ආබාධ සහිතකම නිසා දරුවකුට පාසලක් අහිමි කරන අධ්‍යාපන නිලධාරියෝ

පොලිසියෙන් සිසුන්ට පහර දෙන විට අපි ඔවුන් ධනපති පාලකයන්ගේ කටු කන බල්ලන් ලෙස හැඳින්වීමට කැමැත්තක් දක්වමු.

එහෙත්, ධනේශ්වර ක්‍ර‍මයේ ආරක්ෂාව වෙනුවෙන් මුළුමනින් ම හැඩගස්වා තිබෙන, ආගම්වාදය, ජාතිවාදය තුළ පමණක් නොව මිලිටරිවාදය හා පාසල්වාදය තුළ ද ගිල්වා තිබෙන ලංකාවේ අධ්‍යාපන ක්‍ර‍මය තුළ විදුහල්පතිවරු හා ගුරුවරු ද පොලිස් නිලධාරීන්ගෙන් ලොකු වෙනසක් තිබේ ද?

තමන්ට ගෙවන හිගන පඩිය වැඩි කර ගන්නට සටන් නො කර, දීන ලෙස නිලධාරීන් හා දේශපාලකයන් අභියස දෙකට නැවෙමින්, පාසල් දරුවන් වධයට භාජනය කරන, ඔවුන් බියපත් කර හා රවටා ටියුෂන් පංතිවලට ගෙන්වාගෙන සූරා කන ලංකාවේ ගුරු සංහතියට ද සමාජය කටු කන බල්ලන් ලෙස සලකන දිනය වැඩි ඈතක නො වේ.

මේ වනාහි කුලියාපිටිය සිද්ධියේ දෙවන කොටසයි. මෙවර අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් පාසලෙන් පළවා හැර තිබෙන්නේ ආබාධ සහිත යයි කියනු ලබන දරුවෙකි.

විලච්චිය ප්‍රදේශයේ දරුවකුට පාසල් අධ්‍යාපනය අහිමි කිරීමට එරෙහිව සටන් කරන මේ මව  වෙත ඔබේ අවධානය යොමු කරන්න. අද ඇය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණියේ ඇගේ දුක්ගැනවිල්ල කීමටයි. 

ඇය වෙනුවෙන් මැදිහත්ව අරගල කරන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයයි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තම රටවැසියනට අම්මා විය යුතු ආණ්ඩුව කුඩම්මා වෙන්නේ ඇයි?

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ සිදුවීම සම්බන්දව ගුවන් විදුලි නාලිකා පුවතකට අනුව දරුවාගේ මව පවසන්නේ දරුවා ආබාධ සහිත දරුවන් සඳහා වූ පාසලකට රැගෙන ගිය විට ඒ පාසලේ උපදේශකවරුන් දරුවාව සාමන්‍ය පාසලකට ඇතුළු කරන ලෙස දැනුම් දුන් බවයි.ඒ අනුව මෙම දරුවාට සාමන්‍ය පාසලක ඉගෙන ගැනීමට නොහැකි තරම් බරපතල අවුලක් නැති බව පෙනෙනවා.මෙතනදී නම් ආකල්ප සංවර්ධනය කිරීම පසුවට කල් දමා මේ සිදුවීම දෙස පාර්ශ්ව කීපයකින්ම බලා වහාම පිළියම් යෙදීමයි කලයුත්තේ....පොලීසිය විවේචනය කලයුතුය,ඒ සඳහා ඇති තරම් හේතු ඇත. නමුත් සමාජ මාධ්‍ය වල ලංකාවේ සියලුම වෘත්තිකයන් අතරේ ඇති පිරිහීම ගැන සාකච්ඡා වෙන්නේ බොහෝ අඩුවෙනි.ඒ වෙනුවට ඉතාම පහසුවෙන් වීරත්වයක් ආරෝපණය කරගැනීමේ උපායක් ලෙස පොලිසිය පමණක් තෝරාගෙන පරිභව කරන සිරිතක් තිබේ.......

    ReplyDelete
  4. විදුහල්පති ට ළමයකු පාසලෙන් අයින්කරවාගන්න කියලා දෙමව්පියන්ට බලකල හැකි නීතියක් තිබෙනවද

    විදුහල්පති කෙනෙකුට ළමයකු පාසලකින් ඉවත් කිරමට නීතියෙන් බලපාන හේතු ගැන හැදින්වීමක් කලොත්

    ReplyDelete
    Replies
    1. විදුහල්පතිවරයකුට ළමයකු පාසලින් ඉවත් කරන්නට බලයක් නැත. විදුහල්පතිවරුන් කරන්නේ විවිධ බලපෑම් කර මව්පියන් ලවා දරුවා පාසලින් ඉවත් කරවීමයි.

      ලංකාවේ සිටින පසුගාමී ම හා ළමා අයිතිවාසිකම් ගැන අඩුවෙන් ම තකන පිරිස විදුහල්පතිවරු ය. ඔවුහු එක් පියවරෙන් දරුවන්ට පාසල් එපා කරන්නට දනිති.

      Delete
  5. ආබාධිත දරුවකු යන්නට, මෙතනදී ඉතා බරපතල ලෙස වැරදි අර්ථ කථනයක් දී තිබෙනවා. අවිවිශිබම නියෝජිතයාටද ඒ ගැන අවබෝධයක් නැතිවීම ගැන කණගාටුයි. මේ දරුවා චාලක, දෘශ්‍ය, කථන, සංජානන, වැනි කිසිම දෙයකින් ආබාධිත නැහැ. ඔහු යම්කිසි හෘදයාබාධයකින් පෙලීම පමණයි වෙනස. එබැවින්, ඔහු ආබාධිත දරුවකු ලෙස හැඳින්වීම, බරපතල අසාධාරණයක්. මේ දරුවාව, ලංකාවේ ඕනෙම පාසලකට ඇතුළු කරන්න කිසිදු බාධාවක් නැහැ. නමුත් වඩාත් සුදුසුවන්නේ, හදිසියේ ඔහුගේ රෝගී තත්වය උත්සන්න වුවහොත්, නොපමාව, අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට ඇතුළු කිරීමට තරම්, එකී රෝහලකට ආසන්න ප්‍රදේශයක පිහිටි පාසලකට, දරුවා ඇතුළත් කිරීමයි.

    ReplyDelete
  6. අධ්‍යාපන අමාත්‍යාංශය යනු පුපුරායාමට ආසන්න ගිනි කන්දකි. තෙත මාත්තු කිරීමෙන් නවතාලිය නොහැක.Aru.

    ReplyDelete
  7. මේ අපේ රට භාරගන්න ඉන්න අනාගත පරපුර කියලා මුන් හිතන්නැති හැටියක්...... මේ දරුවාට දැන් සමාජය ගැන කොයිතරම් ද්වේශයක් හැදෙනවාද????

    ReplyDelete
  8. "මේ ඔබේ දරුවාගේ පාසලයි" නේ. ඒකයි ඔහොම වෙන්නෙ. " හැම කෙනාටම පළමුව දරුවා ප්‍රධානයි" නේ. ඒ නිසයි අපේ රටේ ඔහොම වෙන්නෙ. ඉංගිරිසියෙනුත් බෝඩ් ගහලා තියනවා "Child First" ඒක නේ ඔහොම වෙන්නෙ. "පාසල් යනු නිරෝගී අය රඳවා ගෙන රෝගීන් පළවා හරින රෝහල් ජාතියක් නෙවෙයි" කියල තියෙන්නෙ පොතේ ලියා තියන්න හෝ කතා පවත්තන්න විතරයි නේ. ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ
    "ලෝකෙන් උතුම් රට" සහ "ධර්මද්වීපය" ඒකයි ඔහොම වෙලා තියෙන්නෙ

    ReplyDelete
  9. අධ්‍යාපන ක්ශේත්‍රයේ බුබුලු නඟින ගැටළු රාශියකි.
    1)අද දිනයේ පුද්ගලිකවත් මේ හා සමාන සිද්ධියක් ඇසුවෙමි.එනම් මනස සෙමෙන් වැඩෙනවා යයි සැකකෙරෙන දරුවෙකු එක වසර පන්තියෙන් ඉවත්කරගන්නා ලෙසට මවකට අනෙක් මවුන් විසින් පාසලෙන් පිටදී බලපෑම් කිරීමයි.පංතිභාර ගුරුවරිය මෙයට සාධනීයව මැදිහත්වන ලකුණු පෙනෙමින් ඇති නිසා වැඩි විස්තර පසුවට.
    2)දැන් ගුරුවරුන් ලිපිකරුවන් බවට පත් කොට ඇත.ෆෝම් කොල පිරවීම,විවිධ වාර්ථා ලිවීම හැරුණු කොට දරුවෙකු ලඟට ගෙන සුහදව මානසිකව බැඳී සමීපව අකුරක් ඉගැන්වීමට කාලයක් කිසි සේත් නොමැත.
    3)වෘත්තීය බව වේගයෙන් පිරිහෙයි.අමාත්‍යාංශයෙන් පිට කරන පීඩනය නිතිමතින් වැඩිවී පිට වන්නේ දරුවන් තුලින්.බෝල පාස් න්‍යාය තුලින් බුද්ධිමතුන් බිහිකිරීම පසකින් තබා ගිරවුන් බිහිකිරීම දිරිගන්වා ඇත.(ගිරවුන් සංඛ්යා ලේඛන දත්ත ලෙසින් ඇතුල් කිරීම වඩා පහසුය.)
    අවසන ගිරවුන් වැඩි බුද්ධිමතුන් අඩු සමාජය ව්යාග්‍රා ජෝන් ඇමතියන්ට ගැටලුවකින් තොරව පාලනය කල හැක.

    ජයවේවා..!!

    ReplyDelete
  10. අධ්‍යපනය කියන්නේ අයිතියක් වුනත් ඒ අයිතිය වෙනුවෙන් නිලධාරීන්,බලධාරීන් කිසිවකු පෙනි නොසිටීම ඛේදවාචකයක් වෙලා.නිකම් පෙළ පොත් දෙන එකයි,රෙදි වවුචර් දෙන එකයි නිදහස් අධ්‍යාපනය නෙමේ.නිදහස් අධ්‍යපනයක් රටේ තියෙනවා නම් මේ විදියට ස්කොල ඉල්ලලා දෙමව්පියන්ට,දරුවොත් එක්ක පාරට බහින්න වෙන්නේ නැහැනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා