රාජපක්ෂ පෙන්නා ගොඩ යන්නට ආණ්ඩුවට හැකි වේ ද?

දූෂිත හා දේශපාලනික වශයෙන් උම්මත්තක ප්‍රතිගාමී බලවේගය නැවත හිස ඔසවන්නට අසීරු උත්සාහයක් දරමින් සිටින බව පෙනේ. 

තමන්ගේ අතීත සොරකම් හා දූෂණ හේතුවෙන් නීතියේ හා යුක්තියේ අභියෝගයට මුහුණ දී සිටින සොරුන් විසින් මහජනතාවගෙන් සොරකම් කරන ලද මුදල් වීසි කරමින් බත් පැකට්, අරක්කු බෙදමින් කරන මෙවැනි සංදර්ශනවලට බිය විය යුතු නැත. 

මෙම බලවේගයට එරෙහිව ශ්‍රීලනිපය අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතු ය. එයට ගැලවී යන්නට ඉඩ දිය යුතු ය. 2015 අගෝස්තුවේ මෙන් ශ්‍රීලනිපය හයිජැක් කිරීමට ඉඩ නො දිය යුතු ය. 

එසේ ම, ශ්‍රීලනිපය ද 2015 අගෝස්තුවේ කළා සේ නැවත වතාවක් මෙම බලවේගය හයිජැක් කරන්නට උත්සාහ නො කළ යුතු ය. ඔවුන්ට ඔවුන්ගේ ගමන වෙන ම යන්නට ඉඩ දිය යුතු ය. 

මෙය ඉතා පැහැදිලිව දූෂිත බලවේගය වෙන ම ගොනු වන චෞර විපක්ෂයකි. එය ඉතා හොඳ තත්වයකි. 

විශේෂයෙන් ම ශ්‍රීලනිපයට මෙය අනගි අවස්ථාවකි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බුද්ධිමත්, ප්‍රගතිශීලී, නව දේශපාලන නායකත්වයක් ඉදිරියට ගැනීමට කටයුතු කළ යුතු ය.

ජනතාව අතර සැලකිය යුතු පිරිසක් දේශපාලකයන් තරමට ම දූෂිත බව අපි මුල සිට ම කියා ඇත. එබැවින් මහින්දලා පසුපස මෙවැනි පිරිස් වහ වැටීම ගැන පුදුම විය යුතු නැත. ඔවුන්ගේ සිහිනය දකින්නට ඔවුන්ට ඉඩ දිය යුතු ය. සිහිනය යළි සැබෑවක් නො වන්නට පමණක් වග බලා ගත යුතු ය. මේ පරම්පරාව ඔවුන් සමග යාම වළක්වන්නට ද ලොකු උත්සාහයක් ගත යුතු නැත. බැලිය යුත්තේ අනාගත පරම්පරාවන් දෙස ය. ඔවුන් අතර තරුණයන් නැති බව සුබවාදී ඇසින් බැලිය යුතු ය. එය රැක ගත යුතු තත්වයකි. 

රට ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතිය හා යුක්තිය ගැන හැඟීමක් ඇති බලවේගයට ඇත්ත අභියෝගය තිබෙන්නේ මහින්දවාදීන් සමග ය. ඔවුන් වෙන ම පෙරමුණක ගොනු වීම ඇත්තෙන් ම ඉතා යහපත් තත්වයකි. මේ රැළි මාලාව රට පුරා ම කරගෙන යන්නට ඔවුන්ට ඉඩ දිය යුතු ය. එය එක පැත්තකින් විදේශයන්හි සඟවා තිබෙන කළු සල්ලි සුදු කර ගන්න ද හොඳ ක්‍රමයකි. බත් පැකට්, අරක්කු ලෙස හෝ ඒවා මේ රටට ආපසු එන එක විදේශයන්හි තිබෙනවාට වඩා හොඳ ය. 

ආණ්ඩුවට මේ ටිකත් කිව යුතු ය. තව දුරටත් රාජපක්ෂ බිල්ලා පෙන්නා වැඩේ කර ගන්නට නම් නො ආ යුතු ය. රාජපක්ෂ බලයට ආවොත් කාට කාටත් වන දේ තම තමන් තේරුම් ගෙන වැඩ කර ගත්තාට අපට කමක් නැත. එහෙත් රාජපක්ෂ නිසා තව දුරටත් ආණ්ඩුවට සහයෝගය දෙන්නට තරම් අපට අමාරුවක් නැත. 

මේ චෞර නඩයට මෙසේ වීදි සරන්නට ඉඩ දුන්නේ අප නො වේ. මහින්දලා, වෙල්ගමලා, විමල්ලා මෙන් ම වේදිකාව පිටුපස හැංගී සිටින රෝහිතලා, මහින්දානන්දලා ආදීන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත්තේ ඇයි ද යන්න අපට තිබෙන ප්‍රශ්නයයි. මහින්ද කළා සේ තම විරුද්ධවාදීන් අල්ලා කූඩු කිරීම වෙනුවට නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීමකි. 

එසේම, රටේ පවතින ඇත්ත මහජනතාවට තේරෙන අන්දමින් කියන එක ද ආණ්ඩුවේ වැඩකි. මහජන සහයෝගය ලබා ගන්නට නම් ආණ්ඩුව හා මහජනයා අතර යහපත් සංවාදයක් තිබිය යුතු ය. ආණ්ඩුව විසින් ළං කරගෙන සිටින පිරිස් එය නිර්මානය නො කරන බව පැහැදිලි ය. 

මේ සියල්ල මැද ආණ්ඩුව රට පාලනය කළ යුතු ය. ආර්ථිකය කළමනාකරණය කළ යුතු ය. මහජනතාවට රිද්දන්නේත් නැතිව අයවැය පරතරයත් අඩු කළ යුතු ය. රටට විදේශ ආයෝජන ද ගෙන ආ යුතු ය. ඇත්තෙන් ම රැකියා උත්පාදනය ද කළ යුතු ය. ලෝක ආර්ථිකයත් සමග යහපත් ගනුදෙනු ගොඩනගා ගත යුතු ය. 

චෞර විපක්ෂය වෙන ම ඒකරාශී වෙමින් තිබේ. එය වඩා පැහැදිලි තත්වයකි. තමන්ගේ අතීත වැරදි වෙනුවෙන් මුක්තිය, සොරකම් කළ මහජන දේපලවලට ආරක්ෂාව, ජාතිවාදය, ආගම්වාදය වැනි සටන් පාඨ ඔවුන්ට ම දිය යුතු ය. 

රට ගැන හැඟීමක් ඇති, බලයට කෑදර නැති, ආණ්ඩුව පිටින් සිට නියාමනය කරන, අනාගතවාදී, හෙට වෙනුවෙන් පොදු අවම වැඩසටහනක් මත පදනම් වූ ප්‍රගතිශීලී විපක්ෂයක් ගොඩනැගීම සඳහා ප්‍රගතිශීලී බලවේග පෙරට ආ යුුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඕවා වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි.

    බහුතරය විකල්පය වූ විට පක්‍ෂයේ බලය උන් අතට යෑම වලක්වන්න හැකිවෙයිද?

    අර දුමින්ද කියන අලුත් ලේකම් කරන දේ බලමු.

    හරි නම් අද උදේ නිදහසට කරුණු අහලා ලිපි යවලා පරීක්‍ෂණයක් තියෙන තුරු පක්‍ෂ තහනමක් දාන්න ඕනෑ.

    ReplyDelete
  2. පැරා,

    යහපාලනයට චන්දය දුන් කෙනෙක් ලෙස 15 වෙනිදා සිදුවූ දේ ගැන මට ඇතිවන්නේ සතුටක් නමුත් ඊයේ සිදුවූ දේ ගැන මට ඇතිවුනේ නිම් හිම් නැති ප්‍රීතියක්, මිට හේතුව රනිල් ගොය්ය ට කන රත්වෙන්න පහර වැදී තිබීම.
    //උම්මත්තක ප්‍රතිගාමී බලවේගය නැවත හිස ඔසවන්නට අසීරු උත්සාහයක් දරමින් සිටින බව පෙනේ. //
    ඔබට පිස්සුද කවුද කියන්නේ අසීරු උත්සහයක් කියල මෙය පහසු උත්සහයක්.

    //දූෂණ හේතුවෙන් නීතියේ හා යුක්තියේ අභියෝගයට මුහුණ දී සිටින සොරුන්//
    ඇත්තටම පැරා ඇයි මොවුන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ?

    //ආණ්ඩුවට මේ ටිකත් කිව යුතු ය. තව දුරටත් රාජපක්ෂ බිල්ලා පෙන්නා වැඩේ කර ගන්නට නම් නො ආ යුතු ය. //
    දැන් අර්ජුන මහේන්ද්‍රන් වැනි බිල්ලන් යහපාලනේද සිටි.

    //මහින්දලා, වෙල්ගමලා, විමල්ලා මෙන් ම වේදිකාව පිටුපස හැංගී සිටින රෝහිතලා, මහින්දානන්දලා ආදීන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත්තේ ඇයි ද යන්න අපට තිබෙන ප්‍රශ්නයයි.//
    අයියෝ තවම ඕක දන්නේ නැද්ද ? එහෙම නිතිය ක්‍රියාත්මක උනොත් අර්ජූන මහේන්ද්‍රන් ල රවී කරුනානයකල ටත් නිතිය ක්‍රියාත්මක කරන්නද කියන්නේ ?


    //නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීමකි. //
    එහෙම කලොත් රාජපක්ෂ ල කරපු විදියේ වංචා මගින් අපේ රනිල් ලොක්කගේ යාළුවො රොත්ත පෝසත් වෙන්නේ කොහොමද ?

    //ආණ්ඩුව හා මහජනයා අතර යහපත් සංවාදයක් තිබිය යුතු ය. ආණ්ඩුව විසින් ළං කරගෙන සිටින පිරිස් එය නිර්මානය නො කරන බව පැහැදිලි ය. //
    මෙන්න අපුරු සංවාදයක් https://www.youtube.com/watch?v=HcYqYWdB3XY
    මෙන්න මෙහෙමයි මේ රජයේ මහාචර්ය “වරු” කතා කරන්නේ. මේකෙන් පෙනේනේව රජය ඉන්දියාවෙන් කොපමණ පීඩනයක් එල්ලවෙලාතියනවද තමන්ට කොපමණ පුද්ගලිකව අවාසිද කියල


    //මහජනතාවට රිද්දන්නේත් නැතිව අයවැය පරතරයත් අඩු කළ යුතු ය.//
    ඔය රිදිලි ගැන ඉස්සරහට බලන්න පුළුවන්. මම ඊයේ Harin Fernando
    facebook අඩවියේ කොමෙන්ටුවක් දැම්ම PAYPAL ගැන මිනිසුන් ඒ කොමෙන්ටුවට ලයික් ගණනාවක් දමමින් තිබුන. නමුත් අද එම පොස්ට් එක ඉවත් කරලා.
    මම කලිනුත් කිව්වා ශ්‍රී ලංකාවට මුලින්ම කරන්න ඕනේ රටේ අන්තර්ජාතික තැපැල් සේවය වංචාවෙන් තොරව කළහැකි වාතාවරණයක් අතිකර PAYPAL මගින් ගනුදෙනු කල හැකි මට්ටමට පත්කිරීම කියල ,නමුත් මට පෙන්නේ ලෝක ආර්ථිකය ගැන රනිල්ට හිතාගෙන හිටිය අවබෝදය නෑ මිනිසුන්ට රනිල් ගැන විශ්වාසය ඇත්තේ ලලිත් ඇතුලත්මුදලි ගාමිණී දිසානායක ප්‍රේමදාස වැනි මහතුන් කල වැඩ වල කිර්තිනාමය නිකම්ම රනිල් ගේ ගිණුමට වැටීම නිසයි,
    අද චීනයේ අලිබබා ආයතනය දිනකට ඩොලර් බිලියන 14.3 ක ආදායමක් උපයනවා (හොදින් බලන්න මෙය දිනකදී ඩොලර් බිලියන 14.3 )
    Alibaba's gross merchandise volume on Singles Day from 2011 to 2015 (in billion U.S. dollars)
    http://www.statista.com/statistics/364543/alibaba-singles-day-1111-gmv/
    මෙවැනි දේ මේ රජයට නැවත නැවතත් පෙන්වාදෙද්දී කරන මරි මෝඩකම් දැක්කහම ඊයේ වෙච්ච දේ ශ්‍රී ලංකික පුරවසියකු ලෙස මටනම් ඇතිවෙන්නේ අපමණ සතුටක්.
    පැරා මුලින්ම බලන්න මේ පෙන්වාදී ඇති මාර්ගයේ වැදගත් කම තමන්ම අද්‍යනය කරලා, ඉන්පසු ඔබ රජයේ වගකිවයුත්තන් දැනුවත් කරන්න. එහෙම නැතුව මේ යනවිදියට මහින්ද ගේ කෙනෙක් බලයට පත්වීම වලක්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඔබේ අදහස් ශිෂ්ට බසින් ඉදිරිපත් කරන්නට වග බලා ගන්න. නැතිනම් ඉවත් කරනු ලැබේ.

      Delete
  3. One good thing is this shows there is an opposition (people's power) It is idiotic to say all the people here are idiots. This shows people can't be fooled all the time with shows to the gallery. Govt should start delivering what they promised to people. I personally do not believe MR should come to power, his time is over I guess.

    ReplyDelete
  4. ///එය එක පැත්තකින් විදේශයන්හි සඟවා තිබෙන කළු සල්ලි සුදු කර ගන්න ද හොඳ ක්‍රමයකි. බත් පැකට්, අරක්කු ලෙස හෝ ඒවා මේ රටට ආපසු එන එක විදේශයන්හි තිබෙනවාට වඩා හොඳ ය. ///

    විදේශ වල තියෙන සල්ලි පෙට්ටි වල දාල කාර්ගෝ සර්විස් හරහා ලංකාවට එවනවා කියලද පැරා හිතාගෙන ඉන්නේ. ළිංමැඩි මානසිකත්වයේ උපරිමය...

    මතකද රවී කරුණානායක ට රටින් ආපු ඩොලර් තොගය, මට මතක විදිහට ඒ JVP එක කඩන්න ආපු සල්ලිද කොහෙද...
    රවිට විරුද්ධව ඒකට නඩු වැටුනා මතක නැද්ද, ඒ සල්ලි ආපු එක පැහැදිලි කරන්න බැරිව අවුරුදු ගාණක් ඇදී ඇදී තිබ්බ නඩුවෙන් මේ ආණ්ඩුව රවිව නිදහස් කරලා දුන්නට, එහෙම හේතු නොදැක්විය හැකි මුදලක් වෙන රටකින් එන එක ගැටළුවක් බව දන්නේ නැතුවද මේ වගේ බොළඳ කතා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. // රවිට විරුද්ධව ඒකට නඩු වැටුනා මතක නැද්ද //

      https://www.youtube.com/watch?v=1leEkNSATXk

      දනුන තිලකරත්නගේ මවු ගේ සේෆ්ටි ඩිපොසිට් බොක්ස් එකේ තිබුනු ඩොලර් නෝට්ටු මතකද?

      Delete
    2. හිකිස්... අවුරුදු 10 ක් ඇදිච්ච ඒ නඩුව රවියා ආපු ගමන් තාක්ෂණික දෝෂයක් හොයාගත්තෙ. ඒක අහපු නඩුකාර නෝනත් තීන්දුව දීලා පහුවදා පැන්ෂන් ගියා. මාරයි නේ ?

      Delete
    3. විදේශවල තිබෙන මුදල් පෙට්ටිවල දමා ගෙන එන්නේ නැති බව නො දන්නා කෙනෙක් නැත. ඒ වගේ ම ඒ සඳහා විවිධ අය විවිධ අයථා ක්‍ර‍ම භාවිතා කරන බව නො දන්නේ ඔබ පමණක් විය හැකි ය. ඔබේ ළිඳේ දිග පළල පරීක්ෂා කර ගන්න ලොකු පුතා.

      Delete
    4. අයතා ක්‍රම තියෙන බව මමත් දන්නවා පැරා...
      නමුත් මට දැනගන්න ඕනේ පිටරට ගිණුම් වල තැන්පත් කරලා තියෙන හොරා කාපු සල්ලි අහු නොවෙන්න "ඩොලර් විදිහටම" ලංකාවට ගෙන්න ගන්න තියෙන අයතා ක්‍රමය ගැනයි...

      පැරාගේ කමෙන්ට් එකෙන් පේන්නේ එහෙම ක්‍රම දන්න බවක්...
      ඔච්චර දන්න ක්‍රම තියෙනවනම් ඔන්න ඔහේ ඒ ක්‍රම හෙළි කරලා ඒ හොරු අල්ල ගන්න ආණ්ඩුවට උදව් කරන්නේ නැත්තේ මොකද...

      Delete
  5. සියල්ල රඳා පවතිනුයේ සිරිසේනගේ කොඳුනාරටිය මතය....

    මාතලන් නම් සිතන්නේ සිරිසේන යනූ කෙලින් තීරණයක් ගත් නොහැකි දුර්වල නායකයකු ලෙසය... ආන්ඩුකාර පදවියට පත්කල පුද්ගලයාගෙන්ම ඒ බව මනාව පසක්වේ.... මහින්දට කෙල උනේද ඒ හේතුවෙන්මය...

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත්... පවතින පරිසරය දිගටම පැවතියහොත්, මහින්ද නැවත බලයට පත් වීම ඉතා සුළු කරුනක් බව මතක තබා ගත යුතුය... මන්ද පාලනය වෙනස් වූවාට පරිපාලනය තවමත් ඔවුන් අතය. එමෙන්ම ඔවුන් කෙරේ කලකිරුනු ජනතාවද නැවතත් ඔවුන් සමගය....

      මැදිහත් සිතින් බලන්නෙකුට මහින්ද රජය මේ රජයට වඩා සෑම අතින්ම ඉදිරියෙන් වූ බව පිලිගෙන සිටිය නොහැකිය...

      Delete
    2. මාතා,
      මම දන්න සමහර දේ කියන්න බෑ, කියල මේ මිනිසුන්ව බය කරන්න ඕනේ නෑ නමුත් මෙරජය තව මාස 2ක් මේ විදියට යනවනම් මට දෙන්න තියන උපදෙසේ මෙතන ඉන්න දුප්පත් ම කෙනාටත් කියන්න තියෙන්නේ අඩුගානේ රුපියල් 40000 ක මුදලක් වත් ගෙදර පරිස්සමට තියාගන්න පුළුවන් අය රුපියල් ඩොලර් වලට මාරු කරගැනීම තමයි නුවනක් කාර දේ.
      පැරා මම මේ කියන දේ save කරලා තියාගන්න, මෙරජයට මාස 2 කක්ඇතුළුව විසාල ණයක් ගන්න හෝ විශාල විදියට අපනයන වර්දනය කිරීමට පුළුවන් උනොත් මගේ කතාව අදාළ නොවෙයි, එහෙම නෙමෙයි නම් ඉහත තීරණය නොගැනීම ගැන බොහෝදෙනාට දුක්වෙන්න වෙයි
      සෑ .යු:- මෙය ඉන්දික තොටවත්ත හෝ සුමනදාස අබේව්ර්දන ගෙන් අසා දැනගත් දෙයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

      Delete
    3. ඊට කලින් රනිල් චීනේ යනවා......

      රනිල්ගේ සහ එජාප ආන්ඩුවේ අනාගතය රදා පවතින්නේ කරුණු දෙකක් මත...

      චීනය ගන්නා තීරණය..
      මෛත්‍රී මහින්ද ගැන ගන්නා තීරණය...

      Delete
    4. හරියට හරි මචෝ, හැබැයි තව මාස 2 ත් උපරිමව මාස 3 ක් වගේ තමයි චිනේ ආදාර වැඩේට තියන්නේ මහින්ද සහ මයිත්‍රී ගනුදෙනුවට තව කල් තියනවා

      Delete
    5. රනිල් දැන් චීනෙ නෙමෙයි අපායෙ වුනත් යනවා. නමුත් ප්‍රශ්නය වෙන්නේ, රනිල් චීනෙ ගියොත්, ඉන්දියාවට සහ ඇමෙරිකාවට, රනිල් එපා වෙනවා. මේ ආණ්ඩුව පවත්වාගෙන යන අයට මේ ආණ්ඩුව එපා වෙන තත්වයක් නිර්මාණය කරනවාද නැද්ද කියන එක තමයි රනිල් ලයිට් ගිය වෙලෙත්, කළුවරේ කල්පනා කර කර හිටියෙ.

      Delete
  6. rANIL ASARTHAKA PALAKAYEKI.... w3 KARANNE JOB EKAK.

    ReplyDelete
  7. "මේ රැළි මාලාව රට පුරා ම කරගෙන යන්නට ඔවුන්ට ඉඩ දිය යුතු ය. එය එක පැත්තකින් විදේශයන්හි සඟවා තිබෙන කළු සල්ලි සුදු කර ගන්න ද හොඳ ක්‍රමයකි. බත් පැකට්, අරක්කු ලෙස හෝ ඒවා මේ රටට ආපසු එන එක විදේශයන්හි තිබෙනවාට වඩා හොඳ ය."

    මේ ගොන් කතා ලියනවට උඹට යූ. එන්. එකෙන් ගෙවනවද බං? උඹ වගේ එවුන් ම ද, ඒකෙත් ඉන්නෙ?

    ReplyDelete
  8. http://www.w3lanka.com/2015/12/blog-post_24.html - මේ ආටිකල් එකේ තියන ඒවා තාමත් අර මේ ලඟදි කෝටි 2 ක ගිණුම් ගත නොවන අල්ලස ගත්ත අපේ මන්ත්‍රීවරුන්ට අදාළ ද පැරා ?

    ReplyDelete
    Replies
    1. එහෙම අල්ලසක් ගැන තොරතුරක් තිබේ නමි ඔබ කළ යුත්තේ ඇනොනිමස් කමෙන්ට් මගින් ඒ ගැන කතා කිරීම නො වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට ගොස් පැමිණිලි කිරීමයි. ඔබට ඒ සඳහා උපකාර අවශ්‍ය නම් අපට ඒවා සැපයිය හැකි ය.

      Delete
    2. "දේශපාලනය අවසන් වී ඇත (එනම් දේශපාලන අරගලය දැන් අනවශ්‍යය; ඒ සඳහා සමාජයේ ඉඩක් / ඉල්ලුමක් නැත; එම නිසා දේශපාලන අරගලය අහෝසී වී ඇත; යන අරුතින්). එතැනට නීතිය ආදේශ වී ඇත. (එනම් දැන් නීතීයේ බලමහිමයෙන් සියලු ප්‍රශ්න විසඳා ගත හැක )" යන අදහස දරනුයේ ජනවාරි 8 විප්ලවයක් සිදු වූ බව සිතන අයයි.

      අන් අය සිතනුයේ " (1) ජේ. ආර්. යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් ගේ 2011- 2003 යුගය, රනිල් ගේ 2015 - x යුගය ආදී යුග අමතක කර මහින්ද යුගය ගැන පමණක් අවධානය යොමු කිරීම, (2) මහින්ද යුගයේ ද සියලු හොරුන් වෙනුවට තෝරාගත් හොරුන් වෙත පමණක් අවධානය යොමු කිරීම (3) එම තෝරාගත් හොරුන් ගේ ද සියලු හොරකම් වෙනුවට තෝරාගත් හොරකම් ගැන පමණක් අවධානය යොමු කිරීම යනු නීතිය ක්‍රියාත්මක කිරීමක් නොව දේශපාලන ගේම් ගැසීම සඳහා නීතිය ගණිකා වෘතියේ යෙදවීමක් ය" යනුවෙනි. එය කිහිප දෙනෙකු ගේ බලව්‍යාපෘතියකට වඩා වැඩි දෙයක් නොවන අතර එයට ආවැඩිය හැක්කේ කුලියට ලියන්නන්ට පමණි.

      Selective implementation of law is discrimination not democracy.

      Delete
    3. තේරුණාද මන්දා. මං අදහස් කලේ මන්ත්‍රී උතුමන්ලාට විතරක් දුන්න ඩොලර් 62500 ක් වටිනා තීරුබදු නිදහස් වාහන බලපත්‍රය ගැන

      Delete
    4. "ඔබට ඒ සඳහා උපකාර අවශ්‍ය නම් අපට ඒවා සැපයිය හැකි ය." කියලා කියලා තිබුන නිසයි මම මේ කියන්නෙ.

      ඔබතුමාට මේ ආණ්ඩුව එක්ක යම් සම්බන්ධයක් තියෙනවානම්, ඔබතුමාට මැදිහත්වෙලා මේ රටට කරන්න පුළුවන් එක සේවයක් තියෙනවා. මේක මහ අමාරු වැඩක් නෙමෙයි; ඒත් මේ දක්වා ඒක සිද්ධ වෙලා නෑ. මේක මම මේ වන විට ටී. වී. වල කෑ ගහන කීප දෙනෙකුටම කියලා තියෙනවා; ඒත් වැඩක් වෙලා නෑ. පත්තරවලට ලියලා යවලා තියෙනවා; ඒත් කිසිකෙනෙක් මේක පලකලේ නෑ.

      වැඩේ මේකයි. ඉස්සර අල්ලස් කොමිසම නිර්නාමික පැමිණිලි භාරගත්තේ නෑ. ඒත් මට තේරෙන විදියට 19 වන සංශෝධනයෙන් පසු අල්ලස් කොමිසමට පුළුවනි, පැමිණිල්ලක් නැතිවම වුනත් යම් දෙයක් ගැන පරීක්ෂණයක් පවත්වන්න. මේකෙ තේරුම තමයි, නිර්ණාමික පැමිණිලි ලැබුනාම, ඒ පැමිණිලි වල අඩංගු දේ ගැන, "පැමිණිල්ලක් නෑ - ඒත් අපි අපිට ඕනෙ නිසා කරනවා" යන පදනමින් පරීක්ෂණ කළ හැකිය කියන එක. නමුත් මේක සිද්ධ වෙන්නේ නෑ. අල්ලස නැවැත්වීමට නම්, නිර්ණාමික පැමිණිලි ගැන පරීක්ෂණ කළ යුතුමයි. මොකද අල්ලස් ගැන වැඩියෙන්ම විස්තර දන්නෙ, ඒ ඒ ආයතනවල රස්සාව කරන සේවකයො. නමුත් මේ සේවකයන්ට තමන් දන්න විස්තර තමන් ගේ නමින් ඉදිරිපත් කරන්න බෑ; මොකද අල්ලස දූෂණය නැති රටක් හදන්න ගිහිල්ලා තමන්ගෙ රස්සාව නැති කරගන්න, මේ මාස් පඩි කාරයන්ට පුළුවන් කමක් නෑ. ඒ වගේම "පෙස්සන් කාරයා" කියලා නමක් පටබැඳෙනවාට මේ සේවකයො කැමතිත් නෑ.

      කෙරෙන්න ඕනෙ වැඩේ මේකයි. රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට තම තමන් ගේ ආයතනවල කෙරෙන අල්ලස් ගැනීම් හා අල්ලස් දීම් ගැන තමන් දන්න විස්තර නිර්ණාමිකව ඉදිරිපත් කල හැකි ක්‍රමයක් තියෙන්න ඕනෙ. එක්කෝ එසේ ලැබෙන නිර්ණාමික පැමිණිලි බාර ගන්න ක්‍රමයක් අල්ලස් කොමිසම ඇතුලෙම හැදෙන්න ඕනෙ. නැතිනම්, අල්ලස් කොමිසමෙන් පිට කිසියම් ආයතනයක් සැකසෙන්න ඕනෙ, එසේ ලැබෙන නිර්ණාමික පැමිණිලි, තමන් ගේ පැමිණිලි ලෙස අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන. කොයි හැටි වුනත්, එසේ නිර්ණාමික පැමිණිලි ඉදිරිපත් කරන අය සමග (නිර්ණාමික පැමිණිල්ල සමග ඉදිරිපත් කරන බොරු ඊමේල් ලිපිනයක් හරහා) එම පෙර කී අල්ලස් කොමිසම ඇතුලත හෝ ඉන් පිටත පැමිණිල්ල ගැන ක්‍රියා කරන අයට පුළුවන් වෙන්න ඕනෙ තොරතුරු හුවමාරු කර ගෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා අවශ්‍ය වැඩි දුර විස්තර ලබා ගන්න.

      Delete
  9. අපි මේ විඳින්නේ ඒ පැහැදිලි අයවැය යෝජනාවලියේ ප්‍රතිඵල ද පැරා ? http://www.w3lanka.com/2015/11/blog-post_22.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා