ණය උගුල

ආණ්ඩුව දැවැන්ත වශයෙන් බදු වැඩි කරමින් සිටියි. මෙය අනිවාර්යයෙන් ම ජනතාව මත අධික පීඩනයක් ඇති කරන බව සහතික ය. 

මහින්ද රාජපක්ෂ සැබැවින් ම ජනාධිපතිවරණයට මුහුණ දෙන්නට නියමිතව තිබුණේ මේ ආර්ථික අර්බුදය මෝදු වද්දී ය. එ් බව කල් තියා දැනගෙන ඔහු ජනාධිපතිවරණය කල් තබා පැවැත්වූයේ ය. එසේ නො වී නම්, මෙම ජනප්‍රිය නො වන ආර්ථික පියවර ගන්නට සිදු වන්නේ ඔහුට ය. ආර්ථික ඝාතකයෝ කිසිවෙක් තවමත් කිසිදු දණ්ඩනයකට ලක් වී නැත.

ණය හා දූෂණය අලුත් ම තත්වයක් නො වේ. එහෙත්, ශ්‍රී ලංකාවේ ණය බර බෙහෙවින් වැඩි වන්නට රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ දූෂණ හේතු විය. බාල ප්‍ර‍මිතියෙන් යුත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිදසුනකි. විශේෂයෙන් ම, අධ්‍යයනයකින් හා සැලසුමකින් තොරව කරන ලද හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ, ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලා, ක්‍රීඩාංගන ආදී දැවැන්ත ඉදි කිරීම් ද මෙම තත්වයට හේතු විය. 

සංවර්ධනය සඳහා රටකට ණය ගන්නට සිදු වේ. එහෙත්, ණය අරගෙන කරන ව්‍යාපෘති මගින් එම ණය ගෙවන්නට බැරි නම් සිදු වන්නේ ණය බර වැඩි වීම පමණි. හම්බන්තොට කරන ලද දැවැන්ත ව්‍යාපෘතිවලින් ණය ආපසු ගෙවන්නට ආදායම් ලැබෙන්නේ නැත. 

රට පුරා මහාමාර්ග ඉදි කිරීම සඳහා ද රාජපක්ෂ රජය විශාල වශයෙන් ණය ලබා ගත්තේ ය. ඒවා ද දැන් ආපසු ගෙවිය යුතු ය. 

වත්මන් ආණ්ඩුවෙන් ද දූෂණය මුළුමනින් ම නැති වී ඇතැයි සිතන්නට බැරි ය. භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව තවමත් පැහැදිලි නො කළ අභිරහසකි. අලුත් ම වාර්තා අනුව කියවෙන කරුණක් වන්නේ රජයේ ගොඩනැගිලි තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශය සබීතා පෙරේරාගේ සැමියාට මසකට රුපියල් දෙකෝටියකට වඩා ගෙවමින් ගොඩනැගිල්ලක් කුලියට ගන්නට යන බවයි. 

මේවා සිදු වන හැටි කවුරුත් දනිති. නිල කුලී, ටෙන්ඩර් යටින් අත යට ගනුදෙනු හුවමාරු වේ. පසුගිය කාලය පුරා ම සිදු වූයේ එවැනි ගනුදෙනු ය.

දැන් මෙම තත්වයට විසඳුම කුමක් ද? මහින්ද රාජපක්ෂ බලයට ගැනීම ද? 

මහින්ද කළේ ඉතා ජනප්‍රිය බොළඳ වැඩකි. සීමාන්තිකව ණය ගනිමින් කරන ලද සෝබනකාර වැඩවලින් ජනතාව සතුටු වී සිටිය හ. ඔහු බලයෙන් ගිලිහෙන විට එය යා හැකි උපරිමයට ගොස් තිබිණි.

ලංකාවට ණය අවශ්‍ය ය. ඒ නිසා කුමන තත්වයක් යටතේ වුව ආණ්ඩුව පැරණි ණය ගෙවයි. ණය ගෙවා ගන්නට බැරි වුණහොත් අලුතින් ණය ගන්නට ලැබෙන්නේ නැත.

මහින්ද මේ රටට කර ඇති විනාශය සවිස්තරව පැහැදිලි කළ යුතු ය. 

මෙම අර්බුදයෙන් ගොඩ එන්නට ආණ්ඩුව යෝජනා කරන්නේ ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමයි. එහෙත්, පවත්නා ලෝක ආර්ථික අර්බුදය තුළ විප්ලවීය අන්දමින් ලංකාවට ආයෝජන ගලා එනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. මේ වන විට තේ, රබර් වැනි අපනයන ආදායම් ද පහළ වැටී තිබේ. රජයට තව දුරටත් යැපෙන්නට සිදු වන්නේ විදේශ රැකියා, සංචාරක කර්මාන්තය වැනි විදේශ විනිමය ආදායම් මාර්ග මත ම ය. ආනයන පාලනය කිරීම ද සලකා බලන්නට සිදු විය හැකි තත්වයකි.

මෙම ආර්ථික තත්වය ජනතාවගෙන් සඟවා විසඳුම් දෙන්නට හැකි එකක් නො වේ. එය විවෘතව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතු ය. සියලු විස්තර ඉදිරිපත් කළ යුතු ය. එසේම, විකල්ප යෝජනා ඉදිරිපත් කරන්නට ද විරුද්ධ පක්ෂවලට අවස්ථාව ලබා දිය යුතු ය. 

මෙයත් සඳහන් කළ යුතු ය. අප සාමාන්‍යයෙන් හුරු වී තිබෙන්නේ දූෂණය ගැන දේශපාලනඥයන්ට බනින්නට ය. ඊට පෙරාතුව මෙයත් මතක් කළ යුතු ය. රාජපක්ෂ යුගය යනු දූෂණය බිම් මට්ටම දක්වා ම විමධ්‍යගත කළ අවදියකි. දේශපාලනයේ ඉහළ සිට ප්‍රාදේශීය සභා මට්ටම දක්වා ද, නිකම් සිට පඩි කෑ උපාධිධාරීන්, සහනාධාර මත ලබා දුන් පොහොර නාස්ති කළ ගොවීන් ආදී බොහෝ දෙනා මේ දූෂණවලට සම්බන්ධ ය. 

ඒ නිසා විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට ද මේ සියලු දෙනා සම්බන්ධ විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාවේ ණය අර්බුධයට ප්‍රධානම හේතුව රාජපක්ශ රජය කෙලින්ම ලෝක බැංකුව, IMF, Asian development Bank වගේ ආයතන වලින් සාපේක්ශව අඩු පොලියට ණය නොගෙන බැන්කු හරහා චීන මූල්‍ය ආයතන වලින් ගිනි පොලියට ණය ගැනීම..
    ජාත්‍යන්තර ආයතන වලින් ණය ගැනීමේදී තිබිය යුතු accountability එක මේ ණය වලට අනවශ්‍යවීම හා ඒනිසා ඒවායෙන් කොටසක් රාජපක්ශලාගේ ඩුබායි, ශීෂෙල්ස්, සැන් මැරීනෝ, බහාමාස් ආදියේ ඇති ගිනුම් වලට යවාගැනීමට හැකිවීමත්, ඒ මූල්‍ය ආයතන වලින් වෙනමම කොමිස් මුදල් රාජපක්ෂලාට ලැබීමත් මීට හේතුවයි..

    ගත් ණය වලින් වැඩිහරියක් වියදම් කලේත් නැව් නො එන හම්බන්තොට වරාය, යානා නැති මත්තල, විදේශ විනිමය සතයක්වත් ඉපැයිය නොහැකි නෙලුම් පොකුණ වගේ බොරු සෝභන නිසා මෙහෙම අර්බුදයක් ඒම පුදුමයක් නොවේ...

    රටේ ජනතාව 2020 දක්වා පටිතද කර ගත යුතුයි.. ඒවන ගොඩනැගෙන විට මෙගාපොලිස් සුරපුරය නිසාත්, ලෝක ආර්තිකය ඒවන විට මීට වඩා වර්ධනය වී ඇති නිසාත් රටට ආයෝජන ගලා එනු ඇත.

    ReplyDelete
  2. රටට විදේශ විනිමය ලබාගැනීමට මට ඇති යෝජනාවක්..

    වයස 18-22 අතර, සා.පෙලින් පසු අධ්‍යාපනය නැවැත්වූ අවිවාහක කාන්තාවන් විවාහයට පෙර වසර 2-3 පමන මැදපෙරදිග හෙදි, ලිපිකරු, සාත්තු සේවිකා, ජුකී මැශින් ක්‍රියාකරු වගේ රැකියා සදහා යෑමට නොමිලේ පුහුනුව ලබාදී දිරිමත් කල යුතුයි. ඉහත කී වෘතීන් සියල්ලම ගෘහ සේවිකාවකට වඩා දෙගුනයකට වැඩි වැටුප් ඇති රැකියා..
    මේ අයට දරුවන් නැති නිසාත් පවුල් ප්‍රශ්න ඇති වන්නේත් නෑ.. ඉහත කී රැකියා වලට වසරකට කාන්තාවන් තව 25000 පමන යැවිය හැකිනම් වාර්ශිකව ඩොලර් මිලියන 3-4 විදේශ විනිමයක් වැඩියෙන් රටට ගෙන්වා ගත හැකියි..

    ඒවගේම මේඅය විවාහ වෙන්නේ පිටරටින් උපයාගත් 'යමක් කමක්' හා වෘතීයක පුහුනුවක්/ පලපුරුද්දක් ඇතිව නිසා විවාහයෙන් පසු ලංකාවේ හොද රැකියාවක් සොයාගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ඈ බොල තෝ කියන්නෙ එහෙ යවලා උන්ගෙ ජීවිතෙ පටන් ගන්නත් කලින් කාලකන්නි කරන්නද..? යනකොට කන්ය්‍යාවියක් එනකොට වේසියක් කොරන්නද?

      Delete
    2. කෙන්ති ගන්න එපා අපි මෙහෙම කරමු, කන්‍යා බාවේ චෙක් කරලා, ෆෙල් වෙච්ච අයව යවමු, Ok. ටෙස්ට් එක පාස් අයත් යන්න කැමතිනම් යවලා, එනකොට ආයේ ටෙස්ට් කරල, ෆෙල් වුනොත් ඒ ෆලයිට් එකේම ආපහු යවමු. වෙනත් ගැටළු තිබේද?

      Delete
    3. /වේසියක් කොරන්නද/
      වේසිය කියන්නේ වැසියා (citizen) යන්නේ ස්ත්‍රී පදය නොවේ ද? නැතිනම් වේසිය යන්නේ පුරුෂ වචනය මොකක් ද?

      Delete
    4. තෝ ඒකවත් දන්නේ නැද්ද ඇණයො, වේසි කියන වචනේ පිරිමි වචනේ වේසාවා. එහෙම හඳුන්වන්නේ තෝ වගේ උන්ව

      Delete
    5. වේසි කියන වචනය හැදෙන්නේ ‍‍වෛශ්‍යාව කියන වචනයෙන්. වෛශය කියන්නේ වෙළඳ කියන එකයි. ඒ අනුව වේසි කියන වචනයේ තේරුම වෙළෙන්දිය. ඒ කාලේ ගෑණු කරපු එකම බිස්නස් එක ඒකනේ. වචනේ හැදිලා තියෙන්නේ එහෙමයි.

      අදට කොච්චර අදාලද කියන එක ප්‍ර‍ශ්නයක්. වෙළෙන්දිය නැතුව නිළිය කියන එක මුල්කරගෙන එකක් හැදුවනම් අදට ගැලපෙනවා. අහුබුදුවන් නැති අඩුව දැනෙන්නේ මේ වගේ වැඩවලදී.

      Delete
    6. තැන්කියු හොඳ ඇනෝ, කුලියාපිටියේ ගිරාමසේවක කාන්තාවක් ස්වීප් විකුණුවාම වේසියෙක් වෙනවා කියා තුබුනේ ඒ නිසා වෙන්න ඕන.

      Delete
  3. රජයේ මුදලින් දහක් නමක් අරලියගහ මන්දිරේට වැඩම කරලා, පොශ් හෝටලෙකින් කේටරින් කල දානේ පිලිගන්නලා දෙතුන් ගුනයක් කොමිසන් තියාගෙන පර්චස් කල පිරිකර පිලිගන්වලා රනිල් තුමා එතුමාගේ හෙනහුරු ඒරාස්ටකේ ශේප් කර ගැනීම රාජපක්ස රෙජීමේ හොරකමක් නෙවේදෝ?
    http://www.dailynews.lk/?q=2016/03/09/local/alms-giving-temple-trees

    සමහර විට දානේ අනුහසින් මහින්ද ලොක්ක සිදු කල මේ බයානක ආර්තික උගුලෙන් ගොඩ එන්න පුලුවන් වේවි නේ?

    ReplyDelete
    Replies
    1. හැක.. හැක... හැක....
      සරස තුමාගේ ඉටු දෙය්යෙක් වන මයින්ද උත්තමයා අරගිය මාලිගාවේ දවස ගානේ පන් හය දාහකට දුන්නු දන්සැල් ඔහෙට අමතකෙයි?

      Delete
  4. // සරස තුමාගේ ඉටු දෙය්යෙක් වන මයින්ද උත්තමයා අරගිය මාලිගාවේ දවස ගානේ පන් හය දාහකට දුන්නු දන්සැල් ඔහෙට අමතකෙයි? //

    ඒ කාලේ දිනපතා කාපු තැන එහෙම අමතක වෙනවැයි?
    හැක.. හැක... හැක....

    ReplyDelete
  5. ආණ්ඩුවේ සිටින බහුතරයකට අවශ්‍ය තමන්ට ලැබුන අවස්ථාවෙන් කීයක් හරි හොයා ගැනීමටය. ඔවුන්ට රටේ ආර්ථිකය හෝ සමාජය වඩා යහපත් කිරීම පිලිබදව පාර්තනාවක් නොමැත. එමෙන්ම දේශපාලකයින්ට බැනිමෙන් පමණක් ප්‍රශ්නය විසදෙන්නේ නැතිය.

    ජනතාවට මෙම පාර පෙන්නුවේ සහ මෙම මාවත පිලිබදව තාවකාලික වීශ්වාසයක් හෝ ඇතිකලේද පැරකුම්ලාය. දැන්ද පැරකුම්ලා කරමින් සිටින්නේ මෙම විදිහටම කුමක් හෝ කර මොකක්හෝ විසදුමක් සොයාගත හැකි බවට ජනතාව තුල විශ්වාසයක් ඇති කිරිමටය. ඒ සදහා මහින්දලා විදේශ කුමන්ත්‍රණ හා දෙමළ ඩයස්පොරාව පෙන්නු ආකාරයට මොවුන් මහින්ද නැවත බලයට ඒම පිලිබදව බිල්ලෙක් පෙන්වමින් සිටියි.

    ReplyDelete
  6. ගම්මන්පිල කියලා තිබ්බා 2002 රනිල්ගේ ආණ්ඩුවේදී ණය ප්‍රතිශතය ද.දේ.නි.න් 102% ක් තිබිලා 2005 මහින්ද බලයට පත්වුනාට පස්සේ 70% විතර වගේ අඩු කලාලු. ඒක හින්දා බොරුවට කලින් ආණ්ඩුවට බනින්න එපාලු. ඇත්තටම මොකද හේතුව?

    ReplyDelete
  7. රාජපක්ෂ ණය උගුලෙන් රට බේරා ගෙන, මෛත්‍රී-රනිල් ආණ්ඩුවත් ගලවාගෙන, ජනවාරි 8 විප්ලවය සුරැකීමේ ක්‍රමයක් මා සතුව තිබේ.

    එනම් ජනවරි 8 විප්ලවය වෙනුවෙන් කැපවූ අප සියලු දෙනාම එකතු වී මේ රට ට අද අවශ්‍ය වී ඇති විදේශ විනිමය ඉපයීමයි.

    එය කරනුයේ මෙසේයි.

    අප සියලු දෙනාම, පහත දැක්වෙන ලින්ක් එකෙන් ගොස්, විදේශ විනිමය වෙළඳාම් කළ යුතුය.

    http://www.forextime.com/

    එහිදී කිසියම් රටක මූල්‍ය එකකයේ වටිනාක ඉහළ යන බව පෙනේ නම්, හැකි තරම් එම රටේ මුදල් මිලට ගෙන ව්ටිනාකම වැඩි වූ පසු විකිණිය යුතුය. එසේම අප සතුව ඇති කිසියම් රටක මුදල් වල වටිනාකම පහත යන බව පෙනුනොත් වහාම එම මුදල් විකිණිය යුතුය.

    ReplyDelete
  8. මහින්ද සමයේ හදපු බාල ප්‍රමිතියෙන් යුතු නොරොච්චෝලේ නැත්තං උඹට අද රෑ ඉන්න වෙන්නේ අර පඳුරු වේසි ගේ කාලේ වගේ ඉටි පන්දම්, කුප්පි ලාම්පු පත්තු කරගෙන
    අද දවසේ රටේ විදුලි අවශ්‍යතාවයෙන් 50% කට ආසන්න ප්‍රමානයක් සපයන්නේ නොරොච්චෝලෙන්

    සබීත ඔය කියන බිල්ඩිම ලක්ෂ 80 ට රෙන්ට් කරන්න හිටියේ, හදල ඉවරවෙලා මාස ගානක් නිකම් තිබ්බේ. ඒක ලක්ෂ 80 ට වටින්නේ නැති නිසා කවුරුවත් ගත්තේ නැහැ
    80 ට දෙන්න හදපු එක 220 ට ගත්තු එකට තමයි පැරෝ උඹල යහපාලනය කියන්නේ
    ඔහේ දන්නේ තාම ඒක ගන්න හදනවා කියලනේ, ඒක ආණ්ඩුවෙන් අරගෙන ඉවරයි

    ReplyDelete
  9. පැරා,
    මුලින්ම කරන්න ඕනේ තක්ෂණික විගණනයක්. එහෙම කරලා සිදුවී ඇති වංචාව සොයල අදාළ මුදල අයකරගැනීම තමයි මුලින්ම කලයුත්තේ, ඊළගට රජයට විදේශ විනිමය ලැබෙන සියලු අංශ ශක්තිමත් කල යුතුයි.
    මිට ශ්‍රී ලංකා තැපැල් සේවය දුෂණයෙන් තොරව නවීන තක්ෂණය යොදා පාරිබෝගිකයන්ට තමා බාර දුන් පාර්සලයේ වර්තමාන තත්වය අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් ක්‍රමවෙදත් PAYPAL ශ්‍රී ලංකාවට ලබාගැනීම වැනි මුලිකම අංශ ක්‍රියාත්මක කලහැකියි.
    මෙනිසා සුළු සහ මදය පරිමාන ආයතන වලට අපනයන කිරීමට හැකිවන අතර අදාළ ගනුදෙනු වේගවත් කිරීමත් කල හැකියි.
    ඔබ ebay.com වෙත ගොස් බලන්න බොහෝ භාණ්ඩ තියෙන්නේ චීනයේ නමුත් මිලදී ගන්නේ ඇමරිකාවේ අඩවියකින් ඉතා වේගයෙන් ඇමරිකාවට අපනයන කිරීමට වැඩපිළිවලක් චීනයට තියනව.
    ඉහත අංශ 2 පනගන්වුව නම් මේ වනවිට ඩොලර් මිලියන ගණනක ආදායමක් ලබනවා.
    මේවා නොකර මොනවද මේ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. Lankika Sithuwili,

      මුලින්ම ලංකාවේ සැබෑ ආර්ථික අර්බුදය නිසි පරිදි හඳුනා ගතයුතුය.

      ගිය වසරේ (2015) දී ශ්‍රී ලංකාවට ලැබුණු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය සියයට 33.3 කින් අඩුවී තිබේ.

      මේ අනුව 2014 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 1069.4 ක්‌ වූ මුළු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 713.3 ක්‌ දක්‌වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ය.

      මේ අතර ගිය වසරේ (2015) ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණයද ඇමරිකානු ඩොලර් මිලියන 7017.8 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 6980.3 දක්‌වා සියයට 0.5 කින් අඩුවී තිබේ.

      පසුගිය දෙසැම්බර් මාසයේ අපනයන ආදායම සියයට 18.7 කින් පහත වැටී තිබේ.

      මේ අනුව 2014 වසරේ දෙසැම්බර් මස ඇමරිකානු ඩොලර් මිලියන 1005.1 ක්‌වූ අපනයන ආදායම 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් 817.5 ක්‌ දක්‌වා අඩුවී ඇත.

      මේ අතර 2015 සමස්‌ත වර්ෂයේම අපනයන ආදායම සියයට 5.6 කින් පහත වැටී ඇත. මේ අනුව 2014 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 11130.1 ක්‌ වූ මුළු අපනයන ආදායම, 2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 10504.9 ක්‌ දක්‌වා අඩු වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

      අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ වැට් බදු අනුපාතය 15% දක්වා වැඩි කරන බවයි.

      ෆිච් රේටින්ග්ස්‌ ආයතනය රටක ආර්ථිකයේ හොඳ නරක, ආර්ථිකයක යම් කරුණක්‌ හෝ කරුණු කිහිපයක්‌ සලකා බලා කරන ශ්‍රේණිගත කිරීම් ලබා දෙන අතර කලින් කල එම ශ්‍රේණිගත කිරීම්වල වෙනස්‌කම්ද සිදු වෙයි. ඒ අනුව රටක අදාළ ශ්‍රේණිගත කිරීම ඉහළට හෝ පහළට ගමන් කළ හැකිය. ෆිච් රේටින්ග්ස්‌ ආයතනයද එවැනි ශ්‍රේණිගත කිරීම් සිදු කරන සුප්‍රකට ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනයක්‌ වන අතර එම ආයතනය ලබා දෙන ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින්ග්ස්‌ නැතහොත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ලෙස හඳුන්වයි. මේ ෆිච් රේටින්ග්ස්‌ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීමෙහි වෙනසක්‌ සිදු කර තිබේ. ඒ ගැන මේ වන විට රටේ ආර්ථික හා මුල්‍ය අංශවල කතා බහට ලක්‌ වෙමින් ද තිබේ. ඒ අනුව සිදුව ඇත්තේ අපගේ ශ්‍රේණිගත කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B +දක්‌වා පහත හෙළීමයි. එමෙන් ම එකී අගයන් stable (ස්‌ථාවර) සිට Negative (සෘණ) ලෙස පහළ දැමීමට ද එම ආයතනය කටයුතු කර තිබේ. මේ අනුව පැහැදිලි වන කරුණක්‌ වන්නේ වත්මන් යහපාලන රජයට ආර්ථිකයේ පැවති තත්ත්වය හෝ ඒ අයුරින් රැක ගැනීමට අපොහොසත් වී ඇති බවයි. වත්මන් යහපාලන රජය බලයට පත් වීමටත් පෙර පසුගිය රජයේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා සහ අවලාද නැගු වත්මන් රජයේ ආර්ථික ඔස්‌තාර්ලාට, පැවති නරක ආර්ථිකය හොද පැත්තට ගෙන යැමට හැකියාව තිබුණි. එහෙත් එවැන්නක්‌ සිදු වන බව හෝ සිදුව ඇති බවක්‌ අපට තවමත් පෙනෙන්නට නැත.

      Delete
    2. මෙතෙක්‌ කල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති ෆිච් ශ්‍රේණි ගත කිරීම වූයේ 'BB-' ශ්‍රේණි ගත කිරීමයි. මේ ඉහළ ශ්‍රේණිගත කිරීම අපට ලැබුණේ වර්ෂ 2011 මැද භාගයේදීය. ඒ අවස්‌ථාවේ පැවති සාපේක්‌ෂව පහළ 'B+ ශ්‍රේණි ගත කිරීම 'BB-' දක්‌වා ඉහළ නංවා තිබුණි. දැන් සිදුව ඇත්තේ වසර පහකට පෙර තිබු 'B+ ශ්‍රේණි ගත කිරීම දක්‌වා ශ්‍රී ලංකාව පහතට ඇද වැටීමයි. මීට වසර පහකට පෙර BB- ශේ්‍රණිගත කිරීමක්‌ ලැබීම සම්බන්යෙන් එවකට ශ්‍රී ලංකා මහ බැංකුව කීවේ මෙවැනි කතාවකි.

      //"ෆිච් (Fitch) සහ මූඩීස්‌ ආයතන ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ඇත.ෆිච් රේටින්ග්ස්‌ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විදේශීය සහ දේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම 'B++ සිට 'BB-' දක්‌වා ඉහළ නංවන ලදී. මෙම ණය ශ්‍රේණිගත කිරීම තුළ ඉදිරි දැක්‌ම "ස්‌ථාවර" බවට තහවුරු කර ඇත. තවදුරටත් ෆිච් ආයතනය විසින් රටේ වර්ගීකරණය (Country celling) .B+ සිට 'BB-' දක්‌වා ඉහළ නංවන ලද අතර කෙටි කාලීන විදේශීය ව්‍යවහාර මුදල් ණය පැහැර හැරීමේ අවදානම සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම. 'ඊ' මට්‌ටමේ සහතික කරන ලදී.

      මේ අතර මූඩීස්‌ ආයෝජක සේවා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ B1 මට්‌ටමේ පවතින විදේශීය ව්‍යවහාර මුදල් ස්‌වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැක්‌ම "ස්‌ථාවර" මට්‌ටමේ සිට 'ධනාත්මක' මට්‌ටම දක්‌වා ඉහළ නංවන ලදී. මූඩීස්‌ ආයතනය සිය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම පහත මූලික කරුණු සැලකිල්ලට ගෙන සිදුකර ඇත. එනම් සාමකාමී වාතාවරණය පිළිබිඹු කරමින් ඉහළ ගිය සාර්ව ආර්ථික හා මූල්‍ය ස්‌ථායිතාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්‌ථ ණය පහසුකම් හා අනුකූල රාජ්‍ය මූල්‍ය සහ ආර්ථික වර්ධන ප්‍රතිපත්ති සම්පාදනය, විදේශීය ගෙවීම් හැකියාව වර්ධනය වීම සහ 2009 වසරේ අභ්‍යන්තර ගැටුම් අවසන්වීමෙන් පසු දේශපාලන අවදානම් තත්ත්වය අවම වීම යන කරුණුය.

      ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ෆිච් ආයතනය විසින් ගත් තීරණය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ ස්‌ථායි වීම මෙන්ම අය වැය හිඟය අඩු කිරීම සඳහා රජය ගනු ලැබූ පියවර මත පදනම් විය. උද්ධමනය පහළ යාම මෙන්ම ආයෝජකයන්ගේ විශ්වාසය තීව්‍ර වීම සහ ආයෝජන වැඩිවීම හේතුවෙන් මධ්‍යකාලීනව ආර්ථිකය සියයට 8-9 කින් පුළුල් වනු ඇතැයි අපේක්‌ෂා කරන බව මූඩීස්‌ ආයතනය ප්‍රකාශ කර ඇත. මෙම ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම ධනාත්මක වර්ධනයක්‌ ලෙස සලකන අතර පසුගිය වර්ෂ කිහිපය පුරා සාර්ව ආර්ථික ස්‌ථායිතාවය සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් ගනු ලැබූ පියවර ඉදිරි වර්ෂවලදී වඩාත් සතුටුදායක ප්‍රතිඵල ළඟා කර ගැනීම උදෙසා ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි."//

      ඒ අප සඳහන් කළේ 2011 වසරේ දී පැවැති තත්ත්වයයි. දැන් මේ අවස්‌ථාවේ ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කුමක්‌ කියනවාදැයි අප හරියටම දන්නේ නැත. ඇතැම් විට කිසිවක්‌ නොකියා නිහඬව සිටීමටද බැරි නැත. එහෙත් එදා මහ බැංකුව කියූ අදහස්‌ අනුව ෆිච් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ඇද වැටීම හමුවේ එහි අනිත් පැත්ත අපට සිතා ගැනීමටද බැරි කමක්‌ නැත. එනම් ආර්ථිකය අස්‌ථායි වීම, අයවැය හිඟය ඉහළ යැම සහ උද්ධමනය ඉහළ යැම වැනි කරුණුය. කෙසේ වෙතත් මෙම සෘණ තත්ත්වයන් ඇති වීමට හේතු සාධක වූ කරුණු කීපයක්‌ම ෆිච් ආයතනය විසින් දක්‌වා ඇත. එහි පළමුවැන්න වන ප්‍රතිමූල්‍යකරණ අවදානම එනම් ණය නැවත ගෙවීමේ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ පවතින අස්‌ථායි තත්ත්වයයි. පසුගිය කාලයේ රටේ ඉදිරි ආර්ථික දැක්‌ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක්‌ හෝ දැක්‌මක්‌ නොතිබූ බව මෙහි අදහසයි. අනිත් කරුණ නම්, ලංකාව විසින් නොයෙක්‌ කාලවල ගත් බෝහෝ ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක්‌ නොවුණත්, මේ අවස්‌ථාවේ එය ප්‍රශ්නයක්‌ වන්නේ ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක්‌ නිසාය. ෆිච් ආයතනය පවසන ලෙස 2015 වසරේ දී පමණක්‌ විදෙස්‌ ආයෝජකයින් ඇමරිකානු ඩොලර්. බිලියන 2 කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස්‌ ඇත. මෙවන් තත්ත්වයක, ෆිච් ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4 ක්‌ වුව ද අපගේ වත්මන් විදෙස්‌ සංචිතය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන. 6.3 ක්‌ පමනකි. එකී ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3 ක්‌ වැනි ඉතා සුළු ප්‍රමාණයකි. එය දෙමසකුත් තව අඩකට පමණක්‌ ආනයන ආවරණය කර ගැනීමට සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්ත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ බෙහෙවින් අඩු වී ඇති බොරතෙල් මිල විසින් නිසාය.

      Delete
    3. මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂ ව සියයට 71 ක්‌ වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්‌වා රටේ විදෙස්‌ ණය බර ද වැඩි වීම ද සිදුව ඇත. මේ තත්ත්වය රුපියලේ අගය පහත යැමට විශේෂයෙන් බලපා ඇති බව ද ෆිච් ආයතනය (www.fitchratings.com) පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය ශ්‍රේණිගත කිරීම පමණක්‌ නොව මේ වන විට රජයට අනුබද්ධ ආයතන කිහිපයකම ණය ශ්‍රේණි ගත කිරීම්ද ෆිච් ආයතනය විසින් පහත හෙළා ඇත.

      ලෝකය පුරා ඒ ඒ රටවල ආර්ථිකයන් පිළිබඳවත් රජයකට ණය ගෙවීමට තිබෙන හැකියාව පිළිබඳවත් විශ්ලේෂණාත්මක විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර පිළිගත් ආයතනයක්‌ වන ෆිච්රේටින් ආයතනය ප්‍රධාන කරුණු හතක්‌ පදනම් කරගෙන මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. රටක දේශපාලන අවදානම රජයේ ආදායම හා ආර්ථික ව්‍යුහය, ආර්ථික වර්ධනය පිළිබඳ අනාගත අපේක්‌ෂාවන්, රජයේ ණය බර රජයේ බාහිර අසම්භාව්‍ය බැරකම්, විදේශ සංචිත රාජ්‍ය මූල්‍ය ස්‌ථාවරත්වය යන ප්‍රධාන කරුණු හත පදනම් කරගෙන මෙම ණය ශ්‍රේණිගත කිරීම සිදුකෙරෙනවා.'

      ඉහත ආර්ථික තත්ත්වයන් නිසා මතුවන ගැටලුවක්‌ නම් ඉතිරි විදෙස්‌ ආයෝජකයින් ද රටින් බැහැර වන වට පිටාවක නව ආයෝජකයින් රටට නොපැමිණීමට ඉඩ තිබීමයි. මෙවන් තත්ත්වයකට මුහුණ දීමට බෝහෝවිට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය පමසුකම් ගැනීමට සිදුවිය හැකිය. එහි දී සුබසාධන කප්පාදුව හා පඩි වැඩි නොකිරීම හා රැකියා නොදීම වැනි අහිතකර කොන්දේසිවලටද මුහුණ දීමට සිදුවිය හැකිය. මේ අතර, මූල්‍ය අරමුදල මගහැර වෙනත් ආයතනවලින් ණය ගතහොත් එහි දී ගෙවීමට ඇති පොළි අනුපාතය ඉතා අධික වීමටද පුළුවන. මේ සියල්ලේ අහිතකර ප්‍රතිපල භුක්‌ති විඳීමට සිදු වන්නේ බහුතර මහජනතාවටමය.

      Delete
    4. // මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂ ව සියයට 71 ක්‌ වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්‌වා රටේ විදෙස්‌ ණය බර ද වැඩි වීම ද සිදුව ඇත//
      රජයටත් පුද්ගලික අංශ වලටත් අයත් ආයතන තියනවා මේ ආයතන සහ රජයේ බැංකු විසින් ණය ගැනීමයි කරලා තියෙන්නේ ඒ ලබාගත් මුදල් හොරකම් කිරීමට අමතරව අදාළ රජයේ වියදමක් ලෙස ඉදිරිපත් කල විට දල දේශීය නිෂ්පාදිතය ඉහලයනවා නමුත් රජයේ ණය වැඩිවීමක් පෙනෙන්නේ නෑ.
      මේක තමයි රාජපක්ෂ පාලනයේ ඇති හැකියාව
      https://www.facebook.com/harshadesilvaunp/videos/759256337537680/
      මේ සාකච්චාවට බන්දුල ගුනවර්දන සිරිමතුන් සහබාගි වී සිටියා හර්ෂ ඕක කියනකොට කටයි පුකයි වහගන මොකද හිටියේ ඔය ගැන වචනයක් කතා කලේ නෑ
      ඕව හොදයි කොන්ඩේ බැදපු චීන්නුන්ට

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා