HIV / AIDSවලින් ජීවත් වන කොළඹ පොෂ් එන්ජීඕ තමන් පැළඳගෙන සිටින සමාජ කොන්ඩම් ගලවා දමා ගමට යා යුතු ය

අසරණ දරුවකුට එරෙහිව මාර්ග සංඥා පුවරුවල මේවා සටහන් කළ දෙමව්පියන් ය කියන ම්ලේච්ඡයන්ගෙන් මෙම දරුවා හා ඔහුගේ මව ආරක්ෂා කර ගත යුතු ය.
HIV / AIDS පිළිබඳ දැනුවත් කිරීම, HIV ආසාදිතයන්ට උපකාර කිරීම ආදිය ශ්‍රී ලංකාවේ ඇතැම් කොළඹ කේන්ද්‍රීය රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධානවල ප්‍රධාන ව්‍යාපෘතියයි. ඒවායින් ජීවනෝපාය සරි කර ගන්නා විශාල පිරිසක් වෙති. 

අඩුපාඩු ඇතත්, රාජ්‍ය ආයතන HIV / AIDS සම්බන්ධයෙන් දැවැන්ත මැදිහත් වීමක් කර තිබේ. UNAIDS වැනි ජාත්‍යන්තර සංවිධාන ඒ වෙනුවෙන් හොඳින් දායක වනු පෙනේ.

එහෙත්, රාජ්‍ය නොවන සංවිධාන කරන්නේ කුමක් ද? මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක අය පොෂ් යයි කියන කොළඹ සෝබනකාරයෝ හා සෝබනකාරියෝ ය. කොළඹ අය කතා කරන, ඔවුන් විසින් ම පොෂ් යයි විග්‍රහ කරගෙන ඇති ඉංග්‍රීසි උච්චාරණය ඔවුන්ගේ ප්‍රධාන මෙවලමයි. මෙම සමාජය තමන් වටා භාෂාවෙන් තාප්පයක් ඉදි කරගෙන සිටින ආකාරයක් ද දක්නට ලැබේ. ඔවුන්ගේ මාධ්‍ය, වැඩසටහන් ආදිය සීමිත පිරිසකට වෙන් කරගෙන තිබෙන අතර වෙනත් අය ඒවාට ඇතුළු වීම සැලසුම් සහගතව වළක්වනු ලැබේ. තමන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් සීමිත වින්දිතයන් පිරිසක් සංදර්ශනාත්මකව පුන පුනා පාවිච්චි කරන ආකාරය ද දැකිය හැකි ය.

තමන් විසින් සාදා ගන්නා ලද කෘත්‍රිම ලෝකවල ජීවත් වන HIV / AIDSවලින් ජීවනෝපාය සරි කර ගන්නා රාජ්‍ය නො වන සංවිධාන තමන් පරිහරණය කළ මුදලින් ඇත්තෙන් ම යමක් කර තිබේ ද යන්න සිතා බලන්නැයි කුලියාපිටියේ පාසලක පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ලද අර අහිංසක දරුවා නිහඬව ප්‍රශ්න කරයි. ලංකාවේ ජනතාව HIV / AIDS පිළිබඳ දැනුවත් කරන්නට ලබා ගත් ජාත්‍යන්තර ආධාරවලින් තම දරු පවුල් පෝෂණය කළ අය බලන්න, මේ දරුවාගේ ජීවිතය අනතුරේ ය. 

මේ අහිංසක දරුවා කර ඇති වරද කුමක් ද? ඔහු මේ සියලු කරදරවලට මුහුණ දෙන්නේ ඔහුගේ පියා මිය ගියේ HIV / AIDSවලින් යයි කටකතාවක් පැතිර යාම නිසා ය. 

ඒ කතාව ඇත්ත යයි අපි මොහොතකට සිතමු. ඒත්, එම මව්පියන්ගේ හෝ මේ දරුවාගේ හෝ වරද කුමක් ද? රෝගියකු වීම නිසා දරුවකුගේ මූලික හිමිකම් අහිමි කරන්නට කාටවත් අයිතියක් තිබේ ද?

මෙම දරුවා HIV ආසාදිතයකු නො වන බව වෛද්‍ය වාර්තාවලින් පැහැදිලි බව මව කියයි. එහෙත්, කුලියාපිටියේ අධ්‍යාපන බලධාරියෝ දරුවාට පාසලක් ලබා දීම දිගින් දිගට ම මගහැරිය හ. HIV ආසාදිතයකු සම්බන්ධයෙන්වත් එසේ කරන්නට ඔවුන්ට හිමිකමක් නැත. ඔවුන්ට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු ය. 

මේ පිළිබඳව ලොව පුරා ප්‍රචාරය වන විට අන්තිමේදී පාසලක් ලබා දෙන ලදී. එහෙත්, ඒ පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරු, මව්පියෝ, ආදි ශිෂ්‍යයෝ පමණක් නොව අධ්‍යාපන බලධාරීහු ද දැන් එකට එක්ව එම දරුවා පාසලෙන් පළවා හරින්නට උත්සාහ කරති. 

දෙමව්පියෝ සෙසු දරුවන් 180කට වැඩි පිරිසක් පාසල් නො එවමින් වර්ජනය කරති. දරුවකුට වෛර කරන මේ ම්ලේච්ඡයෝ මේ දරුවා මරා දමන්නට ඉඩ තිබේ. විදුහල්පතිවරයා එම පාසලේ 1 ශ්‍රේණිය වසා දමා ඇත. අධ්‍යාපන බලධාරියෝ හා HIV / AIDS ජීවනෝපාය කර ගත් අය මුනිවත රකිති. නැතිනම් තව මුදල් සොයා ගන්නට ව්‍යාපෘති වාර්තා ලියති. 

මෙතෙක් කරන ලද ව්‍යාපෘති කෙතරම් අසාර්ථක ද යත්, කුලියාපිටියේ ජනතාව HIV හා AIDS අතර වෙනස හඳුනන්නේ නැත. HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසයයි. AIDS යනු එම වයිරසය හේතුවෙන් ප්‍රතිශක්තිය නැති වී යාමෙන් ඇති වන සංකුලතාවයි. 

මේ වන විට HIV ආසාදිතයන්ට සිය ජීවිතය වසර 50ක් පමණ දිගු කර ගැනීමට හැකි බව එක්සත් ජාතීන්ගේ HIV / AIDS වැඩසටහනේ දේශීය නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග පෙන්වා දෙයි. ඔවුන්ට ලබා දෙන ඖෂධවල අතුරු ආබාධ අඩු වන පරිදි සංවර්ධනය කර තිබේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇති අය ජීවත් වන පරිද්දෙන් ම වෛද්‍ය සත්කාර හා ඖෂධ ලබා ගනිමින් ජීවිතය දිගු කර ගන්නට ඔවුන්ට හැකියාව තිබේ. 

අනෙක HIV පැතිරෙන්නේ වයිරසයෙන් ආසාදිත අය සමග ලිංගිකව එක් වීමෙන්, බීජානුහරණය නො කරන ලද එන්නත් කටු ආදිය භාවිතා කිරීම, රුධිර පාරවිලයනය හා ආසාදිත මවකගේ මව්කිරි පානය කිරීම යන ක්‍රම හතරෙන් පමණක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. 

එසේ නොමැතිව, වාතයෙන්, ස්පර්ශයෙන්, කෙළ මගින්, එකට ජීවත් වීමෙන් හෝ මේ දිනවල ගොසිප් වෙබ් අඩවිකාරයන් ප්‍රචාරය කරන ආකාරයට කෙසෙල්ගෙඩිවලින් HIV බෝ වන්නේ නැත. 

ලංකාව සැලකෙන්නේ HIV / AIDS ව්‍යාප්තිය ජනගහණයෙන් 1%කට අඩු මට්ටමක ඇති අඩු පැතිරීමක් සහිත රටක් ලෙසයි. එහෙත්, HIV / AIDS පිළිබඳ සමාජය තුළ තිබෙන්නේ කුලියාපිටි මට්ටමේ දැනුමක් නම් ඇත්තෙන් ම ලංකාව සුරක්ෂිත රටක් නො වේ. 

ලංකාවේ මිනිසුන් HIV / AIDSවලින් ආරක්ෂා වන්නේ භීතිය නිසා මිස අධ්‍යාපනය නිසා නො වේ නම් එය අතිශය භයානක තත්වයකි. මන්ද, ලිංගිකත්වය යනු එක්තරා අවස්ථාවකදී තාර්කිකත්වයේ සීමා ඉක්මවා යන දෙයකි. ඒ වෙලාවට මිනිස්සු සංස්කෘතියට පමණක් නොව නීතියට පවා ඇති බිය අතහැර දමා සංසර්ගයේ යෙදෙති.   

ආරක්ෂිත ලිංගික හැසිරීම් පිළිබඳ මිනිසුන් උගත යුතු ය. සරළව කීවොත්, තමන් කොන්ඩොමයක් පැළඳ ගත යුතු ය. සහකරුවාට කොන්ඩොමයක් පැළඳ ගන්නට බල කළ යුතු ය.  

HIV / AIDSවලින් ජීවත් වන කොළඹ පොෂ් එන්ජීඕ තමන් පැළඳගෙන සිටින සමාජ කොන්ඩම් ගලවා දමා ගමට යා යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,
    HIV කියන්නේ බටහිර මේ ශතවර්ෂයේදී නිපදවූ විශාලම වන්චාවයි.
    මේ පිළිබද මම ලිපි කීපයක් සාක්කි සමග ඉදිරිපත් කළා.
    ඔබට සරලව කිව්වොත් කෙනෙකුට HIV ආසාදනය වී ඇත්තදැයි පරික්ෂා කරන්නේ අදාළ වියිරසය රුදිරයේ ඇද්දැයි පරික්ෂා කර නෙමෙයි.
    මේ පිළිබද ඔබට හැකිනම් පහත වාර්තා වැඩසටහන් බලන්න, මෙයට දායක වී ඇත්තේ HIV පිළිබද පර්යේෂණවලට දායක වූ විද්යත්නයන්
    http://lankasithuwili.blogspot.com/2015/12/hiv-aids.html
    http://lankasithuwili.blogspot.com/2015/12/aids.html

    ReplyDelete
    Replies
    1. ඒකනේ, මම අහල තියන විදියට වයිරස් එක හැදුවේ ඇමරිකන් කාරයෝ මිලිටරි ලැබ් වල, බෙදුවේ ප්‍ර‍ංශකාරයෝ පොලියෝ එන්නතට මුසු කරලා, පුංචිකාලේ පොලියෝ එන්නත අරන් තියේ නම් චෙක්කර ගන්න එක කෝකටත් හොඳයි.

      Delete
    2. අනේ ගොන්බිජ්ජො උබ තාමත් අර HIV හැදුවේ බටහිරයි කියන සෝවියට් මෝඩ කතාව විෂ්වාස කරනවද? උබල වගේ මෝඩ බටහිර විරෝදයක් මිනිස්සුන්ගෙ ඔලුවට දාපු සමාජවාදී කියාගත්ත කාලකන්නි හරක් පැටව් නිසා තමා ලංකාව තාමත් මෙතැන
      උබ කියන ලබ්බෙ 'ශාක්ෂි' ඔච්චර බලවත් නම් පලයාන් ඕව අරන් නොබෙල් කමිටුවට.. උබට නොබෙල් තෑග්ග දෙයි

      Delete
    3. තමන්ගේ අන්නන්ය තාවය හෙළිකිරීමට කොන්ද පන නැති ඇනෝ,
      https://www.youtube.com/watch?v=uPYFjDSG0JU
      ටිකක් ඔය තියන ඒවා බලල කොමෙන්ටුවක් කොටපන්, ඔය අදහස් දක්වන්නේ නොබෙල් තෑග්ග ගත්ත කෙනක් තමයි.
      උබල වගේ හරක් මේ රටේ උපදිනවනේ.

      Delete
    4. අනේ හුකේ.. ඔය වගේ බටහිර විරෝදයෙන් ඔලු හෝදගත්ත උගත්-මෝඩයො ගොන්බිජ්ජො කියන කතා ඔනෑතරම් තියෙනව.. අර 'නෝම් චොම්ස්කි' කියන සමාජවාදීන්ගෙ ලේ හෝදන්න හදන කුහක බටහිර විරෝදී හාදයත් උපාධි බර ගානක් තියෙන කෙනෙක්නෙ.... උපාහ්දි තිබිච්ච පලියට උබල වගේ "බටහිර විරෝදයක්" ඔලුවෙගහගත්ත මෝඩයින්ට නම් මේව හොදයි...

      උබ මට අනන්‍යතාවයෙන් එන්න කියන්න කලින් උබ ඇත්ත නමින් වරෙන්කො...

      Delete
    5. //ඔය වගේ බටහිර විරෝදයෙන් ඔලු හෝදගත්ත උගත්-මෝඩයො ගොන්බිජ්ජො කියන කතා ඔනෑතරම් තියෙනව.. අර 'නෝම් චොම්ස්කි' කියන සමාජවාදීන්ගෙ ලේ හෝදන්න හදන කුහක බටහිර විරෝදී හාදයත් උපාධි බර ගානක් තියෙන කෙනෙක්නෙ// මට මතකයි මේක Max උත් මෙහෙමම කියනවා

      //උපාහ්දි තිබිච්ච පලියට උබල වගේ "බටහිර විරෝදයක්" ඔලුවෙගහගත්ත මෝඩයින්ට නම් මේව හොදයි//
      උපාදි තිබු පලියට නොබෙල් තෑග්ග දෙන්නේ නෑ නේද ඇනෝ.

      Delete
    6. ලාංකික සිතුවිලි......, HIV කියන්නේ මේ ශතවර්ෂයේ නිපදවූ විශාල ම වංචාව නම්, උඹ කොන්ඩෝමයක් නැතිව HIV ශරීර ගත වුණු ගෑනියෙක් එක්ක හරි මිනිහෙක් එක්ක හරි දහ-දොළොස් වතාවක් වත් බුදිය ගැනීමේ අභියෝගය බාර ගන්නවා ද?

      Delete
    7. යමක් හොහල දුන්නම කෑලි අල්ලාගෙන කෑගහන හැටි,
      මේ තියෙන්නේ ඔයවගේ අබියෝගයක් මාද්ය ඉදිරියේ සිට පෙන්වපු
      https://www.youtube.com/watch?v=EDa6JE8Izpg
      අවස්තාවක්. මේ අබියෝගය කරන්නේ විද්යවරයෙකු (Dr Robert E. Willner MD PHD) තමන්ම කරන ආකාරයයි.
      ඉස්සල්ල කියල තියෙන්නේ මොනවද කියල බලනවල නිකන් දොඩවන්නේ නැතිව

      Delete
    8. ඇනෝ නෝනා/මහත්තයත් ලංකික සිතුවිලි නෝනා/මහත්තයත් දෙන්නම ඉමියුනුලොජි තව ටිකක් ඉගෙන ගත්තා නම් වටිනවා. ඒ වගේම, ඔය විල්නර් මහත්තයාගේ කතව වගේ දේවල් ඕනෙවට වැඩිය විශ්වාස කිරීමත් අනුවන කමක්. විද්‍යාත්මක පර්යේෂණ, විශේෂයෙන්ම ලිඛිත නොවන වාචික ප්‍රකාශන අනවශ්‍ය පමණට විශ්වාසය එතරම් සුදුසු නැහැ.

      ඒ වගේම ජීව විද්‍යාව ගැන විශේෂ උනන්දුවක් දක්වන ලංකික සිතුවිලි නෝනා/මහත්තයතයා ට මතක ඇති ගැන ජපානයේ රීකෙන් පර්යේෂකයන් නේචර් සගරාවේ STAP cells ගැන ප්‍රකාශයට පත් කල පර්යේෂණයේ අමිහිරි සිදුවීම. අයෙකු කියන දෙයක් බයිබලය මෙන් විශ්වාස කිරීම ගැන දෙවරක් සිතා බැලීම වටිනවා.

      Delete
    9. lankika sithuwili බයිබලය මෙන් විෂ්වාස කරන්නේ 'බටහිර විරෝදී' ලේබලය ගහගත්ත අය කියන ඒව විතරයි.. මොකද උගෙ ලෝකෙට අනුව බටහිර 'ඈයියා', බටහිර විරෝදී වම මාර සෙක්සි..

      Delete
    10. I Phone එකක් unlock කරගන්න බැරි ඇමරිකාව HIV හැදුව කියල විස්වාස කරන බයි සිතුවිල්ල ගැන කනගාටු වීම හැර කුමක් කරමුද?

      Delete
    11. AnonymousMarch 2, 2016 at 7:24 AM
      https://www.youtube.com/watch?v=zqjI-YiNliQ&feature=youtu.be මෙහි සදහන් වෙන්නේ එක්කෙනෙක් කියපු මනොමුලික කතාවක් නෙමෙයි HIVපර්යේෂණ සිදුකල මුල්ම විද්යත්යන් පිරිස විසින් පලකරන විස්තරයි
      HIV වයිරසය සොයාගත් Dr. Robert C. Gallo කරන ලද වංචාව අනාවරණය වීමෙන් ඔහුව ඉවත්කළ බව දන්නේ කියෙන් කි දෙනාද ?
      http://query.nytimes.com/gst/fullpage.html?res=9F0CEFDA103DF932A05751C1A964958260&pagewanted=all
      මේ තියෙන්නේ ලොව පිළිගත් The New York Times වල පවා වර්තා වූ පුවතක්.
      මේ ව නොදන්නේ ශ්‍රී ලංකාව වගේ රටවල ඉන්න බටහිරින් එන සෑම දෙයක්ම පිළිගන්න මෝඩ රැල විතරයි.

      Max,
      // 'බටහිර විරෝදී' ලේබලය ගහගත්ත අය කියන ඒව විතරයි.. මොකද උගෙ ලෝකෙට අනුව බටහිර 'ඈයියා', බටහිර විරෝදී වම මාර සෙක්සි..//
      ක්වවුද බ්ටහිර විරෝදී මමනම් මගේ ආදායමෙන් 95% ට වඩා උපයල තියෙන්නේ බටහිරින් තමයි.
      මම කිසිවිටකත් වාමාංශිකක් නෙමෙයි මම නිදහස් වෙළදාම පිලිබදව පුර්ණ විශ්වාසය තස්බන කෙනෙක්.
      එහෙම කියල බටහිර වෙන සියලු දේ මෝඩ ලෙස අනුමත කරන්නේ නෑ.
      අද වනවිට ඇමරිකාවේ Centers for Disease Control and Prevention මගින් කල විසාල වංචාව පිළිබව විමර්ශනය කරන ලෙස https://www.youtube.com/watch?v=qxr-cv-JuI8 ඉල්ලීම සිදුවී වසරකට ආසන්නයි මේ ගැන අදාළ පිරවර ගෙන වැරදි කරුවන් වුනොත් ඇමරිකානු රජයට ඩොලර් ට්‍රිලියන 5ට වැඩි වන්දි ගෙවීමට වෙනවා, මෙනිසා මේ සිද්ධිය යටපත්කරගෙන තබාගන්න සිදුවෙලා තියනවා.

      prabath's blog,
      // I Phone එකක් unlock කරගන්න බැරි ඇමරිකාව HIV හැදුව කියල විස්වාස කරන බයි සිතුවිල්ල ගැන කනගාටු වීම හැර කුමක් කරමුද?//
      හැබැයි ඔබ ඔවුන් HIVසොයාගත්තා බව පිලිගන්නවා

      Delete
    12. //අද වනවිට ඇමරිකාවේ Centers for Disease Control and Prevention මගින් කල විසාල වංචාව පිළිබව විමර්ශනය කරන ලෙස https://www.youtube.com/watch?v=qxr-cv-JuI8 ඉල්ලීම//

      මැටි පූසො කාටද ඉල්ලීම් කරන්න බැරි, ඇමරිකාව හැදුව කියන එක වම්මු පට්ට ගහපු, මෝඩයො තාම හිතාගෙන ඉන්න බයිලයක්... මම ඇමරිකාවෙ greencard එක තියෙන කෙනෙක්, ඒනිසා උබ වගේ ලංකාවෙ ඉදන් කෑගහන පිස්සෙකුට වඩා මම ඇමරිකාව ගැන දන්නව.. උබ වගේ ගොන් කතා ඔලුව උඩ තියාගෙන කෑගහන පිස්සො සුලුතරයක් ඇමරිකාවෙත් ඉන්නව, උන්ට තමා කියන්නෙ conspiracy theorists කියල.. අර 9/11 කලේ ඇමරිකාවෙන්ය, HIV හැදුවෙ USA කියන වගේ ගොන් කතා ප්‍රමෝට් කරන එක තමා උන්ගෙ විනෝදාංශය.. ඒව මිනිස්සු අහග හිනාවෙලා නිකන් ඉන්නව..

      මට නම් පේන්නෙ උබ ඇමරිකානු වීසා ගන්න බැරිවුන නිසා ඇමරිකාව ගැන ඇරියස් එකකින් ඉන්න එකෙක් වගේ.. ඔනෙ නම් මට පුලුවනි ඇමරිකාවට යන්න වීසා එකක් හදා ගන්න උදව් කරන්න

      Delete
    13. //මේ තියෙන්නේ ලොව පිළිගත් The New York Times වල පවා වර්තා වූ පුවතක්.මේ ව නොදන්නේ ශ්‍රී ලංකාව වගේ රටවල ඉන්න බටහිරින් එන සෑම දෙයක්ම පිළිගන්න මෝඩ රැල විතරයි.//

      "ලොව පිළිගත් නියෝර්ක් ටයිම්ස්" :D !! බටහිරෙන් නැතුව අමෙරිකාවෙන් එන නිසාද ඔයා NY Times පිළිගන්නේ ? විල්නර්, ගැලෝ වැනි ඔබ පෙන්වන මුලාශ්‍ර බොහොමයක් බටහිර සහ ඇමෙරිකානු ඒවා නේද ? කවුද එතකොට බටහිරින් එන සෑම දෙයක්ම පිළිගන්න මෝඩ රැල හෝ මෝඩය ?

      ඔබේ ප්‍රකාශයෙන්ම ඔබ දැක්ම ගැන ලොකු පරස්පරතාවයක් පෙන්වනවා.මේ http://www.apa.org/pi/aids/resources/research/journals.aspx සමහර ජර්නලයන් ඒඩ්ස් සම්බන්දව. මේවා ටිකක් කියවල බැලුවොත් නරකද ? විශේෂයෙන්ම http://journals.lww.com/aidsonline/pages/default.aspx. අනික මේවා ඇමෙරිකානු ජර්නලයන් නිසා ඔබ කැමති වේවි බටහිර යුරෝපීය ඒවාට වැඩිය. ඔබ තව immunology ටිකක් ඉගෙන ගත්තොත් වටිනා බව පමණයි ඔබට කියන්න තිබෙන්නේ. ඔබට ඊට එහා දෙයක් කියල පලක් නැති බව තමයි පේන්නේ.

      Delete
    14. Max,
      මොකද්ද මේ ඇනෝ දමමින් කරන විගඩම,
      // ට නම් පේන්නෙ උබ ඇමරිකානු වීසා ගන්න බැරිවුන නිසා ඇමරිකාව ගැන ඇරියස් එකකින් ඉන්න එකෙක් වගේ.. ඔනෙ නම් මට පුලුවනි ඇමරිකාවට යන්න වීසා එකක් හදා ගන්න උදව් කරන්න//
      තමුන් නේද රසිකට ඕස්ට්‍රේලියා යෑම ගැන කිව්වේ ශ්‍රී ලංකාවට සේවය නොකර ලංකාවේ මුදලින් ඉගනගන ලංකාවට සේවය නොකරපු බව.
      ඔබ වැනි හීන මානයෙන් පෙලෙන ලෙඩ්ඩු කරන්න ඕනේ බෙහෙත් ගන්න එක.
      ඔබ ඉදිරිපත් කකරන තොරතුරු අනුව
      https://news.google.com/newspapers?nid=1915&dat=19921230&id=MQ8hAAAAIBAJ&sjid=o3YFAAAAIBAJ&pg=1419,6483144&hl=en
      මේ වනවිට ඔහු වැරදිකරු වී අවසන් ඔබ වැනි ලංකාවේ සිටින ඇමරිකාවේ ග්‍රීන් card ලැබුනයි සිතා සිටින උදවියට මේ ව තේරුම් ගැනීමට අපහසුයි.

      Delete
    15. Lankika sithuwili ට තමන් අල්ලගෙන සිටින ඊනියා 'බටහිර විරෝදී' මතවලට වදිනකොට අමාරුයි වගේ.. මා රසිකට ඔහොම දෙයක් කී තැනක් පෙන්වන්න... මම නම් ඇමරිකාවේ කාලයක් ජීවත්වෙනවා... හැබැයි ඔබට ඇත්තේ අර 'මිදි කන්න බැරි නිසා තිත්ත' බටහිර විරෝදී ඇටිටියුඩ්ස් වගේ...
      (ඇනෝලා දමන කොමන්ට්ස් ගැන මම වග නොකියමි )

      Delete
    16. ලාංකික සිතුවිලි. ඇත්තටම ඇයි මේ මෝඩ මිනිස්සු ඇමෙරිකන් Conspiracy හිස් මුදුනින්ම පිලිගන්නේ? ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ?

      Delete
    17. AnonymousMarch 2, 2016 at 7:24 AM, AnonymousMarch 2, 2016 at 2:38 PM

      කොමෙන්ට්ස් දැම්මේ මම. මම බ්ලොග් ලියන්නෙක් නොවෙමි. මගේ විෂයට ආසන්න තැනකදී කොමෙන්ටුවක් දැමීමට කැමැත්තෙක් මි. එය ඔඅබට විගඩමක් වුවත් පැරකුම් ඔහුගේ බ්ලොගයේ ඇනෝ කොමෙන්ට දමන්නට ඉඩ දෙන්නේ ඔහු එහි ප්‍රයෝජනයක් දකින නිසා විය හැකියි.

      //මේ තියෙන්නේ ලොව පිළිගත් The New York Times වල පවා වර්තා වූ පුවතක්.
      මේ ව නොදන්නේ ශ්‍රී ලංකාව වගේ රටවල ඉන්න බටහිරින් එන සෑම දෙයක්ම පිළිගන්න මෝඩ රැල විතරයි.//

      නමුත් ඔබ ඔබේ මතය තහවුරු කිරීමට යොදාගන්නේත් බට හිර හෝ ඇමෙරිකානු සක්ෂිමයි. ඉතින් ඔබේ අදහස් වලටම අනුව මෝඩයා/මෝඩ රැල කවුද ?

      ඔබ ඔබේ මතය තහවුරු කිරීමට යොදාගෙන ඇත්තේ NY Times සහ කැලිෆෝනියාවේ සන් බ්රුනෝ කේන්ද්‍ර කරගත් YOu tube වෙබ් අඩවියයි. ඔබ අදහසෙහි ඇති විසදෘශභාවය එයින්ම පෙනෙනවා.

      ඔබ ජීව විද්‍යාව ගැන විශේඥයෙක් නම් ඔබට ගැන කරුණු දැනගෙනීමට වඩා සුදුසු ජර්නල කීපකුයි ඉහත දක්වා ඇත්තේ.

      සමාවෙන්න එය විගඩම් නම් ඔබට.
      මේ ගැන කතා කළා ඇති බව හිතන නිසා මේ ගැන මම දමන අවසාන කොමෙන්ටුවයි.

      Delete
    18. This comment has been removed by the author.

      Delete
    19. @ලාන්කික සිතුවිලි @අනෝ සහ @මැක්ස් කවුරු කොහොම කියුවත් ඔබ @ලාන්කික සිතුවිලි සමාජ වාදී වාමාංශික

      මනෝ ෆැන්ටසියක ජීවත් වන පුද්ගලයෙකි.


      ඔබට විසඳිය නොහැකි සහ ඔබගේ මනසට වටහාගත නොහැකි සියලුම ක්‍රියා සහ අවස්ථා ඔබ ඇමෙරිකාව පිට දමමින්

      මනස සැහැල්ලු කරගනියි
      . "ඒඩ්ස් හැදුවෙ ඇමෙරිකාව" "9/11 ප්‍රහාරය කලේ ඇමෙරිකානු බුද්ධි අංශ" "ඇමෙරිකාව හඳට

      ගියේ නෑ"
      වගේ දේවල් ඔබට තේරුම් ගත නොහැකි බැවින් එය ඇමෙරිකාව පිට දමමින් මනෝ ආතල් එකක්

      ගනියි
      . එය ඔබේ වැරැද්දක් නොවේ. ඔබ වැනි මිනිසුන් සිටියි. ඉස්සර මිනිස්සු සහ තවමත් "ගොඩේ" මිනිස්සු

      ඔවුනට වටහා ගත නොහැකි සිදුවීම් "ඒක දෙවියෝ කලේ" "ඒකනම් භූතයෙක්ගේ වැඩක්" "අම්මෝ බෑ එතන

      හොල්මන් තියෙනවා"
      වැනි දේ තමන්ගේ මනස විසින් නිර්මානය කර ගෙන එදිනෙදා කටයුතු එම පුද්ගලයන්ට සිදු කරගෙන

      යාමට පහසුව සලසයි.



      එය ඔබේ වැරද්දක් නොවේ. මිනිසුන් එතනින් නවතින්නේ නැත. මිනිසුන් එවැනි සිද්ධි සිදු වූ ස්ථාන

      සහ බලපෑම සිදුවු වස්තුවට වන්දනා මාන කිරීමටද පෙලඹේ. එම සිද්ධි සිදුවූ ස්ථාන තුල ඔවුන් එක එක දෑ

      කරති
      .

      උදා: බූදියට වැඳීම, පිලිම වලට පුද පූජා කිරීම, කල් සේදීම, කන්නලවු කිරිම, ආරාම හෝ පන්සල් හෝ වෙනත් ආගමික ස්ථාන බවට පත්

      කිරීම




      බලපෑම සිදු වූ වස්තුවටද එක එක දෑ කරති

      උදා: පෙරහැරේ වඩම්වාලීම, සුවඳ දුම්, මල් පැන්, දාන දීම වගේ ඒවා කරනවා.





      ඒ ඔක්කොම ප්‍රාථමික වැඩ නිකන් මෝඩ වැඩ




      අපි නැවතත් මුලටම එමු. ඔබට වටහා ගත නොහැකි වූ එච් අයි වී ඔබ විසින් ප්‍රාථමික ආකාරයට නිර්වචනය

      කරගත්තද බහුතරයක් මිනිසුන් එය පිලිගනේ නැත.
      මොකද ඒක හෝඩුවා රහිතය.




      වාමාංශික්යින් විසින් ඒවා මහා දේවල් ලෙස නිර්වචනය කර වීඩියෝ තනා, වෙබ් අඩවි තනා ඔබ වැනි මැටි

      පිලිම ගොඩ නගා ගනිති.





      එවිට ඔවුන්ගේ ඒකාධිපති වියරුව ඔබ වැනි මැටි පිලිම මගින් සිදු කරගත හැකි බැවිනි. ඔබ දන්නේ නැත. ඔබ

      ඇමෙරිකානු විරෝධියෙකු වීම මගින් බහුතරයක් වූ මැටි පිළිම ඔබව නියම දේශප්‍රේමියෙකු ලෙස සහ නියම

      දේශපාලකයෙකු බවට
      පිලිගන්න බැවිනි. නමුත් ඔබ නිකන්ම මැටි පිලිමයකි.





      ඔබගේ සිතුම පැතුම් වලට අනුව මට සිතෙන්නේ ඔබ චීනා හෝ රුසියානුවා කරන දේ ලෝකේ උතුම්ම දේවල් ලෙස ඔබ දකින බවය.

      රුසියානුවා සහ චීනා අලුතෙන් කුමක් හෝ අවියක් වාහනයක් සෑදූ විට ඔබ දකින්නේ සුපිරිම භාණ්ඩය ආයුධය ලෙසටය. ඉතින් ඔබ ඒ ගැන

      සතුටු වෙති. පොස්ට් දමති. පින්තූර එකතු කරති. යාලුවන්ටත් කියති. තවත් කාට හරි කියති. එමගින් ඔබ සතුටු වෙති. මොකද ඔවුන් මීට

      කලින් එවැනි දෙයක් සාදා නොමැති හෙයිනි. "ඇති යන්තන් දැන් චීනටත් එකක් තියෙනව්නේ" නමුත් ලෝක සත්‍ය නම් ඇමෙරිකානුවා

      දැනටමත් ඒ වගේ දහයක් සාදා අවසානය.


      එය ඔබට උපතින්ම බිහි වූ දෙයක් නොවේ. 70 දශකයේ වාමාංශිකයින් විසින් නිර්මාණය කරන ලද ඔබ වැනි මැටි පිළිම තවමත්

      සිටිති.
      ධනවාදියා තැන් තැන් වල ඕවා නොකියති. ඇත්තෙන්ම ධනවාදියාට එච් අයි වී තිබ්බාට ඔහූ ගණන්

      ගන්නේද නැත.
      හඳට මිනිස්සු ගියාට ඔහූට වැඩක් නැත. ධනවාදියා සලකන්නේ එච්.අයි.ව්ව් වලින් තමන්ට ලැබෙන ලාභය පමනි.

      එඊනම් බේතක් සොයා ගෙන එය අලෙවි කොට විකුණා ලාභ ලැබීමය. නමුත් වාමාංශිකයා බෙහෙත් ස්ඩොයන්නේ නැත. මොකඩ්ෆ්හ

      බෙහෙතක් සොයා ගත්තද නොගත්තද ඔහූට වැඩක් නොමැති වන බැවිනි. ඇත්තෙන්ම වාමාංශිකයා බෙහෙතක් සොයා ගන්නී නැත. ඔහූ

      මුලින්ම එච්.අයි. වී අධ්‍යනය කරයි. වටහා ගත නොහැකි නිසා ඔහූ මෙය ඇමෙරිකාවේ වැඩක්ය යයි පවසා මනසින් වින්දනය

      කරගනියි. හේතුවක් නැති අනෙකුත් වාමාංශික මැටි පිලිමද ඔහූව අනුගමනය කරති.

      අවසානයේදී වාමාංස්දිකයා එක තැන සිටීයි. ධනවාදියා ලෝකය ජය ගනියි. ඔවුන්

      වාමාංශිකයින් දකින්නේ "පව් ඒ මිනිස්සු" කියලාය. @මැක්ස් එය සනාත කරති. මටත්

      කියන්න තියෙන්නෙ "පව් මේ ලාංකික සිතුවිලි" කියාය.

      Delete
  2. කුඩා බාලචන්ද්‍රන් ඇතුලු දහස් ගනනක් දෙමල වැසියන් මරා කිරිබත් කෑ මිලේජ්‍යයින්ට මේ දරුවාත් මවත් මරාදැමීම එතරම් දෙයක් නොවේ...

    ReplyDelete
    Replies
    1. යෝෂිතගේ සිරගතවීමට වගකිවයුත්තේ මහින්දයි, එසේම බාලචන්ද්‍රන්ගේ මරනයට වගකිව යුත්තේ ප්‍රභාකරන්.

      ඒ අතින් චන්ද්‍රිකා නිවැරදි තීරනයක් ගත්තා ඇය තම දරුවන් තම දේශපාලනයට හවුල් කරගත්තේ නෑ.

      Delete
  3. මේ ගෝත්‍රික මනසකින් යුත් අධ්‍යාපන බලධාරීන්ට සහ මෝඩ දෙමව්පියන්ට, කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින්, 'ඒඩ්ස් පිලිබඳ මිත්‍යා මත' යනුවෙන් දේශනයක් කලානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ???
      බොහෝ දුරට සෞඛය සේවයේ අායතන තුලින් තමයි මේ වගේ අනර්තකාමී ක්‍රියා ආරම්බ වෙන්නේ ...

      Delete
    2. මා හිතනවා පළාත් සහ දිස්ත්‍රික් වෛද්‍ය ප්‍රධානීන් බැඳී සිටිනවා, මෙවැනි අවස්ථා වලදී, මහජනතාවට ඇත්ත පැහැදිලිකර දෙන්න.

      අනර්ථකාමී නෙවෙයි අනර්ථකාරී වෙන්න ඕනේ නේද?

      Delete
  4. වෙන රටක උනානම් මේ අහිංසක දරුවට නීතිය ඉදිරියට යන්න පුළුවන් human rights violation වලට. නමුත් ඉතින් ලංකාවේ human rights තියෙන්නේ කුමාරවරුන්ට, රජවරුන්ට, මදාවි හාමුදුරුවන්ට විතරයිනෙ. කෝ අර සිංහ-ලේ කට්ටිය එහෙම?

    ReplyDelete
  5. බොහොම අගේ ඇති ලිපියක් පැරා...
    ජයවේවා..!!

    ReplyDelete
  6. HIV / AIDS හෝ වෙනත් Pandemic වසංගත රෝගීන්ට / සැකකරුවන්ට ට සහ ඔවුනගේ ඥාතීන්ට සිදුවන අපකීර්තිය, සමාජ කැලල සහ හිරිහැරය පටන් ගන්නේ සෞඛ්‍ය සේවයේ ආයතන තුලින්මයි, බොහෝ විට මෙවන් රෝගියකු ඇතැයි දැනගන්නා අවශ්තාවල තැතිගැනීමකට, සන්ත්‍රාශයකට පත්වෙන ආයතන ප්‍ර‍ාධානීන් නිසා රෝගියාගේ අනන්‍යතාව සෞඛ්‍ය සේවයේ ආචාරධර්ම පිළිබඳ කිසිදු තැකීමක් නැති අයවළුන් අතට පත් වෙනවා, ආචාර ධර්ම හොදින් දන්නා නමුදු කට කහන එක නවත්ත ගන්න බැරි අය තමා වැඩි.
    පසු ගිය වසරේ අපේ ගමේ ගරුකටයුතු තැනැත්තියකට ස්වසන ආබාධයකට රෝහලෙන් ලබාදුන් එන්නතක් අසාත්මික වී ඇය පැය කිපයක් තුල විරූපීවී මිය ගියා, ඒ කාලයේ කුමක් හෝ pandemic වසංගතයක් ලෝකයේ පැතිරෙමින් තිබුනේ, වෛද්‍යවරියගේ අනවබෝධය නිසා ඇය බිය වී මුළු රෝහලම තැති ගැන්වු වා, මරණය සැක සහිත බැවින් පොලිතින් කවරවල බහා භූමිදාන කිරීමට උපදෙස් ලබා දී තිබුනා. අදාල වසංගත රෝගියකු ලංකාවේ ... රෝහලෙන් හමුවූ බවට ජනමාධ්‍ය වාර්තා කළා. මිය අය සමාජ සේවිකාවක් වුනත් බොහෝ අය මළ ගෙදර ගියේ නෑ, ඒ ගෙදර කොන් කර දැම්මා, ඒ අය ගම හැර ගියා. HIV/ AIDS අධ්‍යාපනය පටන් ගත යුත්තේ සෞඛ්‍ය සේවයේ බව මගේ හැඟිමයි.

    ReplyDelete
  7. පොෂ් නෝනා මහත්තුරුන්නේ HIV/AIDS NGO වල එයාල කරන්නේ නම් හතර හිනා වැඩය, පිටරට වැඩමුළු වල දී පුහුණු කරන ආදර්ශ ක්‍රියාකාරකම් මෙහෙ ගෙඩිය පිටින්ම පැල කරනවාය.

    ලංකාවේ සමාජයට ඔය රෝග නිසා කරන stigma, discrimination වැනි සංකල්ප හොඳ අවබෝධයක් ලබා දෙන්න බොහොම අන්එතිකල් ක්‍රම කීපයක් තියේ; එච් අයි වී පොසිටිව් පොඩ්ඩෝ පන්සල් වල මහන කිරීම සහ ඔය කුලියාපිටි ගමේ කීප දෙනෙකුට රෑක ස්ටෙරයිල් සිරින්ජර් නීඩල් වලින් ඇන්න නම් ...

    ReplyDelete
  8. පැරා, මෙ ප්‍රශ්නෙ ගොඩාක් කතාබහට ලක්වුනු කාරනයක්. All the invesible children කෙටි චිත්‍රපට එකතුවේ Jesus Children of America (https://www.youtube.com/watch?v=U2WrCJqYWGY)චිත්‍රපටිය ඊට හොඳ උදාහරණයක්. යල්පැන ගිය සංකල්පයක් වුනත් "දූපත් මාන්සිකත්වය" මේකට යම් තරමකින් හරි බලපාල තියෙනවා. සාක්ශරතාවය ලබාදෙන්න පුලුවන්වුනාට සවිඥානික බව ලබා දෙන්න අමාරුයිනෙ

    ReplyDelete
  9. ".....පැලඳ ගෙන සිටින සමාජ කොන්ඩම්..." හෙඩිම් වලට ජනමාධ්‍ය සම්මාන දෙනවානම්, සම්මානයක් දෙන්න තරම් වටිනා ලයින් එකක්.

    බොහෝ දෙනෙක් බාහිර සමාජය සමග හැසිරෙන්නේ කොන්ඩම් දමාගෙන වගේ ආවරනයක් / සෙපරටර් එකක් / ඩිස්ටන්ස් එකක් සහිතවයි. මේක ඒඩ්ස් වලට අදාලව විතරක් නොවෙයි, සමාජයේ අඩු වරප්‍රසාදලාභීන් සමග (හෝ තමාට වඩා කුමන හෝ අංශයකින් වැදගත්කමෙන් අඩු යැයි සිතන අය සමග ) හැසිරෙද්දිත් මේක තමයි සාමාන්‍ය ලාංකිකයාගේ ඇප්‍රෝච් එක.

    - Dimithri

    ReplyDelete
  10. Thank you. Very good article. JO

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා