මහජන මුදලින් මෝටර් සයිකල් හිඟන මාධ්‍ය මළ පෙරේතයෝ

කියන ආකාරයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දැක්ම වන්නේ දැනුම සහිත, බහුත්වවාදී සහ ක්‍රියාශීලී සමාජයකි. එහි මෙහෙවර ප්‍රකාශයේ සිංහල පරිවර්තනය මෙසේ ය: “මහජන හිතවාදී, සංවර්ධනය වෙත නැඹුරු වූ, නිදහස් හා වගකීමක් සහිත ශ්‍රී ලාංකික මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් ප්‍රතිපත්ති හා මූලෝපායන් ගොඩනැගීම, පහසුකාරකත්වය, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා ඇගයීම.” (පරිවර්තනය අපගේ ය)

මාධ්‍යකරුවන්ට පගා දීම මේ කියන කාරණාවලට ඇතුළත් වන්නේ නැත. 

2015 වසර වෙනුවෙන් යතුරුපැදි ලබා ගැනීම සඳහා තෝරා ගන්නා ලද මාධ්‍යවේදීන්ගේ නාම ලේඛනය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ වී තිබේ.

එම ලේඛනය බැලීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

එහි රසවත් තොරතුරු රැසක් ඇතුළත් වේ. ඇත්තම කියනවා නම්, මේ රටේ මාධ්‍යකරණයේ යෙදෙන මාධ්‍යකරුවන්ට වඩා මෝටර් බයිසිකල් මාධ්‍යකරුවන් වැඩි බව පෙනේ. 

බීබීසී සිංහල සේවය යනු ප්‍රියත් ලියනගේගේ කාලයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, රටේ මානව හිමිකම්, පාරදෘෂ්‍යභාවය, අරක - මේක හැම එක ම උපරිමයෙන් ප්‍රශ්න කළ එකකි. එහෙත්, වාමාංශික නැඹුරුවක් ඇති එවුන්ගේ ඓන්ද්‍රිය දෙබිඩිකම ප්‍රදර්ශනය කරමින්, බ්‍රිතාන්‍යයේ ජීවත් වන ලංකාවේ නව සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන චන්දන කීර්ති බණ්ඩාර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තීරු බදු රහිත කාර් එකක් ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළේ ය. එය අනුමත කළේ ප්‍රියත් ලියනගේ ය. 

උවිඳු කුරුකුලසූරිය මෙහි ඇති බැඳියා පිළිගැටුම හෙවත් සිංහලෙන් කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් කියන එක ප්‍රශ්න කිරීමෙන් පසුව බීබීසිය මේ දෙන්නාට දඬුවම් කරන ලදී. නව සමසමාජ පක්ෂය චන්දන කීර්ති බණ්ඩාරට දුන් දඬුවම කුමක් ද? ඒ අනුව බැලූ කල වඩා පාරදෘෂ්‍ය බීබීසිය ද? නව සමසමාජ පක්ෂය ද?

මේ ලැයිස්තුව අධ්‍යයනය කිරීමෙන් ද හොඳ කෑලි අල්ලා ගන්නට පුළුවන. එහි අංක 774 සිට 777 දක්වා ඉන්නේ ජවිපෙ නිල පුවත්පත වන නියමුවා පත්තරයේ ‘මාධ්‍යවේදීන්' පිරිසකි. බී.ඒ. සිරිවර්ධන නම් කොන්ද පණ තිබුණු මාධ්‍යකරුවාගේ භාවිතාව ඉදිරියට ගෙන යන බව කියන ‘ඉදිරිය' පත්තරේ කෙනෙක් ද මෝටර් බයිසිකල් ඉල්ලා ඇත. අහෝ දුකකි. ඉරකි. තිතකි. 

මෙහි සිටින ඇතැම් මාධ්‍යකරුවෝ මරු පොරවල් ය. ජාතික ශිෂ්‍ය භට බලකායේ මාධ්‍ය සම්බන්ධීකාරක යයි කියමින් අපේ ගම් පැත්තේ ගුරු හාදයෙක් ද මෝටර් බයිසිකලයක් ඉල්ලා තිබේ. 

මහජන මුදලින් මෙවැනි අයථා වාසි ලබා ගැනීමට හැකියාව තිබීම ලංකාවේ ලජ්ජාවට කාරණයක් නොව නම්බුවට කරුණකි. 

තවද, මේ මාධ්‍යකරුවන්ගේ පැටිගිරියෙන් වැඩි හරියක් ද මේ ලැයිස්තුවේ දැක්වේ. කෙසේ වෙතත්, මහජන මුදලින් දෙන මේ ‘සහන' පිළිබඳ මහජනයාට දැන ගැනීමට අයිතිය ඇති නිසා ඒවා එසේ තිබිය යුතු යයි සිතමි. 

මෙහෙම සන්තෝසම් අරගෙන ඔවුන්ට සිය වෘත්තිය හරියට කරන්නට බැරි බව ඉතා පැහැදිලි ය. 

‘මාධ්‍යවේදීන්' මේ ප්‍රදර්ශනය කරන්නේ නිකම් දෙනවා නම් දෙමළ පත්තරය වුණත් අරගන්නා මළ පෙරේතකම හා රජයේ සේවකයන්, ගොවියන්, ග්‍රාමීය දිළින්දන්, විශ්වවිද්‍යාල සිසුන් සේ රජයෙන් හැම රෙද්ද ම බලාපොරොත්තු වෙන මළ හිඟනකමයි.  

මොවුන් ඊළඟට රටට දෙන්නේත් මේ පෙරේත හා හිඟන ආකල්ප ම ය.

මෙතන නැති තව පිරිසක් තීරු බදු රහිත කාර් බලපත්‍ර බලාගෙන සිටිති. තවත් පිරිසක් ගෙවල් බලාපොරොත්තුව සිටිති. 

මේ රටේ වැඩකරන ජනතාව මේ මළපෙරේතයන් නඩත්තු කළ යුතු ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ණයට ගන්නා (අත පාන්නා ) නිදහස විකුණයි...!!!

    ReplyDelete
  2. මාධ්‍යකාරයන්, නළුවන්, දොස්තරවරුන්, ක්‍රීඩකයින්, කම්කරුවන්, ඉන්ජිනේරුවන්, ගායකයින්, නීතීඥයින්, ගුරුවරුන් ඇතුලු අති මහත් බහුතරය කරන්නේ තමන්ගේ රස්සාවයි. එයින් සමහරු එය සේවයක් ලෙස පෙන්නීමට කැමතිය.

    ReplyDelete
  3. ප්‍රියත් හා චන්දන කීර්ති බණ්ඩාර බේරා ගැනීමට නව සමසමාජ පක්ෂයේ නායක වික්‍ර‍මබාහු කළේ රනිල්ට කතා කර බීබීසී භාරයේ සභාපති ක්‍රිස්ටෝපර් පැටර්න්ට මේ ගැන ලිවීම නො කර සිටින්නැයි ඉල්ලා සිටීමයි. කියවන්න Colombo Telegraph

    ReplyDelete
  4. මේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැතිව ස්වෝත්සාහයෙන් රටට විදේශ විනිමය ඩොලරයක් හරි ගේන ගමන් සම්මා ආජීවයෙන් ඉන්න වලිකන කොටසකුත් මේ රටේ ඉන්නවා.

    උන්ට කාලා මැරෙන්න සයනයිඩ් නොමිලේ ලබා දියව්!

    ReplyDelete
  5. ලන්කාවේ මාජ්ජවේදීන් ගේ එක් අභිප්‍රායක් නම් පාලක සහ විපක්ස ඇමති මැතිලා..කාසෙදෙට ගෙන්නා ගැනීම....ජනපති අගමැතිලා ගෙන් තමන් ගේ කසාදෙට අස්සන් ලබා ගැණීම...

    ReplyDelete
    Replies
    1. මාජ්ජවේජීන් පිළිබඳ කාරණයේ දී නම් සාරසතුමාට සත්‍යය හොඳින් වැටහී ඇති බව පැහැදිලි ය. එහෙත් මහින්ද රාජපක්ෂ කාරණය සම්බන්ධයෙන් සාරසතුමා වල්මත් වී ඇති බව පෙනීමෙන් මංතුමාට ඉතාමත් කණගාටු ය.

      Delete
    2. // එහෙත් මහින්ද රාජපක්ෂ කාරණය සම්බන්ධයෙන් සාරසතුමා වල්මත් වී ඇති බව පෙනීමෙන් මංතුමාට ඉතාමත් කණගාටු ය. //

      බලන් ඉඳලා බැහැ...

      දැන් වත් ස ර ස තුමා රනිල්තුමා ගෙ පස්සෙන් යන්න පටන් ගන්න ඔඅනෙ...ඉස්සරහින් ගියොත් පස්සට මොනා වෙයිද දන්නෙ නැහැ නේ?

      Delete
    3. සාරස හෙවත් ගූ රසයව දැකල නැති උන් බලා ගන්න මෙන්න මේ ලින්ක් එකෙන්.

      https://www.facebook.com/kalukuma?fref=ts

      Delete
    4. සාරස තුමා විශේෂයෙන්ම රනිල් තුමා ෆුල් බකප් එක දෙන්න ඕනේ. මොකද රනිල් තුමායි සාරස තුමායි එකම කොලීජියටනේ ගිහින් තියෙන්නේ.

      Delete
    5. සොරි වෙන්ඩ ඕනේ... එක අකුරක් හරියට වැදුණේ නැහැ.

      සාරස තුමා විශේෂයෙන්ම රනිල් තුමාට ෆුල් බකප් එක දෙන්න ඕනේ.

      Delete
    6. // AnonymousApril 27, 2016 at 8:42 PM
      සාරස තුමා විශේෂයෙන්ම රනිල් තුමාට ෆුල් බකප් එක දෙන්න ඕනේ. මොකද රනිල් තුමායි සාරස තුමායි එකම කොලීජියටනේ ගිහින් තියෙන්නේ. //



      දෙන්නම් බොක්කෙන්ම....

      රනිල් රනිල්...මගෙ රනිල් රනිල්....

      Delete
    7. සාරස බලන්න රනිල්ගේ 2015 General Election ගීතයේ රනිල් රනිල් රනිල් කියල කී පාරක් කියනවද කියලා…………..

      https://www.youtube.com/watch?v=UrHH15RVgOc


      බල තන්හාව ඒකෙන්ම පේනවා…… මම.. මම….. මම………………
      30 වතාවක් පැරදිලත් බල තන්හාව සහ මමත්වය ඉවරයක් නැහැ.
      තණ්හාය ජායති සෝකෝ කියල තමා අන්තිමේ කියන්න වෙන්නේ.

      Delete
    8. UNP නව තේමා ගීතය !

      පොනිල් පොනිල් අපේ පොනිල් !
      රට පාවා දුන්න පොනිල් !
      ප්‍රබාගේ ලොකු අයිය පොනිල් !
      රට කන්නට ආපු පොනිල් !

      දොන් ජුවන්ගේ මල්ලි පොනිල් !
      කලු සුද්දෙකි අපේ පොනිල් !
      ටොයියන්ගේ දෙයිය පොනිල් !
      බටලන්දේ කෙරුම පොනිල් !

      චුවින්ගම්ද ඕනේ පොනිල් ?
      බ්‍රේස්ලට්ද ඕනේ පොනිල් ?
      ලොලිපොප් රස බලපු පොනිල්!
      පස්දුන්රට යවමු පොනිල් !

      ඊලමුන්ගේ ගජය පොනිල් !
      සිංහලයගේ හතුර පොනිල් !
      රතු ලපයගේ හාමු පොනිල් !
      හොර මරාගෙ මිතුර පොනිල් !

      කට ඇරියොත් අපේ පොනිල් !
      කියන්නෙ ගොන් කතා පොනිල් !
      ටොයියන්ගේ දෙය්ය පොනිල් !
      හැමදා රජ කරන පොනිල් !

      බඳුම්කරෙන් ගහපු පොනිල් !
      MR. CLEAN කියන පොනිල් !
      ටොයියන්ගේ ගොන් ඔළුවල !
      අදහන දෙවි රජා පොනිල් !

      රට ෆෙඩරල් කරන පොනිල් !
      ඉන්පසු රට නසන පොනිල් !
      සමනළ රිසි යකෙකි පොනිල් !
      අපි අදහමු උතුම් පොනිල් !

      සුදුතුම්පිය අතිඋතුම් රනිල් වික්‍රමසිංහ උතුමාණන්ට ජයෙන් ජය !!!

      Delete
    9. අනේ යකෝ, යුනිකෝඩ් එකෙන් මේ හුත්ත කොටන්න මහන්සි ගත්තු වෙලේ කුඹුරක් කෙටුවා නම් උඹේ බඩ කට හරි පුරව ගන්න තිබුණා. කොහෙද, උඹේ කාලකණ්නිකමට පින් දෙන්න පුළුවනෑ?

      Delete
    10. ඔව්ව නම් මොනාද?
      මහින්ද ලොක්කා ට සපෝට් කොලොත් තමන් ගේ මීහරක් අතීතය දැන් ඉන්න සහ අනාගතේ යැමට බලාපොරොත්තු වන පොශ් සමාජයට හසු වී පීචන් වේය යන බියෙන් පෙලුනු සමහර වෙන්ඩ පොශ් හාදයෝ රනිල් ට චන්දේ දී තමන් ටොයියන් බව ලොවටම කියා පෑහ!

      රනිල් රනිල්, අපේ රනිල් කියා බයිලා කියාගෙන තමන් ලඟට එන්නේ සත්ය ටොයියන් නොව වෙන්ඩපොශ් බයියන් බව දැන දැනම සත්ය ටොයියො වෙන්ඩ බයියන් ව ෆුඩ් සිටි පිටත් කලහ....

      මහින්ද ලොක්කා කල නොකල සියලු දේ ට බැන වදිමින් එම වෙන්ඩ පොශ් සත්ය බයියෝ මහා කලබලයක් කලහ...

      විසේසයෙන් ම බොග් අවකාසේ හා සමාජ ජාලා වල වසුරු පහ කරමින් කවි බන වදාලහ!

      කිසිදා වෙනස් නොවන රනිල් ආන්ඩුව අතට ගත්තාට පසු ආන්ඩු මට්ටු කිරීම පටන් ගත්තේය...

      රාජ් වැනි ඔපීසියේ බයිට් නාස්ති කොරමින් සමාජ ජාලා වල සර්කස් දැක්වූවන් ගේ සිහින මෝටර් රතයට කෙලවා දැමීය.... වසර තුනෙන් තුනේ කොන්ට්‍රැක්ට් පදනම මත සේවය අලුත් කරන බව කීවේය.... රාජ් ට සහ එවැනි රාජ්ය සේවක මහින්ද විරෝදී වෙන්ඩපොශ් එවුන් ට ගුඩ් ලක් යැ!

      දැනටම වාහන බලපත්‍ර ලබමින් ම මහින්ද ලොක්කාට බැන බැන හිටි උදවිය ගේ බලපත්‍රයට කෙලීය...

      යන්තන් රබර් රොටියක් දමාගෙන දලු කිලෝවක් විකුනාගෙන හිටි ඈයන් ට කඳුලු එන්නම දුන්නේය...

      සියල්ලටම වඩා කොහෙද යන ඉන්දියන් ගිවිසුම් ගසා අයි ටී කාරයන් ගේ මිනී වල කැපීය...

      ටී එන් එල් එකට විස්සයි විස්ස ක්‍රීඩා විකාසනය දී නිර්මාල් දේවසිරිසේනගේ ඇඳුම් ද ගැලවීය.

      අර වෙන්ඩ පොශ් එහෙත් සත්ය බයියො ටික ටික මොළේ කළඳක් නැති අමුම අමු ගොබ්බයො නිසා තවමත් රනිල්ට රෙදි නැතුව කඩේ යති.

      Delete
    11. AnonymousApril 27, 2016 at 10:38 PM

      Lollekuta mala panala :D cheeya oya hari naakyi meya, naraka samanalaya

      Inna mama Ranie hamugen lolipop illala dennam.

      Delete
    12. පෙනෙන ලෙසට සරස කාරයා උත්සාහ කරන්නේ රනිල් සහ සිරිසේන සමග යහපාලන හුඹහට රින්ගූ බොරුවට පෙන්නාගෙන ඉන්නා වෙන්ඩපොශ් අමුම අමු ගොඩේ බයි කබ්බන් රැල හුඹහින් එලියට ගැනීමටය.

      හුඹහට කාබයිඩ් කෑලි කීපයක් දමා වතුර වත්කල විට වෙන්ඩපොශ් ගැරඬි කබ්බෝ එලියට එති !

      Delete
  6. බ්ලොග් මාජ්ජ කාරයින්ටත් ලැබෙයි ළඟදිම.

    ReplyDelete
  7. බ්ලොග් සම්මාන උලෙලට ජනමාධ්ය අමාත්යාංශයේ ශාලාව නොමිලයේ ලබා දුන්නාද?200 දෙනෙකුට තේ පැන් ලබා දුන්නා නේද. මෙය බයිසිකල් ලබා දීමෙන් වෙනස් වන්නේ කෙසේද ඒත් රටේ බදු මුදල් නොවේද

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ?

      අජිත් ධර්මාගේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්.

      ඔය චැරිටි කාරයෝ, Freemasonsලා විශ්වාස කරන්න එපා. උන් සේරම කම්බ හොරු.

      Delete
    2. :මන්පොර: ඒ සඳහා මුදලින් ඇතිවෙන්න ආධාර කරලා තියෙන්නේ ඒ සඳහා බජට් ඉල්ලීම් බෑ

      Delete
  8. තිලකරත්න කුරුවිට බංඩාර ගිය ආණ්ඩුවෙන් වාහනයක් ගන්න දුන්න දොලොස් ලක්‍ෂෙ පොළී රහිත ණයත් අරන්, මේ ආණ්ඩුවෙන් මෝටර් බයික් කට්ටත් අරන්.

    ReplyDelete
    Replies
    1. අනේ පව්.... එයා හිඟන්නෙක් වෙන්න ඇති. ඒකයි එහෙම ගන්න ඇත්තේ.

      Delete
  9. අඩේ අප්පා මෙච්චර් කල් මේ සැට් එක වැඩට ගියේ කොහොමද ලංගම බස් එකේ නේද එකත් පාස් කියලා නිකම්ම ගියා එතකොට මන්ත්‍රී /ඇමති ලගේ මාධ්‍ය සම්බන්දිකරන් එවුන්ටත් ඒවා හිමිද

    ReplyDelete
  10. බලාගෙන ගියාම මාජ්ජකාරයෝ සේරම මළ පෙරේත පිසාචයෝ නෙ....

    ReplyDelete
  11. මේ වගේ උන්ව නඩත්තු කරන්නයි,උන්ට සහන දෙන්නයි බර අදින්න වෙලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට.මහා ලොකු මාධ්‍යවේදියෝ ආණ්ඩුවෙන් දෙන බයික් එක නැතිනම් මාධ්‍ය නිදහස නැහැ වගෙයි කතා කරන්නේ.

    ReplyDelete
  12. මොකද්ද මේ සහන මිල කියන්නේ? මෝටර් සයිකල් 1800 ක් දෙන්න මේ යක්කු මොනවද කරන්නේ? වැට් වැඩි කරන්න යන්නේ ආන්ඩුවට සල්ලි නෑ කියල නේද? සමහරු විධායක නිලදාරීන් නේද? හැම දේම හැම එකාටම නිකම් දෙන්නේ මේ වෙස්සන්තර අප්පුහාමිගෙ රටද?

    ReplyDelete
  13. අජිත් අයියෙ කතාව ඇත්ත...

    ReplyDelete
  14. මම ඊයෙත් කිව්වේ හිඟන මානසිකත්වයක් තියෙන මාද්දියවේදියෝ තමයි අර මහා වීරයෝ වගේ එක එකාව ප්‍රශ්ණ කරන්නේ...

    උන්ට කිසිම අයිතියක් තියෙනවද කිසිම දේශපාලකයෙක් විවේචනය කරන්න..

    ReplyDelete
  15. සාරස හෙවත් ගූ රසයව දැකල නැති උන් බලා ගන්න මෙන්න මේ ලින්ක් එකෙන්.ඌට මරාවාදියෙක් කියන්න එපා. තරහ යනවා

    https://www.facebook.com/kalukuma?fref=ts

    ReplyDelete
    Replies
    1. මයි ගෝඩ්...!!! සාරස තුමා අපේ රොයලිස්ට් කෙනෙක් නේ...!!!

      Delete
    2. එකනේ හැමෝටම දැනගන්න දැම්මේ. අපේ ඉස්කෝලේ එකෙක් උනාම කට්ටියටම දැනගන්න ලැබෙන එක හොඳයිනේ

      Delete
    3. කුරුට්ටනි..... කොපමන රනිල් ට කඩේ ගියත් තොපගේ මීහරක් බයියත්වය සඟවනු නොහැකිය....
      එය අපට අපමන සතුටකි !

      Delete
    4. එසේය එසේය සාරසතුමා. ඔබගේ ගූ රසද අපමණ සතුටකි

      Delete
    5. සරස දාපු මෝඩ ජෝක් එකකට කුරුටු සැට් එකේ හිත රිදිලා....

      සාරස ආප්ප සිරා සහ සහ රනිල් තුමා වගේ ගරු ගාම්බීර අය එක්ක කලු කෝපි බොන ගමන් කුරුටු සැට් එක වගේ පහඳන් ට කින්ඩියත් දානව නේ?

      දුක නැද්ද අෆ්ෆා?

      Delete
    6. ගොන් ආකරයක්! ෆන් සාගරයක්!
      :D

      Delete
  16. අපි බයිසිමොටෝ කට්ටක් ඉල්ලුවම තමයි ඔහෙලටත් තදවෙන්නෙ. අර පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් රැලට බිලියන ගනන් දෙනකොට කටක් අරින්නෙ නෑ... අපැ ජයසි0හට එව්ව පේන්නෙ නැතෙයි....

    ReplyDelete
    Replies
    1. නියමුවා පුවත්පත ඇතුළු ජවිපෙ මාධ්‍යවේදීන් මෙබඳු මහජන මුදලින් වාසි වරප්‍රසාද සහ වරදාන ලබාගැනීම අතිශය ජුගුප්සාජනකය. දූශිත මරා කල්ලියටද ඔවුන්ගේ සට්ටැඹියන්ටද මේවා ලබාගන්නට කිසිදු අයිතියක් නොමැත. නමුත් එජාපය නි.ප. මෛත්‍රී පාර්ශ්වය වැනි යහපත් සමාජ භාවිතාවන් කරන පාර්ශ්ව වලට මේවා ලබාදීම ජනතාවට කරන සේවයකි.

      Delete
    2. තොපිල මහින්දයව ආපහු ගෙන්න හැදුවේ ඉතින් ඔය ගසා කෑම නැතිවෙයි කියල බයේනේ. මහින්දයට චන්දෙ දුන්න කියල අපරාදේ තොපිල නම් පරාද වෙලා නැහැ. රටට බරක් උන හැතිකරේ

      Delete
    3. ඔය මොකා ආවත් මාධ්ය කාරයෝ කියාගන්න හිඟන කාලකන්නි ප්‍රේතයින්ට දොළ පිදේනි දෙන එක වලක්වන්න බැහැ. ජෙප්පො තියා සිරිතුංග ජයසූරිය පවා මාධ්‍යකාරයෝ අල්ලගෙන තියෙන්නෙ.

      මාධ්‍ය හිඟන්නන්ට ගේම දෙන්න නම් "ලසිත් මාලිංග" වගේ බුවෙක් දෙශපාලනේට ගේන්න වෙනවා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා