්‍රමාණය කොතරම්ද?

    1.2 මහින්ද රාජපක්ෂ විසින් ලබා ගත් මුළු ණය ප්‍රමාණය කොතරම් ද?

    1.3 එම ණය වලින් ඊට පෙර අරගෙන තිබූ ණය ගෙවීමට වියදම් වුනු මුදල කොපමණද?

    1.4 එම ණය වලින් සංවර්ධනය සඳහා වියදම් වුනු මුදල කොපමණද?

    1.5 එම ණය වලින් හොරකම් කෙරුනු මුදල කොපමණද?

    2.1 මෛත්‍රීපාල සිරිසේන බලයට එන විට මේ රටේ ගෙවීමට ඉතිරිව තිබූ මුළු ණය ප්‍රමාණය කොතරම්ද?

    2.2 මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා ගත් මුළු ණය ප්‍රමාණය කොතරම් ද?

    2.3 එම ණය වලින් ඊට පෙර අරගෙන තිබූ ණය ගෙවීමට වියදම් වුනු මුදල කොපමණද?

    2.4 එම ණය වලින් සංවර්ධනය සඳහා වියදම් වුනු මුදල කොපමණද?

    2.5 එම ණය වලින් හොරකම් කෙරුනු මුදල කොපමණද?

    ReplyDelete
    Replies
    1. 2.5 ප්‍රශ්නයට උත්තරය බින්දුව යි.

      අනිත් ප්‍රශ්නවලට උත්තර ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසා දැන ගත හැකි යි.

      Delete
    2. (0.1) 2.5 ප්‍රශ්නෙට උත්තරේ මහ බැංකුව දන්නැද්ද? ඒක ඔයා විතරක් දන්න දෙයක් නිසා ද ඒක මහ බැංකුවෙන් අහගන්න කියන්නැතුව ඔයාම කියලා දැම්මෙ?

      (0.2) 1.5 ප්‍රශ්නෙට උත්තර මහ බැංකුව දන්නවාද?

      (0.3) මහ බැංකුවෙ බැඳුම්කර මගඩිකාරයෝ දෙන උත්තර පිළිගන්න පුළුවන්ද?

      Delete
    3. (0.1) 2.5 ප්‍රශ්නෙට උත්තරේ මහ බැංකුව බාගදා දන්නවා ඇති. මම නම් හොඳටම දන්නවා ඒ උත්තරය. ඒ උත්තරේ තමයි මම ලියලා තියෙන්නේ.

      (0.2) 1.5 ප්‍රශ්නෙට උත්තරේ මහ බැංකුව දන්නවා. උත්තරය ඩොලර් බිලියන 22 යි. (ඒ සල්ලි දැන් තියෙන්නේ සීෂෙල්ස්, ඩුබායි, පැනමාව, බහාමාස් සහ සිංගප්පූරුව කියන ස්ථානවල.)

      (0.3) කවුද මහ බැංකුවේ අය බැඳුම්කර මගඩිකාරයෝ කියලා කියන්නේ? ඔයා විතරනෙ එහෙම කියන්නේ. ඒ නිසා ඒ අය දෙන උත්තර පිළිගන්න පුළුවනි.

      Delete
    4. මහ බැංකුවෙ ඉන්නෙ බැඳුම්කර මගඩි කාරයෝ කියලා කියන්නෙ මම විතරක් නෙමෙයි. ඒ බව ඇතැම් ජනවාරි 8 වීරයෝ ත් දැන් කියනවා. උදාහරණයකට මහ බැංකුවේ බැඳුමකර මගඩි සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණ පිළිගන්නවා. (මම ජවිපෙ කෙනෙක් නොවෙයි.)

      ඉහත ප්‍රශ්න දහයෙන් එකකට, දෙකකට, පිළිතුරු දීමේ තේරුමක් නෑ. මොකද ප්‍රශ්න දහයට ම පිළිතුරු දුන්නාම තමයි සමස්ත චිත්‍රය පෙනෙන්නේ. මෙච්චර දූෂණ විරෝධීන් ඉන්න රටක මේ ප්‍රශ්න දහයට පිළිතුරු දීලා මහින්ද රාජපක්ශ ව හෙළිදරව් කරන්න මෙච්චර අවස්ථාවක් දීලා තියෙද්දිත් ඒ අවස්ථාව අරගන්න කිසිම ජනවාරි 8 වීරයෙක් ඉදිරිපත් නොවන එක පුදුමයක්.

      මහින්ද රාජපක්ෂ හොරකම් කළ මුදල් තියෙන ස්ථාන දන්නවා නම් ඒ මුදල් වහාම නැවතත් අප රට ට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවනි. එහෙම ගෙනාවාම දැන් අපෙන් අය කරන අමතර බදු මුදල් නැවතත් අපි ට ම ගෙවයි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවනි. ඒ වගේම අර රාජිත එක පාරක් කිව්වා වගේ ඩුබායි වල තියෙන ගිණුමේ බෑන්ක් එකවුන්ට් නම්බර් එකේ එක ඩිජිට් එකක් වැරදියි වගේ ජනවාරි 8 ආතල් සපයන එකකුත් නෑ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවනි.

      Delete
  16. හැමදේටම නීති පැනවීමෙන් රටක් පාලනය කල නොහැකි නමුත් ගෝඨාගේ කාලයේ පරිසර පොලිසිය දඩ ගහන නිසා හෝ මිනිස්සු තමන්ගේ කුණු පාරට දාන එක අවම කරලා තිබ්බා.මම ගල්කිස්සේ ඉන්නේ.අපේ පැති වල තමන්ගේ කුණු වල දාන්න කුණුවලවල් කපන්න ඉඩක් නැහැ.කුණු අඳින්නේ නගර සභාවෙන්.

    නමුත් පසුගිය දවස් කිහිපයේ කුමන හෝ හේතුවක් නිසා කුණු රැගෙන යන්නන් පැමිණියේ නැහැ.එකෙන් වුනේ දවස් ගානක් ගෙවල් ඇතුලේ නරක් වුනු කුණු මිනිස්සු පාරට ගෙනත් දාන එකයි.දැන් නම් ඔන්න ආයෙමත් නගර සභාවෙන් කුණු ටික ගානට අරන් යනවා.

    ReplyDelete
  17. දැන් එතකොට විග්නේශ්වරන් පිස්සු නැටුවාම ඒකෙ වැරැද්දත් මහින්ද වාදීන්ටද?
    මහින්ද වාදියෙක් වෙන්න මහින්දගෙන් මොනවා හරි අල ගෙඩියක් (පෞද්ගලික වාසියක්) ලැබෙන්න ඕනෙද? /පෞද්ගලික වාසි මත මහින්දට ඩේ ගියාම හරිද?

    ReplyDelete
  18. බොහෝ රටවල කසළ එකතුකිරීම රජයෙන් සහ පෞද්ගලික දෙගොල්ලම කරනවා. ගම්වැසියන් ගෙවන මාසික බදු මුදලින් ඒ ඒ සභාවන් විසින් නිවැසියාගේ කුණු එකතුකරනවා. නමුත් මේ සභාවන් විසින් ව්‍යාපාරික ස්ථානවලින් හෝ ඉන්ඩස්ට්‍රියල් වේස්ට් හෝ අරගෙන යන්නේ නැහැ. ඒ සඳහා තමයි මුදල් ගෙවා පෞද්ගලික අංශයෙන් සේවය ලබාගන්නේ. එය විශාල ව්‍යාපාර ජාලයක්. දැඩි නියාමනයක් යටතේ යම් තාක් දුරකට මේ සේවය පෞද්ගලික ආයතනයහ්ට පවරා දිය යුතුයි. ඒ හා බැඳුනු කසල ගබඩා කර ගැනීම සහ ප්‍රතිචක්‍රීය වැඩ කොටසත් එම ක්‍රියාවලියෙ එක් කොන්දේසියක් විය යුතු බව මගේ අදහසයි. මග හලන, ගඳ ගස්සන උදවිය නම් කොයි රටෙත් ඉන්නවා. කිසිම ජාතියක් හන්ඩ්‍රඩ් පර්සන්ට් පියෝ කොට්න් වර්ගයෙ අය නෙමේනේ...මනුස්සයෝනේ. විනයක් නැතිකම තමයි ශ්‍රීලාංකික අපේ කරුමේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේත් විශාල සංචාරක හෝටල් බොහොමයක බයෝගෑස් ඒකක හදාගෙන තියනවා, එය ඔවුන්ට වාසි දායකයි, ඔවුන්ට කාර්යක්ෂම නඩත්තු අංශ සහ ඉන් හවුස් ඉංජිනේරුවෝ ඉන්න නිසා එය කළ හැකියි, නමුත් අකාරයක්ෂම නගරසභාවලට එවැනි ඒකක නඩත්තු කිරීමට බෑ.

      Delete
    2. ඔව් ඇණයෝ ....මාත් හිතන්නේ අපේ කුණු ගොඩවල් කාලයත් එක්කම කුණු වනන්තර බවට පරිවර්තනය වුනාට අර කිව්වා වගේ අකාර්යාශ්මක නගරසභා නම් කාර්යක්ශම වෙලා නැහැ තමයි. කුඩා කුඩා ප්‍රාදේශිය සභා, නගර සභාවලට විසඳගන්න බැරි තරමට කුණු කන්ද ලොකු වෙලා. ඒ ආයතනවලට නම් මානව හා භෞතික යන දෙපැත්තෙන් මේ ප්‍රශ්නයට සාර්ථක උත්තරයක් හොයාගන්න බැරිවෙයි. මේ ප්‍රශ්නය ඉතා දියුණු ක්‍රමවේදයන් තුලින් පමනක් විසඳන්නත් බැහැ. කසල එකතුකරන්නාගේ සිට කොම්පැනියේ අයිතිකාරයා දක්වාවු සේවක මඩුල්ලම මේ ප්‍රශ්නය ගැන අවබෝධයෙන් සිටිය යුතුයි.

      Delete
  19. මෙතන ගොඩාක් වැදගත් දේයක් සගච්චා උනා .මම නම් හිතන්නේ මෙ වෙන කොට ලන්කාවෙ. මහින්ද වාදින් කියන්නේ වේනම උප සන්ස්කෘතියක් .. එක වෙනම ගැබුරින් කතා කරන්න ඔනේ මර්තුකාවක්.. මහින්ද වාදින් බිහිඋනේ මහින්ද හින්දා කියලා මම නම් හිතන්නේ නැ...ල්න්කාවෙ ජනසමජයේ මතවදයක් නැත්නම් මතවාදි කල්පිත චරිතයක් සදහා පෙනිසිටිමක් විතරයි මහින්ද රජපක්ශ කලේ....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මිනිස්සුන්ට ඕනේ රජ කෙනෙක්... ඒකයි ඔය.... ජර්මනිය 1918 දී පලමුවන ලෝක යුද්ධයෙන් පැරදිලා, එතෙක් කල් තිබුණු රාජාණ්ඩුව නැතිවෙලා ඒ රට ජනරජයක් බවට පත් වෙලා තිබුණු අවස්ථාවේත් මේ වගේ තත්ත්වයක් තිබුණා. යටත් වීමේ ගිවිසුම අත්සන් කළ අය හැඳින්වුණේ "නොවැම්බර් ද්‍රෝහීන්" ලෙස (යුද්ධය අවසන් වුණේ 1918 නොවැම්බර් මාසයේ). ඉතින් ඒ රජ කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණු ජර්මානුවන්ට හිට්ලර් ව පෙනුණේ ප්‍රංශ, එංගලන්ත සහ අමෙරිකානු බලපෑම්වලින් රට බේරා ගන්න ආපු රජ කෙනෙක් වාගේ.

      Delete
  20. ඇයි අපි ගොටබයට තිබුන බය නිසා විතරක් කොලබ ලස්සනට තියා ගත්තේ.. ඇයි අපිට බැරි සුයන් හික්මිමක් ඇති කර ගන්න .ඇයි හැමවෙලෙම අපිව බයකරන් ඉන්න පාලකයෙක්ව ඉල්ලනේ...

    ReplyDelete
    Replies
    1. හොඳ point එකක්.

      Delete
    2. යටත්වැසි මාණසිකත්වය .......බය කරනවා නම් ඔටෝ බයවෙන්න තමයි අපිව ටියුන් කරලා තියෙන්නේ.

      Delete
  21. හුඟක් වෙලාවට ස්වීඩනය ජර්මනිය වගේ රටවල් වල තියන ක්‍රමයක් ගෙනල්ල ලංකාවේ කල නම් හරි. ජර්මනියේ හැකි සම දෙයක්ම රිසයිකල් කරනවා. ස්විඩනයේත් එහෙමයි. පෞද්ගලික අංශයට භාර දීල රජය/ජනතාව කොටසක් තබා ගත්තනම් හරි.

    ReplyDelete
  22. කුනු විසි කරන චොයිස් එකට මහින්දවාදයත් ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. හොරි කහපිය... ගිණි පිඹපිය... හොරි කහපිය.. ගිණි පිඹපිය... ගිණි කහපිය... හොරි පිඹපිය...

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා