සමාජවාදී විය හැක්කේ ආදරය කරන සමාජයකටයි; කිසිවකු කොණ් නො කරන සමාජයකටයි

ආදරය කරන්නට නිදහස සොයා නිදහස් චතුරස්‍රයට  
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ දියුණු ලෝකයේ නවීන ප්‍රජාතන්ත්‍රවාදී අණ පනත් ලංකාවට හඳුන්වා දෙන්නටයි. අපි එය අගය කරන්නෙමු. එහෙත්, ඔහුගේ සමීපතමයකු වන අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිවරයා පසුගියදා සිය අධ්‍යාපනයේ ඇති බරපතල අඩුපාඩු පෙන්වා දෙමින් එම අරමුණ බොඳ කර දැමුවේ ය. 

අධ්‍යාපන ඇමතිවරයාට, මානව හිමිකම්, ළමා අයිතිවාසිකම්, එච්.අයි.වී. ආසාදිතයන්ගේ හිමිකම්, රෝගී අයිතිවාසිකම්, සමාජ ආචාර ධර්ම පමණක් නො ව තොරතුරු මූලාශ්‍ර තෝරා ගැනීම පිළිබඳව ද අධ්‍යාපන ඌනතාවක් ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. 

නොදුටු අය මෙම වීඩියෝව බලන්න. 

රටේ අධ්‍යාපනය මෙවැනි නො ගැඹුරු පුද්ගලයන්ට භාර නො දිය යුතු බව අපි 2015 ජනවාරි මාසයේදී ම පැවසුවෙමු. මුදල් ඇමතිකම සම්බන්ධයෙන් ද අපගේ ස්ථාවරය මේ හා සමාන විය. අධ්‍යාපන ඇමතිවරයා අප නිවැරදි බව ඔප්පු කර පෙන්වූයේ ඔහුගේ නොව රටේ අවාසනාවටයි. 

දේශපාලන නායකත්වය තමන් අරමුණු කරන සමාජ වෙනස අත්පත් කර ගන්නට නම් රටේ අධ්‍යාපනය ගැන මීට වඩා ගැඹුරින් සිතිය යුතු ය. අධ්‍යාපනයේ මුල් පුටුව අධ්‍යාපනඥයකුට දෙන්නට බැරි නම් අඩු තරමේ මිනිස්කම ඇති මිනිසකුට ලබා දිය යුතු ය. 

අද වන විට පවතින සමාජ ප්‍රශ්න බොහොමයක මූලය ඇත්තේ අධ්‍යාපනයේ ය. ඒ ගැන කතා කිරීම ලොකු තේරුමක් ඇති දෙයක් නො වන්නේ අධ්‍යාපනය මෙහෙයවන්නේ එවැනි කාරණා තේරුම් ගත හැකි අයකු විසින් නො වන බව පැහැදිලිව පෙන්වා දී තිබෙන නිසා ය. 

අකිල විරාජ් කාරියවසම් වැනි පසුගාමීන් අබියස රන්ජන් රාමනායක හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා පහසුවෙන් කැපී පෙනෙති. විශේෂයෙන් ම රන්ජන් රාමනායක විසින් ප්‍රකාශයට පත් කරන ලද මිනිස්කමට අපේ ප්‍රණාමය හිමි විය යුතු ය. සමාජයකට අවශ්‍ය නායකයන් වන්නේ සමාජ අගතීන් පසුපස දුවන්නන් නොව ඉදිරියෙන් සිට සමාජය වෙනස් කරන්නට කැප කිරීම් කරන්නන් ය. 

අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිකමින් ඉවත් කර අධ්‍යාපනයක් ඇති අයෙකුට එය භාර දිය යුතු බව අපි නැවත නැවතත් අවධාරණය කරන්නෙමු. 

එහෙත්, අපි එසේ කීවා ය කියා ආණ්ඩු විරෝධීන් චූන් වෙන්නට ඕනෑ නැත. අපි තවමත් සාධනීය විවේචන සහිතව මේ ආණ්ඩුව සමග සිටින බව කිව යුතු ය. එසේම, අප ඔබේ රෙදි කොන්දේසි විරහිතව සෝදන අපුල්ලන්නන් නො වන බව ද ආණ්ඩුව මතක තබා ගත යුතු ය. අප පක්ෂ දේශපාලනයක් කරන්නේ නැත. අප කරන්නේ අරමුණු පාදක කර ගත් දේශපාලනයකි. අපේ අරමුණ සමාජවාදයයි.

අප කටයුතු කරන්නේ මේ සමාජය පියවරක් හෝ ඉදිරියට ගන්නට ය. අප සමාජවාදයට ළං වන්නේ ඒ අනුවයි. 

සමාජවාදී විය හැක්කේ එච්.අයි.වී. ආසාදිතයන්ට හෝ වෙනත් ඕනෑම කොණ් කරනු ලබන සමාජ කණ්ඩායමකට සාධාරණ අන්දමින් සැලකිය හැකි සමාජයකටයි. 

සමාජවාදී විය හැක්කේ ආදරය කරන සමාජයකටයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අඩුම ගානෙ මේවා ගැන කතාකරන්නවත් නිදහසක් ලැබුන එක ලොකු දෙයක්. ගොඩක් දෙනා තේරුම් ගත්තෙ නැති දේ තමය් වෙනස් වෙන්න ඕන සම්පුර්ණ සමාජයමයි කියලා.

    ReplyDelete
  2. පැරාට වුනත් හොඳයි අධ්‍යාපන ඇමතිකම. පැරාත් කන්නංගරගේ ගමේ කොල්ලෙකු නේ!

    මං කැමතියි අධ්‍යාපන ඇමති වෙන්න.

    අපේ ගමෙත් හිටියා ඇමති කෙනෙක්. සුළු කර්මාන්ත ඇමති ද කොහෙද? ඔහු පස්සේ පාර්ලිමේන්තුවේ සිට ගංසභාවට පසු බැස්සා!

    ReplyDelete
    Replies
    1. ඔව් ..ඔව් පිස්සන්ට සුදුසුකම් කොහෙත්ම අවශ්‍ය නැත.

      Delete
    2. කකෝ උඹ හොඳයි මුදල් අයකරන පොදු වැසිකිළියක මැනේජර් වෙන්න.

      Delete
    3. ////අපේ ගමෙත් හිටියා ඇමති කෙනෙක්. සුළු කර්මාන්ත ඇමති ද කොහෙද? ඔහු පස්සේ පාර්ලිමේන්තුවේ සිට ගංසභාවට පසු බැස්සා!/////

      ඇස්. කේ. කේ. සූරියාරච්චි

      Delete
  3. අපේ අරමුණ සමාජවාදයයි. අපි යූ. එන්. එකෙන් පඩි කනවා. යූ. එන්. එකත් සමාජවාදී වෙන්නැති. නැතිනම් අපි ලියන ඒවට පඩි දේවියැ.

    ReplyDelete
    Replies
    1. මචන් යු එන් කියන්නෙ මොකද්ද?

      Delete
    2. මචං මතුගම පැත්තේ යූ. එන්. එකේ ලාංඡනේ රතුපාට ගාල ලු, තියෙන්නෙ.

      හැබැයි යූ. එන්. කියන්නෙ මොකක්ද කියන එකට වඩා අපි හොයලා බලන්න ඕන දේ තමයි සමාජවාදීන් ට, ධනවාදීන් පඩි ගෙවන තත්වයක් ඇති වුනේ කොහොම ද කියන එක.

      Delete
    3. මේ තත්වය ගොඩක් කල් ඉඳලා පාර්ලිමේන්තුවේ තියෙනවා නේ ද? එතකොට කම්කරු පංති ව්‍යාපාරය යයි කියන වාමාංශික මධ්‍යම පංතික වෘත්තීය සමිති හෙවත් මුට්ටි කාසි ජාවාරම පවත්වාගෙන යන්නේත් රජයෙන් ලබන පඩිවලින් නේ ද?

      Delete
    4. ඔයා ඔයා ගෙ දැනුම ප්‍රකට කරලා තියෙන එක හොඳයි. අපේ අරගලය අපිට කරන්න වෙන්නේ මේ ක්‍රමය තුල හිඳගෙන ම යි. මේ ක්‍රමයෙන් අභ්නිශ්‍රකමණය කරලා වන ගත වෙලා නෙමෙයි. අපිට ධනවාදය ට එරෙහි අරගලය, අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය, කරන්නත් අපිට මේ ක්‍රමය තුල පවතින්න සිද්ධ වෙනවා. එතෙනදී කෙනෙක් රජයෙන් වැටුප් ලබන ගමන්, රජයට එරෙහිව අරගල සංවිධානය කරනවා නම් එහි වරදක් නෑ. කෙනෙක් පෞද්ගලික ව්‍යාපාරයක් කරමින්, ඉන් ලාභ උපයමින්, ක්‍රමයට එරෙහිව සටන් කරනවා නම් එහි වරදකුත් නෑ. නමුත් යූ. එන්. එක, ක්‍රමයට එරෙහිව ලියන අයට පඩි ගෙවන්නේ නෑ. යූ. එන්. එක පඩි ගෙවන්නේ, යූ. එන්. එකේ වටිනාකම්, මතවාද, ආකල්ප, ලෝකයේ පතුරුවා හැරීමටයි. යූ. එන්. එකේ, වටිනාකම්, මතවාද, ආකල්ප, අවසාන වශයෙන් හේතුවන්නේ ක්‍රමය ලොව පුරා තහවුරු වීමට මිස, ක්‍රමය පෙරලා දැමීමට නෙමෙයි. මතුගම පැත්තේ යූ. එන්. එක ගැන දැනුම තියෙන අය අඩු වෙන්න පුළුවන්. නමුත් යූ. එක. කටයුතු කරලා තියෙන ආකාරය ගැන දන්න කිසි කෙනෙක් ලෝකෙ නෑ කියලා කියන්න බෑ. රජයට එරෙහිව කටයුතු කරන අය රජයේ රැකියාවක් කරනවා නම්, රජයක් බලනවා මේ පුද්ගලයාව රස්සාවෙන් දොට්ට දාලා පාලනය කර ගන්න පුළුවන් ද කියලා. බාහු සහෝදරයා රජයේ විශ්වවිද්‍යාලෙක රැකියාවක් කරමින් සිටියදී එම රස්සාවෙන් දොට්ට දාලා එදා පැවති ආණ්ඩුව බැලුවා බාහු සහෝදරයා මෙල්ල වෙයි ද කියලා. එතෙක් බාහු සහෝදරයා ක්‍රමයට එරෙහිව සටන් කරමින් සිටියේ රජයේ මුදලින් යැපෙමින් තමයි. බොහෝ විට සැබෑවටම රජයට එරෙහිව වැඩ කරන එහෙත් රජයේ රැකියා කරන අයගේ රැකියා නැති නොවී තියෙනවා නම් එසේ වන්නේ, එක්කෝ ඒ අයට කිසියම් නීතියේ රැකවරණයක් ලැබෙන නිසා, නැතිනම්, ඒ අය රැකියාවෙන් දොට්ට දැම්මොත් තවත් වීරයෝ වෙයි කියලා ආණ්ඩුව සිතන නිසා. මේක එකක්. යූ. එන්. එකෙන් පඩි කන එක තවත් එකක්. යූ. එන්. එකෙන් පඩි කන කෙනෙකුට සැබෑ ක්‍රම විරෝධියෙක් වෙන්න පුළුවන් කමක් නෑ.

      Delete
  4. අජ්ජාපනය මුල ඉඳලා හදන්න ඕන නිසා... මොන්ටිසෝරී චීචර් කෙනෙකුට දුන්නා නම් හරි....

    මේ ගොනා මෙහේ ඇමති උනාට කමක් නෑ... රට නියෝජනය කරන්න ස්වාසිලන්තෙටවත් යවන්න එපා...

    අර නිදහසේ ලව් කිරිල්ල නම් ජෝක් එකක්... ලව් කරාට නම් අවුලක් නෑ.. සෙක්ස් කරන්න ගිහින් තමයි නාන්නේ..

    ReplyDelete
    Replies
    1. දශක තුනක් පුරාවටම යුද්ධ කරන සමාජයක් සහ එකිනෙකාට වෛර කරන සමාජයක් දුටු තරුණ තරුණියන් ආදරය කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලමින්, යුද්ධයට ප්‍රතිවිරුද්ධ, ප්‍රචණ්ඩත්වයට එරෙහි ව එකිනෙකාට ආදරය කිරීමේ සංස්කෘතියක් පිලිබඳ කරන ඉල්ලීම ජෝක් එකක්ද?

      Delete
    2. ලව් කිරීම ජෝක් එකක් වන්නේ ලව් කිරීම ජාතිවාදී පදනමකින් සිදු කරන නිසයි. සිංහල - සිංහල ජෝඩු, දෙමළ - දෙමළ ජෝඩු, මුස්ලිම් - මුස්ලිම් ජෝඩු, යනු ජාතිවාදි ජෝඩු ය. නමුත් සැබෑ ආදරය යනු ජාති, ආගම්, ආදී සීමා ඉක්මවා පවතින්නකි. ජාතියට ගැලපෙන ජාතිය, ආගමට ගැලපෙන ආගම, කුලයට ගැලපෙන කුලය, රැකියාවට ගැලපෙන රැකියාව, ඉගෙනීමට ගැලපෙන ඉගෙනීම, ප්‍රදේශයට ගැලපෙන ප්‍රදේශය, පෙනුමට ගැලෙපෙන පෙනුම, චරිතයට ගැලපෙන චරිතය, පවුල් පසුබිමට ගැලෙපෙන පවුල් පසුබිම, ආදී වශයෙන් කොල්ලා කෙල්ලව හෝ කෙල්ල කොල්ලාව හෝ තෝරාගෙන ඇත්නම්, එවැනි ජෝඩු අතරේ සැබෑ ආදරයක් තිබිය හැකි නොවේ. ලව් එක ජෝක් එකක් වන්නේ එතැනදීය. එම නිසා මේ සීමාකම් වලට කොටු වී පවතින ආදාරයක්, සැබෑ ආදරයක් සේ සැලකිය නොහැකි වෙයි. විශේෂයෙන්ම මෙවැනි ආදරයක්, සමාජවාදීන්ට සැබෑ ආදරයක් ලෙස සැලකිය නොහැකි වෙයි. එම නිසා ලව් කිරීමේ නිදහස හිමිවිය යුත්තේ එකී සීමා කම් ඉක්මවා ලව් කරන ජෝඩු වලට, එනම් ලව් එක ජෝක් එකක් නොකරන ජෝඩු වලට පමණි.

      Delete
  5. "අප කටයුතු කරන්නේ මේ සමාජය පියවරක් හෝ ඉදිරියට ගන්නට ය. අප සමාජවාදයට ළං වන්නේ ඒ අනුවයි.

    සමාජවාදී විය හැක්කේ එච්.අයි.වී. ආසාදිතයන්ට හෝ වෙනත් ඕනෑම කොණ් කරනු ලබන සමාජ කණ්ඩායමකට සාධාරණ අන්දමින් සැලකිය හැකි සමාජයකටයි.

    සමාජවාදී විය හැක්කේ ආදරය කරන සමාජයකටයි. "
    මෙවන් පරමාදර්ශී සමාජයක් තියෙනවද කොහේ හරි? ලංකාවේ මිනිසුන්ගෙ හදවත් බුද්ධිමත් වෙයිද කවදා හරි මේ තරමට?

    ReplyDelete
  6. මං සාමාන්‍යයෙන් දේශපාලකයින්ට කැමති සාපේක්ෂව පමණයි. ඒ කියන්නෙ මං වඩා අකමැති එවුන්ට විරුද්ධවෙන එවුන්ට ඒ නිසා පමණක් කැමතියි.
    ඒත් ඊයෙ කලාතුරකින් මං දේශපාලකයෙක්ව අගය කලා.
    හර්ෂ සිල්වා අර සෙකුයුරිටි බූරුවන්ට පමණක් නෙමෙයි උන්ගේ ක්‍රියාකාරී අද්යක්ශකටත් කියපුදේ නිසා. ඒ මොනවත් නිසා නොව මට උන්ට කියන්න, උන්ගෙන් අහන්න හිතුන දේවල් ඔහු කිව්ව ඇහුව නිසාය.

    අජ්ජාපන ඇමතිනම් මට අපේ දේශපාලකයන් ගැන ඇති තක්සේරුව තහවුරු කලේය

    ReplyDelete
    Replies
    1. සික්කො දෙන්නගෙ වැඩේ වැරදියි. ඒත් මෙහෙම ප්‍රසිද්දියෙ ඇමති ඇවිල්ල මාද්‍ය එක්ක සොක්කොන්ට ගෙම්බර් දාන එක ලොකු වැඩක් නෙවෙයි. මේකට කරන්න තිබුනෙ අදාල පුද්ගලයො දෙන්නට පරීක්ශනයක් කරන්න අමාත්‍යාංශය මගින්. මේක නිකං මර්වින් ස්ටයිල් වැඩක්

      Delete
    2. හර්ෂ ද සිල්වාගේ ගොන් චූන්. අර වගෙ අහින්සකයෙක් ලගට මිනිස්සු 30ක් විතර එක්කන් ගිහින් media වලටත් කතා කරල මුලු රටටම පෙනෙන්න ලැජ්ජ නොකර ඕක හිමිට බෙරන්න තිබුනෙ නැද්ද? ලකුනු දගන්න අහින්සකයන්ව බිල්ලට දෙන සත්තු.

      මුන් වගේ ගොන් ආතල් දෙන මුසල හැත්තක්. තේරෙන්නේ නෑ ඇමති කෙනෙක් ටෝකක් දුන්නහම සික්කෝ හොල්මන් කියල නැත්නම් උන්ගේ ජොබ් එක සුන් නේ. මේවා තමයි පබ්ලික් ලොල් (LOL)

      Delete
    3. ගරු හර්ශ් ඩි සිල්ව ඇමතිතුමනි,

      පෙම්වතුන්ගේ පූජනීය අයිතිවාසිකම් දිනා ගැනීමට තම දිවි දෙවෙනි කොට කුරිරු ආඥාදායක සිකියුරිටියන් හා සටන් කල ඔබ සැබෑ හෙල විරුවෙකි.

      එදා නිහීන අධිකාරිවාදී සිකියුරිටියන්ගේ යකඩ සපත්තුවට පෑගෙමින් තිබූ පෙම් අයිතීන් අරඹයා දිවි හිමියෙන් සටන් කර ඔබ පෑ නිර්භීත භාවය අනාගත පෙම්වතුන්ගේ තුඩින් තුඩග රැව් දෙනු ඇත.

      හෙලයේ පිනට උපන් පුතනුවනි, පෙම්වතුන් ගේ ගැලවුම් කරුවාණනි, සිරිලක වැලන්ටයින් කුමරුවාණනි, අපගේ පශ්චාත් භාගයෙන් නැගෙන්නා වූ ජය ඝොෂා නාදය අප ඔබට මෙසේ පුදකර සිටින්නෙමු.

      Delete
    4. මං ඒකට කැමති ඔහුගේ දේශපාලනයක් හෝ වෙනත් දේ නිසා නෙමෙයි. මට ඒ සිකියුරිටි බූරුවන්ගෙන් අහන්න හිතුන දේම ඔහු උන්ගෙන් ඇසූ නිසා. ගෙම්බර් දැම්මනම් වැරදියි. හැබැයි ඇසූ හා කී දේවල් හරි

      Delete
    5. ඇමතිතුමාම කට්ටිය යවල ඵයාම ඇවිත් මාධ්‍ය ඉස්සරහ විරයෙක් උනා. මෙම සිකියුරිටියන් දෙදෙනාට ද අනාගතයේ දේශපාලනය කිරීමට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබේ !

      Delete
    6. කපල් එකකට එතනට එන්න ඕනෑනම් ලමයෙක් සමග පැමිණිය යුතුයයි කියන ජාතියේ තර්ක ගෙම්බර් හා නීති දමන සිකියුරිටි ගරු බූරුවන් දෙන්නා අද්ධ්‍යාපන හා උසස් අද්ධ්‍යාපන ඇමතිධුරවලටද සුදුසුය.

      Delete
    7. මය්ක් එකක් දෙකක් ඉස්සරහ මර්වින්ගෙය් හර්ෂගෙය් වෙනසක් නෑ.

      කොළඹින් පාර්ලිමේන්තු ගිහින් කිසිම වැඩක් නොකරපු පොතේ ගුරෙක් වෙච්චි හර්ශ හදන්නේ රන්ජන් වගේ පොර ටෝක්ස් සහ මාධ්‍ය සංදර්ශනවලින්ම ජාමෙ බේරගෙන ශේප් වෙන්න. හැබැයි අකිල කාරියවසම් ඇමතිතුමානම් වඩා ප්‍රායෝගික බව පෙනෙනවා. ඔහුට කොතරම් පැරාලා මඩ ගැහුවත් ඔහු කියපුදේ ඇත්තකුත් තියෙනවා නේද? පිඟන් හෝදන උන් අතින් පිඟන් බිඳෙනව වගේ. හැබැයි මර්වින්, විකටවංස, ගොංමංපිල, ගොංජා, දැන් හර්ශ වගේ පඩ ශෝ කාරයින්ටනම් මොලේ කලඳක් නැති මැටි මෝල් රසිකයින් (භක්තිමත් බැතිමතුන් ලොල්) ගෙන් අඩුවක් නැතිබව කමෙන්ට් වලින් පේනවා.

      Delete
    8. //හැබැයි අකිල කාරියවසම් ඇමතිතුමානම් වඩා ප්‍රායෝගික බව පෙනෙනවා.// //(භක්තිමත් බැතිමතුන් ලොල්) ගෙන් අඩුවක් නැතිබව කමෙන්ට් වලින් පේනවා.//
      LOL!

      Delete
    9. කපල් එකක් අත් අල්ලාගෙන හෝ එකතැන වාඩිවී හෝ සිටීම 'වනචර' දෙයක් කියන ගොන්බිජ්ජන් මහමධික ආගමට හැරී සව්දි අරාබියට හෝ ඇෆ්ගනිස්තානයට යෑම හොදය.. ඒවායේ ඔය 'වනචර' වැඩ සිදු නොවන අතර රූම් යෑම වැනි 'අහස පොලව නුහූලන අපරාධ' කරන වේසියන්ව ගල්ගසා මරනු ලැබේ

      Delete
    10. AnonymousMarch 7, 2016 at 8:24 PM

      අදාළ නැති විකාර කියවන අමුම අමු නපුංසක පින්ගොනෙක් රීලා ගිහින්, කොහෙද පොල් බූරු හිවල් මොටෝ මේකෙ "කපල් අත් අල්ලගෙන ඉන්න එක වැරදියි" වගෙ පුහු සදාචාරයක් ගැන කියල තියෙන්නෙ? තොට අන්දකයිප්පු කැවිලද?

      Delete
  7. දැන් ඔතන ආරක්ෂකයින් ඉවක් වෙලා ප්‍රේම ව(ලත්ත)න්තයින් නිදහ‍සේ "හැසිරෙන්න" පටන් ගත්තම පාසල් සිසුන්ට තහනම් ප්‍රදේශයක් කරන්න වෙයි. අපේ පෙම්වතුන් බස් වල කරන දේවල් දැක්කම​, ඔතන හොඳට ඉඳී කියලත් හිතන්න අමාරුයි. ඉදිරියෙදි "නිදහස් ගෙස්ට් හවුස් - කාමර පහසුකම් ඇත." කියල‍ා බෝඩ් එකක් ඔතන තිබුනොත් පුදුම වියයුතු නැත.

    ReplyDelete
  8. මට හිතෙනවා ඔවුන් එදා Security Guards දුන් උපදෙස වැරදි නැති බව. අප දරුවන් ඉදිරියේ යම් කිසි කෙනෙකු නොහොඹිනා ලෙස හැසිරෙන විට අප පත්වන අපහසුතාවය කොපමණද? අප නිදහසේ නාමයෙන් එම වැදගත් ස්ථානය කිලිටි නොකළ යුතුයි. මාගේ හත්මුතු පරම්පරාවම කොළඹ නගර වැසියන්ය. මෙම නගරයේ සෞන්දර්යය මෙන්ම විනය සහ සාරධර්මද රැක ගැනීම අප සියලු දෙනාගේ යුතුකමයි. රජය පැවති සම්ප්‍රදාය රැක්ක අහිංසක මිනිසුන් දෙදෙනෙකුගේ රැකියාව නැති කිරීම ගැන කණගාටු වෙමි. මේවා හොඳට වඩා නරක පූර්වාදර්ශයක් වේවි. මදක් සිතා බලන්න. අප තවමත් ප්‍රමාද නැත.

    ඔවුන් ක්‍රියාත්මක කලේ පැවැතගෙන ආ සම්ප්‍රදාය මිස, මිනිස්සුන්ට ගෙම්බර් දාන්න නෙමේ. යම් කිසි සමාජයක හැසිරීම සහ පාලනය ලිඛිත නීතියෙන් මෙන්ම දිගු කාලීනව පැවැත එන සම්ප්‍රදායන්ගෙන්ද සිදුවන බව නොකිවමනාය. මම සහ මගේ බිරිඳ මීට වසර විස්සකට පමණ පෙර මෙයට මුහුණ දුන්නා. ඔවුන් අපට කාරුණිකව පැවසුවේ බොහෝ අය සිටින පහල ඇති විශාල ප්‍රදේශයේ අසුන් ගන්නා ලෙසයි. අප විරෝධතාවක් නොදක්වා එය පිලි පැද්දෙමු. පසුකාලීනව දරුවන්ද සමග ගොස් ඔවුන් සමග විනෝද වූයෙමු. කිසිම බාධාවක් පැමිණියේ නැත.

    ReplyDelete
    Replies
    1. /නිදහසේ නාමයෙන් එම වැදගත් ස්ථානය කිලිටි නොකළ යුතුයි. මාගේ හත්මුතු පරම්පරාවම කොළඹ නගර වැසියන්ය. මෙම නගරයේ සෞන්දර්යය මෙන්ම විනය සහ සාරධර්මද රැක ගැනීම අප සියලු දෙනාගේ යුතුකමයි/

      සපත්තු, සෙරෙප්පු, තොප්පි ගලවා දනගා ගෙන ඇතුළු වෙමු. මල් පහන් පුදමු, සුවඳ දුම් අල්ලමු, ලවුඩ් ස්පීකර් දමා පැයෙන් පැයට ජාතික ගීය වාදනය කරමු ...

      Delete
    2. ඈ ගුණේ,

      ඔය ඉතින් ආයෙත් මැටි කතාවක් කියල තියෙන්නෙ? ඇත්තටම උඹල වගේ මැටිගොඩවල් හින්ද තමයි ගොන්ජා, මර්වින්, වීරවන්ස, ගම්මා වගේම හර්ශ ඩි සිල්වා වගේ මෙලෝ රහක් නැති බොරු ශෝ කාරයෝ මනාප ලක්ශ ගනන් ගන්නෙ. හඳ පෙන්නුවම ඇඟිල්ලෙ ඇද හොයන්වා.

      ඉස්සෙල්ල උඩ එකා කියල තියෙන්නෙ මොකද්ද කියල හරියට තේරුම් ගනින්. නිදහස් චතුරස්‍රේ කියන්නේ රටේ නිදහස සමරන්න හදපු විශේෂ තැනක් මිසක් පන්සලක්වත් කෝවිලක් වත් නෙවෙයි. අනෙක ඒක ඕන එකෙක්ට හිතේ හැටියට පිස්සු කෙළින්න තියෙන ගෙස්ට් හවුස් එකක් හරි බඩු පොට් එකකුත් නෙවෙයි.

      නිදහස් චතුරස්‍රේ කියන්නේ රටේ නිදහස සමරන්න හදපු සුවිශේෂ ජාතික වශයෙන් වැදගත් තැනක් මිසක් පන්සලක්වත් කෝවිලක් වත් නෙවෙයි. අනෙක ඒක ඕන එකෙක්ට හිතේ හැටියට පිස්සු කෙළින්න තියෙන ගෙස්ට් හවුස් එකක් හරි බඩු පොට් එකකුත් නෙවෙයි. ඉතින් ඔතනට යන එවුන් දැනගන්න ඕන මේතන මොකක්ද මෙතන අපි කරන්නෙ මොකක්ද කියන එක. එහෙම අවබෝධයෙන් යුතුව නිදහසේ හැසිරෙන එකෙ අවුලක් නැහැ. නමුත් මෙතන මුන් කිසිම අවබෝධයක් නැතුව ප්‍රසිද්ධියේ ආතල් ගන්න වනචර පොට් එකක් කරගත්තු එක වැරදියි. ඒකට තියෙනව විහාරමහාදේවි පාක් එක වගේ තැන්. නැතුව ඔය වගේ ගොන් විදිහට වැඳවැටීගෙන දඟලන්න තරම් පිස්සු නැහැ මිනිස්සුන්ට.
      සියලුම දෙනාට මේ නිදස විදින්න අයිතියක් තියනව. ඒ වගේම ඒ නිදහස අයුතු ලෙස යොදගනිම නිසා තමා නිති පනවන්න හදන්න හේතුව. මේ නිදහස වගකිමෙන් විදින්න.

      "The right to swing my fist ends where the other man's nose begins." - Oliver Wendell Holmes

      Delete
    3. කපල් එකක් අත් අල්ලාගෙන හෝ එකතැන වාඩිවී හෝ සිටීම 'වනචර' දෙයක් කියන ගොන්බිජ්ජන් මහමධික ආගමට හැරී සව්දි අරාබියට හෝ ඇෆ්ගනිස්තානයට යෑම හොදය.. ඒවායේ ඔය 'වනචර' වැඩ සිදු නොවන අතර රූම් යෑම වැනි 'අහස පොලව නුහූලන අපරාධ' කරන වේසියන්ව ගල්ගසා මරනු ලැබේ

      Delete
    4. AnonymousMarch 7, 2016 at 8:23 PM

      තව ටික දවසකින් පාර මැද්දේ හැමිනෙන්නත් ඉල්ලහං. හිටපු ගමන් අමු හෙළුවෙන් එහෙම ප්‍රොටෙස්ට් කරන දවසට මටත් කියහන්. ඉන්ටවීව් එකක් එක්ක වැල සයිට් එකක පෝස්ට් එකක් දාන්න පොටෝ එකත් එක්කම. මොකෝ වෙන මාද්දිය වල දාන්න බෑනේ. ඔවැනි වනචාරි පවුල් මුඩුක්කු පරිසරයේ සිටිනවා. අපට අපේ දරුවන් වැදගත් විදියට හදා ගන්න ඉඩ දෙන්න. ඔයා ඔයාගේ දරුවත් එක්ක බ්ලූ ෆිල්ම් එකක් බලාගන්න.

      Delete
  9. නිදහස් චතුරශ්‍රය තුල හැසිරිය යුතු අාකාරය

    කට කන්න බෑ
    මිරිකන්න බෑ
    අත දාන්න බෑ

    ReplyDelete
    Replies
    1. උඹ තකහනියෙම කෙළගෙන ආවෙ "ගේ කපල්ස් වලටත් ඉන්න දෙන්නෙ නෑ" කියල සික්ක කියපු කතාවට මල පැනල නේද?

      යකෝ පෙම්වතුන් කියන්නේ එකක් වනචර කපල් කියන්නේ තව එකක්. දැන් කපල් ගිහින් ඕක නිසා හෙන අජූත විදිහට තව වනචර වැඩ කරන්න ගියොත් තමයි ගේම. එකට කරන්න තියෙන්නේ CCTV සවි කරලා වනචර උන් අල්ලලා උසාවි දාන එක. එතකොට කව්රුත් හොදට ඉදල යාවි. Security Guards ඕනේ නැහැ. පොලිසියට ඔප්පු කරන්න සාක්කිත් තියෙනවා. දෙකම කෙරෙනවා.

      Delete
  10. bohoma hoda adahasak eath kriyatmakakarana aya hterumganne nathnam apita balakaranna thama wenne .

    ReplyDelete
  11. Not in Sri Lanka:
    http://www.cnn.com/2016/03/06/middleeast/babak-zanjani-death-sentence/index.html

    ReplyDelete
  12. මගේ අදහස් මෙසේ දැක්වීමට බලාපොරොත්තු වෙමි.

    පවුල සම්බන්ධ අර්ථ දැක්වීම.

    අවුරුදු 2500 ක මහා සංස්කෘතියක් ඇති කීවද සංකෘතික අමාත්‍යංශයෙන් උපදෙස් ලැබී ඇත්තේ පවුලක් වීමට නම් ළමයෙක් සිටිය යුතු බවයි. එත් ළමයා ගෙදර තබා ස්වාමියා සහ බිරිද පමණක් නිදහස් චතුරශ්‍රයට එන්නේ නම් එවිට ඔවුන් පවුලක් නොවේ. මේ අනුව නම් මදසරු භාවයට පත් විවාහකයන්ට නිදහස් චතුරශ්‍රයේ ප්‍රේම කිරීම සද කාලිකව තහනම්ය. කවුරුන් හෝ ඊට එකගද ?

    සංක්ෂිප්තව ප්‍රශ්නය ගැන මගේ අදහස

    ගැහැනුන්-මිනිසුන් ගේ ප්‍රේමය නිදන කාමරයට සිමා විය යුතුයි සිතන ගෝත්‍රික අදහස ලංකාවේ සමාජය දැනටම බොහෝ දුරට විනාශ කර හමාරය. දරුවන් ඉදිරියේ බිරිඳට හාදුවක් දීමටත් පැකිලෙන පියවරුන් සිටින සමාජයට කඩාවැටීමේ අවසානය මෙය නොවේ. දේමවුන්පියන්ගේ ආදරය ප්‍රේමය (ලිංගික ක්‍රියා නොවේ) නොදකින දරුවන්ගෙන් සෑදෙන සුරතාන්තය නොදන්නා සමාජය ගැන ඔබද ඕනේ තරම් කතා කර ඇති බව මට සිහිවේ. යහපත් සමාජයකට ප්‍රේමය අත්‍යවශ්‍යය. ලගින් වාඩිවී සිටින යුවලක් දුටුවිට අපොයි මුන්ගේ වනචර කමයි කියන උපසකම්මලගේ තැනට තමුන් ලෝකය ගැන බොහෝ දේ දන්නවා යයි කියාගන්නා ගොඩ පෙරකදොරුවන් ද වැටීම එක්තර ආකාරයක සරදමක් බඳුය.

    ලංකාවේ පෙම්වතුන් මහමග උයන්වල පෙම් කරන්නේ ද අශෝභන ලෙස යම් යම් ලිංගික ක්‍රියා කරන්නේ ද ඇයි ? පිට රටවල මෙන් තරුණ තරුණියන්ට තමුන්ගේ අපාර්ට්මන්ට් එකක් ඔවුනට නැත. බෝඩිමක් වුවද 10 ක් පමණ සිටින කුකුල් කුඩුවකි. ප්‍රේම කිරීමට ෆිල්ම් හෝල් බොක්ස් එකකට ගියද පොලිසියෙන් පැන සෝදිසි කරයි. කාමරයකට ගියහොත් එකෝ වීඩියෝ කරයි නැතහොත් පොලිසියෙන් පැන ගණිකාවක් ලෙස හංවඩු ගසා කෙල්ල කුදලාගෙන යයි.

    තරුණ වයසේ සිටින පෙම්වතුන්ට යන්තම් හෝ ලිංගික ක්‍රියාවක් කිරීමේ නිදහස කොතන හෝ තිබිය යුතුය.එසේ නිදහස් තිබෙන්නේ ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට අයත් වර්ග කිලෝමීටර 65,610 න කොතනද ?

    ලෝකයේ අනෙක් රටවල තරුණ තරුණියන් විදිනා නිදහස අපේ එවුන්ට අකැපද ? අපේ තරුණ උන් සිටින්නේ රට කා පෙන්ෂන් ගිය නාකින්ට පින් පඩිය ගෙවීමට උදේ සිට හවස් වෙන තුරු කබුරා ඩොලර් හම්බු කරදීමට පමණද ? ලෝකයේ බොහෝ රටවල් දුටු ඒවායේ ජීවත් වූ ආචාරය හර්ෂ ද සිල්වා මන්ත්‍රී වරයා මීට මැදිහත්වීමට ආසන්නම හේතුව ලෙස මම දකින්නේ ඔහු දුටු ලෝකය දැක ඇති ප්‍රමාණයයි.

    මම ආචාරය හර්ෂ ද සිල්වා මන්ත්‍රී වරයාගේ මීට මැදිහත් වීම අගය කරමි. දරුවෙන් රැගෙන නොගොස් විවාහක යුවලකට පවා එළිමහනේ එකතැන වාඩිවී සිටිය නොහැකි යයි නීති පනවන සංකෘතික අමත්යන්ෂයක නීති යටතේ ජීවත් වීමට මම සුදානම් නොමැති බැවිනි.

    එළිමහනේ ප්‍රේම කිරීමට නම් දරුවෙක් ද රැගෙන යායුතුවීම අනිවාර්ය වූ රටක ජීවත් වීමට අවශ්‍ය ඔබලාගෙන් කාටද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා