කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවය ලබා දෙනු! මේ ටික කියන්නට මට ඇති අයිතියටත් ගරු කරනු!

කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු ය. ඔහුට ජනාධිපති සමාවක් දී නිදහස් කළ හැකි ය. එසේම, පුරවැසිභාවය නැවත ලබා දීම සඳහා ආණ්ඩුවට මැදිහත් විය හැකි ය. එහෙම ඇගිලි නො ගසන තරම් මේ රට තවම ප්‍ර‍ජාතාන්ත්‍රික හෝ නීතියේ ආධිපත්‍යයට ගරු කරන තත්වයට පත් වී නැත. එහෙම තිබුණා නම් ආගමන, විගමන වංචා කළ විමල් වීරවංශට මේ මෑතදී මුක්තිය ලැබෙන්නේ නැත. 

එහෙත් මේ එකක්වත් කළ යුත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අන්තවාදීන්ට මහජන දේපලවලට හානි කරමින් හා මහජනතාවට හිරිහැර වන පරිදි විරෝධතා පැවැත්වීමට හයිය ඇති නිසා නො වේ. නැතිනම්, අප වැනි පුද්ගල ක්‍රියාකාරිකයන්ට විවිධ තර්ජන කරන්නට ඔවුන්ට ඇති හැකියාවට බියේ සියලු දෙනා නිහඬ වන නිසාත් නො වේ. 

කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවයත් ලබා දෙනු! ඒ ගමන් ම මේ ටික කියන්නට මට ඇති අයිතියටත් ගරු කරනු!

මෙම ප්‍ර‍ශ්නය හා සම්බන්ධ ඇත්ත ද මේ රටේ ජනතාව දැන ගත යුතු ය. කුමාර් ගුනරත්නම් පිළිබඳ පෙසප විසින් නිර්මානය කරන ප්‍ර‍බන්ධය සත්‍ය නො වේ.

කුමාර් රටින් යන්නේ ඒ වන විට ඔහු අභ්‍යන්තර නායකයකු වූ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීරණයක් අනුව බව ඇත්ත ය. එහෙත්, ඒ පසුපස තිබෙන්නේ දේශපාලන ගේම් ගොඩකි. එක පැත්තකින් කුමාර්ව සක්‍රිය දේශපාලනයෙන් ප්‍රායෝගිකව පිටමං කිරීමේ උවමනාවක් ජවිපෙ නායකයන්ට තිබිණි. එයට එක් හේතුවක් වූයේ ඔහු විසින් ඒ වන විට පක්ෂ සංවිධාන විනයට පටහැණි අන්දමින් පක්ෂය තුළ කණ්ඩායමක් ගොඩනගාගෙන තිබීම විය හැකි ය. එහෙත්, එය ශක්තිමත් බලවේගයක් වූ නිසා හා කුමාර් යනු ඉතා බලවත් ජවිපෙ නායකයකු නිසා කුමාර්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නො තිබිණි. මේ වනාහි ගේම් ඔස්තාද්ලා අතර සිටි සෝමවංශ අමරසිංහ වැනි ගේම් පකීර්ලා දුන් සුපිරි ම ගේමකි. 

කුමාර්ට ජීවිත තර්ජන එල්ල වූයේ 2005 මහින්දගේ ආණ්ඩුවට සම්බන්ධ වී ඇමති තනතුරු ලබා ගැනීමට ජවිපෙ නායකයන් ඇතැමෙකුට තිබුණු උවමනාව කුමාර්ගේ බලපෑම නිසා ව්‍යර්ථ වීම හේතුවෙන් එම ජවිපෙ නායකයන් විසින් කුමාර්ව පාවා දීම නිසා ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වූ නිසා බව කියැවේ. එහෙත්, කුමාර් විදේශගත විය යුතු ය යන තීරණයට එළඹෙන්නේ සෝමවංශ, වීරවංශ, අනුර ආදී වූ සියලු දෙනා එකට සිටි දේශපාලන මණ්ඩලයකිනි. එනම්, පාවා දුන්නන් ද, පාවා දෙනු ලැබූවන් ද එකට සිටි දේශපාලන මණ්ඩලයකිනි. වීරවංශ ජවිපෙන් වෙන් වන්නේ 2008දී ය. ගුනරත්නම් ලංකාවෙන් යන්නේ 2006දී ය.

කුමාර්ගේ ජීවිතයට තර්ජන තිබිණි නම් ගත යුතුව තිබුණු එක ම පියවර විදේශගත කිරීම නො වේ. කුමාර්ව අවශ්‍ය නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නට හැකියාව තිබිණි. කුමාර් ඒ වන විට ජවිපෙ ඇතුළේ බලවත් හා ජනප්‍රිය නායකයකු විය. පක්ෂ සාමාජිකත්වය අතර ඔහු ප්‍ර‍සිද්ධ පුද්ගලයෙකි. එහෙත්, ඔහු හා සේනාධීර ගුණතිලක හෙවත් ඕපාත සිය අනන්‍යතාව හෙළි කළේ නැත. එසේ කළේ ඇයි ද යන්න විග්‍ර‍හ කර ගත යුතු ය.

ජවිපෙ පැවතුණේ විප්ලවයක් වෙනුවෙන් දිවි කැප කර, කාලය, ශ්‍ර‍මය, ධනය පරිත්‍යාග කළ අවංක සාමාජිකයන් විශාල පිරිසකගේ ජීවිත මත ය. මගේ භාෂාවෙන් කියනවා නම් ජවිපෙ නායකයන් බලය, කීර්තිය හා ඇතැම් විට ධනය ද ගොඩනගා ගත්තේ අද නැති විප්ලවය හෙට කරනවා ය කියා මේ පිරිස රවටා ය. ජවිපෙ නායකයන්ට කරන්නට උවමනා මළ උලව් විප්ලවයක් නැත. ඔවුන්ට උවමනා හරිය දැන් ඔවුහු කරමින් සිටිති. ජවිපෙ නායකයන් යනු අප වැනි සාමාන්‍ය මිනිස්සු ය. ජවිපෙ නො තිබුණා නම් ඔවුන්ට ද සිදු වන්නේ ඔය සාමාන්‍ය විදියට ජීවත් වන්නට ය. විමල් වීරවංශ වැනි අයට වැඩි ම වුණොත් සිංහල විකල්ප පත්තරයක කර්තෘකමක් ලැබෙනු ඇත. 

කුමාර්, ඕපාත වැනි අය ජවිපෙ විසින් අර අවංක භක්තිමත් බලවේගය ඇන්දීම සඳහා අලෙවි වූ අයයි. සරළව කීවොත්, ජවිපෙ ඔය ආණ්ඩු එක්ක එක් වෙමින් කරන දේ ඇත්ත නො ව, ඇත්ත ගේම වෙනම තිබේ. මේ ඉන්නේ ඒ වෙනුවෙන් කැප වූ අභ්‍යන්තර නායකයෝ ය යන පණිවුඩය ඔවුන් හරහා පක්ෂ සාමාජිකත්වයට දෙන ලදී. එසේ කළේ පක්ෂ නායකයන්ට ධනය, බලය, කීර්තිය අත් පත් කර ගැනීම සඳහා සාමාජිකයන් සූරා කන්නට ය. අප්‍රකටව සිටියත් කුමාර්ලාත් ඒ බලය භුක්ති වින්ද හ. ඒ ගමන් ම කුමාර්ලා ද සූරාකෑමට ලක් වූ හ. 

මේවා කුමාර් කළේ නො දන්නාකමට නො වේ. ඔහු ද මේ ගේමේ ම කොටස්කරුවෙකි. එහෙත්, එක් තැනකදී ඔහු එහි ගොදුරක් බවට පත් වන්නට පටන් ගත්තේ ය. මෙම පක්ෂ ගොඩනැගෙන්නේ ම ඉතා නිර්දය සංදර්භයක ය. කලකදී ගේම් දුන් අය පසු කලෙක එවැනි ම ගේම්වල ගොදුරු බවට පත් වීම මේවායේ සාමාන්‍ය පිළිවෙලයි.

සිය කැමැත්තෙන් ලාංකික පුරවැසිකම අතහැර දමා සිය බිරියත් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍ර‍මණය වීමේදී ඔහුගේ පවුලට ද වෙනත් කිසිදු ජාත්‍යන්තරවාදී අරමුණක් තිබුණේ නැත. එය ඔය වෙන කොයි කවුරුත් ඩවුන් අන්ඩර් යන විදිය ම තමා ය.

මෙතනදී නොයෙල් මුදලිගේ යන නම කුමාර් භාවිතා කළේ ඇයි ද යන්න වෙන ම විමසිය යුතු කාරණයකි. මෙය බොහෝ දුරට විමල් වීරවංශ උප්පැන්න සහතික සමග කළ සෙල්ලමට සමාන ය. මෙවැනි ක්‍රීඩාවලින් ද ඔවුන් අර ක්‍ර‍ම විරෝධී බලවේගයට තමනුත් මහා ක්‍ර‍ම විරෝධීන් බව පෙන්නන්නට උත්සාහ කරන්නට ඇත. එසේම, විමල්ගේ සිද්ධියේදී නම් ඉතා පැහැදිලිව ම මානසික හේතු ඇති බව පෙනේ. ගුමාර් ගුනරත්නම් කලක් ගැමුණු යන නම භාවිතා කළේ ය. දෙමළ මවකගේ හා පියකුගේ දරුවකු සිංහල ජාතිවාදයට බැල මෙහෙ කළ ජනතා විමුක්ති පෙරමුණේ සිය පක්ෂ නාමය වෙනුවෙන් ගැමුණු වැනි සංකේතාත්මක නමක් තෝරා ගැනීම ද විග්‍ර‍හ කර ගැනීම ඔබට භාර ය.

කුමාර් සම්බන්ධයෙන් මට නම් කියන්නට තිබෙන්නේ ඔහු වනාහි ලොකු ගේමක කොටස්කරුවකු වී එම ගේමේ ලොකුකම නිසා තමනුත් නො දැනම එහි ගොදුරක් වූ අයෙකු බවයි.

කුමාර් ගුනරත්නම් පිටුපසින් සිට 2004 වසරේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ ජවිපෙ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් නැටවූ ආකාරය ගැන සාක්ෂි දෙකක් පසුගියදා හෙන්රි වර්ණකුලසූරියගේ හා අජිත එදිරිසිංහගේ සටහන්වලින් කියැවිණි. ජවිපෙ විසින් මන්ත්‍රීවරුන් පාවිච්චි කළේ වැටුප හා මන්ත්‍රී වරප්‍රසාද පක්ෂයට ගන්නට ය. ඇමතිවරු පත් කළේ නමට ය. චන්ද්‍රසේන විජේසිංහ නමට ඉදිරියට දමා කුමාර් ඇමතිකම කළ බව ඉහත පුද්ගලයන් දෙදෙනාගේ සාක්ෂිවලින් පෙනේ. මේවා දේශපාලනික ක්‍රියා නොව මා ශාස්තෘ නවකතාවෙන් ද සාකච්ඡා කරන සමාජ ස්කිසෝෆ්‍රීනියා තත්වයකින් මතු වන අදේශපාලනික ක්‍රියා ය.

ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40න් හා ඉන් පසු පළාත් සභාවට පත් වූවන් විශාල පිරිසකගෙන් කීදෙනෙකු නායකයන් ලෙස ගොඩනැගුණා ද යන්න විමසා බලන්න. අද අප මුහුණ දෙන සමාජ නායකයන් නැති ගැටලුවට ප්‍රධාන හේතුව වම මෙසේ ක්‍රියා කිරීමයි. වත්මන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති වැන වෘත්තික මට්ටමේ දේශපාලන නායකයන් 100ක් එදා තේරුණු මහජන නියෝජිතයන් අතරින් හැදුවා නම් කුමාර්ලා මේ අන්දමින් අසරණ වන්නේ ද නැත. 

ප්‍ර‍ශ්නය තිබෙන්නේ මෙම දේශපාලන ධාරාව මෙම ගේම් ගැසීම නවත්වා තිබේ ද යන්න තුළ ය. තමන් පැහැරගෙන ගිය, ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු අතුරුදහන් කළ මහින්ද රාජපක්ෂ පැරදවීම වැළැක්වීම සඳහා 2015 ජනවාරි 08 මැතිවරණයේදී කටයුතු කළ ආකාරය හා ඉන් පසුවත් රාජපක්ෂ බලවේගයේ උවමනාවන් හා අනුගත වෙමින් කටයුතු කරන ආකාරයත් අප අමතක නො කළ යුතු ය. කුමාර් වෙනුවෙන් මැදිහත් වන ගමන් ම මේවා ගැන ද කතා කළ යුතු ය. 

මම නම් කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැනි දේශපාලනික වශයෙන් අඳබාල බලවේග කඩේ යවමින් ඔවුන් තවමත් ගහන්නේ පරණ ගේම ම ය කියා ය.

තව ටිකකින් මෙතැනට ඇවිත් මෙහි ඇනොනිමස් කමෙන්ට් දමන පෙසප ඇච්චන්, බැච්චන්ගේ හැසිරීම නිරීක්ෂණය කර බලන්න. ඔවුන් මෙය ලියන මා සම්බන්ධයෙන් මෙතෙක් පළ කරන ලද අදහස්වල නම් තිබුණේ කුමාර් සම්බන්ධයෙන් ජවිපෙ දක්වන ප්‍රතිචාරවල හරය ම ය. 

මට පෙසප සම්බන්ධයෙන් ගේමක් නැත. මට අනුගාමිකයන් නැති නිසා, අනුගාමිකයන් පිරිසක් ඇති පෙසප සමග එක් වී අනාගතයේ මොකක් හෝ ගේමක් මටත් ගසා ගසන්නට බලාගෙන පෙසපට බොරුවට ලව් කරන්නට මට උවමනාවක් නැත. මා එසේ කියන්නේ පෙසප වටා කැරකෙන ඇතැම් ගෙවලයන් ගැන මා දන්නා නිසා ය.

කුමාර්ගේ ප්‍ර‍ශ්නය විසඳීම වෙනුවෙන් උද්ඝෝෂණය කරන අය මිථ්‍යාවට හා කුහක දේශපාලනයට ද පහර දිය යුතු ය. එහෙම නො කර උපායික ප්‍රේම සම්බන්ධකම් ඇති කර ගන්නෝ ඇත්තෙන් ම කුහකයෝ ය. ඔවුන් නැවතත් සූදානම් වන්නේ පරණ සෙල්ලම ම කිරීමටයි. 

එසේම, මෙම ප්‍ර‍ශ්නයට දෙන විසඳුම මෙවැනි ප්‍ර‍ශ්නවලට මුහුණ දී සිටින සෙසු සියලු සිංහල, දෙමළ, මුස්ලිම් අරගලකරුවන් හැමට ම පොදු ප්‍ර‍තිපත්තියක් විය යුතු ය.

පසුගිය වකවානුවේ දේශපාලන සංකීර්ණත්වය හේතුවෙන් ඔවුන්ගෙන් ඇතැමෙක් සිටින්නේ දීර්ඝ සිර දඬුවම්වලට ලක් වී ය. මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් සිරගතව සිට ඔහු ජනාධිපති ධුරයට පත් වූ පසු සමාව ලැබූ කොටි සටන්කරුවා එක් උදාහරණයකි.

ඔවුන්ට කුමාර්ලාට මෙන් අධිකරණයේ සානුකම්පාව ලැබුණේ නැත. ඔවුන්ගේ නඩු විභාගයන් සිදු වුණේ පූර්ව විනිශ්චයන්ගෙන් අඳුරු වුණ අසාධාරණ වටපිටාවන් තුළ ය.

බොහෝ සිදුවීම්වල සත්‍යය සැඟවී ගොසිනි.

දේශපාලනය නිසා විපතට පත් දරුවන් නිසා මෙවැනි මව්වරුන්ගේ නෙතින් නැගෙන කඳුළ දේශපාලනය ගැන ගැඹුරු ම ඇත්ත වෙත අපේ නෙත් විවර නො කරන්නේ ද?





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මට හිතෙන හැටියට ඔය අනුර සහ ටිල්වින් තම පක්‍ෂයේ කිසි දිනක ප්‍රේමකුමාර් ගුණරත්නම් කෙනෙකු සිටියේ නැති යැයි පවසන්නේ ඔය සියළු දෙනාම එකඟ වී කලකට ඉහත ගත් තීරණයක් අනුවය. ෆොටෝ එකක් පෙන්වා ඒ ස්ථාවරය වෙනස් කළ නොහැකි වෙනු ඇත.

    අනුර සහ ටිල්වින් එසේ කියන හැම වාරයකටම, ඔවුන් ඒ මගින් ප්‍රේමකුමාර්ට පණිවිඩයක් යවනවා යැයි ද මට සිතේ!

    ඔබ කියා ඇති පරිදි ගුණරත්නම්ව නිදහස් කර ලාංකික පුරවැසිකම දීමට ආණ්ඩුවට හැකියාව ඇත.

    නමුත්, පෙසපෙ ඉල්ලන්නේ එයම ද?

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙත් මේකමයි..."මට හිතෙන හැටියට ඔය අනුර සහ ටිල්වින් තම පක්‍ෂයේ කිසි දිනක ප්‍රේමකුමාර් ගුණරත්නම් කෙනෙකු සිටියේ නැති යැයි පවසන්නේ ඔය සියළු දෙනාම එකඟ වී කලකට ඉහත ගත් තීරණයක් අනුවය"

      Delete
    2. අනුර කුමාර 2015-03-06 සත්‍යාගාරයේදී https://www.youtube.com/watch?v=WJipR0CLtFo 44.04

      දේශපාලන ප්‍රශ්නයක්!! ඔවු
      ඒ විශේෂයෙන්ම ඔබ දන්නවා යම් යම් අයගේ දේශපාලන භූමිකාවන්ට අපි වගකිව යුතු ප්‍රමාණයන් තිබෙනවා. අපි ආරක්ෂා කල යුතු ප්‍රමාණයන් තිබෙනවා. කවුරු ඒවා ආරක්ෂා කලේ නැතත්, කවුරු ඒ වගකිවයුතු ප්‍රමාණයන් බිදගෙන කටයුතු කලත් ජනතා විමුක්ති පෙරමුණ ඒ ප්‍රමාණය ආරක්ෂා කරන්නත් ඒ ප්‍රමාණයට වගකියන්න්ත් හැමදාම බැදිලා ඉන්නවා.

      පක්ෂය විවිධ සහෝදරවරු පිළිබඳව විවිධ උපයා මාර්ගයන් අනුගමනය කරමින් තිබෙනවා. ඒවා කවුරු බින්දත්, එකයි මම නැවත කියන්නේ, කවුරු බින්දත් ජනතා විමුක්ති පෙරමුණට ඒක බිදින්න අයිතියක් නෑ.

      Delete
  2. අජිත එදිරිසංහ පශ්චාත් සුනාමි පුනරුත්තාපනය සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් ගැන ලියූ සටහන මම අද ඔහුගේ අවසරය සහිතව මගේ බ්ලොගයේ පල කළා මගේ ප්‍රශ්නද සහිතව.
    http://rasikalogy.blogspot.com/2016/04/post-tsunami-reconstruction-and.html

    ReplyDelete
  3. Well Done Ajith Parakum. At last someone is talking. Don't give a damn about posts coming from germany, Brisbane etc. I met Kumar as well and I am not going to write anything bad about him anywhere. However there are things that ordinary members of FLSP and JVP don't know. That's the bottom line.

    ReplyDelete
    Replies
    1. Ajith, all indications are that you the fuck bastard who led 60,000 innocent young lads to their deaths in 1988/89 while indulging in comfort in Russia, are attempting again to create mayhem in this country.

      Delete
    2. of course. How did you find out? Oh no my cover is blown.

      Delete
  4. දේශපාලනය කවුරු කලත් තනික ගේම් එකකි.. ඒවායින් ජනතාවට වැසි දායක ගේමක් කරන්නෝ කවුරුන්දැයි සොයාගතයුතුය... එයත් මහා අමාරු කාර්යයකි..

    ReplyDelete
    Replies
    1. ජනතාවට වාසියක් වෙනවානම් වෙන්නේ දේශපාලකයාගේ ක්‍රියාවේ අතුරුඵලයක් ලෙස මිසක් දේශපාලකයා ජනතාවගැන සිතා කරන දෙයක් නොමැත.

      Delete
    2. හරියට හරි.. මට කියන්න ඕනෑ වෙච්ච අනිත් වාක්‍යය සේරෙන්දිපිටි කියලා..

      Delete
  5. මෙම ලිපියේ ලිය තිබෙන්නේ පිටු 100ක පොත් පිංචක ලිවිය යුතු කරුණු රැසක් බව පෙනේ. මන්ද ඇතැම් කරුණු මා වැන්නන්ට අපැහැදිලිය. එබැවින් එය පිළිබඳව කුඩා පොතක් ලිවීම ගැන හිත යොමු කරන්න.

    ReplyDelete
  6. //මම නම් කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැනි දේශපාලනික වශයෙන් අඳබාල බලවේග කඩේ යවමින් ඔවුන් තවමත් ගහන්නේ පරණ ගේම ම ය කියා ය.//

    මෙයනම් හරිම කනගාටුදායක තත්වයක්. දේශපාලනික වශයෙන් පමනක් නෙවෙයි ජීවිත්යේ අනෙක් පැතිවලිනුත් ඔවුන් අඳබාලයින් තමයි විභාග පාස් වීමට ඔවුන්ගේ ඇති දක්ෂතාවය හැරුනවිට. උසස් පෙල සඳහා මැරීගෙන පාඩම් කරන්න මුලු කාලයම කැපකරන සිසුන් විශ්ව විද්‍යාලයට ගිය ගමන් එකපාරටම හැමදෙයක් සම්බන්ධවම "විශේෂඥයින්" වෙලා ආන්ඩු පෙරලන්නත් යනවා. අමනුස්සකම, දුෂ්ටකම්, ඉරිසියාව ගැනත් "විශේෂඥභාවය" ලබනවා. රැග් කරනවා, තමන් සමඟ එකට පාසල් ගිය කැම්පස් සිලෙක්ට් නොවුන අනෙක් ලමයින්ට පෞද්ගලිකව හෝ ඉගෙන ගැනීමට ඇති අයිතියටත් විරුද්ධ වෙනවා.

    මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව දෙශපාලන පක්ෂ විසින් සිසු සිසුවියන්ට කරන විනාශයයි. කොහොමත් ලංකාවේ ග්‍රාමීය ජනයා තුල ඉරිසියාව වැඩියි, දැනුවත් බව හුඟක් අඩුයි. ඉතින් එවැනි පසුබිම් වලින් එන සිසුන්ව "බ්‍රේන් වොශ්" කරලා නොමග යවන එක කපටි දේශපාලුවන්ට වඩා පහසුයි.

    මා සුලු උදාහරනයක් දෙන්නම්, කැම්පස් සිසුන් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් මුදල් එකතු කිරීමට බස් රථ වලට ගොඩවී අපට කරන කටපාඩම් කරගත් දේශන දෙස බලන්න - ඔවුන් සිතන්නේ සියලුම බස් මගීන් ඊයේ ඉපදුන මීහරක් කියලාද ??

    මෙතන කමෙන්ට්ස් දමන ඔබත් (සමහර විට පැරාත් ඇතුලුව) කවදා හෝ අනෙක් අයට රැග් කිරීමට තරම් අඳබාලයින් වී ඇත්නම්, අඩුවශයෙන් මෙතනදී හෝ ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරන්න. අඳබාල බවින් මිදීම හෙවත් පරිනතවීම කියන්නේ එය නොවේද ??

    මේ මාතෘකා තවදුරටත් අවුස්සලා අරගෙන සාකච්චා කරන ලෙස පැරකුම් මහතාට ඇරයුම් කරනවා. (වචන වල අකුරු වැරදිනම් කනගාටුයි)

    ReplyDelete
  7. කෙනෙකුට කරදරයක් වූ විට ඒ දෙස බල සතුටු වීම නොහොබී. එහෙත් කල කල දේ පල පල දේ යයි කියන්නේ මේ සවභාවධර්මයේ එක කටුක සත්‍යයකි.

    ඡන්දය දැමීමට ගිය මිනිහගේ, ඡන්ද නිලදාරීන්ගේ, ඡන්ද නිලදාරීනට වතුර ටිකක් දුන මිනිහගේ, බඩ වියත රැක ගැනීමට තුන්ඩු කැබැල්ල නොසලකා වැඩට ගිය ස්වාමිපුරුෂයාගේ බෙල්ල කපා වැටේ ගැසීමට එන දුන් නන්දසිස්රි විජේවීරගේ පවුලද අද එහි විපාක විදිනු පෙනේ.

    දරුවන්ගේ බෙල්ලේ සයනයිඩ් එල්ලූ ප්‍රභාකරන් මරණයට පෙර තම දරුවන්ගේ මරණය දකින්නට ඇති මම සිතමි. කොල්ලන්ගේ මරණ උඩින් ඇවිද ගොස් බල්ලෙකු සේ සාටකයේ සැගවුන වීරන්සගිලිපනික්කියලගේ විමලසේනද තම මරණයට කලින් තම කර්මයන්ගේ විපාක දකිනු ඇතැයි මම සිතමි.

    තමදරුවන් අධිරාජ්‍යවාදී ඔස්ට්‍ර්ලියාවේ සුවසේ තබා අපේ විශ්වවිද්‍යාලවල දුප්පත් කොලු කෙල්ලන් සමාජවාදී අමුඩය ගස්සවා පාරට ඇද දැමීමේ ගේමක් තවමත් කුමාර්ලා ගසමින් සිටී. දහසක් මවුවරුන්ගේ දරුවන් අහිමිකිරීමට කුමාර් ඉහළපෙලේ නායකත්වය දුන් අතර කුමාර්ගේ මවගේ කදුළු වලට යටින් මා දකින අමිහිරි සත්‍යයද ස්ව්භාවධාරාමයේ නියමයයි. එක දරුවෙකු අහිමි කරගත් කුමාර්ගේ මව කුමාර්ට ලංකාවේ පුරවැසි භාවය ඉල්ලනේ කුමටදැයි ඇයම සිතා බැලිය යුතුය. කුමාර් ලංකාවේ දේශපාලනය කිරීමෙන් තවත් බොහෝ මවුවරුන්ට තම දරුවන් පූර්ණ හෝ අර්ධ වශයෙන් අහිමිවනු ඇතිබව මගේ පූර්ව නිගමනයි. කුමාර්ගේ මවට වුවා මෙන් තවත් මවුවරුන්ට දරුවන් අහිමි නොකර අවුරුද්දේ සිරදඩුවම අවසානයේ කුමාරද සමග කන්ගරුදේශයට ගොස් මිනිපිරියන් දෙදෙනාද සමග ඉතිරි කාලය සතුටින් ජීවත් වන්නේ නම් එය කුමාර්ගේ මවගේ මෙන්ම ලංකාවේ බොහෝ දරුවන්ගේ මවුවරුන්ගේ හිත සුව පිණිස වනුඇත.

    ReplyDelete
  8. // කොහොමත් ලංකාවේ ග්‍රාමීය ජනයා තුල ඉරිසියාව වැඩියි, දැනුවත් බව හුඟක් අඩුයි//

    ග්‍රාමීය ජනයා තුල විතරක් නොවෙයි, සියල්ලන්ගේම එහෙමයි. වැඩි දුර යන්න ඕනෑ නැහැ. මේ බ්ලොගයට වැටෙන ඇනෝ කොමෙන්ටු බැලුවහම ඇති. ඉරිසියාවෙන් පිරුණු 'අමනුස්සයන්' ගේ කොමෙන්ටු වලින් කරන්නේ පෞද්ලික පරිභව කිරීම්.

    ReplyDelete
  9. කුමාර් ගුණරත්නම්ට නැවත ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට ගැටලුවක් තිබෙනවානම් එය දේශපාලන ප්‍රශ්නයක්ය. ඔහුට පුරවැසිභාවය ලබාදීමට නීතීමය ගැටලුවක් තිබෙනවායැයි මමනම් සිතන්නේ නැත. ඔහු ලංකාවේ උපත ලැබ, ලංකාවේ අධ්‍යාපනය හදාරා ලංකාවෙන් නිත්‍යනුකූල නොවන ආකාරයකට විදේශගතවු පුද්ගලයෙක්ය. නීතීවිරෝදි විදේශගතවීමට යම් නීතීමය දඩුවමක් ලබාදීම සම්බන්ධයෙන් යම් තරමකට හෝ එකගවිය හැකි වුවද පුරවැසිභාවය ලබානොදීමට කටයුතු කිරීම පිලිබදව එකගවිය නොහැකිය.

    ඔබ සිතන දේශපාලනයතුල 2015 ජනවාරිවල තිබුනේ මහින්ද පැරදවීම පමණය, වෙනත් කිසිදු දේශපාලන අවකාශයකට ඉඩක් නොතිබුනු මහින්දද මෛත්‍රිද යන දේශපාලන කතිකාවතුල පෙරටුගාමින් සිටියේ මහින්දද මෛත්‍රිද යන්න නොව පවතින සමාජය වෙනස් කිරීම වෙනුවෙන් සංවිධානයවිය යුතුය යන ස්ථාවරයකය. එය සමහරවිටක කෙනෙකුට මහින්දට වාසිදායක තත්වයක් කියා පැවසීමට පුලුවන. එහෙත් මට අනුවනම් සෑබවින්ම සමාජයක් සංවිධානය කල යුත්තේ පුද්ගලයින් විසින් සිදුකරන ක්‍රියා පාදක කරගෙන ඔහුව වෙනස්කර එම තත්වයම පවත්වාගෙන යාමට නොව සමාජයේ සෑබෑ වෙනසක් අරමුණු කරගෙන බවය.

    කුමාර් සහ තවත් එවැනිම ප්‍රසිද්ධතලයේ නොවන දේශපාලන ක්‍රියාදරයින් සමාජය සංවිධානය කිරීමේ අරමුණ පක්ෂයක්, නායකයින් කිහිපදෙනෙක් නිර්මාණය කිරීමයැයි මම සිතන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය පවතින තත්වයන් වෙනස්කරවීම සදහා ජනතාව පෙළඹවීමය, එහිදි ඔවුන් කොතරම් සාර්ථකද යන්න ගැටලුවක්ය. එහෙත් ඒ කිසිදු කතාවක් කුමාර්ට පුරවැසිභාවය ලබාදීම සදහා අදාල නැත.

    ඔහු අප්‍රසිද්ධ දේශපාලනයේ යෙදුනේද, සුනාමි අවස්ථාවේ හෝ අනෙක් අවස්ථාවලදී අමාත්‍යාංශවල වැඩකටයුතු සිදුකිරීම අධික්ෂණය කලේද, ඔහු දිමුතු ආටිගල සමග මොනවා කරමින් සිටියාද, ගොඨාභය සමග රහසිගත එකගතාවයන්ට පැමිණියාද යන්න ද්විතීක කාරණාවන්ය. ඒවා කතාකල යුත්තේ ඔහු සිදුකරන දේශපාලනයත් සමග ගැටෙන අවස්ථාවලදීය. දැන් ඇති ගැටලුවනම් ඔහුට ලංකාවේ පුරවැසි අයිතිය ලබාදීමයි.

    කුමාර්ට පුරවැසි අයිතාය ලබාගැනීම සම්බන්ධයෙන් ඔබ විසින් සිදුකර ඇති එකදු ප්‍රකාශයක්වත් වැදගත් නොමැති බව මටනම් සිතේ. ඔහු පලාගිය හේතුව පුරවැසිභාවය ලබාදීමට අදාල කරුණක් නොවේය. දේශපාලන පක්ෂවල ප්‍රසිද්ධතලයේ දේශපාලනක නොකරන කාඩර්වරුන් සිටිම පුරවැසිභාවය ලබාදීමට අදාල කරුණක් නොවේය. ඔහුගේ පක්ෂය ශිෂ්‍යයින් සමග දේශපාලනය කිරීම පුරවැසිභාවය ලබාදීමට අදාල කරුණක් නොවේය.ඔබට අවශ්‍ය වී ඇත්තේ තැටිය රත්වී ඇති අවස්ථාවේී තමන්ගේ රොටිය පුච්චා ගැනීමට පමණක්ය. ඔහුගේ දේශපාලනය විවේචනය කරන්න එහෙත් එය පුරවැසිභාවය ලබාදීමට පවතින නීතී මගහැර ජනාධිපති සමාවක් ලබාදිය යුතුයැයි වැනි බොරු නොකියන්න.....

    ReplyDelete
    Replies
    1. ප්‍ර‍දීප් මංගලට මගේ සදාචාරය ප්‍ර‍ශ්න කරන්නට ඇති අයිතිය කුමාර් ගුනරත්නම් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන සදාචාරය ප්‍ර‍ශ්න කරන්නට මා ඇතුළු වෙන ඕනෑම කෙනෙකුට තිබේ.

      කුමාර්ට පුරවැසිකම දීමට මා විරුද්ධ නැත. එහෙත්, ඒ වෙනුවෙන් පෙනී සිටින අයට ඇත්ත දැනගන්නට අයිතියක් ඇත. මේ කතාවේ බොහෝ කරුණු වසන් කර ප්‍ර‍බන්ධයක් නිර්මානය කර තිබේ. එසේ කරන්නේ ඇයි? කිසියම් කූට අරමුණක් නැතුව ද?

      සැබෑ සමාජ වෙනසක් අපේක්ෂා කරන්නන් කොන්දේසි විරහිතව ඇත්ත වෙනුවෙන් පෙනී සිටිය යුතු ය.

      මා මෙහි කියූ කරුණු බොරු නම් ඔප්පු කරන්න. ඒවා ඇත්ත නම්, ඒ ඇත්ත හංගන්නේ ඇයි ද යන්න ප්‍ර‍ශ්න කරන්න.

      කාලෙන් කාලෙට එන ජනප්‍රිය රැළිවලින් මානුෂිකත්වය පෙන්නන්නට යන මෝස්තරකාරිත්වය තුළ ඇති ප්‍ර‍ගතිශීලිත්වයක් නැත. එය තිබෙන්නේ ජනතාවට ඇත්ත කියා දී අවශ්‍ය ක්‍රියාමාර්ගය වෙත යොමු කිරීම තුළ ය.

      කුමාර්ගේ ප්‍ර‍ශ්නය නීතියෙන් විසදන්නට බැරි ය. එය ජාත්‍යන්තරව පැටලුණු නූල් බෝලයකි. නීති මාර්ගයෙන් යනවා නම් කුමාර්ට ඕස්ට්‍රේලියාවේදීත් නඩුවකට මුහුණ දෙන්නට සිදු විය හැකි ය.

      එය විසදිය හැක්කේ ප්‍ර‍කාශිත හෝ අප්‍ර‍කාශිත සමාවකින් පමණි.

      නිදසුනක් ලෙස සෝමවංශ අමරසිංහගේ, කරුණා අම්මාන්ගේ හා කේ.පී.ගේ ආගමන විගමන ප්‍ර‍ශ්න විසදා ඇත්තේ අප්‍ර‍කාශිත සමාවකිනි. ඒ වනාහි සම්මුති මිස අයිතිවාසිකම් නො වේ.

      මෙතනදීත් එක්කෝ ගුනරත්නම් සම්මුතියකට ආ යුතු ය. නැතිනම්, පෙසප හා අනෙකුත් මෝස්තරකාරයන් ආගමන හා විගමන නීති උගත යුතු ය.

      අප දේශපාලන සමාවක් යෝජනා කරන්නේ ඉතා දේශපාලනිකව බව කිව යුතු ය. අප විස්තර කර තිබෙන පසුබිම හේතුවෙන් ම ඔවුන් එවැනි තත්වයකට පත් කළ යුතු ය. එය දේශපාලනික පරාජයක් නො වේ.

      අප පරාජය කළ යුත්තේ ඒ දේශපාලනයයි. එය දේශපාලනයට වඩා අදේශපාලනයයි.

      අවස්ථාව බලා ජනප්‍රිය සටන් පාඨ වෙනුවෙන් ආවැඩීම තැටිය රත් වූ කල රොටිය පුච්චා ගැනීමකි.

      Delete
    2. ඔබකියු කරුණු ඇත්තද බොරුද යන්න පිලිබදව ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් මා සතුව නැත. ඔහු විදේශගතවුයේ පක්ෂ අභ්‍යන්තර ගැටුමක් නිසා පමණක්ද, යම් ජිවිත අවධානමක් ඇතිවේයැයි උපකල්පනය කල නිසාද යන්න පිලිබදව මම දන්නේ නැත. ඔබට අනුව එය දේශපාලන ගේමක් වුවද එය එලෙස නොවේයැයිද ඕනෑම අයෙකුට කිව හැකිය. මේවා ඔප්පුකල හැකි දේවල්ද නොවේය.

      ඔහු නිත්‍යානුකූල නොවන ආකාරයකින් විදේශගතවී ඇතිබව පමණක් ඔප්පුකල හැකිය. ඔහුට විදේශගතවීමට සිදුවුයේ පෞද්ගලික අවශ්‍යතාවයකට වඩා දේශපාලන අවශ්‍යතාවයක් නිසායැයි මම සිතනවාය.

      ඔහු විදේශගත විමෙන් පසු නැවත ලංකාවට පැමිණ දේශපාලනය කරනවාය ඒ තමන්ගේ පක්ෂයේ පුද්ගලයින්ව අතුරුදහන්කර තිබු කාලයකය. ඔබද ඒ අතර කාලයක ඉන්දියාවට පලාගියබව ඔබවිසින්ම ලියා තියෙනවාය. ඔහුට නැවත විදේශගතවීමට සිදුවන්නේ ඔහුව පැහැරගෙන ගිය නිසාය. ඔහුව පැහැරගෙන යනු ලැබුයේ මෙහි අනවසරයෙන් රැදිසිටි නිසා නොවේය.

      ඔහුව පැහැරගෙන යෑමෙන් පසුද ඔහුට ලැබෙන පළමු අවස්ථාවේම ඔහු ලංකාවට එනවාය. ඒ දේශපාලනය කිරීම සදහාය. ඒ සදහා ගොඨාභය සමග ඩීල් දැමුබව කිසිවකුට හෝ කීමට හැකිය එහෙත් එය එලෙසද නැද්ද යන්න පිලිබදව මම දන්නේ නැත. ඔහුගේ දේශපාලනයේ අඩුපාඩු හෝ වැරදී තිබෙන්නට පුලුවන එහෙත් ඒ කිසිවක් නීතීමය රාමුවකින් යටකල යුතු දේවල් නොවේය.

      ඔහු ලංකාවේ දේශපාලනය කිරීම සදහා අයිතිය ඉල්ලා සිටියි. එය ලබාදීම මගහරිමින් ඔහුට නීතීයේ ඇති වගන්ති පෙන්වීම අනුමත කිරීමට නොහැකිය. එය ලබා නොදීමට ඔහුගේ අතීතය සහ පක්ෂයේ ක්‍රියාකාරිත්වය පිලිබදව කතාකර වැඩක් නැත.

      ඔබ දැක්වු පුද්ගලයින් වන සොමවංශ, කේ.පී., කරුණා අම්මාන්ට ක්‍රියාත්මක නොවන නීතීයක් කුමාර්ට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඇති අවශ්‍යතාවය කුමක්ද?

      ආගමන හා විගමන නීතී ආරක්ෂාකිරීම වෙනුවෙන් ඔබ පෙනි සිටින්නේ ඇයි?

      ඔහුට දේශපාලනය කිරීමට නිදහස ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නීතීය ස්වාධිනව සියල්ලන්ට සමානව යෙදීමට බාධාවක් වන නිසාද ??

      Delete
    3. ආගමන හා විගමන නීතී ආරක්ෂාකිරීම වෙනුවෙන් ඔබ පෙනි සිටින්නේ ඇයි කියා ඔබ අසයි. මා පෙනී සිටින්නේ දේශපාලන ප්‍ර‍ජාවන් පුළුල් කරන දේශපාලනයක් වෙනුවෙනි. දේශ සීමා දිය කර හැරීම වෙනුවෙනි. එහෙත්, එය සිදු වන්නේ දේශපාලන ප්‍ර‍තිසංස්කරණ හා ඒ අනුව යන නීති සම්පාදනයන් ඔස්සේ තමන්ට අවාසි නීති කැඩීමෙන් නො වේ. එය දේශපාලනය නොව වල්බූරු නිදහසයි. අනෙක, කුමාර් ගුනරත්නම් මට වඩා ජාති(ක)වාදියෙකි. ඔහුට ජාතික රාජ්‍යය, ජාතික ආර්ථිකය ඉතා වැදගත් ය. ඔහු මටත් වඩා ජාතික නීතිවලට ගරු කළ යුත්තේ එහෙයිනි.

      සෝමවංශ, කේ.පී., කරුණා අම්මාන්ට නීතිය ක්‍රියාත්මක නො වුණේ ඔවුන් ආණ්ඩු සමග සම්මුතිවලට පැමිණි නිසා ය. දේශපාලනයේදී එහෙම සම්මුතිගත වීමේ කිසිදු වරදක් නැත. කුමාර් ලංකාවට ආවේ ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග එහෙම සම්මුතියකිනි. එහෙම නැතිව, රටක ආගමන, විගමන නීති උල්ලංඝනය කළ විදේශ පාස්පෝට් හිමියකුට ඔය තරම් පහසුවෙන් වීසා ලැබෙන්නේ නැත. මහින්ද රාජපක්ෂ සමග සම්මුති ඇති කර ගත හැකි නම් මෛත්‍රීපාල එක්ක බැරි ඇයි? එය බලහත්කාරයෙන් ගන්නට යන්නේ ඔහු මහින්ද රාජපක්ෂ මෙන් ප්‍ර‍තිචාර නො දක්වන්නකු බව දන්නා නිසා නොවේ ද?

      කුමාර් ගුනරත්නම්ට ලංකාවේ පුරවැසිභාවය දෙනවාට අපි නම් විරුද්ධ නැත. මන්ද, ඔහු වැනි යල්පැනගිය සාධක කිසිවකුට අභියෝගයක් වන්නේ නැත. එහෙත්, මෙතනදී ඇති විය යුත්තේ සම්මුතියකි. නැතිනම් වින් - වින් තත්වයකි. එහෙම නැතිව තග දැම්මා ය කියා ඔවුන්ට එය ලබා ගැනීමට බැරි ය.

      මෙහි තිබෙන සංකීර්ණ නීතිමය තත්වයන් ගැන කල්පනා කර එය ගැටුමකින් තොරව විසදා ගන්නවා වෙනුවට බොරු සංදර්ශන පැවැත්වීමෙන් පෙසප නැවත, නැවතත් පෙන්වන්නේ ඔවුන්ගේ පැරණි ස්වරූපය වෙනස් වී නැති බවයි.

      Delete
    4. ඔහුට දේශපාලනය කිරීමට ඉඩ නොදෙමින් ගෙදරට පැමිණ අත්අඩංගුවට ගත්තේ ඇයි? ඔහු ආගමන විගමන නීතී කඩකර ඇති බැවින් පමණද?

      මම අසන්නේ ඔබ කියනා පරිදි සම්මුතියකට යා යුත්තේ ඇයි? ඒ වෙනුවෙන් ලබාදිය යුතු කප්පම කුමක්ද? ආණ්ඩුව විසින් සිදුකරන කාර්යයන්ට විරුද්ධ නොවි සිටිමද?

      එවිට මෙවැනි දේශපාලන බලයක් නොමැති සාමාන්‍ය පුරවැසියෙකු තමන්ගේ වැඩක් කර ගැනීම සදහා දේශපාලකයින් සමග සම්මුතියකට යෑම නිවරදිද?
      ඔබ පෙනි සිටින්නේ එවැනි ආකාරයේ සමාජයක් වෙනුවෙන්නම් ඉතාමත් යහපත්ය.

      මම පෙරටුගාමි සාමාජිකයෙකු නොවේය. එහෙත් මට පැවසීමට ඇත්තේ කුමාර් යනු ලංකාවේ ඉපදි, ලංකාවේ අවුරුදු 40කට වැඩි කාලයක් ජිවත්වු පුද්ගලයෙක්ය. ඔහු කුමන ආකාරයකට හෝ විදේශගතවී ඇත. දැන් ඔහු නැවත ලංකාවේ ජිවත්වීමට අවස්ථාව ඉල්ලා සිටියි. ඔහුට ලංකාවේ ජිවත්වීමට ඉඩලබාදිය නොහැකිනම් එවැනි නීතීයක් කුමක් සදහා අවශ්‍ය වනවාද? ඔබ එය වෙනුවෙන් ආණ්ඩුව සමග සම්මුතියකට යා යුතුයැයි කියන්නේ ඇයි.

      Delete
    5. //කුමාර් යනු ලංකාවේ ඉපදි, ලංකාවේ අවුරුදු 40කට වැඩි කාලයක් ජිවත්වු පුද්ගලයෙක්ය. ඔහු කුමන ආකාරයකට හෝ විදේශගතවී ඇත. දැන් ඔහු නැවත ලංකාවේ ජිවත්වීමට අවස්ථාව ඉල්ලා සිටියි. ඔහුට ලංකාවේ ජිවත්වීමට ඉඩලබාදිය නොහැකිනම් එවැනි නීතීයක් කුමක් සදහා අවශ්‍ය වනවාද?//

      ඇත්තෙන්ම කුමාර් යනු ලංකාවේ ඉපදි, ලංකාවේ පුරවැසියෙකු ලෙස අවුරුදු 40කට වැඩි කාලයක් ජිවත්වී ලංකාවේ පුරවැසිභාවය අතහැර ගිය පුද්ගලයෙකි. දැන් ඔහු නැවත ලංකාවේ ජිවත්වීමට අවස්ථාව ඉල්ලා සිටින ලංකාවේ උපත ලැබූ සහ ජීවත් වූ බවද, එකල තමා කුමාර් ගුණරත්නම් නමැති ද බව කියන "විදේශික පුරවැසියෙක්" ය. එවැනි විදේශිකයෙකුගේ ඉල්ලීම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය තාන්ත්‍රික පටිපාටියක් තිබේ.

      ඒ ඔහු සැබෑ කුමාර් ගුණරත්නම් ම බව ජීව විද්‍යාත්මකව, එනම් ඇගිලි සලකුණු සහ DNA ආදී පරීක්ෂා කර තහවුරු කරගෙන ඒ මගින් ඔහුගේ අපරාධ පිලිබඳ අතීතයක් තිබේදැයි සොයා බලා ශ්‍රීලාංකික පුරවැසි භාවය ලැබීමට සුදුසු දැයි නිගමනය කිරීමයි. එහිදී ශ්‍රී ලංකාව තුල අපරාධ අතීතයක් හෙළිවන්නේ නම් මෙරට අධිකරණයක් හරහා නඩු විභාග කිරීමටත්, ජය්ත්යන්තර අපරාධ අතීතයක් ඇති නම් එකී චෝදනා විමර්ශනයට අවශ්‍ය ආයතනවලට බාර දීමටද ශ්‍රී ලංකා රාජ්‍යය බැදී සිටී.

      එසේ නැතිනම් සැමට සමාන ලෙස සැලකිය යුතුබව කියන සමාජවාදියා ධනවාදී පාලකයන්ට බලුවී විශේෂ සැකිල්ලක් ඉල්ලා ගත යුතුය.

      Delete
    6. ඉතිං ඔයටික නොකර කල් ඇද ඇද ඉන්නේ ඇයි?

      Delete
  10. krishan warnakulasooriyaApril 11, 2016 at 11:33 AM

    මම නම් අජිත්ගේ ඉල්ලීමට එක හෙලාම විරුද්ධ වෙමි. එයට මූලික හේතුව පෙසප ප්‍රචණ්ඩ ක්‍රියාවන්ය. ඔවුහු බොහෝ වාර ගණනක්
    නීතිය තඹයකට මායිම් නොකර අතිශය ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරී ඇත. ඔවුන් විසින් මෙහෙයවන අන්තරය ද බොහෝ විට නීතිය තඹ
    සතයකට මායිම් කරන්නේ නැත. අඩුපාඩු ඇතත් පවත්නා නීතියට යටත් නොවී ප්‍රචණ්ඩකාරී ලෙස කරන ඉල්ලීම් රජයක් විසින් ලබා
    නොදිය යුතුය. කුමාර්ට නිදහස දෙනවා නම් තම දුවා දරුවන් වෙනුවෙන් , උන්ගේ බඩ වියත වෙනුවෙන් ආගමන විගමන නීති කඩ කොට
    සිර දඬුවම් විදිනා දහස් ගණනකට එයිට පෙර පොදු සමාවක් දිය යුතුය. ගේම් කාරයින්ගේ අරමුණුවලට වඩා උන්ගේ අරමුණු අවංක හා
    උදාරය.

    කුමාර්ට පමනක් නොව මෙවැනි වැඩ කරනා කිසි එකෙකුට සමාව නොදිය යුතුය . කුමාර් අවසාන වරට ලංකාවට ආවේ නිකම්ම නෙමේය .
    එකාධිපතියාගෙන් ජරාව කා ඒකාධිපතියා රජ කරවා තමාට ඇරිය ඔක්කොම එවුන්ට අරින්නටය. අරමුණ ඉටු වූවානම් අද බොහෝ අය ලොවෙත් නැත.
    කුමාර්ට නම් යන්නට වුයේ හිරගෙදරට පමණය. එත් එක අවුරුද්දකට පමණය. හිර ගෙදර ඉන්නට වෙන්නේ අට මාසයක් පමණය. මට නම් හොඳටෝම
    මදිය. ඒ ආගමන විගමන වරද නිසා නොවේය. මුන් නිසා අපා දුක් විඳිනා අහිංසකයන් දහස් ගණනක් අදටත් මේ මහා පොළොවේ කඳුළු සලමින් ජීවත්
    වෙන නිසාය.

    කුමාර්ට නිදහස දෙන්නට යයි කියනා සියලු මහත්වරු එයිට පෙර මේවාට පිළිතුරු දිය යුතුය.

    1. නොයෙකුත් ප්‍රසන නිසා ( මරණ තර්ජන විශේෂයි) රට හැර ගිය එකම කෙනා කුමාරද ?

    2. ඔහුට රටට ඇතුළු වන්නට විසා ලබා නොදී හිටියාද ?

    3. ඔහු කවදාක හෝ නිසි නීතිමය අයුරින් මේ රටේ පුරවැසිකම අයදුම් කොට තිබේද? ( කරුණාකර දත්ත ඉදිරිපත් කරන්න )

    4. ආගමන විගමන නීති කඩකොට, සාධාරණ නඩු විභාගයක් ලබාදී වරදකරු කොට ලබා දී ඇති දඬුවමක් ඉවත් කරන්නට යැයි ඉල්ලීම්
    කිරීමට ඔහු රට වෙනුවෙන් කර ඇති කැප කිරීම කුමක්ද?

    පසු ලිපි :

    හරි හමන් විදියට කරුණු කාරණා සොයා බලා නඩු පැවරුවේ නම් ලැබෙන්නේ මරණ දඬුවම බව ඔය ඉල්ලීම් කරනා සහ එම ඉල්ලීම් සාධාරණය
    කරමින් කතා කරනා සියල්ලෝම කල්පනා කරත්වා!

    ReplyDelete
    Replies
    1. පුරවැසිභාවය ලබාදීම පිලිබදව ඔබගේ අදහස කුමක්ද?

      එය ලබාදිය යුතුද?
      නැතිද?

      //මුන් නිසා අපා දුක් විඳිනා අහිංසකයන් දහස් ගණනක් අදටත් මේ මහා පොළොවේ කඳුළු සලමින් ජීවත්වෙන නිසාය.//
      මුන් නිසා පමණද?
      රනිල්ලා බබ්බුද?

      Delete
    2. //මුන් නිසා පමණද?
      රනිල්ලා බබ්බුද?//

      මෙම තර්කය වෙනත් තැනකදී කළ නිර්මාල්ගෙන් මම පහත දැක්වෙන ආකාරයේ ප්‍ර‍ශ්නයක් ඇසුවෙමි. පිළිතුරු ලැබුණේ නැත.

      “ධනපති පාලකයන් වැරදි කරනවා ය කියන එක විප්ලවවාදීන්ට වැරදි කරන්නට ලැබෙන ලයිසමක් ද?"

      මේ තර්කය ම ඉතා වැරදි ය. එසේම, ඕනෑම බලු වැඩක් මේ ආකාරයෙන් සාධාරණීකරණය කර ගන්නට ඕනෑ ම කෙනෙකුට පුළුවන.

      “අරූ කරනවා නේ. ඒ නිසා මාත් කරනවා" කියන එක තමයි ඕකේ සරළ අර්ථය.

      Delete
    3. ලංකාවේ අපා දුක් විදින අහිංසකයින් දහස් ගණනක් මහපොළවේ කදුලු සලමින් ජිවත් වන්නේ ජවිපේ හෝ පෙරටුගාමින් හෝ වාමාංශිකයින් නිසාද ?

      ඔබ සිතන්නේත් එලෙසද?
      අද ඇතිවී තිබෙන සියලු තත්වයන්ට සහ මිනිසුන්ට ඇතිවී තිබෙන පිඩාවන්ට වගකිව යුත්තේ වාමාංශික දේශපාලනයක් කරන පුද්ගලයින්ද?

      ධනපති පාලකයින් වැරදි කරනවා යන්න විප්ලවවාදීන්ට වැරදි කිරීමට ලයිසමක් නොවේය. පවතින නීතීය යටතේ සියලුම නීතී රීතී ආරක්ෂාකරමින් සියල්ල කලයුතුයැයි එයින් කියවෙන්නේද නැත.


      Delete
    4. Ajith Perakum Jayasinghe මේ ටික කියවා මම කියා තිබෙනා දේවල් පිලිබදව ඔබගේ කතාව කියන්න,

      // කුමාර්ට නම් යන්නට වුයේ හිරගෙදරට පමණය. එත් එක අවුරුද්දකට පමණය. හිර ගෙදර ඉන්නට වෙන්නේ අට මාසයක් පමණය. මට නම් හොඳටෝම මදිය. ඒ ආගමන විගමන වරද නිසා නොවේය. මුන් නිසා අපා දුක් විඳිනා අහිංසකයන් දහස් ගණනක් අදටත් මේ මහා පොළොවේ කඳුළු සලමින් ජීවත් වෙන නිසාය. //

      // හරි හමන් විදියට කරුණු කාරණා සොයා බලා නඩු පැවරුවේ නම් ලැබෙන්නේ මරණ දඬුවම බව ඔය ඉල්ලීම් කරනා සහ එම ඉල්ලීම් සාධාරණය කරමින් කතා කරනා සියල්ලෝම කල්පනා කරත්වා! // ( මේ krishan warnakulasooriya ගේ අදහස්ය )

      මොවුන් බබ්බුද?
      මොවුන් ඉල්ලා සිටින්නේ මොනවාද?
      ඔබත් පෙනි සිටින්නේ මොවුන් වෙනුවෙන්ද?

      Delete
    5. මම ක්‍රිශාන් වර්ණකුලසූරිය ගැන නො දනිමි. මට ඔහු ද ඔබ වැනි තවත් අදහස් දක්වන්නෙක් පමණි. රනිල් ගැන මා අදහස් දැක්වූයේ රනිල් යනු මේ රටේ කුමාර් සේ ම වැදගත් දේශපාලන සාධකයක් නිසා ය. රනිල් ද ඔහු සේ ම යල් පැන යමින් සිටියි. එහෙත් මේ මොහොතේ අපි ඔහුගෙන් වැඩ ගන්නෙමු.

      ලංකාවේ අපා දුක් විදින අහිංසකයින් දහස් ගණනක් මහපොළවේ කදුලු සලමින් ජිවත් වන්නේ එජාප, ශ්‍රීලනිප, ලසසප, කොප, ජවිපෙ, පෙසප, සෙසු වාමාංශිකයින්, සියලු ආකාරයේ ජාතිවාදීන් හා ජාතිවාදී පක්ෂ මෙන් ම ඔවුන්ගේ ද වරද නිසා ය. මන්ද, ලංකාවේ මධ්‍යම පංතික මූලික පාලනයේ පසුගිය හැත්තෑ වසර නිර්මානය කළේ හා එය නියාමනය කළේ ඔවුන් නිසා ය. මේ ගැන මා වෙනත් තැන්වල කියා ඇත. ඉදිරියේදී විස්තර කරන්නම්.

      සියලුම නීතී රීතී ආරක්ෂාකරමින් සියල්ල කලයුතුයැයි මම නො කියමි. නීති යනු ඉතිහාසයේ කිසිදු කලෙක ස්ථිතිකව තිබුණු දෙයක් නො වේ. එහෙත් නීති වෙනස් කිරීම යුක්තියුක්ත කළ හැකි ආකාරය මම ඉහත සදහන් කළෙමි. එහෙම නැතිව ගණන්කාරකමින් නීති වෙනස් කරන එකට අපට පක්ෂ වන්නට බැරි ය.

      ඔබට ඔබ කැමති ආකාරයට නීති වෙනස් කර ගන්නට නම් දේශපාලන බලය අල්ලා ගැනීමට සිදු වේ. ඒ සදහා ඔබගේ ක්‍ර‍මවේදයට විරුද්ධ වන්නට වෙනත් අයට ඇති අයිතිය ද ඔබට පිළිගන්නට සිදු වේ.

      Delete
    6. ඉහත සටහනෙහි ගණන්කාරකමින් නීති වෙනස් කිරීම යන්න වඩා නිවැරදි විය යුත්තේ චන්ඩිකම භාවිතා කර නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම වළක්වා ගැනීමටයි.

      Delete
    7. ලංකාවේ අපා දුක් විදින අහිංසකයින් දහස් ගණනක් මහපොළවේ කදුලු සලමින් ජිවත් වන්නේ මිනිසුන්ගේ අඩුපාඩු හා පවතින සමාජ තත්වයන් නිසාය. මෙම සමාජ තත්වයන් ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ඔබද මමද ඇතුලු සියලුම පුද්ගලයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව පෙනි සිටිනවාය. එය දේශපාලන පක්ෂවල අවුලක් හෝ වාමාංශිකයින්ගේ දුර්වලතාවයක් හෝ පමණක්ම නොවේය.

      නීතීය ක්‍රියාත්මක කරවා ගැනීම වැලැක්වීම නොව ඔවුන් ඉල්ලා සිටින්නේ පුරවැසිභාවයයි. ලංකාවතුල ජිවත්වීමටයි. ඔවුන් පුරවැසිභාවය ඉල්ලා සිටින විට ඔවුන්ට නීතීය පෙන්වමින් උත්තර නොදි සිටින්නේ පවතින ආණ්ඩුවයි. ආණ්ඩුවේ කඩප්පුලි වැඩ දැනුවත්ව හෝ නොදැනුවත්ව අනුමත කරමින් ලිපි ලියන්නේ ඔබලායි....

      Delete
    8. මට අවශ්‍ය ආකාරයට නීතී සකස්කිරීමේ අවශ්‍යතාවයක් මාහට නොමැත. නීතී සකස්විය යුත්තේ බහුතරයක් මිනිසුන්ගේ අවශ්‍යතාවය ඉටුවන ආකාරයටය. එවැනි නීතී සකස්කල හැක්කේ දේශපාලන පක්ෂයකට නොව තමන්ගේ අයිතිවාසිකම් ලබාගැනීම හා වගකීම් ඉටුකිරීම වෙනුවෙන් සංවිධානගතවන මිනිසුන්ටම පමණය.

      Delete
    9. කුමාර්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ආණ්ඩුවට බැනලා වැඩක් නැත. කුමාර් පුරවැසිභාවය අතහැරියේ කැමැත්තෙනි. එය නැවත අවශ්‍ය නම් එය දැන් තිබෙන සංදර්භය තුළ ලබා ගත හැක්කේ ආණ්ඩුව සමග සම්මුතියකින් පමණක් බව ඉතා පැහැදිලි ය. ඒ වෙනුවෙන් කටයුතු නො කරන ඔය කියන ආඩාපාලිවලින් වැඩක් නැත. අප විවේචනය කළ යුත්තේ ආණ්ඩුවේ කඩප්පුලි වැඩ පමණක් නො වේ. ජනතාව ද ජනතාවගේ ය කියන පක්ෂ ද ආණ්ඩුව තරමට ම කඩප්පුලි ය. අප කළ යුතුව තිබෙන්නේ ඇත්ත කතා කිරීම හා ඒ අනුව කටයුතු කිරීමයි.

      නිති සකස් විය යුත්තේ බහුතරයක් මිනිසුන්ගේ අවශ්‍යතාවට ය යන කතාව ද ඔබේ අවබෝධයේ සීමාව පෙන්වයි. සරළ උදාහරණයක් පෙන්වමි.

      බෝඩිමක තුන්දෙනෙක් ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන්. සිංහල පුද්ගලයා යෝජනා කරනවා කෑමට ඌරු මස් උයන්න. දෙමළ කෙනාත් කැමතියි. එතකොට බහුතරය හරිනෙ. එතකොට මෙතන ඌරු මස් ඉව්වාට කමක් නැහැ. මොකද බහුතරය කැමති නිසා. මේකට කියන්නේ මහාසම්මතවාදය කියලායි. මේක නූතන සංකල්පයක් නෙමෙයි. යල් පැන ගිය මහ ජාතිවාදී අදහසක්.

      එකම දේ නැවත නැවත කියන එක තේරුමක් නැහැ. මෙතෙක් මං ලියා ඇති දේ කියවා බලන්න.

      ආඩපාලි කීම නවත්වා බුද්ධිමත්ව ක්‍රියා කරන්න.

      Delete
    10. ඔබ කියනා ආණ්ඩුව සමග ඇතිකරගත යුතු සම්මුතිය කුමක්ද?

      Delete
    11. krishan warnakulasooriyaApril 11, 2016 at 4:42 PM

      " මුන් නිසා අපා දුක් විඳිනා අහිංසකයන් දහස් ගණනක් අදටත් මේ මහා පොළොවේ කඳුළු සලමින් ජීවත්
      වෙන නිසාය."
      මා ලංකාවේ කියා නැත . මුන් කියා අදහස් කලේ එවකට ජවිපෙ අබ්යන්තර දේශපාලන නායකයන් ගැනය.
      ඒ අතරින් කුමාර් බලවත් අයෙකි. ඔහුද ඇතුළු නඩය විසින් ගන්නා ලද උම්මත්තක තීරණ නිසා මව්පියන් අහිමි වූ ,
      දුවා දරුවන් අහිමි වූ දහස් ගණනක් අදටත් අහිමිත්වයේ කටුකත්වයෙන් මිය යමින් ජීවත් වෙමින් සිටී . දැන්
      රනිල් බබා දැයි මගෙන් අසන්න එපා. අවම වශයෙන් ඔහු ඔහුට විරුද්ධ චෝදනා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු
      පවසා නිදොස් උනා . ඔය මහා ලොකු මාක්ස්වාදීන් එකෙක්ටවත් ඒ තරම් කොන්දක් නෑ . පාලකයෝ එක්ක ඩීල් ගහලා
      චෝදනා වලින් මග අරිනවා....

      ප්‍රදීප් මංගල අහනවා කුමාර්ට පුරවැසි කම ලබාදිය යුතුද කියලා.? ඔකේ මොනවද අහන්න තියෙන්නේ? දෙන්න ඕනා.
      හැබැයි පඩ ෂෝ දාලා , ඔෆිස් කුඩුකරලා ඉල්ලුවම නෙමේ . ඔය අනිත් අය වගේ ෆෝම් එක පුරවලා , ආණ්ඩුවේ ගාන ගෙවල ඉල්ලුවම
      නීතිමය කරුණු හොයලා බලලා අපරාධ කාරයෙක් නෙමේ නම් දෙන්න ඕනා. මුන් ඉල්ලන විදියට දෙන්න ගියොත් හෙට අනිද්දාට හිරේ
      ඉන්න එකෙක්ගේ සෙට් එකක් කාව හරි ප්‍රාණ ඇපයට අරන් ඌව නිදහස් කරන්න කිව්වොත් එකත් කරන්න වෙයි .

      Delete
    12. //ඔහුද ඇතුළු නඩය විසින් ගන්නා ලද උම්මත්තක තීරණ නිසා මව්පියන් අහිමි වූ ,
      දුවා දරුවන් අහිමි වූ දහස් ගණනක් අදටත් අහිමිත්වයේ කටුකත්වයෙන් මිය යමින් ජීවත් වෙමින් සිටී .//

      තමදරුවන් අධිරාජ්‍යවාදී ඔස්ට්‍ර්ලියාවේ සුවසේ තබා අපේ විශ්වවිද්‍යාලවල දුප්පත් කොලු කෙල්ලන් සමාජවාදී අමුඩය ගස්සවා පාරට ඇද දැමීමේ ගේමක් තවමත් කුමාර්ලා ගසමින් සිටී. දහසක් මවුවරුන්ගේ දරුවන් අහිමිකිරීමට කුමාර් ඉහළපෙලේ නායකත්වය දුන් අතර කුමාර්ගේ මවගේ කදුළු වලට යටින් මා දකින අමිහිරි සත්‍යයද ස්ව්භාවධාරාමයේ නියමයයි. එක දරුවෙකු අහිමි කරගත් කුමාර්ගේ මව කුමාර්ට ලංකාවේ පුරවැසි භාවය ඉල්ලනේ කුමටදැයි ඇයම සිතා බැලිය යුතුය. කුමාර් ලංකාවේ දේශපාලනය කිරීමෙන් තවත් බොහෝ මවුවරුන්ට තම දරුවන් පූර්ණ හෝ අර්ධ වශයෙන් අහිමිවනු ඇතිබව මගේ පූර්ව නිගමනයි. කුමාර්ගේ මවට වුවා මෙන් තවත් මවුවරුන්ට දරුවන් අහිමි නොකර අවුරුද්දේ සිරදඩුවම අවසානයේ කුමාරද සමග කන්ගරුදේශයට ගොස් මිනිපිරියන් දෙදෙනාද සමග ඉතිරි කාලය සතුටින් ජීවත් වන්නේ නම් එය කුමාර්ගේ මවගේ මෙන්ම ලංකාවේ බොහෝ දරුවන්ගේ මවුවරුන්ගේ හිත සුව පිණිස වනුඇත.

      Delete
    13. krishan warnakulasooriya, - මට පෙරටුගාමින් සිදුකරන හෝ සිදුකල දේවල් පිලිබදව කතා කිරීමට අවශ්‍යතාවයක් නැත. මගේ ප්‍රධාන ප්‍රශ්නය කුමාර්ට පුරවැසිභාවය ලබා නොදිමයි. පෙරටුගාමීන් කාර්යාලය කුඩු කිරීම සම්බන්ධව වෙනම පරික්ෂණයක් කල යුතුය. එය කුමාර්ට දේශපාලන නිදහස හෝ පුරවැසිභාවය ලබාදීමට බාධාවක් නොවේය.

      පුරවැසිභාවය ලබාගැනීම සදහා ඉදිරිපත්කල යුතු ලේඛන පිලිබදව මම දන්නේ නැත. එවැනි ලේඛන ඉදිරිපත් කරන ලෙස සහ ගෙවිය යුතු මුදල පිලිබදව ඔහුව ආගමන විගමන දෙපර්තමෛ්න්තුව විසින් දැනුවත් කර තිබේද යන්න පිලිබදව හෝ මම දන්නේ නැත.

      මා පවසන්නේ ඔහු ලංකාවේ ජිවත්වු අයෙකුනම් නැවත ලංකාවේ ජිවත්වීමට කැමතිනම් ඔහුට ලංකාවේ ජිවත්වීමට අයිතිය ලබාදිය යුතු බවය, ඔහු අපරාධකරුවෙකුද නැද්ද යන්න පරික්ෂාකල යුතුනම් එය රජය විසින් කල යුතුය. එලෙස නැතුව දැන් වසරකට වැඩි කාලයක් මෙම ප්‍රශ්නය ඇදගෙන යෑම නොවේය.

      ඔහුගේ දේශපාලනය පරාජය කල යුතුනම් එය කල යුත්තේ ඔහු සිරගතකර දේශපාලනය කිරීමට ඇති ඉඩ ඇහිරීමෙන් නොවේය. ඔහුට පුරවැසිභාවය ලබා නොදිමෙන් නොවේය. ඔහුනිසා ඉදිරියේදී මිනිසුන් තව තවත් දුකට පත්වීය හැකියැයි ඔබ සිතනවානම්, එයට එරෙහිව ජනතාව දැනුවත් කරමින් දේශපාලනය කිරීම ඔබගේ කාර්යයක්ය.

      Delete
    14. //එවැනි ලේඛන ඉදිරිපත් කරන ලෙස සහ ගෙවිය යුතු මුදල පිලිබදව ඔහුව ආගමන විගමන දෙපර්තමෛ්න්තුව විසින් දැනුවත් කර තිබේද යන්න පිලිබදව හෝ මම දන්නේ නැත.//

      හැම දේම දන්නා පණ්ඩිත කුරුටුගමියෝ මේ ටික නොදන්නේ බබාලාද ?

      Delete
  11. කුමාර් ගුනරත්නම් හිරෙන් නිදහස් කර ඔහුට අවස්ය පුරවැසිබාවය නැවත ලබාදීම සිදු විය යුතුය!



    රජයේ දේපල විනාස කල / කරන සියලු දේසපාලන පක්ස සාජිකයන් හෝඅ සාමාජිකයයන් නොවන අයට නීති මගින් කටයුතු කර දඬුවම් ලබාදිය යුතුය!


    අප එකඟ වන හෝ නොවන අදහස් දැක්වීමට පැරා ඇතුලු අප සියල්ලන්ගේ ම අයිතිය සුරැකිය යුතුය.

    ReplyDelete
    Replies
    1. සාරස එක්ක වුනත් එකඟ වෙන්න පුළුවන් තැන් තියෙනවා එහෙනම් !

      මගේ අදහසත් මේකට සමානයි,අපි කුමාර් ගුණරත්නම්ගේ දේශපාලනය පිළිගත්තා,නොපිලිගත්තා ඔහුටත් මේ රටේ දේශපාලනය කිරීමේ අයිතිය පිළිගන්න ඕනේ.

      අනික කුමාර් ගුණරත්නම් ජවිපෙ සැඟවුනු නායකයකුව සිටියේ ඇයි කියන එක දැන් වැඩක් නැහැ.ඔය විදියේ සැඟවුණු නායකයෝ තවත් පක්‍ෂවල ඉන්න පුළුවන්.පක්ෂ අභ්‍යන්තර තීරණ වලින් රටේ සාමාන්ය් ජනතාවට වන බලපෑම මත තමයි මේ විදියේ කරණා ගැන ජනතාව සංවේදී වෙන්නේ.

      Delete
  12. //රනිල් ගැන මා අදහස් දැක්වූයේ රනිල් යනු මේ රටේ කුමාර් සේ ම වැදගත් දේශපාලන සාධකයක් නිසා ය. රනිල් ද ඔහු සේ ම යල් පැන යමින් සිටියි. එහෙත් මේ මොහොතේ අපි ඔහුගෙන් වැඩ ගන්නෙමු.//

    මෝඩ මිනිසුන් මුලා කර ඔවුන්ට ලේ කඳුලු මරන හිමිකර දෙන්නේ ජනතාවාදී ව්‍යාපාරද ??

    මොන නමින් පෙනී සිටියත්, පවතින නීතියට හෝ ඊට පිටින් පෙනී සිටියත්, මොන පාටින් පෙනී සිටියත්, ටයි කෝට් ජාතික ඇඳුම් සිවුරු ලෝගු සිල් රෙදි ඇඳගෙන සිටියත් අවශ්‍ය වූ විට මොවුන් සියල්ලෝම තම පැවැත්ම වෙනුවෙන් මිනී මරයි. ඕනෑම විනාශයක් කරයි. ඕනෑම කපටිකමක් කරයි. ඕනෑතරම් මුදල් වැය කරයි.

    ආන්ඩුවක් කිසිවිටෙක ලබාගත් බලය කාගේවත් චන්ඩිකම් නිසා අතහරින්නේ නැත.
    අතීතයේදී ඉල්ලන් කාපු හැටි මතකනේ. වර්තමානයේදී වුනත් ගේම ඒකමයි. මොලයේ කෑලි අඩු නැත්නම් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න පුලුවන්.

    එනිසා ආන්ඩු වලට වැරදි අවස්ථා වලදී කෙලින්න ගිහිල අපටම කෙලව ගන්නවට වඩා, හැකි තැන්වලදී හෝ ඔවුන්ගෙන් ජනතාවට දීර්ඝ කාලීනව අවශ්‍යවන දේවල් කිහිපයක් හෝ ඉටුකරගෙන ඊලඟ චන්දයෙන් බූරු ආන්ඩු ගෙදර යවා වඩා හොඳ ආන්ඩුවක් පත්කර ගැනීමට ජනතාව ක්‍රම ක්‍රමයෙන් දැනුවත් කිරීමයි සැබෑ ජනතාවාදී ව්‍යාපාර කල යුත්තේ.

    මේ රටේ බහුතරයක් ගොබ්බයින්ට එවැනි දැක්මක් නැහැ. සුලු පිරිසකට පමනක් මෙය තේරෙනවා, යම් උත්සාහයක් ගන්නවා. පැරාත් එවැනි අයෙක් කියා මා සිතනවා. කවුරුන් විසින් හෝ දරන එවැනි උත්සාහයන් කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොයන මා වැනි නිදහස් පුරවැසියන් අගය කරනවා.

    කඩේ යනවාට පැරාට (මාතලන් වැනි අයත් ඇතුලුව) සිරිකොතෙන් රුපියල් දෙදාහා ගානේ දෙනවා කියනවානේ මෙතෙන මඩ කොමෙන්ටු දාන අය. ඒ අයටත් එහෙම කඩේ යන්න කාගෙන් හරි මුදල් ලැබෙනවා ඇතිනේ. පැරාලාට අපි වැනි අය කියන්නේ ඔහොම දිගටම කඩේ යන්න, දීමනාවනවක් ලැබෙනවා නම් එය තව ටිකක් වැඩිකර ගන්න බලන්න, කිසි වරදක් නැහැ. මෙවැනි වෙබ් අඩවිද පැවතිය යුතුයි නිදහස් මිනිසුන් වෙනුවෙන්.

    මනුස්සකම විනාස කර ලබා ගන්නා ප්‍රතිඵලය කුමක්ද ???

    ReplyDelete
  13. තාත්තිගේ උපන්දිනයට අම උදානි දුව සහ අමන්දන් පුතා ඕස්ට්‍රේලියාවේ සිට එවන ලද උපන්දින සුභ පැතුම:

    https://youtu.be/ZvxqmO6nC1s

    ReplyDelete
  14. කුමාර් 2006 රටින් පිටවෙන කොට කුමාර් නිකම්ම නිකම් පුරවැසියා ගිය හේතුව කවුරැවත් දැන නොසිටියේය. කුමාර් 2012 ගිය විට ඔහු ඕස්ට්‍රේලියන් පුරවැසියා ලංකාවේන් පිටමන් කල හැටි මෙසේ කියයි. මෙතරම් නපුරැ අත්දැකීමක් ලබලත් ජනවාරි 08 2015 එන්න හැටි බලන්න එපායේ..

    https://youtu.be/2PjOKZizfkw

    ReplyDelete
  15. මෙවෑනි ලිපියක් ලිවීමෙදි බොරු සන්දහන් කිරීමෙන් වෑලකිය යුතුය( එක අතකට එසේ කීමටද නොහෑක, මිනිසුන් ට එක එක අරමුනු තිබේ) , කුමාර් ගෑන විස්තර එලියට දුන්නා පුද්ගලයා ලෙස ගරු බුහුමන් ලබන්නෙ නන්දන ගුනතිලක ය (මම එවකට ජ වි පෙ සාමාජිකයෙකි, දෑන් කිසිවක් සමග ගනු දෙනුවක් නෑත ) . නන්දන ජ වි පෙ අත හරින්නෙ 2005 දීය . නන්දන දෑන් එ.ජා.ප යේය . මිනිසුන් මිනිසුන්ය, හොන්ද , නරක උගත් , බුද්දිමත් ලෙස වර්ග කරන්නෙ කෙසෙදෑ යි මම නම් නොදනිමි . මිනිසුන් සතු තිරිසන් සහජාස එක් එක අවස්තවලදි එක් එක් ස්වරුපයෙන් එලියට එයි. විප්ලව වාදීන් යයි හන්දුන් වා ගන්න අය විශ්වාස කරන්නෙ තමන්ව සාමාජය දෑන ගත් දා පටන් සමාජ විප්ලවයක් කල නොහෑකි බවය (වෑඩි දුර කියවීම - The Practice and Theory of Bolshevism Bertrand Russell ) සමහර විට කුමාර් ද එසේ සිතන්නට ඈත . ඔබ සුනිල් හන්දුනෙත්තිව ගෙන හෑර පෑම නම් එතරම් හොන්ද නෑත . ඔහු වෑනි දේශපාලකයෙකුට කල හෑක්කේ රන්ජන් රමානයක වෙන්නකු සමග එකට හින්ද , සුනිල් විසින් ගන්න ලද සෙල්ෆි facebook දමා ගෑනීම හෑර වෙනයමක් නොවේ. එයින් ඔබට උවමනා දේද සිතා ගත හෑක.

    ReplyDelete
    Replies
    1. සුනිල් හඳුන්නෙත්ති ප්‍රසිද්ධ පුද්ගලයන් සමග එකට සිටීමෙන් ගොන් ආතල් ගන්නා බව ඇත්ත ය. එය ඔහු විසින් යටපත් කරගෙන තිබෙන සුළු මට්ටමේ ඉරෝටමේනික් මානසික ස්වරූපයක් විය හැකි ය. එහෙත් ඔහු දේශපාලනික වශයෙන් වෘත්තික මට්ටමක් ගොඩනගාගෙන ඇත. එය අගය කළ යුතු ය.

      Delete
  16. I am so Happy :-)

    https://youtu.be/w02CkfCkfSA

    ReplyDelete
  17. කලක් ජවිපෙ ක්රියධරයෙකුව සිට ඉන් ඉවත්ව පසුව ඊලාම් බෙදුම්වාදී අරගලය වෙනුවෙන් ද, පසුව සිරිසේන ජනාධිපති කරවීමේ කොන්ත්රතුව ද කොට, දැන් ලන්ඩන් හි ජිවත්වන ඊනියා සමාජවාදියකු වන අජිත් නමැත්තා විසින් තම ලංකාවේ මාද්‍ය පකීර් බවට පත්වීමේ කොන්ත්‍රාත්තුව තුලින් එජාප ඇමති කරු ජයසුරියගෙන් පදක්කම් ගැනීම දක්වා වන ක්‍රියාවලිය හරහා තම මාද්‍ය ජීවිතය විචිත්‍ර කොටගත් පැරකුම්ගේ ලිපිය පිලිබඳ යමක් ලියන්නට සිතුනි. එමන්දයත් ඒ හරහා එළිදක්වන සුළු ධනේශ්වර සිල්ලර කරුණු කිහිපය කියවන්නා නොමග යවන සුළු බැවිනි.

    පරකුම්ට ලියන්නට ඇති අයිතිය ගැන තර්කයක් නැත.නමුත් එහි හරය සහ දිග හරිම සම්බන්දයෙන් යමක් කිව යුතුව ඇති සිතමි. එසේම, ඔහු එළියකන්ද වදකාගාරයේ සහ ජනරළ සිටි සමයේ ප්‍රගුණ සියල්ල අමතකව සමස්ත රචනාවම දිගහැරෙන්නේ උපකල්පන සහ හිතළු මත වීමම කියන්නේ ඔහු මක්ස්ලෙනින් වාදය පිලිබඳ දක්වන නොදනුවත්කමය.

    ඔහු කර ඇති ප්‍රධාන තර්ක කිහිපය නම්

    1. පෙසප මහින්ද විරෝදී අරගලයට එජාප සමග එකට නොසිටිමම ගේමක කොටසක් බවය. ඔහු මෙසේ කියයි.
    //ප්‍ර‍ශ්නය තිබෙන්නේ මෙම දේශපාලන ධාරාව මෙම ගේම් ගැසීම නවත්වා තිබේ ද යන්න තුළ ය. තමන් පැහැරගෙන ගිය, ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු අතුරුදහන් කළ මහින්ද රාජපක්ෂ පැරදවීම වැළැක්වීම සඳහා 2015 ජනවාරි 08 මැතිවරණයේදී කටයුතු කළ ආකාරය හා ඉන් පසුවත් රාජපක්ෂ බලවේගයේ උවමනාවන් හා අනුගත වෙමින් කටයුතු කරන ආකාරයත් අප අමතක නො කළ යුතු ය. කුමාර් වෙනුවෙන් මැදිහත් වන ගමන් ම මේවා ගැන ද කතා කළ යුතු ය. // ඔහු වක්‍රව කියන්නේ, එජාප වේදිකාවට ජවිපෙ මෙන් එකතු නොවිමම මහින්ද වෙනුවන් කඩේ යාමක් බවය. එසේ විද? මහින්දට කඩේයාමට යමෙකුට අවශ්‍යනම් කඩේ යන්නේ මහින්දගේ දේශපාලනයේ අවසාන තත්පරයේදීද? එජාප වේදිකාවට ගොඩවිනිනම් එය දේශපාලනික නිවැරදි තීරණයක්ද? එසේ ගොඩවිම මාක්ස්-ලෙනින්වාදී වියාපරයකට යෝග්‍යවිද වැනි දේශපාලනික කරුණු විග්‍රහ නොකොට කරන්නේ නියම "උඩින් පල්ලෙන් ඇත ගෑම නොවේද?



    2. විශේෂයෙන් ලංකාවේ මා දැක ඇති එක කරුණක් නම් විශ්වවිද්‍යාල අරගල සහ සිසුන් සම්භන්ධව සාමාන්‍ය පුරුවැසියා දක්වන ඉරිසියාවය සහ හීනමානයයි..එදා ජවිපෙ අරගලය තුල ඇති විශිෂ්ට විප්ලවවාදීන් අතර ඉතා බහුතරයක් විශ්වවිද්‍යාල සිසුන් සිටියහ. එපිලිබන්දව වැටහීමක් සහ ඇසුරක් ඇති පැරා වැන්නාන් සාමාන්‍ය පොදු ජනතාව ටත් වඩා හීනමානයෙන් දැකීම ඔහු ඇති දේශපාලනික පිරිහීම පෙන්වනු මෙසේ පෙන්වයි.//මම නම් කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැනි දේශපාලනික වශයෙන් අඳබාල බලවේග කඩේ යවමින් ඔවුන් තවමත් ගහන්නේ පරණ ගේම ම ය කියා ය.//


    අජිත්ට පිළිතුරක් ලෙස ලෙනින් ගේ ප්‍රකාශයන් ගෙනහැර දැක්වීම වටී . ශිෂ්‍යයන් යනු විප්ලවයේ ගිනිසිළුව වේ 1903 ශිෂ්‍යයා වෙළුම 2-3. ලෙනින් VI මෙසේ කියයි, පන්ති ප්‍රතිවිරෝධතා ආරම්භවීමේ ක්‍රියාවලියේ 1900 සහ ඊට පළමුව රුසියානුවන් කොටස් 6කට බෙදා වෙන් කරයි .1. ප්‍රතිවිප්ලවාදින් 2. උදාසිනයන් 3. ඔප්නන්ව්නන්/ඔසවන්නන් (Uplifter ) 4. ලිබරල් මත දරන්නම් 5. සමාජවාදී විප්ලවාවාදීන් සහ 6. සමාජ ප්‍රජතාන්ත්රිකයන් ලෙසය. ලෙනින් එවක රුසියානු ශිෂ්‍යය වියාපාරය ඇති මහත් බහුතරය දැක්වුයේ ඔප්නන්වන්නන්/ඔසවන්නං ලෙසය. එමන්දයත් සිසුවා අරගලය තුල බලපොරෝත්තුවුයේ ආර්ථිකයේ තමන්ට හිමි කොටස පමණක් අරගල කිරීම වෙනුවෙන වීම නිසාය. (උදාහරණ ලෙස, ලංකාවේ කළමනාකරණ සහ වෛද්ය සිසුන්ගේ හැසිරීම මෙසේවේ.) පසුව සමාජවාදී අරගල වෙනුවෙන් වූ ශිෂ්‍යන් පෙළගැස්වීම සඳහා ව්ලදිමීර් වොයිටින්ස්කි වැනි ශිෂ්‍ය නායකයන් සාන්ත පිටර්ස්බර්ග් සරසවියේ දැවැන්ත කාර්යභාරයක් කළහ.
    වරෙක ලෙනින් ශිෂ්‍ය අරගල්ස් මෙසේ කියයි,
    ........විප්ලවය වෙනුවෙන්වූ ඔබගේ සහයෝගය හදවතින්ම සුබපතමි. අප ඔබට මෙසේ සහෝදරාත්මකව පවසමු: රතු හමුදාවේ සාමාජිකයන් වූ පසු ඔබ සාර් යුධහමුදාවේ සහ රුසියානු සමාජ ප්‍රජාතාන්ත්‍රික සංස්ථාවන්හි ඉහල නිලතල සමග රහසිගත මෙහෙයුම් දියත් කරන්න...ඉස්ක්රා වෙළුම 29, 1902 දෙසැම්බර් 01.

    ඉදින් සමාජ අරගලයේ දී "ශිෂ්‍යාගේ " වගකීම පිළිබඳව විග්‍රහ කරන ලෙනින් අභිබවා ගොස් සුලුධනේශ්වර කුනුවලේ නාගත් පැරා කියන්නට තතනනේ සමාජවාදයට පිංසිදුවන්නට සරසවියට ගියනමුත් "ශිෂ්‍ය වියාපාරය පිලිබඳ අයින්ද්රිය කුහකයකු වන ලන්ඩන් අජිත්ගේ අදහසද?

    ReplyDelete
    Replies
    1. //කලක් ජවිපෙ ක්රියධරයෙකුව සිට ඉන් ඉවත්ව පසුව ඊලාම් බෙදුම්වාදී අරගලය වෙනුවෙන් ද, පසුව සිරිසේන ජනාධිපති කරවීමේ කොන්ත්රතුව ද කොට, දැන් ලන්ඩන් හි ජිවත්වන ඊනියා සමාජවාදියකු වන අජිත් නමැත්තා//මා ගැන මමවත් නොදන්නා බොහෝ දේ දන්නා කිර්ති විජයබාහු - ඔබ මේ තොරතුරු ලබා ගන්නේ ඉන්දික තොටවත්ත ගෙන්ද? සුමනදාස අබේගුණවර්ධන ගෙන්ද? මම මෙච්චර පොරක් බව මමවත් දන්නේ නැත.

      --ඊලාම් බෙදුම්වාදී අරගලය වෙනුවෙන් LTTE සිංහල පත්තරේ හෙම ගහල වැඩ කලේ රෝහිත භාෂණ කියන මහා වාම යුග පුරුෂය හෙමෙනේ. අපි වගේ ඇච්චෝ බැච්චෝ නෙමේනේ. අපි නොදන්නා කමට මහින්දට නේ වැරදිලා සහයෝගය දුන්නේ. බොරු නම් අහන්නකො අර ඔයාල අඳුනන BBC ප්‍රියත් ගෙන්. මාත් එක්ක වලියකුත් ඇද ගත්ත ඊලම් අරගලයට සබ්බුව වදිනවයි කියල 2005 BBQ එකකදී..

      Delete
    2. //සමාජවාදයට පිංසිදුවන්නට සරසවියට ගියනමුත් "ශිෂ්‍ය වියාපාරය පිලිබඳ අයින්ද්රිය කුහකයකු වන ලන්ඩන් අජිත්ගේ අදහසද// මට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයට යාමට හැකියාව තිබෙද්දී සොවියට දේශයට ගියේ මගේ වුවමනාවට මිස කාගේ වත් පක්ෂ කබලකින් නොවේ. මේවා මට ඔප්පු කල හැකි දේය. ලංකාවේ වමේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ බොරුවට ජවිපෙ හා වමේ දේශපාලනය කර ඉන්පසු හොඳ රස්සා රැගෙන කුකයන් වීමය. මේ ඊයේ පෙරේදා කොළඹ විශ්ව විද්‍යාලයේ ජවිපෙ දේශපාලනය කර පසුව සැඟවී සිටි ගුරු බවතෙකු කුමාර් ගේ පිහිටෙන් පරිවාස සමයේ රැකියාවක් ලබා ඊයේ පෙරේදා ශිෂ්‍ය වියාපාරය පිලිබඳ අයින්ද්රිය කුහකයකු වනලෙස ඔබ කියන මට ලංකාවේදී කතා කර කීවේ "මම දැනේ මෙයාගේ දෙවැනියා මේ දෙපාර්තමේන්තුවේ , ළමයි දෙන්නම් මේ ....උසස් විදුහලේ " කියාය.
      ද්‍රවිඩ කොටි සංවිධානයට මුදල් යවා ලංකාවේ දෙමල ළමුන් පහර ගැනීමට ඉඩ සලසන් එවුන්ගේ ළමයි මෙහේ , කැනඩාවේ , ඕස්ට්‍රේලියාවේ ගියේ හොඳ පාසල් හා පෞද්ගලික පාසල් වලටය. මෙයම ජවිපෙ, කොමියුනිස්ට්, නලින් ද සිල්වා ගේ කට්ටිය හා පෙරටු ගාමී සමාජවාදී පක්ෂයේ අයද කරති. එසේ කරමින් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයට අරගල කරන්නට කියති. මේ හැමෝගෙම රෙදි ගලවන්නට මට හැකි වුවත් එය නොකරන්නේ පක්ෂ දේශපාලනයන් නොකරන අපි යහළු කම් මිත්‍ර කම් හා මානව හැඟීම් වලට ඉඩ සලසන හෙයිනි. ඔහේ කියන ශිෂ්‍ය ව්‍යාපාරයේ සිටි අයමය එකිනෙකා මරා ගත්තේ. නිර්මාල් දේවසිරි වගේ අය, රාජිත සේනාරත්න වැන්නවුන් ගෙන් විමසු විට මේවා කියනු ඇත. එස් බි දිසානායක හිටුයෙත් ඔය කියන මහා ලොකු ශිෂ්‍ය ව්‍යපරයේය.
      ශිෂ්‍ය වියාපාරය පිලිබඳ අයින්ද්රිය කුහකයකු වන්නේ අපිය. මම කිසිවිටෙක ශිෂ්‍යයන්ට තනිව අරගල කරන්නට කියා නැත. ලංකාවේ හොර දේශපාලකයන්ට නොරැවටෙන ලෙස පමණක් කියා ඇත. ඔහේ ලෙනින්ව ක්වොට් කරනෙන් ලෙනින් වගේ අය ලංකාවේ ඉන්දිතියි කියාද? ලංකාවේ ඉන්නේ පට්ට හොරුය.

      කුමාර් ගුණරත්නම් ගැන මගේ එකම අදහස වන්නේ ඔහු නිදහස් කල යුතු බව පමණය. නැතුව ඔහු කරන හා කරන්නට සිතා සිටින වැරදි සියල්ලට එකඟ වීම නොවේ.

      Delete
    3. කීර්ති විජේබාහු යනු සංකේතාත්මක නමකි. ඒ වනාහි ජවිපෙ තමන්ගේ නමින් කරන්නට අකැමැති වූ නීච ඝාතන හා වෙනත් ප්‍රහාරවල වගකීම පැටවීම සඳහා නිර්මානය කරන ලද ව්‍යාජ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ව්‍යාජ නායකයාගේ නම ය.

      යමෙකු ඒ නම නැවත භාවිතා කරන්නේ සංඥාර්ථ සහිතව ය. එහෙත්, මේ මොහොතේ හුදෙක් ෆැන්ටසි පමණක් වන වාමාන්තවාදී ලේ පිපාසය ගැන කතා කිරීමට ඩේටා වැය නො කරමි. එහෙත්, මෙය නෝට් කර ගත යුතු දෙයකි.

      1. 2015 ජනවාරි 8 යනු මහින්දව බලයෙන් පහ කරනවා ද නැතිනම් දිගට ම බලයේ තබා ගන්නවා ද යන දෙක පමණක් තිබුණු මොහොතකි. පෙසප හා තවත් වාම කොටස් හිටියේ මහින්දව බලයේ තබා ගැනීමෙන් ඔහුගේ මෙන් ම ධනවාදී ක්‍රමයේ ද විනාශය ඉක්මණ් වනු ඇත යන ස්ථාවරයේ ය. එහෙත්, අප සිටි ස්ථාවරය වෙනස් ය. මහින්ද විනාශ වන්නේ සමස්ත සමාජය ම ජාතිවාදයෙන් හා වෙනත් අගතීන්ගෙන් කුණු කර දමමිනි. එය රෝසා ලක්ෂම්බර්ග් කියූ ආකාරයට ම්ලේච්ඡත්වය වෙත යාමකි. එය තුළින් සමාජවාදය මතු කර ගත නො හැකි ය. අප තෝරා ගත්තේ ම්ලේච්ඡත්වයට එරෙහි අරගලයයි. පෙසප තෝරා ගත්තේ ම්ලේච්ඡත්වය ඔස්සේ සමාජවාදයට යා හැකි ය යන මිථ්‍යාවයි.

      2. ජවිපෙ අරගලය තුළ සිටි අති විශිෂ්ට යයි කියන විප්ලවවාදීන් කිහිප දෙනෙකු හෝ නම් කරන්නට ඔබ අකැමැත්තක් දක්වන්නේ ඇයි ද යන්න පැහැදිලි ය. මන්ද, රංජිතම් ගුනරත්නම්, ආනන්ද ඉඩමේගම හෙවත් ධම්මික හා නිශ්මි වැනි මිය ගිය පුද්ගලයන් ගැන මිස ජීවතුන් අතර සිටින අය ගැන කතා කිරීමට බැරි තරම් ය. කැරැල්ල තුළදී මිය ගිය අය ගැන කතා කරන්නට තිබෙන්නේ ඔවුන්ගේ කැරැල්ල තුළ භාවිතාවන් පමණි. ඒවායේ ඔබ කියන තරම් දීප්තියක් නැත. විශ්වවිද්‍යාල සිසුන්ට සමාජය ඉරිසියා කරනවා ය යන්න අතිශය බොළඳ අදහසකි. මෙය අප වෙනත් තැන්වල විග්‍රහ කර තිබේ. විශ්වවිද්‍යාල සිසුන් යනු රජය ලංකාවේ වැඩකරන ජනතාවගෙන් සූරාකන මුදලින් අසමතුලිත ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින්, සෙසු සම වයස් තරුණයන්ගේ හිමිකම් යටපත් කිරීම මත තම අනාගත ආධිපත්‍යය පිහිටුවා ගැනීම සඳහා අරගල කරන, අනාගතයේ ජනතාව පෙළීම සඳහා පුහුණු වන, සංරක්ෂණවාදී මධ්‍යම පංතික සූරාකන්නන් පිරිසකි. ඔවුන් උත්කර්ෂයට නැංවීම වනාහි ලංකාවේ වැඩ කරන ජනතාවට කරන ද්‍රෝහීකමකි.

      3. මෙම උපුටා ගැනීම් වනාහි ලංකාවේ මාක්ස් ලෙනින්වාදී ආගමිකයන්ගේ බොළඳකමේ තරම ප්‍රදර්ශනය කරන අවස්ථාවකි. මේවා සමාන වන්නේ බුදුන්ගේ යමා මහ පෙළහර ගැන කරන විස්තර, ක්‍රිස්තුන් පාන් බෙදා දුන් ආකාරය වැනි විස්තර සමග ය. මේවා ලෙනින් කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් සංදර්භයක ය. එසේම, අරගලය සඳහා සිසුන් උනන්දු කිරීම සඳහා ය. මේවා අර පසුගිය කාලයේ ගායනා වූ රණ විරු ගී වැනි ඒවා ය. සියවසකට පසුව ඒවා දේශපාලන දේවභාෂිතයන් ලෙස මතුරන ඔබට බුදු සරණයි! දෙවි පිහිටයි!

      //........විප්ලවය වෙනුවෙන්වූ ඔබගේ සහයෝගය හදවතින්ම සුබපතමි. අප ඔබට මෙසේ සහෝදරාත්මකව පවසමු: රතු හමුදාවේ සාමාජිකයන් වූ පසු ඔබ සාර් යුධහමුදාවේ සහ රුසියානු සමාජ ප්‍රජාතාන්ත්‍රික සංස්ථාවන්හි ඉහල නිලතල සමග රහසිගත මෙහෙයුම් දියත් කරන්න...//

      Delete
    4. අංක 1. මන් දන්නා විධිහටත් එහෙම අදහසක් තමා තිබුනේ පෙරටුගාමී සමාජවාදී මහත්වරු අතර

      Delete
  18. . //කුමාර්ගේ ප්‍ර‍ශ්නය විසඳීම වෙනුවෙන් උද්ඝෝෂණය කරන අය මිථ්‍යාවට හා කුහක දේශපාලනයට ද පහර දිය යුතු ය. එහෙම නො කර උපායික ප්‍රේම සම්බන්ධකම් ඇති කර ගන්නෝ ඇත්තෙන් ම කුහකයෝ ය. ඔවුන් නැවතත් සූදානම් වන්නේ පරණ සෙල්ලම ම කිරීමටයි. එසේම, මෙම ප්‍ර‍ශ්නයට දෙන විසඳුම මෙවැනි ප්‍ර‍ශ්නවලට මුහුණ දී සිටින සෙසු සියලු සිංහල, දෙමළ, මුස්ලිම් අරගලකරුවන් හැමට ම පොදු ප්‍ර‍තිපත්තියක් විය යුතු ය.//

    පැරා කියන්නේ LTTE සිරකරුවන් දේශපාලනික සිරකරුවන් බවත් ඔවුන් සමග කුමාර සම තත්වයේ හා සලකන ලෙසය. එසේනම්, ස්ටාලින් සහෝදරයා වරක් පැවසු ලෙස සොල්දාදුවෙකු ජෙනරාල් කෙනෙකු සමග සමතත්වයේ සලකන ලෙසද?

    පෙරටුගාමී වියාපරයට දේශපාලනය මණ්ඩලයට යමක් ඉගෙනගන්නට දෙයක් ඇත. කුමාරට දැන් ඇත්තේ වැඩ දෙකකි, එනම් ලිවිම සහ කියවීමය. ඔහුගේ මෑණියන් ගෙනවිත් ප්‍රදර්ශනය කිරීම පන්ති වියාපරයකට නොහොබිනා ක්‍රියාවකි. එය පන්ති අරගලයට එය කරන දායකත්වයක් නැත. කුමාර නිදහස් කරගැනීමට දක්වන දායකත්වයක්ද නැත.එයිත් අත්වන එකම දෙයනම්, මෙවැනි තකතිරුවන්ට අවලාද නැගීමට උඩ ගෙඩි දීම පමණකි.

    ReplyDelete
  19. මෙහි ඉතා වැදගත් කමෙන්ටුවක් ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 4.30ට දුටුවෙමි. වෙනත් කමෙන්ටුවකට පිළිතුරු ලියා පළ කර රිෆ්‍රෙෂ් වන විට එය දක්නට නැත. එය දැමූ අය ම එය මකා ඇත. ඒ සමග ම ඒ අය විසින් දමන්නට ඇතැයි සැලකිය හැකි තවත් කමෙන්ට් ද මකා ඇතැයි සිතේ.

    සුළු කරුණක් කියන්නට අතිශය සංකීර්ණ භාෂාවක් භාවිතා කර තිබුණු එම කමෙන්ටුව මෙහි පෝස්ටුවක් ලෙස පළ කිරීමට හා සංවාදයට භාජනය කිරීමට අදහස් කර සිටියෙමි.

    එබැවින් එය නැවත පළ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    අදහස් සම්බන්ධයෙන් අප කිසිදු මොඩරේෂන් එකක් කරන්නේ නැත. අප කපා දමන්නේ තේරුමක් නැතිව පුද්ගලයන්ට බැන වදින එක පමණ ය. තේරුමක් ඇතුව නම් බැන්නත් කමක් නැත.

    ReplyDelete
    Replies
    1. පළ කළ අය විසින් ඉවත් කරන ලද එම කමෙන්ටුව සොයා ගතිමි. එය පළ කළ අය සිටින රට ද සොයා ගතිමි. එය පහත නැවත පළ කරමි. පළ කර තිබුණේ ඇනොනිමස් නිසා ඇනොනිමස් ලෙස ම පළ කරමි. එහෙත් එය පළ කරන්නේ මම ය.

      Delete
    2. තමන් දැමූ කොමෙන්ටුව වුවද අනුන්ගේ බ්ලොගයකින් මකා දමන්නේ කෙසේ ද ?

      Delete
  20. පැරා නැවතත් තමා පවසන දෙය පිළිබඳ වැටහීමක් නැති ව දොඩවයි. එනම් නන්දොඩවයි. ලාකීය දේශපාලන වියුණු සටහන්කරණයේ පැරාමය අවකාශය තුළ ස්ථානගත වූ නීච වූ ද දීන වූ ද මෝඝ වූ ද සර්වනාශනීය වූ ද වියුණු සටහන මෙයයි. පැරාගේ මෙම වියුණු සටහන යනු ධනවාදී කෙන්ද්‍රය වටා අංශක 360 ක ලිබරල්වාදී වෘත්ත චලිතයක යෙදී නැවතත් ආරම්භක ස්ථානයට ම පැමිණීමක් පමණි. නටපු තොවිලයකුත් නැත; බෙරේ පළුවකුත් නැත.

    සම්මානනීය වියුණුසටහන්කරුවෙකු ද විශ්‍රමික කැරලිකරුවෙකු ද වන පැරා විසඥකව ලියූ මෙම ලිපිය සාරාර්ථ වශයෙන් සැලකූ කල හඬ නඟා පවසනුයේ මෙය යි:

    "ලිබරල් ධනවාදයේ චිරස්ථිය තහවුරු කරනු සඳහා ලිබරල් ධනවාදය විසින් ම සංස්ථාපනය කරගනු ලැබූ ආවේෂක්ෂණ සහ සංතුලන පද්ධතිය වූ ධනපති අධිකරණ පද්ධතියට ඉහළින් එකී අධිකරණ පද්ධතියේ ස්වායත්ත ගතිකයන් යාමනය කළ හැකි සහ නිශේධනය කළ හැකි දේශපාලනමය බල පද්ධතියක් තිබිය යුතු ය."

    පැරා විසින් යෝජනා කෙරෙන එකී ඊනියා දේශපාලන බල පද්ධතිය කුමක් ද? එය ජරාජීර්ණ ධනපති ක්‍රමයේ කයිකාවල වන පාර්ලිමේන්තුව නම් නො වේ. ලිබරල් ධනවාදය විසින් සමූහ දූෂණයට ලක් කරනු ලැබීමෙන් විළිබිය බිඳගෙන සිටින පැරා කිසිඳු හිරිකිතයකින් තොරව පහත ජුගුප්සාජනක වැකිය දෙක ලියයි.

    //කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු ය. ඔහුට ජනාධිපති සමාවක් දී නිදහස් කළ හැකි ය. එසේම, පුරවැසිභාවය නැවත ලබා දීම සඳහා ආණ්ඩුවට මැදිහත් විය හැකි ය.//

    පැරා විසින් උත්කර්ෂණයට ලක් කෙරෙන ඊනියා දේශපාලන බල පද්ධතිය යනු පුද්ගල කේන්ද්‍ර අසීමිත දේශපාලන බල කේන්ද්‍රණය යි. සිවිල් සමාජයේ බල ගැන්වීම තුළින් ජනතා පරමාධිපත්‍ය ස්ථාපිත කිරීමේ ලිබරල් ධනවාදී සින්තටික ප්‍රලාපයන් පිළිබඳ දාර්ශනික වියුණු සටහන් ලියන පැරාගේ උපවිඥානය තුළට අරක්ගෙන සිටින සර්වාධිකාරී රාක්ෂසයා එසේ ය.

    පැරා පිටුපස වැටී පැරාගේ යම් අවයවයක එල්ලී දේශපාලන දෙව්ලොවකට යාමට සිහින මවන පැරාගේ බැතිමතුන් පැරාගේ මෙකී සැඟවුණු ස්වරූපය නො ලසා ග්‍රහණය කර ගත යුතු ම ය. ධනපති රූපවාහිනියේ ඔබ දුටු අන්තර්ජාලයෙන් දේශපාලනය කළ හැකි ද යන සුදර්ශනගේ ෆුල්ටොස් ප්‍රශ්නයට නිවුණු අහිංසක ලීලාවෙන් පිළිතුරු දුන් වරිතය පැරාගේ ව්‍යාජයක් පමණි.

    පැරා ජතිකවාදී ජවිපෙ සිට ලාංකීය වාම දේශපාලනයේ විප්ලවීය ක්ෂේමභූමයකට පැමිණ කෙටිකලකින් ම ලිබරල් ධනවාදයේ කුලීකරුවෙකු බවට පත් වූයේ මුදල් නිසා ම නො වේ. අප පැරාට ලැබෙන අලියා මාර්ක් මුදල් ගැන කතා නො කරනුයේ එනිස යි. සර්වාධිකාරීත්වය පිළිබඳ ග්‍රස්තික ලාලසාව වූ කලී ඒතා ප්‍රබල හා භයානක පෞරුෂ ලාක්ෂණිකයකි. පෞරුෂ ලාක්ෂණික යනු පහසුවෙන් වෙනස් කළ හැකි ලාක්ෂණික නො වේ. වාම විප්ලවීය දේශපාලනයට ගරහමින් පැරා වර්තමානයේ රඟන ලිබරල් ධනවාදී දේශපාලන න්‍යායාචාර්ය භූමිකාව වූ කලී මායාවකි. එම මායාව විසින් වැසී ඇත්තේ ඉතා විනාශකාරී සර්වාධිකාරියෙකු ය. මයාව බිඳ පැරා නම් වන එකී සර්වාධිකාරී රාක්ෂසයා සමාජයට නිරාවරණය කිරීම අප වෙත පැවරී ඇති ඵෙතිහාසික කාර්යභාරයකි. අපි ඉදිරියේ දී එකී කාරියභාරය ඉටු කරන්නෙමු.

    කුමාර් ගුනරත්නම් සහෝදරයා පිළිබඳ අපගේ ස්ථවරය පැහැදිලි ය. කුමාර් සහෝදරයා පවතින නීතිය යටතේ ලැබූ දණ්ඩනය ක්‍රියාත්මක කරනු. එම නෛතික තීරණය පිළිබඳ පවතින විරෝධතා පවතින නීතියේ ක්‍රමවේදයන් තුළ ක්‍රියාවට නඟා කුමාර් සහෝදරයාගේ නිර්දෝෂිභාවය තහවුරු කරගනු. ඔහුට පුරවැසිභාවය නැවත ලබා ගැනීමට සුදුසුකම් තිබේ නම් එය ලබා දෙනු.

    එකී දෑ කළ යුත්තේ ආගමන විගමන දෙපාර්තමෙන්තුව ඉදිරියේ පිස්සු කෙළීමෙන් හෝ මහා දේශපාලන විචාරක හා න්‍යායාචාර්ය පැරා පවසන ආකාරයෙන් ජනාධිපති බලතල හෝ ආණ්ඩුවේ දේශපාලන බලතල හෝ අවභාවිතයෙන් හෝ නො වේ.

    පැරාට අප පවසන්නේ පවතින නීතිය අණ්ඩබජල් බව ඔබට දැනෙන දේ අපට එදා සිට අද දක්වා ම දැනෙන බව ය. ධනපති නීතියේ අවුල විසඳිය හැක්කේ එයට ලිබරල්වාදී අණ්ඩ දැමීමෙන් නො වේ. මානව ජීවිතය සරැසාර කරනා සාර අභිප්‍රායේ ඒකායන මඟ වූ කලී කොන්දේසි විරහිතව ධනපති ක්‍රමයට පහර දී සුනුවිසුණු කර දැමීමයි. එනම් වාම විප්ලවීය දේශපාලනයයි. පැරා වැනි බහුබූතයන් සමඟ වාම විප්ලවීය දේශපාලනක් කිරීමට යෑම ඉතා බිහිසුණු අවදානමකි. පැරා වැනි ඩයල් වමෙන් තොලොංචි වීම වාසනාවකැයි අප වරක් දෙවරක් නො ව දහස් වරක් පවසන්නේ එබැවිනි.

    //දේශපාලනය නිසා විපතට පත් දරුවන් නිසා මෙවැනි මව්වරුන්ගේ නෙතින් නැගෙන කඳුළ දේශපාලනය ගැන ගැඹුරු ම ඇත්ත වෙත අපේ නෙත් විවර නො කරන්නේ ද?//

    ලිබරල් ධනවාදී කැඳ හැලියට පැරාගෙන් මානවවාදී ලුණු මිටක්!!!

    ReplyDelete
    Replies
    1. සංකීර්ණ භාෂාවකින් දවටා ඇති මෙහි ඇති ඉතා කුඩා අරුත සරළ බසින් හා එයට මගේ ප්‍ර‍තිචාරය අවුරුදු නිවාඩුවෙන් පසුව වෙනම සටහනක පළ කරමි.

      Delete
  21. කාලෙකට පස්සේ ඇනොල සා රස අජිත් පැරා රසික හැමෝම පොදු අරමුණක. Face Book වල අනුරගේ voice cut වලට like දැම්මට ජෙප්පන්ට චන්ද නැති හේතුව තමයි මේ. ජනතාව ජෙප්පන් හෝ පෙරෙට්ටන් හිතන තරම් මෝඩ නැත. වි වි වලට යන දුප්පත් කොලු කෙල්ලන් අන්දවා කරන පවුකාර කමට "වෙන්ට ලෙනින්" අනුරාදපුරයෙන් ආ ගමන් ආපසු පටවා යැවිය යුතුය. Sorry, Rasika.

    ReplyDelete
    Replies
    1. ඔහුව ආපසු හරවා යැවිම තුලින් ඔබ ලැබේයැයි අපේක්ෂා කරන දෙය කුමක්ද?

      ඔහුගේ දේශපාලනය පරාජයකල යුත්තේ එයට එරෙහිව මිනිසුන් සංවිධානය කිරීම මගින්ය, ඔහුව භෞතිකව ඉවත්කර හෝ බාධාවන් පමුණවීම මගින් අනෙක් මිනිසුන්ට දෙන පණිවිඩයනම් ආණ්ඩුවට එරෙහිවුවිට නීතීයේ ඇති වගන්ති පෙන්වා (මීට කලින් සුදු වැන් මගින් උස්සා, නැතහොත් පහරදි) ඔවුන්ව නිශ්ශබ්ධ කරවන බවයි. නැතහොත් පැරකුම් (ආණ්ඩුව වෙනුවෙන් රෙදි නැතිව පෙනි සිටින්නන්) කියන පරිදි ආණ්ඩුව සමග සම්මුතියකට පැමිණ ප්‍රශ්නය විසදාගත යුතු බවයි.

      මෙය යහපාලන ආණ්ඩුවේ පටන් ගැනීම පමණය, ඉදිරියේදී පැරකුම්ලාට රජයේ මර්ධනය යටතේ ඉන්දියාව රහසිගතව පලායන්නට වු ආකාරයටම තවත් පිරිසකට රහසිගතව පලායෑමට සිදුවනු ඇත.

      Delete
    2. //ඔහුව ආපසු හරවා යැවිම තුලින් ඔබ ලැබේයැයි අපේක්ෂා කරන දෙය කුමක්ද?//

      මම නම් අපේක්ෂා කරන දෙය වෙන්නේ,
      කුමාර්ගේ අම්මට එක දරුවෙක් අහිමි වුණා වගේ මේ රටේ තවත් අම්මලාට දරුවෝ අහිමි කරන අවස්ථාවක් නැවත ඇති කිරීමට කුමාර් ල ගන්න උත්සාහය වලක්වන ඒක.
      කුමාර්ගේ අම්මට එයාගේ පුතාත්, අනික් අම්මලට ඒගොල්ලන්ගේ පුතාලත් තව ටිකක් කල් පණපිටින් දකින්න ඉඩ හදල දෙන එක.
      88/89 වගේ ශාපයක් නැවත ඇති නොවෙන එක.

      Delete
    3. ප්‍රභාත් ඔයාත් අර කිරිති විජේබාහු නැමත්තාත් අතර කිසිදු වෙනසක් නැත්තේ ඇයි ? පක්ෂ දේශපාලනයකට ගතු නොවුණු නිදහස් මතධාරින් සිටිනවා යැයි පිළිගන්නට ඔබට ඇති නොහැකියාව කුමක්ද? කාට හරි ලේබල් එකක් ගැසීම මිස විවෘතව හිතන්නට ඔබට නොහැකිද? ඔය ඇමෙරිකාවේ ඉඳිමින් කරන ජෙප්පන් හන්වඩුවට මම ඕනෑ තරම් පිළිතුරු දී තිබේ. මගේ බ්ලොගයට ගිහින් බලන්න.

      Delete
    4. මා දන්නා දේශපාලනයක් නැත. නමුත් දරුවෙක් ලෙස දෙමව්පියන් විඳි ආතතිය දනිමි. එයට මුල්වුවෝ කවුරුන්ද යන්න අද රසිකගේ බ්ලොගයේ කියා ඇත. එකමත් එක කලක එසේ කල ඔවුන් අදත් තව කවුරුන් හෝ අන්දා ගුටි කෑමට සලස්වා නිල නොලත් බලයකට කෙල හලති. මතු බුදු වෙනවාය කියන ගිහියන්ටද රහත් යයි කියන මහනුන්ටද ප්‍රාතිහාර්ය පෙන්වන පුජකයන්ටද රැවටෙන රටක මෙවන් manupalitive මිනිසුන් සිටීම නයින් රෙද්ද අස්සේ දමාගෙන කෑ ගැසීමකි. "වෙන්ට ලෙනින්" හිරේ දැම්මේ නඩු අසා ඔහුටද කැමති පරිදි නීතිමය නිදහස ඇතුවය. තීන්දුවට අකමැතිනම් ඉහල උසාවියකට යා හැකිය. ජෙප්පන් හෝ පෙරෙට්ටන් මෙයට අකමැති ඔවුන් ගේ ක්‍රමය නිවසට පැමිණ මරා දැමීම නිසාද? කරුණාකර AnonymousApril 11, 2016 at 9:00 AM සටහන බලන්න. එය ලිව්වේ මා නොවුනත් එය මගෙත් අදහසයි.
      අජිත් අහක යන තොප්පියක් දමාගෙන තිබේ. මගේ කනගාටුව! ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පිළුතිරු ලියා විවාද කොට දිනා ගැනීමට කිසිවක් නැත.

      Delete
  22. අමතක වුණා, පැරා ගෙ cartoon නියමයි. පුදුමයි කවුරුවත් ඒ ගැන සඳහනක් නොකරපු එක.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං. මං මේ දවස්වල කාටුන් කලාව ඉගෙන ගන්නවා. පහුගිය දවස්වල තලංගම ජයසිංහගේ පළාමල්ල කාටුන් එකතුව බැලුවා. අම්මට හුඩු! ඒවනේ යකෝ කාටුන් චිත්‍ර‍! අනේ අපි කවදාක පිහිනමුද ඒ ගඟේ!

      Delete
    2. You will get there. I like the simple lines and watercolor effect. Keep it up.

      Delete
    3. same here para. I actually thought you took it from somewhere else. When Prabhath mentioned I realised it's yours.

      Delete
  23. This is from Rasika's blog:

    "සියලුම ධිවරයින් ධිවර අමාත්යංශය සමග ලියාපදිංචි වී සිටින බැවින් කිසිවෙකු මගහැරුනේ නැහැ."

    ධීවරයන් ලියාපදිංචිය ගැන එකේ තිබුන ප්‍රයෝජනය ගැන දන්නා කතාකරන ජෙප්පොම ගොවියෝ අන්දගෙන පාරවල් වහගෙන ගොවි ලියාපදිංචිය ට එකසිය ගානට විරුද්ද වෙනවා. නොදකින් මුන් වගේ අවස්ථා වාදීන්....

    ReplyDelete
  24. ජවිපෙ දේශපාලන ක්‍රියාකාරින් නායකයන් හා සාමාජිකයන් ලෙස වෙන වෙන් කාණ්ඩ ඇති බව ඇත්තකි. නමුත් ඔබ කියන ආකාරයට, හැංගි හැංගි දේශපාලනය කරමින් ගේම් ගැසිමකට වඩා ප්‍රසිද්ධ නායකයන් වන්නට සියලු දෙනාම වැඩ කරන්නේ නැත. ඔබ දකින කෝණයෙන් 2005-2006 ජවිපෙදේශපාලන සංවාද ගැන විවිධ සැක සංකා මතුකරන්නට පුලුවන. එහෙත් මා දන්නා ආකාරයට ජවිපෙ දේහපාලන ක්‍රියාකාරිකයන් වැඩ කරන්නේ සිය නායකයන් ගැන දැනගෙනය. ඔවුන් අතර සර්වතෝබද්‍රයන් නැත. එකකු දක්සය..තවකෙකු සෙසු සගයන්ගේ මගපෙන්වීම ලබයි...වැදගත්වන්නේ ජවිපෙ දේශපාලනයේ අරමුන හා ඒ වෙනුවෙන් ඇති ක්‍රියාමාර්ග ඇගැයිමය...දේශපාලන අභිලාශය හා ක්‍රියාමාර්ග අතර සම්බන්ධය වැරදි නම් එය විවේචනය කිරීම සාධනීය වේ. නමුත් ඔබ කරන්නේ කල්පිතයන් මවමින් ඒවාට උඩ පැන පහරදිමය..ධීවර ඇමැති කාලයේ චන්ද්‍රෙස්න විජේසිංහ ගැන කිසිවකු ලියා ඇති ආකාරයෙන් ජවිපෙ සමාජිකයන් හා ක්‍රයාකාරීන් විග්‍රහ කිරිමෙන් ඔබ ජවිපෙට නෙලීමට පාරක් කපාගෙන ඇත. එහෙත් සංවිධායකයන් හා සාමජිකයන් ලෙස ඇති වෙනස්කම හැරෙන්නට ඔබ කියන ආකාරයේ රෑකඩ නැටවීම් වමේ පක්ෂවල අඩුය. විශේෂයෙන් ජවිපෙ ඇමැතිධුර දරන කාලයේ සිදුවිම් පිටතින් බලා පළකරන නිරීක්ෂන යොදාගෙන මෙවැනි ප්‍රලාප පතුරවන එකෙන් කිසිදු දේශපාලන ඵලයක් අත්පත් කරගත නොහැකිය...අජිත් සොයුර. ඔබ තමන් කේනද්‍රකරගත් අදහස් පද්ධතියක ගොදුරක් වෙමින් සිටි! ඔබේ පෙර දේශපාලන ක්‍රයාකාරකම් පිළිබද ඇගයිම ඇතිව ඒ අඩුපාඩුව ගැන මා තුළ ඇත්තේ විස්මයකි, කනගාටුවකි...

    ReplyDelete
  25. commenter can delete their own comments in blog comments. Not only admin.

    ReplyDelete
  26. මට අජිත් පැරකුම්ගෙ අදහස් ඒක්ක ගැටලුවක් නෑ.. නමුත් පහල වීඩියෝ ඒකේ තිබුන යම් අදහස් ඒක්ක ගැටලුවක් පැනනැගුන. ඒකෙ ඒක් අයෙක් කියනව කුමාර් අසනීප තත්වයෙන්ලු ඉන්නෙ. ඒ සමගම ඔහු කියනව කුමාර්ගෙ මව මහලු වයසෙ ඉන්න නිසා බලන්න යන්න කරදරයිලු. ඒ නිසා පහසු හිරගෙදරක් දෙන්න කියල ඔවුන් බලකරනව.ඒ වගේම ජනාධිපති බලතල පාවිච්චි කරල ඔහුව නිදහස් කරන්න කියලත් කියනව. ඒක අැත්ත වෙන්න පුළුවන් හැබැයි මම අහන්න කැමතියි අවුරැදු15,20 හිරකරගෙන ඉන්න අනෙක් දේශපාලන සිරකරැවන් ගැනත් ඒ මට්ටමෙන්ම හිතනවද කියල. කොටින්ම මමත් හිරේ හිටිය අවුරැදු හතරහමාරක් මමත් ඔය හැම හිර ගෙදරකම හිටිය. අවසානයේ අවුරැදු දෙක හමාරක් ඒකදිගටම මාව තියාගෙන හිටියෙ යාපනය හිරගෙදර ඒ අවුරැදු දෙකහමාරටම කිසිම කෙනෙක් අාවෙ නෑ මාව බලන්න. ඒ වකවානුෙව සාමාන්‍ය කෙනෙකුට යාපනයට ඒන්න පුළුවන්කමක් තිබුනෙත් නෑ. හරියට අදින්න අැදුමක්වත් මට තිබුන් නෑ. සරම් කෑල්ලක් හරි ගෙනත් දුන්නෙ රතුකුරැසෙන්. හැබැයි ඔය කිසිම වාමාංශික දේශපාලන සංවිධානයක්,කමිටුවක් හෝ ඒන්ජීඔ් ඒකකටවත් මාව වැදගත් වුනේ නෑ. ඒ මම පොරක් නොවෙන නිසා. මගේ අම්මත් ගොඩක් වයසයි. මගේ අවුරැදු 7ක් වයස පුතාවත් පාසලෙන් අයින් කරගන්න කියල බල කලා. පසුව අයින් කරගන්න සිද්දවුනා. හැබැයි ඔය කිසි සංවිධානයක් ඒ් වෙනුවෙන් පෙනී හිටියෙ නෑ, ඒ මම පොරක් නොවන නිසා. සමහර අපේ වාමාන්සික දේශපාලන සගයන් මාව විතරක් නෙමේ මගේ දරැවන්ව පවා විකුණළ ලක්ෂගානක් මුදල් ගන්නව හැබැයි ඒ ගොල්ලන්ට මතක් උනේ නෑ මගේ දරැවොත් බඩගින්නෙ ඉන්නව කියල, ඒ මම පොරක් නොවන නිසා. කියන්නනම් ගොඩක් දේවල් තියනව ඒත් පෙරටුගාමී සංවිධානය ඔ්කට සම්බන්ධ නිසා අදටත් මගේ හිත රිදවන කවුරැවත් නොදන්න රහසක් කියන්නම් ඔය පෙරටුගාමී සංවිධානයෙ ඉදල අතුරැදහන්කළ ලලිත්,කූගන් ගැන, ඒක ඔය පෙරටුගාමීන්වත් දන්නැතිව අැති. අහම්බෙන් සති දෙකකට යාපනය හිර ගෙදරට ඒන්න සිද්දවුන ලලිත් කුමාර් වීරරාජ්ට, කූගන් මුරැගානන්දන්ව මුනගැස්සුවෙ මම. මොකද ඒ් වෙනකොට යාපනය හිරගෙදර හිටිය ඒකම සිංහල සිරකරැව මම. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරමින් සිටි ලලිත්ට යාපනය හිරගෙදර දෙමල සිරකරැවන්ගෙන් විශාල විරෝධයක් ඒල්ල වීම වැලැවිය නොහැකි කරැණක් උනා. නමුත් ඒ විරෝධය සමනය කරල යම් සංහිදියාවක් අැතිකරන්නට මට හැකියාව ලැබුනෙ අවුරැදු ගානක් ඒ තුල සිටිය නිසා දෙමල සිරකරැවන් මා වෙත දැක්වූ පිළිගැණීම නිසාමයි. මා ඒසේ කළේ වෙන කිසිම හේතුවක් නිසා නොව මිනිහෙකුට තවත් මිනිහෙකු වෙනුවෙන් කළ හැකිව යමක් තිබියදී ඒය නොකර සිටීම මට තරම් නොවන නිසාය...... පැරා මට සමාවෙයන් උබේ පෝස්ටුවෙ අනවෂය යමක් මම ලිවුවනම්....

    ReplyDelete
  27. මෙන්න බොලේ මේ බ්ලොග් පෝස්ට් එකේ මගේ නමත් තිබිලා. අදනෙ කියෙව්වේ..
    කුමාර් ගුණරත්නම් නිදහස් කරනවට පැරාත් කැමතියි එහෙනම් ඈ..
    ඒත් ඇයි දන්නෙ නෑ යහපාලනේ මහ එකාලට ඔය ටික නොතේරෙන්නේ...වගේම තේරුම් කරල නොදෙන්නේ..?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා