ජීවිතාරක්ෂාව සඳහා විදේශගත වූ හැටි

මේ පිංතූරෙ ගානට කොණ්ඩෙ වැව්වෙ රස්සාව නැති වෙලා මාස තුනකට විතර පස්සෙ  
ඇත්තෙන් ම ජීවිතාරක්ෂාව සඳහා රටින් පළා යන්නට වුණ කෙනෙක් තමයි දන්නේ ඒකේ දුෂ්කරකම.

අවුරුද්ද 2007. දරුවන් නැතිව වසර 10කට පසුව මගේ බිරි ගැබ්ගෙන හිටියා. දරුවා ලැබෙන්න නියමිත වුණේ අප්‍රේල් මාසේ. අපි ඒ වෙනුවෙන් සූදානම් වුණා. බිරිඳට මෝටර් බයිසිකලයේ යන්න හොඳ නැති නිසා ම අපි පුංචි මරුති කාර් පොඩ්ඩකුත් ගත්තා ලීසිං එකක් පිට. අතින් භාගයක් ගෙව්වා ණය වෙලා. ඉතිරි ටිකේ ලීසිං එකට මාසිකව ගෙවන්න තිබුණු රු. 12,000 මහ මෙරක් වගේ. ඒ ගාන මගේ මාසික පඩියට වඩා වැඩියි. රජයේ සේවයේ සිටි අපේ නැන්දා කෙනෙකුට ඒකෙ ඇපයට අත්සන් කරන්න කතා කළාම බැහැ කිව්වා. හැබැයි, ඒ කාලෙත් මං පරිවර්තන වැඩ කරපු නිසා අපට ආර්ථික අහේනියක් තිබුණෙ නැහැ.

මාර්තු මාසෙ අග භාගෙ ඉස්කෝලෙ ස්පෝට්මීට් එක. මහන්සි වෙලා වැඩ කළා. ඒ දවස්වල ම තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේ මිතුරෙක් හා තවත් කීපදෙනෙක් අතුරුදහන් වුණේ. මම හිටියෙ යුද විරෝධී ස්ථාවරයක. බලය බෙදීම ඔස්සේ ජාතීන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවීම වෙනුවෙනුයි අපි කැම්පේන් කළේ. මම අන්තිමට හිටපු දේශපාලන කණ්ඩායම තුළ එකට සිටි දෙමළ හා සිංහල සහෝදරයන් ප්‍ර‍වර්ධනය කළේ සහසන්ධීය රාජ්‍ය විසඳුමක්. 

පසුව ආරංචි වුණ හැටියට අප සමග තරමක් සමීපව සිටි කණ්ඩායමක් ම අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒ පිරිසේ හිටපු මං අර කිව්ව දුම්රියේ වෘත්තීය සමිති සහෝදරයා අන්තිමට මගෙන් සමු ගත්තේ කටුනේරිය පැත්තේ පල්ලියකදී අපි කරපු සාකච්ඡාවකින් පසුවයි. 2003දී චම්පිකලාගේ සිහල උරුමය විසින් පහර දීපු, හිරු කණ්ඩායම විසින් සංවිධානය කළ සිහල දමිළ කලා උළෙලෙන් පසුවයි මේ සාකච්ඡාව පැවැත්වුණේ. අපි සාකච්ඡා කළේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම ගැනයි. ඒත්, හැමදාම වගේ එදාත් මේ කතා විධිමත් අවසානයකට ආවෙ නැහැ. 

“අපි මෙතනින් වෙන් වෙමු. පස්සෙ පුළුවන් වුණොත් නැවත හමු වෙමු." දුම්රියේ සහෝදරයා කිව්වා. ඉන් පසුව අපි අතර කතා බහක් තිබුණේ නැහැ. කොළඹදී රැස්වීම්, උද්ඝෝෂණවලදී අපි හමු වුණා විතරයි.

ඊට පස්සෙ අපි හිරු සතිපතා පුවත්පත පටන් අරගත්තා. මං කර්තෘ විදියට පුවත්පත කරන්නත්, භාෂණ දේශපාලන ව්‍යාපාරයක් හදන්නට මැදිහත් වන්නටත් තමයි අපි කතිකා කර ගත්තේ. මං හිටියෙ රස්සාව දාලා පූර්ණ කාලීන දේශපාලනයට එන්න. ඒක නො වුණේ අර දේශපාලන ව්‍යාපාරයේ වැඩේ කෙරෙන තැනකට ගේන්න භාෂණ වැඩ නො කළ නිසායි. 

භාෂණ, ජූඩ් ලාල් යන දෙන්නා හිටියේ උතුරේ අරගලය සම්බන්ධයෙන් දැඩි භක්තිමත් ස්ථාවරයක. අපි උතුරු පෙරමුණේ පසුමුණක් පමණක් බව තමයි ඔවුන්ගේ අදහස වුණේ. එතකොට දකුණේ සිංහලයන් වන අපට දේශපාලනයක් නැද්ද කියන ප්‍ර‍ශ්නය මං දිගට ම මතු කළා. 

අපේ කාර්යය දකුණේ දේශපාලන ව්‍යාපාරයක් හදන එක ය කියන ස්ථාවරයේයි අපි වැඩි දෙනෙක් හිටියෙ. කොහොම වුණත්, හිරු පත්තරය සම්බන්ධයෙන් අපි හිටිය ස්ථාවරය වුණේ උතුරේ අරගලය ගැන දකුණට තොරතුරු නැති ඒ තොරතුරු පරතරය අපි මාධ්‍ය මගින් පුරවන්නට ඕනෑ ය කියන තැන. ඒ වෙනුවෙන් අපි අනතුරුදායක ලෙස පෑන හැසිරෙව්වා. 

හිරු කණ්ඩායම තුළ ගැටුම් උග්‍ර‍ වුණේ සුනාමිය දවස්වල. එක්ස් කණ්ඩායම කැඩුණේත් මේ වකවානුවේ ම තමයි. අභ්‍යන්තර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, දේශපාලන ව්‍යාපාරයක් ලෙස පුළුල් වීමේ අවශ්‍යතාව, දකුණ කේන්ද්‍ර කරගෙන දේශපාලනය කිරීම වැනි කාරණා පදනම් කරගෙන අන්තිමට මම හා තවත් පිරිසක් හිරු කණ්ඩායමෙන් ඉවත් වුණා. 

හිරු පත්තරේ නැවතුණා. අපි ලංකා ලෙෆ්ට් වෙබ් අඩවිය පටන් ගත්තේ ඉන් පසුවයි. ඒ කණ්ඩායමටත් වැඩි කල් එකට ඉන්න බැරි වුණා. දෙමළ සහෝදරවරු යුද්ධයේදී යුද විරෝධී ස්ථාවරය අතහැරියා. අපි විසිරුණා. 

සිවරාම්ව උස්සලා මරපු එක අපි හැම කෙනෙකුට ම අපේ ඉරණම ගැන දීපු සංඥාවක් වුණා. ඒත්, කරන්න දෙයක් තිබුණෙ නැහැ. 

2007 මාර්තු වෙනකොට අපි බොහෝ දුරට විසිරිලා. වැඩ කටයුතුත් නැවතිලා වගේ. මං දිගට ම රාවය පත්තරේට ලිව්වා. ඒකත් කළේ අපේ මිතුරන්ගේ උපදෙස් නො තකායි. ඔවුන් කිව්වේ එයත් නවත්වා නිහඩව ඉන්න කියලායි.

අපි නො දැන ම, අර දුම්රිය සහෝදරයා ඇතුළු කණ්ඩායම දුර ගමනක් ගිහින් තිබුණා. උතුරෙන් පුහුණුව හා ආයුධ අරගෙන දකුණේ සන්නද්ධ ව්‍යාපාරයක් හදන්නයි ඔවුන් උත්සාහ කළේ. ඒත්, ඇතුළේ ම ගැටුමක් එක්ක කවුරුන් හෝ එම සංවිධානය පාවා දීලා සියලු දෙනා ත්‍ර‍ස්ත විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත්තා. සිංහල කොටි කියලා හැඳින්වුණේ මේ අයයි. 

ටෙරල් හිටියෙ හිරු කණ්ඩායමේ. මාර්තු මාසේ අගහරියේ දවසක ඔහු මට දුරකථන ඇමතුමක් දීලා ඇවිත් මතුගමදි මාව හමු වුණා. මං හිටියෙ මගුල් ගෙදරක යන්න ලැහැස්ති වෙලා. ඒකත් නවත්තලා අපි කතා කළා. පස්සෙ මගේ බිරිඳත් වැඩ ඇරිලා ආවා. 

ටෙරලුයි, මායි, අපේ බිරියනුයි අපි එකට ඉන්න කාලෙ බෙදා ගත්ත පොදු ප්‍ර‍ශ්නයක් තිබුණා. ඒ දරුවන් ලැබීම පමා වීමේ ගැටලුව. ඒ වෙනකොට ටෙරල්ගේ බිරියට දරුවකු ලැබී තිබුණා. මගේ බිරිය ගැබ් අරගෙන. 

ඒ කාලෙ තමයි, ත්‍ර‍ස්ත විරෝධී ව්‍යාපාරයෙන් අර වෘත්තීය සමිති කොටි, මාධ්‍ය කොටි ආදීන් මර්දනය කරනු කියලා අපව ටාගට් කරලා පෝස්ටරයක් ඇලෙව්වේ. 

ටෙරල් කිව්ව කතාව මේක: 

“මචං, කේ. විජේසිංහ රාවය පත්තරෙන් කෝල් එකක් දීලා තිබෙනවා ඒ ගැන අහන්න චම්පිකට. එතකොට චම්පික බැනලා තිබෙනවා රාවයේ අයත් ඔය එක්ක සම්බන්ධයි. අපි ළග තිබෙනවා අජිත් පැරකුම් ජයසිංහයා ට්‍රේනිං වෙන ෆොටෝ. අපි ඒවා ආමි වෙබ් සයිට් එකේ දානවා. උඹ උන් එක්ක ගනුදෙනු කළා ද?"

මේ මොන මළ හත්තිලව්වක් ද? මං ඒ වෙනකොට කළෙ රාවයට ලියන එකයි, කොළඹ රැස්වීම්, උද්ඝෝෂණ ආදියට එන එකයි විතරයි. මට හීන් දාඩිය දැම්මා. ඇයි යකෝ අපේ ගමේ එවුන් ඇවිත් ගෙට ගිනි තියාවිනේ. කරපු මගුලකට නම් කමකුත් නැහැ. අනෙක කොහේ යන්න ද තනි මං. ඒ වෙනකොට දේශපාලනිකව මගෙත් එක්ක සංවිධානගත වෙලා හිටියෙ මගේ බිරිඳ විතරයි. එයා හිටියෙ මාස අටක දරු ගැබක් දරාගෙන. 

ටෙරල් කිව්වේ රට පලයං කියන එක. ඒත් මං කොහේ යන්න ද? ඒකට ක්‍ර‍මයක් හදන්නං කියලා ටෙරල් කිව්වා. 

සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ ආරක්ෂක ලිපියේ ඡායාරූප වගයක් පළ වුණා. ඒවා අර කණ්ඩායමේ කොම්පියුටරයකින් ගත් එ්වා. ඉන් එකක මං වගේ පොරක් යුද පුහුණුවක් කරන දර්ශනයකුත් තිබුණා. 

ඉන් පස්සෙ මං හැංගෙන්න පටන් ගත්තා. ඉස්කෝලෙ යාමත් නැවතුණා. අපේ පවුලේ අනෙක් අය මහින්දට ඡන්දෙ දීලා එහෙම තමයි හිටියෙ. හිතා ගන්න පුළුවන් නේ ආසන්න ම කවයේ තත්වය. දේශපාලන කණ්ඩායමකුත් නැහැ. මං තනි මිනිහෙක්.

දවසින් දවස තත්වය තීව්‍ර‍ වුණා. උච්ච ම තැනට ආවේ “සිංහල කොටින්ට සම්බන්ධ රජයේ ආයතනයක රැකියාව කරන අජිත් කෙනෙකු අත්අඩංගුවට ගන්නට සොයන බව" ලක්බිම පත්තරේ මුල පිටුවෙ පළ වුණාට පස්සෙයි. 

එදා මං පරණ හිරු පත්තර, අරවා, මේවා ඔක්කොම පිච්චුවා. ඒ වෙලාවෙම මාව අල්ලන්න එයි කියලායි මං හිතුවෙ. ඉන් පසුව අර බඩ දරු අම්මවත් අරගෙන ගෙදරින් පිට වුණා. දවස් ගානක් අපි හිටියේ තැන් තැන්වල. 

ටෙරල් උපදෙස් දුන්නේ වේලක්කන්නි පල්ලි යනවා ය කියා වීසා අරගෙන ඉන්දියාවට යන්න. මා ළග සල්ලිත් තිබුණෙ නැහැ. ටෙරල් ටිකට් එකක් ගෙනත් දුන්නා. සල්ලි ටිකකුත් දුන්නා.

පුංචි බෑගයක රෙදි කෑලි දෙක තුනක් දාගෙන යන්නේ කොහේද, වෙන්නේ මොනවද, ආපසු එන්න ලැබෙයිද කිසිවක් නො දැන මං ගුවන් තොටුපළට ආවා. 

අද මහින්ද නිසා අන්ධ වී සිටින මගේ බිරියගේ මස්සිනා මාව ගුවන් තොටුපළට ඇරලලා මං නො පෙනී යනකල් බලා හිටියේ පාස්පෝට් කවුන්ටරයේදී මාව නවත්තා ගනියි ද කියලා බයෙනුයි. මගේ පපුව ඩිග් ඩිග් ගෑවා. මාව නැවැත්තුවේ නැහැ. 

මස්සිනා කොළඹට යන්නට කලින් මං බැංගලෝර් ගුවන් තොටුපළෙන් බැස්සා. 

මේ වකවානුවෙ ජවිපෙ හිටියෙ යුද්ධයට ආවඩන ස්ථාවරයකයි. විමල්ලාවත්, පෙසපවත් ජවිපෙන් කැඩිලා තිබුණෙ නැහැ. ඔක්කොම හිටියෙ එකට. නියමින් හා අනියමින් ඒ සියලු දෙනාම හිටියෙ ආණ්ඩුව එක්ක. උන් ඔක්කොම හිටියෙ අපට දෙන්නං ජම්බු කියන ස්ථාවරයේයි.

ඉතින් අපේ ඉස්කෝලේ හිටිය ජවිපෙ සහෝදරවරු මාසයක් යන්න කලින් මට සේවය හැර යාමේ ලියුම නිකුත් කරන්නට තරම් දක්ෂ වුණා. ඒක කළේ ස්පෝට්මීට් දවසෙ හැන්දෑවෙ අපිත් එක්ක එකට බීපු ප්‍රින්සිපල්ව අල්ලගෙන. මං රට ගියේ “අසනීපයි. නිවාඩු දෙන්න." කියලා ටෙලිග්‍රෑම් එකක් ගහලායි. 

මාසයක් ඇතුළත මට සේවය හැර යාමේ ලියුම් දෙකක් ම නිකුත් කළේ “ඔබ නො දන්වා විදේශගත වී ඇති බව විදුහල්පතිවරයා විසින් තහවුරු කර ඇති බැවින්" කියන කෑල්ලත් එක්කයි. ඒවා අර සහෝදරවරුන්ගේ දක්ෂකම්. ඒවා ජාතික මට්ටමේ වැඩ නෙමෙයි. ප්‍රාදේශීය මට්ටමේ වැඩ.

හිරු කණ්ඩායම දුන්නේ වෙන ගේමක්. ඔවුන්ට අවශ්‍ය වුණේ මාව සීන් එකෙන් අවුට් කරලා දාන්නයි. මාස තුනක වීසා අරගෙන ඉන්දියාවට ගිය මාව ඔවුන් ඉන් පසු අතහැර දැම්මා. 

ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඒ අජිත් මං නො වන බව දැනගෙන හරි අජිත් අත්අඩංගුවට ගත්තා. ඉන්දියාවෙ නන්නත්තාර වෙලා හිටිය මං හොරෙන් ම ආපහු ලංකාවට ඇවිත් කාටවත් නො කියා හැංගිලා හිටියා. රෝහිත භාෂණගෙ බිරිය කියලා තිබුණා මං ලංකාවට ආවෙ කාරෙක නිසා ය කියලා.  

‘ජීවිත තර්ජන' නිසා කුමාර් ගුනරත්නම් ඕස්ට්‍රේලියාවට ගියෙත් ඔය කිට්ටු කාලෙක. 

පස්සෙ කාලෙක යුද්දෙ උත්සන්න වෙද්දි ආපහු හිරු කණ්ඩායම වරින් වර මාතෘකා වුණා. එතකොටත් අපි නැවත, නැවත හැංගෙමින් තමයි ජීවත් වුණේ. ඒ කාලෙ හිරු කණ්ඩායමේ එක්තරා බුවෙක් පල් හිනාවක් දාලා කියලා තිබුණා ඌට ආපහු ඉන්දියාවට යන්න කියපං කියලා. උන් බලාපොරොත්තු වුණේ ආණ්ඩුවෙන් මට කෙළියි කියලා වෙන්න ඇති. 

ඒ කාලෙ අපි අන්ත මානසික දුකක් වින්දා. රස්සාව ලැබුණෙ අවුරුදු තුනහමාරකට පස්සෙ. 

මං මේ දිග කතාවක් කෙටියෙන් කිව්වේ මේ දවස්වල ජීවිත තර්ජන නිසා රටින් පිට වන්නට සිදු වීම ගැන ගොඩක් ලොකු කතා කියවෙන නිසායි. 

මේ පරිච්ඡේදය තවම ඉවර නැහැ. ඒ වගේ ම මේක සවිස්තරත් නැහැ. මේකෙ ඉතුරු ටික ලියනවද කියල මං තීරණය කරලාත් නැහැ. 

හැබැයි, අද ඉන්න මාව මේ විදියට හැදුණෙ ඔය වකවානුවේ සිදු වුණු සිදුවීම් නිසායි. මේවා පෞද්ගලික ය කියන්න එපා. මේ තමයි ඇත්ත දේශපාලනය. වාම දේශපාලනයේ ඔය සංස්කෘතික යටි තලය ස්පර්ශ නො කර වමක්වත්, සමාජවාදයවත් හදන්නට බැහැ. 

වාම දේශපාලනය ගැන මීට වඩා අමිහිරි කතන්දර රැසක් තව බොහෝ අයට තිබෙනවා. ඒවා තිබෙන සංස්කෘතික තලය එහෙමම තිබෙද්දී අපි මතුපිටින් සටන් පාඨ අතගානවා. මිනිසුන්ව ආවේගවලින් අන්ධ කරලා විප්ලව කරන්නට පුළුවන් ය කියලා සමාජය රවටනවා. 

ඒ දවස්වල මගේ බිරියගේ කුසේ හිටිය මගේ දරුවාගේ මුහුණ දකින හැම මොහොතකම මට නම් හිතෙන්නේ ඔවුන්ගේ පරම්පරාව හෝ මිනිස්කමින් තොර වමක ගොදුරු බවට පත් වීම වැළැක්විය යුතුයි කියලායි. 

සමාජවාදයට කලින් අපි මිනිස්කම සොයා ගත යුතුයි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වමේ ව්‍යාපාරය වනාහී දුක් මැදින් වැටී ඇති මාවතකි. ශ්‍රේෂ්ට අරමුණක් වෙනුවෙන් වමේ මිනිස්සු එය දරාගනිති. නමුත් දරාගත් නොහැක්කේ තමන් සමග සිටි ඇතැමෙකු පසු කලෙක හතුරු කම් කිරීමය.
    sudukukula.blogspot.com

    ReplyDelete
  2. පෞද්ගලික කතාව ඇතුලේ තිබෙන දේශපාලනය කියවන්න තරම් කියවන්නාට ඉවක් තිබිය යුතුයි.... මගේ පෞද්ගලික මතය නම් අතීතය අමතක කර , හැකිනම් අතීතයේ අපට වැරදි කල අයට සමාව දී අපි අපේ ගමන ( තම තමන් පෞද්ගලික හරි යයි සිතන ) යායුතුයි.. නැතිනම් රටක් ලෙස අපට ඉදිරියට යා නොහැකියි...

    ReplyDelete
    Replies
    1. "Save a cow. Eat a vegetarian". Bro, do you know what that means?

      Delete
  3. පැරා ඉන්දියාවට බැහැපු තැන ඉඳන් ආපහු ආපු දවස වෙනකම් ගෙවපු ජීවිතය චිත්‍රපටියකට හොඳ කතාවක් වේවි.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස. හැබැයි, පෙන්නන්න කලින් චිත්‍රපටියේ දර්ශන ටික 'මැකිලා' තියෙයිද දන්නේ නෑ

      Delete
  4. පැරා,

    මම වාමාශික වියාපාර ගැන තියන මුලිකම අදහසක් තමයි ඉහල නායකත්වය අන්ත තිරිසන් වසලයන් බව ඔබේ කතාවෙනුත් මේ අවස්ථාවාදී මිනිසුන්ගේ කපටි ජිවිත පේනවා

    //මම අන්තිමට හිටපු දේශපාලන කණ්ඩායම තුළ එකට සිටි දෙමළ හා සිංහල සහෝදරයන් ප්‍ර‍වර්ධනය කළේ සහසන්ධීය රාජ්‍ය විසඳුමක්.
    //
    මේක අනුව ඔච්චර නාකි වෙලත් පැරා අය්යේ උබ පාඩමක් ඉගනගන නෑ අද විග්නේශ්වරම් කියන මිනිහ කරන්නේ දෙමල ජාතියට සහනයක් දීම නෙමෙයි දෙසපාලනයේ වජබිමට කරන උත්සාහයකුයි.

    මේක තවම මෝඩ දෙමල මිනිසුන් තේරුම් ගෙන නෑ. සිංහල දේමල සාමාන්‍ය මිනිසුන් ලෝකයේ වෙන්නේ කුම්මක්දයි හරි අවබෝදයක් නැති මුග්ද පිරිසක්.

    // උතුරෙන් පුහුණුව හා ආයුධ අරගෙන දකුණේ සන්නද්ධ ව්‍යාපාරයක් හදන්නයි ඔවුන් උත්සාහ කළේ. //

    හිතන්න මේ කාලකන්නි මොනතරම් මෝඩ පිරිසක්ද ?

    //මාසයක් ඇතුළත මට සේවය හැර යාමේ ලියුම් දෙකක් ම නිකුත් කළේ “ඔබ නො දන්වා විදේශගත වී ඇති බව විදුහල්පතිවරයා විසින් තහවුරු කර ඇති බැවින්" කියන කෑල්ලත් එක්කයි. ඒවා අර සහෝදරවරුන්ගේ දක්ෂකම්. ඒවා ජාතික මට්ටමේ වැඩ නෙමෙයි. ප්‍රාදේශීය මට්ටමේ වැඩ.//

    මගේ මාම කෙනෙක් ඉන්නවා වාමාංශික වියාපරයට සම්බන්ද, ඔහුත් තම සගයන්ට උගුල් අටවන එක තමයි කරන්නේ, මොවුන්ගේ වැඩ දැක්කහම මම තේරුම් අරන් තියෙන්නේ වාමන්ශිකයෝ කියන්නේ අන්ත කුහක ඉරිසියාවෙන් පෙලෙන පිරිසක් බව.

    මේ පිළිකුල් සහගත හැසිරීම මගේ පෝසත් දක්ෂිනාංශික නෑයෝ ආතර නෑ. මේ මහේ නෑයන් තුලින් නිරීක්ෂණය කල දෙයි

    ReplyDelete
    Replies
    1. //මේක අනුව ඔච්චර නාකි වෙලත් පැරා අය්යේ උබ පාඩමක් ඉගනගන නෑ අද විග්නේශ්වරම් කියන මිනිහ කරන්නේ දෙමල ජාතියට සහනයක් දීම නෙමෙයි දෙසපාලනයේ වජබිමට කරන උත්සාහයකුයි.
      //


      මීහරකො උබල වැදපුදන මරා. ගෝට වගේ එවුන්ට වඩා නම් ඒ මනුස්සය සිය ගුනයක් හොදයි.. සිංහල හමුදාව උතුරේ කරන ඉඩම් මංකොල්ලකෑම්, අතුරුදහන්කිරීම්, යුද්ධය අවසාන සමයේ වෙච්ච දමිල සමූලඝාතන වගේ ඒවා එලිකරන්න ඌ කරන අරගලයම මදිද..

      //සිංහල දේමල සාමාන්‍ය මිනිසුන් ලෝකයේ වෙන්නේ කුම්මක්දයි හරි අවබෝදයක් නැති මුග්ද පිරිසක්.//

      ඔවු, ඔවු, උබ විතරයි සියල්ල අවබෝධකරගත්, බුද්ධිමතා... දෙමලු දේශපාලනය කරන්න ඔනැ උබෙන් අහල, රනිල් එක්ටා අත්සන් කරන්න ඔනැත් උබෙන් අහල, උබට කියන නිසා අපිත් බටහිර විරෝදී වෙන්න ඔනෙ, ආන්ඩුවේ ඔක්කොම ආර්තික විශේශඥයින්ට වඩා උබ රටේ ආර්තිකය ගැන දන්නව....
      නිකන් පදිරි නොවී දන්න රස්සාව කරගෙන හිටහන් බන්... උබ ඉන්තනෙට් තියෙන කොම්පියුටරයක් ඉස්සරහ ඉන්න නිකම්ම නිකන් එකෙක් විතරයි... හිතාගෙන ඉන්නව ඇති ලෝකෙ කැරකෙන්න ඔනෙ ඔහෙගෙ වටේ කියල... පේපැල් උලම...

      Delete
    2. නිපුන නොහොත් MAX, වැඩිය උම්බෑ කියන්න එපා උබ ගොනෙක් බව මිනිස්සු දැනගැනී

      Delete
  5. මේ ප්‍රශ්න, වාම දේශපාලන සංවිධානවලට පොදු ප්‍රශ්න ය යන්න තේරුමක් ඇති කතාවක් නොවේ. මේ ප්‍රශ්න වාම නොවන දේශපාලන සංවිධානවල ද ඇත. දේශපාලනය හා සම්බන්ධ නොවන සංවිධාන වල ද ඇත. මේවා මිනිසත්කම හා සම්බන්ධ ගැටළු, මිනිස් ස්වභාවය හා සම්බන්ධ ගැටළු, ලෙස සැලකිය යුතු වේ.

    ReplyDelete
    Replies
    1. මේ කුහක කම වමට පොදුවිමට හේතුවක් තියනවා ඒ තමයි වමේ ඉන්න කපටි නායකයෝ තමන් කිසිම වැටුපක් නැතිව සමාජ සේවය කරන බව කියමින් විශාල මුදලක් තම සාමාජිකයන් මගින් එකතුකර තනිව බුක්ති විදිනවා දෙවැනි පෙය අය මෙය දක්කහම දැඩි ඉර්ශියාවක් ඇති වෙනවා වගේම තමන්ට සැපසම්පත් කැප කර ගතකරන ජීවිතය ගැන කලකිරීමක් ඇතිවෙනවා, මෙය තමයි අවසානයේ අසමජ්ජාති කුහක පාදඩ යෙක් නිර්මාණය කරන්නේ. ඔබ අද ශ්‍රී ලංකාවේ තියන වාමාංශික පක්ෂය්වල නාකි නායකයෝ දිහා බලුවනම් ඔබට මෙය තේරුම් යයි

      Delete
  6. සිත ලොබ කමින් දෙන 'දන්' වල අරුත් නැත
    අතහැර සිතින් දෙන විට නිසි ඵලය ඇත
    මේ බැව් දන්න කෙනෙකුන් ගති සහල් කොත
    දුන් දේ සුවදමයි සිතුවොත් නිවෙයි සිත..
    (කොතනක හෝ තිබී කියවූ කවියක මතකයක් )

    කලින් කලට, යුගයෙන් යුගයට එක් එක් මිනිසුන් කරන කැපවීම් සහ ඒ තුලින් ඉගෙනගන්නා පාඩම් ඉතාම වටිනවා.ඒ කැපවීම් තුලින් සමාජයට යමක් එකතුවූවා නම් ඒ මදැයි. Aru.

    ReplyDelete
  7. මගේ බොස්වෙලා ඉන්නො කැම්පස් JVP එකේ කරපු එකෙක් . උෘට කලිං මගේ බොස් කොලඹ 7 එකෙක් .අර JVP කාරයා අන්තිම පාදඩ ඊර්ශියාකර කුහක එකෙක්. මු තව කැම්පස් එකේ JVP කරපු හැටි කියන්නේ උජාරුවෙන් . කෙලබ 7 එකා කොයිරම් මහත්මයෙක්ද කියල මට තේරුනේ මේ JVP කාරයා මගේ බොස් වුනාට පස්සේ . මේක ප්‍රබන්දයක් නොවේ. තිත්ත ඇත්තක්

    ReplyDelete
  8. කලිනුත් දෙතුන් තැනක මා,ලියූ තිත්ත කතාවක්.

    වාමාංශිකයින්ගේ ප්‍රධානතම හතුරා වන්නේ තමන් සමග එකට වැඩ කර ඉන ්පසු වෙන්වී ගිය එකාය. පොදු සතුරා එවිට අමතකය.

    ReplyDelete
    Replies
    1. එක නම් තිත්ත කතාවක්ම තමයි.ලංකාව ඇතුලෙත් මැතකාලින උදාහරණ කොයි තරම් තියෙනවාද ?

      Delete
  9. හෑ... ඒ චම්පික දැන් ඇමති මන්ඩලේ ඉන්නා පෙරාපු රත්තරන් චම්පික නොවෙයිද?

    ඒ දෙන්නම එක්කෙනෙක් නම් පැරා ලා කස්ටා කාලා හදාගත්තු යහපාලනේ චම්පික බලගතු සිල් බිඳගත් ඇමැති කෙනෙක් වෙලා පැරා නිකම් පැරා ම වෙලා ඉන්නේ....

    කොතනක හරි වැරැද්දක් වත් වෙලාද?

    ReplyDelete
    Replies
    1. ඔවු වැරද්දක් වෙලා තියෙනවා පැරා ට නෙවෙයි චම්පිකට.

      මිනිහෙක් විදියට ජීවත් වෙනවා කියල කියන්නේ මොනවහරි කාල බීල වැසිකිලි යන එක නොවෙන බවත් හිතට එකගව තමුන්ගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වීම බවත් තේරුම් ගන්න බැරි දත් දොස්තර කෙනෙක් කොහොමද වැරදුනේ කාටද කියල තේරුම් ගන්නේ ?

      Delete
    2. // ඔවු වැරද්දක් වෙලා තියෙනවා පැරා ට නෙවෙයි චම්පිකට. //

      යහපාලන ඇමැති කෙනෙක් වෙන එක වැරැද්දක් ද නැත්නම් පැරා ලා වගේ කස්ටිය යහපාලන ආන්ඩු හැදූ කල කරපින්චා වගේ අහක දැමීමද


      // මිනිහෙක් විදියට ජීවත් වෙනවා කියල කියන්නේ මොනවහරි කාල බීල වැසිකිලි යන එක නොවෙන බවත් හිතට එකගව තමුන්ගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වීම බවත් තේරුම් ගන්න බැරි දත් දොස්තර කෙනෙක් කොහොමද වැරදුනේ කාටද කියල තේරුම් ගන්නේ ? //

      ඒකත් ඇත්ත තමා....


      හැබැයි ඔයි කියනා කක බොන වැසිකිලි යන අපට වඩා ඔහෙලගේ පැලැන්තියට අයත් වන රටවැසියා කෙරෙහි මහා කරුනාවෙන් සියල්ල අත හැර දේසපාලනේට ආපු අනුර කුමාර දිසානායකලා, හොටු පෙරාගෙන අඬමින් රනිල් හාමු ගේ දේපතුල ලඟ වැඳ වැටී තමන් ගේ ගමන් සගයා වූ කුමාර් ගුනරත්නම් ට ගේම ඉල්ලන කොට අපට කැත හිතෙනවා මෙයා...

      Delete
    3. සරස වගේ පාචන ගූ කඳුවලටත් ට අනුර කුමාර වගේ පොඩි පඩයක් ගැන ගැන කැත හිතුන එහෙනම්.

      Delete
    4. // සරස වගේ පාචන ගූ කඳුවලටත් ට අනුර කුමාර වගේ පොඩි පඩයක් ගැන ගැන කැත හිතුන එහෙනම්.

      //

      :D

      Delete
  10. පැරා අපරාදෙ ඉන්දියාවට ගියේ.. යන්න තිබුනේ තායිලන්තෙට.. එහේ ගියානම් බැංකොක්වලදී ඩොලර් 2000 යුරෝපයේ ස්වීඩනයට වගේ රටකට හොර ශෙනගන් වීසා එකක් පාස්පෝට් එකට ගහගන්න පුලුවන්.
    ඊටපස්සේ කරන්න තියෙන්නේ බැන්කොක්වලින් කෙලින්ම ස්වීඩනයට ගුවනින් ගිහින් ඒ ගුවන්තොටුපලේ නිලධාරීන්ට තමන් සතුව ඇත්තේ ව්‍යාජ වීසා එකක් බවත් ශ්‍රී ලංකාවේ තමනට ජීවිත තර්ජන ඇති නිසා ව්‍යාජ වීසා එකකින් දේශපාලන රැකවරන පතා යුරෝපයට ආ බවත් කියන්න.. එහෙම පිලිගත්තොත් යුරෝපා සන්ගමයේ නීති නිසා ඔවුන්ට ඔබව ඒ මොහොතේම පිටුවහල් කරන්න බෑ.. වෙන්නේ ඔබව immigration shelter එකක කෑම හා නවාතැන් පහසුකම් ලබාදී asylum case එක process වෙනතුරු මසකට මුදලක්ද අතට දීම.. ඒ shelters ලන්කාවේ හැටියට හෝටල් කාමර වගේ. 2007 තිබ්බ තත්වෙ හැටියට ලබාගන්නත් පැරාට අපහසු වෙන්න විදිහක් නෑ.. asylum claim reject උනත් ස්වීඩනයේනම් රැකියාවක් හොයාගත්තොත් work permit එක පවා ගන්න පුලුවනි.

    මා දන්නා හදුනන කිහිප දෙනෙක්ම එහෙම කරලා මෙහාට ආව.. අද ඔවුන් යුරෝපයේ රටවල පුරවැසියෝ.. එදා දැනගෙන හිටියානම් පැරාටත් උදව් කරන්න තිබ්බා.. කෙසේවෙතත් ඔබේ කැපවීම අගය කරනවා..

    ReplyDelete
    Replies
    1. *2007 තිබ්බ තත්වෙ හැටියට political asylum ලබාගන්නත් පැරාට අපහසු වෙන්න විදිහක් නෑ..

      Delete
  11. පැරාටවත්, කිසිම මාධ්‍යවේදියකුටවත් නැවත එවන් කාළ වකවානුවක් නොපැමිනේවා කියා ප්‍රාර්ථනා කරමි...

    ReplyDelete
    Replies
    1. පොල් බූරු හිවලෝ ඉතකොට අපි වගේ අන්ත අසරන වෙච්චි එවුන් කොහොමද යුරෝපය හරි වෙනත් ඒවගේ දියුණු රටකට පැනගන්නෙ? කරුමෙට යුද්දෙ තිබ්බ කාලෙදිත් කාලකන්නි මරා කල්ලියෙ රෙජීමය තියෙද්දිත් අපි ඉස්කෝලෙ යන පොඩි එවුන්. ආපහු යම් මර්දනයක් තිබිය යුතුයි නමුත් ඒක සැබැවින්ම මර්දනයක් බවට බටහිර රටවලිනුත් පිළි ගැනීමක් ඇතිකරගත යුතුයි. කොච්චර අමු ගොබ්බ කාලකණ්නි උනත් මංගොංපිලල, ගොන්දුල, ඩලසයල කොරපු වැඩේ වාසියකුත් නැත්තෙම නැහැ හැබැයි ඒක හොඳටම මදි.

      Delete
  12. පැරා අයියා.........

    ලංකාව කියන්නේ මිනීමරු යුග කීපයක් ම පහුකරපු රටක්..... බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මෑතකදිත් අපි එහෙම යුගයක් පහුකරා...

    ReplyDelete
    Replies
    1. එකත් අර රනිල්ගේ කාටවත් නොපෙනෙන මහා සංවර්ධනය වගේ එකක් වෙන්න ඇති. හරකෙක් උනාට උම්බෑ ගාන්න එපා

      Delete
  13. ඔයවගේ යුගයක් ආයේ නොඑයි කියල තවම විස්වාස කරන්න බෑ.

    ReplyDelete
  14. කතාව නම් බොහොම සංවේදීයි පැරා.
    පැරා මහින්ද ගේ කාලේ ලබපු ඔය වගේ අත්දැකීම් වලට වික්ටර් අයිවන් , ලසන්ත, රෝහණ කුමාර වගේ ය චන්ද්‍රිකාගේ කාලෙදිත් රිචඩ් ද සොයිසා වගේ ය ප්‍රේමදාස-ජේ ආර් කාලේදීත් ( අසා දැනගත් තොරතුරු අනුව) මුහුණ දීල තියෙනවා වික්ටර් අයිවන් අද ජීවතුන් අතර වුනාට අනිත් අයට වුනේ මොකක්ද?
    මේ කතාවේ ඊළඟ පරිච්චේදය පටන්ගත්තොත් පටන් ගන්නේ කාගෙන්ද?

    උඩම මාතලන් කියලා තියෙනවා "නැවත එවන් කාල වකවානුවක් නොපමිනේවා කියලා.
    එත් මේ ගෙවෙන්නේ එක්තරා ප්‍රෝබේෂන් පීරියඩ් එකක්.
    එක ඉවර වෙලා ජොබ් එකේ පර්මනන්ට් කරපුවාම තමයි බලාගන්න පුළුවන් කාගේ කාගේත් වැඩ

    ReplyDelete
  15. මගේ කණගාටුව. මෙය සිදු නොවුනානම් හොඳයි. ඊට වැඩි දෙයක් කීවොත් සාර ස තුමාගෙන් බේරෙන්න බැරිවෙනවා.

    ReplyDelete
  16. සමාජවාදයට කලින් අපි මිනිස්කම සොයා ගත යුතුයි.

    ReplyDelete
  17. ලාංකේයත්වයට වමේකමත් එකතුවුනාම මනුස්සකම යි කියල දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.

    අර සිංහල කොටි කිව්වෙ ලලිත්ලටනේ; ලලිත් ලා නඩුවෙන් නිදහස් වෙලා ඇවිත් අලුත් කසාදෙකුත් කරගෙන ෂෝක් එකට ජීවත් වෙනවා. පහුගිය මහ මැතිවරණයේ දි සන්නස්ගලගෙ කැම්පේන් එක කළෙත් එයාලමයි.

    ReplyDelete
    Replies
    1. හොඳ ෂෝක් එක. අවුරුදු හතක් විතර ඇතුළෙ. දැන් ඔය මහ ලොකුවට විප්ලව කරන්නට පාරම් බාන අය මුළු ජීවිතෙන් ම ඒ වෙනුවෙන් කැප වුණ කැප වීම ගැන ආදර්ශ ගන්නට ඕනැ නම් මං අර කියපු දුම්රියේ සහෝදරයා ආදර්ශයට ගන්න. ඔහු තවමත් මේ රටේ ඉන්නවා. ඔවුන් ජනප්‍රිය නො වන ස්ථාවරවල ඉඳගෙන, ඉතා ම අවදානම් තීරණ ගත්තා. ඒවා කළේ වයස අවුරුදු 40ත් ඉක්මවලා තිබෙද්දියි.

      ඒක හරිද වැරදිද කියන එක වෙනම කාරණයක්.

      Delete
    2. ඒ කතාව ඇත්තම ඇත්ත පැරෝ. ඌ අදටත් පට්ට කට්ටක් කාගෙන දේශපාලනේ කරනව. පෞද්ගලික ජීවිතේ තමන්ට කියල මොනවත්ම නොකර ගත්ත මිනිහෙක්. මුගේ දේශපාලනික ස්ථාවර ගැන මට එකඟතාවයන් මෙන්ම විශාල විවේචනත් තියනව. ඒත් මම මූට ඉතාම ගරුකරනව මොකද අදටත් වැඩක් කරන්න, වැඩක් හදන්න මූ කන කට්ට නිසා.

      Delete
  18. මේ වගේ කටු කාගෙන, තව දුරටත් පැරාට දේශපාලනේ කරන්න ඉඩ දෙන බිරිඳක් ඉන්න එක ගැන පැරා ආඩම්බර වෙන්න ඕනේ..

    ReplyDelete
  19. //සමාජවාදයට කලින් අපි මිනිස්කම සොයා ගත යුතුයි.//
    කුමන හෝ වාදයකට පෙර මිනිස්කම සොයාගත යුතුයි.නියම අරගලය නම් එයයි.
    ඔබෙ අත්දැකීම් ලිවීමට හැකි නම් අගෙයි.ඔබේ කැමැත්තක්.
    ජයවේවා..!!

    ReplyDelete
  20. මේ කතාවේ ප්‍රධාන චරිතයක් වුණ ටෙරල් පස්සෙ කාලෙක මීටත් වඩා කට්ටක් කාලා දැන් යුරෝපා රටක ජීවත් වෙනවා.

    හැබැයි මම නම් එක කාරණයක් ගැන ආඩම්බරයි. ලංකාවෙන් පළා ගිය බොහෝ දෙනෙකුට වඩා අනතුරුදායක තත්වයන්ට හේතු වන දේශපාලනයකුත් කරලා මහින්දලා, ගෝටලා එක්ක හැප්පි, හැප්පී මෙහේ ම ඉඳලා, දේශපාලනයත් කරලා අද මෙහෙම ඉන්න එක ගැන.

    ඒ ඔක්කොම තනි නිදහස් මතධාරියෙකු ලෙස දේශපාලනය කළමනාකරණය කර ගැනීමේ අත්දැකීමක්.

    මේ අත්දැකීම් ගැන අපි කතා කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. // මේ කතාවේ ප්‍රධාන චරිතයක් වුණ ටෙරල් පස්සෙ කාලෙක මීටත් වඩා කට්ටක් කාලා දැන් යුරෝපා රටක ජීවත් වෙනවා. //

      එහෙනම් ලාන්කික විප්ලවාදියා ගේ නිර්වානය ට ඔහු ලඟා වුනා?

      යුරෝපයේදී ඔහු විප්ලවය අතහැර පාට් ටයිම් ජොබ් එහෙම කොරමින් කුටුම්බ රක්ශනය කරනා ඇති නේ?


      සාදු සාදු සාදූ

      Delete
  21. ඇයි සම්පූර්ණ කතාව ලියන්නේ නැත්තෙ ?
    මේ වගේ කතා කොහෙ හරි ලියවෙන්ඩ ඕනෙ කියලයි මගෙ අදහස ...

    ReplyDelete
  22. අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන්, ඔහු ස්වොත්තමවාදියෙකු බවත්, ජාතිවාදියකු බවත්, ජාත්‍යන්තරවාදියකු නොවන බවත්, විප්ලවාදී ශරීරවල නිදහස් සංචලනය ගැන තැකීමක් නැති අයෙකු බවත් ඔප්පු වේ.

    ReplyDelete
  23. Oba ha birinda oya tharam jeeewitha awadanamak daragena samajaya wenuwen karapu kapa kireema shreshtayi!Ea wenuwen mage pranamaya!Emenma kathawe ithuru tikath ahanna ithamath kamaththen innawa!

    ReplyDelete
  24. ගොලායත් ඉදිරියේ දණ ගැසූ කුමාර් ඩේවිඩ්

    පැරාට මේ ලිපිය කියවන්න ලැබුනාද/Aru

    ReplyDelete
    Replies
    1. ඒක මම කියෙව්වා. ඔය මං ගැනත් තියෙන්නෙ.

      Delete
  25. ලංකා ජාතික සංගමය රැස් වුණෙ ඒකෙ සභාපති වුණ ඩී.බී. ජයතිලකගේ නිවසේ බරාඳයේ. එතන ඉඳගෙන තරුණ ජේ.ආර්. ජයවර්ධන සභාපතිව ඉවත් කළ යුතුයි කියලා යෝජනාවක් ගේනවා. පරදිනවා. ඒත්, ඩී.බී. ජයතිලක ජේ.ආර්.ව මරං කන්න හදන්නෙ නැහැ. 2005 විතර කාලෙ මං හිරු කණ්ඩායමට විවේචනයක් ලියනවා. ඒ කාලෙ මං මගේ හොඳ මිතුරියක යයි වැරදියට තේරුම් අරගෙන හිටපු ගැහැනියකට ඒක ටයිප් කරලා දෙන්න කියනවා. ඒකි ඒක රෝහිත භාෂණලාට දීලා මාව පාවා දීමෙන් කණ්ඩායමේ මාර පොරක් වෙනවා. පස්සෙ දවසක ටෙරල් මාර උජාරුවෙන් තමයි කතා කළේ මාර ඔපරේෂන් එකක් දීලා රහස් ලේඛනයක් ලබා ගත්තා වගේ. අපි ධනවාදය තුළ මිනිස්කම නැහැ කියලා තර්ක කළාට ධනපති දේශපාලකයන් තුළ තිබුණ ඇතැම් සංස්කෘතික ලක්ෂණවල තිබුණු වටිනාකම් වාමාංශිකයන් ළඟ නැහැ.

    ReplyDelete
  26. පැරකුම් මරුතිය ගන්න සල්ලි ඉතුරු කරන්න ගන්න පටන්ගත්තේ කොයිකාලේ ද?
    ඔය දේශපාලන සංවිධානය හදන්න මහන්සි වෙන කාලෙ ම ද
    කට්ට කෑම ගැන නියම ආදර්ශ තමයි.
    බයිසිකලයෙන් මරුතියට--- මරුතියෙන්------?
    ඔයා හිරු කාභ්ඩායෙමන් අයින්ෙවනවා.
    අයින් වුනාට පස්ෙස හිරු ඒෙක් ෙටරල් අැවිල්ලා ඔයාට තිෙයන අවදානමක් ගැන කියනවා
    ඒ කතාව බොරුව ක් ද
    හිරු කණ්ඩායමේ ටෙරල්ලා භාෂණලා ඔච්චර අප්සෙට් නම් ඇයි ඔයා ඒ කතාව විශ්වාස කරලා ඉන්දියාවට යන්න එයාලගේ උදව් ගත්තේ? අමාරුවේ වැටුන වෙලාවේ උදව් කරපු එවුන්ට ආඩපාලි කියන එකද පැරකුම්ගේ මනුස්ස කම? ඉ්නදියාවට නොයවා යුරෝපයට යන්න චාන්ස් එක අාවානම් ඔච්චරම බනින්න හේතුවක් නැහැ නේද? ඔයා හිරු එකෙන් අයින්වුනාට පස්සෙ මොකටද එවුන්ගෙන් උදව් ඉල්ලන්න ගියේ ඔය කියන තරම් හතුරෝ නම් ඒකේ හිටියේ. මෙතැන තියෙන්නේ යුරෝපයට යන්න බැරිවෙච්ච තරහ නේද පැරා. ඕච්චර කුහකවෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. මේ කාරණය මෙතන ලියපු එක හොඳයි. නැතිනම් මේක නිර්නාමිකව ඇවිත් හිරු කණ්ඩායමේ අය තව තව තැන්වලත් දානවානේ.
      මරුතියට මං කොහොම සල්ලි හෙව්වත්, හිරු කණ්ඩායමෙන් මම සත පහක් ගත්තේ නැති බවත්, ඒ කණ්ඩායම වෙනුවෙන් මා දුක සේ ඉපැයූ මුදල් හා කාලය වියදම් කළ බවත් ඔබ හිරු කණ්ඩායමේ හිටියා නම් දන්නවා. නමින් ඇවිත් පුළුවන් නම් නැහැ කියන්න.

      ටෙරල් මට ඇවිත් කියපු කතාව ගැන අවශ්‍ය නම් ටෙරල්ට පැහැදිලි කරන්නට පුළුවන්. ටෙරල් මේ ගැන විවෘතව කතා කරන කෙනෙක්. (මේ ලියන්නේ ටෙරල් වෙන්නත් පුළුවන්.) මං අහන්නේ එතන තිබුණේ මාව සීන් එකෙන් අවුට් කරන ගේමක් නෙමෙයි ද? ඇත්තක් හෝ බොරුවක් හෝ මේ කතාව මට ඇවිත් කිව්වෙත්, මම ඇත්තට ම සම්බන්ධ නැති දෙයක් පිළිබඳ අති විශාල බියක් මා තුළ ඇති කළේත්, ඉන්දියාවට යන තැනට වැඩ කළේත් ටෙරල්. ඒක අමාරුවේ වැටුණු වෙලාවක් ද නැද්ද කියන එක මට පැහැදිලි නැහැ. කොහොම වුණත් ඉන් පසු මං ලොකු අමාරුවක වැටුණා.

      අනෙක, ඒ වෙලාවේ මං ඒ වගේ තත්වයක හිටියා නම් හා මාව ඉන්දියාවට යවන්නට කටයුතුත් කළා නම්, මාව යුරෝපයට ගත යුතුව තිබුණා. ඉන්දියාවෙ දේශපාලන රැකවරණ ගන්නට බැරි බව නො දන්නේ කවුරු ද? මම අනතුරට පත් වුණා නම් වුණේ හිරු කණ්ඩායමත් එක්ක කළ කටයුතු නිසා මිසක් වෙනත් කිසි දෙයක් නිසා නෙමෙයි.

      ඒ වගේ ම හිරු කණ්ඩායම විසින් යුරෝපයට ගත්ත අනෙක් අය මං තරම් ඒ අවදානම් අරගත්ත අය නෙමෙයි. උදාහරණයකට .......... කියන්නේ හිරු කණ්ඩායම දාලා ගිහින්, යුරෝපා රටවල PR ඉල්ලමින් ඉඳලා බැරි වෙනකොට ආපහු ඇවිත්, තර්ජන තිබෙනවා ය කියලා වෙබ් සයිට් එකකුත් වහලා පවුල් පිටින් මයිග්‍රේට් වුණ කෙනෙක්.

      එතකොට දේශපාලනයත් එක්ක කිසිම සම්බන්ධයක් නො තිබුණ පූජක ජූඩ් ලාල්ගේ ඥාති පුතකුට යුරෝපයේ දේශපාලන රැකවරණ ගන්න ඔය පූජනීය ය කියන හිරු පුවත්පතක් හොරට ඩිසයින් කළේ රෝහිත භාෂණ.

      මේ මෑතදී ම එහෙට ගිය එක්කෙනෙකුත් ඉන්නවා.

      දේශපාලන කණ්ඩායමක් අවසානයේදී ඒජන්සියක් වුණ එක ගැන අපට ඇරියස් එකක් තිබෙනවා.

      මහින්දගේ කාලේ මුල හරියෙදි අපි මෙහේ අනන්ත පීඩාවට පත් වෙද්දි නම් ඔබ කියනවා වගේ හැගීමක් තිබුණා. එතකොට මට ඔවුන් පෙනුණේ අර වලහ එනකොට මිතුරා දමා ගහට නැග්ග මිනිහා වගේ.

      හැබැයි සහෝ මතක තියා ගන්න. අපි ඒ ඔක්කොට ම මුහුණ දීලා ඒ අභියෝග පරාජය කළා. අපට දැන් ඔය පොලිටිකල් එසයිලම් එකක කිසිම වටිනාකමක් නැහැ. අපට ඕනැ නම් ඔය රටවලට යන්න අමාරුත් නැහැ.

      Delete
    2. //අපට ඕනැ නම් ඔය රටවලට යන්න අමාරුත් නැහැ. //

      දැන් අපි යූ එන් පී!

      Delete
  27. rakiyawal wala swbawaya anuwa awadanama theeranaya wenawa. oba thoragena athi rakiyawa ese awadanm ekaki. godak aya danne na mewa pitu pasa ma loku wyapara thibenawa bawa.

    ReplyDelete
  28. පැරා, නුසුදුසු රටක, නුසුදුසු මිනිසුන් සමග, නුසුදුසු අවස්ථාවලදී අදුරදර්ශී "විප්ලව" වලින් අතීතයේදී බලය ඇල්ලීමට ගිය බොහෝ දෙනෙක් මනුස්සකමත් විනාස කර තමනුත් විනාස වෙලා ගියා. කෙසේහෝ පන බේරාගැනීමට හැකිවූ වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය වැනි කිහිප දෙනෙක් එම අතීත විනාශකාරී බවින් පාඩම් ඉගෙන වඩා ප්‍රායෝගික ලෙස අද දේශපාලනයේ යෙදෙනවා.

    ඔබත් එවැනි වඩා නිවැරදි ප්‍රායෝගික දර්ශනයක් (පවතින යථාර්තය තුල) දෙසට තල්ලුවී ගොස් ඇති කෙනෙක් ලෙස මා දකිනවා. ඔබලාගේ පන බේරා ගැනීමට හැකිවීම ගැන අප වැනි නිදහස් මිනිසුන් සතුටු වෙනවා.

    සම හරක් ඔබලාව කඩේ යන්නන් ලෙස හඳුන්වනවා. බොරු උද්ඝෝෂන පවත්වා, පාරවල් අවහිර කරලා, කුඩු පට්ටම් කරලා, ඔලු පලා, වෙඩි තියලා, මිනී මරලා කරන විනාශයට වඩා මතවාදී ලෙස කඩේයාම මේ මී හරක් මඩ ගොහොරුව තුල වඩා ප්‍රායෝගිකයි. දීර්ඝකාලීනව වඩා යහපත් ප්‍රතිපල ලැබිය හැකියි. ඔහොම යමු ......නොසැලී ඉදිරියට ......

    ReplyDelete
    Replies
    1. huuu......සුනන්ද දේශප්‍රිය salli wagayak matiya gahala mattu wela usawi giya neda hitan. mun dana reddak na ... ekko dana danama anith ayawa gonata andawanawa.

      Delete
    2. para ඔබ 'වම' ලෙස හදුන්වන 'හිරු' හෝ ඔබ දේශපාලනය කළ වෙනත් කණ්ඩායම් කිසිවක් වම නොවන බව මගේ විශ්වාසයයි. නමුත් ඔබ පවසන කුහක කම් එම කණ්ඩායම් තුල මෙන්ම විකොස ලසසප ලකොප අතරද තිබූ බව තහවුරු වී ඇත. ඇත්තටම බෝල්ශේවිකයන් අතරද තිබූ බව සහ එජාපය තුළද මේවා තිබෙන බව තහවුරු වී ඇත. සමහරවිට මිනිස් ස්වභාවය වෙන්න ඇති. මගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට තිත තැබීමට ද මෙවන් කරුණුද බලපා ඇත. ඇත්තටම මේවා පොඩි පොඩි වෙනස්කම් ඇති පොදු අත්දැකීම් නේද?

      Delete
  29. බොහෝ දෙනෙක් හිතනවා මං හිරු කණ්ඩායමත් එක්ක තරහයි කියලා. ඒ නිසායි මේවා ලියන්නේ කියලා. ඔතන තමයි වාමාංශිකයන්ගේ පටුකම තිබෙන්නේ. මං කියන්නේ මේ අභ්‍යන්තර ගතිකයන් ගැන සංවාදයක් නො කර, අපට ඉදිරියට යන්නට බැහැ ය කියන එකයි. මේවා ගැන කතා නො කළොත් වමක් හෝ සමාජවාදයක් හොයාගන්න බැරි වේවි. අනාගතය එක්කෝ ධනවාදී පාරිභෝජනවාදය තුළ ගිලී යාවි. නැතිනම්, ISIS පන්නයේ (බෞද්ධ වෙන්නත් පුළුවන්) අන්තවාදයකට තල්ලු වී යාවි. වමක් අවශ්‍ය ඒක වළක්වන්නටයි.

    අනෙක හිරු කණ්ඩායම කාලයක් ලොක්කන් වගේ මේ විවේචන නො දැක්කා වගේ හිටියට දැන් නම් ඔවුන්ට පැවැත්මක් තිබෙන්නේ මං මේ ලියන ඒවා නිසායි. නැතිනම් කවුරුද ඔවුන් ගැන කතා කරන්නේ? ඒ නිසා මේවා පබ්ලිසිටි ලෙස හෝ සලකන්නට ඔවුන් යොමු විය යුතුයි.

    කොහොම වුණත් වාම දේශපාලනයේ වැදගත් මැදිහත්වීමක් වූ හිරු කණ්ඩායමේ දේශපාලනය එහෙම වැළලී යන්නට දිය යුතු නැහැ. ඒක වැදගත් අතීතයක්. ඒක පුද්ගල උරුමයකුත් නෙමෙයි. සාමූහික ක්‍රියාකාරිත්වයක්. අපේ ගමන ආවේ ඒ ඔස්සේ නිසා මේ සංවාදය මගහරින්න බැහැ.

    ReplyDelete
    Replies
    1. //අනාගතය එක්කෝ ධනවාදී පාරිභෝජනවාදය තුළ ගිලී යාවි. නැතිනම්, ISIS පන්නයේ (බෞද්ධ වෙන්නත් පුළුවන්)//
      මාතෘකාවෙන් ටිකක් පිට තමයි.සමාවෙන්න ඒකට.ඔබ සිතනා පරිදි කොළඹ පාතාල වලි වලට නැගෙනහිරින් ජිහාඩ් අවි පුහුණුව ලද තුවක්කු කරුවන් ඇවිත් මිනී මරලා යනවා වගේ,ඔවුන්ම කියන පරිදි ඇතැම් පූජ්ය ස්ථාන වල අවි ගබඩා තියාගන්නවා වගේ, පූජකයන් විසින් ටිකෙන් ටික මොළ සෝදා අන්තවාදය කරා තල්ලු කරනවා වගේ.. (මේවා නම් අහිංසක වැඩ.) අමු ම්ලේච්ඡ සිංහල බෞද්ධ පිරිස් සමඟ ඉහත කී කණ්ඩායම් එකතු වීමේ අවධානමක් තියෙනවා කියලද? කොහොමත් බෞද්ධ්යො මිනී මරන්න කැමති කට්ටිය වගේ...

      Delete
    2. අජිත් ගේ ප්‍රශ්නය තේරුම් ගැනීමට අජිත් යුනු කවරෙක්ද යන්න තේරුම් ගත යුතුය.

      Ajith is an amateur revolutionary who was looking for a diluted revolution.

      අජිත් ට අවශ්‍ය වන්නේ අජිත් ගේ තරමට කපා ගත් විප්ලවයකි. නමුත් එක් පැත්තකින් එවැනි විප්ලව ලෝකයේ නැති අතර අනෙක් පැත්තෙන් එවැනි විප්ලවයක් කාටවත් අවශ්‍ය වන්නේ ද නැත.

      විප්ලවය සඳහා අවශ්‍ය වන්නේ සොල්දාදුවන් වැනි මිනිසුන් මිස බාල දක්ෂයන් වැනි ළමයින් නොවේ.

      අජිත් යනු කිසිදු සංකීර්ණ මොහොතක කුමක් කළ යුතු ද යන්න තෝරා බේරා ගැනීමේ හැකියාවකින් තොර කෙලතොල්ලෙකි.

      අජිත් සමග විප්ලව කිරීමට යාමෙන් සිදු වන්නේ, අන් අයගේ ජීවිතත්, සමාජයේ ඉරණමත් අන්තුරේ හෙළීම පමණි.

      අජිත් සමග විප්ලවය, අරගලය, ඉදිරියට යාම ආදිය ගැන කතා කිරීම කාලය නාස්ති කිරීමක් පමණි.

      අජිත් ගේ ජීවිතය බ්ලොග් පඩංගුවකින් කෙළවර වී තිබීම පුදුමයක් නොවේ.

      විප්ලව නොකළ යුත්තේ කෙසේද යන්න තේරුම් ගැනීම සඳහා නම් අජිත්ව හැදෑරීමේ වරදක් නොමැති වෙයි.

      හිතට එකඟව කතා කරනවා නම් අජිත් ට අවශ්‍ය වුනේ ජීවන මාර්ගයකි. යුරෝපයට යා ගත හැකි ක්‍රමයකි. ඒ සඳහා ප්‍රමාණවත් අංශ භාග විප්ලවයකි. නමුත් ඊට අවශ්‍ය දක්ෂකමවත් අජිත් ට නැත.

      Delete
    3. //අජිත් ගේ ජීවිතය බ්ලොග් පඩංගුවකින් කෙළවර වී තිබීම පුදුමයක් නොවේ.//

      එතකොට දැන් අනිත් කෂ්ටිය දිගටම විප්ලවේ කරගෙන යනවද ??

      Delete
  30. ඇත්තම කිව්වොත් වාම ව්‍යාපාර කල්ලි කන්ඩායම් ගැන මටනම් කිසිම පැහැදීමකුත් නෑ පැහැදීමක් ඇතිකරගන්න බලාපොරොත්තුවකුත් නෑ

    හැබැයි පැරාගෙ ආට්කල්ස්නම් උවමනාවෙන් ආසාවෙන් කියවන්නෙ පැරාට මෙ තියෙන අත්දැකීම් නිසයි ඔය මොනදේ තිබුනත් අත්දැකීමෙන් ලැබෙන දැනුම පුරවන්න බෑ තව තවත් ලියන්න

    සුබපැතුම්

    ReplyDelete
  31. A book based on this would be a best seller. ( even seemingly fiction would be alright)

    ReplyDelete
    Replies
    1. @Pra Jay & Buru Babe....... "Departing Communism via Parakuminism" වගේ නමක් හරි "මාක්ස්ගේ යුගයෙන් පැරකුම් යුගයකට" වගේ නමක් හොඳ නැද්ද? ඇත්තටම පැරාගේ කතාව තුල බොහෝ දෙනා නොදන්නා බොහෝ කතා ඇති. මොකද මේ සමහර චරිත මගේ යුගයේ අය නිසා ආසයි කියවන්න.Aru.

      Delete
  32. You have to write the rest para. Very important.

    ReplyDelete
  33. 1. පැරා ජීවිතාරක්ෂාව සඳහා විදේශගත වූ හැටි යනු භාෂණට ගරහන පැරාගේ කුහකකම ද?
    =============================================================================

    පැරා 2016-04-04 දාතමින් ජීවිතාරක්ෂාව සඳහා විදේශගත වූ හැටි යන හිසින් හෑල්ලක් ලියා තිබිණි. සම්මානනීය බ්ලොග්කරුවෙකු වන පැරාට තමන්ගේ අවකාශය තුළ නන්දෙඩවීමට ඇති අයිතිය අපි පිළිගනිමු. අප මීට පෙර ද පවසා ඇති පරිදි ම පැරා යනු ධනවාදයට ස්තෝත්‍ර ගායනා කරන වන්දිභට්ටයෙකි. පැරා තම කාර්යභාරය වෘත්තීමය මට්ටමින් කරගෙන යයි. හතරවිළිලැජ්ජාවක් නැතිව ධනපති විද‍‍‍්‍යුත් මාධ්‍යයට ද පැරා තම වශීකරණීය මුහුණත්තහඩුව ඔබ්බවා ගෙන සිටී. අපගේ පරම්පාරවෙන් පසු දේශපාලන කරළියේ රඟන වාස්තවික විප්ලවීය දේශපාලනය ප්‍රත්‍යක්ෂ නො වූ සයිබර්-විප්ලවවාදී නව්‍ය පරම්පරාවකට වහසි බස් දොඩමින්, අසත්‍ය කරුණු පවසමින්, වැදි බණ දෙසමින් පැරා විසි එක් වන සියවසේ ලාංකීය දේශපාලනයේ මහා දාර්ශනිකයා බවට පත් වෙන්නට තටමයි. පැරා තම මහා දේශපාලන තීසිසය එළි දක්වන්නේ මෙම ඩබ්ලිව් තුන ලංකා අඩවියෙනි. පැරාගේ ගොන් කතා හුදු නිසරු වාගාලාප බව දන්නා ඇතමෙක් පැරාට කණ පොපියන්නට කොමෙන්ටු දෙති. ඒවායෙන් තෝන්තුවා වන පැරා ටික කලකට ඇනෝ දැමීම අවහිර කරයි. ක්ලික් කවුන්ට් එක අඩුවෙන විට, මාසික ආදායම අඩුවන විට පැරා නැවතත් ඇනෝ දමන්නට ඉඩ දෙයි. පැරාගේ ගොන් ආතල් කතා වලින් මුසපත් වන අය නැතුවා ම නො වේ. එකී බැතිමතුන් සඳහා පැරා වැදි බණ දෙසුවාට අපට කම් නැත. අප බොහෝ විට පැරාගේ සිඟිති ආතල් කියවා බලා සිනා සී අපගේ වැඩකටයුතු කරගෙන යමු.

    පැරාගේ සිඟිති ආතල්වලට විප්ලවීය සාරයක් දෙන්නටදෝ පැරා ඉඳහිට ලාංකීය විප්ලවීය වාම දේශපාලනයේ පතාක යෝධයන්ට ගලක් දෙකක් ගසයි. තවත් විටෙක කුණු පොල් කෝම්බයක් දෙකක් ද ඇද දමයි. එවන් අවස්ථාවල අපට අපගේ වැඩකටයුතු ද පාඩු කරගෙන පැරාට පිළිතුරු දීමට සිදු වේ. පැරා කලකට පෙර අපගේ පුකවල් (පැරාගේ ම වචනයකි) කොනිත්තන්නට ගොස් තමන්ගේ ම පුක බිම ඇන ගත් බව මෙහාලා මතක් කරමු.

    දේශපාලනිකව අනාථ වී ධනපති කුණු කන්නට පුරුදු වූ පැරාට තම අතීතය පිළිබඳ දරාගත නො හැකි හීනමානයක් තිබේ. එයින් පීඩා විඳින පැරා තම විත්ත සන්තානයේ බුර බුරා නැඟෙන ක්‍රෝධාග්නිය නිවා ගන්නට අනෙකාට වෛර කරයි. පැරාට සංකේතකරණය කර ගත නො හැකි වූ ලාංකීය විප්ලවීය දේශපාලනයේ අතිදීප්තිමත් තාරකාව වූ රෝහිත භාෂණ සහෝදරයා ගැන පැරාට ඇත්තේ සදා නො සිඳෙන වෛරයකි. පැරා කොහෙන් ගියත් නතර වන්නේ හාෂණ සහෝදරයාට ආඬපාලියක් කීමෙනි. පැරා නිතර පවසන්නේ "උන් දැන් මැරිලා ගොඩක් කල්. මට උන් එක්ක ගේමක් නැහැ" යනුවෙනි. ෆ්‍රොයිඩ් අනුව යමින් අපි පැරාගෙන් මෙසේ විමසමු:

    "උඔට උන් එක්ක ඇත්තට ම ගේමක් නැත්නම් මොන හත් ඉලව්වකට ද බං උඹ උන් ගැන ම කියවන්නේ?"

    ජවිපෙ දෙවන කැරුල්ලට සම්බන්ධව (තේ සෑදීම, කෑම පිසීම. පිඟන් කෝප්ප සේදීම ආදී සිවිල් ක්‍රියාකාරකම් කිරීමෙන්) පිස්සු කෙළ නන්නත්තාරව සිටි පැරාට දේශපාලන ස්පර්ශයක් ද දාර්ශනික ස්පර්ශයක් ද ලබා දුන්නේ භාෂණ සහෝදරයා බව පැරාට අමතක නමුත් අපට නම් අමතක නැත. පැරා යන තැන අවුල් ය. ජවිපෙ ද අවුල් විණි. තුන් හතර දෙනාගේ කල්ලි ද අවුල් විණි. අන්තිමට හිරු ද අවුල් විණි. මේ පෝරිසාදයා වැඩිකල් නො ගොස් සිරිකොත ද අවුල් කරනු නියත ය.

    පැරා ජීවිතාරක්ෂාව සඳහා විදේශගත වූ හැටි කියන්නට පූර්වෝක්ත ලිපිය ලියූව ද වැඩි මනත් කර ඇත්තේ අසත්‍ය කරුණු ද සාවද්‍ය අර්ථකථන ද ගෙන හැර පා භාෂණ සහෝදරයාට අස්ථානීය වෝදනා ද ගැරහීම් ද කිරීම ය.

    පැරා මෙසේ පවසයි:

    // ඊට පස්සෙ අපි හිරු සතිපතා පුවත්පත පටන් අරගත්තා. මං කර්තෘ විදියට පුවත්පත කරන්නත්, භාෂණ දේශපාලන ව්‍යාපාරයක් හදන්නට මැදිහත් වන්නටත් තමයි අපි කතිකා කර ගත්තේ. මං හිටියෙ රස්සාව දාලා පූර්ණ කාලීන දේශපාලනයට එන්න. ඒක නො වුණේ අර දේශපාලන ව්‍යාපාරයේ වැඩේ කෙරෙන තැනකට ගේන්න භාෂණ වැඩ නො කළ නිසායි. //

    පැරා, ඔබ වැනි පරණ මුද්‍රණාලයක බල්ලෝ අල්ලන්න දාන්නනවත් නුසුදුසු කෙනෙකුට විප්ලවීය පත්‍රයක ලියන්නට දුන්නේ භාෂණ සහෝදරයාගේ කරුණාවන්ත මානවවාදීකම නිසයි. ඔබ භාෂණ සහෝදරයා ගැන පවසන අවසාන වැකියට ඔබගේ කටේ පුත්තලම් හොරි දමනු ඇත.

    ReplyDelete
  34. 2. පැරා ජීවිතාරක්ෂාව සඳහා විදේශගත වූ හැටි යනු භාෂණට ගරහන පැරාගේ කුහකකම ද?
    =============================================================================

    // හිරු කණ්ඩායම දුන්නේ වෙන ගේමක්. ඔවුන්ට අවශ්‍ය වුණේ මාව සීන් එකෙන් අවුට් කරලා දාන්නයි. මාස තුනක වීසා අරගෙන ඉන්දියාවට ගිය මාව ඔවුන් ඉන් පසු අතහැර දැම්මා. //

    පැරා, මෙම වැකි තුළ තිබෙන්නේ ඔබ ඔබ ගැන ම සිතා සිටින පරිකල්පනීය ප්‍රමාණකරණයක් පමණි. ගේමක් දී සීන් එකෙන් අවුට් කරන්න පැරා යනු අපට නම් මහ ලොකු කෙරුම්කාරයෙක් නො වේ. අදාළ සමයේ දී ඔබ වැනි ගැරඩියන් පසු පස යනවාට වඩා වැදගත් ඵෙතිහාසික කාර්යභාරයක් හිරු කණ්ඩායම වෙත පැවරී තිබිණි.

    පැරාගේ දේශපාලනය එදත් අදත් වැටකොළු පතෝල ය. පැරා යුධවිරෝධී වූයේ ධනපති ආණ්ඩුවට නො රිදෙන්නට ය. ඒ දෙබිඩි චර්යාව පැරා පියෙකු වන්නට ආසන්නව සිටි නිසා ද නැතිනම් උපන් ගෙයි සටකපටකම නිසා ද යන්න අපි මෙහි දී සාකච්ඡා නො කරමු. පැරාට හිරු සමඟ තිබූ නො පැහීම පැරා මෙසේ පවසයි:

    // භාෂණ, ජූඩ් ලාල් යන දෙන්නා හිටියේ උතුරේ අරගලය සම්බන්ධයෙන් දැඩි භක්තිමත් ස්ථාවරයක. අපි උතුරු පෙරමුණේ පසුමුණක් පමණක් බව තමයි ඔවුන්ගේ අදහස වුණේ. එතකොට දකුණේ සිංහලයන් වන අපට දේශපාලනයක් නැද්ද කියන ප්‍ර‍ශ්නය මං දිගට ම මතු කළා. //

    පැරා විමසන "දකුණේ සිංහලයන් වන අපට" යන වදන එකල ම හඩ නඟා පැවසූයේ පැරා තුළ වන අතිශය බියකරු ප්‍රතිවිප්ලවීය හා ප්‍රතිමාර්ක්වාදී දෘෂ්ටිවාදයයි. පැරා ම තවත් තැනක පවසා ඇති පරිදි පැරාට අනුව භාෂණගේ නායකත්වයෙන් කෙරුණු දේශපාලනය උතුරට කඩේ යාමකි. අනේ අපොයි! උඹලා වගේ භ්‍රෂ්ටයන් සමඟ විප්ලව කරන්න ගිය අපි ම මෝඩයෝ වෙමු.

    // අපේ කාර්යය දකුණේ දේශපාලන ව්‍යාපාරයක් හදන එක ය කියන ස්ථාවරයේයි අපි වැඩි දෙනෙක් හිටියෙ. //

    පැරා, ඒ ස්ථාවරයේ හිටියේ වැඩි දෙනෙකු ද නැතිනම් ටික දෙනෙකු ද යන්න ඔබ ඔබෙන් ම අසා දැන ගන්න.

    // මම අන්තිමට හිටපු දේශපාලන කණ්ඩායම තුළ එකට සිටි දෙමළ හා සිංහල සහෝදරයන් ප්‍ර‍වර්ධනය කළේ සහසන්ධීය රාජ්‍ය විසඳුමක්. //

    දේශපාලනය පිළිබඳ ප්‍රාමාණික අධ්‍යයනයක් නැති පැරා මේ පවසන වැකි පෙළ බහ තෝරන වියේ ළදරු‍ෙවකු තමාට ඇසෙන දේ අරැත් නො දැන නැවත කීමක් වැනි ය. පැරා, සන්ධීය සහ සහ-සන්ධීය වැනි සංකල්ප නිවැරදිව නො දැන ගොන් කතා නො කියා සිටිනු මනා ය. පවසන්නට දෙයක් නැති කල නිහඬව සිටින්නේ නම් අවම වශයෙන් පැරාට විට්ගන්ස්ටයිනියානු ආකාරයේ බුද්ධිමතෙකු හෝ වන්නට ඉඩ තිබිණි.

    පැරා තමා රටින් පැන්නේ යැයි පවසන්නේ කටුනායකින් බැංගලෝර් ගිය ගමන ගැන ය. පැරාගේ කුහකකමේ මූල ධාතු ද ඒ තුළ ම ගැබ්ව තිබේ. තමාට යුරෝපයේ රටකට පැන ගන්නට නො හැකි වීම ගැන පැරාගේ හද තුළ මහා දුකක් පවතින බව පෙනේ. තමා සමඟ සිටි සියලු දෙනා ම පාහේ යුරෝපය කරා පිටත් ව යන කල පැරාට ඉන්දියාවට යාමට වීම ගැන පැරාගේ දුක අප කරුණාවෙන් අවබෝධකර ගත යුතු ය.

    අපි නැවතත් මෙසේ පවසමු - පැරාට නන්දෙඩවීමට ඇති අයිතිය අපි පිළිගනිමු. ඒහෙත් වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රභාමත් මහා පුරුෂයන්ට අස්ථානීය චෝදනා නඟා ගරහන්නට පැරාට අයිතියක් නැත. එවිට අපට ද අපගේ අයිතීන් භාවිතා කිරීමට සිදු වනු ඇත.

    අපි අපගේ පැරණි මිතුරාට මෙසේ පවසමු:

    "හිතවත් පැරා, උඹේ අවුල උඹට හොඳ රටකට පැන ගැනීමට නො හැකි වීම නම් ඒක කෙළින් කියපං මචං. අපි උඹට මෙහෙන් හොඳ ජොබ් කට්ටක් සෙට් කරල දෙන්නම්. මොකද මචං උඹ ඒ හිතේ අමාරුවට ලියන බහුබූතවලට ප්‍රතිචාර දක්වනවට වඩා අපිට මේවායේ කරන්න වැඩ තියෙනවා."

    සෆාරි ඇඳුමෙන් සමලංකෘතව පැරා කරු ජයසූරිය මැතිතුමා අභියස වක ගැසී ගරුසරුව හොඳ ම දේශපාලන බ්ලොග්කරුවාට හිමි සම්මානය ලබා ගන්නා අතිඋත්කර්ෂවත් අවස්ථාව ලබන වසරේ ද පුනර්කරණය වේවා යි පතමින් අපි නවතිමු.

    "ඉතිහාසය පුනර්කරණය වේ යැයි හේගල් පැවසූ තැන ඔහුට යම් දෙයක් එකතු කිරීමට අමතක විණි. එනම් පළමුව ඛේදාන්තයක් ලෙස ද දෙවනුව විගඩමක් ලෙස ද යනුවෙන් පැවසීමට ය" - කාල් මාර්ක්ස්

    ReplyDelete
  35. ඒහෙත් වාම විප්ලවීය දේශපාලනයේ ප්‍රභාමත් මහා පුරුෂයන් රෝහිත භාෂණ සහෝදරයා ඇතුළු පිරිස විසින් ඔවුන් කියන අන්දමේ දේශපාලන සම්මානයක් කරු ජයසුරිය ඉදිරියේ ලබාගත් අජිත් පැරකුම් මෙන්ම මහින්ද සමග දෙමල යුද්ධය මට්ටම් කිරීමට සහය දුන් විමල් විරවන්ෂද බිහි කලෝය. එසේම ඒ හිරු කණ්ඩායමේ රෝහිත රෝහිත භාෂණ ඇතුළු වාම මහා පුරුෂයන් ඩලස් අලහප්පෙරුම වැනි aපතයන් ද බිහි කලහ. ඔහ් එසේම සෝමවංශ අමරසිංහ නමැති අපතයට ජවිපෙ නායක කමද භාර දුන්හ.

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්ම, සම්මාන කේස් එක ඇදුනාට පස්සේ උඹ පැරාව පාවා දීලා ඇඟ බේරාගත්තා නේද?
      උඹ පැරා යූ ඇන්. ආදාරේ අරන් දෙනකොට උඹ පැරාට දැනුම් දුන්නලු ඌව නිර්දේශ වෙලයි තියෙන්නේ කියලා. ඒ අතරෙම උඹ කියනවා සංවිධායක වැඩ කරපු කට්ටියක් මාතලං වාගේ අය සම්මාන නිර්දේශවලින් ස්වේච්ඡාවෙන් අයින්වුනා අපක්ෂපාතිත්වය ආරක්ෂා කරන්න ඔනේ හින්ද කියලා. උඹ නොකියා කියන්නේ අපි පැරාට කිව්ව ඌව නිර්දේෂ වෙලා තියෙන්නෙ කියලා හැබැයි ඌ අයින් වුනේ නෑ කියලද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා