මහින්ද ගියොත් එහෙමයි; නැතොත් මෙහෙමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ඇතුළු කැරැලිකාර කණ්ඩායම ගැන පැහැදිලි තීරණයක් ගත යුතුව තිබේ.

මෙම බලවේගය උත්සාහ කරන්නේ කුමකට ද යන්න විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතු ය. ඔවුන් උත්සාහ කරන්නේ වෙන පක්ෂ හදන්නට නොව ශ්‍රීලනිපයේ බලය අල්ලන්නට ය. ඉන්පසු අගමැතිකම ඩැහැගන්නට ය. අගමැතිකම ඩැහැගන්නට හැකි වුණොත් සිරිසේනට අයියෝ සොරි ම තමා ය.

2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැරදුණා නම් සිරිසේනට හා ඔහුගේ සමීපතමයන්ට වෙන්නට තිබුණු දෙය නැවත සිහිපත් කර ගත්තා නම් හොඳ ය.

මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය සුද්ද කළ යුතු ය. ඒ වෙනුවෙන් මිළක් ගෙව්වාට කමක් නැත. ඒ මිළ 2016දී ගෙවන එක ද නරක නැත. මන්ද, ප්‍රධාන මැතිවරණ යළි පැවැත්වෙන්නේ 2020දී පමණ ය.

මහින්ද රාජපක්ෂ සමග ගැලවී යන්නට කැමති පිරිසට ගැලවී යන්නට දිය යුතු ය. ඒ වෙනුවෙන් අදාළ වන විනය ක්‍රියාමාර්ග රැගෙන අවශ්‍ය උත්ප්‍රේරකය සැපයිය යුතු ය.

එහෙම නො කළොත් සිදු වන්නේ කුමක් ද? මීළඟ පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ ද නායකත්වය මහින්දට දෙන්නට සිදු වනු ඇත. ඊළඟට උදේනිලා වැනි පල් හොරුන් රැළක් පළාත් පාලන මැතිවරණ තරග කරනු ඇත. දැන් සිටින පල් හොරුන් ටිකට ඔවුන්ගෙන් අමතර ශක්තියක් ලැබෙනු ඇත.

මේ වෙලාවේ දැඩි විනය ක්‍රියාමාර්ග ගත්තොත් වන්නේ කුමක් ද? මන්ත්‍රීවරුන් අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ තනතුරු රැක ගන්නවා ඇත. එහෙත් ඔවුන්ට  අලුත් පක්ෂ හැදීම අමාරු වනු ඇත. අලුත් පක්ෂයක් හැදුවත් එහි කටයුතු කරන්නට සිදු වන්නේ මන්ත්‍රීකම අනතුරේ හෙළමිනි. තව අවුරුදු හතරක කාලයක් ඇති බැවින් විධිමත් අන්දමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ශ්‍රීලනිපයට කාලය තිබේ. ඒ අතර ලැයිස්තුවල ඊළඟට සිටින අය හා අලුත් අය සමග ආසන සංවිධාන කටයුතු කරගෙන යා හැකි ය.

2020 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ලේ ඇති නවීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස අනාගත අභියෝග භාර ගැනීමට සූදානම් තත්වයකට ගෙන ආ හැකි ය.

ශ්රීලනිපය නො කැඩී මේ අන්දමින් අභ්‍යන්තර අර්බුදවලින් අඩපණ වීමේ වාසිය ඇත්තේ අන් කවරකුටවත් නොව එක්සත් ජාතික පක්ෂයටයි. 

ප.ලි: අපගේ පාඨකයකු විසින් මේ වගත් මතක් කර දෙන ලදී. මහින්ද සිටින තාක් කල් ශ්‍රීලනිපයට ජාතික පක්ෂයක් වන්නට බැරි ය. මන්ද, සුළුතර ජාතික හා ආගමික ප්‍රජාවන්ගේ සහයෝගය ශ්‍රීලනිපයට ලැබෙන්නේ නැත.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත් අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. උදේනි අතුකෝරළ යනු ගත් අල්ලසක මුදල් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගන්නා ලද වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ය. මේ වන විට මහින්දගේ පළාත් පාලන නඩයේ ඉදිරියෙන් ම සිටියි. එම බලවේගය සංකේතාත්මකව නියෝජනය කරයි.

    ReplyDelete
    Replies
    1. එතකොට සෞඛ්‍ය ඇමතිව සිටියදී බාල ඉන්ජෙක්ෂන් ගෙනැල්ලා ළමයි මරපු මෛත්‍රිපාල නියෝජනය කරන්නේ මොකක්ද?
      චෞර රැජින චන්ද්‍රිකා නියෝජනය කරන්නේ මොකක්ද?
      එජාපයේ කිසිදු අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරමින්, එජාපයට විදේශවලින් ලැබෙන අරමුදල් තනි මතයට පාවිච්චි කළ රනිල් නියෝජනය කරන්නේ මොකක්ද?
      තමන්ගේ ටෙලිෆෝන් බිල ගෙවන්න කියලා ඛනිජ තෙල් සංස්ථාවට ඇවිත් තර්ජනය කරපු දුමින්ද දිසානායක නියෝජනය කරන්නේ මොකක්ද?
      පාසැල් සිසුවියො ගේ අස්සෙ දාගෙන රේප් කරපු රාජිතලා නියෝජනය කරන්නේ මොකක්ද?
      ගෑනිට ගහපු චම්පික නියෝජනය කරන්නේ මොකක්ද?
      ගෑනියෙක් එක්ක එකට දාලා වීඩියෝ එකක් හදලා ඒක පෙන්නලා බ්ලැක්මේල් කලාම තමන්ගේ දේශපාලන මතය වෙනස් කර ගත්ත මාදුලුවාවේ සෝබිත නියෝජනය කරන්නේ මොකක්ද?

      Delete
    2. ඒවාට උත්තර දෙන්න බෑ ඇනෝ. මොකද ඒවා ගැන කියන කොට පැරාගේ කටේ පිට්ටු හිරවෙලා. අත හිරි වැටිලා. පව් අයියෝ.

      Delete
    3. ඒ සියල්ල විසින් නියෝජනය කරනුයේ රාජපක්ෂ මොඩලයේ දේශපාලනයයි. එය රාජපක්ෂට පෙර ඇරඹී ඔහුගෙන් පසුව ද පවතී. අප අරගල කරන්නේ එයට එරෙහිව මිස කිසිදු පුද්ගලයකුට පක්ෂව නො වේ. අප දේශපාලනය කරන්නේ අරමුණු වෙනුවෙනි. ඔබ වැනි අයට එය තේරුම් ගන්නට කල් ගත විය හැකි ය.

      Delete
    4. ජනවාරි 8ට පෙර එක් ආකාරයක අත්තනෝමතිකත්වයන් ද, ජනවාරි 8න් පසු වෙනත් ආකාරයක අත්තනෝමතිකත්වයන් ද පවතින බව දකින මට, ජනවාරි 8 සිදු වූ විප්ලවයක් නොමැති බව පිළිගන්නා මට, ඔබගේ

      "එය රාජපක්ෂට පෙර ඇරඹී ඔහුගෙන් පසුව ද පවතී."

      යන්න සමග එකඟ වීමේ අපහසුවක් නොමැති වෙයි.

      මට මතු කිරීමට අවශ්‍ය ප්‍රශ්නය වන්නේ, 2014 අවසාන භාගයට පෙර "යහපාලනය" යන වචනයවත් කටට හුරුවී නොතිබුනු තක්කඩියන් රැලක් හදිසියේම යහපාලන බැනරය වටා එක් වූ යේ කෙසේද යන්නයි.

      Delete
    5. ඔය ඇනෝ කියව වැරදි ලිස්ටි එකට SLFP නම් ටිකක් දාලත් කියන්න පුළුවන්. යහ පාලනය ගෙනාවේ ඒවා ආයෙත් නොකරන්න වැට බඳින්නයි. නමුත් තවම වැට "still under construction !"

      Delete
    6. මෙතන තියෙන ප්‍රශ්නය, එහෙම වැටක් බැන්ඳා ද කියන එකයි, බැන්ඳා නම් බඳින්න ආවේ කව්ද කියන එකයි, බැන්ඳා නම්, ජනවාරි 8න් පසුවත්, මහ බැංකුවේ බැඳුම්කර මගඩිය, ආදී බලය අයුතු ලෙස යෙදවීම් තවමත්, සිදුවන්නේ කෙසේද කියන එකයි. ඇත්ත කතාව තමයි, ජනවාරි 8 වෙනිදා එහෙම කිසිදු වැටක් බැන්ඳෙ නෑ කියන එක. ජනවාරි 8 වෙනිදා එහෙම වැටක් බැන්ඳා කියන එක, මේ ආණ්ඩුවේ ආයු කාලය දීර්ඝ කරගන්න කියන බොරුවක් විතරයි. මේ වැට බඳින්න ආපු අයගේ ලිස්ට් එකක් තමයි මම ඔය උඩ ලියලා තියෙන්නෙ. වැට බඳින්න ආපු අයගෙන්ම පේනවා වැටක් බැන්ඳාද, නැද්ද කියන එක.

      Delete
    7. දේශපාලනය යනු නිරීක්ෂණය කරමින් සිටීම නො වේ. මැදිහත් වී වෙනස්කම් ඇති කිරීමට උත්සාහ කිරීමයි. අප කරන්නේ එයයි.

      සමස්ත ලංකාව ම දූෂිත ය. දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා ජනතාව දූෂිත ය. ඒ නිසා දේශපාලනයේ පමණක් අට පහ සුද්ද කළ නො හැක. අප යහපත් දේ ඉස්මතු කරන්නේ ඒවා සමාජයට ආදර්ශ විය යුතු නිසා ය.

      සර්ව සුබවාදී වෙන්නට අවශ්‍ය නැත. එහෙත් සුබවාදී වීම සර්ව අසුබවාදී වීමට වඩා හොඳ ය.

      Delete
    8. මේවා අපි හැමෝම දන්න දේවල් නෙ.

      Experience without theory is blind, but theory without experience is mere intellectual play.

      The philosophers have only interpreted the world, in various ways. The point, however, is to change it

      Practice without Theory is blind, Theory without practice is sterile.

      ඒ නිසා නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත් නෑ කියන එක ගැන හෝ අප ක්‍රියාත්මක විය යුතු යි කියන එක ගැන හෝ මෙතන කිසි කෙනෙක් විරුද්ධ වෙයි කියලා මම හිතන්නෙ නෑ.

      නමුත් අපි ක්‍රියාත්මක වීමේ දී, අවබෝධයෙන් ක්‍රියාත්මක විය යුතුයි. එහි දී ජනවාරි 8 සිදු වුනේ කුමක් ද, ජනවාරි 8 මුදුන් පත් වුනේ කාගේ උවමනා එපාකම් ද, ජනවාරි 8 ඉටු වුනේ කාගේ අරමුණු ද, ජනවාරි 8න් පස්සෙ මොකද වෙලා තියෙන්නෙ, එහෙම වුනේ ඇයි වගේ ප්‍රශ්න ගැන ටිකක් හිතන එකේ වරදක් මට නම් පෙනෙනෙනෙ නෑ.

      Delete
    9. රාජපක්ෂ විසින් ජාතක කළ නරුම ලෝකය ඉහත කොමෙන්ටුවෙන් පැහැදිලිවේ. අපි කළ යුත්තේ එක එකා ගැන වෙන වෙනම කතාකිරීම නොව, එක එකා සංසන්දනය කිරීමද නොව රටේ නීතිය රජ කරවීමයි. එවිට රාජපක්ෂද රනිල්ද රාජිතද යන්න ගැටළුවක් නොවේ.

      නමුත් රටක නීතිය වැදගත් නොවන බවත් එය බල්ලට දැමිය යුතු බවත් මහින්ද චින්තනය ප්‍රබල ලෙස ජනගත කර ඇත. මොකද මොළ සේදීම තදින්ම කර ඇති බව කොමෙන්ටුවලින් තහවුරු වේ.

      Delete
  2. You're definitely right about Udeni mr.para....

    ReplyDelete
  3. /**
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ඇතුළු කැරැලිකාර කණ්ඩායම ගැන පැහැදිලි තීරණයක් ගත යුතුව තිබේ.
    */

    එම තීරණය ගත යුත්තේ ශ්‍රීලනිපයේ බහුතරයක ගේ කැමැත්තට අනුවයි. ශ්‍රීලනිපයේ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමට බැරි අය රට තුල පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති වෙයි. ශ්‍රීලනිපය්යේ තීරණ, ශ්‍රීලනිපයේ බහුතරයක ගේ කැමැත්ත ට අනුව ගන්නවාට එරෙහි වන අය වෙත් නම්, ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වෙනවා කියා කැප වන්නේ කුමක් වෙනුවෙන් ද යන්න ඉන් පෙනේ.

    ReplyDelete
    Replies
    1. ශ්‍රීලනිපයේ තීරණ ගත යුත්තේ බහුතරයේ කැමැත්තට නො වේ. පක්ෂයේ ව්‍යවස්ථාවට අනුවයි.

      රටේ තීරණ ගත යුත්තේ ද බහුතරයේ කැමැත්තට අනුව නො වේ. රටේ ව්‍යවස්ථාව හා නීතියට අනුවයි.

      උදාහරණයක් ලෙස භයානක අපරාධයක සැකකරුවෙකු වූ පළියට බහුතරය කැමති වූවා ය කියා මිනිහෙක් මරා දමන්නට බැරි ය. කටයුතු කළ යුතුව තිබෙන්නේ රටේ නීතියට අනුවයි.

      බහුතරයේ කැමැත්ත යනු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය නො වේ.

      Delete
    2. ව්‍යවස්ථාව කුමක් ද ව්‍ය්වස්ථාවේ අර්ථනිරූපණය කුමක්ද යන්න නිර්ණය කරන්නේ කවුද?

      ශ්‍රීලනිපයේ ව්‍යවස්ථාව කුමක් ද යන්නත්, එය අර්ථ නිරූපණය විය යුතු ආකාරය කුමක් ද යන්නත්, ශ්‍රීලනිපයේ බහුතරයකගේ කැමැත්ත අනුව නිර්ණය විය යුතුයි.

      Delete
    3. //උදාහරණයක් ලෙස භයානක අපරාධයක සැකකරුවෙකු වූ පළියට බහුතරය කැමති වූවා ය කියා මිනිහෙක් මරා දමන්නට බැරි ය. කටයුතු කළ යුතුව තිබෙන්නේ රටේ නීතියට අනුවයි.
      //

      පැරා එතකොට 1991 දී නිරායුද පොලිස් නිලදාරීන් 600 ක් ගාතනය කරපු කරුන අම්මාන් නිදැල්ලේ ඉන්නේ කොහොමද ? රටේ මොන නිතිය අනුවදැයි පැහැදිලි කලොත්

      Delete
    4. ලාංකික සිතුවිලි ඔය ප්‍ර‍ශ්න ඇසිය යුත්තේ මගෙන් නොව මේ රටේ හිටපු හා සිටින පාලකයන්ගෙනි. ඔවුන් පිළිතුරු නො දෙන්නේ නම්, ඔබ මේ කරුණ අධිකරණය වෙත ගෙන නො යන්නේ ඇයි? කරුණා අම්මාන් අත්අඩංගුවට නො ගැනීමෙන් ඔබගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව කියා අධිකරණයට යන්න. බ්ලොග් කමෙන්ට්වලින් ප්‍ර‍ශ්න විසඳන්නට බැරි ය. මා මේ රටේ පාලකයෙක් නොවේ. බ්ලොග්කරුවෙක් පමණි.

      Delete
    5. ශ්‍රීලනිපයේ බහුතරයට අවශ්‍ය නම් එහි ව්‍යවස්ථාව වෙනස් කර ගත හැකි ය. එහෙත්, එතෙක් කටයුතු කළ යුත්තේ පවතින ව්‍යවස්ථාවට අනුවයි.

      Delete
    6. ව්‍ය්වස්ථාව අනුව කටයුතු කිරීම වැදගත්.

      නමුත් ව්‍ය්වස්ථාව අනුව කටයුතු කිරීම යනු ව්‍ය්වස්ථාව තම පෞද්ගලික න්‍යාය පත්‍රවලට ගැලපෙන ආකාරයට අර්ථනිරූපණය කර ගෙන, ව්‍යවස්ථාව තම පෞද්ගලික බල ව්‍යාපෘති සඳහා අතකොළුවක් කර ගැනීම නෙමෙයි.

      ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම යනු පක්ෂයේ බහුතරය ට එකඟ විය හැකි ආකාරයට ව්‍ය්වස්ථාව අර්ථනිරූපණය කර ගෙන කටයුතු කිරීමයි.

      මොකද ව්‍ය්වස්ථාව කියන කඩදාසි කැබැල්ල සතු බලය යනු අන් බලයක් නොව පක්ෂයේ සාමාජිකයන් සතු බලය වන නිසා.

      පක්ෂයක නිළධාරීන් සතු බලය වන්නේ ඔවුන් ගෙදරින් ගෙනා බලයක්වත්, ඔවුන් ට දේවවරම්වාදීව ලැබුනු බලයක්වත් නොවෙයි, ඔවුන්ට සාමාජිකයන් විසින් ව්‍ය්වස්ථාව හරහා පවරා ඇති බලයයි. ඒ බලය, මොනම අර්ථයකින්වත් සාමාජිකයන් බහුතරයක් එකඟ නොවන ආකාරයකින් භාවිතා කළ නොහැකියි.

      පක්ෂයක නිළධාරීන් මොන දේ කලත්, තමන් කරන ක්‍රියාව පක්ෂයේ සාමාජිකයන් ගේ මත විමසුමකට යොමු කෙරුනොත්, එහිදී තමන් ගේ ක්‍රියාවට සාමාජිකයන් ගේ අනුමැතිය ලැබෙනවාද කියන දේ කල්පනා කරලා තමයි, නිළධාරීන් කටයුතු කළ යුත්තේ.

      සුද්ද කරනවාද, මිලක් දෙවනවද, මිල දැන්මම ගෙවනවද, උත්ප්‍රේරක සපයනවද, විනය ක්‍රියාමාර්ග ගන්නවාද, ආදී ඕනෑම දෙයක් පිළිබඳව තීරණ ගතයුත්තේ එම තීරණ පක්ෂයේ සාමාජිකයන් බහුතරය කැමති අයුරිනි.

      2015 දී මහින්දට නාමයෝජනා දීමට ශ්‍රීලනිපයට සිදු වූයේ, එය ශ්‍රීලනිප සාමාජිකයන් බහුතරයක ගේ කැමැත්තවූ බැවිනි. 2004 දී මහින්ද ව අගමැති කිරීමට සිදුවූයේද, 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය මහින්ද ට දීමට සිදු වූයේ ද එය සාමාජිකයන් බහුතරයේ කැමැත්ත වූ බැවිනි.

      2004 දී ජවිපෙ සමග සන්ධාන ගත වීමට මහින්ද ඇතුලු ශ්‍රීලනිපයේ කුඩා කණ්ඩායමක් එරෙහි විය. එහෙත් සන්ධානය බිහි වූයේ ශ්‍රීලනිප සාමාජිකයන් බහුතරයක් ජවිපෙ සමග සන්ධාන ගත වීමට කැමති වූ බැවිනි. (කැමැත්තේ තරම 2004 අප්‍රේල් මනාප ප්‍රතිඵල වලින් පැහැදිලිය.) රනිල් ගේ 2001-2003 යුගයේ දී කොටි ප්‍රශ්නය වෙනුවට ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නය පෙරට ගැනීම සඳහා මහින්ද හැලි වලං පාරට ගෙනැවිත් ඒවාට හැඳිවලින් තඩිබාමින් විකාරයක් කළේය. අල්පයක් හැර ශ්‍රීලනිපයේ කිසිවෙකුත් ඊට සහභාගී නොවීය. මහින්දගේ හැලි වලං ඝෝෂාව ලත් තැනම ලොප් විය.

      ශ්‍රීලනිපය තුල මහින්ද ඇදහිල්ලක්, මහින්ද කල්ට් එකක්, මහින්ද උන්මාදයක්, නොමැති වෙයි. ශ්‍රීලනිපය යනු දේශපාලනික වශයෙන් සවිඤ්ඤානික, දේශාපාලනය ගැන අවබෝධයක් ඇති, දේශපාලනය ගැන කැක්කුමක් ඇති මිනිසුන්ගේ එකතුවකි. එම පක්ෂයේ කටයුතු සිදු විය යුත්තේ එම මිනිසුන් ගේ කැමැත්ත අනුවයි.

      ඊට එරෙහි වන අය තුල ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති කැපවීම ගැටළුවක් වෙයි.

      Delete
    7. // කරුණා අම්මාන් අත්අඩංගුවට නො ගැනීමෙන් ඔබගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව කියා අධිකරණයට යන්න//

      මේ මරාදමන ලද පිරිස මගේ නෑදයන් නොවේ මෙනිසා මගේ මානවහිමිකම් උල්ලංගනය වූබව කියන්නේ කෙසේද?

      ඔබ මුලින්ම මෙරටේ නිතිය ගැන දැනුවත් වියයුතුයි කෙනක් තව කෙනෙක් මැරුවහම අදාළ මරුම්කාපු පවුලේ නෑදෑයින් සහ සමිපයන් නඩු පවරිමට පෙර රජය විසින් නඩුවක් පවරානු ලබන බව ඔබ දැනුවත් නොවීම කනගාටුයි.

      දෙවනුව අදාළ පවුලේ යැපෙන්නන්ට වෙනම නඩුවක් ගොනොකල හැකියි.
      මට ඔබට පෙන්වන්න උවමනා උනේ ඔබ කියපු //රටේ තීරණ ගත යුත්තේ ද බහුතරයේ කැමැත්තට අනුව නො වේ. රටේ ව්‍යවස්ථාව හා නීතියට අනුවයි. //

      කියන කියමනේ රටේ තීරණ ගනුලබන්නේ නීතියට අනුකුලව නොව අදාළ බලයේ සිටින දේශපාලන පක්ෂයට වාසි සහගතව බවයි.

      මේකට තමයි සුද්ද "Golden Rule" කියල කියන්නේ එහි තේරුම "Those who have gold will make the rules "

      So Para, make sure to own gold.

      Delete
    8. උඩ ඇනෝගේ අදහසට කිසියම් පිළිතුරක් ලාංකික සිතුවිලිගේ කමෙන්ටුවේ අග තිබේ.

      දේශපාලනය කරන කවුරුත් කරන්නේ බලවේග තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කරගන්නට උත්සාහ කිරීමයි. එය ප්‍ර‍ජාතාන්ත්‍රික අවකාශය තුළ සිදු වීම ප්‍ර‍චණ්ඩත්වය තුළ සිදු වෙනවාට වඩා හොඳයි.

      මෙය ලියන මා මෙන් ම අදහස් පළ කරන ඔබත් අපක්ෂපාතී පුද්ගලයන් නෙමෙයි. අපි කරන්නේත් ඉහත දේශපාලනය තමා ය.

      Delete
    9. //මෙය ලියන මා මෙන් ම අදහස් පළ කරන ඔබත් අපක්ෂපාතී පුද්ගලයන් නෙමෙයි.//

      පැරා එකනම් පැහැදිලි මදි මොකද ඔබ මගේ අඩවිය 2015 මුල බැලුවොත් කෙනෙකුට කියන්න පුළුවන් මම යහපාලනයට කඩේ යනවා කියල, රලින් ව වවේචනය කරනකොය්ට කියනවා මහින්දට කඩේ යනවා කියල. නමුත් මද්යස්තව අදාළ විවේචනය ට ගෙත්වක් තියනවා, රටේ සාමාන්‍ය පුරවැසියකුට (බහුතර ජනටාවට ) මහේ විවේචනය නිසා පාඩුවක් වෙනවා කියල කරුනාකර පෙන්වාදෙන්න. මම දන්නා තරමට මගේ විවේචනය දැකල අදාළ දේ නිවැරදි කලොත් අනිවාර්යෙන් සාමාන්‍ය රටේ මිනිසුන්ට වාසියක් වෙනු ඇති. ඔබ කියනවනම් එය එය පක්ෂපාති දෙයක් කියල මට කියන්න තියෙන්නේ එක තමයි සිදු වියයුත්තේ කියල

      Delete
    10. මම නම් මධ්‍යස්ථ විචාරකයෙක් නෙමෙයි. මම ඉතා පැහැදිලිව අරමුණක් වෙනුවෙන් කැම්පේන් කරන කෙනෙක්. හැබැයි, මම ඒ වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. මම උත්සාහ කරන්නේ යථාර්ථවාදී පදනමක් මත පිහිටා එය කරන්නටයි.

      Delete
    11. Lankika SithuwiliMarch 22, 2016 at 2:36 PM

      අන්ත දූශිත පාදඩ කාලකණ්ණි බලු පාහර කාඩපක්ශ කල්ලිය මොන සෙල්ලම් දැම්මත් තව අවු 4 1/2 ක් යනකම් මේ UNP ආණ්ඩුව පෙරලන්න ඉන්දියාවත් ඇමරිකාවත් ඉඩ දෙන්නෙ නැහැ. මොකක් හරි ජල්තර දාලා ආණ්ඩුව ඇදගෙන යයි. උඹල වගේ මරාගෙ මෝඩ වහල් බයියන්ට හුළං තමයි. පවු බන් උඹල.

      Delete
    12. මහින්ද වැරදි උච්චාරණයක් සහිතව හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කල බව ඇත්තය. එහෙත් මහින්ද ගේ ගුරු කොට ගත් මතවාදය තුල ප්‍රජාතන්ත්‍රවාදය යනු cosmetic slogan එකක් පමණි.

      එහෙත් ජනවාරි 8 වීරයන් සම්බන්ධයෙන් එය එසේ නොවේය. ඔවුන් ජනතාවට ඇඟවූ යේ තමන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතන්නේ මිනිස්සු / සත්තු ඔක්සිජන් ගැන සිතන, එහෙම නැත්නම් මාලුවන් ජලය ගැන සිතන, ආකාරයෙන් බවයි. එහෙත් මේ "මහින්ද ගියොත් එහෙමයි; නැතොත් මෙහෙමයි" රචනාවෙන් පෙනෙනුයේ, මේ ජනවාරි 8 වීරයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතන්නේ, මහින්ද සහ තවත් බොහෝ අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතන ආකාරයෙන් ම බවයි.

      "දේශපාලනය කරන කවුරුත් කරන්නේ බලවේග තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කරගන්නට උත්සාහ කිරීමයි. එය ප්‍ර‍ජාතාන්ත්‍රික අවකාශය තුළ සිදු වීම ප්‍ර‍චණ්ඩත්වය තුළ සිදු වෙනවාට වඩා හොඳයි." යනුවෙන් ඇත්තම ලියා තිබීම වැදගත්ය. ප්‍රචන්ඩ වීම තමයි නරක. මොකද එතකොට පළාතම ගඳ ගහනවා. හැබැයි, යටි කූට්ටු වැඩ කලාට කමක් නෑ. මාට්ටු නොවී කළොත් තවත් හොඳයි. රනිල් ට එරෙහිව, එජාපය තුලින් විරෝධයක් එල්ල වූ විට, මහින්ද සිරිකොත ඉදිරිපිට පාර කාර්පට් කිරීමට කම්කරුවන් පිරිසක් යෙදවූ යේ ය. ප්‍රචන්ඩත්වයක් නොවීය. ප්‍රජාතාන්ත්‍රික අවකාශය තුල වැඩ ටික සිදු විය. පාරක් කාර්පට් කෙරුනා පමණි. මනුෂ්‍ය ඝාතන කිසිවක් නැත. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වට්ටවනු ලැබුවේ ප්‍රචන්ඩත්වයෙන් නොවේ. ප්‍රජාතාන්ත්‍රික අවකාශය තුල සිදු වූ බටහිර බුද්ධි මෙහෙයුම් හරහාය.

      "එය ප්‍ර‍ජාතාන්ත්‍රික අවකාශය තුළ සිදු වීම ප්‍ර‍චණ්ඩත්වය තුළ සිදු වෙනවාට වඩා හොඳයි." යනු Obama doctrine මිස අන් යමක් නොවේය. පාබල සේනාංක යොදා ගෙන සිදුකරන බුෂ් ගේ ගඳ ගහන මෙහෙයුම් නරකය; බුද්ධි මෙහෙයුම්, විශේෂ බලකා මෙහෙයුම්, ඩ්‍රෝන් ප්‍රහාර, කමක් නැත. 2008, 2012 ජනාධිපතිවරණ වලදී වගේම, 2016 ජනාධිපතිවරණයේ දීත් තීරණය කෙරෙනුයේ, බුෂ් ගේ යුද්ධ අවශ්‍ය ද නැතිනම් බටහිර ඔත්තු සේවා හරහා ලොව පාලනය කරනවාද යන්නයි. නමුත්, ගැටළුව වනුයේ, මේ ප්‍රජාතාන්ත්‍රික රාමුවේ සිට ප්‍රචන්ඩත්වයට ලොකු දුරක් නොවීමයි. අවසානයේ දී ඔබාමා ඉරාකයට හමුදා යැවීය.

      Delete
  4. වැරදි කරුවන් සිටී...අනෙකෙකුගේ රාමුව තුල...එහෙත් තමා හැමවිටම නිවැරදි කරුය...තමාගේ රාමුව තුල....ඉතින් කවදා වැරදි කරුවන් හෝ නිවැරදි කරුවන් බිහිවේද??මහින්දලා හොද නැත....එහෙත් මෛත්‍රීලා නරක නැත...යුද්ධය නිමාකරලීමට නායකත්වය දුන් මහින්දට ගරු කළෙමි....හොරා කෑ මහින්දට අගෞරව කළෙමි.......හොරා කෑම අවම කල මෛත්‍රීට ගරු කරමි.කෑ පාලුවන්ට,හොරුන්ට දඩුවම් කිරීම පමා කරන මෛත්‍රීට අගෞරව කරමි...කෙසේ හෝ ලංකාවේ දේශපාලනය මෙයයි....වැරදි කරුවන් බොහෝ වෙතත් ඔවුන් නිවැරදි කරුවන් වෙයි..

    ReplyDelete
  5. බහුතරයක් දුෂිතයින් වු ජනතාවක් ඉන්න රටක සුළුතරයක් වු දේශපාලකයින් දුෂිතයෝ වීම අරැමයක් නෙවේ පැරා. මුලින්ම යහමඟට ගත යුත්තේ මේ දුෂිත ජනතාවයි. නැත්නම් අපි හැමදාම 3 වැනි පන්තියේ රටක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔය බහුතර දූශිත ජනතාව සුලුතර දූශිත දේශපාලුවන්ගෙ හෙන්චයියො කියන එක අමතක කරන්ඩ එපා....
      අනිවාරයෙන්ව දූශිතයන් නැවත නැවත පත්කරන්නෙ දූශිත හෙන්චයියො...ඒත් ඇනෝ මෙතනදි අවම දූශිතය අනර්ඝයි!!

      Delete
  6. පැරා,

    // මහින්ද රාජපක්ෂ සමග ගැලවී යන්නට කැමති පිරිසට ගැලවී යන්නට දිය යුතු ය. ඒ වෙනුවෙන් අදාළ වන විනය ක්‍රියාමාර්ග රැගෙන අවශ්‍ය උත්ප්‍රේරකය සැපයිය යුතු ය.//

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මද්යම කාරක සබාව රැස්කරවා චන්දයකට ගියොත් මහින්දද මයිත්‍රී ද නායකත්වයට සුදුසු කියල. මයිත්‍රී ට ඇපත් නැති වෙනු ඇති.

    පක්ෂයේ බහුතර මතයත් මිට දෙවෙනි නෑ. මහින්ද සමග වෙනම පක්ෂයක් ඇති උනොත් වැඩිකල් යන්න ඉස්සල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොමියුනිස්ට් පක්ෂය හෝ ලංකා සමසමාජ පක්ෂය මෙන් වෙනු ඇති.

    මෙහිදී මහින්ද දෙසපාලනයෙන් විශ්‍රාම ගැන්වීමට ඇත්තේ එකම විදියයි ඒ තමයි රටේ ආර්ථික අබියෝග ජයගැනීම, මිට උවමනා නිතිය සම්පාදනය කිරීම. මොකද නිතිය දවසින් දවස වෙනස්වන දවසින් දවස බදු පනවන රටක ආයෝජනයට ආයෝජකයන් කැමති නැති බව මේ වෙනවිට ඔබතුමා දැනුවත් වියයුතුයි.

    මිට අමතරව ඉතා දක්ෂ තානාපති සේවයක් සහ දියුණු විදේශ සේවයක් උවමනා වෙනවා. ලගදීම උවමනා වන මුලික දේ තමයි දේශීය ගොවිතැන දියුණු කිරීම මම සොයාගත්ත තොරතුරු වලින් පැහැදිලි වෙන්නේ වසවිසෙන් තොර ගොවිතැනින් වැඩි පලදාවක් ලැබිය හැකි උනත් ගොවීන්ව විවිද ගොවිතැන් ක්‍රම ගැන දැනුවත් කිරීම ඉතා දුර්වල බවයි, තවදුරටත් අපට සහනාදාර දෙමින් කරන දේශීය ගොවිතැන කල නොහැකි තැනට පැමිණ ඇති නිසා ප්‍රමුක තාවය මෙයට දිය යුතුයි, මොකද මේක තමයි රජය අප්‍රසාදය ඇති වීමට මුලික වන්නේ. මම මිට ඉහත අන්තර්ජාතික වෙළදාමට උවමනා දේ ගැන කතා කරලා තියන නිසා මම කාලය නාස්ති කරන්නේ නෑ ඒවා ලියන්න.

    ReplyDelete
    Replies
    1. රනිල් යූඑන්පී එකේ තියල පරිස්සම් කලේ මහින් ද​.ඒ මිනිහට දිනන්න බැරි නිසා.
      දැන් මහින් ද ලොකු කේස් වලට හිර නොකර තියන් ඉන්නෙ රනිල්. ඒ සිරිසේනව කන්ට්‍රෝල් කර ගන්න​. සිරිසේන පුලුවන් වෙලාවට මහිඳගෙ එවුන්ට ගහනවා. ඒත් මිනිහට ඕනෙ ඒව නීතියෙන් කෙරිල ශ්‍රී ලංකා කාරයො ශේප් කරගන්න​. අවන්ට්ගාඩ් ප්‍රශ්නෙ ඉවරවුනු විදියෙන් මට පෙනුනෙ තවමත් යම් තරමක හෝ හරිදෙයක් කරන්න හිටන් කැමති බවයි.

      Delete
    2. //දැන් මහින් ද ලොකු කේස් වලට හිර නොකර තියන් ඉන්නෙ රනිල්//
      ඔබේ තර්කයේ යම් අත්තක් තියනව නමුත් මුලිකම කාරණාව රනිල්ගේ ආණ්ඩුවත් මහින්ද වගේම සොරකම් කිරීමට බලාපොරොත්තු වෙනවා එකයි ඇත්ත.

      Delete
    3. Lankika Sithuwili

      රනිල් කියන්නේ උගත් බුද්ධිමත් ලෝකය ගැන හොඳින් දත් හොඳ වැදගත් මහත්මයෙක්. ඔහු මහජන මුදල් සත පහක්වත් හොරකම් කරන්නෙත් නැහැ කාටවත් හොරකම් කරන්නෙ දෙන්නෙත් නැහැ. බොලාගෙ හොර තක්කඩි රාජපස්ස මහ බයිය තමයි ලෝක හොරා නොදකින් මළ පෙරේතයා.

      රනිල් රට ගොඩ ගන්නවා, හැබැයි ක්ශණිකව නෙවෙයි ක්‍රම ක්‍රමයෙන්. කුලප්පු නොවී ටිකක් ඉවසල හිටු. රාජපස්ස හොරාගෙ කාලෙ ඉවරයි. බැරිම උණොත් ඇමරිකන් ඩ්‍රෝන් ඇටෑක් එකකින් මහ බයියව සෙත්තප්පෝච්චි කොරල හරි එජාපය දිගටම බලයෙ ඉන්නව 2050-2100 දක්වා වගේ.

      Delete
    4. // ඔහු මහජන මුදල් සත පහක්වත් හොරකම් කරන්නෙත් නැහැ කාටවත් හොරකම් කරන්නෙ දෙන්නෙත් නැහැ. බොලාගෙ හොර තක්කඩි රාජපස්ස මහ බයිය තමයි ලෝක හොරා නොදකින් මළ පෙරේතයා. //

      රාජපස්ස මහ බයිය හොරා බව හැබෑව, හැබැයි අර්ජුන මහේන්ද්රලා රවී කරුනානයකළ ගහන ගේම් ඔබතුමා නොදනිම කණගාටු දායකයි. වැඩිය ඕනේ නෑ මහත්තයෝ හරියට නිතිටික තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවනම් මොකද මේ කයිවාරු නැතිව

      Delete
    5. Lankika Sithuwili

      ඔය කසිකබල් තොරතුරු පණත් පේපෑල් වගේ හත්වලාමවල්වලින් කරන්න පුලුවන් බම්බුවක් නැහැ. අනික රවීල අර්ජුන්ල හොරු නෙවෙයි, ඔය බොරු දුර්මත පැතිරුවේ කාලකණ්ණි රාජපක්ස කල්ල්ලියෙ මෙලෝ වැඩක්බැරි හොර රැල, වීරවංස වගේ හාල්පාරුවෙක්ගෙ බොරු කතාවක්. ඉන්දියානුවන් තමයි ඇමරිකාව දියුණු කළේ. ගරු රනිල් අගමැතිතුමා හදන්නෙ ඉන්දියානු බුද්ධිමතුන් විද්වත් වෘත්තිකයින් ලංකාවට ගෙනත් රට දියුණු කරන්න. ඒකට එට්කා ගිවිසුම අත්‍යවශ්‍යයි. රනිල් මැතිතුමාගෙ සුපිරි මොළයත් මෛත්‍රීගෙ දර්ශනය සමග එජාපයේ බුද්ධිමත් ඇමතිවරු රට ඉක්මණින් ගොඩගනී. ලංකාවෙ ඉන්න කිසිම කමකට නැති දොස්තර හැත්තයි අයිටී මීහරක් වැඩබැරි දාසලයි තප්පු ලෑවට රනිල්ගෙ ටාගට් එක කොහොමහරි කවර් කරනවමයි. උඹල වගේ මරාගෙ මෝඩ වහල් බයියන්ට හුළං තමයි. පවු බන් උඹල.

      Delete
    6. තිස් තුන් කෝටියක් දෙවි වරුණි, ශ්‍රීලංකාද්වීපයට හැකි ඉක්මනින් පේ්පැල් ලබාදීමට කටයුතු සලස්වා වදාරනු මැනවි, බැරිනං අර බිස්නස් නැතුව වේලෙන ලාංකකික යට වෙන රස්සාවක් හරි හොයල දෙනවකො ඔයි දේය්යෝ අපිට අපේ පාඩු වේ බ්ලොගක් කියවන්න නිදහසක් ලැබෙන්න.

      Delete
  7. පැරා මේ කොමෙන්ට් එක ඉතා දැඩි වගකීමෙන් දාන්නේ. මේ පෝස්ට් එක මම බුක්මාක් කරගන්නවා.

    මහින්ද සහ අනාථ නඩය ඉදිරි අවුරුද්දක කාලය ඇතුලත කුජීතවී යනවා. එජාපයේ ජරා පප්පලා හැලෙනවා. ශ්‍රීලනිපයේ මෛත්‍රී කොටස කිසිදු අභියෝගයකින් තොරව ඉදිරියට යනවා. ඒක ස්ථිරයි.

    මේවා කියන්නේ අර පොට්ට සාස්තරකාරයාගේ ක්‍රමයට නෙවෙයි. අපක්ෂපාතී දේශපාලන දැක්මක් තුලින්.

    ReplyDelete
    Replies
    1. hari thmai terumganne kiyenkiidenada?

      Delete
    2. AnonymousMarch 22, 2016 at 11:02 AM

      හා හා නැගිටපන් බන් දැන් දවල් වෙලා...
      බලාගෙන වාඩිවෙන්නෙ මොළේ තැලෙයි

      Delete
    3. AnonymousMarch 22, 2016 at 11:02 AM

      ඔබ මනෝරාජිකවාදියෙක්ද? සාමාන්‍යයෙන් ඔබ කියන දේවල් විය හැක්කේ මනෝරාජ්‍යක පමණයි. අන්ත දූශිත මරා කල්ලිය මෙන්ම ඊට වඩා අතිමහත් වේගයකින් සිරිසේන සහ එජාපයත් පිරිහෙමින් යනවා. ඇතැම් විට මරා කල්ලියේද සහය ඇතුව නව නායකයෙක් සහ වත්මන් රජයේ කොටසක් එක්වී පිහිටුවන අලුත් දේශපාලන පෙරමුණකට ඉදිරියේදී බලය ලබාගත හැකිවනු ඇති. නමුත් එජාප-මෛත්‍රී පිළේ ආයුෂ කෙටියි.

      Delete
    4. පොට්ට සාස්තරකාරයා කිවුවේ මිස්ටර් අන්ධ කයිප්පුටද?

      Delete
  8. මෙ රටේ දේශපාලන පක්‍ෂවල විනිවිද භාවයක් නෑ. කොහෙන් සල්ලි එනවාද මෙනවටද වියදම් කරන්නේ කියා.දේශපාලන පක්‍ෂ සීමාසහිත සමාගම් ලෙස සලකා ඒවායේ ගිනුම් ප්‍රසිද්ධ කරන යාන්ත්‍රණයක් ඕනෑ කර තිබේ

    ReplyDelete
  9. //
    මහින්ද සහ අනාථ නඩය ඉදිරි අවුරුද්දක කාලය ඇතුලත කුජීතවී යනවා. එජාපයේ ජරා පප්පලා හැලෙනවා. ශ්‍රීලනිපයේ මෛත්‍රී කොටස කිසිදු අභියෝගයකින් තොරව ඉදිරියට යනවා. ඒක ස්ථිරයි. //

    A calendar, a calendar! look in the almanac; find
    out moonshine, find out moonshine.

    ReplyDelete
  10. මේ ආන්ඩුව පෙරලා නොදැමිය යුතුය. එසේ පෙරලා දැමීමට යමෙක් සැරසේ නම් එයට සපුරා විරුදධ විය යුතුය.

    අපූරු අේග ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි ඒක.. අසමර්ථබාවය හැර වෙන කිසිවක් නොපෙන්වන වර්ථමාන රජය විවේචනය නොකර මහින්දට බයේ උන්දැව එලවන්න හදන පැරාලටත් රෙදි කොහෙන් හරි ලැබෙනවා නෙව..

    ReplyDelete
  11. ලාංකික සිතුවිලි විසින් කලින් දක්වන ලද අදහසක් ඉවත් කිරීමට සිදු විය. එය මෙසේ නැවත පළ කරමි. එසේම, මෙය ද කිව යුතු ය. ඔහු විසින් සිතා මතා හෝ නො සිතා හෝ සිය කමෙන්ටුවට අති විශාල හිස් ඉඩ ප්‍ර‍මාණයක් එකතු කර තිබේ. එමගින් ඔහුගේ අදහස් පළ කිරීමෙන් පසු වෙනත් අදහස් පළ කිරීමක් සිදු නො වන බවක් පෙනෙන්නට තිබිණි. මන්ද, ඊළඟ අදහස් බැලීම සඳහා ඉතා පහළට ස්ක්‍රොල් කිරීමට සිදු වන බැවිනි. කරුණාකර මෙය කිසිදු බ්ලොගයක උපක්‍ර‍මයක් ලෙස අනුගමනය නො කරන ලෙස ඉල්ලා සිටිමි.

    ලාංකික සිතුවිලිගේ මකා දමන ලද අදහස මෙසේ ය.

    //ඔය කසිකබල් තොරතුරු පණත් පේපෑල් වගේ හත්වලාමවල්වලින් කරන්න පුලුවන් බම්බුවක් නැහැ. //
    මේකෙන් පැහැදිලියි ඔබේ බුද්ධිය මේක කියවන අය මෝඩයෝ නෙමෙයි,

    //ඉන්දියානුවන් තමයි ඇමරිකාව දියුණු කළේ.//

    ඇමරිකාවේ තොරතුරු තක්ෂණික දියුණුවට ඉන්දියාවේ උපාදිදරින් උප්කාර උනේ ඇමරිකාව විසින් දක්ෂම අයට ඇමරිකාවේ අද්යාපනයට දොරටුව හැරීමෙන්, මෙහිදී ඇමරිකාව ඉන්දියාවේ රජය සමග ගිවිසුම් ගැසුවේ නෑ
    අතිදක්සයන් සදහා PR ලබාදුන්නා.

    එහෙම නැතුව ඉන්දියවේ හිගන්නන්ට ඕනෑම ලේබලයක් ගසාගෙන ඇමරිකාවට එන්න දුන්නේ නෑ.

    "එට්කා ගිවිසුම" ගැන කියන්න තියෙන්නේ රනිල්ලොක්කට කියන්න ඕක ප්‍රසිද්ද කරන්න කියල එතකොට අපට පෙන්වන්න පුළුවන් හොද නරක නැතුව නුපන් දරුවෙකුගේ කෙන්දර හදන්න ඕනේ නෑ

    ඔබලාට අන්දයෝ කියන්නේ තවම නැති ගිවිසුමක් වර්ණනා කරන අදබාල තත්වයක සිටින නිසා



    //රනිල් මැතිතුමාගෙ සුපිරි මොළයත් මෛත්‍රීගෙ දර්ශනය සමග එජාපයේ බුද්ධිමත් ඇමතිවරු රට ඉක්මණින් ගොඩගනී. //

    මේකට තමයි කියන්නේ වහල් චින්තනය කියල, අදත් මේ රෝගය වැඩියම තියෙන්නේ බය්යන් අතර උනත් සැලකියයුතු ටෝය්යන් කොටසකටත් මේ රෝගය තියනවා.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පැරා,
      මමත් දැක්ක විශාල පරතරයක් ඇතිවෙලා තියනවා, නමුත් මෙය සිදුවුනේ කොහොමද කියල මටත් පැහැදිලි නෑ. සමගර විට මම පාවිච්චි කරන විශේෂ මෘදුකාංගය නිසාද දන් නෑ.

      Delete
  12. //මහින්ද රාජපක්ෂ සමග ගැලවී යන්නට කැමති පිරිසට ගැලවී යන්නට දිය යුතුය.// සහතික ඇත්ත. ඒත් ඒක වෙයිදැයි සැකයි. කවුරු ගැලවුණත් මහින්ද අවංකවම ගැලවෙන්න කැමති නෑ. මහින්ද කියන්නේ අපි කවදාවත් පක්ෂය දාල ගියේ නෑ කියලනේ. නිදහස් පක්ෂයෙන් ගැලවුණා කියන්නේ ආයෙමත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා. කවුරු මොනවා කියුවත් ජනාධිපතිවරණයකදී හැරෙන්නට තවමත් ලංකාවේ මිනිස්සු බහුතරයක් ඡන්දේ දෙන්නේ පක්ෂයට මිසක් පුද්ගලයාට නෙමෙයි. මේකට හොඳම උදාහරණයක් තමයි ගාමිණී, ලලිත් එජාපෙන් ඉවත් වෙලා රාජාලියාගෙන් ඡන්දේ ඉල්ලපු මැතිවරණය. මහින්ද කියන්නේ මේ ඇත්ත තේරුම් ගත්ත දේශපාලකයෙක්.

    අනික් අතට අලුත් පක්ෂයක් හැදුවොත් එකේ තනතුරු බෙදා ගැනීම, දිනේෂ්, වසු, විමල් වගේ අයත් සමග නැවතත් සන්ධාන ගතවෙන එක වගේ දහසකුත් එකක් ප්‍රශ්න අලුතින් නිර්මාණය වෙනවා. ඒ වගේම තමන් නැතුව අලුත් ගමනක් යන්න නිදහස් පක්ෂයට පුළුවන් කියලත් මහින්ද දන්නවා. ඒ නිසා මහින්ද යන්නේ නෑ. නුදුරු අනාගතෙදීම මෛත්‍රී, මහින්ද ඩීල් එකක් දැම්මොත් එයත් පුදුම වියයුතු කාරණයක් නෙමෙයි.

    ReplyDelete
  13. ලාංකික සිතුවිලි කියන ගොබිලා හැම වෙලේම පේපෑල් මගුලක් කතා කරන්නේ ඇයි චාමර?

    ReplyDelete
    Replies
    1. එයා අන්තර් ජාලයේ ටොයිස් විකුණන සිල්ලර වෙළෙන්දෙක්

      Delete
  14. මට ඉතා හදිසි අවශ්යතාවයකට මධ්යම පලාත් ආන්ඩුකාරතුමියගෙන් ලිපියක් ගන්ට ඔනෙ. Eතුමිය පත් කරල නම් සතියක් විතර ඇති. එත් වැඩ බාරගන්නෙ 25 වෙනිදා නැකතටලු. අපි කොහොමෙය් අලුත් රටක් හදන්නෙ මෙහෙම එවුන් එක්ක

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා