යායක් ලෙස නෙළුම් පිපීමේ වැදගත්කම

නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී 2015 වසරේ හොඳම දේශපාලන බ්ලොග්කරු ලෙස සම්මාන ලැබූ බව සතුටින් ප්‍රකාශ කරමි. කොහෙවත් හිටිය මං දේශපාලන බ්ලොග්කරුවෙක් වෙච්ච අලකලංචිය රසවත් කතාවක් වෙයි කියලා හිතලා පස්සෙ ලියඤ්ඤං කියලා හිතුවා. ලිව්වෙ නැතිනම් මතක් කරන්න. 

2014 වසරේ හොඳම බ්ලොග්කරු වුණේ මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ. දෙවන බ්ලොග් සම්මාන උළෙලට යන විට ඒ ටයිටල් එක පැහැර ගන්නට කාන්තාවක් සමත් වීම මම නම් හිතන්නේ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවක්. මක් නිසාද යත්, බ්ලොගාවකාශය කාන්තාවන්ට නිසි තැන, සම තැන විතරක් නෙමෙයි සම්භාවනීය තැනකුත් දෙන්න සමත් වී තිබෙන බව එයින් ප්‍රකාශ වෙනවා. 

බස්සි හෙවත් යශෝධා සම්මානි ප්‍රේමරත්නට උණුසුම් සුබපැතුම්. 

යාවජීව සම්මානයට පාත්‍ර වූ පුරෝගාමී සිංහල බ්ලොග්කරුවන් දෙදෙනා වන නාලක ගුණවර්ධනට හා රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චිට මීළඟ යුගයේත් පුරෝගාමීන් වන්නට ශක්තිය හා ධෛර්යය පතමි.

සම්මානලාභී අනෙකුත් බ්ලොග්කරුවන්ගේ විස්තර සංවිධායක මණ්ඩලය ඊයේ ලේට් නයිට් බීච් පාටියෙන් පසු අවදි වී, තැඹිලි වතුරෙන් පැනඩෝල් කාරිය බී, හෝන්දු මාන්දු ගතිය නැති කරගෙන කොම්පියුටරය ඉදිරිපිට වාඩි වූ විට අප්ඩේට් වනු ඇත. සියලු දෙනාට උණුසුම් සුබපැතුම්. 

මේ වැඩේට මහන්සි වුණ අජිත් ධර්මකීර්ති ඇතුළු සියලු දෙනා ද සිහිපත් කරමි. 

නෙළුම්යාය දේශපාලනික වශයෙන් වැදගත් අවස්ථාවකි. එක පැත්තකින් එය බ්ලොග්කරුවන්ට ප්‍රසිද්ධිය, පිළිගැනීම ලබා දෙන අවස්ථාවකි. එසේම, තව තවත් පිරිස් පුරවැසි මාධ්‍යකරණය වෙත යොමු කරන්නකි. 

පුරවැසි මාධ්‍යකරණයේ එකම ස්වරූපය බ්ලොග් නො වේ. එහෙත්, තවමත් පුරවැසි මාධ්‍යකරණයේ වඩාත් ම සාර්ථක ස්වරූපය බ්ලොග් ය. ෆේස්බුක්, ට්විටර් වැනි මාධ්‍ය බ්ලොග්වලට වඩා ජනප්‍රිය ය. එහෙත්, ඒවා බ්ලොග්වලට වඩා සීමිත ය. උදාහරණයක් ලෙස බ්ලොග් සටහනක් ඉන්ටර්නෙට්හි ඊ අන්තර්ගතයක් ලෙස සංරක්ෂණය වී පහසුවෙන් ප්‍රවේශ විය හැකි දැනුමක් බවට පත් වේ. එය අන්තර්ගතයක් ලෙස යල් පැන යන්නේ නැත. ඒ නිසා දැනට ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි මාධ්‍ය භාවිතා කරමින් සිටින අයටත් මම නම් නිර්දේශ කරන්නේ තමන්ගේ අන්තර්ගතයන් නිකමට හෝ බ්ලොග්ගත කරන ලෙසයි. එය සමාජ සේවයකි. 

නෙළුම්යාය අඩුපාඩු නැති, පරිසමාප්ත සම්මාන උළෙලක් නො වේ. එහි අඩුපාඩු සාධනීය අන්දමින් විවේචනය කළ යුතු ය. එසේම, නෙළුම්යාය තව පුළුල් විය යුතු ය. 

නෙළුම්යාය සංවිධානය වූ ආකාරය ගැන අජිත් ධර්මකීර්ති වෙන ම විස්තරයක් කරනවා නම් හොඳ ය. ලෝකයේ තැන් තැන්වල විසිරී සිටින පිරිසක්, විධිමත් සංවිධාන ව්‍යූහයක් නැති ව්‍යාපාරයක් තුළ ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වෙමින්, අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධීකරණය වෙමින්, ස්වේච්ඡාවෙන් දායක වෙමින්, ඉන්ටනෙට් හරහා ම සාකච්ඡා කරමින්, සයිබර් අවකාශයෙන් මහ පොළවට පැමිණ භෞතික සම්මාන උළෙලක් සංවිධානය කළ ආකාරය හා එය ලොව පුරා සිංහල සමාජය සමග බෙදා හදා ගත් ආකාරය නවීන සංවිධාන ක්‍රම ගැන කදිම අත්දැකීමක් හා පාඩමකි. 

ඊයේ මා අජිත් ධර්මකීර්ති සමග කතා කරන විටත් මෙය ඔහුට හරියට මීටර් වී තිබුණේ නැත. 

ඔහු ඒ ගැන සවිස්තරව ලිවිය යුතු ය. විශේෂයෙන් ම කමිටු රැස්වීම් බර ගණනක් පවත්වා, සෑහෙන ඉන්ධන, ශ්‍රමය, කාලය වැය කර අතළොස්සක් සහභාගි වන, බලපෑම අවම වැඩසටහන් පවත්වන විකල්ප ව්‍යාපාරවලට වැදගත් පාඩමක් එයින් උගත හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත් අයියේ ...වැඩේ හොන්දටම් කෙරුනා කියලා තමයි දැනෙන්නේ.. මොන මොනා හරි අඩු පාඩුත් තියෙන්න ඇති.
    මේක ඉස්සරහටත් අරන් යන්න පුළුවන් නම් තමයි වටිනාකම...

    ලැබිච්ච සම්මානෙට උණුසම් සුබ පැතුම්...

    ReplyDelete
  2. සුබ පැතුම්...

    ReplyDelete
  3. ඔබට ලැබියුතු සම්මාන ලැබීම ගැන ගෞරවයට අපගේ ආචාරය පිළිගන්න

    ReplyDelete
  4. වැඩේ සාර්තකයි කියන හැගීම ඊයෙ හවසෙ සම්මාන ප්‍රධානයෙන් පස්සෙ අජිත් අයිය එක්ක කතා කරදි තේරුන...

    ReplyDelete
  5. මඩේ ලඟින තාරාවන් නාවන්නද බන්
    ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද බං
    මදනඇතුන් නෙලුම්යායේ දැකගත්තනේ බන්
    මරා මිනි විචාරකත් සම්මනෙන් පිදුවානේ බං

    ReplyDelete
  6. පැරා සමඟ දොඩමළු වීමට ලැබීම ගැන සතුටුයි.... ඒ වගේම අනිවාර්යයෙන් ලැබිය යුතුම සම්මානයක්....

    ජයවේවා....!!!

    ReplyDelete
    Replies
    1. UNP Karu With JVP Para
      අනිවාර්යයෙන් ලැබිය යුතුම සම්මානයක්....

      Delete
  7. ස්තූතියි මෙන්ම ඔබටත් උණුසුම් සුභ පැතුම්! ඔබ සහ නාලක ගුණවර්ධන මහතා සමග පැවති සංවාදය ඉතාම වැදගත් අංගයක් වුණ බව කිව යුතුමයි.

    ReplyDelete
  8. ඔබට කථා කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටුයි. සම්මානයට සුභපැතුම්

    ReplyDelete
  9. සුදුස්සාට සුදුසු තැන , සුබපැතුම් පැරා

    ReplyDelete
  10. සම්මාන ඇතත් නැතත් දිගින් දිගට ලියන්නට ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. wadagathma wede ekai A.P JAYASIGHA mahathnani

      Delete
  11. Dawase lokuma sathuta jayaweva

    ReplyDelete
  12. Dawase lokuma sathuta.JAYAWEVA

    ReplyDelete
  13. අපේ උණුසුම් සුභ පැතුම් !!!

    ReplyDelete
  14. Congratulation!!

    J Ovitige


    The Monkey Story

    A group of scientists placed five monkeys in a cage, and in the middle, a ladder with bananas on top.

    Every time a monkey went up the ladder, the scientists soaked the rest of the monkeys with cold water.

    After a while, every time a monkey would start up the ladder, the others would pull it down and beat it up.

    After a time, no monkey would dare try climbing the ladder, no matter how great the temptation.

    The scientists then decided to replace one of the monkeys. The first thing this new monkey did was start to climb the ladder. Immediately, the others pulled him down and beat him up.

    After several beatings, the new monkey learned never to go up the ladder, even though there was no evident reason not to, aside from the beatings.

    The second monkey was substituted and the same occurred. The first monkey participated in the beating of the second monkey. A third monkey was changed and the same was repeated. The fourth monkey was changed, resulting in the same, before the fifth was finally replaced as well.

    What was left was a group of five monkeys that – without ever having received a cold shower – continued to beat up any monkey who attempted to climb the ladder.

    If it was possible to ask the monkeys why they beat up on all those who attempted to climb the ladder, their most likely answer would be “I don’t know. It’s just how things are done around here.”

    Does that sound at all familiar?

    Source: This story, a modern day fable, was inspired in part by the experiments of G.R. Stephenson, found in “Cultural acquisition of a specific learned response among rhesus monkeys“ as well as certain experiments with chimpanzees conducted by Wolfgang Kohler in the 1920s. Over the years, it was pieced together to form the urban legend as it now stands. If you enjoyed this post, you may appreciate the similar Hundredth Monkey Effect.

    Few of the organisations we have seen. Over the years, all firms develop routines, habits and practices, which we call the firm’s “organisational culture”. As I am sure you know, these cultures can be remarkably different, in terms of what sort of behaviour they value and what they don’t like to see, and what they punish. Always, these habits and conventions have been developed over the course of many years. Very often, nobody actually remembers why they were started in the first place... Quite possibly, the guy with the water hose has long gone.

    Don’t just beat up the new monkey – whether it is a new employee, a recent acquisition or a partner; their questioning of “the way we do things round here” may actually be quite a valid one.

    ReplyDelete
    Replies
    1. මේක පට්ට.. පැරා මේක සිංහලෙන් ලියලා බ්ලොග් එකේම දැම්මනම් ගොඩක් වටිනවා. හේතුවක් දන්නේ නැතුව හැම මගුලටම විරුද්ද වෙන අපේ සමහර වඳුරන්ට වෙන සමාන කරන්න දෙයක් නෑ.

      Delete
    2. a very good comment. thank you for posting.

      Delete
  15. ඔන්න දාලා තියෙනවා විස්තරේ

    http://kalahitha.blogspot.com/2016/03/congrats-youve-achieved-it.html

    ReplyDelete
  16. සම්මානයට සුභ පැතුම්
    පොතේ සමරුවක් තබාගන්නං කියල හිටියත රෑ දෙකහමාර වෙනකනුත් බැරිවුණා කියන්නකො. හිහි.
    හමුවීම සතුටක් නැවත දිනයක හමුවෙමු..
    ජයවේවා

    ReplyDelete
  17. සුබ පැතුම්!

    ReplyDelete
  18. සුභපැතුම් පැරා අයියේ.........

    මේ දැන් තමා අපිට ගෙදර එන්න හැකි වුණේ.... කොළඹ සිට කිලෝමීටර් 200ක් එන්න තියෙනවා... එහෙනං බ්ලොග් කාරයොත් අලුත් යුගයක් ඇරඹුවා කියලා අපි හිතාගනිමු නේද???????? ජයවේවා...... මේ ගමනටත් සුභ පැතුම්...

    ReplyDelete
  19. පැරා අයිය එක්ක කතා කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ලැබුන සම්මානයට සුභ පතනව. ඒ වගේම නාලක ගුණවර්ධනයන් සමග එක්ව කරපු සාකච්ඡාවත් ගොඩක් වටිනව.
    ජය වේවා!!!

    ReplyDelete
  20. මතවාදමය වශයෙන් ඔබගේ බහුතරයක් අදහස් හා ඝට්ටනයක් ඇති මුත් බ්ලොග් ස්ෆියරයේ මේතාක් කල විශිශ්ඨ කාර්යය භාරයට සුදුසු ඇගයීමක් ලැබී ඇතැයි අවංකවම සතුටු වෙනවා.....!

    සුභ පැතුම් පැරකුම් මහතාට !

    ReplyDelete
  21. සුබ පැතුම් අජිත්....!

    ReplyDelete
  22. sugv.wordpress ත් ඇතලාන්තයේ මතුවන උණුසුමෙන් සුබපතනවා. "නෙළුම්යාය සංවිධානය වූ ආකාරය ගැන අජිත් ධර්මකීර්ති වෙන ම විස්තරයක් කරනවා නම් හොඳය" ඔබ කරන මේ යෝජනාව මාත් ඉතා තදින්ම අනුමත කරමින් ස්ථිර කරනවා. ඒ අපූරු අත්දැකිමේ විස්තර කියවන්න ලැබේවා

    ReplyDelete
  23. සුභ පැතුම් පැරා... !!
    ජයවේවා..!!

    ReplyDelete
  24. 1.Name-
    A.P Jayasingha (SL Leftist)
    2.Age-
    30 (Political Years)
    3.Cause of death -
    died after a long illness of Chronic Civil Mania

    ReplyDelete
  25. පැරා මම දෙනගත්තත් නැතත් කෝච්චියට නගින්ට කලින් හැමදාන ඔෆ් ලයින් කියවන්ට ගන්න කිහිප දෙන්නෙක් තමයි මේ බ්ලොග් එකයි මාතලන් ඉකොනොමැට්ට සහ ලංකා සිතිවිලි යාන් ඉයන් අනික මට අප්ඩේට් වෙන අටම සජ්ජා . සන්තෝසයි..

    ReplyDelete
  26. Congratulations Ajith Parakum,hard work and talent brought you the success.

    ReplyDelete
  27. වසර හයකට පසුව ඔබ නැවත හමුවී කතා කරන්න ලැබීම සතුටකි.

    ReplyDelete
  28. ඔබ සමග සංවාදයේ යෙදෙන්නට නොලැබීම ගැන දුක්වෙමි.නමුත් පසුව හෝ ඔබට අමතමි.

    ReplyDelete
  29. සම්මානයත් එක්ක නොමිලේ ලැබුණු “ශාස්තෘ“ මත ඔබතුමාගෙ අස්සන ගහගන්ඩ තිබුණ චෑන්ස් එක, මගෙ බඩගින්න නිසා ගහල ගිය එක ගැන කණගාටුයි. ගොඩක් ස්තූතියි පොතට. එක හුස්මට කියවන්න ගත්ත.

    ReplyDelete
  30. ඒ වගෙම, සුභපැතුමි...!!!

    ReplyDelete
  31. සුබ පැතුම් අයියේ... ආන්නද වාඩියට යන්න නිසා දුවල දෙන්නව දාලා ආවා නේද?

    ReplyDelete
  32. උණුසුම් සුභපැතුම් පැරා!

    ReplyDelete
  33. මම බැලුව පැරා මොකද ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන්නෙ කියල
    සම්මානෙ හම්බවෙන්න පැරාට උන්ගෙන් නෙවෙයි අපෙන්

    ReplyDelete
  34. උණුසුම් සුභපැතුම් පැරා!
    හොඳම දේශපාලන බ්ලොග් අඩවියට (සිංහල) පැරාට නැතුව වෙන කාට සම්මාන දෙන්නද.

    ReplyDelete
  35. පැරා අර සංවිධානය ගැන කියපු කතාව ඔයා කිව්වයි කියන එක ඒ වෙලේ තවත් අයෙක් මතක් කලා . සමහර විට මට ඒක එච්චර මීටරේට වැටෙන්න නැත්තේ ගිය අවුරුද්දේ මම අර ගෙයක් දුප්පත් ලමෙකුට හදන්න මුදල් හොයපු ප්‍රසංගය සංවිධානය කලෙත් තනිකරම ඊමේල් වලින්. දැනට හුඟක්ම වැඩ කරන්නෙත් එහෙම. හැබැයි යෝජනාව හොඳයි . දැනට බිසි ලන්ඩන් ගිය වහාම ලියන්නම්

    ReplyDelete
  36. ඔබට මාගේ උණුසුම් සුබ පැතුම් පැරා. ඒ වගේම මේක සංවිධානය කල අජිත් ධර්මකීර්ති ඇතුලු පිරිසට ලබන පාර මීටත් වඩා හොදට කරන්න ලැබේවා කියල පතමි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා