බ්ලොග්කරණය කියන්නේ මොකක්ද? බස්සි, පැරා හා චාමර ටෙලිවිෂන් සංවාදයක

බ්ලොග්කරණය කියන්නේ මොකක් ද? 

බ්ලොග්කරණය සමාජයට වැදගත් වන්නේ කොහොමද?

බ්ලොග්කරණයෙන් සමාජය වෙනස් කරන්නට පුළුවන් ද?

සමාජ මාධ්‍ය, පුරවැසි මාධ්‍යකරණය පැත්තෙන් ලංකාව ඉන්නේ කොතැනද?

ඔබටත් බ්ලොග්කරුවකු වන්නට පුළුවන් ද?

කාන්තාවන් බ්ලොග් ලියන්නේ ඇයි?

මේ වගේ ප්‍රශ්න හා තවත් කාරණා ගැන කතාබහක්.

සහභාගි වන්නේ අජිත් පැරකුම් ජයසිංහ හා බස්සිගේ නවාතැන කරන සම්මානලාභී යශෝධා සම්මානි. 

මෙතැනින් ගිහින් නරඹන්න. කාලය පැයක් පමණ. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බස්සි ලස්සනයි.

    ReplyDelete
  2. අපේ ළඟ ම නෑදෑයාට (ඉන්දියාවට) වාග් ප්‍රහාරයක් දීගෙන ම සංවාදය ආරම්භ කරන්නේ ඇයි චාමර?

    ReplyDelete
  3. ජඩපාලනයට පුක දීමෙන් සම්මාන ගොඩක් ලැබේ

    ReplyDelete
    Replies
    1. ඇනොනිමස් ඇවිත් එසේ කීමෙන් ඔබේ පුක ප්‍රදර්ශනය වේ.

      Delete
    2. ♫ අපි ටයර් වලට බයයි මල්ලියේ ♫

      Delete
    3. අපිත් සිංහයන්ට බයයි

      Delete
    4. අපිට ත් ජය-සිංහ ල හිරිකිතයි

      Delete
    5. ඒකනෙ, ඒකනෙ,. කරූනෙ සම්මනෙ දීල තියෙන්නෙ. උඹ වගේ ගොං හරකෙක්.

      Delete
    6. ඔය හිරිකිත ය කියන පොරගේ දේශපාලනය ගැන මට හිතාගන්න පුළුවන්. උන්ට සාමාන්‍යෙයන් තමන් එක්ක කිසියම් කලක සිට මතවාදී ප්‍රශ්නයක් මතු කළ අය හිරිකිත ය. සතුරා වන්නේ ඒකා ය. සියලු අරගලවල මූලික හේතුව එය ය. මේ දිනවල රඟ දැක්වෙමින් තිබේ.

      අපට නම් ඒ දේශපාලනය හිරිකිත ය.

      කරු ජයසූරියලාගේ දේශපාලනය ගැන අපට විශේෂ බලාපොරොත්තුවක් නැත. උන් සාමාන්‍ය දේශපාලකයෝ ය. උන් විප්ලව කරනවා කියා කවදාවත් කියා නැත. ඒ නිසා විශේෂ ලව් එකක් හෝ හිරිකිතක් හෝ නැත.

      බොහෝ විප්ලවවාදීන්ගේත් සිහිනය කරු ජයසූරිය වැනි කතානායක කෙනෙකු ඉදිරියේ දිවුරුම් දෙන එක තමා ය. අපි නො දන්න විප්ලව!

      Delete
    7. මාකාස් වාදී සමහරුන්ට හිරිකොතේ වලං සේදීම දැන් ආතල් (සහ ෂල්ලි ) ගෙන දුන්නත් අඩුගනනේ අප අපගේ මතවාදය වෙනුවෙන් දිගටම පෙනී සිටිමු. පැරකුම් ඔලුවෙන් හිටගෙන කිව්වත් එලියකන්දේ වැසිකිලි සැප නං යලිත් විඳීමේ ශක්තියක් අපට නැත

      Delete
    8. තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින බව උජාරුවෙන් කියන අයට තමන්ගේ නමින් එය කරන්නට බැරි වීම කවර අරුමයක්ද!

      අපෙන් ඉගෙන ගන්න. අප පෙනී සිටින්නේ අපේ නමින් ම ය.

      ඔය සල්ලි ගැන චෝදනා ඕනෑම කෙනෙකුට නැගිය හැකි ය. එහෙත් අපි නම් පදනම් විරහිතව එවැනි චෝදනා නගන්නේ නැත.

      විනයක් ඇති කර ගන්න. කෙළින් පෙනී සිටින්නට කොන්ද පිහිටුවා ගන්න.

      Delete
    9. මෙයත් කිව යුතු ය. මම නම් කිසිම වාදියකු නොවේ. මම නිදහස් චින්තකයකු බව කියා දැන් බොහෝ කලකි.

      Delete
    10. නම ප්‍රශ්නය කර නොගන්න. මතවාදය ප්‍රශ්නය කර ගන්න. UNP ආණ්ඩු ගැන හොඳින් දන්නා අපිට වලං ශෝධකයන් නමින් එන්න කියන්නේ කරට ටයර් දැමීමට මග පාදා ගැනීමට බව නොතේරෙන තරමට අපි කුක්කු පැටව් නොවෙමු.

      ඔබ නමින් එන්නේ රාජපක්ෂ රෙජිමයට බැන්නට ටයර් සෑයේ නොයවන බව හොඳින් දන්නා නිසාය. අපිටත් ඒ ගරන්ටිය UNP ආණ්ඩුවක් යටතේ දීමට ඔබට හැකිද ?

      තෙත් කලාපයේ ගුරුවරයාට හදිසියේ NGO ජොබ් කට්ටක් සෙට්‌ උනේ සමාජවාදය දේශනා කර නොව වලං හොදා බව දන්නෝ දනිති

      Delete
    11. මා සේවය කරන්නේ රාජ්‍ය නො වන සංවිධානයක නො වේ. එයින් ම ඔබ දන්නා තරම පෙනේ.

      එතකොට ආණ්ඩුවේ රස්සා කරන සියල්ලන්ට ම ආණ්ඩුවේ රස්සා ලැබී තිබෙන්නේ ආණ්ඩුවට කඩේ ගිය නිසා විය යුතු ය.

      තානාපති කාර්යාලවල රැකියා කරන්නේ ඒ ඒ රටවලට කඩේ ගිය අය විය යුතු ය.

      මැදපෙරදිග රැකියා කරන්නේ අරාබින්ට කඩේ ගිය අය ද?

      කොරියාවේ ................?

      අපි නම් රස්සාව කරන්නේ බඩ වියත රැක ගන්නට ය. දේශපාලනය කරන්නේ බඩ වියත වෙනුවෙන් නො වේ. වෘත්තීය දේශපාලනය කරන අයට නම් බඩවියත දේශපාලනයයි. ඒ නිසා ඇත්ත දුටුවත් බොරු සේ සිටින්නට සිදු වේ. හේතුව බඩේ පාර වදින නිසා ය.

      අපට එහෙම එකක් නැත. ඇත්ත දුටු තැන ඇත්ත කියමු.

      Delete
    12. අපි නම් රාජපක්ෂගේ කාලේ රාජපක්ෂටත් බැන්නෙමු. යුද්දය කාලේ යුද්දයටත් විරුද්ධව ලිව්වෙමු. ටයර් සෑ ගැන බය තිබුණත් අපි කාගෙන්වත් ගැරන්ටි ඉල්ලුවේ නැත. අනෙක බ්ලොග්කරුවන් වැනි සාමාන්‍ය පුරවැසියන්ගෙන් ආණ්ඩුව ගැන ගැරන්ටි ඉල්ලන්නට තරම් අපි බොළඳ වුණේත් නැත.

      ඔබට මට මෙන්න මේ ගැරන්ටිය දෙන්නට පුළුවන. මට නමින් ඇවිත් බැන්නා ය කියා ඔබට ටයර් උඩ යන්නට සිදු වන්නේ නැත.

      ඔබට මෙතන අමතක වී ඇති කාරණය නම් ඔබ බනින්නේ තනි පුරවැසි මාධ්‍යකරුවකු මන මට ය. නැතිව ආණ්ඩුවට නො වේ ය.

      මට එච්චර බය වෙන්න එපා ය.

      Delete
    13. //මට එච්චර බය වෙන්න එපා ය.//

      +++++++++++++++++++++++++++

      Delete
  4. මගේ පෞද්ගලික මතය නම් අමු හින්ගලෙන් කතා කරලා කවදාවත් බ්ලොග් ප්‍රමෝට් කරන්න නම් බෑ කියලා... අපි හැම එකකම පස්සට යන්නේ හැම ඉන්ගිරිසි වචනෙටම හින්ගල ඒවා ඔබන්න ගිහිල්ලා...

    කොම්පියුටර් ෆීල්ඩ් එකේ තියෙන ඉන්ගිරිස් වචන ඒ ආකාරයෙන්ම භාවිතා කරන එක තමයි ලේසිම ක්‍රමය... නැත්නම් මේ සබ්ජෙක්ට් එකෙත් අපි ළිං මැඩියෝ වෙනවා...

    ReplyDelete
    Replies
    1. පැරාට නම් මේවා ටොයිස් වැඩ නේ.... බස්සිත් තව දෙක තුනකට යන කොට පොලිෂ් වෙලා එයි... බස්සිට කියන්න ඕන ඒවා එලියට ආවේ නෑ කියලයි මම හිතන්නේ...

      Delete
    2. මාතලන් 2014 සම්මාන ගත්ත වෙලාවේ මේ වගේ වැඩ සටහනකට ගියා නම් මොනවා කියයිද

      Delete
    3. මම මේවා කියන්න කැමති නෑ ඒත් නොකියා ඉඳලා ඇති වැඩකුත් නෑ... මට ලැබුනු අවස්ථාව මම බස්සිට දුන්නා.... හැබයි රූපවාහිනියක නෙමෙයි.... වෙනත් තැනෙක...

      Delete
  5. ලංකාවේ වාමාංශිකයන් යනු පුදුම කුහකයන් පිරිසකි. ඔවුන් පෙනී සිටින්නේත් අප පෙනී සිටින රූපවාහිනීවල ම ය. ඔවුන්ටත් එය යූඇන්පියෙන් ලැබුණා යයි අපි නම් කියන්නේ නැත.

    අපට මාධ්‍යවලින් කතා කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වෙහෙසී වැඩ කර, තව දුරටත් අප නො තකා නො හැරිය හැකි තැනට ආ පසුව ය.

    මෙහි අප කතා කරන්නේ පුරවැසියන් මාධ්‍යකරුවන් වීම ගැන ය. ජනතාව සවිබල ගැන්වීම අතිශය දේශපාලනික දෙයකි. එයට එරෙහි වන්නෝ ප්‍රතිගාමියෝ ය.

    අපට නගන ඔය අවලාදවල ඉතිහාසය මෙම බ්ලොග් අඩවියේ වසර නවයක කමෙන්ට්වලින් දැන ගත හැකි ය.

    මොන බල්ලා බිරුවත් තවලම නැවතී නැත.

    අවලාද වනාහි පිළිතුර දීමට අවස්ථා මිස අපට දැනෙන දෙයක් නො වේ.

    ReplyDelete
  6. හොඳ සාකච්ඡාවක්!!!!!!!!Aru

    ReplyDelete
  7. ඔය බ්ලොග්කාරයන් ව සම්මානවලට තෝරපු විනිශ්චය මණ්ඩලය මොකක්ද කියන එක කරුණාකරලා හෙළිදරව්කරනවද?

    ReplyDelete
    Replies
    1. කරුණාකර නෙළුම්යාය වෙබ් අඩවියට ගොස් එය හරහා විමසන්න. අප දන්නේ නැත.

      දෙවෙනි කාරණය අනන්‍යතාව හෙළිදරව් නො කර තොරතුරු දැන ගැනීමේ ක්‍රමයක් තොරතුරු පනතෙන්වත් සපයා නැත.

      Delete
    2. සම්මානවලට තෝරපු විනිශ්චය මණ්ඩලය ගැන නෙළුම්යාය වෙබ් අඩවිය කරන අයට ඒවාට උත්තර නැ ඒවාට උත්තර දෙන්නේ නෙළුම්යාය වෙබ් අඩවියට යන අයයි. අනේමන්දා ...එයා නම් විස්තරේ දන්නවා

      Delete
    3. ඇයි මොකටද ඔයාට විනිශ්චය මණ්ඩලය ඕනේ . ඔය හිටපු තරඟයක් හෙම තියනවද රගර් වගේ. තමන්ම නායකයෝ වෙලා තමන්ම සම්මාන ගත්ත. මම නම් විනිශ්චය මණ්ඩලයේ හිටිය නිල බලයෙන් . නෙලුම් යායේ සංස්කාරක නිසා. මට සම්මානයක් ලියා ගත්තේ නැහැ. අපි බැඳිලා නැහැ කාටවත් කියන්න අපි සම්මාන දුන්නේ කොහොමද කියල.

      Delete
    4. @Ajith Dharma - මේ පිලිතුරෙන් ඔබේ නිරුවත හෙලිවන අතරම මට සම්මාන ලැබුනෝ කියා දෙතුන් දොහක් තිස්සේ මොර දෙන පැරාගේ ආතල් එක උස්සා පොලවේ ගසයි.

      Delete
    5. මහත්මයා මගේ නිරුවත හෙළි වෙනවට මම බොහොම කැමතියි. මෙතන තමන්ගේ නමින් නොව ඇනොනිමස් කොමෙන්ට් දමන්නෙකු වන ඔබේ අපේ විවෘත භාවය ප්‍රශ්න කිරීමම සිනහ උපදවන්නකි. මම කොමෙන්ට් එක දැමුවේ මග නමින්ම වන අතර මගේ බ්ලොග් අඩවියට හෝ නෙලුම් යායට එහෙමත් නැත්නම් කල්‍යාණ මිත්‍රගේ බ්ලොග් අඩවියට ගොස් අප ලකුණු දුන් ආකාරය හා තෝරාගත් ආකාරය විමසා බලන්න. අප අදත් සිතන්නේ අප සම්මානය දුන්නේ ඒ සඳහා ඉතාම සුදුස්සාට බවයි. අපේ තේරීම වලට ඔබ කැමති නැත්නම් ඔබේ සම්මාන උළෙලක් පවත්වා ඔබලාත් තෝරා දෙන්න. අපට ප්‍රශ්නයක් නැත. වැඩිවෙන තරමට හොඳ බ්ලොග් කරුවන්ටමය.

      Delete
  8. ලංකාවේ වාමාංශික කිහිප දෙනෙක් ෆේස්බුක් එකේ සංවාදයේ යෙදෙමින් ධනපති රුපවාහිනී වල පෙනී සිටීම ගැන තවෙකෙකුට චෝදනා කළේය. උන් එසේ කලේ සමාජවාදී "ෆේස්බුක්" එකේය .

    ReplyDelete
  9. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3512-2016-04-03-19-07-00

    ReplyDelete
  10. නැරඹීමට නොහැකිය. කනගාටුව පරකාස කොරමි පැරා අයියෙ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා