අප අතර සිටින සැබෑ සූරාකන්නන් හඳුනා ගනිමු: ධනවාදයේ කටු කන සුනඛයන් පිරිසක්

ලංකාවේ වාමාංශිකයන් විශේෂයෙනුත්, පොදු සමාජයත් පොලිසියට වෛර කරන්නට කැමති ය. ඇතැමුන් පොලිස්කාරයන්ට බනින්නේ ධනපති පංතියේ කටු කන, පීඩිතයන් මත බුරා පනින බල්ලන් ලෙස හඳුන්වමිනි.

පොලිසිය තරම් ම නිර්දය ලෙස පීඩිත අසරණයින්ට පහර දෙන, ඔවුන්ට මානසිකව ද අඩන්තේට්ටම් කරන, දූෂණ වංචාවල යෙදෙන තවත් පිරිසක් සිටිති. ඔවුන් අමානුෂික ලෙස පීඩාවට පත් කරන්නේ අසරණ දරුවන් ය. ඒ වනාහි විදුහල්පතිවරු හා ගුරුවරු ය.

වාමාංශිකයන් ඔවුන් ධනවාදයේ කටු කන බල්ලන් ලෙස හඳුන්වන්නේ නැත. එහෙත්, ඇත්තම කියනවා නම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් යනු ධනවාදයේ නරක ම කටු කන බල්ලන් පිරිසකි. හේතුව සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි, ධනපති හා මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ලංකාවේ ධනවාදී පාලන ක්‍ර‍මය ලංකාව මත පවත්වාගෙන යාමට අවශ්‍ය අන්දමින් ඉතා ම නරක ලෙස ළමා මනස විකෘති කර සමාජය හැඩගස්වන්නේ මෙම වෘත්තික කණ්ඩායම විසිනි.

බලහත්කාරයෙන් ආගම් ඇදහීමට යොමු කිරීම, දරුවන් ලවා නිරතුරුව පාද නමස්කාර කර ගැනීම, දරුවන් දරුණු ලෙස ශාරීරික හා මානසික වධ බන්ධනයන්ට ලක් කිරීම වැනි කෘෘර ක්‍රියාවල මොවුහු නිරතුරුව නියැලෙති.

එපමණක් නොව, නිසි ලෙස ඉගැන්වීමේ කාර්යය නො කිරීමෙන් ඔවුහු මහජන මුදල් නාස්ති කරති. වැරදි දේ ඉගැන්වීමෙන් පවත්නා අධානග්‍රාහිත්වය ආරක්ෂා කරති. ළමයින්ගේ නිර්මානශීලිත්වය මොට කර දමමින් අනාගත විභවයන් විනාශ කරති. සමස්තයක් ලෙස ධනවාදයට සේවය කරති. 

මොවුන්ට රජයෙන් ගෙවන්නේ හිඟන වැටුපකි. එහෙත්, ගුරු වෘත්තියේ නියැලි වැඩි දෙනෙක් තම වෘත්තීය තත්වය වර්ධනය කර ගැනීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග නො ගෙන, එම තත්වය දඩමීමා කරගෙන අතිශය කෘෘර සූරාකෑමක යෙදෙති. එසේ කරන්නේ විවිධාකාරයෙන් දරුවන් හා මව්පියන් බියට හා අනාරක්ෂිත තත්වයට පත් කර ඔවුන් ටියුෂන් පංතිවලට ගෙන්වාගෙන විශාල වශයෙන් මුදල් සූරාකෑමෙනි.

නිදහස් අධ්‍යාපනය වෙළඳපොළකරණය කරන ප්‍රධාන ප්‍රතිගාමී වෘත්තීය බලවේගය ගුරුවරු ය. ඔවුන් වානිජකරණය පැත්තෙන් දොස්තරලාට දෙවෙනි වන්නේ ආදායම් වෙනස්කම් හේතුවෙන් පමණි. භයානකත්වය පැත්තෙන් ඔවුන් දොස්තරලාට වඩා විනාශකාරී ය. මන්ද, දොස්තරලා මෙන් නොව, ගුරුවරු සමාජය විනාශ කරන්නේ පරම්පරා පිටින් ය. ගුරුවරුන් සමාජයට කරන හානියේ තරමට සාපේක්ෂව සැලකූ කල පොලිස්කාරයන් වනාහි නිකම් පණුවන් පිරිසකි. 

ලංකාවේ ගුරුවරුන් සමාජයට කරන හානිය පූජකයන් හා මාධ්‍ය විසින් කරන හානියටත් වඩා භයානක ය. අනාගත පරම්පරාවන් මේ සමාජයට අනුගත කරන ප්‍රධාන ම බලවේගය ගුරුවරු ය. ඔවුන් අතර පුද්ගල ව්‍යතිරේඛ තිබිය හැකි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් වෙනස් පුද්ගලයන් සිටිය හැකි ය. එහෙත්, සමස්තයක් ලෙස ගත් කල අධ්‍යාපනය තුළ පවත්නා අයුක්ති සහගත ක්‍රමයට එරෙහි දැනුවත් අරගලයක් කරන කිසිදු ගුරු ව්‍යාපාරයක් නැත. 

ගුරු වෘත්තිකයන් අතරින් ද ප්‍රතිගාමී ම කොටස වන්නේ විදුහල්පතිවරු ය. 

වාමාංශිකයන් මෙම ප්‍ර‍තිගාමී ස්ථර සුරතල් කරන්නේ නො මග ගිය ජනතාව ලෙස ය. නොමග යාම කාගේවත් අයිතිවාසිකමක් නො වේ. මොළේ පාදාගැනීමේ වගකීමක් සමාජයට ඇත. ගුරුවරුන් කරන කාර්යය අප මෙතරම් නිර්දය ලෙස විවේචනය කරන්නේ එහෙයිනි.

මෙම සටහන වනාහි ලංකාවේ සමාජය හඳුනා ගැනීම සඳහා අලුත් කවුළුවක් විවෘත කිරීමට දරණ උත්සාහයේ කොටසකි. ලංකාවේ වාමාංශිකයන් විසින් බටහිරින් ණයට ගත් අච්චුවක් තුළට මනසින් ලංකාව ඔබාගෙන කර තිබෙන විකෘති විග්‍රහය තුළ ලංකාවේ සමාජය පිළිබඳ නිර්මානය වී ඇත්තේ ව්‍යාජ චිත්‍රයකි. 

අප නගන මූලික තර්කය වන්නේ ලංකාවේ ධනේශ්වර ක්‍රමය තුළ රජය නම් සමාගම දැවැන්ත සූරාකන්නකු බව හා එහි අකාර්යක්ෂම සේවකයන් ද එම සූරාකෑමෙහි පංගුකරුවන් වන බවයි. ලංකාවේ පාලක පංතිය හා දේශපාලන ක්‍ර‍මය නිර්මානය වන්නේ මොවුන්ගෙනි. ලංකාවේ සමාජ කාලකන්නිකම නිර්මානය කිරීම සඳහා රජයේ සේවකයෝ දැවැන්ත දායකත්වයක් සපයති. එපමණක් නොව, එම කාලකන්නිකම පවත්වාගෙන යාමටත්, තමන්ට වාසිදායක සමාජ විපර්යාස වෙනුවෙන් පමණක් සමාජ අරගල යොමු කිරීමටත් ඔවුහු විශාල දායකත්වයක් සපයති.

ලංකාවේ වාමාංශික පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් සිර වී තිබෙන්නේ මෙම රාමුව තුළ ය. ඔවුන් අසාර්ථක වී තිබෙන්නට ප්‍රධාන හේතුවත් එයයි. මන්ද, සූරාකන්නන් පිරිසක් පදනම් කර ගනිමින් සූරාකෑමට එරෙහිව සමාජ අරගලයක් නිර්මානය කරන්නට යාම හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම වැනි දෙයක් නිසා ය.

සිය පංති විග්‍රහය ම මූලික වශයෙන් වැරදි බව තේරුම් ගැනීමෙන් තොරව වමට අලුත් වන්නට බැරි ය. එතෙක් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය යනු හුදු භාෂාත්මක අවකාශයක් පමණක් වීම වැළැක්විය නො හැකි ය. එහි ඇත්තේ භාෂාවක්, එම භාෂාව මත පදනම් වූ ව්‍යාජ සංකල්ප සමුදායක් හා ව්‍යාජ ක්‍රියාකාරිත්වක් පමණි. 

මෙම පදනම ප්‍රශ්න කළ විට දියෙන් ගොඩ දැමූ මාළුන් සේ ඔවුන් අසරණ වන්නේ ඒ නිසා ය. 

එහෙත් වාමාංශික භාෂා අවකාශය අභියෝගයට ලක් කිරීම දේශපාලනිකව අත්‍යවශ්‍ය ය. 

වමට බුදු සරණයි! දෙවි පිහිටයි! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /වාමාංශිකයන් ඔවුන් ධනවාදයේ කටු කන බල්ලන් ලෙස හඳුන්වන්නේ නැත. එහෙත්, ඇත්තම කියනවා නම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් යනු ධනවාදයේ නරක ම කටු කන බල්ලන් පිරිසකි. හේතුව සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි, ධනපති හා මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ලංකාවේ ධනවාදී පාලන ක්‍ර‍මය ලංකාව මත පවත්වාගෙන යාමට අවශ්‍ය අන්දමින් ඉතා ම නරක ලෙස ළමා මනස විකෘති කර සමාජය හැඩගස්වන්නේ මෙම වෘත්තික කණ්ඩායම විසිනි.//

    //බලහත්කාරයෙන් ආගම් ඇදහීමට යොමු කිරීම, දරුවන් ලවා නිරතුරුව පාද නමස්කාර කර ගැනීම, දරුවන් දරුණු ලෙස ශාරීරික හා මානසික වධ බන්ධනයන්ට ලක් කිරීම වැනි කෘෘර ක්‍රියාවල මොවුහු නිරතුරුව නියැලෙති. //

    //නිදහස් අධ්‍යාපනය වෙළඳපොළකරණය කරන ප්‍රධාන ප්‍රතිගාමී වෘත්තීය බලවේගය ගුරුවරු ය. ඔවුන් වානිජකරණය පැත්තෙන් දොස්තරලාට දෙවෙනි වන්නේ ආදායම් වෙනස්කම් හේතුවෙන් පමණි. භයානකත්වය පැත්තෙන් ඔවුන් දොස්තරලාට වඩා විනාශකාරී ය. මන්ද, දොස්තරලා මෙන් නොව, ගුරුවරු සමාජය විනාශ කරන්නේ පරම්පරා පිටින් ය. ගුරුවරුන් සමාජයට කරන හානියේ තරමට සාපේක්ෂව සැලකූ කල පොලිස්කාරයන් වනාහි නිකම් පණුවන් පිරිසකි.//

    //අප නගන මූලික තර්කය වන්නේ ලංකාවේ ධනේශ්වර ක්‍රමය තුළ රජය නම් සමාගම දැවැන්ත සූරාකන්නකු බව හා එහි අකාර්යක්ෂම සේවකයන් ද එම සූරාකෑමෙහි පංගුකරුවන් වන බවයි. ලංකාවේ පාලක පංතිය හා දේශපාලන ක්‍ර‍මය නිර්මානය වන්නේ මොවුන්ගෙනි. ලංකාවේ සමාජ කාලකන්නිකම නිර්මානය කිරීම සඳහා රජයේ සේවකයෝ දැවැන්ත දායකත්වයක් සපයති. එපමණක් නොව, එම කාලකන්නිකම පවත්වාගෙන යාමටත්, තමන්ට වාසිදායක සමාජ විපර්යාස වෙනුවෙන් පමණක් සමාජ අරගල යොමු කිරීමටත් ඔවුහු විශාල දායකත්වයක් සපයති.//

    මෑත කාලයේ සිංහල බ්ලොග් අවකාශයේ ලියවුන හොදම ලියවිල්ල මෙයයි.

    මේ ජරා ජීරණ වී ඇති රට ලෝකෙන් උතුම් ම රට ලෙස සලකමින් ඒ ජරා ජීරණ ක්‍රමය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන මිනිසුන් ජරාජීරණ කිරීමේ කටයුත්ත අඩු නැතිව ඉටු කරන ගුරුවරු ගැන මෙන්ම; ජය නම් සමාගම දැවැන්ත සූරාකන්නකු බව හා එහි අකාර්යක්ෂම සේවකයන් ද එම සූරාකෑමෙහි පංගුකරුවන් වන බව නම් පරම සත්‍ය අත්‍යවශ්‍ය මොහොතක බ්ලොග් අවකාශයේ ලියවීම ඉතා අගනේය.

    මෙතරම් වටිනා ලියවිල්ලක සිංහලෙන් මෑතදී ලියවී ඇතිදැයි සැකයි.

    ReplyDelete
    Replies
    1. Ane booruwo, mewa Loka bankuwe contracts, me yaka ka wenuwenda liyanne kiyala hoyala balanawa, para kiyanne kawuda kiyala api dannawa, dollar paththata diwa dikkara kara yana wisha ghora sarpayek

      Delete
  2. තම මව සහ හෝ පියා ගුරු හෝ මුල්ගුරු වූ සින්හල බොග් ලියනමහත්ත්තයාලා ට පැරා ගේ ඉහත ලිප්ය ගෞරවයෙන් පුදකරමු!

    ReplyDelete
    Replies
    1. චැහ්... සාරස..අහිංසක රසික සූරිය ආරච්චිල මේකට ගාව ගන්නෙ ඇයි....

      Delete
    2. අප අතර සිටින සැබෑ සූරාකන්නන් හඳුනා ගනිමු:

      හුග්.... දත් දොස්තරල හූරන් කන කෑම බලන්ඩ එපායැ

      Delete
    3. //හුග්.... දත් දොස්තරල හූරන් කන කෑම බලන්ඩ එපායැ //

      අපට ජයවේවා!

      Delete
    4. දත් දොස්තරලා දත් සූරන එක තමයි ඉවසන්න අමාරුම දේ. දත් ගලවන්කොටනම් Lidocaine shot එකක් හරි දෙනවා.

      Delete
    5. //අපට ජයවේවා!//

      මොකටද දත් හුරන් කන එකටද ?

      Delete
  3. පැරකුම් ගුරවරයකු ලෙස කලින් රැකියාවක් කලාද

    ReplyDelete
    Replies
    1. මම 22 වසරක් ගුරු වෘත්තියෙහි යෙදුණෙමි. දැන් මාධ්‍යකරණයේ යෙදුණ ද සමහර විට නැවතත් ගුරු වෘත්තියේ යෙදෙන්නට වුව ඉඩ තිබේ. මා මේ කියන දේ ගුරුවරයකු ලෙස සිටි මට ද අදාළ ය.

      Delete
    2. ඕකට ගුරැවරැන්ට බැනලා වැඩක් නෑනේ මහත්තයා. ප්රස්නය තියෙන්නෙ කැම්පස් එකේ සීට් වල. ඒක විසදුවානන් හරි. කවුරැත් රෝග නිධානය හොයන්න නැතුව වල් පල් ‍දොඩව දොඩව ඉන්නවා.

      Delete
    3. විවිධාකාර මානසික සංකූලතා වලින් පෙලෙන ශ්‍රීලංකාවේ පහල මධ්‍යම පන්තික පුද්ගලයෙකුගේ (ගැහැණු/පිරිමි) යටතට අහිංසක දරු දැරියන් පත් කල විට සිදුවන අවැඩ ප්‍රමාන කිරීම අසීරුය.

      කෝටුවකින් දරුවන් නොතැලුවද , මෙවැන්නෙකු තම මවාගත් (පිටත ලෝකයේ කිසිවකු පිළිනොගන්නා) පෞරුෂය පොඩිවුන් ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීම උදෙසා යොදාගන්න හැසිරීම් සහ ක්‍රමෝපායන් නිසාවෙන් සිදුවෙන හානිය එයට ඉතා විශාලය, පිළිසකර කල නොහැකිය. පැරා කියූ අයුරින්ම, ඒ දරුවන් තමන් අත්දුටු හැසිරීම් ඊළඟ පරම්පරාවට ගෙනයන පුරුකක් නොවන්නේ, ඔවුන් ඉන් මුදා ගැනීමට සමත් කම් ඇති දෙමාපියන්ගේ උත්සාහයකින් පමණකි. අවාසනාවකට, සමස්ථ ශ්‍රී ලංකා සමාජයම මෙවැනි පාසල් හරහා ගොස් එලියට ආ ය බැවින්, එවන් දෙමාපියන් සිටින්නේ කලාතුරකිනි. මේ උමඟ අවසානයේ එළියක් නම් නොපෙනේ.

      ශ්‍රී ලාංකික සමාජය හොරුන් සහ වංචාකාරයන් තම නායකයන් කර ගැනීමට ත්, එය එළිපිටම සාධාරණීකරණය කිරීමටත් නො-පැකිලේ . එය අපේ මානසික සෞක්‍යයේ දර්ශකයයි. දකුණු ආසියාවේ බොහොමයක් මෙන්ම අප ද - ආර්ථිකව ශක්තිමත් නොවූ මධ්‍යම පන්තියකින්ද , ලිංගිකව අසහනයෙන් පෙලෙන තරුණ/මැදි ජනගහනකින්ද, තැලී පොඩිවුන මානසික පෞරුෂය කින් යුත් බහුතරකින්ද, කායිකව නීරෝගී නොවූ වැඩිහිටි පරපුරකින්ද යුත් ජනතාවක් වෙමු.

      අපේ බ්ලොග් කරුවන් නැවත නැවතත් මතක් කර දෙන අයුරින්, අපේ නායකයන් අපට ගැලපෙන අය ය. ඒ ආකාරයෙන්ම, අපේ පූජකයන්ද, දොස්තරලාද, බ්ලොග් කාරයන්ද , කොමෙන්ට් කාරයන්ද (මොන රටක හිටියත්) ශ්‍රී ලාංකික සමාජයේ අනේක විධ හොඳ සහ නරක ම ප්‍රදර්ශනය කරති. තමන්ගේ අවස්ථාව ලැබුන විට අන් සියලුම දෙනාට තමන්ගේ (සත්‍ය වශයෙන් නොමැති) ලොකු කමම පෙන්වන්නට තැත් කරති. මෙතැනදී පීඩා විඳින්නා තමන්ගේ අවස්තාවේදී එයම අනෙකාට සිදු කරයි. බොහෝ විට මෙය නොදැනුවත්වම සිදු වන්නකි. (මෙය මානසික සංකීර්ණතාවයක් ලෙස ගත හැක්කේ එනිසාය). ගුරුවරුන් සම්භන්ධයෙන් මෙය වඩාත් නරක ලෙස බලපාන්නේ ඔවුන්ගෙන් පීඩාවට පත්වන කොට්ඨාශය වරදක් නොකළ අහිංසකයන් වීම නිසාය, පීඩිතයා එම සංකීර්ණතාවය ඊළඟ පරපුරට ගෙනයන වාහකයා වන නිසාය. කානුව හරි පැත්තට කපන්න පාසල හොඳ ආරම්භක ස්ථානයක් බවනම් ඇත්තය.

      මහා ප්‍රශ්නයේ තවත් පැති කඩක් එලියට ගෙන ආ පැරා ගේ ලිපියට බලවත් ස්තුතිය.
      Mundeer

      Delete
  4. ලංකාවේ දොස්තරලා පිටරට රස්සාවල්වලට ගියාම හම්බ වෙන්නේ ඒ රටවල දොස්තරලාගෙයි නර්ස්ලාගෙයි ආවතේවකම් කරන ඇබිත්තකමක් වාගේ රස්සාවල්. එතනින් එහාට යමක් ඒ අයට ලැබෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ඉඳගෙන, පිටරටවල් ගැන තීරන දෙන්න එපා.මෙහෙ හොස්පිට්ල්වල,විදේෂීය දොස්තරල යටතෙ සුදු නර්ස්ල යටහත්පහත්ව වැඩ කරන හැටි ඕනතරම් අපි දැකල තියෙනව.වැදගත් වෙන්නෙ උගත්කමයි,හැකියාවයි විතරයි.ලංකාවෙ නැත්තෙම ඒ දේ නෙ.ඒකනෙ ලංකාව තවමත් ලෝකෙ පහලම රටවල් අතර ඉන්නෙ.

      Delete
    2. ඔය ඇබිත්තකම් කතාවේ නම් එතරම් ඇත්තක් නැහැ මම හිතන්නේ. දක්ෂකමත් සුදුසුකමත් නැත්නම් පිටරටකදි කොයි රස්සාවෙත් ඇබිත්තකම් කරන්න තමයි වෙන්නේ. මම ඉන්න රටේ ඉතා වැදගත් තනතුරු දරන ලාංකික දොස්තරවරු ඉන්නවා. අනිත් වෘත්තිකයනුත් එහෙමයි. පිඟන් හෝදන එකාටත් ඒක ඒ විදිහටම වලංගුයි.Aru.

      Delete
    3. "විදේෂීය දොස්තරල යටතෙ සුදු නර්ස්ල යටහත්පහත්ව වැඩ කරන හැටි ඕනතරම් අපි දැකල තියෙනව" කියන එකට මම එකන්ගනැහැ . සමසමව වැඩ කරනවා කීව නම් හරි. මොකද මේ රටවල නර්ස්ලගෙ අනුමැතියත් අවශ්යි තීරණයක් ගැනීමේදී. ලනක්වේ වගේ නෙමේ දොස්තරලා විරුද්ද නැහැ නර්ස්ලට උපදී දෙනවට

      Delete
    4. AnonymousApril 18, 2016 at 6:05 PM //වැදගත් වෙන්නෙ උගත්කමයි,හැකියාවයි විතරයි.ලංකාවෙ නැත්තෙම ඒ දේ නෙ.//

      ඔන්න වැරදුණා. ඒ උගත් උගත්කමයි,හැකියාවයි දෙකම ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙනවා. උගත්කමයි,හැකියාවයි විතරක් තියාගෙන ලංකාවේ මිසක් දියුණු රටක නම් පිරිසිදු කිරීමේ රැකියාවක්වත් තියාගන්න බැහැ.

      හැබැයි. හැදියාව, නිහතමානී බව, කාරුණිකත්වය, වුර්ත්තීය භාවය, මහත්මා ගති තමයි ලාංකික වෛද්‍යවරුනට නැත්තේ. පැරා කියල තියෙනවා වගේ ඒ ගතිගුණ එන්නේ කොහොමද ළමා කාලෙදිම මනස විකුර්ති කලහම.

      Delete
    5. Anonymous April 19, 2016 at 9:25 AM

      නිකම් බොරුවට යුරෝපා/ ඇමරිකා/ ඕස්ට්‍රේලියා ආදී රටවල් සුර පුරයක් ලෙස මනෝවිකාරයකින් ඔලුව අවුල් කරගෙන වැල් බයිලා නොලියා කරුණාකර අසල්වැසි ඉන්දියාවටවත් ගිහින් ලෝකය ගැන අවබෝධයක් ලබාගන්න. ඔය කියන විදිහෙ සර්ව සම්පූර්ණ මිනිස්සු වැඩකරන තැනක් ලොකෙ කොහෙවත් නැහැ.

      බටහිර රටවල සෞඛ්‍ය සේවය පුද්ගලික හෝ රජයට අනුබද්ධ සමාගම් ලෙස කෙරෙන නිසා ලංකාවෙ තරම් නිළධාරිවාදයක් දැන් නැහැ (නමුත් බොහොම ඉස්සර තිබුණා) ලංකාවෙත් පෞද්ගලික රෝහල්වල බොහෝ දුරට සේවය හොඳයි ගාණ කැපීම තමයි නරක. ලංකාවෙ රජයේ රෝහල් වලත් ඇතැම් රෝහල්වල දොස්තරලා සහ නර්ස්ලා ඉතාම සහයෝගයෙන් කටයුතු කරන තැන් ඕන තරම් තියෙනවා ස්ට්‍රයික් ප්‍රශ්න නැති කාලවලදි. අනෙක බොහෝ දොස්තරලාට මේට්‍රන්ලා සහ සිස්ටර්ලා වගේ ජ්යෙෂ්ඨ හෙද නිලධාරීන්ට යටහත්පහත්ව තමයි ලංකාවෙ ප්‍රධාන රෝහල්වල වැඩ කරන්න වෙන්නෙ. ඇතැම් දොස්තරලාට රැකියා අහිමිවී තිබෙනවා ඔවුන්ගේ පැමිණිලි නිසා. අඩුගානෙ දන්න අඳුනන ඩොකෙක්/ නර්ස් කෙනෙක් ගෙන් අහල වත් බලපන් ලංකාවෙ සෞඛ්ය ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ගැන.

      Delete
    6. හොදමයි.

      මේ ඔයා මෙතරම් දවස් එයාර් ටිකට් හදාගෙන බලාගෙන කියනකන් හිටියේ ඉන්දියාවට ගිහින් බලන්නයි, ඊට පස්සේ ඇවිත් රස්සා නැතිවුණ ඩොක්කු ගැන දන්නා දුන්න අයගෙන් අහන්න යි. :D

      දැන් ඔයා කිව්ව නිසා ප්‍රශනයක් නැහැ. හෙටම ඉන්දියාවට ගිහින් බලල ඇවිත් අනිද්දට අල්ලපුගෙදර නර්ස් නෝනාගෙන් රස්සා නැතිවුණ ඩොක්කු ගැන අහනවා. :D

      :D :D :D :D

      Delete
    7. ඇයි අර පොර ටෝක් දෙන රසිකයා ඕස්ට්‍රේලියාවේ කරන්නේ සාමාන්‍ය සිවිල් රැකියාවක් නමුත් ඉංජිනේරු ටෝක් දෙන්නේ.

      Delete
    8. AnonymousApril 19, 2016 at 4:05 PM

      ඉස්සෙල්ල ඔය උඩ ඇනෝකාරය කියල තියෙන දේ තෙරුම් ගනින් පිස්සු කියවන් නැතුව මෝඩ වාහෙ.

      අනේ හැබෑටම මෙහෙමත් අමුම අමු ගොබ්බ මැටි මෝල්ලු. දන්න මගුලක් නැහැ. අඩුගානෙ රෝහල් පරිපාලනය ගැන මල පොතේ අකුරක්වත් නොදැන අමුම අමු මනස්ගාත කියවන උන්මත්තකයෙක්.

      AnonymousApril 19, 2016 at 12:22 PM

      මචන් මුන් වගේ කාලකණ්ණින්ට උත්තර දෙනවට වැඩිය හොඳයි කට ගලක අතුල්ල ගන්න එක.

      Delete
    9. AnonymousApril 19, 2016 at 4:05 PM

      ඉස්සෙල්ල ඔය උඩ ඇනෝකාරය කියල තියෙන දේ තෙරුම් ගනින් පිස්සු කියවන් නැතුව මෝඩ වාහෙ.

      අනේ හැබෑටම මෙහෙමත් අමුම අමු ගොබ්බ මැටි මෝල්ලු. දන්න මගුලක් නැහැ. අඩුගානෙ රෝහල් පරිපාලනය ගැන මල පොතේ අකුරක්වත් නොදැන අමු මනස්ගාත කියවන උන්මත්තකයෙක්.

      AnonymousApril 19, 2016 at 12:22 PM

      මචන් මුන් වගේ කාලකණ්ණින්ට උත්තර දෙනවට වැඩිය හොඳයි කට ගලක අතුල්ල ගන්න එක.

      Delete
    10. //මචන් මුන් වගේ කාලකණ්ණින්ට උත්තර දෙනවට වැඩිය හොඳයි කට ගලක අතුල්ල ගන්න එක.//

      අතුල්ලා ගනින් කක්කුසි ගලකම. එතකොට උබේ කටත් දී මු ජයරත්නගේ වගේ තියේවි.

      Delete
    11. AnonymousApril 22, 2016 at 10:09 AM

      ඇයි බොට තියෙන්නෙ සිරිකොත වැසිකිලි වල ලොවලම ගඳ ගහන බොග වලක් වගේ කටක්. ඒක උපමා කොරානම් ඔයිටත් වඩා කුජීතයි නේද?

      Delete
  5. පැරා ඔබ කියනා අකාරයේ ගුරුවරුන් විදුහල්පතීන් වැජඹෙන්නේ සමාජවාදී මුල් ඇති නිදහස් අධ්‍යාපන ක්‍රමය, වෘත්තීය සමිති ව්‍යාපාරය, ක්‍රියාව සහ හැකියාව මත පදනම් නොවන උසස් වීමේ ක්‍රම ආදිය නිසා. මෙම ප්‍රශ්ණ ධනවාදී රටවල් අඩුයි නැත්නම් නැහැ. එම නිසා මෙම තත්ත්වයට ධනවාදයට වරද පැටවීම වැරදියි.

    ReplyDelete
    Replies
    1. යේස්, පැරා හොඳ ප්‍ර‍ගතිශීලියෙක් වුනත් පැරාත් 56යේ දරුවෙක්.සමාජවාදෙයි, වික්ටෝරියානු සංස්කෘතියයි, සිංහල බුද්ධාගමයි මික්ස් කරලා හැදිල තියන සදාචාර අච්චාරු මිශ්‍ර‍යෙන් තැම්බූ මනසවල් ප්‍ර‍කෘතිමත් කිරීම කොච්චර අසීරුද කියන එකට හොඳ උදාහරණයක් තමා පැරා.

      Delete
    2. ඉයන්, සමාජවාදී අධ්‍යපන ක්‍රමයයි, වෘත්තීය සමිතිගැන විකාර කතා කියවන්නේ නැතුව තමන්ගේ ගමේ ළමවෙ ඉස්කොලෙන් අස්කර ගත්ත අධ්‍යාපන ඇමතිගැන පොඩ්ඩක් කතා කරනවද?
      එයාගෙන් පොඩ්ඩක් අහන්න ඉස්කොලවල විදුහල්පතිවරු පත්කරන විදිහ, ....

      ලංකාවේ සුදුසුකම් අනුව උසස්වීමට නොහැකි දේශපාලකයින්ගේ අනුමැතියක් හෝ කැමැත්තක් අරගෙන තනතුරුවලට යන ක්‍රමයක් හදලා තියෙන්නේ රනිල්ලා, මහින්දල එකතුවෙලා.

      Delete
  6. Seems to be all the comment rope has no education. If any one has A/L done?some teachers are selfish and looking for money. I agree with it. But 69% very good teachers try to do the best with their agony. Every week after school go to zonal education office to get salary increment or relented problem. Until they retired it will never happens.teachersvare did not any? Where we are now?

    ReplyDelete
  7. //අප නගන මූලික තර්කය වන්නේ ලංකාවේ ධනේශ්වර ක්‍රමය තුළ රජය නම් සමාගම දැවැන්ත සූරාකන්නකු බව හා එහි අකාර්යක්ෂම සේවකයන් ද එම සූරාකෑමෙහි පංගුකරුවන් වන බවයි. // This is what I called "State capitalism" . That's what Soviet Union also had.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ලංකාවේ ධනේශ්වර ක්‍රමය ඇතුලේ විතරක් නෙමේ, සෝවියට් දේසේ සමාජවාදී ක්‍රමේ ඇතුලෙත් වෙලා තියෙන්නේ එකම වින්නැහියනේ. කොහෙද එතකොට ඔය හූරා නොකන රාජ්‍ය බිහිවෙන්නේ? දන්නේ නැති කමට අහන්නේ.Aru.

      Delete
    2. ස්කැන්ඩිනේවියානු රටවල් ගැන සොයා බලන්න. මා දන්නා අන්දමින්, එම රටවල ඉතාම ජනහිතකාමී අන්දමින් රාජ්‍යය පවත්වාගෙන යනවා.

      Delete
    3. ඇනො ස්තූතියි මචං..... මම මේ පොඩි පොඩි විදිහට එල්ලෙනවාවත්, ඉල්ලන් කන්න හදනවාවත් නෙමේ. පැනමා පේපර්ස් එක්ක අයිස්ලන්තයට , එහෙමත් නැත්නම් අයිස්ලන්ත ජනාධිපතිතුමාට මොකද වුනේ. ඒ සල්ලි ආවේ සූරා කෑමෙන් නොවේද කියා තේරෙන්නේ නැහැ. මොනවා වුනත් උඹ කියන කතාවේ සාපේක්ෂ සත්‍යයක් තියෙනවා ඩෙන්මාර්ක්, ස්වීඩ්න්, නෝර්වේ, ෆින්ලන්ඩ් වගේ රටවල් ගත්තාම. මේ රාජ්‍ය පවත්වාගෙන යාමේ ක්‍රමය නිසා ඇතිවෙන තත්වයක්ද, එහෙම නැත්නම් පාලකයාගෙ පෞද්ගලිකත්වය තුලින් මතුවෙන ප්‍රශ්නයක්ද කියලා ආපහු හිතලා බල්ලන්න වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. Aru

      Delete
    4. අරූයියා,
      හැබැයි ඔය පැනමා පේපර්ස් සිදුවීමේදී අයිස්ලන්ත ජනාධිපතිට එල්ල වෙච්චි චෝදනාව ඉස්සරහා මිනිහා තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වුනානේ.ඒ වගේ පුර්වාදර්ශ අපේ රටවල් වලින් නම් කවදා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ? අර තිලක් මාරපන ඉල්ලා අස්වීමට නියම අගයක් එන්න නම් පොදු දේපළ විනාශ කරපු ජෝන් අමරතුංග,තමන්ගේ අත්නොමතික වැඩනිසා රජයට සැහෙන පාඩුවක් කරපු අර්ජුන රණතුංග,ඉල්ල අස් වෙන්න බල කරන්න තිබ්බා.එත් එහෙම වුනේ නැහැනේ.

      Delete
    5. මනෝ....අල්ලලා බදාගන්න සමාජ වටපිටාවක බදාගත්ත දේවල් අත හරිනවා කියන්නේ මරා අභයාරාමෙට නොගිහින් ඉන්නවා කියනවා වගේ වැඩක් බන්.Aru

      Delete
    6. @Manoj
      / අයිස්ලන්ත ජනාධිපතිට /, / තනතුරෙන් ඉල්ලා අස් වුනානේ /

      පවු උඹලා (මෙහෙම කියන්නේ උබට විතරක් නෙවේ , හරියට නොදැන ලොරි ටෝක් දෙන මාද්‍ය කාරයොත් ඉන්න හින්ද)


      In a reflection of the political turmoil and maneuvering that the Panama Papers have created, the prime minister’s office issued a statement on Tuesday night saying that he had proposed stepping down in favor of his deputy “for an unspecified amount of time” — as a sort of indefinite leave of absence — and not a formal resignation.

      http://www.nytimes.com/2016/04/06/world/europe/panama-papers-iceland.html?_r=0

      -pa.go.

      Delete
    7. අප මත බලෙන් පටවා ඇති ඊනියා බටහිර සමාජ ක්‍ර‍මය හා එය පදනම් වූ ඊනියා ග්‍රීක, යුදෙව්, ක්‍රිස්තියානි චින්තනය ලංකාවට ගැලපෙන්නේ නැත. තිලක් මාරපන වැන්නන් යටකී සංස්කෘතියේ වඳ පීදුන පරඬැල් කැබලිය. එවැනි බැලයන් විසින් උත්කර්ෂයට නැංවීමට තටමන ඊනියා ඉල්ලා අස්වීම් සංස්කෘතිය ලංකාවට නොගැලපේ.

      මේ සම්බන්ධ පුළුල් අවබෝධයක් නලින් ද සිල්වා ගුරුතුමාගේ අපේ ප්‍ර‍වාද ලිපි ඔස්සේ දැනගත හැක. (ww1.kalaya.org)

      Delete
  8. වෘත්තිකයා වෙළෙන්දෙක්වු කල, සැබෑ වෙළෙන්දා පාරිභෝගිකයෙකුවේ. වෙළෙන්දාද පාරිභෝගිකයෙක්වු විට සැබෑ පාරිභෝගිකයා හිඟන්නෙක්වේ. පාරිභෝගිකයා හිඟන්නන්වු විට සැබෑ හිඟන්නන් සොරුන් වේ. හිඟන්නන් සොරුන්වූ විට ඔරිජිනල් හොරුන් දේශපාලකයින් වේ. ඒ අයුරින් ක්‍රම ක්‍රමයෙන් ජාතියම සොරුන් සහ දේශපාලකයින් බවට පත්වේ. පුදුම චක්කරයක් ඕයි මේක. මේකට වගකියන්න ඕන වෘත්තිකයෝ. මොකද උන් වෙළෙන්දෝ වෙච්ච නිසා තමයි රට හොරුන්ටයි දේශපාලකයින්ටයි ගියේ. නැද්ද මං අහන්නේ .හා හා හා.Aru.

    ReplyDelete
    Replies
    1. post එක හා සමානවම වැදගත් comment එකක්. තාර්කිකයි. ලස්සනයි.
      Mundeer

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. උපුටා දැක්වීමට අවසර තියේදො?

      Delete
    4. ඇණයෝ......ඕන තැනක ගිහින් දාපන්. සින්නක්කර ඔප්පු නැහැ. Aru.

      Delete
  9. සීතාම්බ්‍ර පටවස්ත්‍රයෙන් වසාගත් නිරුවත ගැන නොබියව කතා ලියවිල්ලක් සේ හඳුනා ගනිමි. කතාකරන්නට බයෙන් සිටින දේ ඔබ නිර්භයව පවසයි ලංකාවේ සියලු දේශපාලන මතධාරීන් විද්වතුන් සහ සමාජය යහමග යවන කාරියේ නිල බාර කරුවන් සියලු දෙනාමත් මේ සියල්ල මෙලෙසින්ම දැක දැකත් නිහඬව සිටිති. මේ රෝගී තත්වයට පැලැස්තර විසඳුම්වලට වඩා දෙයක් කරන්නට සූදානමක් තවම පෙනෙන මානයකවක් නැතිවීම ඛෙදවාචකයකි.

    ReplyDelete
  10. මේ සඳහා ඔවුන්ට සන්ස්කෘතික සදාචාරාත්මක ආදී බැටලු හම් බොහෝ ගනනක් අප විසින්ම සපයනු ලැබ තිබේ.

    ReplyDelete
  11. AnonymousApril 18, 2016 at 6:06 PM
    වෘත්තිකයා වෙළෙන්දෙක්වු කල, සැබෑ වෙළෙන්දා පාරිභෝගිකයෙකුවේ. වෙළෙන්දාද පාරිභෝගිකයෙක්වු විට සැබෑ පාරිභෝගිකයා හිඟන්නෙක්වේ. පාරිභෝගිකයා හිඟන්නන්වු විට සැබෑ හිඟන්නන් සොරුන් වේ. හිඟන්නන් සොරුන්වූ විට ඔරිජිනල් හොරුන් දේශපාලකයින් වේ. ඒ අයුරින් ක්‍රම ක්‍රමයෙන් ජාතියම සොරුන් සහ දේශපාලකයින් බවට පත්වේ. පුදුම චක්කරයක් ඕයි මේක. මේකට වගකියන්න ඕන වෘත්තිකයෝ. මොකද උන් වෙළෙන්දෝ වෙච්ච නිසා තමයි රට හොරුන්ටයි දේශපාලකයින්ටයි ගියේ. නැද්ද මං අහන්නේ .හා හා හා.Aru.


    ***********************
    හරි අපුරු කියමනක්
    ***********************

    ReplyDelete
  12. Anyhow how he learnt to write such sinhala?
    His mother teach at home or next door step farther?

    ReplyDelete
  13. සූරා කෑමට වඩාත් සුදුසු මුරුන්ගා ය!

    ReplyDelete
    Replies
    1. ඇයි තමුසේ මරාගේ ඇට දෙක සූරා කනවා නේද?

      Delete
    2. සරස ලොක්කා..උඹ කාරා හුන්නෙක්ද.. නෝරා හුකන්නෙක්ද? මුරුංගා නිසා ඇහුවේ වරදවා ගන්න එපා. පොඩි ආතල් එකකුත් තියෙන්න එපැයි. මොකද නැකතත් හූනට කියලා තෙල ගාගන්නෙත් නැකත් පති එවුන්නේ. බලහන්කෝ දේශපාලනේ නේද?Aru

      Delete
    3. බොරු කියන්නේ මොකටද අරු....

      ස ර ස තුමා නම් ලබා දෙන සේවයට කම්ෆටබ්ල් ප්‍රොෆිට් මාජින් එකක් තියලා තමා අය කරන්නේ!

      කෙනෙක් එම ක්‍රියාව සූරා කෑමක් ලෙස අර්ත දක්වනවා නම් ස ර ස තුමා හොඳ සූරාකන්නෙක් තමා ....

      Delete
    4. හික් හික් "සරස තුමා" කියල තමුන් මිසක් වෙන කවුද කියන්නේ!!

      එහෙනම් අපේ ගෙදර බල්ලට කියන්න වෙන්නේ "ටොමියා උතුමා" !!

      Delete
    5. // හික් හික් "සරස තුමා" කියල තමුන් මිසක් වෙන කවුද කියන්නේ!! //

      :D

      Delete
    6. //එහෙනම් අපේ ගෙදර බල්ලට කියන්න වෙන්නේ "ටොමියා උතුමා" !!//

      :D

      Delete
    7. සා රස යනු අන්ත දූෂිත මරා කල්ලියේ සට්ටැඹියෙකි. නමුත් වත්මන් යහපාලන කැඳ හැලියේ කුජීත පාලනය විසින් කරන් සුවහස බලු පාහර හොර තක්කඩි වැඩ යම් පමණකින්වත් කන්ට්‍රෝල් කිරීමට මරා කල්ලිය සෑහෙන බලයක් සහිතව සක්‍රීය සිටීමත් සා රසා වැනි ඉහඳ පණුවන් බ්ලොග්ලොව තුළ සක්‍රීයව සිටීමටත් අප වැනි නිදහස් මතධාරීන් කැමතිය.

      නමුත් මේ ඉහත "ටොමියා උතුමා" කතාව කී උලමා නම් රන් පොනිල හාමු උන්නාන්සේගේ සිරිකොත වැසිකිලි දිවෙන් සුද්දකරන තවත් එක ලොල් සට්ටැඹියෙක් වගේ.

      AnonymousApril 19, 2016 at 9:30 AM

      උඹට කියන්න වෙන්නෙ "ලොල්ල හුටමා ඔෆ් රන් පොනී" කියාය.

      Delete
    8. //අප වැනි නිදහස් මතධාරීන් කැමතිය.//

      ඒ කිව්වේ වෙන්න ලෙනින්ගේ කක්කා රසයි ද ? :D

      Delete
    9. // සා රසා වැනි ඉහඳ පණුවන් බ්ලොග්ලොව තුළ සක්‍රීයව සිටීමටත් අප වැනි නිදහස් මතධාරීන් කැමතිය.
      //

      ඔහෙලගෙ කැමැත්තෙ පිහිටින්, එතුමාගේ වියදමින් ස ර ස තුමා සින්හල බොග් අවකාසේ හොල්මන් කරාවි....

      Delete
    10. Anonymous April 19, 2016 at 4:08 PM

      //ඒ කිව්වේ වෙන්න ලෙනින්ගේ කක්කා රසයි ද ? :D//

      ආහ් තෑන්ක්ස් මචන්, මට ලප වානරයයි, පෙරෙට්ටු මල පෙරේත හැත්තයි අනික් වමේ කියාගන්න ත්‍රීවීල් පාටි ගොබ්බයො ටිකයි අමතක වෙලා තිබ්බෙ !

      Delete
  14. පැරා, මේ තත්වය අවබෝධ කරගත් ගුරුවරු පිරිසකුත් ඉන්නවා. ඒත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩිම දුකක් විඳින්නේ ඒ පිරිස. පාසල තුල ආධිපත්‍යය තහවුරු කරගෙන තියෙන්නේ යහමින් සල්ලි තියෙන ටියුෂන් ගුරුවරු. නිලධාරිවාදය ඊට එහා. රාජකාරි පැත්තක තියලා තමන්ගෙ විභාග එහෙම කරලා ඉහල ගියපු සමහර උන්ගේ නරිවාදන් ඇහෙන කොට තමන් මේ නහින්නේ මොකටද කියල හිතෙනවා.

    ReplyDelete
  15. කෲරයි... කෲරයි... හෙහ් හෙහ්... අනේ කෲරයි..
    ජයවේවා..!!

    ReplyDelete
  16. 1) දරුවන් ලවා නිරතුරුව පාද නමස්කාර කර ගැනීම, දරුවන් දරුණු ලෙස ශාරීරික හා මානසික වධ බන්ධනයන්ට ලක් කිරීම වැනි කෘෘර ක්‍රියාවල මොවුහු නිරතුරුව නියැලෙති ++++++++++++++++

    ළමයින්ගේ නිර්මානශීලිත්වය මොට කර දමමින් අනාගත විභවයන් විනාශ කරති. සමස්තයක් ලෙස ධනවාදයට සේවය කරති. /////// වැරදියි. භෞතිකව සහ ආකල්පමය වශයෙන් සංවර්ධිත වූ බටහිර රටවල ළමයින්ගේ නිර්මානශීලිත්වය මොට කර දමමින් අනාගත විභවයන් විනාශ කරන ගුරුවරු නවතින්නේ හිරගෙදරය​. මෙය ධනවාදයේ ගැටළුවක් ලෙස දැකීම බටහිර ධනවාදී ලෝකය ගැන අත්දැකීම් ඌනතාවය නිසා එන අදහසකි. ලංකාව වැනි භෞතිකව සහ ආකල්පමය වශයෙන් පසුගාමී රටවල ළමයින්ගේ නිර්මානශීලිත්වය මොට කර දමමින් අනාගත විභවයන් විනාශ කරමින් ගුරුවරු සේවය කරන්නෙ නරුමවාදයටය​.

    ReplyDelete
    Replies
    1. //භෞතිකව සහ ආකල්පමය වශයෙන් සංවර්ධිත වූ බටහිර රටවල ළමයින්ගේ නිර්මානශීලිත්වය මොට කර දමමින් අනාගත විභවයන් විනාශ කරන ගුරුවරු නවතින්නේ හිරගෙදරය​.//

      agreed +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  17. මෙය විප්ලවයේ ජයග්‍රහණය පිණිස බෙහෙවින් හෙතුවන ලියවිල්ලකි. මෙය www.marxists.org එකේ Marxists Internet Archive එකට ඇතුලත් කළයුතුය. දැනට එහි සිංහලෙන් තිබෙනුයේ මාර්ක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි යන අයගේ ලේඛන පමණි. එතැනට අජිත් පැරකුම් ජයසිංහ ගේ නමත් එක් කළ යුතු වෙයි. එමෙන්ම මෙය වෙනත් භාෂාවලට ද පරිවර්තනය කෙරෙන්නේ නම්, එය ධනවාදය ලෝක මට්ටමින් පෙරලා දැමීමට ද හේතුවනු ඇත.

    ReplyDelete
    Replies
    1. මෙම තේරුම් ගැනීම වැරදිය.

      මේ, ආණ්ඩුව විසින් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව බේරා ගැනීම සඳහා ලිවීමට නම් තමන්ට ගෙවන ගාන වැඩි කළ යුතු බව අජිත් පැරකුම් ජයසිංහ විසින් තම ස්වාමිවරුන් ට කියා ඇති අතර, එසේ ගාණ වැඩි කරන තුරු වෙනත් දේ ලිවීම සඳහා ලියා ඇති පල් හෑල්ලක් පමණි.

      බදු වැඩි කිරීම සමබ්න්ධයෙන් ආණ්ඩුව බේරා ගැනීම සඳහා අජිත් ලියනවා නම්, අජිත් ට ගෙවන ගාන වැඩි කර තිබේ ද යන්න පෙනෙනු ඇත.

      Delete
    2. නැත. මගේ ගාන ලැබී ඇතැයි සිතාගන්න. බදු වැඩි කරන්නේ ඇයි? රජයේ වියදම් 25%කින් වැඩි විය. එහෙත් රජයේ කාර්යක්ෂමතාව වැඩි වුණා ද? නැත. මේ සල්ලි යන්නේ මොකටද? මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් නඩත්තු කරන්නට පමණක් මාසයකට රුපියල් බිලියනයක් පමණ අවශ්‍ය ය. රජයේ සේවකයන්ට පඩි ගෙවන්නට යන මුදල තවම සොයමින් සිටිමි. ලිපිය මග එයි. ලංකාවට හෙනහුරා ලබා ඇත්තේ මේ මධ්‍යම පංතිය නිසා ය.

      Delete
    3. //මෙය විප්ලවයේ ජයග්‍රහණය පිණිස බෙහෙවින් හෙතුවන ලියවිල්ලකි. මෙය www.marxists.org එකේ Marxists Internet Archive එකට ඇතුලත් කළයුතුය. දැනට එහි සිංහලෙන් තිබෙනුයේ මාර්ක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි යන අයගේ ලේඛන පමණි. එතැනට අජිත් පැරකුම් ජයසිංහ ගේ නමත් එක් කළ යුතු වෙයි. එමෙන්ම මෙය වෙනත් භාෂාවලට ද පරිවර්තනය කෙරෙන්නේ නම්, එය ධනවාදය ලෝක මට්ටමින් පෙරලා දැමීමට ද හේතුවනු ඇත.//

      මේ වනාහි අප විසින් දියෙන් ගොඩ ඇද දමන ලද මාළුවකු අපට අපහාස කිරීමට දරන බොළද උත්සාහයකි.

      ආගමික වෙබ් අඩවිවලට අපගේ නම් ඇතුළත් කිරීමට අපට නම් කිසිම උවමනාවක් නැත. එම ආගමික ව්‍යාපාර තිබුණා ය කියා ධනවාදය පෙරළී ද නැත.

      Delete
    4. තවම ගාන වැඩි කර ඇති බවක් නො පෙනේ. (මේ වගේ අවස්ථාවල රෙදි හෝදන්න නම් ඉතින් සෑහෙන තරමකින් අයකිරීම් වැඩි කර ගන්න වෙනවා.)

      Delete
  18. මහත්මයාණනි.

    මෙහිදී කියවෙන බොහොමයක් කරුණු හුදෙක් තාර්කික කරුණු දැක්වීමක් විනා සත්‍යය ඉස්මතු වන ආකාරයට ගොඩ නැගු සාරවත් ලිපියක් නොවේ. නමුත් ඔබ බස හැසරවීමේ දක්ෂයෙක්.... ඒ නිසා කිසියම් කරුණක් හෝ සිද්ධියක් තමන්ට ගැලපෙන විදියට තාර්කිකව ගොඩනැගීමක් කරලා තියෙනවා.

    විශේෂයෙන් ගුරුවරුන් හා දරුවන් අතර පවත්නා සබඳතාවයන් බිද වැටීම සඳහා ඔබ පෙන්වා දෙන්නා වූ කරුණු අතිශයින් ලාමක බොළඳ තර්කයකි. ඊට වඩා සංකීර්ණ වූ හේතුසාධක පෙළගැස්මක් මෙම බිඳවැටීම තුළ පවතී. එය හුදෙක් ගුරුවරයාම හො විදුහල්පතිවරයාම පමණක් මත සිදු වූ ක්‍රියාවලියක් ලෙස ලඝු කිරීමෙන් මෙම බිඳවැටීම තවදුරටත් ව්‍යාප්ත කිරීමට හේතු කාරණයක් විනා එයින් වෙන කිසිදෙයක් සිදු වන්නේ නැ.

    පහත දැක්වෙන උපුටා ගැනීම බලන්න.....

    //බලහත්කාරයෙන් ආගම් ඇදහීමට යොමු කිරීම, දරුවන් ලවා නිරතුරුව පාද නමස්කාර කර ගැනීම, දරුවන් දරුණු ලෙස ශාරීරික හා මානසික වධ බන්ධනයන්ට ලක් කිරීම වැනි කෘෘර ක්‍රියාවල මොවුහු නිරතුරුව නියැලෙති.//

    මේක මීට දශක කිපයකට පෙර පැවතියා වූ තත්ත්වයක් විනා වර්තාමනයේ දක්නට ලැබෙන පොදු තත්ත්වයක් නොවේ. අද එවැනි තත්ත්වයක්, සිද්ධියක් ඇති වුවහොත් ඒ සඳහා ගත හැකි පිළියම් ඕනි තරම්......

    //එපමණක් නොව, නිසි ලෙස ඉගැන්වීමේ කාර්යය නො කිරීමෙන් ඔවුහු මහජන මුදල් නාස්ති කරති. වැරදි දේ ඉගැන්වීමෙන් පවත්නා අධානග්‍රාහිත්වය ආරක්ෂා කරති. ළමයින්ගේ නිර්මානශීලිත්වය මොට කර දමමින් අනාගත විභවයන් විනාශ කරති. සමස්තයක් ලෙස ධනවාදයට සේවය කරති. //

    නිසිලෙස ඉගැන්වීම් නොකරන ගුරුවරුන්, වැරදි දේ ඉගැන්වීම ආදී තවත් දාහක් දේ අධික්ෂණය කිරීමට ගෙන අති විධිමත් ක්‍රියාමාර්ග බොහොයි. කාලප කාර්යාල පළාත් කාර්යාල ඒ සඳහා නිළදාරින් මෙන්ම ප්‍රවාහනයට යාන වාහන මෙන්ම අතිරේක ගෙවීම්ද ඔවුන් වෙනුවෙන් වෙන් කෙරේ........

    ඒ වගේම ‘ළමයින්ගේ නිර්මානශීලිත්වය මොට කර දමමින් අනාගත විභවයන් විනාශ කරති.‘ ජාතික මට්ටමින් සකස් කළ විෂය නිර්දේශක් පුළුල් සහ විශාල නිලධාරී මණ්ඩල නිරන්තර අධික්ෂයක් යටතේ සිදු කරන ගුරුවරයා විෂය නිර්දේශ ඇති දේ උගන්වයි. නැතිව ගුරුවරයාට අවශ්‍ය දේ ඉගැන්වීමක් කළ නොහැකියි.

    මම ඉහත කරුණු ඉස්මතු කලේ ගුරුවරයා වැරදි කරන්නේ නම් පැරකුම් මහතා කියන ලෙස ‘ලංකාවේ ගුරුවරුන් සමාජයට කරන හානිය පූජකයන් හා මාධ්‍ය විසින් කරන හානියටත් වඩා භයානක ය.‘ යන ප්‍රකාශයේ ගුරුවරයාට කල හැක්කක් නොමැති බව පෙන්නා දීමටයි.

    අධ්‍යාපන පරිපාලනය, පාසල් මාධයය මෙන්ම සමාජයද ගුරුවරයා විනාශ කර දමා ඇත. ගුරුවරයාද ඒ මත විනාශය භුක්තිවිදිමින් සිටී.

    පැරකුම් මහතා මෙන්ම සමහර ගුරුවරුන් හා නිළධාරීන් මෙන්ම ටියුෂන් ව්‍යාපාරය විසින් ගුරුවරයා විනාශ කරමින් සිටී. මේ අයගේ අරමුණු වෙනස් විය හැකියි. නමුත් සිදු වන්නේ එයයි.......

    පැරකුම් මහතාගේ ශක්තිය දක්ෂතාව දැනුම මෙවැනි අර්බුදයක් මීට වඩා සියුම්ව විශ්ලෙෂනාත්මකව ඉදිරිපත් කිරීමට යොදා ගත්තේ නම් එය අප කාටත් පලදායි වනු ඇති.



    ReplyDelete
    Replies
    1. මූලිකව මම බ්ලොග්කරුවෙක් මි. මා ලියන්නේ බ්ලොග් ය. මා මතු කරන කරුණු පිළිබද පර්යේෂණ පත්‍රිකා සකස් කිරීමට කැමති කෙනෙකුට පර්යේෂණ කර එසේ කළ හැකි ය. සහභාගිත්ව නිරීක්ෂණය ද එක් පර්යේෂණ ක්‍ර‍මයකි. මා මෙම කරුණු කියන්නේ වසර 22ක් පුරා පාසල් ගුරුවරයකු ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් 15ක පමණ වැඩ කර ලබා ගත් දැනුමෙනි.

      බලහත්කාරයෙන් ආගම් ඇදහීමට යොමු කිරීම, දරුවන් ලවා නිරතුරුව පාද නමස්කාර කර ගැනීම, දරුවන් දරුණු ලෙස ශාරීරික හා මානසික වධ බන්ධනයන්ට ලක් කිරීම වැනි කෘෘර ක්‍රියා පිළිබද මගේ අදහස ගැන ඔබ කරන මෙම ප්‍ර‍කාශය ඔබේ නො දැනුමේ තරම පෙන්වා දෙයි. මේ වෙනුවෙන් සමීක්ෂණයක් කරන එක ඉතා පහසු ය. පාසල් සිසුන් පිරිසකගෙන් මෙම වැදිල්ල ගැන කරුණු විමසා බලන්න. බලහත්කාරයෙන් තමන් ලවා නො වන්දවන බව ද, ඔවුන් වදින්නේ කැමැත්තෙන් බව ද ළමුන් කියනු ඇත. එහි ඇති බලහත්කාරය වටහා ගත හැක්කේ වෙනත් විධි ක්‍ර‍මවලිනි.

      //මේක මීට දශක කිපයකට පෙර පැවතියා වූ තත්ත්වයක් විනා වර්තාමනයේ දක්නට ලැබෙන පොදු තත්ත්වයක් නොවේ. අද එවැනි තත්ත්වයක්, සිද්ධියක් ඇති වුවහොත් ඒ සඳහා ගත හැකි පිළියම් ඕනි තරම්...... //

      පහත දැක්වෙන්නේ ඔබේ නො දැනුම ප්‍රකාශ කරන තවත් ප්‍ර‍කාශයකි.

      //නිසිලෙස ඉගැන්වීම් නොකරන ගුරුවරුන්, වැරදි දේ ඉගැන්වීම ආදී තවත් දාහක් දේ අධික්ෂණය කිරීමට ගෙන අති විධිමත් ක්‍රියාමාර්ග බොහොයි. කාලප කාර්යාල පළාත් කාර්යාල ඒ සඳහා නිළදාරින් මෙන්ම ප්‍රවාහනයට යාන වාහන මෙන්ම අතිරේක ගෙවීම්ද ඔවුන් වෙනුවෙන් වෙන් කෙරේ........//

      මෙම ලිපියෙහි මම කරුණු දෙකක් මතු කර දක්වමි. එක පැත්තකින් අධ්‍යාපන අර්බුදයක් ඇති අතර අනෙක් පැත්තෙන් දේශපාලන අර්බුදයක් ද ඇත. මේ පිළිබද මම දිගින් දිගටම ලියමි. දිගටම බ්ලොගය සමග රැදෙන්න.

      ස්තුතියි.

      Delete
    2. මමත් මේ වන විට පාසල් ගුරුවරයෙක් විදියට වසර 21 සේවය කරනවා.... තවත් කාලයක් මේ කේෂත්‍ර යේ යෙදෙන්නත් තියෙනවා...... විවිධ වර්ගයේ පාසල් 10ක පමණ සේවය කරලා තියෙනවා...... දැනටත් සේවය කරමිනුත් ඉන්නවා......... මම කතා කරන්නෙත් ඒ දැනුමෙන්.... ලියන ඕනි ලියව්ල්ලක් කාටත් වැදගත් වන්නේ එහි පවත්නා යථාර්තවාදී බව නිසා... කැලෑ පත්තර වලින් කිසි වැඩක් වැඩක් නැ.... ඒවා ඔිනි තරම් තියෙනවා.... ඔනි කෙනෙකුට තමන්ට හිතෙන දෙයක් කියන්න පුළුවන්.

      //මෙම ලිපියෙහි මම කරුණු දෙකක් මතු කර දක්වමි. එක පැත්තකින් අධ්‍යාපන අර්බුදයක් ඇති අතර අනෙක් පැත්තෙන් දේශපාලන අර්බුදයක් ද ඇත. මේ පිළිබද මම දිගින් දිගටම ලියමි. දිගටම බ්ලොගය සමග රැදෙන්න.// කතාවට සම්පූර්ණයෙන් එකගයි. ඒ පිළිබදව කතා කිරීම කළ යුතුයි.

      නමස්කාරය පිළිබදව ඔබ මතුකරන කාරණයන් නැතිනම් ඔබ කියන මේ කරුණු දෙක,
      1. // බලහත්කාරයෙන් ආගම් ඇදහීමට යොමු කිරීම, දරුවන් ලවා නිරතුරුව පාද නමස්කාර කර ගැනීම, දරුවන් දරුණු ලෙස ශාරීරික හා මානසික වධ බන්ධනයන්ට ලක් කිරීම වැනි කෘෘර ක්‍රියා පිළිබද මගේ අදහස ගැන ඔබ කරන මෙම ප්‍ර‍කාශය ඔබේ නො දැනුමේ තරම පෙන්වා දෙයි. මේ වෙනුවෙන් සමීක්ෂණයක් කරන එක ඉතා පහසු ය. පාසල් සිසුන් පිරිසකගෙන් මෙම වැදිල්ල ගැන කරුණු විමසා බලන්න. බලහත්කාරයෙන් තමන් ලවා නො වන්දවන බව ද, ඔවුන් වදින්නේ කැමැත්තෙන් බව ද ළමුන් කියනු ඇත. එහි ඇති බලහත්කාරය වටහා ගත හැක්කේ වෙනත් විධි ක්‍ර‍මවලිනි.

      2. //පහත දැක්වෙන්නේ ඔබේ නො දැනුම ප්‍රකාශ කරන තවත් ප්‍ර‍කාශයකි.//

      තුළින් ඔබ කියන කරුණ සම්පූර්ණයෙන්ම මුසාවකි. එය සමාජයට ලබා දෙන වැරදි පණිඩිවයකි.

      මම මතු කරන කරුණ තමයි........ පාසල් පද්ධතිය ගුරුවරයා යනු සසුවාට ඉහළින් ඇති පුරුකයි. තැලීමට හා ගැරහීමට හැකි ස්ථරයයි. නමුත් පාසල් පද්ධතියේ පෙළපොත්, විෂය නිර්දේශ, ඉගැන්විය යුතු ආකාරය, භාවිත කල යුතු උපක්‍රම තීරණය කරනුයේ වෙනත් අයවලුන් වන අතර ගුරුවරයාට ඇත්තේ ඒවා කොතරම් ආසාර්ථක නොගැලපෙන ක්‍රමවේද වුවද ක්‍රියාත්මක කිරීම පමණයි. එසේ නොකිරීම අධික්ෂණ ක්‍රියාවලිය තුලින් ගුරුවරයා විවිධ මට්ටමේ අපහසුතාවයන්ට ලක් කිරීමට සිදු කෙරේ.

      ඔබගේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වුනේ මෙම සියලු වැරදි බොහෝම පහසුවෙන් ගුරුවරයා මත ඒකරාශි කරන්න නේද......

      පර්යේෂණ කිරීම කෙසේ වෙතත් ලියන දේ වඩාත් යථාර්තවාදී වීම අපි කාටත් එකට එකතු වී කතා කරන්න පරිසරයක් ගොඩනගාවි..........

      කොහොම උනත් ඔබ අවසානයට කියන //මෙම ලිපියෙහි මම කරුණු දෙකක් මතු කර දක්වමි. එක පැත්තකින් අධ්‍යාපන අර්බුදයක් ඇති අතර අනෙක් පැත්තෙන් දේශපාලන අර්බුදයක් ද ඇත. මේ පිළිබද මම දිගින් දිගටම ලියමි.// තැනින් මේ මෘතාකාව කතා කරන්න. එවිට මේ අර්බුදය ඇතුලේ ගරුවරයා කියන කාරණය සහ ඔබ මතුකරන ගැටළු කෙතරම් සුළු කාරණාද කියලා පෙනේවි.

      Delete
    3. //මමත් මේ වන විට පාසල් ගුරුවරයෙක් විදියට වසර 21 සේවය කරනවා.//

      ඒක බොරුවක් ඔබ සේවයක් නොවෙයි කරන්නේ.

      බොරු නොකිය, ඔබත් මේ වන විට පාසල් ගුරුවරයෙක් විදියට වසර 21 බඩ වියත රැකගැනීමට රස්සාව කරනවා කියල කියන්න.

      ඔබ රැකියාව සහ සේවය අතර වෙනස් දන්නවා නම් ඉහත කියපුව ඔබ අතින් ලියවෙන්නේ නැහැ.

      Delete
    4. //ඔබ රැකියාව සහ සේවය අතර වෙනස් දන්නවා නම් ඉහත කියපුව ඔබ අතින් ලියවෙන්නේ නැහැ.//

      එහෙම ඒකෙක්ව මෙතරම් කාලයක් වෘතියේ තියාගෙන ඉන්න එක ගැටළුවක් නෙවේද...

      Delete
  19. කදිම ලියවිල්ලකි. අපූරු විමසුම් ඇසකි! - ස්තුතියි පැරා!!!

    ReplyDelete
  20. ගරු සරු හොඳටම වැඩි රටක්

    ReplyDelete
  21. හැම එකාටම නොවදින වැදුම් වැදලා රජයේ සේවයට රිංගපු එකා හිතාගෙන ඉන්නේ ඌ විතර මහා ලොක්කෙක් නැහැ කියල. ඒ වුනාට ඔය එවුන්ට කොරන රජයේ රස්සාව නැතිවුනොත් වෙන කොරන්න පුළුවන් රස්සාවකුත් නෑ බඩේ බතුත් නෑ!! අන්තිමේ ලොකු කම අරගෙන ජෙප්පොන්ගේ බහට රැවටිලා 80 තමුන්ගේ තරම නොදැන වර්ජනේ කොරපු සමහර සොක්කෝ පුක බිම ඇනිලා සල්ලාලයෝන්ට බිරිදත් විකිණුවා. තවත් එක එකාගේ වුවමනා කම් වලට රැවටිලා ඒවාගේ දේවල් මිනිහෙකුට/ගෑනියෙකුට නොවෙන්නයි මේවා මතක් කලයුතු වෙන්නේ!! කට්ටියක් ආයේ ඒ ටික කරගන්න යන බව පේනවා. 80 කට්ටිය වගේ අවුරුදු 30 විතර බඩගින්නේ ඉන්න ලේස්ති නැතිනම් එක එකාගේ බහට නොරැවටී ඉන්නවා හොදයි.

    ReplyDelete
  22. හුත්තිගෙ පුතෝ බොරු සමාජවාදයට ගිහින් දැන් යූඑන්පී ධනවාදී ගූ කන්නේ තෝ නේද? ඇයි තොට මතක නැති උනාද පකෝ.

    ReplyDelete
    Replies
    1. කඩ්ඩ හොර ඈයෝ දෙකක් දාගත්තාම හෝ ගාලා කඩ්ඩෙන් වන්නනේ යම් සේද... තම නමෙන් එන කල ඉතාම විනීතව කොමෙන්ට් කොටනා උදවිය ඇනෝ ආ කල අමු කුනුහබ්බෙන් ම දෙසන්නේ යැ!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා