බෝම්බ හම්බ වුණාම ජී.එල්. පීරිස්ට මේ තරම් ජොලි ඇයි?

චාවාකච්චේරියේදී හා මන්නාරමේදී සියදිවි නසාගැනීමේ ඇඳුම් කට්ටලයක් හමු වීමත් සමග ජී.එල්. පීරිස්, තිස්ස විතාරණ, මහින්ද යාපා අබේවර්ධන වැනි අය අමන්දානන්දයට පත් වී වහා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා සිය සතුට ප්‍ර‍කාශ කරමින් ආණ්ඩුව ජාතික ආරක්ෂාව නො තකා හැර ඇති බවට චෝදනා එල්ල කළේ ය. 

ඔවුන්ට අමතක වී ඇති මූලික කාරණය වන්නේ සිදු වී තිබෙන්නේ පිපිරීමක් නො වන බවයි. සිදු වී තිබෙන්නේ විනාශයක් සඳහා යොදා ගත හැකිව තිබුණු භයානක ද්‍ර‍ව්‍ය ප්‍ර‍මාණයක් කල් තබා සොයා ගැනීමයි. 

එය ආරක්ෂාව පැත්තෙන් ජයග්‍ර‍හණයකි. එම සොයා ගැනීම කළ අය ප්‍ර‍ශංසාවට ලක් කළ යුතු ය. එහෙත්, ජී.එල්. පීරිස් වැනි මහින්දගේ අන්තේවාසිකයන් මේ කරන්නේ කුමක් ද? 

දැන් ඔවුන්ට තිබෙන ප්‍ර‍ශ්නය එය සොයා ගැනීම බව පෙනේ. සිංහල පත්තර පිටුවක ඔතා තිබුණු මෙම බෝම්බය පුපුරුවනු ලබන තැනට ගියා නම් ඔවුන් මීට වඩා අමන්දානන්දයට පත් වී “අපි ඔය ටික කිව්වා," යි කියමින් උඩ පනිනු ඇත. 

තමන්ගේ දේශපාලන ඉච්ඡා භංගත්වය මේ අයුරින් සනසා ගැනීම කෙතරම් පවිටු ක්‍රියාවක් ද යන්න සිතා බලන්න. තමන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා බෝම්බ පුපුරන තෙක් බලා සිටින මෙවැනි අය නියම ත්‍ර‍ස්තවාදියෝ ය. 

අවධානය යොමු විය යුතු තවත් සිදුවීමක් දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ද සිදු වී තිබේ. එහි ගමන් කරන වාහනවලට ගල් ගසන්නන් ජී.එල්. පීරිස්ලාගේ පහළ මට්ටමේ ගෝලබාලයන් වන්නට පුළුවන. ඒ ගැන වහා සොයා බැලිය යුතු ය. 

ගරිල්ලා යුද්ධයක් යනු සම්ප්‍ර‍දායික යුද්ධයකට වඩා භයානක විය හැකි තත්වයකි. උදාහරණයක් ලෙස යුරෝපය මේ මෙහොතේ මුහුණ දෙමින් සිටින්නේ නාගරික ගරිල්ලා යුද්ධයකටයි. පවිටු අරමුණු ඇති සුළු පිරිසකට පුපුරන ද්‍ර‍ව්‍ය රැස් කර, බෝම්බ හදා, එයින් සිවිල් වැසියන් ඝාතනය කර විශාල විනාශයක් ඇති කරන්නට හැකියාව තිබේ.

ජී.එල්. පීරිස් කියන අන්දමින් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත රැක ගත්තා ය, ආරක්ෂාව තර කළා ය, හමුදා නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියාමාර්ග හා අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කර සිටියා ය කියා ත්‍රස්තවාදය නැති වන්නේ නැත. 

එයට කළ යුතුව තිබෙන්නේ ජනතාවගේ ප්‍ර‍ශ්න විසඳීමයි. දෙමළ ඊලාම් අරගලය ඇති වූයේ හුදෙක් ම ආර්ථික ප්‍ර‍ශ්න නිසා නො වේ. එතැන පැහැදිලි දේශපාලන ප්‍ර‍ශ්නයක් තිබිණි. යුද්ධය අවසන් කර වසර හතක් ගත වී ඇතත්, තවමත් මෙම දේශපාලන ප්‍ර‍ශ්නය ආමන්ත්‍ර‍ණය කිරීම සඳහා පියවර ගෙන නැත. 

දහස් ගණනින් මිනිස් බෝම්බ නිර්මානය කළ ප්‍ර‍ශ්නය එහෙමම තබාගෙන ආරක්ෂාව තර කළ පමණින් නැවත මිනිස් බෝම්බ නිර්මානය වීම නවතින්නේ නැති බව ජී.එල්. පීරිස් හා ඔහුගේ හාම්පුතුන් තේරුම් ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    සිදුවන ක්‍රියාවලිය අපි පැහැදිලිව තෙතුම් ගත යුතුයි. දමිල දෙසපලන්නයන් කරන්නේ විශාල වංචාවකි අද වනවිට උතුරේ සංවර්දනයට ලබාදෙන ලද අරමුදල් වලින් පාවිච්චි කර ඇත්තේ 20% පමණයි
    http://www.dailymirror.lk/107613/Wigneswaran-s-behaviour-hindrance-to-reconciliation

    මෙයින් පැහැදිලි වන්නේ මේ දෙමල දෙසපලන්යන් උවමනාවෙන්න් රටේ ප්‍රශ්න ඇති කරන ආකාරයයි.

    මේ නිසා දෙමල ජනතාවට සොයන්නිර්ණ අයිතිය ලබාදීම වැනි ගොන් කතා කියමින් සිටීම නෙමෙයි කල යුතු, කරන්න ඕනේ ලී කවන් යු කරපු විදියට දැඩි නීති මගින් රටේ සංවර්දනය වේගවත් කිටිමයි.

    ReplyDelete
    Replies
    1. දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ගැන මම නම් මෙතන මොකවත් ලියලා නැහැ. ඒ ගැන ඔබයි කියන්නේ.

      //කරන්න ඕනේ ලී කවන් යු කරපු විදියට දැඩි නීති මගින් රටේ සංවර්දනය වේගවත් කිටිමයි.//

      2015 වනතුරු සුළු ජාතීන් සම්බන්ධයෙන් රටේ ඉතා දැඩි ක්‍රියාමාර්ග තිබුණා. කො ඉතින් රට සංවර්ධනය වුණා ද?

      උතුරේ විතරක් නෙමෙයි, දකුණේත් අපට සිටින දේශපාලන නායකයන්ට වැඩ බැහැ. මධ්‍යම ආණ්ඩුවෙන් දෙන සල්ලි ආපසු හරවා එවන එකම පළාත් සභාව උතුර විතරක් නෙමෙයි. ආණ්ඩුවෙන් දෙන සල්ලි පාවිච්චි කරන්න බොහෝ රාජ්‍ය ආයතනවලට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි විදේශ ණය, ආධාර වුණත්.

      මේවාට විසුම් තිබෙන්නේ තද නීතිවල නෙමෙයි. සමස්තයක් ලෙස ධාරිතා වර්ධනයේ හා ඵලදායිතාව ඉහළ නැංවීමේයි.

      නිදසුනක් ලෙස රජයේ සේවය ගන්න. ඒකේ ධාරිතාව, ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ නංවන්නේ නැතිව පොදු මහජන අරමුදල් මකර කටට දානවා වගේ එතැනට දාන එකේ වැඩක් තිබෙනවා ද?

      නායකයන් වගේ ම ජනතාවත් මෙයට වග කිව යුතුයි.

      Delete
    2. ලාන්කික සිතුවිලි කියාගෙන මරාගෙ සිතුවිලි ප්‍රමෝට් කරන ගොන්බිජ්ජ ආයෙත් හදන්නෙ 'මරාගෙ කාලෙ වගේ මර්ධනකාරී තද නීති තිබුනනම් හොදයි' කියල වහෙන් ඔරෝ කඩේ යන්න නේද... එදත් කිව්වනේ, ඔහේ ලංකාවෙ ජනාධිපති නෙමේ, ඔහේට ඔනෙ විදිහට නෙමෙ රට කරන්නෙ.. කඩේ යනවනම් පිරිමියක් වගේ කෙලින් කඩේ යනව, නැතිනම් කටයි *කයි වහගෙන 2020 වෙනකම් ඉවසල ඉන්නව

      Delete
    3. පැරා,
      //දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ගැන මම නම් මෙතන මොකවත් ලියලා නැහැ//

      ඒ උනාට ඔබ තුමා ඒගැන කොච්චර දේශනා කරලා තියනවද ?

      //2015 වනතුරු සුළු ජාතීන් සම්බන්ධයෙන් රටේ ඉතා දැඩි ක්‍රියාමාර්ග තිබුණා. කො ඉතින් රට සංවර්ධනය වුණා ද? //

      ඔබ ලගදි කිලිනොච්චි වල ඉඳල බ්ලොග් ලිව්වා නේද ? එතකොට අවුරුදු 30 ක් යුද්ද කල පැත්තක බ්ලොග් ලියන්න පහසුකම් තියනවා නේද ?
      ඔබට මතකද ඔබ කිව්වා කොපමණ අපහසු වුනාද කියල අන්තර්ජාල පහසුකම ගම්පහ පැත්තේ තියන ඔබේ ගෙදරට ගන්න, ඉතින් ඔය දිවුණු වෙලා තියෙන්නේ (රාජපක්ෂලා හොරකම් කලත් )

      //උතුරේ විතරක් නෙමෙයි, දකුණේත් අපට සිටින දේශපාලන නායකයන්ට වැඩ බැහැ.//

      100% එකගයි මේ ආණ්ඩුව ගැන බැලුවහම 1000% ක් එකගයි.

      //නිදසුනක් ලෙස රජයේ සේවය ගන්න. ඒකේ ධාරිතාව, ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ නංවන්නේ නැතිව පොදු මහජන අරමුදල් මකර කටට දානවා වගේ එතැනට දාන එකේ වැඩක් තිබෙනවා ද? //

      පැරා අයියේ ඕක තමයි බන් කිව්වේ තද නීති සහ පසු විපරුමක් කළහැකි ක්‍රමයක් උවමනයි කියල.

      අද මේවා අපුරුවට කරනවා, මම පහසුකම් ලබාදෙන ශ්‍රී ලංකාවේ හෝටලයක් කාමර 100ට වැඩියි නමුත් සියලු තීරණ ගන්නේ Enterprise resource planning (ERP)මගින් කිසිදු සොරකමක් වෙලා නෑ. සේවකයන් අවමයි, අපුරුවට ලාබ ලබනවා, මෙය කරන්නේ ඇමරිකාවේ නෙමෙයි මේ ශ්‍රී ලංකාවේ බව කරුණාවෙන් සලකන්න.

      Delete
    4. AnonymousMarch 31, 2016 at 3:08 PM,

      // කඩේ යනවනම් පිරිමියක් වගේ කෙලින් කඩේ යනව //

      ඇනෝ එන්නතුව පිරිමියෙක් වගේ නමින් ආවනම්
      නිපුන හෝ MAX නමින්

      Delete
    5. උබට නිපුන කියල එකෙක් *කේ ඇරියද බන්?

      Delete
    6. දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ගැන මම නම් මෙතන මොකවත් ලියලා නැහැ. ඒ ගැන ඔබයි කියන්නේ.

      //කරන්න ඕනේ ලී කවන් යු කරපු විදියට දැඩි නීති මගින් රටේ සංවර්දනය වේගවත් කිටිමයි.//

      2015 වනතුරු සුළු ජාතීන් සම්බන්ධයෙන් රටේ ඉතා දැඩි ක්‍රියාමාර්ග තිබුණා. කො ඉතින් රට සංවර්ධනය වුණා ද?

      උතුරේ විතරක් නෙමෙයි, දකුණේත් අපට සිටින දේශපාලන නායකයන්ට වැඩ බැහැ. මධ්‍යම ආණ්ඩුවෙන් දෙන සල්ලි ආපසු හරවා එවන එකම පළාත් සභාව උතුර විතරක් නෙමෙයි. ආණ්ඩුවෙන් දෙන සල්ලි පාවිච්චි කරන්න බොහෝ රාජ්‍ය ආයතනවලට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි විදේශ ණය, ආධාර වුණත්.

      මේවාට විසුම් තිබෙන්නේ තද නීතිවල නෙමෙයි. සමස්තයක් ලෙස ධාරිතා වර්ධනයේ හා ඵලදායිතාව ඉහළ නැංවීමේයි.

      නිදසුනක් ලෙස රජයේ සේවය ගන්න. ඒකේ ධාරිතාව, ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ නංවන්නේ නැතිව පොදු මහජන අරමුදල් මකර කටට දානවා වගේ එතැනට දාන එකේ වැඩක් තිබෙනවා ද?

      නායකයන් වගේ ම ජනතාවත් මෙයට වග කිව යුතුයි.

      Delete
  2. සිංහල පත්තරයකින් ඔතා තිබුණාය යන්නේ ඇති වැදගත්කමක් නෑ නේද?

    මට සිහිවුනේ ජවිපෙ විසින් දයා පතිරණ මරා දැමුවේ උදුවප් පෝය දවසේය යන්න එකල ස්වාධීන ශිෂ්‍ය සංගමය ඒ ගැන කතා කරන හැම විටම අනිවාර්යෙන්ම කීමයි.

    නිපුන, අරලිය වැනි සහල් උරයක දමා තිබුණා නම්?

    ReplyDelete
  3. මේ සිදුවීම ගැන යාපනයේ මාධ්‍යය දැනගන්නත් කලින් නාමල් ට්විටර් පණිවිඩයකින් කියා හමාරයි. ඔහු මේක දැනගත්තේ කොහොමද?
    බෝම්බ කට්ටලය ඔතා තිබී ඇත්තේ 2008 ලංකාදීප පත්තරයකින්... සිංහල පත්තර යාපනයේ පාවිච්චි වෙන්නේම නැතිතරම්...
    මේ හිටපු එල්ටීටීඊ සාමාජිකයා අහල පහල කෙනෙක් නෙවෙයි. මන්නාරමේ ඉඳන් ඇවිත් පදිංචි වී හිටපු කෙනෙක්...
    පහුගිය දවසක ගයන්ත කරුණාතිලක යාපනයේ ගිය අවස්ථාවේ හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් කියා ඇත්තේ ආණ්ඩුවට අවශය විදියට යාපනයේ හමුදාව අඩු කරන්න බැරි බවත් ආරක්ෂක ප්‍රශ්ණ තවමත් පවතින බවත්...
    ආරක්ෂක අංශ වලට උතුරෙන් යන්නට සිදුවේයැයි ලොකු පීඩනයක් තිබුණු බව කියනවා

    ReplyDelete
    Replies
    1. ගෙදර එන්න ලැබීම සොල්දාදුවාට සතුටක් උනාට නිලධාරීන්ටත් ඒය සතුටක් ද ...

      Delete
    2. උඩුවා මහතාට කොහොමත් දෙමළ සහෝදරයන්ගේ වැරදි පෙනෙන්නේ නැහැ නේ.

      Delete
    3. වැරදි පෙනුනොත් මං ඒක කියනවා.. වැරදි කරන එකාට... මෙහේ පරයොන්ගෙ වැරදි වහන්න ඒව පාවිච්චි කරන්නෙ නෑ

      Delete
    4. ඔබ ඉදිරිපත් කර ඇති කරුණු 3, මෙහි පසුබිම පිලිබඳ යම් සැකයක් ඉදිරිපත් කරයි. නමුත් මෙය රාජපක්ෂ බලවේගයට සම්බන්ධ කිරීමට තරම් ඒ සැකයන් ප්‍රමාණවත් නොවන බවයි මගේ අදහස.
      උතුරේ දෙමල තරුණයන් අවස්තාව ක් ලද විගස අවි ආයුධ ගැනීමට පෙලභෙන බව යථාර්ථයයි. එම යතාර්ථය පිලි නොගන්නේ, වසන් කරන්නේ ඇයි ?

      කලිනුත් ඔවුන් අවි ආයුධ බිම තබා හෝ භාර දී යටත් වුවා නොවෙයි. නැවත ඔවුන් අවි ආයුධ නොගැනීමට තරම් ඔවුන්ගේ දේශපාලන /ආර්ථික ප්‍රශ්න සලකා බලා හෝ තිබෙනවාද ?

      Delete
  4. අදත් අනුවේදනීය කතාවක් .

    ReplyDelete
  5. මේ පුපුරන දේවල් ටික මේ වෙලාවෙ එලියට ආවේ නිකන්ම වෙන්නත් බෑ පැරා....දෙපැත්තටම කථා කරවන්න දෙවල් සප්ලයි එකකුත් තියෙන්න එපැයි.....!

    ReplyDelete
  6. මේ ඔත්තුවක් අනුව අල්ලපු එකක් . අනිවාර්යෙන්ම දෙමල අයෙක් ඔත්තුව දෙන්න ඇත්තේ . මම හිතන්නෑ උතුරේ නැවත යුද්ධයකට ඒ මිනිස්සු කෑමතිවෙයි කියල.

    ReplyDelete
  7. මේ බෝම්බය සොයා නොගෙන ජිවිත වැනසී පිපිරිමට ලක්වුනා යයි උපකල්පනය කර ඇතිවන විරසකයත් කෙටියෙන් විස්තර කරන්න පැරකුම් ට පුලුවන්ද

    ReplyDelete
  8. මට මතක් වෙන්නේ හෝ ගානා පොකුණේ අර පොඩිම එකා කියන කතාව...

    "අනේ දෙවියනේ......!!!!"

    බලාගෙන ගියාම මේ යක්කු පොත් ලිව්වට, මහා ළොකුවට පාරම් බෑවට.. මහින්දවත්, ඝෝඨාවත්, ෆොනීවත් යුද්දේ ඉවර කරලා නෑ නේ යකෝ....

    යුද්දෙ ඉවරයි කියලා හිතන උන් තමයි හරක්...

    ReplyDelete
  9. මටත් මේ නිව්ස් එක දැක්ක ගමන්ම හිතුණා මේ නඩේ කට්ටිය මේ විදිහට සතුටුවෙයි කියලා.. ඒක ඇත්තටම වෙලා එහෙනම්..

    ReplyDelete
  10. එක එක්කෙනාගෙ කණ්නාඩි වලින් බල බල හප හප ඉන්න පුළුවන් දවසක් දෙකක්.පැරා.. තොරතුරු දැනගැනීමේ පනත ගැන ඔබේ කියවීම දැනගන්න කැමතියි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක සම්මත කළොත් රනිල්ගේ මල්ලිගේ හොර වැඩ ටිකත් මිනිස්සු දැනගන්නවානේ බං.

      Delete
  11. සේපාල ඒකනායකට එල්ලකල මිනීමැරුම් චෝදනාව (එය ඔප්පුකර නෑ) ගැන මම කියු කතාව මයි. මෙයා මේ සිද්ධීය ගැනත් කියන්නේ. හෙට සිංහල ගමකට පැනලා සිංහල වර්ග සංහාරයක් කලොත් මෙයා ඒකත් සුද්ධ කරයි.

    ReplyDelete
    Replies
    1. ඒක කියද්දි මම මෙන්න මේක දැක්කා එක තැනක තියෙනවා.

      වල්ලිපුරම් රන් සන්නස සහ වල්ලිපුරම් සංහාරය

      මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් විශ්වමඩු පළාතේ පිහිටි වල්ලිපුරම් ගම අපට කිසි කලෙකත් අමතක නොවන්නේ මෙයට දශක කිහිපයකට පෙර එහි පොළව යට තිබී හමු වූ "රන් සන්නස" නිසාය. යාපනයේ සිංහල බෞද්ධ රාජධානියක්‌ තිබූ බව මේ රන් සන්නසෙහි සඳහන් විය. වල්ලිපුරම් රන් සන්නස ලෙස ප්‍රසිද්ධියට පත් මේ රන් පත අද කොළඹ කෞතුකාගාරයේ හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්‌ෂිත ස්‌ථානයක තිබෙනවා විය යුතුය. යුද ජයග්‍රහණය සහ ත්‍රස්‌තවාදීන්ගේ පරාජය නිසා රටට උදා වූ යහපත් කාලය හේතුවෙන් වල්ලිපුරම සහ රන් සන්නස අද අමතකව ගොස්‌ තිබේ.

      එහෙත් පසුගිය සතියේ දී වල්ලිපුරම නැවතත් අපගේ මතකයට නැගුණේ එම ප්‍රදේශයෙන් හමු වූ මිනී වළවල් සමූහයක්‌ නිසාය. යුද සිරකරුවන් හැටියට කොටි සංවිධානය විසින් රඳවාගනු ලැබ සිට යුද්ධයේ අවසන් ගමනේදී වධ දී මරා දමන ලද සිංහල සෙබළුන් 26 දෙනකුගේ ඇටකටු මෙහි තිබිණ. අයවැය ඝෝෂාව හමුවේ යටපත් වී ගිය මේ පුවත ගැන ප්‍රසිද්ධියේ කතා කරන ලද්දේ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ පමණි. මේ මිනී වළවල් යම් හෙයකින් දෙමළ ජනයාගේ ඇටකටු සහිත ඒවා බවට යන්තමින් හෝ සැක පහළ වී නම් මෙහි දිවගෙන ඒමට නියමිතව සිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කී මූන් මහතා සහ වෙනත් පවිටු බලවේග අද නිහඬව සිටින්නේ මන්දැයි පසුගිය 26 වනදා මහරගම තරුණ සේවා සභාවේ පැවැති කැප්පෙටිපොළ සමරු උළෙලේ දී දේශනයක්‌ පවත්වමින් ඔහු ප්‍රශ්න කළේය. එය තමයි සැබෑ තත්ත්වයෘ හේග් නුවර යුද අපරාධ අධිකරණයට හැමදාම නඩු නැත. එය පවත්වාගෙන යැමට නඩු අවශ්‍යයි. මෙකී මිනී වළවල් දෙමළ ජනයාගේ වී නම් මහින්ද රාජපක්‌ෂ සහ ගෝඨාභය රාජපක්‌ෂ පතුරු ගසනු පිණිස මෙය අවස්‌ථාව කර ගන්නවා නියතය.

      සමූහ මිනී වළක්‌ යනු කිසියම් අරගලයක අමිහිරිම මතකය අවදි කරන සිහිවටන වෙති. දෙවන ලෝක යුද්ධයේදී සංහාරය කෙරුණු යුදෙව්වන් ලක්‌ෂ ගණනකගේ සමූහ මිනී වළවල් යුද්ධයෙන් පසු හමුවිය. ඉතියෝපියාව, එරිටි්‍රයාව, කොසෝවා, මොන්ටිනිග්‍රෝ, චෙච්නියා වැනි ප්‍රදේශවලින් අදටත් සමූහ මිනී වළවල් හමුවෙයි. එම ප්‍රදේශවල පැවැති යුද ගැටුම්වලින් අතුරුදන් වූවන් සෙවීම සඳහා එම ප්‍රදේශවල නිතර සැරිසරන අතුරුදන් වූවන්ගේ ඥතීහු සමූහ මිනී වළක්‌ ගැන ආරංචියක්‌ ලද සැණින් කඳුළු පෙරාගෙන ඒ තැන්වලට දිව යති. ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අතුරුදන් වූ සෙබළ සංඛ්‍යාව දහස්‌ ගණනකි. ඔවුන් යළි කිsසිදාක නොඑතත් එතැයි යන අපේක්‍ෂාවෙන් ඔවුන්ගේ ඥතීහු මඟ බලාගෙන සිටිති. වල්ලිපුරම් සමූහ මිනී වළ යුද්ධයේ අඳුරු කාලය අපට සිහිපත් කරයි. කොතරම් වේදනාකාරී මතකයක්‌ වුවද වල්ලිපුරම් සමූහ මිනී වළට නිසි ප්‍රසිද්ධිය ලබාදිය යුතුය. එවිට ලංකාව බලා එමින් සිටිsන ප්‍රතිගාමී බලවේග තාවකාලිකව හෝ ආපසු හැරී යනවා ඇත.

      අවසන් සටන පැවැති වකවානුවේදී රතුකුරුස සංවිධානයද වල්ලිපුරමේ සිටි බව හෙළිව තිබේ. (ඔවුන් ප්‍රභාකරන්ගේ බංකරය තුළද සිටියේ යෑයි හෙළි වුණොත් පුදුම නොවන්නෘ) රත්නම් මාස්‌ටර් නමැති ත්‍රස්‌තවාදියාගේ අණ පරිදි සෙබළුන් 26 දෙනා ඝාතනය කර ඇත්තේ ඒ අතර ය. යුද්ධයේදී මළසිරුරු හුවමාරු කරන්නාගේ භූමිකාව කළේ රතුකුරුස සංවිධානයයි. එහෙත් වල්ලිපුරම් සංහාරය කර ඇත්තේ රතුකුරුසයට නොදන්වාය. දැන ගත්තත් කොටි ප්‍රදේශය තුළ රතුකුරුසය කුමක්‌ කරන්නද? යුද්ධයේ අවසන් කොටසේ දී රතුකුරුස සංවිධානය සහ සටන් විරාම කමිටුව අතර වෙනසක්‌ තිබුණේ නැත. ඒ යුගයේ දී බොහෝ නරක දේ දැක දැකත් නො දැක්‌කා සේ සිටීමට රතුකුරුසයට සිදු වූ බව අපි විශ්වාස කරමු.

      වල්ලිපුරම් මිනී වළ සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමක්‌ හෝ හෙළා දැකීමක්‌ මේ වන තුරු කිසිදු ජාත්‍යන්තර බලවේගයක්‌ විසින් කරනු ලැබ නැත. ජාත්‍යන්තර ප්‍රජාවේ එදිරිවාදී ආකල්පය මේ හැසිරීම තුළින් ඉතා කදිමට පැහැදිලි වේ.

      Delete
  12. පුපුරන්න ඉස්සෙල්ල හොයාගත්තු එකනෙ හොඳ. ඉස්සර කාලෙ තද නීති තිබුනය කිව්වට අනුරාධපුරේ එයාපෝට් එක කුඩු සංසාර වෙන්න ගැහුවෙ නැද්ද? ත්‍රස්තවාදී නායකයා සහ තවත් ප්‍රබලයෝ කණ්ඩායමක් මරල දැම්මට විෂබීජය නැති කරන්නෙ නැතුව ත්‍රස්තවාදය නැති කරන්න බැරි බව තේරුම් ගන්න තරම් මොළයක් තියනවනම් බයියො වෙල ඉඳීවිද?

    ReplyDelete
  13. "අයවැය ඝෝෂාව හමුවේ යටපත් වී ගිය මේ පුවත ගැන ප්‍රසිද්ධියේ කතා කරන ලද්දේ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ පමණි."


    ඒ ඔහු මිනී කාක්කෙක් නිසාය.

    ReplyDelete
  14. 'NIYAMATHRASTHAWAADIYO' niyama wadana !

    ReplyDelete
  15. \\ එයට කළ යුතුව තිබෙන්නේ ජනතාවගේ ප්‍ර‍ශ්න විසඳීමයි. දෙමළ ඊලාම් අරගලය ඇති වූයේ හුදෙක් ම ආර්ථික ප්‍ර‍ශ්න නිසා නො වේ. එතැන පැහැදිලි දේශපාලන ප්‍ර‍ශ්නයක් තිබිණි. යුද්ධය අවසන් කර වසර හතක් ගත වී ඇතත්, තවමත් මෙම දේශපාලන ප්‍ර‍ශ්නය ආමන්ත්‍ර‍ණය කිරීම සඳහා පියවර ගෙන නැත.//

    ප්රශ්නය සහ එයට විසදුම , පැහැදිලිව ඉහත සඳහන් වී තිබේ.
    කුමන්ත්‍රණ කතාවලට, සැක මතු කිරීමට , රාජපක්ෂ කදවුරට බර කිරීමට උත්සාහ ගන්නේ ඇයි ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා