බනානා සෝෂලිස්ට් රිපබ්ලික්


අද උදේ වැඩට යන්න බස් එකකට නගින්න මාතර Beach Road එකේ පොල ඉදිරිපිට බස් නැවතුමට පැමිණි අපේ පාඨකයෙකු දැක ඡායාරූපයට නගන ලද දෙයක් මේ.

මේ තමයි පසුගිය දිනවල ඔබ ඇතැමෙක් මිළ දී ගත් කෙසෙල් ගොඩවලින් ඉතිරි වූ හරිය. හොඳින් බලන්න ඒවායේ ස්වභාවය. ඒවා කුණු වී ඇති හැටි. 

දෙවනුව කල්පනා කරන්න මෙසේ කෙසෙල් විකුණා සැලකිය යුතු ලාභයක් ගත් පේමන්ට් වෙළෙන්දන් තමන්ගේ සමාජ වගකීමේ කොටසක් වන පාරිසරික වගකීම ඉටු කර ඇති හැටි. 

අපි සාමාන්‍යයෙන් කැමතියි සියලු වැරදි සම්බන්ධයෙන් දේශපාලකයන්ට බනින්න. නැතිනම් ධනපති පංතිය කියලා එකකට බනින්න. ඔවුන් දූෂිතයි, ජනතාව සූරා කනවා කියන්න.

මේ පීඩිත පංතියේ වැඩ. මේ දූෂණය නෙමෙයි ද? කාබයිඩ් ගසා සෞඛ්‍යයට අහිතකර ලෙස ඉදවා මේ කෙසෙල් විකිණූ අය කළේ සූරාකෑමක් නෙමෙයි ද?

ලංකාවේ වාමාංශිකයන් නම් කැමතියි ඔවුන් ජනතාව නම් ප්‍රේමනීය වදනින් ආමන්ත්‍ර‍ණය කරන මේ පීඩිත පංතිකයන් ධනවාදය විසින් නොමග යවා ඇති, එහෙත් අපගේ ආදරය හිමි විය යුතු, අනාගතයේදී වම සමග එක් වී විප්ලවය කරන සහෝදරවරුන් ලෙස දකින්න. 

වමට බුදු සරණයි! දෙවි පිහිටයි! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වීදි සටන්, ජන අරගලවලට මෙහෙම හොඳයි නේද?

    ReplyDelete
  2. රැළියක් ඉවරවෙලා තිබ්බ තැන තිබ්බ විධියටම පිරිසිදු කරන්නේ මොන පක්ෂයද?

    ReplyDelete
    Replies
    1. ඒ පක්ෂයේ සාමාජිකයින් හැමෝම සාමාන්‍ය ජීවිතයේත් එසේ අදර්ශමත්ව හැසිරෙනවානම් රටේ ගැටලුවලින් සියයට 5ක් දහයක්වත් අඩුවෙයි

      Delete
    2. // රැළියක් ඉවරවෙලා තිබ්බ තැන තිබ්බ විධියටම පිරිසිදු කරන්නේ මොන පක්ෂයද? //

      එසේ පිරිසිදු නොකොලොත්, ඔවුන් ගේ සාමාජිකයන් බැහැර කරන ලද අපද්‍රව්ය ගොම ලෙස සාන්මාන්ය ජනතාව විසින් හඳුනා ගැනීම වැලක්වීම සඳහා මෙසේ පූර්න පිරිසිදුකිරීමක් අත්යාවශ්ය වෙයි!

      Delete
    3. එමෙන්ම එසේ පිරිසිදු නොකලොත් සාරස යා වැනි මහින්දගේ ගූ කන්නන් ඒ මහින්දගේ සහ ඔහු වටේ ඉන්නා බය්යන්ගේ ගූ යැයි රැවටී කෑමටද ඉඩ ඇති බැවිනි.

      Delete
    4. ඇත්ත වශයෙන් ම ඇනෝ, ඩොකෙක් යැයි කියා ගන්නා සා-රස, මහින්ද වැනි නූගතෙකුගේ ගූ කන එක මොන තරම් අභාග්‍යයක් ද?

      Delete
    5. මහින්දගේ අභාග්‍යයක්!

      Delete
    6. මල පැනපු ජෙප්පෝ දෙදෙනෙකු වන ඉතත ඇනෝලා දෙදෙනා ට ම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  3. පැරා.....මේ කෙසෙල් කුණත් වාමාංශිකයන්ටද පටවන්නේ? මේ තුල මට නම් පේන්නේ වම හෝ දකුණ නෙමේ. මේ නම් සිවිල් වැසියාගේ නොදැණුවත් කම හැර අන් කවරක්ද? පැරා ...මේකත් හරියට හැම්නිලා ඉවරවුනාට පස්සේ *රි ටිකවත් පිහිදලා යන්නේ නැති මිනිසුන්ගේ කතාවක් වගේනේ. එතන කොහෙද වමක් දකුනක් , සදාචාරය හැරෙන්න.Aru

    ReplyDelete
  4. මෙයට වමක් දකුනක්නම් අදාල නැති බව තමයි ම්සගේත් හැඟීම. වමේ කාර්යභාරය කරන්න යන්නේ මෙවැනි මිනිසුන් සමගනම් එය බලවත් ගැටළුවකි කිව්වනම් වඩා හොඳයි...

    ReplyDelete
  5. මේක තමයි මිනිස්සුන්ගෙ සක්කිලිකම. වම දකුන පාට ආගම දේශපාලනය ඇරුනම තමන්ගෙ ගැන පමණක් හිතන සක්කිලි ගතිය යවන්ට බෑ මේ සක්කිලි හැත්තගේ..

    ReplyDelete
  6. මේ මුදලාලිලා උදේ සවස බුදුන් වඳිනවා ඇති. අවුරුද්දකට සැරයක් කතරගම යනවා ඇති. වෙසක් පෝයට දන්සැල් දෙනවා ඇති. එහෙම පින් (?) කරලා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරලා දෙන්න කියල ඉල්ලනවා ඇති. සාදු! සාදු! එසේම වේවා!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා