මතුගං ටවුමට වඩින බුදු හාංදුරුවො

අද අපේ ගමේ අඩි 135ක් උස ය කියන බුදු පිළිමයක් නිරාවරණය වෙනවා ය.

මතුගම ටවුම කියන්නේ මගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ගෙවුණු තැනකි. මං ඉගෙන ගන්නට ගියේ එකම එක ඉස්කෝලෙකට ය. එය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයයි. ඊට පස්සේ උගන්නන්නට නම් ඉස්කෝල දුසිමකට විතර ගොස් තිබේ. ඉගැන්නිල්ල අවසන් කළේ මතුගම ශාන්ත මේරියෙනි. එය ආනන්දයත් සමග අවුරුදු පනස් ගණනක් බිග් මැච් ගැසූ ඉස්කෝලයයි. ආනන්දයේ වෝටර් කැප්ටන්කම කර ඇති මම ශාන්ත මේරියේ ක්‍රිකට් මාස්ටරින්චාජ්කම කළෙමි. මගේ නිර්දේශය කෙටියෙන් කියන්නේ නම් මෙසේ ය: මේ පාසල් වෙන සෙල්ලමක් කළ යුතු ය. 

පාසල්වාදයෙන් පිස්සු හදා ගන්න තරම් සිරා ඉස්කෝල මතුගම නැත. ඒවා නූතන අධ්‍යාපන සංකල්ප සමග ගැලපෙන, සාමාන්‍ය මිශ්‍ර‍ පාසල් ය. එහෙත්, පස්කුවල්ලා මුල් වී, ඔවුන්ට අයත් කඳු බෑවුමක හැදූ ආනන්ද ශාස්ත්‍රාලය අපට පොඩි කාලේ නියම ත්‍රාසජනක අත්දැකීම් සැපයූ ආතල් ම පාසලක් විය. එහි ගල් පල්ලෙන් වැටෙන්නේ නැතිව, අත පය කඩා ගන්නේ නැතිව, අවුරුදු 13ක් එහි ආ ගිය එකෙන් ම ජීවිතයට ලොකු අධ්‍යාපනයක් ලැබිණි. ඉගෙන ගත්තු දේවල් ද නැත්තේ ම නැත. 

අපි පොඩි කාලේ දිය බිව්වේ උල්පත්වලට බට කොළයක් තියලා ය. ඉන්ටවල් එකට ඔන්චිලි පදින්නට පුස්වැල් වැනි අරටු සහිත වැල් ඇදුණු බැද්දක් පංතියට යාර කීපයක් ඔබ්බෙන් තිබිණි. වැස්ස කාලයට ගල් සෙවල උඩ ලිස්සා අපි ගත්ත ආතල් ගන්නට දැන් නම් ලෙෂර්වර්ල්ඩ් ම යන්නට ඕනෑ ය. වාර විභාග ඉවර වී නිවාඩු දෙනකල් සමය තුළ මතුගං කන්දේ අප ගත කළ වනගත ජීවිතය සුපිරි ම මතකයකි. වාරය ආ කල පොලු ගසා කඩා කන මොර ද, හොරෙන් කඩාගෙන කන වැල වරකා ද, ඇට තලාගෙන මද කන්නට පුළුවන් කොට්ටම්බා ද, කොල්ලන් මුත්‍රා කරන්නට ගිය හුජ්ජ ගල නම් පර්වතය ළග දං, බොවිටියා, එරමිනියා, ගල් අන්නාසි හා පහළ පැටි මහත්තයලාගේ ගෙයි වහලට ගල් වැටෙන මායිමේ පිහිටි කොහොල්ලෑ ලාවලු ගස ද, නගර සභාවේ කුණු පිරවූ බිමේ පසු කාලයක අප වැවූ සරුසාර එළවළු කොටවු ද, ටවුම මැද්දේ තානායම අසල තිබුණු ඉස්කෝලෙට අයිති කුඹුර ද, බිළිඳු කළල ෆෝමලින් දමා සංරක්ෂණය කර තිබුණු විද්‍යාගාරය ද, ඒ කාලේ නාට්‍ය පෙන්නූ රැස්වීම් ශාලාව ද, මිටියෙන් ගසන කල සීනුව වූ රේල් පීලි කෑල්ල ද, පාසලේ දේපලක් වැනි වූ මහජන පිට්ටනිය ද, පිට්ටනිය අයිනේ තිබුණු බස් ඩිපෝව හා පතුලක් නැතැයි අප ඒ දිනවල සිතූ උප දිසාපති කාර්යාලය පිටුපස ඩිපෝවේ තෙල් වල ද, පිරිසිදු සුදු කෝට් කලිසම් ඇඳ රැලේ බයිසිකල් කබලෙන් ඉස්කෝලෙට එන රොබින් පස්කුවල් ප්‍රින්සිපල් ද, ‘ආනන්දය ඔබ වේ - ආලෝකය ඔබ වේ' යන පාසල් ගී අතර කලාතුරකින් අසන්නට ලැබෙන කලාත්මක පදමාලාව ද, ආදර පළහිලව්, වලි, මදාවිකම් ආදී ඇතුළු සොඳුරු මතකයන් රැසක් එහි තිබේ.

මතුගම ටවුම අපේ රස්තියාදු තිප්පොලයි. හතරමං හන්දියේ සිට උතුර පැත්ත බැලූ කල මතුගං කන්ද උඩ ඇති කොඩිගල මත අලංකාර නැරඹුම් ස්ථානයක් හැදිය හැකි ය. කන්ද නැගගෙන එහි යන ගමන ද විනෝදාත්මක ය. ශාන්ත මේරියේ ජනමාධ්‍ය හදාරන ළමයින් සමග ඡායාරූප වැඩමුළුවක් සඳහා වසර කීපයකට පෙර මම එහි ගියෙමි. එතැන් සිට බැලූ විට නගරයේ හාත්පස සියල්ල කුරුළු ඇසකින් සේ පෙනේ. 

බුදු පිළිමය හදා ඇති බටමුල්ල කන්ද ඇත්තේ ටවුම මැද කන්නන්ගර මධ්‍ය විද්‍යාලයටත් තැපැල් කන්තෝරුවටත් අතර ය. එය මත හදන ලද බුදු පිළිමය හැම පැත්තට ම පෙනේ. ඉස්සර කාලේ මෙතන පන්සලක් තිබුණේ නැත. දැන් එහි ‘ජාත්‍යන්තර' බෞද්ධ මධ්‍යස්ථානයකි. මේ කන්දේ උද්‍යානයක් හදන යෝජනාවක් හැත්තෑ ගණන්වල අග භාගයේ තිබිණි. එය පහසුවෙන් කරන්නට තරම් අවශ්‍ය පාරිසරික සම්පත් එහි තිබිණි. එහෙත් එහෙම වුණේ නැත. අවසානයේදී ජගත් පී. විතාන නම් ව්‍යාපාරික දේශපාලකයා එහි බුදු පිළිමයක් හැදුවේ ය.

එය හදද්දී තවත් අවුරුද්දක මම ජනමාධ්‍ය ඉගෙන ගන්නා ළමයින් සමග ඡායාරූප ගැනීමට කන්ද නැග්ගෙමි. කොඩිගලේ තරම් මනරම් දර්ශනයක් එහි තිබුණේ නැත.

මතුගම කියන්නේ දේශපාලන වශයෙන් කාන්තාරයකි. දයා ටී. පස්කුවල් මන්ත්‍රීවරයාගේ නිහතමානිකම ගැන යම් පුරාවෘත්ත කතා තිබේ. එහෙත්, මතුගම ඇති සුවිශේෂතා දැක එය සංවර්ධනය කරන්නට තරම් දැක්මක් තිබුණු දේශපාලකයෙක් කිසිදාක මතුගම සිටියේ නැත. ඉදිරියට බිහි වෙන ලකුණක් ද නැත. 

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගැන වුව ද කියන්න දෙයක් ඇත්තේ කන්නන්ගර විද්‍යාලයේ පමණි. මතුගම ජනතාව ඒ මහතා 1947 ඡන්දයෙන් පැරදවූයේ නැතිනම් ඔහු රටට මීට වඩා සේවයක් කර ඉතිහාසගත වන්නට තිබිණි. ඇතැම් විට නිදහස් ලංකාවේ අනාගත අගමැතිවරයෙක් මතුගමින් බිහි වන්නට පවා තිබිණි. එහෙනං ඉතින් හම්බන්තොටට වගේ අපටත් වරායක් හැදෙන්නටත් ඉඩ තිබිණි.

මතුගම යනු අලුත් සංචාරක කර්මාන්තයක් ප්‍ර‍වර්ධනය කරන්නට පුළුවන් මධ්‍යස්ථානයකි. ඒ අවට ඇති පාහියංගල, මාකෙළිය ඇල්ල, තුඩුගල ඇල්ල හා තවත් අප්‍ර‍කට සුන්දර ස්ථාන රැසක් ඒ වෙනුවෙන් උපයෝගී කර ගත හැකි ය.

එහෙත්, ඒ කිසිවක් නොමැතිව මතුගම නිදි වැදී ඇත. එහෙම දෙයක් හිතන්නට පුළුවන් නායකයෙක් මතුගමට නැත. ජගත්ගේ සල්ලි නිසා මතුගම ටවුමේ පොඩි කලඑළියක් ඇති විය. දේපල ආරාවුල් නිසා එලොවටත්, මෙලොවටත් නැතිව නගරය මැද දිරාපත් වන මළහෝන්තු ගොඩනැගිලි ටික කඩා දමා අලුත් බිල්ඩිමක් දෙකක්වත් හැදුණේ ජගත් නිසා ය. වෙල්ගම ගැන එහෙමවත් කියන්නට දෙයක් නැත. 

බුදු පිළිම හැදිල්ල ගැන නම් මගේ මනාපයක් නැත. මේ පිළිමයේ කලාත්මක බවක් ද නැත. එහි ශරීර මිනුම් ද අවුල් ය. පුරුෂ ලිංගය එතරම් ඉහළින් සවි කර එය එතරම් ඉස්මතු කර දක්වා ඇත්තේ ඇයි ද යන ප්‍ර‍ශ්නය නිසා මම එය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක්දැයි සොයා බැලීමි. මෙම ලිපිය අනුව එහෙම එකක් නැත. එය අවුකන බුදු පිළිමයේ අනුරුවකැයි කීම පැරණි හෙළ කලාකරුවන්ට කරන අවමානයකි.

එහි බැඳි බඹර වදය කඩන්නට ගොස් මතුගම වෙනුවෙන් දිවි දුන් දඹානේ කිරි බණ්ඩා වෙනුවෙන් පිළිමයක් හැදිය යුතු බව මම යෝජනා කරමි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරාගේ සාස්තෲ මම මේ දවස්වල කියවනවා.. මුල හරිය නම් නීරසයි.. ඒත් පරිච්චේද දෙක තුනකට පස්සේ නම් සුපිරි.. ඉවර කරගන්න බැරි.. එකම පරිච්ඡේදය නැවත නැවත් කියවීම. ඒ තරම් රසයි.. නවකතා කියවීම නතර කරලා ගොඩක් කල්.. ඒත් නිකං හම්බ උනොත් රහ ඒවා කියවනවා.. ඒ රස මේ ළිපියෙත් නොඅඩුවම තියෙනවා.

    බුදු පිළිම ගැන නම් කතා කරන්න ලැජ්ජයි... කොට්ටාව හයි වේ එන්ටරන්ස් එක ගාව ඉන්නවා කාලගෝල බුදු හාන්දුරුවෝ. සමහර අය ජෝතිපාල බුදු හාමුදුරුවෝ. සමහර බුදු හාමුදුරුවරු ට්‍රන්ස් සෙක්සුවල් වෙලා. ඕකට තියෙනවා පිලිගත් ගනිත මිනිත ක්‍රමයක්.. මට නම් පොලොන්නරු ගල් විහාරේ හිටි පිලිමෙට ගහන්න පිලිමයක් නෑ... මේ බුදු හාමුදුරුවෝ සිද්ධාර්ත ගෞතම දැක්කා නම් වහ බොනවා ආයේ දෙසරයක් නොහිතා.. ටිකක් රූපා ඉන්දුමති වගේ නම් පේනවා... ඇඟ ගැන නම් කියන්න දන්නේ නැත්තේ, දැකලා නැති නිසා..

    සාධූ..... සාධූ... සාධූ...

    ReplyDelete
    Replies
    1. මිහින්තලේ තානායම ළඟ තියෙන හිඳි පිළිමය දැකලා තියෙනවාද? ඒකේ බුදු හාමුදුරුවෝ දකුණතින් පෙන්වන මුද්‍රාව හරියට හෝටලයක ෂෙෆ් කෙනෙක් හොඳ රස කෑමක් හදලා දෙන "OK" සංඥාව වගේ....

      මෙන්න මේ රූපයේ තියෙනවා වගේ මුද්‍රාවක්:
      Chef's OK sign

      Delete
    2. රූපා ඉන්දුමතී? හැක හැක හැක.. මට මතක් උනේ වෙන නිලියක්.. ඒත් එයාගේ නම මතක නෑ..

      Delete
    3. සහතික ඇත්ත අප්පා.....මුන් මේක කාලා නෙමේ රීලා..නොදකින්. මේවා හදනකොට කාටවත් බලන්න දෙන්නේ නැහැ කියලා මොකක් හරි සිරිතක් තියෙනවද?

      Delete
    4. මාතයියෙ.. ශාස්තෲ ගැන යමක් ලියමුද? නෙළුම්යායෙ පිහිටෙන් හම්බුනු පොත කියව්වා...ඉතුරු ටික පොත ගැන කතාවෙන තැනක දාන්න ඕනෙ.

      Delete
    5. කතන්දරට පින්

      බ්ලොග් එකක් පටන් ගන්න ගොඩක් කල් පෙරුම් පුර පුර හිටියෙ. එ උනාට ක්‍රමය නොදන්න කමින් හිටියෙ. කතන්දර මල්ලි තමයි සියලුම විස්තර ලබා ගන්න්න පුලුවන් මෙන්න මෙතන http://www.sinhalabloggers.com/ කොටන්න කියල එව්වෙ. ඉතින් මල්ලි ඔයට ගොඩක් පින්. (අපේ ක්‍රමයට තෑන්ක්ස් කරන්නෙ එහෙමයි )

      Delete
    6. ශාස්තෲ ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි...

      උසස් පෙල සියළුම විශයයන් හදාරන සිසු සිසුවියන් සඳහා අනිවාර්යයෙන් කිය විය යුතු පොතක් ලෙස නිර්දේශ කරන ලෙස පමණයි.

      විශේෂයෙන් ගම්බද අයට. කැම්පස් වල විප්ලව කරන කාලකන්නින් අනිවාර්යයෙන් කියවිය යුතුම පොතක්.

      Delete
  2. මේ බුදු හාමුදුරුවො නම් කන පාත් කොරගෙන ඉන්නෙ හරියට කෂිය හරි, මලක් හරි ගහල වගේ

    ReplyDelete
  3. අවුකන පිළමෙ කියන්නේ අව්වට කන පාට ගැහිච්ච කියන අර්ථයෙන් නම් මේකත් කාලයකින් අවුකන වෙයි, එතකොට අවුකන දෙතිස් මහා ස්ත්‍රී ලක්ෂණ නිරූපණය කරන පිළමෙ කියතෑකි.

    අර දකුණු පැත්තේ බොරු අතෙන් පෙන්වන මුද්‍රාව මොකද්ද?

    ReplyDelete
  4. බුරි ධාතුවෙන් ශිශ්න ධාතුව ඇවිත් නූතන කලා ශිල්පීන්ගේ හපන්කම්.

    ReplyDelete
    Replies
    1. මතුගම පිළිමයේ නම් ශිශ්නය හොඳට පේන්න තියෙනවා.

      Delete
    2. ජොකාගෙ උඩ වාටියත් පේනවා

      Delete
    3. Sumanakke maithriyath maithriya...!!

      Delete
  5. "එය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක්දැයි සොයා බැලීමි. මෙම ලිපිය අනුව එහෙම එකක් නැත."

    එහෙම එකක් නැද්ද ? රාජගිරියේ අරිඥාන හමුදුරුවො එක දේශනයකදි කියනවානේ මේක දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් කියලා !

    ReplyDelete
  6. මේ වගේම ලංකාවේ තව බොහෝ තැන්වල තිබෙනවා නියමිත ප්‍රමිතිය අනුගමනය නොකර ගොඩ නැගූ බුදුපිළිම. කැලණිය දුම්රිය නැවතුම ආසන්නයේ පිහිටි පන්සලේ ඇත්තේ ද එවැනි පිළිමයක්. කොළඹ - රත්නපුර පරණ පාරේ ද එවැනි පිළිමයක් තිබෙනවා. තවත් බොහෝ එවැනි පිළිම තිබෙනවා. අතීතයේ ප්‍රතිමා ශිල්පය නියම පරිදි හැදැරූ අය සිටියත් අද සිටින ප්‍රතිමා ශිල්පීන් ටෙලි නාට්‍ය ශිල්පීන්ගේ තරමටම පහළට වැටී ඇති බව පෙනෙනනවා.

    ReplyDelete
  7. Para,

    Your article seems to have generated a host of individuals to give vent to their anger towards the Buddha in particular and Buddhists in general. They have resorted to freely ridicule viciously the Buddha statue as could be seen by some of the comments. This shows the mentality of some of the readers of your blog articles. This is the problem of the followers of the messengers of the God-be it Jesus Christ or Prophet Mohamed !

    ReplyDelete
    Replies
    1. You got is mostly wrong dude.. Just open your eye and see the differences of two statues.. :)

      Delete
    2. @ Anonymous April 22, 2016 at 1:45 PM

      If you are a true Buddhist, you should not allow to construct statues of the Buddha in every nook and corner. It is you Buddhists who make a mockery out of him. Just open your eyes and look at the hip of the Matugama Buddha. Aren't you Buddhists ashamed to depict the penis of the Buddha so explicitly? This statue should be demolished forthwith.

      Delete
  8. බුදු පිලිමෙන් වැඩක් නෑ.. අනිත් කොටහ මසුරං..

    ReplyDelete
  9. බොලේ ඇත්තටම මේ මතුගම පිළිමේ කාන්තා පුරුෂ ලක්ෂණ සැහෙන්න තියෙනවනේ ...

    ReplyDelete
  10. මේකෙ තියෙන්නේ ගැහැනු ගතියක්.මේක අවුකන පිලිමේ අනුරුවක් කියන්නේ කවදාවත් අවුකන නොදැක්ක එවුන්ද?පපුව ලඟට උකුල.

    ReplyDelete
    Replies
    1. අවුකන පිළිමෙ අලුත් මුද්‍රාව, සාරියක් වගේ ඇන්ද සිවුර, බඩේ රැල්ල වගේ දේ සැලකුවහම ඒක මාර විප්ලවාදී වැඩක්. මොකද සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමක් සහ ඒ මතින් නව සම්ප්‍රදායක් ඇති කිරීමක්. ඒක අර වතුර බින්දුවෙ ඉන්ජිනේරු හැකියාව එක්ක බැලුවම කාලයට සාපේක්ෂව.

      ඒත් මේ තරම් තාක්ෂයන දියුණු අද මේ වගේ කොපියක් ගහන එකෙන්ම තේරෙනව අපි කොයී තරම් බ#න්කොලොත්ද කියන එක.

      Delete
    2. අනේ පලයන් බං මොට්ට උපසේන යන්න. උබ හිතං ඉන්නේ උබ තරං මේ ලෝකේ ඉන්න වෙන එකෙක්වත් ඉදිකිරීම් ගැන දන්නේ නෑ කියලා. පල යන්න කුහක මීමා.

      උබේ කුහක ගති නිසා තමයි අර මීමුරේ හොරාත් තොට ඇරලා ගියේ.

      Delete
  11. ඔය ජගත් පී. විතාන පළාත් සභා මන්ත්‍රී කිසියම් දේපලක් උකසට ලබා ගතහොත් නැවත එම දේපල අයිතිකරුවන්ට ලබා ගත නොහැකි ලෙස කටයුතු කරනවා කියා අසා තියෙනවා.එහෙම බැලුවාම ජගත් පී. විතාන එක්තරා කලු කඩ ව්‍යාපාරිකයෙක්.කලු කඩ මුදලාලිලාට නියමෙටම ගැලපෙන ගරු රස්සාව වෙච්චි දේශපාලනයත් ජගත් නියමෙට කරනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ජගත් විතාන කියන්නේ ඉස්සර නාවිකයෙක්. ඔහු එයින් ඉවත් වූ පසුයි ව්‍යාපාර සදහා යොමුවූයේ.

      ජගත් විතාන ගොඩක් වෙලාවට ගන්නේ බංකොලොත් වෙලා තියෙන ව්‍යාපාර. ඒ කියන්නේ කාගෙහරි ව්‍යාපාරයක් බංකොලොත් වෙලා තව දුරටත් කරගෙන යන්න බැරුව තියෙනවා නං ජගත් විතාන ඒ දේපල,ව්‍යාපාර බද්දට, මිලට ගන්නවා. ඉන්පසු ඒවා පාඩු උනේ ඇයි කියලා බලලා, ඒ පාඩු උන මාර්ග නවත්තවා. ඊට පස්සේ පාඩුව අවම වෙලා ඒ ව්‍යාපාර දියුණු වෙනවා. ඒකට ඔහුට හොද හැකියාවක් තියෙනවා.

      ඉතින් මිනිස්සු කියනවා ජගත් උකසට ගත්තු දේපල නැවත අයිතිකරුවන්ට ලබාගන්න බැරි වෙන්න කටයුතු කරනවා කියලා. හැබැයි ඇත්තටම බැලුවොත් ඔහු ගන්නෙම අයිතිකරුවන් බංකොලොත් උන දේපල. ඒවා ආයේ ගන්න හැකියාවක් කොහොමත් නෑ ඒ අයට.

      අනික තමයි කළුතර දිස්ත්‍රීක්කයේ වැඩිම අදායම් බදු ගෙවන්නෙත් ජගත් පී විතාන. ඔහු ශුර ව්‍යාපාරිකයෙක්.

      මමත් ව්‍යාපාරිකයෙක්. එකයි ජගත් විතාන ගැන දන්නේ. මම ව්‍යාපාරිකයෙක් වශයෙන් ගොඩක් අගය කරන කෙනෙක් තමයි ජගත් විතාන කියන්නේ.

      රටේ ඉන්න අනිකුත් ව්‍යාපාරිකයන්ටත් ඔහුගේ ජිවිතයෙන් ගන්න දේවල් තියෙනවා.

      Delete
    2. මනෝජ් සහ ඇනෝ,
      මනෝජ් කියපු දේ බොරු නෙමෙයි, ඉස්සර ජගත් එහෙමයි. උකස් ගත්ත ඒවා වංචනිකව අයිති කරගත්තු අවස්ථා තිබුනා...
      ඒ කියන්නේ උකස් බේර ගන්න එන මනුස්සයව උකස් කාලය අවසන් වනතුරු මග හරිනවා, අන්තිමට දවස් පහු උනාම අර මිනිහ ආවම කියනවා දැන් උකස් කාලය ඉවරයි. කරන්න දෙයක් නැහැ කියලා...
      එවැනි ගැටළුවක් හරහා දේපොලක් සින්න වෙච්ච කෙනෙක්ගෙන් ලැබුණ කොන්තරාත් එකක් නිසා තමයි ජගත් ට ශාන් වෙඩි තියන්නේ. වෙලාවට වෙඩි වදින්නේ අතට...
      පස්සේ ජගත් ශාන් ට මුදල් දීලා ශේප් වෙනවා...
      නමුත් දේශපාලනයට ආවට පස්සේ ජගත් ගොඩක් වෙනස් උනා...
      අධික ලාබ ලබන විදිහට උකස් ගැනීම හැරෙන්න දැන් ඔහු වංචනික ක්‍රියා කරන්නේ නැහැ...
      වැඩිය නැහැ පොලිය මාසෙකට 9% ක් වගේ, ඉතින් ජගත් ට උකස් තියපු දෙයක් ආපහු බේර ගන්න බැරි වීම ගොඩක් සාමාන්‍යයි...
      ඔහු ශුර ව්‍යාපාරිකයෙක් කියන එක මමත් පිළිගන්නවා...

      Delete
  12. අඩියෙන් අඩියටට බුදු පිළිම තියා මොන පිළිමයක්වත් හදන එකම අමුම අමු ගොන් කමක් නේ.
    /////එහි බැඳි බඹර වදය කඩන්නට ගොස් මතුගම වෙනුවෙන් දිවි දුන් දඹානේ කිරි බණ්ඩා වෙනුවෙන් පිළිමයක් හැදිය යුතු බව මම යෝජනා කරමි. //////////

    මෙන්න මේ යෝජනාවට මගේත් ආචාරය!!!

    ReplyDelete
    Replies
    1. කිරිබණුඩගේ පිළිමෙත් ඔය වගේම හදයි :D

      Delete
  13. බුදු පිලිම හදන්න බයවෙන්න ඇත්තෙ මේ වගේ සොයා බැලීමකින් තොරව පිලිම හදන අය නිසා වෙන්න ඇති.පහන් සංවේගය කෙසේ වෙතත් හොඳම එකෙන් මල පනිනවා නෙ දැක්කම..
    ජයවේවා..!!

    ReplyDelete
  14. පොඩිකාලය ගැන ලියලා තියෙන විස්තරය කියවද්දීනම් මතක් වෙන්නේ ආර්. කේ. නාරායන් ගේ ප්‍ර‍හසනාත්මක රචනා ශෛලිය.

    ReplyDelete
  15. Para, sometimes I come here and scold you the shit out of you like in etca article, but as a good Buddhist I should say you have nailed it to the point here, just because somebody made a huge pile of stone and cement and put a nose in the middle, it does not become holy or awe inspiring, there should be some art and craft and skill added to it, shame on these moneysters who just squander money to make big jokes like these, I guess it may be true this is not well earned money since there has not seem to have been proper planning or supervision in this project, they should destroy this and make a proper statue if these jokers do really have some respect for Buddha! Remember king dutugamunu built Ruwnwali saya 9 times again and again because it went down in ground

    ReplyDelete
    Replies
    1. නමෝ බුද්ධාය!

      ලෝකයේ පිරිසිදු ථේරවාද බුදු දහම තියෙන එකම රට මේක. ව්‍යවස්ථාවෙන්ම බුදුදහමට විශාල තැනක් දීලා තියනවා. මේසා රටක බුදු පිළිම තනන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ.

      මේ රට් මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලි හතු පිපෙනවා වගේ හැදෙනකොට ඒවාට ඊනියා සංහිදියාවේ නමින් අනුබද දෙන අපේ හීනමානකාරයින්ට බුදු පිළිම හැදෙද්දී බලන් ඉන්න බැරි අමාරුව තමා හිතා ගන්න බැරි.

      ්ම් වෙන මොනවත් නෙවෙයි - පවුකාරකම. අහක යන ජනක කර්මයක් හේතුවෙන් මිනිසත් බව ලැබිලා, තව මේ උතුම් පූණ්‍ය භූමියේ ඉපදිලා ඒත් මොකක් හරි බරපතල ජාති අකුසලයකට අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉපදුන පව තමයි.

      මේක ලියන පව්කාර මෝඩ පෟතග්ජන සිවලා කිමේ කරන අපහාස වල පවින් ලබන ආත්මයේ සෙම සොටු බුදිමින් කල්ප ගානක් දුක් විඳින ප්‍රේතාත්මයක ඉපදෙනවා ඉපදෙනවා ඉපදෙනවා ඉපදෙනවා ඉපදෙනවාමයි. ආය ගැලවිල්ලක් නෑ.

      සුමනා වීරසූරිය

      Delete
    2. @ සුමනා වීරසූරිය

      ජය වේවා, මැතිණිය...!!!! ඔබතුමියට දේවදත්ත රහතන්වහන්සේගේ පිහිටයි...!!!!

      Delete
    3. Menna ape rahath meheninnanse namakage bawuddha Kama dore galanawa, uthum maithriyath pirila ithirila yanawa wage penne.. Aneth agamikayanta tharagayak dena eka hari, e wunath akke me pilime diha as arala balanna, lajja hithenne ehema nadda, aththama awukana anuruwak haduwanam apitath sathutui, meka dakkama shraddhawa kohomawethth jugupsawa nam piri ithirila yanawa... Oyata mona hangim athi wenawada danne na ganu kenek widihata...

      Delete
    4. පැරා....මෙන්න මේ සුමනක්කා ඔයාට මල පෙරේතයෙක් වෙලා ඉපදෙන්න කියලා බනිනවා.

      Delete
    5. Ammapa para pawkara moda siwalek kiyala mechchara kal apita notherunu hati, sumana mathiniyage divyagnanaya nothiyenna...:-). Moo Etca walata kasseth oya hiwal kamata thamayi, me rate hiwallunta thamai sammana denna, nelum Ajiya kiyann eth hiwalekda kiyala desa wadarannako sumana maniyani!!!!

      Delete
    6. 'ප්‍රේත' කියන වචනයේ තේරුම දන්නවාද?

      'ප්‍රේත' කියන්නේ ප්‍ර + ඊත, ඒ කියන්නේ 'නික්මී ගිය' කියන එකයි.

      ඉංග්‍රීසියෙන්: the departed

      Delete
    7. අපිට පිළිකුල් වුණාට, සිංහයන්ට ලේ වැගිරෙන අමු මස් කන එක පිළිකුලක් නෙවෙයි. ඒක උන්ට රස මසවුලක්.

      ඒ වගේ, අපිට පිළිකුල් වුණාට ප්‍රේතයින්ට සෙම් සොටු කියන්නේ රස මසවුලක්.

      සෑම දෙයක්ම සාපේක්ෂයි.

      Delete
  16. අවුකන බුදු පිළිමය කියන්නේ ඇසට කඳුළු නැගෙන තරමේ ඉස්තරම් නිර්මාණයක්. මම බලන් ගිය දෙපාරම සැහෙන වෙලාවක් පිළිමය ඉදිරියේ හිටිය නිශ්චලව බලාගෙන . සැතපෙන පිළිමයත් ඒ වගේමයි. මේ වගේ තැන් තැන වල හදල නිකන් මුදල් නාස්තියක් කරන්නේ. පැරා ගේ යෝජනාව අගෙයි

    ReplyDelete
    Replies
    1. @ Ajith Dharme

      අවුකන කොහෙද යකෝ සැතපෙන පිළිමයක් තියෙන්නේ? උඹට පයිත්තියංද?

      Delete
    2. ධර්මේ අයියා අසබ්ය චිත්‍රපට නරඹනවාද?

      Delete
    3. නැතුව, නැතුව.... ඉන්ටනෙට් එකේ ඕවා තමයි මම රෑ එක, දෙක වෙන කල් බල බලා ඉන්නේ. මගෙන් කෙරෙන්න ඕනේ යුතුකමුත් දැන් කෙරෙන්නේ නෑ නොවෑ...

      Delete
  17. මෙතන පොළොන්නරුවේ ගල් විහාරයේ කියන ටික ලියන්න අමතක වෙලා. ඕකට ඔච්චර කේන්ති ගන්නේ මොකටද?
    http://cristogallary.blogspot.co.uk/2013/01/02.html

    ReplyDelete
    Replies
    1. අපේ කකා (රසික සූරියආරච්චි) තමයි මේ පාර බ්ලොග් උත්සවය තියන්න සල්ලි දුන්නේ. ඒ කියන්නේ අනුග්‍රහය දැක්වුයේ. හැබැයි කකා ඒක කියන්න එපා කියලා අජිත් ධර්මට කිව්වා. ඒ නිසා ගොඩක් අය ඒක දන්නේ නෑ.

      අජිත් ධර්ම මහතා එංගලන්තයේ ඉදලා ලංකාවට යන්න එන්න ගුවන් ටිකට්පත්,ඉදුම් හිටුම් වලටත් අනුග්‍රහය දක්වන්න කකා සුදානම් වෙලා හිටියේ. හබැයි පස්සේ දුමින්ද ඉන්ටනැෂනල් කියන සමාගමේ දුමින්ද මහතා අජිත් ධර්මගේ ගමනට අනුග්‍රහය දැක්වුවා.

      කකා කියන්නේ පොරක්. ඒක තමයි ඇත්ත. සිංහල බ්ලොග් ලියන ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකන් හාල් කෑලි විතරයි. බ්ලොග් එක නිසා තමයි පොර වෙලා ඉන්නේ.

      ඒත් කකා එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබුනත් නැතත් කකා පොරක්. හොද රස්සාවක් කරන,රට රාජ්ජ වල ඇවිදින, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්.
      කකා කියන්නේ වඳ පිදපු මොටයියෙක් වත් එහෙමත් මැෂින් රෙපෙයාර් කරනා නුගත් බාස්සුන්නැහැ කෙනෙක්, මිනිස්සුව රවට්ටන මීමුරේ මාම කෙනෙක්,තෙල් බෙහෙත් වෙළෙන්දෙක්, කෙන්දරකාරයෙක් නෙමෙයි. කකා කියන්නේ බ්ලොග් එක බිස්නස් එකක් කර නොගත්තු ආදර්ශමත් කෙනෙක්. කකාට ජය වේවා. ඉදිරියටත් සිංහල බ්ලොග් දියුණු කිරීමට කකාට හැකියාව ලැබේවා.

      Delete
    2. දුමින්ද ඉන්ටනැෂනල් කිව්වේ අර පිටරටින් මළකඩ කාපු යකඩ කෑලි මෙහෙ ගෙනල්ලා විකුණන හාදයා ද?

      Delete
    3. මොන විකාරයක් ද මේ?

      රසික සූරියආරච්චි වන මා නෙළුම් යාය බ්ලොග් උත්සවය සඳහා කිසිදු මූල්‍යමය හෝ අන් ආකාරයක දායකත්වයක් නොකළ බව කරුණාවෙන් සළකන්න.

      Delete
    4. රසික සූරියආරච්චි වන මා මං පොර ජාතකය පෙන්නන්න තකහනියෙම නෙලුම්යායට ආව බව පමණක් සලකන්න.

      Delete
    5. රසික මේ කොන්දක් නැති නරුමයන් කියන ඒවා ගණන් ගන්න එපා. මේ වාහෙලා සිතා සිටින්නේ අප සම්මාන දෙන්නේ මුදල් දුන් විට බවයි. අනොනිමස් ඇවිත් මේවා කියන්නෙත් එබැවිනි. කොන්දක් තිබුනා නම් නියම නම් ගම් වලින් මේවා අසන්නට පුලුවනිය. එවිට ඒවා ශිලාචාර ලෙස අපටද පැහැදිලි කල හැකිය. නරුම රැළට කිව යුතුව ඇත්තේ දුමින්ද මායා දුන්නේ මෙවර මුදල් නොදුන් බවය. ඔහුගේ දුරකථන අංකද ඇති නිසා ඔවුන්ට ඔහුගෙන් ඇසිය හැකිය. නැත්නම් ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්නට කිව හැකිය. කිසියම් හේතු සමුහයක් නිසා මොහු මෙවර නෙළුම් යායට මුදල් නොදුන් අතර මගේ ගමන් වියදම් , ඉඳුම් හිටුම් වලට දැනට ගෙවා ඇත්තේ මගේ ක්‍රෙඩිට් කාර්ඩ් පත් වලිනි. අර විදානේ විසින් පාසැලකට ෆොටෝ කොපි මැෂිමක් සපයා ඇති අතර බ්ලොග් කරුවන් සම්මාදමක් කරති. එහිදී පොත් වලට මුදල් එකතු කිරීමක් කරන අතර මේ නරුමයන්ට ඒවාට සහභාගී විය හැකිය. හේතුව මම තව දුරටත් ඒවාට සහභාගී වීම ප්‍රතික්ෂේප කරන නිසාය. ඉන්නේ මෙවැනි නරුමයන් නම් අපි වියම් කරගෙන මේවා කලා ට වැඩක් නැත.

      Delete
    6. සත්හඬට දුන් සම්මුඛ සාකච්ඡාවෙන් අජිත් ධර්ම ගලේ පහරපු බළලාගේ තත්ත්වයට පත් වී ඇති අතර මෙවර බ්ලොග් සම්මාන උළෙලට වියදම් කොට ඇත්තේ අජිත් ධර්ම විසින් ම සත්හඬට කියා ඇති පරිදි තවත් බ්ලොග්කරුවෙක් වන කතන්දර කාරයා බව මැනවින් ඔප්පු වී ඇත. ඒ කතන්දර කාරයා මෙවර තරඟයට ඉදිරිපත් නොවුණු නිසාය.

      තවද, අජිත් ධර්ම විසින් ම කියා ඇති පරිදි මෙවර බ්ලොග් සම්මාන උළෙලට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් වූයේ අජිත් පැරකුම් ජයසිංහ මහතාගේ මැදිහත් වීම මත නම්, අජිත් පැරකුම් ජයසිංහ මහතාට ම එම උළෙලේදී හොඳම බ්ලොගය සඳහා සම්මානය පිරිනැමීම ශිෂ්ට සමාජයක සම්මත ආචාර ධර්ම අමු අමුවේ බිඳ හෙළීමකි.

      මෙයින් නැවතත් ස්ථිර වශයෙන් ම සනාථ වන්නේ තමාගේ බ්ලොගය සඳහා නෙළුම් යායෙන් සම්මානයක් ලැබීමට නම් අජිත් ධර්මට යම් මුදලක් ලබා දීම හෝ යම් මුදලක් තෙවන පාර්ශවයකින් ලැබෙන්නට සැලැස්විය යුතු බවය.

      අවසානයේ කිව හැක්කේ නෙළුම් යාය යනු අජිත් ධර්මට ලංකාවේ නොමිළේ නිවාඩුවක් ගත කිරීම සඳහා සංවිධානය කෙරෙන්නක් බවත්, අල්ලස් දී සම්මාන ලබා ගන්නා බ්ලොග්කරුවන්ට එය මානසික තෘප්තියක් ලබා ගන්නා මාර්ගයක් බවත්, එම උළෙලට සහභාගී වන අනෙත් අයට එය පින් අඩි ගැසීමේ මාර්ගයක් බවත් ය.

      අජිත් ධර්ම මෙවැනි කෛරාටික වෙට්ට-පිත්තල කම් ඉගෙන ගන්නට ඇත්තේ ඔහු සම්බන්ධ වී සිටින Freemasonry නමැති සංවිධානයෙන් විය හැකියි.

      A Freemason is a person who knowingly destroys peoples lives for self gain.

      Freemasons portray themselves as a good charitable fraternity of men. They own the media so they get to say what they want. They have infiltrated all of society. It is nothing less than an international money making scam.

      In defence of most Masons, they were conned in the first place. They were led to believe it was a good fraternity of men, then they were hoodwinked and threatened with violence. If they had known this before they joined, nobody would have anywhere near them. Freemasons are trapped into this extreme evil, they are too scared to talk freely. Some of them have become FM slaves and most have become crooked benefactors.

      Delete
    7. Well done. You are a hero. You worked all that out by yourself. What a Genius.

      Delete
    8. Ajith Dharma, what I have written above is just plain truth and nothing that I have worked out. I am an investigative blogger. I seek to expose malpractices and miscarriages of justice. Appearing anonymously doesn't deny the facts. Even the Panama Papers were exposed by an anonymous whistleblower. Everybody agrees that the facts he exposed are true.

      2017 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී හොඳ ම බ්ලොගය වශයෙන් "රසිකොලොජිස්ට්" නමැති බ්ලොගය සම්මාන ලැබීමට නියමිතයි.

      Ugh, I spoiled the surprise, didn't I?

      Delete
    9. Ayiyo, Either you are an utter fool or Complete Idiot. Select the title. If you are an investigative blogger Sumnadasa Gunawardhana must be an Investigative Journalist. You exposed nothing you silly. That my sentence above is a sarcastic remark. Noting else.

      මේ දවස් වල බ්ලොගර්ස් ල 7-8ක් එකතු වෙලා නිර්දේශ හොයනවා 2017ට. මම ඒගොල්ලන්ට කියන්නම් දැන්මම ඔච්චර කරදර වෙන් එපා. රසිකලොජිස්ට් ඒවම නිර්දේශ කරනන් කියල. නැත්නම් ඔයාලට පව්නෙ. මල්ලිලා සුන්දර ගුණවර්ධන සගුරුන්නාන්සේගේ තක්ෂිලවේද , ඉන්දික තොටවත්ත විදුහලේද? මොක වුනත් කමක් නැහැ. හරිම දක්ෂයි.

      Delete
  18. Ayi kako umbatama ano awilla mewa mehema kotanna wune, meke inna ekek wath umbe age dannathi hati!!!!

    ReplyDelete
  19. මතුගම පිළිමය දැක්ක මට හිතුණේ මේක අවුකන බුදු පිළිමයේ අනුරුවක් ද එහෙම නැත්නම් ඉන්දියාවේ ශ්‍රවණබෙලගෝලා හි පිහිටි බාහුබලි පිළිමයේ අනුරුවක් ද කියලා....

    Gommateshwara statue

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. ආසියාවේ උස ම බුද්ධ ප්‍රතිමාව මේ මතුගම ප්‍රතිමාව කියන කතාව ලොකු බොරුවක්. ආසියාවේ මීට වඩා උසින් වැඩි බුද්ධ ප්‍රතිමා ඕන තරම් තියෙනවා. චීනයේ බුද්ධ ප්‍රතිමාව උසින් අඩි 420 ක්. ඒ කියන්නේ මතුගම බුද්ධ ප්‍රතිමාව වගේ තුන් ගුණයකටත් වඩා උස යි. ජපානයේ උෂිකු දයිබුත්සු බුද්ධ ප්‍රතිමාව උසින් අඩි 390 ක්. මේ දෙකම හිටි පිළිම. එතකොට තායිලන්තයේ අංතොං හි සමාධි බුදු පිළිමය උසින් අඩි 300 ක්. වැඩේ කියන්නේ, ආසියාවේ/ලෝකයේ ලොකු ම, උස ම. දිග ම කියන විශේෂණ පද යොදන්න ලංකාවේ සමහරුන්ට තියෙන්නේ පුදුම ගායක්. හැබැයි ලෝකයේ විනයගරුක ම, සිල්වත් ම සමාජය ලංකාවේ ඇති කරන්න කාටවත් ම උවමනාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. buuruwo, Asiyawe usama nemei, Dakunu Aasiyawe usama budu pilimaya.

      Delete
    2. @ Anonymous April 25, 2016 at 11:48 AM >>

      ගොන් හරකෝ, තොට පයිත්තියං ද? දකුණු ආසියාවේ උසම බුදු පිළිමය අලුත්ගම කන්දෙ විහාරේ බුදු පිළිමය. උස අඩි 160 යි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා