උගුර බ්‍රැන්ඩි වන මැයි දින ආතල් එකට පෙර

ලංකාවේ මෙම දේශපාලන මොහොත ඉතා වැදගත්. ආර්ථිකය තිබෙන්නේ ඉතා දුෂ්කර තත්වයක. ආර්ථිකය කඩා වැටුණොත් ලංකාවේ ඇති වන දේශපාලන අර්බුදය තුළින් කිසිදු ප්‍රගතිශීලී දෙයක් මතු වේ යයි සිතන්නට බැහැ. එයින් ඵල නෙළා ගන්නට ඉඩ තිබෙන්නේ ජාතිවාදීන්, ප්‍රජාතන්ත්‍ර විරෝධීන් ප්‍රමුඛ දක්ෂිණාංශික අන්තවාදීන්.

ලංකාවේ වම තිබෙන්නේ ඉතිහාසයේ වැඩිම පරිහාණියකට ලක් වූ යුගයක. ඔවුන්ට ලංකාව වැනි සංකීර්ණත්වයක් සම්බන්ධයෙන් මැදිහත් වීමේ සාමූහිකත්වය හා බුද්ධිමය සහ කෞශල්‍ය ධාරිතාවන් වර්ධනය කර ගන්නට බැරි වී තිබෙන්නේ එකිනෙක කණ්ඩායම් අතර ඇති ස්වෝත්තමවාදී ගැටුම් නිසායි.

වාමාංශික ස්වෝත්තමවාදය කියන්නේත් ජාතිවාදය වැනි ම වන විනාශකාරී තත්වයක්. 

උදාහරණයක් ලෙස මේ මොහොතේ පවා වාමාංශික ස්වෝත්තමවාදීන් තමන්ගේ කලර්ස් පෙන්නන්න කරන, කියන, ලියන දේ සලකා බලන්නට පුළුවන්. පස්ස කහගන්න නියපොත්ත නැතත්, කතාව නම් හෙට විප්ලවය කරනවා වගේ. වමේ කෙරුවාව මැයි දිනේට ගහන වේදිකා සැරසිල්ල වගේ ඇතුළාන්තය හිස් එකක්. හැමදාම වගේ මෙවරත් ඔවුන් අවසානයේදී සේවය කර තිබෙන්නේ ජාතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට වෙන්නට පුළුවන්. හරියට 2005දී වගේ. අවුරුදු දහයක් විතර සමාජය විනාශ කරන්න කවුරුහරි උම්මත්තකයකුට භාර දීලා ඊට පස්සෙ බැරියැ අපි ස්වයං විවේචනය කළා ය කියලා අත් දෙක හෝද ගන්න.ඒක නිසායි අපි  මේ කාරණේ මේ තරම් මතු කරන්නේ. 

පෙරටුගාමී පක්ෂ ආකෘතිය ම යල් පැන ගිහින්. ඒක වෙනස් කර ගන්න බැරි පක්ෂවලට කරන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි සමාජවාදී අරමුණක් වෙනුවෙන් අරගල කරන්නට ඔය කියන පක්ෂ අවශ්‍යත් නැහැ.

ලංකාවේ වම දැවැන්ත වියවුලක්. ඔවුන් සිය මතවාද හා ක්‍රියාකාරිත්වය පදනම් කර ගන්නා පංති විග්‍රහය ම වැරදියි. ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ විග්‍රහය පදනම් වන්නේ ම මිථ්‍යා අදහසක් මත වීම ඔවුන්ගේ පරිහාණියේ ආරම්භයයි. වම දන්නේ නැහැ තමන් ඉන්නේ කොතැනද කියන එක. 

ලංකාවේ එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, පෙසප, ලසසප, කොප ආදී සියලු පක්ෂ හා කණ්ඩායම් අයත් වන්නේ අඩු වැඩි වශයෙන් එකම මධ්‍යම පංතික පදනමකට. ජවිපෙ, පෙසප නිර්ධන පංතිකත් නැහැ. එජාප, ශ්‍රීලනිප ධනපති පංතිකත් නැහැ. ලංකාවේ ශක්තිමත් ධනපති පංතියකුත් නැහැ. සංවිධිත කම්කරු පංතියකුත් නැහැ. කම්කරු / නිර්ධන / දිළිඳු පංතියට සංවිධානය වෙන්නත් බැහැ. හේතුව, නිර්ධන පංතිය වෙනුවෙන් පෙනී සිටිනවා ය කියන අය ප්‍රවර්ධනය කරන්නේ ම මධ්‍යම පංතික දෘෂ්ටිවාදයක්. උදාහරණයක් ලෙස, ලංකාවේ වම කම්කරුවන්ට ප්‍ර‍වර්ධනය කරන ජීවිතය කුමක් ද? තම දරුවන් නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට යවා, රජයේ සේවයට එක් කර, කම්කරුවන්ගෙන් සූරා කන මුදලින් රැකියා සුරක්ෂිතභාවය, විශ්‍රාම වැටුප් ආදිය ලබා ගැනීම හැර වෙන කුමක් ද? 

කම්කරුවාගේ ඉල්ලීම විය යුත්තේ වැටුප් විෂමතා ඉවත් කිරීම හා ශ්‍ර‍ම සමානාත්මතාව ඇති කිරීමයි. ශ්‍ර‍මයේ හා බුද්ධියේ වටිනාකම් තක්සේරු කිරීම සඳහා සමාජවාදී මෙවලම් පද්ධතියක් සංවර්ධනය කළ යුතුයි. කම්කරුවාගේ විමුක්තිය කම්කරුවෙක් ලෙස ම ලබා ගත හැකි විය යුතුයි. එහෙම නැතිව කම්කරුවා මධ්‍යම පංතිකයෙක් වෙන්නට ඕනැ නැහැ. එහෙත් ඒ පිළිබඳ කතිකාවක් වම තුළ තිබෙනවා ද? 

ලංකාවේ කම්කරු පංතිකයන්ට තමන්ට අනන්‍ය පංති විඥානයක් නැහැ. ඔවුන්ට අවශ්‍ය මධ්‍යම පංතියට උසස්වීමක් ලබා ගන්නටයි. තමන්ට සාක්ෂාත් කර ගන්නට බැරි එම හීනය තමන්ගේ දරුවන් ලවා හෝ අත්පත් කර ගැනීමයි ඔවුන්ගේ අරමුණ. කම්කරු පංතියට අනන්‍ය දේශපාලන දැක්මක් ලංකාවේ නැහැ. එහෙම එකක් පිළිබඳ සංවාදයක්වත් ලංකාවේ වම තුළ කවදාවත් තිබිලාත් නැහැ. 

ලංකාවේ වම සමාජවාදී රජයකින් බලාපොරොත්තු වන්නේ ශක්තිමත් රාජ්‍ය අංශයක් ගොඩනැගීම, රජය මධ්‍යම පංතියට අධ්‍යාපනය, රැකියා අවස්ථා, සහනාධාර ආදිය සැපයීමයි. මධ්‍යම පංතිය කරන්නේ ප්‍රධාන වශයෙන් රජයේ රැකියා කරමින් මුදල් ඉතිරි කිරීම, භාණ්ඩ හා දේපල මිළ දී ගැනීම සහ එම භාණ්ඩ හා දේපල වන්දනා කිරීමයි. ඔවුන් සමාජවාදී සමාජයක් ය කියන්නේ ධනවතුන් පරිභෝජනය කරන ආකාරයට මධ්‍යම පංතියටත් පරිභෝජනය කරන්නට හැකියාව ඇති සමාජයකුයි.

ලංකාවේ මධ්‍යම පංතිය කියන්නේ කම්කරු පංතියේ මිතුරු බලවේගයක් නෙමෙයි. මේක රජයේ කාර්යාලයකට, රෝහලකට, පාසලකට, පොලිසියට, හමුදා කඳවුරකට යන ඕනෑම කම්කරුවකු දන්නා කාරණයක්. මූනිච්චාවට මනුස්සකමට කතා කරන ක්‍රමයක් ඇති කළත් ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. හේතුව ලංකාවේ වැඩ කරන ජනතාවගේ කාලකන්නිකම නිර්මානය වන්නේ ම මේ සුවිසල් අකාර්යක්ෂම මධ්‍යම පංතිය නඩත්තු කිරීමේ බර දරන්නට ඔවුන්ට සිදු වී තිබෙන නිසායි. මධ්‍යම පංතිය යනු ධනපති පංතිය තරම් ම කෘර සූරාකන්නන් පිරිසක්. උදාහරණයක් ලෙස ඔවුන්ගේ විශ්‍රාම වැටුප නිර්මානය වන්නේ වැඩ කරන ජනතාවගේ කාලකන්නි මහළු විය මතයි.

ලංකාවේ ගොවීන් ගැනත් යමක් කිව යුතුයි. ගොවීන් කියන්නේ බොහෝ දුරට මේ මධ්‍යම පංතියේ ම උණ්ඩුක පුච්ඡයක්. ගොවීන් ලෙස අනන්‍යතාව ප්‍රකාශ කරන වැඩි දෙනෙක් ඇත්තෙන් ම ගොවීන් නෙමෙයි. ඔවුන් ග්‍රාමීය දිළින්දෝයි. ගොවියන් ය කියන තවත් සුවිසල් පිරිසක් පාට් ටයිම් ගොවිතැන කරන මධ්‍යම පංතිකයෝයි. ගොවිතැන පූර්ණ කාලීනව කරන සුළු පිරිසකුත් ඉන්නවා. කොහොම වුණත්, ලංකාවේ ගොවියන් කියන්නේ හැමදාමත් වතුර, පොහොර ටික රජයෙන් බලාපොරොත්තු වන, ඉන් පසු නිෂ්පාදනයත් ආණ්ඩුවට ම විකුණන්න බලාගෙන ඉන්න පිරිසක්. පීඩිත ජනතාවට බරක් වන මේ ක්‍රමයෙන් ගැලවෙන්න සංවාදයක් ගොවියන් අතර නැහැ. 

නිදහසින් පසු ලංකාවේ පැවති ආණ්ඩු කියන්නේ ධනපති ආණ්ඩු නෙමෙයි. ඒවා අඩු වැඩි වශයෙන් ධනපති හා මධ්‍යම පංතික සන්ධාන. ලංකාවේ පවතින අර්ථ ක්‍රමය මූලධාර්මිකව ධනපති එකක් වුණාට ඒකේ ඵල නෙළා ගන්නේ දුර්වල ධනපති පංතියත්, ශක්තිමත් මධ්‍යම පංතියත් හවුලේ.

ලංකාවේ ප්‍රබල ම පංතිය තමයි මධ්‍යම පංතිය. 1956 සිට 65, 1970 සිට 77, 2005 සිට 2015 ආදී වශයෙන් පැවති පාලනයන් ඍජුව ම මධ්‍යම පංතික පාලනයන් ලෙස හඳුන්වන්නට පුළුවන්.

පහළ මධ්‍යම පංතිය හිටි හැටියේ රජය තුළ වැඩි අවස්ථා වෙනුවෙන් කැරැලි ගහනවා. 1971, 1989 සිංහල කැරැලිත්, උතුරේ දෙමළ කැරැල්ලත් එවැනි ඒවා.

මේ වාමාංශික දේශපාලනය අමු ම අමු මිථ්‍යාවක්. අප පවා මේ කතා කරන භාෂාව ම අවුලක්. ඒ නිසායි අපි කියන්නේ වම හා සමස්ත දේශපාලනය ගැන ම අලුතෙන් සිතිය යුතුයි කියලා.මේ භාෂාව ගැන වුණත් අලුතෙන් සිතිය යුතුයි.

දැන් ඉතින් මේක ලියපු මට සල්ලි හම්බ වෙන මාර්ග ගැන සංවාදය පටන් ගනීවි. නැතිනම් සුපුරුදු වචන සෙට් එක අනලා මේක ඇකඩමික් නැති ය, අනුභූතිවාදී ය අරක මේක අපට නො තේරෙන රෙද්දවල් කියයි. මං කියන්නේ මං වැඩක් නැහැ. මං ගොනා ය කියමුකෝ. ඒත් මං වගේ ගොනෙක් මතු කරන ප්‍රශ්නවලටවත් උත්තර දෙන්න ක්‍රමයක් හොයා ගනිල්ලා. නැතිනම් කමක් නැහැ, මෙදා පාරත් මැයි දිනේ ෆන් එක අරගෙන ගෙවල්වලට ගිහින් මයියොක්කා පඳුරක් හිටවා ගනිල්ලා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, කම්කරුවා කියන පුද්ගලයා නිර්වචනය කරන්නේ කොහොමද? වමේ විදිහට ප්‍රාග්ධන හිමි කමක් නැති හෝ බැංකු ගිණුමක් හෝ ව්‍යාපාර කොටස් හිමි නැති හෝ ලාභාංශ නොලබන තැනැත්තාද? එහෙම කී දෙනෙක් ඉන්නවද ලංකාවේ?
    ලංකාවේ නොවේ ලෝකෙවත් දැන් කම්කරු අරගල නැහැ. මොකද නව ලිබරල් ආර්ථිකය තුල කම්කරුවා කියන මෙවලම දිය කර හැර ඉවරයි. කොහොම හරි තියෙන්නේ සුරාකෑම. මේසන් බාස් ගෙවල් හදන මනුස්සයා සුරා කනවා. ගුරුවරයා දෙමාපියන් ළමයින් සුරා කනවා. අමතිවවරු සම්පත් සුරා කනවා. මේක අඩු වැඩි වශයෙන් සියළු රටවල තියෙනවා. නමුත් දියුණු රටවල නීති මගින් හා ක්‍රම වේද මගින් තරමක් දුරට මෙම ක්‍රමයට සිමා පනවලා තියෙනවා. අපිට අවශ්‍ය සිවිල් සමාජය ශක්තිමත් කිරීමක්. යල් පැන ගිය දේශපාලන තියරි වලින් ඕකට විසදුමක් නැහැ.

    ReplyDelete
  2. මහින්දානන්ද අළුත්ගමගේ, රත්තරන්, ගම්මන්පිල වැනි කම්කරුවන් වෙනුවෙන් කිරුළනට යමු.

    ReplyDelete
    Replies
    1. රනිල්,මංගල,අකිල... වැනි කම්කරැවන් වෙනුවෙන් කැම්බල් යමු

      Delete
    2. හහ් හා. ලොලේ ලොල්

      ඇත්තටම මෙදාපොටේ කැම්බල් පිටියෙ තියෙන්නෙ සමනල සංධ්වනියක්ද කොහෙද? ලොල්ලො ගොඩා...යි.

      Delete
  3. /** ලංකාවේ ප්‍රබල ම පංතිය තමයි මධ්‍යම පංතිය. */

    මම හිතන්නේ මේක ගුණදාස අමරසේකර ගේ මතයක්. අමරසේකර මේ මතය කොතරම් තදින් දැරුවාද / දරනවාද කියනනම්, ඔහු තම නව ඈඳුතු නව කතාව කැප කළේ ඔහු විසින් අතිශය වැදගත් යැයි සිතූ / සිතන මධ්‍යම පංතියේ පරිණාමය ගැන සාකච්ඡා කිරීමටයි.

    අජිත් පැරකුම් ජයසිංහ ගේ වාම කතිකාව අමරසේකරවාදී නම්, අනි සියල්ලට පෙර ඒ ගැන සිතිය යුතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගුණදාස අමරසේකරට මධ්‍යම පංතිය හරි වැදගත්. මට නම් එහි කිසිදු වැදගත්කමක් නැහැ. හැබැයි ඉතින් ඒ පංතිය ප්‍ර‍බල වෙන එක කාගේවත් වරදක් නෙමෙයි. ඒක තමයි හැටි.
      - පැරකුම්

      Delete
    2. ඉහත කමෙන්ටුව පළ කර ඇත්තේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ද නැද්ද යන්න පැහැදිලි නෑ.

      ගුණදාස අමරසෙකරත්, මධ්‍යම පංතිය වැද්ගත් කියන්නෙ, ඒක ප්‍රබල නිසා තමයි. ගුණදාස අමරසෙකරත්, මධ්‍යම පංතිය වැදගත් කියලා කියන්නෙ, මධ්‍යම පංතිය නොතකා අපට දේශපාලනය කරන්න බෑ කියන අර්ථයෙන් තමයි. එහෙම නැතුව, සිංහල ගැමිකම උත්කර්ෂයට නංවන ගුණදාස අමරසෙකර ට, ඉංග්‍රීසීන් ගෙන් පසුව බිහි වූ මධ්‍යම පංතිය ගැන රොමෑන්ටික් ආකල්පයක් ඇතැයි මා සිතන්නේ නෑ.

      කොහොම නමුත්, අජිත් පැරකුම් ජයසිංහ ගේ කතිකාව, අමරසෙකරවාදී නම්, වාමාංශිකයන් ට, ඒ ගැන ටිකක් හිතන්න වෙනවා.

      Delete
    3. ඉහත අදහස පළ කළේ මම තමයි.

      ඔබේ අදහස මෙවැනි දෙයක්. "දේශපාලන සංවාදයේ උත්තර සංවාදය නවකතාව යයි ගුණදාස අමරසේකර කියා තිබෙනවා. එය ඉන් පසු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිත් කියා තිබෙනවා. ඒ අනුව නිර්මාල් රංජිත් දේවසිරිගේ කතිකාව අමරසේකරවාදීයි. අන් සියල්ලට පෙර ඒ ගැන සිතිය යුතු වෙනවා."

      මේක ඇනොනිමස් ඇවිත් කිව්වාට, මේක කියන්නේ මොන ජාතියේ කෙනෙක්ද කියලා පහසුවෙන් හිතාගන්නට පුළුවන්. මේ සොයන්නේ මොකක් ද? මේ ප්‍රශ්න කිරීම මගහරින්න ක්‍ර‍මයක්. ඇයි මගහරින්නේ? උත්තර නැති නිසාද?

      Delete
    4. "ලංකාවේ ප්‍රබල ම පංතිය තමයි මධ්‍යම පංතිය." කියන එකයි, "දේශපාලන සංවාදයේ උත්තර සංවාදය නවකතාව යි" කියන එකයි, යන දෙක සංසන්දනය කරන්න බෑ.

      මම පෞද්ගලිකව "දේශපාලන සංවාදයේ උත්තර සංවාදය නවකතාව යි" කියන එක සමග එකඟ නෑ. මම හිතන්නෙ නෑ, අමරසේකර ගෙ කඳවුරේ වුනත් හැමෝම අමරසෙකරගෙ ඔය මතය සමග එකඟ වෙයි කියලා. මට හිතෙන විදියට නම්, නව කථා හරහා සංවාද කරන එක, හෙන කාලය නාස්ති කරන ක්‍රියාවක්. හැබැයි නිර්මාල් ඔය මතය සමග එකඟ වෙලා තියෙනවා නම්, ඒකෙ පුදුමයක් නෑ. මොකද නිර්මාල් වගේ වැඩක් නැතිව නිකං කයිවාරු ගගගා ඉන්න කැමති කෙනෙකුට ඒක උචිත සටන් මාදිලියක්. මේ ගැන මගේ එච්චර උනන්දුවක් නෑ. මේක සටන් උපක්‍රමයක්. ප්‍රතිගාමීන් අතර වගේම ප්‍රගතිශිලීන් අතරත් මේ උපක්‍රමයට කැමැති / අකමැති අය ඉන්න පුළුවන්.

      හැබැයි "ලංකාවේ ප්‍රබල ම පංතිය තමයි මධ්‍යම පංතිය." කියන එක "දේශපාලන සංවාදයේ උත්තර සංවාදය නවකතාව යි" කියන එක වගේ නෙමෙයි. "ලංකාවේ ප්‍රබල ම පංතිය තමයි මධ්‍යම පංතිය." කියන එක භයානක දෙයක්. "ලංකාවේ ප්‍රබල ම පංතිය තමයි මධ්‍යම පංතිය." කියන එකේ අමරසේකරට ප්‍රශ්නයක් නෑ. හැබැයි වාමාංශිකයන් ට එහෙම බෑ. මොකද මෙතන තියෙන්නෙ අපි ඓතිහාසික භෞතිකවාදය පිළිගන්නවා ද නැද්ද කියන මූලික ප්‍රශ්නය. ඓතිහාසික භෞතිකවාදයේ එන කේන්ද්‍රීය අදහසක් තමයි, සමාජ විකාශනය හා නිශ්පාදනය අතර තීරණාත්මක සම්බන්ධයක් තියෙනවාය කියන එක. ධනපති පංතිය සමාජයක බලවත් පංතිය යැයි කීමේ නිර්මාක්ස්වාදී කමක් නෑ. මොකද ධනපති පංතිය කියන්නේ, නිශ්පාදනය හා සම්බන්ධ, නිශ්පාදනයට දායක වන පංතියක්; සමාජ විකාශනයට හේතු වන පංතියක්. කම්කරු පංතියත් එහෙමයි. එහෙත් මධ්‍යම පංතිය කියන්නේ එහෙම නිශ්පාදනය සමග තීරණාත්මක සම්බන්ධයක් තිබෙන පංතියක් නෙමෙයි. එම නිසා මධ්‍යම පංතිය කියන්නේ, සමාජ විකාශනයට මුල් වන පංතියක් නෙමෙයි, අපි ඓතිහාසික භෞතිකවාදය පිළිගන්නවා නම්. එම නිසා සමජ විකාශනය ගැන උනන්දු වන අයට, සාමජ වෙනස් කරන්න ඕනෙ අයට, මධ්‍යම පංතිය වැනි නිශ්පාදනය හා ඍජු සම්බන්ධයක් නොමැති පංතියක් මුල් කරගෙන දේශපාලනය කරන්න බෑ.

      ඊළඟට අපි බලමු මේ "ලංකාවේ ප්‍රබල ම පංතිය තමයි මධ්‍යම පංතිය." කියන කතාව, පදනමක් ඇති කතාවක් ද කියලා. පංතියක් ප්‍රබලම පංතිය වන්නේ කොහොමද, හරි හමන් පංති විඥානයක් නැතිව? මධ්‍යම පංතියේ, පංති විඥානය මොකක්ද? ඒක මොකක් වුනත්, ඒක ව්‍යාජ විඥානයක් නෙමෙයිද? නිශ්පාදනය හා සම්බන්ධ නොවන පංතියකට සැබෑ විඥානයක් තියෙන්න පුළුවන්ද? ව්‍යාජ විඥානයක් සහිත පංතියක් සමාජයේ ප්‍රබලම පංතිය වන්නේ කෙසේද? මට තේරේන විදියට නම්, අජිත් පැරකුම් ජයසිංහ අපට යෝජනා කරන්නේ, අපි ඓතිහාසික භෞතිකවාදය අත් හැරිය යුතු බවයි. අජිත් පැරකුම් ජයසිංහ ගේ කතිකාව, අමරසෙකරවාදී කතිකාවකැයි, මා කියන්නේ ඒ නිසයි. නිශ්පාදනය, ශ්‍රමය, ආදියේ කේන්ද්‍රීය බව පිළිගන්නා, වාමාංශිකයන්ට, අජිත් පැරකුම් ජයසිංහගේ ස්ථාවරය පිළිගැනීමට හැකි යැයි සිතීම අපහසුයි.

      ප.ලි.

      අමරසෙකර යනු, වාමාංශිකයෙක් නොවුනත්, කිසියම් ශාස්ත්‍රීය ශික්ෂණයක් සහිත, මහළු වියේදී වුවත්, යුරෝපයේ පළවන පොත පත සොයා ගෙන කියවීමට උනන්දු වන අයෙක්. අජිත් පැරකුම් ජයසිංහ, අමරසෙකර ළඟින් නතරවීමට හේතු වුනේ, අජිත් පැරකුම් ජයසිංහ ට ඔහුගේ ජීවිතයේ කිසියම් වකවානුවක දී, පොත පත කියවන, ගැඹුරු ජීවිත ගත කරන, මතුගමින් එහා ලෝකය දැක තිබෙන, මිනිසුන් පිරිසක් ආශ්‍රය කිරීමේ අවස්ථාව ලැබුනු නිසයි. ඒසේ නොවන්නට, අද අජිත් පැරකුම් ජයසිංහ නතරවන්නේ, ගුණදාස අමරසේකර ළඟින් නෙමෙයි, සුජීව ප්‍රසන්න ආරච්චි ළඟින්. එම නිසා මම හිතන්නේ, අජිත් පැරකුම් ජයසිංහ ඔහුගේ පැරණි මිතුරන්ට ස්තූතිවන්ත විය යුතුයි.

      Delete
    5. මෙච්චර හෑල්ලක් කුරුටුගාලා තියෙන්නෙ ෂුවර් එකටම මූ කුරුටුගාමියෙක්

      Delete
    6. මේ පුද්ගලයා මාක්ස්වාදී ආගමිකයකුට ඉතා හොඳ උදාහරණයක්.

      මම කැමති නැහැ ආදී වශයෙන් මමත්වය පෙන්නුවාට තමන්ගේ නමින් පෙනී සිටින්නට ඔහුට ආත්ම ශක්තියක් නැහැ. තමන් ලොකු විප්ලවවාදියෙකු ලෙස පෙනී සිටින නිසාත්, නම කිව්වොත් ඇත්ත හෙළිදරව් වීමට ඉඩ ඇති නිසාත් බයයි.

      මාක්ස්වාදී ආගමිකයන්ට න්‍යාය කියන්නේ ලෝකය තේරුම් ගන්නට ඇති මෙවලමකට වඩා පරම සත්‍යයක් බව ඔහු ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ දක්වන අදහසින් පැහැදිලියි. ඔහු උත්සාහ කරන්නේ ඔහුට ඔහු කියවා ඇති බව මහ උජාරුවෙන් කියන පොත්වලින් ලැබුණු අච්චුවකට ලංකාව ඔබන්නට මිස ලංකාව ඇති හැටියෙන් තේරුම් ගන්නට නෙමෙයි.

      “අපි ඓතිහාසික භෞතිකවාදය පිළිගන්නවා නම්, එම නිසා සමාජ විකාශනය ගැන උනන්දු වන අයට, සමාජය වෙනස් කරන්න ඕනෙ අයට, මධ්‍යම පංතිය වැනි නිශ්පාදනය හා ඍජු සම්බන්ධයක් නොමැති පංතියක් මුල් කරගෙන දේශපාලනය කරන්න බෑ."

      ඒක තමයි අපිත් කියන්නේ මධ්‍යම පංතිය මුල් කරගෙන වම කරන මේ විකාරය මොකක් ද? ඒක තමයි වම අසාර්ථක වෙන්න හේතුව.

      ‘ඓතිහාසික භෞතිකවාදය පිළිගන්නවා නම්' කියන එක පුන පුනා කීමෙන් ඔහු කියන්නේ එය පිළිගන්නේ නැතිනම් සංවාදය වැඩක් නැති බව වගෙයි පෙනෙන්නේ. මේක තමයි මාක්ස්වාදී ආගමිකයන්ගේ සංවාදවල මූලික කොන්දේසිය. මෙතනින් පුළුවන් අනෙකා මගහරින්න දොරටුවක් වසාගන්න. මේක සියලු ආගම්වල ලක්ෂණයයි.

      හැබැයි ඓතිහාසික භෞතිකවාදය විද්‍යාත්මකව භාවිතා කරමින් ලංකාව විග්‍රහ කරගන්න උත්සාහ කරන්නට පුළුවන්. ඒ වෙනුවට තමන්ගේ ඔලුවේ ඇතුළේ තිබෙන ආකෘතියකට ලංකාව දාගන්නයි ඔහු උත්සාහ කරන්නේ. එහෙම දාන්න බැරි බව පෙන්නලා දුන්නට එය පිළිගන්න මාක්ස්වාදී ආගමිකයන්ට අමාරුයි.

      මධ්‍යම පංතියේ පංති විඥානය මොකක්ද කියා අහන එකට සරළ උත්තරයක් තිබෙනවා. ඒ තමයි පීඩිතයන් සූරා කන රජය ශක්තිමත් කරමින් එයින් යැපෙන එක. ඒක නිෂ්පාදනයට සම්බන්ධ වෙන්නේ කම්කරුවන් සූරාකන රජය හරහා. කොටින් ම ලංකාවේ මධ්‍යම පංතිය යැපෙන්නේ රජය හරහා මැද පෙරදිග ශ්‍රමිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් ආදීන් සූරා කාලා. ඒ සූරාකෑම සංවිධානය කර ගන්නා දේශපාලනය තමයි මධ්‍යම පංතියේ විඥානය.

      ඔය මධ්‍යම පංතික විඥානය තමයි ලංකාවේ වමේ පදනම. පදනම නෙමෙයි ඒක තමයි මිනී වල.

      Delete
    7. අමරසේකරගේ ශාස්ත්‍රීය ශික්ෂණයට චරිත සහතිකයක් දීලා තියෙන්නේ ඇයි? අමරසේකර සහභාගි වන පුවත්පත් සාකච්ඡාවල විතරක් නෙමෙයි ඔහුගේ අර ගමනක කතා පෙළේවත් එවැනි ශාස්ත්‍රීය ශික්ෂණයක් නැහැ. අමරසේකරගෙන් ශාස්ත්‍රීය ශික්ෂණයට මාපක හදන අයට අබ සරණයි.

      Delete
    8. “අජිත් පැරකුම් ජයසිංහ ට ඔහුගේ ජීවිතයේ කිසියම් වකවානුවක දී, පොත පත කියවන, ගැඹුරු ජීවිත ගත කරන, මතුගමින් එහා ලෝකය දැක තිබෙන, මිනිසුන් පිරිසක් ආශ්‍රය කිරීමේ අවස්ථාව ලැබුනු නිසයි. ඒසේ නොවන්නට, අද අජිත් පැරකුම් ජයසිංහ නතරවන්නේ, ගුණදාස අමරසේකර ළඟින් නෙමෙයි, සුජීව ප්‍රසන්න ආරච්චි ළඟින්. එම නිසා මම හිතන්නේ, අජිත් පැරකුම් ජයසිංහ ඔහුගේ පැරණි මිතුරන්ට ස්තූතිවන්ත විය යුතුයි."

      මෙන්න මේ කොටස තමයි ආගමික ලක්ෂණය උපරිමයෙන් ප්‍රකාශ කරන කොටස.

      අර මතුගමින් එහා දැක්කයි කියන, පොත් කියවනවා යි කියන ශාස්තෘවරුන් ගැන මං ශාස්තෘ නවකතාවේ ලියලා තිබෙනවා.

      දැනුම බෙදා ගැනීම කියන්නේ සමාජ දේශපාලන වගකීමක්. අපි තොපට දැනුම දුන්නා. ඒ නිසා අපට පින් දීපල්ලා යයි කියන්නේ දේශපාලන හිඟන්නෝ.

      Delete
    9. 1A. තමා ඓතිහාසික භෞතිකවාදය (ඓ. භෞ.), හරියටම කියනවා නම්, ඔර්තඩොක්ස් මාර්ක්ස්වාදයේ එන ඓ. භෞ. පිළිගන්නවාද නැද්ද යන්න අජිත් පැරකුම් ජයසිංහ කෙලින් නො කියයි. අජිත් පැරකුම් ජයසිංහ ලියන දේ අනුව, අජිත් පැරකුම් ජයසිංහ ඓ. භෞ. පිළිනොගන්නේයැයි සැලකීම නිවරැදි බව මගේ හැඟීමයි. අජිත් පැරකුම් ජයසිංහ විසින් තමන් ව නිදහස් මතධාරියකු ලෙසින් හඳුනවා ගෙන තිබීම ත්, ඊට අනුබල දෙයි. (කෙනෙක් තමන් ව, නිදහස් මතධාරියෙක් ලෙස හඳුන්වා ගැනීම ම, මට අනුව නම් සම්පූර්ණ වංචාවක්. අපට සියල්ලෙන් නිදහස් වී සිතිය නොහැකියි. රාමුවකට කොටු නොවී සිතනවා ය යන්න මහා ලොකු දෙයක් ලෙස බැලූ බැල්මට පෙනුනත්, සිතීම, සංකල්පීය රාමුවකින් තොරයි කියන්නේ, ගාල කඩා ගත් හරකා ගේ තත්වය ම තමයි කියන එකයි. "Discourse" යන සංකල්පයේ අරුත, අපට සියල්ලෙන් නිදහස් වී, සිතීම / කතාකිරීම / තේරුම්ගැනීම කළ නොහැකිය යන්නයි; එනම්, අප සෑම විටම යම් රාමුවක් තුල සිටින බවයි. අපි මොන දේ හිතුවත්, අපි සෑම විටම යම් උපකල්පනයක ඉඳන් තමයි ඒ හිතන දේ හිතන්නෙ; එනම් යම් රාමුවක කොටු නොවී, යම් යම් දේ සත්‍ය ලෙස බාර නොගෙන, සිතීම කියන දේ කරන්න අපිට බෑ. [ඩෙරිඩියානු විසංයෝජනය තුල මෙකී රාමූන්ගෙන් ගැලවීමේ ප්‍රයත්නයක් තිබෙනවා. නමුත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක් උපකල්පන පද්ධතියක් අත්හැරීම මගින් වන්නේ වෙනත් උපකල්පන පද්ධතියක් තුලට යාම විනා කිසිදු උපකල්පනයක් නොමැති තත්වයකට යාමක් නොවෙයි. කිසියම් කෙනෙක් එසේ කරනවායැයි කියනවා නම් එය ව්‍යාජයක් පමණයි.] කාන්ට් ගේ "A priori" ගත්තත්, ෆූකෝ ගේ "episteme" ගත්තත්, උපකල්පන වලින් නිදහස් වී සිතීමට නොහැකි බව පැහදිලි වෙනවා. වංචනික අරමුණෙන්, නිදහස් මතධාරීන් වෙන අයත්, අන්තිමේ දී, කොල්වින්, ස්වාධීන මන්ත්‍රීවරුන්ව හැඳින්වූ _____________ බවට පත් වීම වැලැක්වීම බෑ.) එහෙත්, "හැබැයි ඓතිහාසික භෞතිකවාදය විද්‍යාත්මකව භාවිතා කරමින් ලංකාව විග්‍රහ කරගන්න උත්සාහ කරන්නට පුළුවන්." යනුවෙන් කියා, තමන් ඓ. භෞ. අඩුම තරමින් අගය කරන බවක් ද අජිත් පැරකුම් ජයසිංහ වංචනිකව අඟවයි. මෙහි අජිත් පැරකුම් ජයසිංහ යොදන විද්‍යාත්මක යන විශේෂණ පදය වැගත්. මොකද අපි ඓ. භෞ. විද්‍යාත්මකව යොදනවා කියන්නෙ, අපිට අජිත් පැරකුම් ජයසිංහ වගේ වැඩ කරන්න බෑ කියන එකයි; අනුභූතිවාදී වෙන්න බෑ කියන එකයි; මධ්‍යම පංතිය ප්‍රබලයි කියලා පෙනිච්ච පලියට, අපිට ඒ පස්සෙ යන්න බෑ කියන එකයි. යමක් විද්‍යාත්මකව යොදනවා කියන්නෙ, යමක්, ඒ ඒ නිරීක්ෂණයට ගැලපෙන්න වෙනස් කරනවා කියන එක නෙමෙයි. දැනුම නිරීක්ෂණ සමග වෙනස් වෙන බව ඇත්තයි. නමුත් ඒ කිසියම් ක්‍රමයකට අනුව මිස සිද්ධිවාචකව නෙමෙයි. ඓ. භෞ. වැරදි නම්, ඒක වෙනස් කරන්න ඕනෙ. නමුත් ඒ, විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් මිස, එන එන විදියට ගහ උළුඅස්සා ප්‍රතිපදාවෙන් නෙමෙයි. අජිත් පැරකුම් ජයසිංහට, ඓ. භෞ. පිළිගන්න බැරි නම්, වෙන දැනුම් පද්ධතියක් ගොඩ නගලා ඉදිරිපත් කිරීමේ අවස්ථාව, අජිත් පැරකුම් ජයසිංහ ට තිබෙනවා. එතෙක්, අපිට, අජිත් පැරකුම් ජයසිංහ සමග එකතු වීමට අපහසුයි.

      මම ඔර්තඩොක්ස් මාර්ක්ස්වාදයේ එන ඓ. භෞ. පිළිගන්නවා. අජිත් පැරකුම් ජයසිංහ එය පිළිගන්නේ නෑ. එම නිසා ඔහු සමග වාද විවාද කිරීම තේරුමක් නෑ. ඒ බව අජිත් පැරකුම් ජයසිංහ ම ඉහත කියා තිබෙනවා. නමුත් එය, අජිත් පැරකුම් ජයසිංහ කියන පරිදි ආගමිකයන්ගේ සංවාද වල මූලික කොන්දේසියක් නෙමෙයි. අජිත් පැරකුම් ජයසිංහ එසේ සිතන්නේ, කෙනෙකුට අවශ්‍ය නම්, නිදහස් මතධාරියකු විය හැක කියන පදනමින් ම යි. නමුත් එය, කිසියම් පිරිසක ගේ කොන්දේසියක් නෙමෙයි, එය යතාර්ථයේ කොන්දෙසියක්. එම නිසා එය, සෑම දෙනෙකු සම්බන්ධයෙන් ම, සෑම සංවාදයක් අරභයා ම, වලංගු වෙනවා. ඕනෑම සංවාදයක් පැවතිය හැක්කේ, එකඟ වන තැනක් ඇත්නම් පමණයි. එය දයලෙක්තිකයෙන් ලැබෙන දෙයක්. අපි කියන ඕනෑම දෙයක් වලංගුවන්නේ යම් කිසි සංධර්භයක පමණයි; ඉන් ඔබ්බේ නොවෙයි. සත්‍යය හැම විට ම සංයුක්තයි - වියුක්ත සත්‍යයන් නැත කියන විට ද, කියැවෙන්නේ මේ දේ ම තමයි. මේ සංධර්භය නිර්ණය වන්නේ, අප සැබෑයැයි පිළිගන්නා උපකල්පන වලින්. සංවාදයක දී නම්, දෙපැත්තටම එකඟ විය හැකි තැනින්. සංවාදයට අරුතක් ඇත්තේ එම සංධර්භය තුල පමණයි.

      Delete
    10. 1B. අජිත් පැරකුම් ජයසිංහ ගේ නිදහස් මතධාරීත්වයේ, හරි හමන් දැනුමක් මත පදනම් නොවීමේ, ආනුභවිකවාදයේ, ප්‍රතිඵල ඔහු ලියා දෙයින් පැහැදිලියි. අජිත් පැරකුම් ජයසිංහ ඇයි උත්සාහ කරන්නෙ, මධ්‍යම පංතිය නිශ්පාදනය හා සම්බන්ධයැයි කීමට? නිශ්පාදනය හා සම්බන්ධ වීමේ වැදගත්කම අජිත් පැරකුම් ජයසිංහ ට ලැබෙන්නේ ඓ. භෞ. හරහා නම්, නිශ්පාදනය හා සම්බන්ධ වන ආකාරය පිළිබඳ ව ඓ. භෞ. හරහා ලැබෙන දේ වැඩක් නැතිවෙන්නේ කොහොම ද? සමාජයේ අපිට ඇතැම් විට හමුවන මිනිස්සු ඉන්නවා, ලෙඩක් හැදුනාම, දොස්තර ගාවට ගිහින් බේත් ගේනවා. ඊට පස්සෙ තමන්ට ඕනෙ විදියට බේත් බොනවා. අජිත් පැරකුම් ජයසිංහ කරන්නෙත් ඒ වගේ වැඩක්.

      අජිත් පැරකුම් ජයසිංහ, මධ්‍යම පංතිය නිශ්පාදනයට සම්බන්ධ වන ආකාරය ගැන හෝ, මධ්‍යම පංතිය විසින් කම්කරුවන් සූරාකන ආකාරය ගැන හෝ කතා කර තිබෙන්නේ, ඓ. භෞ. අර්ථයකින් නොවෙයි; ලාමක අර්ථයකින්. අජිත් පැරකුම් ජයසිංහ කියන විදියට ගත්තොත් නිශ්පාදනයට සම්බන්ධ නොවන කෙනෙක් නැති තරම්. කර්මාන්ත ශාලාවක ගබඩා කර ඇති නිමි භාණ්ඩ, කිසියම් සොරකු විසින් සොරා ගත්තොත්, අජිත් පැරකුම් ජයසිංහ කියන්න ඉඩ තියෙනවා, සොරා නිශ්පාදනයට සම්බන්ධ වෙන්නේ එහෙම තමයි කියලා. නමුත් ඓ. භෞ. අනුව, තම තමන්ට ඕනෑ විදියට නිශ්පාදනයට සම්බන්ධ වෙන්න බෑ. ඓ. භෞ. අනුව නිශ්පාදන සබඳතා යන්නට නිශ්චිත අරුතක් තියෙනවා. අපි උනන්දු වෙන්නේ ඒ ගැන. මොකද සමාජ විකාශනයට හේතු වෙන්නේ එකී නිශ්චිත අරුත සහිත නිශ්පාදන සබඳතා. නැතුව එක එක වෙලාවට ඇති වන මොන මොනවා හෝ සබඳතා නොවෙයි. පොලිස්කාරයෙක්, රියදුරෙකුගෙන් අල්ලසක් ගත්තොත්, අජිත් පැරකුම් ජයසිංහ කියයි, පොලිස්කාරයා, රියදුරාව සූරාගෙන කන්නෙ එහෙම තමයි. නමුත් මේක ඓ. භෞ. ට අදාළ නෑ. මොකද මෙය සමාජ විකාශනයට හේතුවන්නේ නෑ. මොකද ඓ. භෞ. හී එන සූරාකෑම ඊළඟට අතිරික්ත වටිනාකමක් බවට පත් වෙනවා. අජිත් පැරකුම් ජයසිංහ කියන සූරාකෑමට අදාළ අතිරික්ත වටිනාකමක් ගණනය කිරීමේ ක්‍රමයක් තියෙනවාද? සමාජ විකාශනයට හේතුවන සූරා කෑම සිදුවන්නේ නිශ්පාදන සබඳතා ඔස්සේයි. සෑම සමාජ ක්‍රියාකාරකමක් ම, සෑම සබඳතාවක්ම, සමාජ විකාශනයට හේතු වන්නේ නෑ. (මෙතනදී සමාජ විකාශනය රේඛීය නොවී සර්පිලාකාර වුනේ ඇයි කියන දේ අදාළ වුනත්, ඒ ගැන කීමේ වෙලාවක් නෑ.) ඓ. භෞ. අනුව, ශ්‍රමය විකිණීම හෝ නිශ්පාදන මාර්ග යෙදවීම හෝ ඔස්සේ නිශ්පාදනය හා සම්බන්ධවීම, වෙනත් සමාජ ක්‍රියාකාරකම් වලට වඩා ප්‍රධානයි. ඒ බව පිළිගන්න සුදානම් නැති අය නිකං බොරුවට ඓ. භෞ. හී එල්ලීමට එන්න ඕනේ නෑ. ඒ අයට පුළුවනි වෙන පැත්තක් බලා ගන්න. නැත්නම් හැම දෙයින්ම නිදහස් වෙලා ඉන්න. සමාජ විකාශනය ගැන උනන්දු අයට පුළුවනි, සමාජ විකාශනයට හේතුවන සමාජීය ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් ඉන්න.

      Delete
    11. 2. ගුණදාස අමරසෙකර ගේ පුවත්පත් සාකච්ඡා මම නො කියවමි. අමරසේකර ගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් වන මෙම පුවත්පත් සාකච්ඡා තුලින් වාමාංශිකයන්ට ලබා ගත හැකි දෙයක් නොමැති වෙයි. එම පුවත්පත් සාකච්ඡා වලට අදාළ ශාස්ත්‍රීය ලක්ෂණයක් ගැන මට යමක් කිව නො හැකි වෙයි. අමරසේකර ගේ නවකතා ද පරිශීලනය කර නැති මට, එම නවකතා වල ට අදාළ ශාස්ත්‍රීය ලක්ෂණයක් ගැන ද කිව නොහැකි වෙයි. එහෙත් අමරසේකර ගේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය කෘතිය තුල අමරසේකර ගේ ශාස්ත්‍රීය ශික්ෂණය දැකිය හැකිවෙයි.

      Delete
    12. 3. ශාස්තෲ නවකතාව යනු අජිත් පැරකුම් ජයසිංහ තමන් ට, තමන් ගේ පැරණි නායකයන්, සගයන්, ආදීන් සමග ඇති ඇරියර්ස් කවර් කර ගැනීම වෙනුවෙන් ලියා ඇති පොතකි. එම පොත කියවීමෙන්, කියවන කෙනාට, කිසිදු ඵල ප්‍රයෝජනයක් අත් නොවේ.

      Delete
  4. // ලංකාවේ වම තිබෙන්නේ ඉතිහාසයේ වැඩිම පරිහාණියකට ලක් වූ යුගයක //

    ඒම අයර්ලන්තෙට ගිහින් එහෙ දි ගල් වුනා කියලා ඔයි කස්ටිය කියන්නේ...

    ReplyDelete
  5. සුජීව කොකාවලApril 26, 2016 at 9:15 AM

    චානුක කියලා මනුස්සයෙක් එහෙන් මෙහෙන් මම ගැවසෙන තැන්වල දොර රෙදි අස්සේ හැංගිලා පොඩි හූවක් කියලා පැනලා දුවන ස්වරූපයක් මම නිරීක්ෂණය කරලා තියෙනවා. මේ පුද්ගලයා මාව තමන් විසින් බ්ලොක් කර තිබීමත්, ඒ වුනාට මම ලියන එව්වා කියවන්න ඔහුට හැකිවීමත් ඒවාඅ ගැන මාර උනන්දුවක් දැක්වීමත් නිසා මට ඔහු මාර පර්වර්ට් කැළණි හිඟන්නෙක් කියා නිතර හිතිලා තියෙනවා. ඔය නමින් ඉස්සර කාලේ පත්තරවලට ලිව්ව මනුස්සයෙක් හිටියා ගතයුත්තක් තිබ්බ. ඒත් ගතයුත්තක් තිබ්බ මිනිස්සු හිටිගමන් මැරිලා ඒ නමින් කාලකන්නි පර්වර්ට් අන්කල් ලා බිහිවීමේ ප්‍රවනතාවයක් මම දැකලා තියෙනවා.

    ඔය අසනීපෙ සනීප කරන්න බැහැ. ගෑනු නාන ළිං අයිනේ පඳුරු අස්සේ සැඟවී සිටින ඩයල් මැරෙනකම්ම එහෙම තමා. කනගාටුවෙනවා මේ චානුක කියන මනුස්සය විඳවන දුර්මානසික තත්වය ගැන.

    ReplyDelete
    Replies
    1. // චානුක කියලා මනුස්සයෙක් //

      මේ මොකද්ද?
      කවුද මේ චානුක?

      Delete
  6. ගොවියෝ කන්කරුවෝ නෙමෙයි මේ රටේ අති බහුතරය හිඟන මානසිකත්වයක් ඉන්න පිරිසක්.. ඉංජිනේරුවා දොස්තරත් එහෙමයි.. නිකං කන්න බලාගෙන ඉන්නේ.. මක්කා හරි නොමිලේ ගන්න තමයි බලා ගෙන ඉන්නේ.. උන් සල්ලි කාරයෝ වෙන්න දැඟලුවට.. ධනපතියත් එක්ක ඉරිසියයි.. ඒකනේ පෞදගලික වෛඩ්‍ය විද්‍යාලයට විරුද්ධ. මාද්දියවේදියොත් බයිසිකලයක් හරි මක්කා හරි ඉල්ලනවා... ඉතින් උන්ට කවදාවත් ස්වාධීන මාද්දියවේදියෙක් වෙන්න පුළුවන්ද...?

    ReplyDelete
    Replies
    1. පෘද්ගලික වෛද්‍ය විද්‍යාලයට එහෙම යන්මේ ධනපතියොන්ගේ ළමයි විතරද ? . ඇත්තම කියනව නම් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා විදිය මතවේද ජනකයි. මේක වෙනස් කරන්න කතිකාවක් කරන්න ඕනෑ.

      Delete
  7. මම හිතන්නේ අජිත් පැරකුම් ජයසිංහ ප්‍රශ්නයෙන් භාගයක් හඳුනා ගෙන තිබෙනවා. ඒ තමයි මාර්ක්ස්වාදී පංති විග්‍රහය වැරදියි කියන දේ අවබෝධ කර ගෙන තිබෙනවා. නමුත් ඔහු තවමත් මාර්ක්ස්වාදය තුල රැඳී ඉන්න හදනවා. ඒ නිසා තමයි,

    "කම්කරුවාගේ ඉල්ලීම විය යුත්තේ වැටුප් විෂමතා ඉවත් කිරීම හා ශ්‍ර‍ම සමානාත්මතාව ඇති කිරීමයි."

    වගේ දේ කියන්නෙ. මේ කියන්නෙ වැටුප් සමාන කරන්න කියන එකයි. මේක දැන් කිසිම මාර්ක්ස්වාදියෙක්වත් කියන දෙයක් නෙමෙයි. මම දැක්කා මේක ජෙරමි කොර්බින් ආපු අලුත, CEO ලා ගේ වැටුප් අඩු කරන්න ඕනෙ වගේ - හෝ එ හා ආසන්න අදහසක් හෝ - කියලා තියෙනවා. නමුත් ඒකට එච්චර ප්‍රසාදයක් පළ නොවුනු නිසා මම හිතන්නෙ මිනිහාවත් දැන් ඕක කියන්නෙ නෑ. වැටුප් සමාන කරන එක නම්, ලෙනින් ට වත්, කරන්න බැරි වුනු දෙයක්. විප්ලවයෙන් පස්සෙ රුසියාවෙ වැටුප් සමාන කෙරුනා. නමුත් මට මතක විදියට, රේඩාර් ශිල්පීන් ආදීන් ගේ විරෝධය නිසා ඒක අකුලා ගත්තා, පසුව නැවත ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් කිසිම දවසක ආයි ක්‍රියාත්මක කෙරුනේ නෑ.

    වැටුප් සමාන කිරීම කියන්නෙ, කිසිසේත්ම කරන්න බැරි දෙයක්. මොකද මිනිසුන් ගේ දක්ෂතා විවිධයි.

    "ශ්‍ර‍මයේ හා බුද්ධියේ වටිනාකම් තක්සේරු කිරීම සඳහා සමාජවාදී මෙවලම් පද්ධතියක් සංවර්ධනය කළ යුතුයි." කියලා කිව්වාට, මේක කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි.

    මම හිතන්නෙ, මාර්ක්ස්වාදී පංති විග්‍රහය විතරක් නෙමෙයි, සමස්ත මාර්ක්ස්වාදය ම අතහරින්න ඕනෙ, අලුතින් හිතන්න ඕනෙ නම්.

    ReplyDelete
    Replies
    1. මම මාක්ස්වාදී ආගමිකයෙක් නෙමෙයි. මම නිදහස් මතධාරියෙක්. එහෙත්, වම කියන්නේ ලංකාවේ ප්‍ර‍බල මධ්‍යම පංතියේ දෘෂ්ටිවාදය හැඩගස්වන ප්‍ර‍බල ආයතන පද්ධතියක්. ඔවුන්ගේ භාෂාව ලංකාවේ ස්ථාපිත වුණ එකක්. වම ඇතුළෙන් එය ප්‍ර‍ශ්න කරන්නට ඕනැ ඒ නිසායි. නැතිනම් ඔවුන් ආවරණයක් නිර්මානය කරගෙන ප්‍රශ්න කිරීම මගහරිනවා.

      Delete
  8. “Left vs. Right is an out-dated concept and an oversimplification of 21st Century politics”
    ― James Morcan

    You agree?

    ReplyDelete
    Replies
    1. I agree. But we cannot neglect left movement in Sri Lanka because ideologically it is still very strong. We have to take up the issue in their language. They must be challenged to change. Otherwise they will continue to pester at least until our generation dies.

      Delete
  9. ඇත්තටම පැරා, ඔබ ලංකාවේ වම ලෙස හඳුන්වන්නේ කුමක්ද? ශ්‍රීලනිප ලසසප කොප ජවිපෙ පෙරටුගාමින් ...... ? හෝ මේ අතර නැති වෙනත් කිසිවක්ද? කරුණාකරලා 'වම' අර්ථ දක්වනවාද?

    ReplyDelete
    Replies
    1. කොප, ලසසප, වාසු, ජවිපෙ, පෙසප, බාහු, සිරිතුංග,සමාජවාදී සමානතා පක්ෂය, තව එක එක කල්ලි කණ්ඩායම් හා පුද්ගලයන්

      Delete
    2. ඔබගේ දේශපාලන අස්ථානය සහ දැනුම දැන් පැහැදිලියි. ස්තුතියි.

      Delete
  10. මේ දවස්වල එක්තරා ඇනෝවෙකුට හිතේ වද දෙන ප්‍රශ්න 10 ක් ඇතිවෙලා. එයා සිංහල බ්ලොග් අවකාශයේ හැමතැනම මේ 10 හල හලා යනවා. එයාට විශේෂයෙන්ම දැනගන්න ඕනෙ වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර:

    (1) මහින්ද රාජපක්ෂ විසින් ලබා ගත් ණය වලින් හොරකම් කෙරුණු මුදල කොපමණද?

    (2) මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා ගත් ණය වලින් හොරකම් කෙරුණු මුදල කොපමණද?

    ඉතින් මිතුරු මිතුරියනි, මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සක්සුදක් සේ පැහැදිලි යි නේද?

    ඔන්න මම පිළිතුරු සඳහන් කරනවා:

    (1) පළමු ප්‍රශ්නයට පිළිතුර අමෙරිකානු ඩොලර් බිලියන 22 යි.

    (2) දෙවැනි ප්‍රශ්නයට පිළිතුර බින්දුව යි.

    ReplyDelete
    Replies
    1. අම්මප උඹ වගේ හරකෙක්, මෝඩ මූසලයෙක්. සිරිකොතේ වැසිකිලි වලේ ජීවත්වෙන අසූචිභක්ශක මල ප්‍රේතයෙක්. මරාගෙ හරක් පරාදයි තොපි වගේ අමුම මීහරක්ට

      Delete
    2. යසිත් අකලංකApril 26, 2016 at 8:59 PM

      මේ මරා ලොක්ක යහපාලන රජයේ නිල පුවත්පතක් වෙච්චි දිනමිණට ණය ගැන කියපු කතා

      //රාජපක්ෂ පාලන සමයේ ලේඛන ගත නොවු මෙරටට ලබා ගත් ණය පිළිබඳ ආණ්ඩුව නිතරම පවසන අතර එවැනි ලේඛන ගත නොවු ණය ඇත්නම් ගෙවන්න එපා යැයි තමා රජයට පවසන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

      ඒ මහතා මේ බව සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ‘ජන සටන‘ විරෝධතා රැලිය අමතමිනි. මෙය ඊයේ(17) කොළඹ හයිඩ්පිටියේදි පැවැත්විණි.

      එහිදි වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය අපි ගමේ කුඩා කඩයකට ගොස් බඩුවක් ණයට ගත්තත් මුදලාලි එය පොතේ සදහන් කරන අතර කිසිදු සටහනක් නැතිව ණය දෙන ක්‍රමයක් ඇත්තේ නැහැ.

      අද උදේ මට ආරංචිවුණේ මම මේ රැස්වීමට නොයන බවට තිබෙන ආරංචියයි. එමෙන්ම යතුරු පැදිකරුවන් කිහිප දෙනකු අපේ නිවස අසලට පැමිණ මගේ නම කියා නිවස සොයා තිබෙනවා. මෙවැනි ලාමක මෝඩයෝ තමයි රටේ ඉන්නේ.

      මෙසේ ආණ්ඩුවට එරෙහිව රැස්වීමක් සංවිධනය කරමින් නැගි සිටීම ගැන සන්තෝෂයි. මට රට භාරදුන් වසර 2005 මතක් වෙනවා ඔබ සැම ආපස්සට ගොස් ආවර්ජනය කර බලන්න අපට මුහුණ දෙන්න වුණා විශේෂ අර්බුද පහකට ආර්ථික , ඒ අවස්ථාව ලෝකයේම ආර්ථිකය කඩාවැටිලා බැංකු වැසී යන තත්ත්වයක් තිබුණා එවැනි පරිසරයක අපිට ආර්ථිකයත් අපේ බැංකු ටිකත් ආරක්ෂා කරගන්න හැකිවුණා.

      සුනාමියෙන් ජන ජීවිතය අඩාලවුණා ජීවිත හතළිස් දහසක් පමණ අහිමිවුණා නිවාස ඇතුළු දේපළ විශාල ලෙස විනාශවුවා. ජීවිත නැතිවු අය හැරෙන්න අනෙක් සියලු දේවල් අපි යථා තත්ත්වයට පත්කළා.

      ඉන්පසු තෙල් අර්බුදය දැන්නම් ඉන්ධන බැරලය ඩොලර් විසි හතයි එදා ඩොලර් එකසිය විසි හතයි. එවැනි තත්ත්වයක සිට අපි ජනතාවට පොහොර සහනාධාරය දුන්නා ඒ කාලයේ පොහොර රුපියල් නවදහසට ඉහළ ගියා එහෙත් අපි සහනාධාරය නැවැත්තුවේ නැහැ. එක සත පහක සහන කැපුවේ නැති බව සිහිපත් කරන්න ඕනේ. මේ කුමන අර්බුද පැමිණියත් වැඩිහිටි දීමනා කප්පාදු කළේ නැහැ. අද රණවිරුවන්ගේ දෙමවිපියන්ට දුන් දීමනාවලිත් රුපියල් හත්සිය පනහත් කපලා.පාසල් පොත් , නිල ඇදුම දුන්නා මේවා ඇතුළු ජනතාවටදුන් සහනවලට අපි අත තිබ්බේ නැහැ. ඊට පසු ආහාර අර්බුදය පැමිණියා අපේ නියෝජිතයින් ඉන්දියාවට ගියාම ඒ අයගේ ජනතාවට කන්න තිබෙන බව කිව්වා. වියට්නාමයට ගියා ඒ ප්‍රතිඵලයමයි ලැබුණේ. ඒ නිසා අපේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමට මැතිඇමතිවරුත් සමග තීන්දු කළා.

      ඒ අනුව සහලින් , බඩඉරිගුවලින්,උදුවලින් ස්වයංපෝෂිත කළ අතර එළවළු ටික වගාකළා දැන් කන්කුන් ටිකත් පිටරටින් ගේන්න පටන් අරගෙන. වසර තිහක් බඩගාපු යුද්ධය වසර දෙකෙන් අවසන් කර දෙන්න හැකිවුණා. සිංහල ජනතාවට පමණක් නොවේ යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාව අපි බේරගත්තා ඒ දරුවන්ට පාසල් යන්න අවස්ථාව උදාකර දුන්නා. එමෙන්ම මුස්ලිම් ජනතාව උතුරෙන් පැන්නුවා ඒ අයට අපා රැකවරණය දුන්නා. එදා රිසාද් ලා ආවේ එහෙන් කමක් නැහැ. නැගෙනහිරින් පන්නපු අය අපි යළිත් පදිංචි කෙරුවා.

      මෙවැනි විනාශවු රටක් භාරගත් මම වසර නවයක් යන විට චීනයට පමණක් දෙවන වන ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන රටක් බවට පත්කළා.//

      http://www.dinamina.lk/?q=2016/03/18/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/13845

      Delete
    3. සුනාමියෙන් පසු 2005- 2006 වන විට මේ රටට අතිවිශාල විදේශ මුදල් තොගයක් ආවා.

      Delete
    4. සුනාමියෙන් පසු සමස්ත ආසියානු රටවලට ලබාදුන් මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 6.25 ක් ලෙස ඇස්තමේන්තු කරතිබේ. ඇතැම් කුඩා රටවල් රැසක් ලබාදුන් ද්‍රව්‍යමය ආධාරද සමග මුළු මුදල ඩොලර් බිලියන 8-9 පමණ වනු ඇත.

      ලංකාවට අපු මුළු මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 750ක් පමණ වේ. මෙයින් 80% පමණ ලබා දුන්නේ රාජ්‍ය නොවන සංවේධාන (NGO) වලටයි. රජයට ලැබුණු මුදල්ද ඇතැම්විට අදාල කොන්ත්‍රාත්කරුවන්ට කෙලින්ම ලබාඅදුන් අවස්ථා තිබිණි. කෙසේ නමුත් ඇතැම් පරිත්යාගශීලීන් පෞද්ගලිකව ලබාදුන් මුදල් යටිමඩි ගැසීම් බහුලව වාර්තා විය. වඩාත් ප්‍රකට වූයේ එවකට හිටපු අගමැති රාජපක්ශගේ හෙල්පින් හම්බන්තොට ගිණුමයි. මෙහි ඩොලර් ලක්ශ 2ක් පමණ තිබුණු බව ප්‍රකට විය. කෙසේ නමුත් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් ඩොලර් ලක්ශ 25-30 යටිමඩි ගැසූබවට චෝදනා එල්ලවිය.

      මූලාශ්‍ර - ගාඩියන් සහ විකිපීඩියා

      Delete
    5. මට කියන්න අවශ්‍ය වුණේ රටට විදේශ විනිමය ආ බවයි. මට මතකයි 2013 දී පමණ ලක්ෂ්මන් යාපා පම්පෝරි ගැහුවා රටේ විදේශ විනිමය පිළිබඳව. එයට NGO මුදල්ද අයත් වුවා. මුදල් හොරකම් කළ NGO ප්‍රධානීන් අතර රතුකුරුසයද සිටී. ඒ සියල්ල යට කරමින් ඔවුන් රෙජීමයට කඩේ ගියා. තාජුදීන් සිද්ධියේ ලෑන්ඩ් රෝවර් එක මතකද?

      Delete
  11. 2008 දී එමිරේට්ස් සමඟ වූ ගිවිසුම අවසාන වූ පසු, 2015 ජනවාරි 8 වන දා පරාජය වූ පසුගිය ආණ්ඩුවේ කොටස් විසින් අටවන ලද, මේ රටේ ජනතාවට පෑගෙන්නට නියමිතව තිබූ ආර්ථික බෝම්බයක් වන ශ්‍රීලංකන් ගුවන් සේවය නැවතත් ලාභ ලබන මාර්ගයකට ගෙන ඒමේ නිර්භීත තීන්දුව ගනිමින් ඒ භයානක ආර්ථික බිම් බෝම්බය නිෂ්ක්‍රීය කළ රනිල් වික්‍රමසිංහ අගමැතිඳුන්ට අපේ ප්‍රණාමය!!!!!

    ReplyDelete
  12. ශ්‍රි.ල.නි.ප.ය යනු සෙවල බණ්ඩා විසින් පිහිටුවන ලද, බින්දුමතී විසින් කුජීත කළ, චෞර රැජින විසින් හොර ගුහාවක් බවට පත් කළ, මහින්ද විසින් කුඩු පට්ටම් කරමින් පවතින, සෙවල පොන්නයින්ගෙන්, ස්ත්‍රී දූෂකයන්ගෙන්, ළමා අපචාරකයින්ගෙන්, කම්බ හොරුන්ගෙන් සමන්විත 'අයුතු ජනරාශියක්' යැයි කිව හැකි දෙයකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා