කෝටි ගණන් වැය වන රජයේ තමාෂා හා ලංකාවේ උත්සව සංස්කෘතිය

විජිතමුනි සොයිසාගේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් අද දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී පවත්වනු ලබන උත්සවයක් වෙනුවෙන් රු. තුන් කෝටි අසූපන් ලක්ෂයක් වැය කරනු ලබන බව අද දින දිවයින පුවත්පත වාර්තා කරයි.

මේ හා සමාන ම උත්සවයක් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගිය මාසයේදී රු. කෝටි අටක් වැය කළ බව ජවිපෙට සම්බන්ධ සමස්‌ත ලංකා ගොවිජන සමමේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.

මේ වනාහි සිද්ධි දෙකක් පමණි. තවත් මෙවැනි උත්සව රැසක් නිතිපතා පැවැත්වේ.

මේ වනාහි ශ්‍රී ලංකාව ගිලගෙන තිබෙන උත්සව සංස්කෘතියක ප්‍ර‍කාශනයකි. අපි වැඩ කරනවාට වඩා උත්සව පවත්වන ජාතියක් වී ඇත.

උත්සව පැවැත්වීම හා සම්බන්ධ දැවැන්ත කර්මාන්තයක් ද බිහි වී තිබේ. ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනි හා ආහාරපාන, සංගීතය, නැටුම්, කතා, ශබ්ද උපකරණ, ආලෝකය, තාපය විද්‍යුතය ආදී එක එක මගුල් සපයන ආයතන රැසක් පවතින්නේ මෙම උත්සව නිසා ම ය.

මෙය රජයේ පමණක් රෝගයක් නො වේ. මහජනතාව ද එවැනි ය. ගැහැනු දරුවකුට පළමු වර ඔසප් වීම නිමිත්තෙන් පසුගියදා ඇඹිලිපිටියේදී පවත්වන ලද සිදුවීමකදී උත්සවයේ අමුත්තකු මරා දැමීම ගැන පොලිසියට චෝදනා එල්ල වී තිබේ.

යුවලක් කසාද බඳින්නේ මව්පියන් හා තමන් එතෙක් ඉතිරි කර ගත් මුදල් සියල්ල වැය කර තව සෑහෙන කාලයක් ඉදිරියට ණයත් වෙලා ය. කාව හරි මරාගෙන අඩුවෙන් වැඩ කර වැඩියෙන් ගාන හොයා ගන්නට කැමති, එහෙත් රජයේ සේවයට නො ගිය තවත් පිරිසක් පොටෝකාරයන්, වීඩියෝකාරයන්, කේක් හදන්නන්, කාඩ් ගහන්නන්, ඇඳුම්කාරයන් වී එක එක විධියට මිනිසුන් අන්දා ගාන කපා ගනිති.

මොකක් හෝ නිමිත්තක් හොයාගෙන කාගෙන් හෝ පාටියක් මරා ගැනීම, පාටි දීම හා පාටි දැමීම අද දවසේ වැඩ කරන ජනතාවගේ ප්‍ර‍ධාන කාර්යයක් වී ඇති බව වෘත්තීය සමිති තමන්ගේ සාමාජිකයන්ට ඇත්තට ම තිබෙන ප්‍ර‍ශ්න මොනවා ද කියා හොයා බැලුවොත් වැටහෙනු ඇත.  

මේ තමාෂා විවේචනය කරන දේශපාලන පක්ෂ කරන්නේ මොනවා ද? ඔවුන් කරන්නේ ද අවුරුද්ද පුරා උත්සව පැවැත්වීමයි. අප්‍රේල් මාසයට අප්‍රේල් සමරුව ය. මැයි මාසයට මැයි දිනයයි. ඉල් මාසයට ඉල් මහ සමරුවයි. අනෙකුත් මාසවල ද සම්මේලන, සම්මන්ත්‍ර‍ණ ආදී උත්සව ය. දේශපාලනය කරනවා ය කියා කියන්නේ ඒවා වෙනුවෙන් පෝස්ටර් ගහන එක හා එහෙ මෙහෙ යන එක ය. මේවා වෙනුවෙන් පක්ෂ වියදම් කරන මුදල් හා ඒවාට යන්නට එන්නට, කන්නට බොන්නට සාමාජිකයන් වියදම් කරන මුදල් ගණන් බැලුවොත් ඔවුන් ද ආණ්ඩුවට දෙවෙනි නැත.

රාජ්‍ය නොවන සංවිධාන ද තවත් උත්සව වෙනුවෙන් ම වාගේ පවතින අංශයකි.

පෞද්ගලික අංශය ද උත්සව පවත්වන මුත්, එසේ කරන්නේ අනෙක් අය මෙන් සල්ලි වීසි කරන්නට නො වේ.

මුළු ලංකාව ම මේ අන්දමින් උත්සව පවත්වන්නේ වැඩ කිරීම සඳහා යෙදවිය හැකි කාලය හා ශ්‍ර‍මය නාස්ති කරමිනි. ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගණනය කිරීමේදී මෙම උත්සව ආර්ථිකය සැලකිය යුතු දායකත්වයක් සපයන අතර අවසානයේදී ගත් කල එයින් ආර්ථිකයට ඇති වන ඵලය කුමක් ද යන්න ගැටලුවකි. අනවශ්‍ය කෙටි කෑම නිතර බුදීමෙන් උත්සවපාලුවෝ ලෙඩ වී රෝහල්ගත වී ආර්ථිකයට බරක් වෙති. මේවායේදී භාවිතා කරන පොලිතින්, තීන්ත ආදිය පරිසරයට එකතු වී දැවැන්ත පරිසර හානියක් ද කරයි.

උක්සව සංස්කෘතියේ මුල ඇත්තේ ධනවාදී පාරිභෝජනවාදය තුළයි. එයට විරුද්ධ වන අය ද එම පාරිභෝජනවාදය තුළ ම ගිලී සිටින පිරිසකි.

ධනවාදයට එරෙහිව කරන අරගලය පාරිභෝජනවාදයට ද එරෙහිව කරන අරගලයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // අපි වැඩ කරනවාට වඩා උත්සව පවත්වන ජාතියක් වී ඇත. //

    සම්මාන උත්සව පවත්වනු නොලැබේ...මීට පසු සම්මානය තැපෑලෙන් ඔබ වෙත ලැබෙනු ඇත...

    ReplyDelete
    Replies
    1. සම්මාන උත්සව වලට යන වියදම් ද මේ විදියටම හෙළිකරනවාද?
      1. ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහ වියදම්
      2.ප්‍රචාරක වියදම්
      3. සම්මාන නිර්මාණය සහ සහතිකපත් මුදුණය.
      4. ශාලාව සඳහා මුදල් ගෙවූ මුදල්
      6. ගමන් වියදම්

      මෙම මුදල් සපයාගත් ආකාරය...

      Delete
    2. “බිරිඳට මෝටර් බයිසිකලයේ යන්න හොඳ නැති නිසා ම අපි පුංචි මරුති කාර් පොඩ්ඩකුත් ගත්තා ලීසිං එකක් පිට. අතින් භාගයක් ගෙව්වා ණය වෙලා. ඉතිරි ටිකේ ලීසිං එකට මාසිකව ගෙවන්න තිබුණු රු. 12,000 මහ මෙරක් වගේ. ඒ ගාන මගේ මාසික පඩියට වඩා වැඩියි.“(අජිත් පැරකුම් ජයසිංහ දින දෙකකට පෙර)

      “උක්සව සංස්කෘතියේ මුල ඇත්තේ ධනවාදී පාරිභෝජනවාදය තුළයි. එයට විරුද්ධ වන අය ද එම පාරිභෝජනවාදය තුළ ම ගිලී සිටින පිරිසකි.ධනවාදයට එරෙහිව කරන අරගලය පාරිභෝජනවාදයට ද එරෙහිව කරන අරගලයකි.“ (අජිත් පැරකුම් ජයසිංහ අද)

      Delete
    3. මේ වනාහි ශ්‍රී ලංකාව ගිලගෙන තිබෙන උත්සව සංස්කෘතියක ප්‍ර‍කාශනයකි. අපි වැඩ කරනවාට වඩා උත්සව පවත්වන ජාතියක් වී ඇත.
      ------උත්සව විරෝධී පැරකුම්ගේ විග්‍රහය-අද-----
      උත්සව පැවැත්වීම හා සම්බන්ධ දැවැන්ත කර්මාන්තයක් ද බිහි වී තිබේ. ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනි හා ආහාරපාන, සංගීතය, නැටුම්, කතා, ශබ්ද උපකරණ, ආලෝකය, තාපය විද්‍යුතය ආදී එක එක මගුල් සපයන ආයතන රැසක් පවතින්නේ මෙම උත්සව නිසා ම ය.“

      පැරකුම් ජයසිංහ තමන්ට සම්මානයක් ලබාදුන් නෙලුම්යාය සම්මාන උත්සවය ගැන එදා කීවේ මෙහෙමයි.
      “නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී 2015 වසරේ හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මාන ලැබූ බව සතුටින් ප්‍රකාශ කරමි.
      සම්මානලාභී අනෙකුත් බ්ලොග්කරුවන්ගේ විස්තර සංවිධායක මණ්ඩලය ඊයේ ලේට් නයිට් බීච් පාටියෙන් පසු අවදි වී, තැඹිලි වතුරෙන් පැනඩෝල් කාරිය බී, හෝන්දු මාන්දු ගතිය නැති කරගෙන කොම්පියුටරය ඉදිරිපිට වාඩි වූ විට අප්ඩේට් වනු ඇත. සියලු දෙනාට උණුසුම් සුබපැතුම්
      නෙළුම්යාය අඩුපාඩු නැති, පරිසමාප්ත සම්මාන උළෙලක් නො වේ. එහි අඩුපාඩු සාධනීය අන්දමින් විවේචනය කළ යුතු ය. එසේම, නෙළුම්යාය තව පුළුල් විය යුතු ය.
      සයිබර් අවකාශයෙන් මහ පොළවට පැමිණ භෞතික සම්මාන උළෙලක් සංවිධානය කළ ආකාරය හා එය ලොව පුරා සිංහල සමාජය සමග බෙදා හදා ගත් ආකාරය නවීන සංවිධාන ක්‍රම ගැන කදිම අත්දැකීමක් හා පාඩමකි---“

      Delete
    4. සම්මාන උත්සව වලට යන වියදම් ද මේ විදියටම හෙළිකරනවාද?
      1. ආරාධිත අමුත්තන්ගේ සංග්‍රහ වියදම්
      2.ප්‍රචාරක වියදම්
      3. සම්මාන නිර්මාණය සහ සහතිකපත් මුදුණය.
      4. ශාලාව සඳහා මුදල් ගෙවූ මුදල්
      6. ගමන් වියදම්

      මෙම මුදල් සපයාගත් ආකාරය..........

      මේ කිසිවක් දෙන්නේ නෑ මේවා දේව රහස්. FCID එකෙන් හෙව්වත්/ඉල්ලුවත් ලබන්නේ නෑ

      සීනිගම ගිහිල්ලා පොල් ගහලා මිරිස් අබ ඇඹරුවත් දෙන්නේනම් නෑ පුලුවන්නම් සොයා ගනින්

      Delete
    5. ඔබට නො තේරෙන දෙය වන්නේ පරිභෝජනය හා පරිභෝජනවාදය අතර වෙනසයි. මිනිසුන් පරිභෝජනය කරන එක වැරදි නැත. වරද වන්නේ පරිභෝජනය වෙනුවෙන් ම පරිභෝජනයේ යෙදීමයි.

      ඔබට තේරෙන ආකාරයෙන් කිවහොත් මෙසේ ය: ඔබට පුළුවන් ආකාරයට ඔබ ඔබේ මගුල් උත්සවය පැවත්වන එකේ වරදක් නැත. එහෙත්, වෙන අය කරන පලියට තමන්ට බැරි මගුල් කරන්නට යන්නට ඕනෑ නැත.

      බ්ලොග් සම්මාන උළෙල පවත්වන්නේ ඉතා පැහැදිලි අරමුණක් ඇතිවයි. ඒ වෙනුවෙන් උත්සවයක් අවශ්‍ය ය. එය ඵලදායී වියදමක් බව එය පිළිබද ඇති වූ කතාබහවලින් හා එමගින් බ්ලොග්කරණය ප්‍ර‍වර්ධනය වීමෙන් පෙනේ.

      මෙම රජයේ උත්සවය අත්‍යවශ්‍ය ද යන ප්‍ර‍ශ්නය සාධාරණ ය. මේවා පවත්වන්නේ මුදල් වියදම් කිරීමට මිස වෙනත් ඵලදායී වැඩකට නො වේ.

      Delete
    6. ඔබගේ බිරිඳ ගැබ්ගෙන සිටියදී මෝටර් බයිසිකලයෙන් යාම අසීරු නිසා ණය වී මරුතියක් ගත් බව ඔබ පවසයි.
      ශ්‍රි ලංනාවේ බොහොමයක් කාන්තාවන්ට ඔබලා මෙන් ම මෝටර් බයිසිකලයෙන් මරුතියකට මාරුවීමේ ආර්ථික හැකියාව නැත. ඔවුහු එවැනි අවස්ථාවල භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. අතිශය දුෂ්කර අවස්ථාවන්හිදී ඔවුහු ත්‍රිවිලරයක් හෝ වෙනත් කුළි රියක් භාවිතා කරයි. බිරියගේ ගර්භනී සමය තුළ ගමන්බිමන් යාමේ අවශ්‍යතාව සඳහා ඒම වාහනය මිලට ගැනීමට ගොස් නම් මාසික වැටුපටත් වඩා ලීසිං ගෙවීමට සිදු වූ බව පවසන ඔබ එකී සමයතුළ වෙනත් කුළී රථ භාවිතයට ගැනීමේ හැකියාව ගැන විකල්ප සළකා බැලුවේ නැත්තේ මන්ද? කිසිම කාන්තාවකගේ ගර්භණී භාවය උපරිම වශයෙන් මාස 10කට වඩා නොපවතී. රියේ මිලෙන් භාගයක් ණය වී ලබා ගත් මුදලකින් ගෙවා දැමූ ඔ ඔබ ලීසිං වාරික මාස කීයක් ගෙව්වාද?
      ඔබ රිය මිලදී ගත්තේ ඔබට ඔබට ඒ සඳහා හැකියාව තිබූ හෙයිනි. ඒ සඳහා අවස්ථාව තිබූ හෙයිනි. එනම් මෝටර් රථ ආනයන කරන සමාගම් සිය වෙළෙඳාම පුළුල්කරගැනීමට සිය පාරිභෝගිකයන්ට ලීසිං පහසුකම් ලබාදී තිබූ බැවිනි. මෙවැනි අලෙවි උපක්‍රම ධනවාදයේ පාරිභෝජනවාදය ප්‍රවර්ධනයේම අනිවාර්ය අංගයිකි. එය ඔබම ඔබගේ මෙම පෝස්ටුවේ අන්තිමට සඳහන් කර අැත. මහා පණ්ඩිතයෙකු මෙන් පාරිභෝජනවාදය ගැන බණ දෙසන ඔබ ඔබ විසින්ම එහි ගොදුරක් බවට පත්වීම කණගාටුදායකය.
      පාරිභෝජනය සහ පාරිභෝජනය අතර වෙනස ධනවාදී වෙළෙඳපොලක් තුළ කථාකිරීම විහිළුවකි. මක් නිසාද යත් සිය භාණ්ඩ අෙලවිකරගැනිමට කටයුතු කරන සමාගම් විසින් ඒ්වා පාරිභෝජනය කිරීම ඔබගේ මූලික පාරිභෝගික අවශ්‍යතාවක් ලෙස ඔබට ඒත්තු ගන්වන්නේ අලෙවි උපක්‍රම සහ වෙළෙඳෙපාල යාන්ත්‍රණයන් විසින් බැවිනි. සිය පැරණි ජංගම දුරකතනය වෙනුවට අළුත්ම ඇපල් අයි ෆෝන් ගැනීමට සිහින දකින තරුණයෙකු ඔබට අනුව පාරිභොගිකවාදයේ ගොදුරකි. එහෙත් ඒ බව එවැන්නෙකුට ඔබ පැවසුවොත් ඔහු තමන් පාරිභොගිකවාදයේ ගොදුරක් නොවන බවත් නවතම ඇපල් අයිෆෝනයක් භාවිතා කිරීම තමාගේ දැඩි අවශයතාවක් බවත් ඔබ තර්ක කරනු ඇත. හරියටම මෙහිදී ඔබ පාරිභොගිකවාදය ගැන බණ දෙසන ගමන් මෝටර් බයිසිකලයෙන් ණය වෙමින් මරුතියකට මාරුවීමට ගත් තීරණය ද උත්සවවලට එරෙහිවන ගමන් ඔබට සම්මාන දෙනු ලැබු උත්සවයේ අනිවාරණිය අවශ්‍යතාව ගැන ලජ්ජා විරහිතව තර්ක කරන ආකාරයටමය.

      මෙයට පෙර ඔබ මෙම බ්ලෝග් අඩවියේ ඔබගේ මරුතිය පාවිච්චි කරන්නේ ඉතාම විරලවයැයි ද පවසා තිබේ.එහෙයින් එය ඔබගේ බරපතල අවශයතාවක් සඳහා මිලදී ගත් බවක් නොපෙනයි. මරුතිය යනු ඒ යුගයේ පහළ මධ්‍යම පන්තික රජයේ සේවකයා හෝ පහළ මධ්‍යම මට්ටමේ ආදායම් ලබන්නන්ගේ සිහිනයක් බවට වෙළෙඳෙපාල පාරිභෝජනවාදය විසින් පත්කර තිබුණි. එහි අනුකම්පා කටයුතු ගොදුරක් වූ ඔබ තවමත් එය සාධාරණිකරණය කරන අතරම සෙස්සන්ට වැදි බණ දේශනාකිරීම හාස්‍යජනකය.
      සෙස්න්ගේ පාරිභෝජනය පාරිභෝජනවාදයක් ලෙස ද උත්සව පැවැත්වීම නිෂ්ඵල වියදම් ලෙස ද විනිශ්චය කිරීමට යාමෙන් ඔබ එබගේ කුහක බව ප්‍රදර්ශනය කර තිබේ

      Delete
    7. //මක් නිසාද යත් සිය භාණ්ඩ අෙලවිකරගැනිමට කටයුතු කරන සමාගම් විසින් ඒ්වා පාරිභෝජනය කිරීම ඔබගේ මූලික පාරිභෝගික අවශ්‍යතාවක් ලෙස ඔබට ඒත්තු ගන්වන්නේ අලෙවි උපක්‍රම සහ වෙළෙඳෙපාල යාන්ත්‍රණයන් විසින් බැවිනි. //

      පාරිභෝගික හා මාධ්‍ය සාක්ෂරතාවක් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. ඒ වනාහි පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස තේරුම් ගැනීමට ය.

      ඔබ මගේ කුහකකම අවධාරණය කර පෙන්වීමට උත්සාහ කරයි. ඔව්. මම කුහකයෙක් තමා ය. දැන් ඔබට සනීප ද?

      මා කුහකයෙක් වුවත්, නැතත්, මා ඉදිරිපත් කරන අදහස් ගැන ඔබට සිතන්නට එය බාධාවක් නො වේ.

      මගේ කුහකකම සෙවීමට නිකරුණේ කාලය වැය නො කර මා කියූ කරුණු වැරදි නම් එය පෙන්වන්න.

      Delete
    8. ඔබ ඔබගේ බ්ලොග් අඩවිය තුළින් සෙස්සන්ගේ කුහකකම් කතාකිරීමටට වෙහෙසවන බැවින් ඔබගේ කුහකකමක් නිදසුන් සහිතව පෙන්වා දුන් විට ඔබගේ කුහකකම් ගැන සොයන්නට වෙහෙස නොවන ලෙස පැවසීම ද තවත් කුහකකමකි.
      නිර්මාල් රංජිත් ඔබගෙන් ආරක්ෂණාවාදයක් ගැන අසා තිබේදැයි යනුවෙන් අසා එක්ටා ගිවිසුමට එරෙහිව ඔහුගේ කරුණු දැක්වීම ඉදිරිපත් කළවිට ඔබ ඒ කරුණු දැක්වීමට ප්‍රතිචාර නොදක්වා සිදුකළේ නිර්මාල් රංජිත් සිය උගත්කම භාවිතාකරමින් ඔබව යටපත් කිරීමට වැයම් කරනබවට මාරාවේශ වී කෑගැසීමය.
      ඔබගේ කරුණුවලට පිළිතුරු සපයන ලෙස දෙන අවවාදය ඒ මොහොතේ ඔබම පිළිපැද නිර්මාල්ට අවලාද නොගසා ඔහු දැක්වූ කරුණුවලට පිලිතුරු නොසැපයුවේ මන්ද?

      Delete
    9. සිරිසේනගේ වැරදි විවේචනය කලා කියා මිනීමරු මහින්දගේ වනචර දශකය සාධාරනීකරනය වන්නේ නැත...

      Delete
    10. පැරා මරුටියක් ගත්තෙ ඌ සාධාරනව උපයපු මුදලින්... ඒක උගේ පරම පිවිතුරු අයිතිය.. මේ උත්සව කරන්නේ රජයේ හෙවත් මහජන බදුමුදල්වල වියදමින්.. ඒක විවේචනය කලහම පැරාගෙ මරුටිය අල්ලාගෙන දගලන්න බොට පිස්සුද?

      Delete
    11. මේක අපේ බ්ලොග් අවකාශයේ ඉන්නා, පැරාගේ වැනි සාර්ථක බ්ලොග් වලට අහලකින් වත් යා නොහැකි, කූජිතයන්ගේ ඉරිසියාව මතුවන හැටියි. පැරා මොනවා ලීවත්, උත්තරය ඔහුගේ පෞද්ගලිකත්වයට පහර ගැසීමයි.

      Delete
    12. "පැරා මරුටියක් ගත්තෙ ඌ සාධාරනව උපයපු මුදලින්... ඒක උගේ පරම පිවිතුරු අයිතිය.. මේ උත්සව කරන්නේ රජයේ හෙවත් මහජන බදුමුදල්වල වියදමින්.. ඒක විවේචනය කලහම පැරාගෙ මරුටිය අල්ලාගෙන දගලන්න බොට පිස්සුද"

      මට නොව පිස්සු බොටය.පැරකුම් ජයසිංහගේ මරුතියේ කතාව අදාළවන්නේ ඔහු සෙස්සන්ට පාරිභෝජනවාදයක් ගැන වැදි බණ දෙසීම ගැනය. ඒවා උදාහරණ ලෙස නොගත යුතු සහ තමාගේ පෞද්ගලිකත්වයට පහරවැදෙන දේවල් හිතනාවානම් ඔහු කළ යුත්තේ ඒවා මෙහි පළ නොකර සිටීමටය. මා ඒවා නිදසුන් ලෙස ගත්තේ ඒවා මෙහිම පළව ඇති ඒවා හෙයිනි.
      පෞද්ගලිකත්වයන්ට පහරදීම ගැන ඇති දෙවන කොමෙන්ටුවේ සඳහන පැරකුම් ජයසිංහටද අදාළ වන අතර එය මෙම බ්ලොග් අඩවියට ආවේණික ලක්ෂනයක් බැවින් සෙසු අයට ඒ ගැන චෝදනා කිරීමට යාම හාස්‍යජනකය.
      පැරකුම් මෙම ලිපිය මගින් කරනුයේ රජයේ දේශපාලකයන් සහ ඔවුන් ගේ හෙංචයියන් කොමිස් ගසාගැනීම සඳහා සහ මුදල් යටිමඩි ගසා ගැනීම සඳහා කරන මෙවැනි උත්සව සාමාන්‍ය මිනිසුන්ගේ උත්සව පැවැත්වීමේ සංස්කෘතියේම ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වා තමන් කඩේ යන ආණ්ඩුව වක්‍රව ආරක්ෂාකරන ගමන් තමන් ප්‍රගතිශීලි දුෂණ විරෝධියෙකු ලෙස පෙනී සිටීමට තැත් කිරිමය.
      මෙම දූෂණය හෙළිකලේ පැරකුම් විසින් නොව දිවයින පුවත්පත විසිනි. පැරකුම් මෙහිදී කරනුයේ මෙවැනි දූෂණ මෙම ක්‍රමයේ ආවේණික ලක්ෂණයන්ය යන කරුණ යටපත් කරමින් දේශපාලන ගැටළුවක් නොව සංස්කෘතික ගැටළුවක් බවට හුවා දැක්වීමය. කලින් සිටි හොරුන්ට වඩා මෙම හොරුන් හොඳයැයි කියමින් ඔවුන් බලයට පත්කිරීම සඳහා ‍කඩේ ගියේ පැරකුම් ජයසිංහලාය. මෙම හොරුන් සහ හිටපු හොරුන් දෙකොටසටම එරෙහිව පෙරටුගාමි පක්ෂය වැනි වාමාංශික පක්ෂ පෙරට එන විට අවස්ථාවේ එදා ඔවුන්ට අවලාද ගැසීමේ කුණු කොන්ත්‍රාත්තුව භාරගත් පැරකුම් ජයසිංහ මෙම ලිපිය මගින් ඉටු කරන කොන්ත්‍රාත්තුව වන්නේ දිවයින මගින් හෙලිකළ දූෂණය තමන්ගේම සංස්කෘතික ගැටලුවක් ලෙස හුවාදක්වමින් රජයේ වැරැදි සම්බන්ධව මතුවන විරෝධයන් නොමග යැවීමය. රජයේ දේශපාලකයෙකු ඇති උත්සවයක මුවාවෙන් මහාපරිමා‍ණ දූෂණයක් කර ඇති විට එය රජයේ සහ ක්‍රමයේ දේශපාලන ගැටළුවක් ලෙස නොව එය උත්සව පැවැත්වීමේ සංස්කෘතිකයේ ගැටළුව ලෙස හුවා දැක්වීම පිටිපස ඇති දේශපාලන උවමනාව කුමක්ද? බලසේ සිටින දේශපාලකයෙකුගේ දූෂණයක් හෙළිදරවු වූ විට එයට රජයේ සමස්ත වගකීම පිලිබඳ කරුණ දියාරු කිරීම හැර වෙන කුමක් ද? මෙම කරුණ සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් බොහෝ දේ සම්බන්ධව ද පැරකුම් භාරගෙන සිටින කොන්ත්‍රාත්තුව එයයි.

       

      Delete
    13. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන අජිත් පැරකුම් ජයසිංහ මහතා විසින් එම සංවිධානයෙන් පෙන් ඩ්‍රයිව් එකක් ඇතුළු තෑගි පාර්සලයක් ලබා දිය හැකි බව දැන්වීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැන්නක් සහභාගී කර ගැනීමට වූ යෝජනාවෙන් නෙළුම් යායේ පුරවැසි මාධ්‍යකරණය බල මුළු ගැන්වීමේ වැඩ පිළිවෙලට ලැබෙන ගැම්ම සලකා බලා එය පිලි ගැනීමට තීරණය කෙරුවෙමු. අප ඒ සමගම අජිත් පැරකුම් මහතා ගේ බ්ලොගය සම්මාන අංශ දෙකකට නිර්දේශ වී ඇති බව ඔහුට දැන්වූයේ පසුව ඔහු සම්බන්ධ චෝදනාවක් එල්ල විය හැකි බැවිනි. ඔහු අපට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය ලබා දීමට පොරොන්දු වූයේ ඔහු නිර්දේශ වී ඇති බවක් නොදැනය.(එවැනි චෝදනා දැනුත් එල්ල වේ.)
      කොළඹ ගමයා.

      සාමාන්‍යයෙන් කිසියම් ආයතනයක් විසින් විවෘත තරඟයක් පවත්වන විට එම ආයතනයේ සේවය කරන්නන්ගේ සහ ඔවුන්ගේ නෑදැයින්ට එයට සහභාගිවිය නොහැකි බවට කොන්දේසියක් දමා ඇත්තේ කිසියම් දූෂණයක් අක්‍රමිකතාවක් සිදුවීම වැළැක්වීමට සහ තරඟ විනිශ්චයේ අපක්ෂපාතිත්වය ආරක්ෂා කරගැනීමටය.
      මෙහිදී අජිත් පැරකුම් සහ බ්ලොග් සම්මාන උළේලේ සංවිධායකයන් දැනුවත්ව දූෂණයක් සහ අක්‍රමිකතාවක් සිදුකර ඇති බව පැහැදිලිය.
      අජිත් පැරකුම් තමන් සේවය කරන ආයතනයේ මුල්‍ය අනුග්‍රහය තමන් සහභාගි වන තරඟයේ සංවිධායකයන්ට ලබා දී ඇත. මෙහිදී ගැටළු වන්නේ තමන් මෙම තරඟයට සහභාගිවන බව දැන දැනත් ඔහු ඒවැනි මුල්‍ය අනුග්‍රහයක් සහ පෙන්ඩ්‍රයිව් පාර්සලයක් ලබාදීමට කටයුතු කිරීමත් අජිත්ගේ බිලොග් අඩවිය සම්මාන සඳහා සැළකිල්ලට ගන්නා බව දැන දැන සංවිධායකයක් විසින් එම අනුග්‍රහය පිළිගැනීමත්ය.
      දැන් වැඩේ ලීක් වී ඇති විට එය ෂේප් කරගැනීමට මේවා ලියා වැඩක් නැති බව කොළඹ ගමයා දැනගත යුතුය.
      විවෘතභාවය, දූෂණ සහ අල්ලස් විරොිධයේ පොරටොක් රෙද්දපල්ලෙන් පෙරෙනවා යැයි කියන්නේ මේකටය.


      Delete
    14. අජිත් පැරකුම් තමන් සේවය කරන ආයතනයේ මුල්‍ය අනුග්‍රහය තමන් සහභාගි වන තරඟයේ සංවිධායකයන්ට ලබා දී ඇත. /////////

      පුසා පැන්න ...පුසා පැන්න.......සම්මානේ දීපන් සුජියට .....සි සි මෙහෙවර පුසී !

      Delete
  2. මහ එකා හරහට යන ගමන් පොඩි උන්ට කෙලින් යන්න කියලා වැඩක් නෑ නේ...

    ඔතන හොයා බලන්න ඕන වියදම නෙමෙයි... අමතියට ඕකෙන් කීයක් හම්බ වෙනවද කියන එක... මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි නේ....

    ReplyDelete
  3. යහපාලනය ආණ්ඩුව යටතේ හැම එකක්ම මයික්‍රෝකරණය වෙලා තියෙන අපුරුව...
    ඉස්සර මොක තිබ්බත් ඒක මහින්දගේ ගිණුමට...
    දැන් ලොක්කෝ දෙන්නව අත ඇරලා ලස්සනට අදාළ ඇමති ගොල්ලන්ට යන විදිහට බෙදනවා...
    හොඳා හොඳා...

    ReplyDelete
    Replies
    1. මහින්ද ඒකාධිපතියෙක්නේ. ඒ කියන්නේ ඔක්කොම වැඩ එයා තනියෙන් කරලා තියෙන්නේ. දැන් එහෙම නෑ නේ. දැන් ආණ්ඩුව සරල, විමධ්‍ය ගතවෙච්ච, විනිවිද පේන එකක්නේ.

      ෂුවර් එකටම මේක ජනාධිපතිතුමා දන්නේ නැතුව ඇති. දැන් මේක පත්තරේ ගියානේ. හෙට වහාම විශේෂ ප්‍රකාශයක් කරලා, පියවර ගනියි මේ වගේ වැඩ නවත්තන්න.

      Delete
    2. ///මහින්ද ඒකාධිපතියෙක්නේ. ඒ කියන්නේ ඔක්කොම වැඩ එයා තනියෙන් කරලා තියෙන්නේ. දැන් එහෙම නෑ නේ. දැන් ආණ්ඩුව සරල, විමධ්‍ය ගතවෙච්ච, විනිවිද පේන එකක්නේ.///

      කොච්චර විනිවිද පේනවද කිව්වොත් සමහර එව්වෝ ඇඳුම් ඇඳගෙන හිටියත් හෙළුවෙන් වගේ...
      අර ජෝන් බාස් සහ හොර රවියා තමයි හොඳම උදාහරණ...

      ///ෂුවර් එකටම මේක ජනාධිපතිතුමා දන්නේ නැතුව ඇති.///
      මිනිහා කෙහෙල් කොලේ බත් ඔතාගෙන ඇවිත් බත් ටික පැත්තක තියෙද්දී කෙහෙල් කොලේ අනුභව කර කර ඉන්නකොට පෙරහැරවල් ගිහින්...

      Delete
    3. සිරිසේනගේ වැරදි විවේචනය කලා කියා මිනීමරු මහින්දගේ වනචර දශකය සාධාරනීකරනය වන්නේ නැත...

      Delete
  4. ඔය කෝටි හතරකට ආසන්න මුදලෙන් තුනෙන් දෙකක්ම කාගේ හරි සාක්කුවටනේ. ඉස්සරහට හෙළිවෙයි. ඒත් වැඩක් නැහැ මොකද ටික දවසකින් අපිට ඕවා මතක නෑ.

    ReplyDelete
  5. පැරා මොනව ද බං උඹ මේ ලියන්නේ? තෝ ගංජා ගහල ද මේවා ලියන්නෙ? තොට කොහෙන් ගියත් ජවිපෙ ගැන කැසිල්ලක් තියෙනව. ඇයි බං උඹ ඔච්චර ජෙල? උඹට දුක ද ‍ජවිපෙ කෙල්ලො කොල්ලො එදා දැම්ම ඩාන්ස් එකට? උඹටත් තිබ්බා ටිල්වින් සහෝදරයා වගේ වූන් වෙලා උඩ ලැන පැන අත්පුඩියක් ගහන් උඹත් එල්ලිලා හිටිය නම්.


    උඹට කොහොමත් ආයෙ වමේ ටිකට් නැහැ. අපි ඒක කලින්ම කියලා තියෙනවා. උඹ තමයි අපි දැක්ක ධනවාදයට කඩේ යන විශ්‍රාමික කැරලිකාරයන්ගෙන් කැතම එකා. තොට ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලවත් නැහැ බං.

    ReplyDelete
  6. මං දැන්ගත්තෙත් පත්තරෙන් හිටං.

    ReplyDelete
  7. Good article para,nailed to the point, mama wenadata methanata awilla banala yana ekek, eth meka hondayi!

    ReplyDelete
  8. වැඩේ කියන්නේ හැමෝම හරි කැමතියි ආණ්ඩුවට බැන බැන ඉන්න. ඒ වුණාට තමන් හැදෙන්න සූදානම් නැහැ. ආණ්ඩුවට බැන බැන ඉන්නකොට තමන්ගේ පැත්තට හැරිලා තියෙන ඇගිල්ලක් පෙන්නුවා ම හැටට නගිනවා.

    ආණ්ඩු මේ විදියට හදලා තිබෙන්නෙත් අපි ම තමයි. මොකද මේ උත්සවේ කරන්නේ විජිතමුනි විතර ද? එතකොට නිලධාරි බබ්බු ද?

    යකාගෙ හැටියට විමානෙ කිව්වලු!

    ReplyDelete
  9. ජනතාවට ගැලපෙන ආණ්ඩු

    ReplyDelete
  10. සම්මාන උත්සව වලට යන වියදම් කොමිස් ගහන්න හරි හොරකම් කරන්න හරි උන්ට අයවැයක් තියනවා ලෝටස්ලෑන්ඩ් එකට ඒවා නැත්තේ ඇයි Idon't know why

    ReplyDelete
    Replies
    1. ඔබට අයවැය පෙන්නන්නට ඔබ කවුද? රජය මහජනතාවට අයවැය පෙන්වන්නේ ඒ මුදල් මහජන මුදල් නිසා ය. කිසිදු කොම්පැනියක් තම අයවැය මහජනතාවට පෙන්වන්නේ නැත. පෙන්වන්නේ කොටස්කරුවන්ට පමණ ය. එසේම පුද්ගලයන් ද තමන්ගේ අයවැය කාටවත් පෙන්වන්නේ නැත. මන්ද, එය තමන්ගේ පෞද්ගලික කාරණයක් නිසා ය.

      දේශපාලන පක්ෂ ද තමන්ගේ අයවැය පෙන්වන්නේ සාමාජිකයන්ට පමණි.

      ඔබ බ්ලොග් සම්මාන උළෙල පැවැත්වූ සංවිධානයේ සාමාජිකයෙක් නම් ගිහින් භාණ්ඩාගාරිකගෙන් අයවැය ගැන විමසන්න.

      ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය යනු වල් බූරු නිදහසක් නො වේ. එහි එතික්ස් ඇත.

      Delete
    2. එහි එතික්ස් ඇත නමුත් මෙහි යමක් හැන්ගිස් ඇත දූෂණ විරෝධී පෙරමුණ ප්‍රශ්න ඇත

      Delete
    3. “ඔබට අයවැය පෙන්නන්නට ඔබ කවුද? රජය මහජනතාවට අයවැය පෙන්වන්නේ ඒ මුදල් මහජන මුදල් නිසා ය. කිසිදු කොම්පැනියක් තම අයවැය මහජනතාවට පෙන්වන්නේ නැත. පෙන්වන්නේ කොටස්කරුවන්ට පමණ ය. එසේම පුද්ගලයන් ද තමන්ගේ අයවැය කාටවත් පෙන්වන්නේ නැත. මන්ද, එය තමන්ගේ පෞද්ගලික කාරණයක් නිසා ය.“

      මහාලොකුවට විවෘත සංවාද ගැන කතා කරන පැරකුම් ජයසිංහට පෞද්ගලිකත්වය පිළිබඳ තර්ක අස්සේ සැඟවීමට සිදුවීම සිනහවට කරුණකි. ඔබ ඔය කතාකරන එතික්ස් කිසිවක් ගැන හැඟීමක් නැතිව සෙස්න්ගේ පෞද්ගලිකත්වයට පහර දෙන විට ඔබට ඒ එතික්ස් අමතක වුනාද? ඔබගේ පැරණි සගයන්ගේ දරුවන් නැති ප්‍රශ්න ගැන ලියනවිට ඔය එතික්ස් තිබුනේකොහේද?

      Delete
    4. මගේ එතික්ස් නැති බව පෙන්නන්න හොයාගෙන තියෙන්නෙ හරිම දුර්වල උදාහරණයක්. ඒ ලිපිය නැවත කියවලා බලන්න ලියලා තියෙන්නෙ මොකක් ද කියලා.

      Delete
  11. පැරා ඕයි එනවකෝ විද්වත් සංවාදෙකට මඟුල් කියවන්නෙ නැතුව. පැරා අපි කැමතියි උඹ වමේ සිට දකුණට බඩ පිනුම් ගහපු හැටි ගැන සංවාද කරන්න. එතකොට පත්තරෙන් පිටු ටිකක් ගලවන් යන්න ගිහින් අනාගත්ත හැටි කතා කරන්න. එතකොට උඹ සිරිකොත හරහා සැලවාහිනියට පාවෙච්ච විදිය ගැන කතා කරන්න. මොකද ඒ වැඩ කිඩ මතු පරපුරට වැඩදායි වෙයි උඹේ මේ වැදි බණ බ්ලොග් හෑල්ලට වඩා.

    ReplyDelete
    Replies
    1. විවෘත සංවාදවලට අභියෝක කරන අය එන්නෙ ඇනොනිමස්. පට්ට ආතල් ඕයි. විවෘත සංවාදය නියමෙට තියෙයි.

      Delete
  12. දේශපාලනය කිරීමේදි උත්සව පවත්වන්නට සිදුවන්නේ හිතවතුන් සමග සම්බන්දයන් තර කර ගැනිමට සහ සමාජය දැනුවත් කිරීමටය. එවැනි උත්සව පැවැත්විම පිලිබන්දව මිනිසුන්ට දන්වනට එක් මාර්ගයක් ලෙස පොස්ටර් ඇලවිමට සිදු වෙනවාය. එයින් පරිසරය අවලස්සන විමටද ඉඩ තියේනවාය. එහෙත් එලෙස කිරීමට සිදුවන්නේ මිනිසුන් පොස්ටර් මිස පොත් පත්තර බලන්නේ නැති නිසාය. බලන පත්තර වලද තියෙන්නේ වෙන දෙවල්ය. වාමන්ශික පක්ශවලද සිටින ක්‍රියාදරයන් හැර ඉතිරි පිරිස සාමානය දැනුවත්කිරීමේ වැඩසටහන් සදහා එකතුකරවා ගැනීමේ අපහසුතාවයන්ද සන්විධාන වලට තියෙනවාය. එවා එම සන්විදාන්නවලම දුර්වලතාවයන්ය. එබැවින් සන්විදාන සමග සම්බන්ද හා හිතවතුන්ට කරුනු පැහැදිලිකර දෙන්නට වන්නේ එවැනි වැඩසටහන් වලින්ය. එවා අඹ කලයට අඹද, රඹුටන් කාලයට රඹුටන්ද විකුනනවා වාගේය.

    දේශපාලනය යනු රබුටන් වාරයට රබුටන්ද, අඹ වාරයට අඹද විකුනනවා වාගේ වැඩක් පමනක් නොවෙය. එහෙත් සාමනය මිනිස්සුන්ට පක්ශවල වැඩ පෙනෙන්නෙ එලෙසය, ඔබද දැන් දෙශපාලනයට සම්බන්ද නොමැති බැවින් ඔබටද එලෙස පෙනෙනවා ඇත. එය ඔබගේ වරදක් පමනක් නොව දේශපාලන පක්ශවලද අඩුපාඩුවක්ය.

    පවතින ආණ්ඩුවලටද වැඩකරන බව පෙන්වීමට උත්සව කරන්නට වෙනවාය නැත්නම් මිනිස්සු චන්දය දෙන්නේ නැතිය. මිනිස්සුන්ටද දානයට, මගුලට මරනයට ණයවී හෝ වියදම් කරන්නට වෙනවාය නැත්නම් මැරෙනකම් අහල පහල උන්ගෙන් කයි කතාන්දර අහන්නට වෙනවාය. මැරුනත් නිවනක් වන්නේනම් නැතිය.

    පරිබොජනවාදය පරාජයකල යුතුය, එමෙන්ම එය කරන්නට වන්නේ පරිබොජනවාදයේ ගිලිසිටින ඔබත් මමත් ඇතුලු සියලු දෙනාගේම එකතුවෙන්ය. එසදහා විවිද වැඩසටහන් කරන්නට වෙනවාය

    අවසානයට ලිවිය යුත්තේ මටනම් මෙම ලිපියෙන් හැගේන්නෙ ඔබට එවැනි අවශයතාවයකට වඩා ඇත්තේ ජවිපේ සහ පෙරටුගාමින් පැවැත්වු අප්‍රෙල් වීරු සමරුව අනවශය වැඩක් බව කිවිමට අවශය නිසා අද මෙය ලියු බවය. එය කෙලින්ම කීමට තරම් ගටක් නොමැති නිසා ආණ්ඩුවේ උත්සවයක් මුලට දමා ගත් බවය. ඔබ මොනවා ලියුවද කියවන්නේ මමය ඒ මා කියවන හැටිය.

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් සමරුව ගැන ලියන්නට තරම් මට උනන්දුවක් නැත. එම පක්ෂවල අභිචාර පමණි. එසේ මිය ගිය මිනිසුන් ගැන එම පක්ෂවල දැන් සිටින අයට ඇති කැක්කුමක් නැත. ඔය කාරණය මට මතක් වුණේ මෙම ලිපිය ලියාගෙන යන අතරයි. බලාගෙන යන විට එය නරක නැත. මන්ද, බ්ලොග්කරුවන් වන අප පවතින්නේ ම ලිපිවල ඇති කොන්ට්‍රොවර්සිය නිසා ය. එය නිර්මානය වුණේ ඔය කාරණයෙන් ය.

      Delete
  13. බුලත් අත් වලටයි මල් මාල වලටයි විතරක් 10000 යි කාලා වරෙන්කො සොයිසෝ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හමුදාවේ උත්සවවලට අතින් වෙන්න ඇති නේද ගෙවන්නේ, නැත්නම් හමුදාවේ කට්ටියගෙන් අයකරගෙනද දන්නේ නැහැ.

      Delete
    2. ඕව ගල් වලට පාස් කරපුවා.

      Delete
    3. හමුදාවේ උත්සව හැම එකකටම වග කියන්න ඕනෑ විචාරකද බූරුවෝ?

      Delete
    4. විචාරක බූරුව ට හැර වෙන කාවුද ඔය හමුදාව ගැන මහ ලොකු පඩික්කම් ටෝක් දෙන්නේ මේ තව කොහෙද තවමත් නිලබලය තිබෙන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට ෆෝන්සේකා ලොක්කා කියලා අමතලා ලියලා තිබ්බේ හමුදාව ගැන නිලය ගැන වැටහිමක් නැති ආකාරයට

      Delete
    5. විචාරක හැර වෙන කාටද බ්ලොග් ලියන්නන්ගෙන් හමුදාව ගැන ලිවීමට සුදුසුකම් ඇත්තේ? විචාරක මොනවා ලීවත් විෂයට අදාළ නොවන ඇනෝ කොමෙන්ටු වලින් ඔහුට ගරහන බූරුවන්ටද?

      Delete
    6. ඇයි කමියාත් හමුදා නිලයක් පැලන්දුව කෙනෙක්නෙ.... දැන් එතකකොට අනික් අයත් බ්ලොග් ලියන්නේ ඔවුන්ගේ සුදුසු කම් අනුවද? අවිචාරකයා ගේ බොරු ලියවිලි අතේ මට්ටුවෙලා ඉවරයි.ඔය ඇනො සොට් කොමිසෝන් පැන්සෝන් ගිය රණවිරුව්ක් කියලා කිව්වට එයා පුහුණු වෙච්ච ඉන්ටෙක්[පුහුණු කාන්ඩේ ] එකයි අවුරුද්දයි කියලා තියනවද අපි නොදන්නා හමුදාව

      Delete
    7. අනිත් අය සුදුසු කම් වලට ලියන නොලියන එක නෙවෙයි ප්‍රශ්නය. විචාරකට හමුදාව ගැන ලියන්න සුදුසු කම් නැද්ද කියන එකයි. ඒත් එක්කම, විචාරක කියා ඇති බොරු මොනවාද? විචාරක ලියන දෙය ගැනයි කොමෙන්ටු දැමිය යුත්තේ. නැතුව ඔහුගේ ඉන්ටේක් එකයි අවුරුද්දයි ගැන නොවෙයි.

      Delete
    8. අහනවකෝ මාතලන්ගෙන් විචාරකයා රැ කෝල් එකෙන් කිව්වේ මොනවද කියල 1974 දී එයා නව පර්ලිමෙන්තු පාරේ පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ පිට්ටනියේ රග්බි පුහුණු වෙන්න ගියාකියලා ඔය කාලේ ඔය පාසලේ එහෙම දෙයක් වුනත් නෑ ඒකාලේ බ්‍රහ්මයවත් දන්නේ නෑ නව පාර්ලිමේන්තු පාරක් ගැන

      Delete
    9. //1974 දී එයා නව පර්ලිමෙන්තු පාරේ පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ පිට්ටනියේ //
      1974 දී වීචාරක තමාගේ ගම්පලාතේ (කුරුණෑගල?) පාසලේ ඉගෙනගත්තා විය යුතුයි. නව පාර්ලිමේන්තු පාරක් පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ඉදිරිපිටින් නොයන බව ඕනෑ කෙනෙක් දන්නවා. හැබැයි විද්‍යාලයේ පිට්ටනිය තිබෙන්නේ දැන් නව පාර්ලිමේන්තු පාර අයිනේ නම්, ඒ දින වලත් පාරක් තිබුනා විය යුතුයි, හැබැයි වෙනත් නමකින්. විචාරක කියපු ඒ කතාව නිසා ඔහු ලියන දේ වල වැදගත්කම අඩු වෙනවාද? හමුදාව හා යුද කටයුතු පිළිබඳව ඔහු තරම් නිවැරදිව හැමටම තේරුම් ගතහැකි නිවැරදි සිංහල භාෂාවෙන් ලියන කිසිවෙක් මා දැක නැහැ. එය මා නම් ඉතාම අගය කරනවා. ඔහුගේ පෞද්ගලික දේ ගැන වාද කිරීමෙන් පලක් නැහැ.

      Delete
    10. වීචාරක තමාගේ ගම්පලාතේ (කුරුණෑගල?)...මේ ඇනෝ විචාරකගේ බයිලා ගැන දන්නේ බොහොම ටිකයි මිට කලින් දාපු ලිපි .,කොමෙන්ට් , ආමි උණෙන් දාපු චන්ඩි කම් ටිකක් හොයලා බලා කියවලා ඉන්න. විචාරකයා ම තමයි කිව්වේ එයා ගැන

      Delete
    11. හොඳයි, විචාරකගේ ලිපි වල ඇති වැරදි මට පෙන්වන්න. එවිට, මම ඔබ කියන දේ පිළිගන්නම්. අනිත් කිසිම දෙයක් අපි කාටවත් අදාළ නැහැ.

      Delete
  14. වැඩ නොකර මහ ලොකු වියදමක් කරල උත්සව තියන්ඩ වාගෙම මහ ලොකුවට වැඩ කරන හැටි ගැන කතා පවත්තන්ඩත් අපි හරිදස්සයො

    ReplyDelete
  15. අල්පේච්ඡත්වය ගැන වදාරන හාමුදුරුවරුන්ගේ පවා මළ ගෙයත් උත්සව වෙන රටේ මේ ගැන මොනවා කියන්නද? කෙල්ල ලොකු වෙන දවසේ ඉඳන් කවියක්, සින්දුවක්, පොතක් එලියට දාන දවසටත් මේ **තේ උත්සව. මහා විකාරයක්.Aru.

    ReplyDelete
  16. පරණ ගම්උදාවත් ආයේ එනවාලු,

    ඔයි ගොයි නායකයන්ට අන්දන්න දැගලුවට පලක් නෑ,ගොය්යෝ පාරට බස්සන්න දස්ස ජෙප්පො. හිටංට තියෙන්නේ චන්ද්‍රිකාගේ කාලේ පුංචි වැව් හදන්න වගේ සල්ලි දුන්න වගේ කැසිලිකාර ජෙප්පොන්ටත් මඩ නාගන්න ප්‍රොජෙක්ට් එකක් දෙන එක.

    ReplyDelete
  17. ලංකාවේ උත්සව සංස්කෘතිය මුල් බැහැගෙන තියෙන තරම කොච්චර ද කිව්වොත්, රජයේ උත්සව, මඟුල් ගෙවල් එහෙම නැවැත්තුවොත් සෑහෙන පිරිසකට වැලේ වැල් නැතුව යනවා.

    මේ උත්සව වියදම්වලින් වැඩි ප්‍රතිශතයක් යන්නේ ඒ ඒ සේවා සපයන ආයතනවලට. උන් ගණන් දාන්නෙ වැඩිපුර. අර බුලත් අත්, මල් මාල සීන් එක වගේ. ඔය හැම එකෙන් ම නිලධාරි කොමිස් ගහනවා.

    අපි දේශපාලකයන්ට විතරයි බනින්නේ. ඒ වුණාට මේවායින් වැඩිපුර ගහන්නේ නිලධාරි හා ව්‍යාපාරිකයෝ.

    ReplyDelete
  18. බුදු අම්මෝ මෙතැන ගිහින් තියෙන විවාදය...!

    නෙළුම් යාය උත්සවයට අනුග්‍රහය දැක්වූ අය ගැන විස්තරයක් සමරුවේ තියෙනවා. අජිත් ධර්මකීර්ති ඒ ගැන ලිපි පෙළකුත් ලියාගෙන යනවා. අය-වැය විස්තර සංවිධායකයින් විසින් අනුග්‍රාහකයින් සමග බේරා ගනු ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාත් කියක් හරි මිට මෙලෙව්වා ද තමන් ආධාර මුදල් දීලා සම්මාන ගත්ත නම් , දැන්නම් වැඩේ පොඩ්ඩක් එලි වේගෙන වගේ යන්නේ, එකත් පිනට දුන්නයි කියලා හිත හදාගන්න .

      Delete
  19. අපි මෙම ලිපිය දෙස මැන්ටල් විද්‍යාත්මකව බැලිය යුතුයි.
    මෙයින් කියවෙන්නේ
    රජය මුදල් නාස්ති කරනවා. (නමුත්) එය විවේචනය කරන ජවිපෙත් මුදල් නාස්ති කරනවා. ඒ නිසා රජයේ නාස්තිය ශේප්.
    මෙයට සමාන තර්කයක් දෙමල ජාතිවාදයට පක්ෂපාතී පුද්ගලයන් විසින් කරනවා. 83 කළු ජූලියේදී ඉතා අහිංසක දෙමළ මිනිසුන් කෝටියක් පමණ මිය ගියා. ඒ වගේම එල්ටිටීඊ සංවිධානය සිංහල මිනිස්සුත් සුළු පිරිසක් මරා දැම්මා. මිනියට මිනිය ශේප්.

    ReplyDelete
  20. Menna aththa. - why subservient Ranil and My3 went to see this man who came to see them in a bath towel in a Colombo hotel-- of course he can treat them that way---
    http://off-guardian.org/2016/04/07/video-what-has-george-soros-funded-over-the-years


    ReplyDelete
  21. "පෞද්ගලික අංශය ද උත්සව පවත්වන මුත්, එසේ කරන්නේ අනෙක් අය මෙන් සල්ලි වීසි කරන්නට නො වේ."

    මෙය එතරම් නිවැරදි නැත.

    පෞද්ගලික අංශයේ ද උත්සව පිස්සුව දරුණුවටම ඇත. එහි රාජ්‍ය අංශයේ මෙන් දූෂණ නැතිවනවා විය හැක. ඉහත වාක්‍යය ප්‍රවේසමෙන් කියවිය යුතුය. මා ලියා ඇත්තේ රාජ්‍ය අංශයේ මෙන් දූෂණ නැතිවනවා විය හැක කියා මිස රාජ්‍ය අංශයේ තරම් දූෂිත නැති බවක් නොවේ. මේ රටේ පෞද්ගලික අංශය ද ඉතා දූෂිතය. නිළධාරීන් ද ඉතා දූෂිතය. ම එක් කලෙක වැඩ කළ කොම්පැණියක අයිතිකාරයාට මගේ තිබුන මෝඩකම උඩ සිදු වෙමින් පැවති මුදල් ගසා කෑමක් ගැන විස්තර කීවෙමි. ඔහු මට ඔහු ඉදිරිපිට පුටුවේ වාඩි වන ලෙස පවසා මට කියා දුන්නේ, සෑම නිළධාරියෙකුගේ ම දූෂණ ගැන තමන් දන්නා බවත්, එහෙත් එම නිළධාරීන් ව තමන් ඉවත් නොකරන්නේ එම නිළධාරීන් වෙනුවට වෙනත් නිළධාරීන් ගත්තා කියා ප්‍රශ්නය නොවිසඳෙන බවත්, එම අළුත් නිළධාරීන් ද ගසා කන බවත්, එම නිසා තමන් employee remuneration package එක හදන්නේ දූෂණ මුදල් ද ඊට ඇතුළත් කර බවත් ය. දැන් මට ද මගේ කොම්පැනියක් තිබේ. මම අර අවවාදය පිළිපදිමි.

    රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් දූෂණය, මේ උත්සව සංස්කෘතියට බලපාන එක් කරුණක් පමණි. පුඅද්ගලික අංශයේ ත් අපිට උත්සව සඳහා සල්ලි වීසි කිරීම අනිවාර්‍ය වී තිබේ. උත්සවය ගානට නැත්නම් කිසිකෙනෙක් අපිව ගන්නන් ගන්නේ නැත. Product launch එකක් සල්ලි පිමහලා කළොත් ඒකට කියන්නේ මෙසේයි. "They don't seem to be investing much in their new product. May be they are just trying to test the market here. If they don't have much faith in their product why should we go after it?". මේ නිසා product launch වලට කෑම බීම නැටුම් ගැයුම් මදි නොකියන්න්ට සපයන්නට වී තිබේ. මේ නිසා දුෂණය පරයන නාස්තියක් විසින් මේ උත්සව සංස්කෘතිය නිසා පෞද්ගලික අංශයේ මුදල් කාබාසිනියා කරමින් සිටියි.

    ReplyDelete
  22. බ්ලොග් සම්මාන බෙදී ගියේ කෙසේ ද යන මෙතෙක් පැවති ගැටළුව නිරාකරණය කර ගැනීමට පාර කැපූ ඒ. පී. ජයසිංහට ජාතියේ ප්‍රණාමය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා