අලුත් අවුරුද්දට කපුටු කූඩු දෙකකින් සොරා ගත් බිත්තර දෙකක් ඔබට

W3Lanka cartoon 
පළමු බිත්තරය: දැන් වැඩිය බ්ලොග් නො ලියන බ්ලොග්කාරියක වන සොඳුරු සිතෙනි

හිතුවෙවත් නැති විදිහට ඒ කියන්නේ අහඹූ විදිහට මට ඇයව හමු වුනා.
“ දෙයියනේ දැක්ක කල් , කොහෙද කෙල්ලේ උඹ අතුරුදන් වෙලා හිටියේ “
“ මේ දවස් ටිකේම පපර බෑන්ඩ් එහෙක වැඩ කළා. ඊට පස්සේ කොමර්ශල් දෙක තුනක් හම්බුනා ඒවට ගියා “
“ මොනවා . යකෝ මං හිතුවේ නෑ උඹ පපරෙ වලට සල්ලි වලට තියා නිකම්වත් පිඹීවි කියලා “
“ මොනා කරන්නද , අපිත් කොහොම හරි ජීවත් වෙන්න එපැයි“
“ ඉතින් ඉතින් කොමර්ශල් කරානම් පපර පිම්ඹනම් දැන් සල්ලි ඇති නේ “
“ සල්ලි නම් තියනවා.ඒත් මගෙ රාජකාරිය කරන්න මට බැරිව ගියා. “ හැබෑම කණගාටුවකින් ඌ කීවා.
“ උඹ නැතිවට පාළුවක් නෑ.... හැම තැනම උඹෙ කොමර්ශල් වලින් උඹ නැති අඩුව පිරුණා.ඒත් මට දුක හිතුනේ ගෙඩි පිරිච්චි අහු ගහේ උඹව දකින්න නැති උනාමයි. කපුටත් උඹ ගැන මතක් කරා. මේ සැරේ උගෙ කූඩුවට බිජු දාන්න උඹ ආවේ නැතෙයි කියලා. බොරුවට කෑගැහුව්වට ඌත් හිත හොඳ එකා... එහෙනම් උඹට සුබ අලුත් අවුරුද්දක් කොහෝ “ උගේ වෙහෙසකර ලිහාට්ටකට ලෙංගතු තට්ටුවක් දාලා මම ඌට සමු දුන්නා...

දෙවෙනි බිත්තරය අජිත් කුමාරසිරිගෙනි. අහන්නට නොව රස විඳින්නට ය. 


sinhala awrudu dawase- සිංහල අවරුදු දවසේ- Ajith Kumarasiri from jagath marasinghe on Vimeo.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නැවත හමුවෙමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. අලුත් අවුරුද්දට අවශ්‍ය බඩු මුට්ටුද රැගෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙන් ගම් රටවල් බලා පිටත්ව යන ජනතාව රැගෙන යන බස් රථ රියදුරුන්ට බුදු බව පාර්ථනා කරමු.

      Delete
    2. කොන්දොස්තර සැරියුත්ද මුගලන්ද?

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. අජිත් පැරකුම් ජයසිංහ මහතාට සහ එම පවුලේ සියලු දෙනාට අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා.

    ReplyDelete
  4. සුබ අළුත් අවුරුද්දක් වේවා....! (සමරනවා නම්)

    ReplyDelete
  5. Feliz año nuevo.....!!!
    අපි නම් නිවාඩු මු.
    ලියන්න වෙලා නැත්තෙමු.

    ReplyDelete
  6. සුබ අළුත් අවුරුද්දක් වේවා....! (සමරනවා නම්)
    බොනවා නම් Drink Responsibly!

    ReplyDelete
  7. අපිට කන්න දෙනව නම් ...
    අපිට බොන්න දෙනව නම්...

    ඇන් ඇම් ලගෙ කාලෙ පැරනි "වාමාන්ශිකයොත්" කොහේ හරි "සහෝදරයෙක්ගේ" ගෙදෙරකට ගිහිල්ල සෙට්වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් බිබී සමාජවාදය වමාරලා ඊට පස්සෙ රෑටත් බෙල්ල ලඟටම කාලා බීල වෙරි වෙලා පහුවෙනිදා දවල් වෙනකම්ම මලපෙරේතයො වගෙ නිදියනවලු නැගිටගන්න බැරුව...

    ඔහොම තමයි ලංකාවෙ විප්ලොව කොරල තියෙන්නෙ ඒ කාලෙත්...

    දැන් කෑවා බීවා ඇතිනේ.... ආයි පටන් ගමු ලබ්බෙ තොවිලෙ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා