රජයේ සාක්ෂිකරුවන් මගින් පළිගැනීම වෙනුවට සත්‍ය කොමිෂමක් පත් කරමු ද?

දෙමළ සිවිල් වැසියන් මැරුවේ මොහු විතර ද? ඔබ නැද්ද?
රාජපක්ෂලාට ගේම දෙන්නට ය කියා එමිල් කාන්තන් ගෙන එන්නට සූදානම් වන බව වාර්තා වේ. 

රාජපක්ෂලා කොටින්ට සල්ලි දුන්නේ එමිල් කාන්තන් හරහා බව කියැවේ. මෙම සිද්ධියට ටිරාන් අලස්ගේ නම ද ගෑවී තිබේ. 

2005 ජනාධිපතිවරණයේදී මහින්ද ජයග්‍ර‍හණය කළේ උතුරේ කොටි සංවිධානය විසින් දියත් කරන ලද මැතිවරණ වර්ජනය නිසා ය. මේ මුදල් දී ඇත්තේ ඒ වෙනුවෙන් අල්ලසක් ලෙස නම් එය වනාහි බරපතල තත්වයකි. 

සිද්ධිය එසේ නම්, එය ලක් ඉතිහාසයේ දැවැන්ත ම මැතිවරණ දූෂණය විය යුතු ය. 

දස වසරකට පසු මෙම සිද්ධිය ඔප්පු වුවහොත් එය මැතිවරණ හා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පදනම මුළුමනින් ම සොලවා දමනු ඇත. 

මේ සෙල්ලම් කර තිබෙන්නේ අන් කිසිවක් සමග නොව ජනතාවගේ පරමාධිපත්‍යය සමගයි. 

වැරදිවලට හවුල් වූ අයට සිය වැරදි පිළිගෙන නිවැරදි වීමට පැහැදිලි හිමිකමක් තිබේ. එහෙත්, එසේ විය යුත්තේ ලිහිල් හෝ දඬුවමක් සමගයි. 

වරද පිළි ගෙන රජයේ සාක්ෂිකරුවන් වීම දැන් මෝස්තරයක් වීගෙන යයි. 

එක්නැලිගොඩ සිද්ධියේ ද සාජන් මේජර්වරයකු හා කෝප්‍ර‍ල්වරයකු ඇත්ත හෙළිදරව් කිරීමට යන බව මේ සතියේ ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කළේ ය. එක පැත්තකින් මෙය හරි ය. ඉහළ නිලධාරීන් නීති විරෝධී ඝාතන සිදු කරන්නට අණ දී, වෙනත් අය පාවා දී ඇඟ බේරා ගැනීම ගැන නිදසුන් එමට ය. 

මිරිසුවිල් ඝාතන නඩුවේදී  මාණ්ඩලික සාජන් සුනිල් රත්නායකට මරණ දඬුවම නියම වී අනෙක් සැකකරුවන් නිදහස් වීම නිදසුනකට ගත හැකි ය.

සජින් වාස් ද එසේ රජයේ සාක්ෂිකරුවකු වන්නට යන බව කියැවිණි. 

වැරදි කිරීමට සම්බන්ධ වූ අයට සත්‍යය පවසා සමාවක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම සාධාරණ ය. 2009ට පෙර සමය යනු එක්තරා භීම සමයකි. එය වනාහි නීතිය අවනීතිය වූ සමයකි. රට සිවිල් යුද්ධයක ගිලී සිටි සමයකි. 2009 සිට 2015 දක්වා වකවානුව ඒ අඳුරු යුගයෙන් ගොඩ එන්නට තිබුණු කාලයකි. එහෙත්, එය භාවිතා කෙරුනේ නැත. 

කෙසේ වෙතත්, අඩු තරමේ 2009ට පෙර යුගය සම්බන්ධයෙන් හෝ සමාජය මීට වඩා සබුද්ධිකව හා සාධාරණව කල්පනා කළ යුතු ය. මෙම යුගයේ සිදු වූ වැරදිවලට වගකිව යුත්තන් සොයා යන විට රටේ ජනතාවගෙන් බහුතරය ද අහිංසක නැත.රාජපක්ෂලා සමග එක් වී මුළු රට ම දඩයමේ ද හොරකමේ ද ගිය හ. කොටි සංවිධානය සමග එක් වී දෙමළ සමාජය ද එය ම කළ හ.

මෙම අර්බුදයෙන් ගොඩ ඒමට මාර්ගය ඇත්තේ සත්‍ය කොමිෂමක් හරහා ය. එහි අරමුණ විය යුත්තේ සංහිඳියාව ඇති කිරීමයි. මේ ගැන සමාජය මීට වඩා කතා කළ යුතු ය. මන්ද, එය අතිශය සංකීර්ණ තත්වයක් වන නිසා ය. එහෙත්, රාජපක්ෂලා, කේපීලා, කුමාර් ගුනරත්නම්ලා පසුපස පවා පන්නා යාම තේරුමක් නැත. එයින් සිදු වන්නේ අපට අදට අවශ්‍ය සමාජ සංහිඳියාව ඇති වීම නො වේ.

සත්‍ය කොමිෂමක් හරහා වරද පිළිගන්නා අයට පොදු සමාවක් දීම ගැන අප කල්පනා කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පිස්සුද පැරා ඕවා මහ කචල් වැඩ.. දැන් ඉන්න උනුත් අමාරුවේ වැටෙන වැඩ..

    මාතලන් නම් කියන්නේ, මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳ කොමිසොම, අල්ලස් හා දූෂණ කොමිසම්, FCID එක වගේ ඒවා ඔක්කෝම වහ දාලා. සොරකම වංචාව දූෂණය කරන්න අවසර දෙන නීතී රීතී ගේන්නය කියලා..

    ඕන් හිතේ තියාගෙන ඉන්නේ නැතුව ලියලම දැම්මා...

    http://maathalan.blogspot.com/2016/02/lets-legalise-corruption.html

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ යෝජනාවට මගේත් මුළු හිතෙන්ම කැමැත්ත දෙනවා.

      Delete
    2. nikan palayan ponna guthalan puka nodi. ube gon katha nisa para ge lipiye watinakama nethiwenawa.

      Delete
  2. අජිත් ඔබගේ මතය සමග එකඟයි. යුධ අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂලා, ෆොන්සේකා, එල්ටීටීය සහ එහි පාර්ශ්ව, ඊපීඩීපී, සිංහල දමිළ ජාතිවාදීන් ඇතුළු බහුතර මහජනතාව සියල්ලන්ම වගකිව යුතුයි. එබැවින් දැන් කල යුත්තේ සංහිඳියාව ඇති කිරීමයි.

    කෙසේ නමුත් දමිළ ජාතිවාදී සංවිධාන බොහොමයක් මස් රාත්තලම ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා හමුදාවෙන් සහ හිටපු ජනපති/ ආරක්ශක ලේකම් ගෙන් පලි ගන්නට දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන නිසා මෙය ප්‍රායෝගිව අසීරුයි.

    අනෙක වත්මන් රජයත් රාජපක්ශලා හීලෑකරගෙන දුර්වල ප්‍රතිවාදියෙක් ලෙස තබාගැනීමට මෙය ඇමක් මෙන් පාවිච්චි කරනවා. ඉතින් අප කල යුත්තේ කුමක්ද? මා සිතන්නේ කෙසේ හෝ ගොඨාබය සහ ශවේන්ද්‍ර වැනි ප්‍රබල හමුදා නිළදාරින් පිරිසක් තෝරාගෙන ඔවුන්ට යුද අපරාද සම්බන්දයෙන් විමර්ෂන කර ජාත්‍යන්තර අධිකරණයකට ගෙන ගොස් මරණ දඬුවම හෝ එවැන්නක් දීමෙන් මෙය අවසන් කිරීම වඩා ප්‍රායෝගික විසඳුම බවයි. අප එයට අකමැති වුණත් විසඳුම එය පමණක් බව පෙනෙයි.

    ReplyDelete
  3. දැනට අත් අඩංගුවේ සිටින ත්‍රස්තවාදී චෝදනා ලත් සියලු දමිලයින් කොන්දේසි විරහිතව නිදහස් කල යුතුයි...
    යුද්ධය සමයේ හමුදාවේ කර්නල් නිලයට පහලින් සිටි කිසිවෙක් යුධ අපරාධ චෝදනා වලට ලක් නොකල යුතුයි.. ඔවුට රජයේ ශාක්ෂි කරුවන් වීමටද අවස්තාව ලබාදිය යුතුයි...
    ඒ හැර යුද්ධය සමයේ කර්නල්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල් වැනි නිලයන් දරා සිටි අයට තමන් යුධ අපරාධ කල ඇත්නම් ඒවා විවෘත අධිකරනයේ පාපෝච්චාරණය කිරීමටත් නියෝග කොට, ඔවුන්ව අධිකරනයෙන් වරදකරුවන් කොට පසුව ජනාධිපති සමාව ලබාදිය යුතුයි...

    යුධ අපරාධවලට ලක්වී ජීවිතය අහිමිඋනු සෑම උතුරු වැසියෙකුගේම පවුලට රජයේ මුදලින් විෂාල වන්ධියක් ගෙවිය යුතුයි...

    ReplyDelete
    Replies
    1. //දැනට අත් අඩංගුවේ සිටින ත්‍රස්තවාදී චෝදනා ලත් සියලු දමිලයින් කොන්දේසි විරහිතව නිදහස් කල යුතුයි...//

      සම්පූර්ණයෙන්ම එකඟයි

      //යුද්ධය සමයේ හමුදාවේ කර්නල් නිලයට පහලින් සිටි කිසිවෙක් යුධ අපරාධ චෝදනා වලට ලක් නොකල යුතුයි.. ඔවුන්ට රජයේ ශාක්ෂි කරුවන් වීමටද අවස්තාව ලබාදිය යුතුයි...//

      සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සියලුම හමුදා (යුධ, ගුවන්, නාවුක, සිවිල් ආරක්ශක) සහ පොලිස් නිලධාරීන්ට තරාතිරම නොබලා විමර්ශණ කොට දඬුවම් දිය යුතුමය.

      රජයේ සාක්ෂිකාර යන විගඩම නවත්වා උතුරේ සිවිල් වැසියන්ගේ ඇසින්දුටු සාක්ෂි, ඡායාරූප සහ වීඩියෝ සාක්ශි ඇතුළු පරිවේශණීය සාක්ශි වලට මූලිකත්ය දිය යුතුයි. මෙම දරුණු ජනඝාතක අපරාධකරුවන්ට ගැලවීයාමට කිසිදු ඉඩක් නොදිය යුතුය.

      //පසුව ජනාධිපති සමාව ලබාදිය යුතුයි...//

      සම්පූර්ණයෙන්ම විරුද්ධයි. සමාව දෙනවානම් මෙම ක්‍රියාවලියෙන් කිසිදු වැඩක් නැති අතර දැනටද ඔවුන්ට සමාව (නොනිල ලෙස) ලැබී තිබේ. ජාත්‍යන්තර යුධ අපරාධ නීති අනුව අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදී අප ලොව ශිෂ්ට ජාතියක් බව ලෝකයටම පෙන්වාදීමෙන් පමණකි, අපට මෙම චෙදනාවෙන් ගැලවිය හැක්කේ.

      //යුධ අපරාධවලට ලක්වී ජීවිතය අහිමිඋනු සෑම උතුරු වැසියෙකුගේම පවුලට රජයේ මුදලින් විෂාල වන්ධියක් ගෙවිය යුතුයි...//

      එකඟයි නමුත් අත්‍යවශ්‍ය නොවේ.

      Delete
  4. සත්‍ය කොමිෂම තවත් එක කොමිෂමක් විතරක් වේවිද? පැරකුම් මේ යෝජනා කරන්නේ අර ඇතැම් වාමංශික පක්ෂ වල තියෙන ස්වං විවේචනය වගේ පාපොච්චාරණ තුලින් වරද පිළිගන්න අයව නැවත සමාජය වෙත එකතු කර ගත යුතුයි කියාද? මේ සත්ය කොමිෂම ඉදිරයට පැමිණෙන අය සත්‍යම පවසයිද ?එකත් රජයේ සාක්ෂිකරුවෙක්ව වරද පිළිගෙන තමන් හෙමිහිට ඒ වරදින් පැනලා යනවා වගේ වැඩකින් වෙනස් වෙවිද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. මේ සමාව දීම්, රජයේ සාක්ෂිකරුවන් ආදී දේවල් යනු ඉතාම පැහැදිලිව දරුණු යුධ අපරාධකරුවන් සමූලඝාතක මිනීමරුවන් පිරිසක් තම අපරාධවලට හිමිවිය යුතු දඬුවම් වලින් බේරීමට කරන්නට හදන සටකපට උපක්‍රමයක්. උතුරේ දමිළ විමුක්ති අරගලය දැවැන්ත යුධ යාන්ත්‍රණයකින් බර අවි විශාල ලෙස යොදවා භයානක ගුවන් ප්‍රහාර, බහුවිධ රොකට් ප්‍රහාර ඇතුලු සිවිල් වැසියන්ගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර අතිශය අමානුශික ලෙස වනසා දැමූ ජනඝාතක අපරාධකරුවන්ට ඉක්මණින් හෝ පමාවී හෝ නිසි දඬුවම් ලබාදිය යුතුමය.

      Delete
  5. මරා 2005 දී හමුදාව යොදවලා දෙමල ජනතාව බය කෙරෙව්වා. හමුදාවේ ලොක්කන්ගෙන් උපදෙස් ආවා පාන්දර ගිහිල්ලා දෙමල මිනිස්සුන්ගේ ගෙවල් ළඟ ඡන්ද මධ්‍යස්ථාන ළඟ අත් බෝම්බ ගහලා වරෙල්ල කියල. හමුදා සොල්දාදුවෝ බෑ කිව්වා. ඊට පස්සේ ලේෆ්ටිනන්ලා කැප්ටන් ලා තමයි ගිහින් බෝම්බ ගහලා ආවේ. ඒ බයට මිනිස්සු චන්දෙ දෙන්න අවේ නැහැ. එදා දෙමල මිනිස්සු චන්දෙ දුන්නානම් මරා පුකෙන් යනවා. මේවා 100% ක් ඇත්ත. හමුදාවේ අදත් ඉන්නවා එහෙම කරපු අය.

    ReplyDelete
    Replies
    1. අපරදේ ප්‍රභාකරන් මේක දැනගෙන හිටිය් නම් මිනිහා අදත් ජීවතුන් අතර. එහෙම වුණා නම් කොයි තරම් ෂෝක්ද අප්පා.

      Delete
  6. දැන් කරන්න තියෙන්නේ, ISISලට, කීයක් දීල හරි ලංකාවේ යුද්ධයක් පටන් ගන්න කියන එක. එතකොට පැරාලට මෙතන කොමෙන්ට් දාන වීරයින්ටයි පුළුවන් ජණඝාතක හමුදාව පාවිච්චි නොකර, සිවිල් වැසියන්ට අබමල් රේණුවක හානියක් නොකර, ජාත්‍යන්තර යුධ නීතියට 100% අනුකූලව, කිසිදු මානව හිමිකමක් කඩ නොකර, බටහිර ලෝකයම සතුටු වෙන විදිහේ ආදර්ශමත් යුද්ධයක් කරලා පෙන්නන්න. එහෙම නැත්නම් සාකච්ඡා මාර්ගයෙන් ISIS ලගේ ගැටළුවලට සාධාරණ විසඳුමක් ලබා දෙන්න.

    ReplyDelete
    Replies
    1. හරියට හරි සහෝ,

      මේකෙ ඉන්න සමහරක් ලොකු ටෝක් දෙන මීහරක් සෙට් එකක් සතියක් ත්‍රස්ත තර්ජන තියෙන ගමක හරි යුධ බිමක හරි තියල බලන්න ඕනෙ චූ යන හැටි. යුද්ධයක් කියන්නෙ මොකක්ද කියලවත් ලෝකයේම කිසිම කෙනෙකුට අවනත නැති තමන්ට මුලඉඳන්ම නොසෑහෙන්න උපකාර කල බලසම්පන්න ඉන්දියාවේ පවා අග්මැතිවරයෙක් මරාදැමූ, ලංකාවේත් තමන්ට අවිආයුධ පවා ලබාදීමට මුල්වූ ජනපතිවරයාවත්, ලොවක් පිලිගත් කදිරගාමර්, තිරුසෙල්වම් ප්‍රමුඛ විද්වතුන්, හමුදාප්‍රධානීන් සිවිල් වැසියන් බුරුතු පිටින කිසිදු හිරිකිතයකින් තොරව අමු අමුවේ ඝාතනය කල අති බිහිසුණු මිනීමරු ත්‍රස්ත කල්ලියක් සාකච්ඡාවෙන් ශේප් කරන්න පුලුවන් කම් තිබුණුබව කීම සියවසේ ලොකුම විහිලුවකි.

      යුද්ධය එය නැවැත්වීමට තිබුණු එකම ක්‍රමයෙන්, එනම් ප්‍රති තස්තවාදයෙන් නවත්වන ලදී. යුද්ධය තව මාස කිහිපයක්වත් දික්වුණානම් ඔය මියගිය සිවිල් වැසියන් මෙන් කිහිප ගුණයක් තවත් ජනයා මිය යනු නිසැකය. කෙසේ හෝ රටේ වාසනාවට යුද්ධය අවසන් විය. දැන් සියලුම පාර්ශ්ව හැකි පමණ නම්‍යශීලීවී සංහිඳියාව ඇතිකරගතයුතුය.

      Delete
    2. ISISලට කීයක් හරි දීලා යුද්දයක් පටන් ගන්න පුළුවන් ය කියා හිතන එකෙන් ම අසංගගේ තරම පේනවා.

      ඒ දී කිරට සාක්කි දෙන ඇනොනිමස් බළලාට කියන්න කැමතියි, මගේ දේශපාලන මතය මම ගොඩනගා ගත්තේ අැනොනිමස් කොමෙන්ට් දාලා නෙමෙයි, අවුරුදු හතරක් මායිම් ගම්මානෙක පාසලක ළමයින්ට උගන්නලා. පදවිය පැත්තේ ජනමාධ්‍යකාරයකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයක් ලෙස වැඩ කරලා.

      ඔබ කියන ඔය කෘෘරත්වය හා එහි ප්‍රති කෘෘරත්වය කියන දෙක ම අපි ඇස් දෙකෙන් දැක්කා. ඒ නිසා එකකට වඩා අනෙක හොඳ ය කියන මතයේ මම නැහැ.

      Delete
    3. අජිත් ඔහු කියන කාරණයේත් සත්‍යතාවක් තියෙනවා. අයීඑස් කතාව නෙවෙයි, යුද්ධයක් කියන්නේ ඉතාම බිහිසුණු අශිශ්ට ක්‍රියාවලියක්. ඉතින් කිසිම අණක් ගුණක් නැති අති බිහිසුණු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එක්ක කරන බරපතල සටනකදි ඔය කියන විදිහේ මානව හිමිකම් සියල්ලම රැකගෙන සහ ත්‍රස්තයින් පලිහක් ලෙස තබාගත් සිවිල් වැසියන් සියල්ල ආරක්ශා කරගෙන යුද්ධය සුන්දරව ඉවර කරන්න පුලුවන් ෆැන්ටසියකදි මිසක් සැබෑ ලෝකයේදී නෙවේ නේද? ඇනෝ කියපු එකත් ඇත්ත. එයට තිබූ එකම විසඳුම එය පමණයි.

      දැන් ඔබ කියනවා ඔබේ අත්දැකීම්වලින් තේරුණා මේක සාකච්ඡාවෙන් අවසන් කළ හැකි බවක්. නමුත් ප්‍රභා ප්‍රමුඛ කුරිරු ඝාතක කල්ලිය තෙවරක්ම රජයත් පහසුකම් සැපයූ රටවලුත් 2002 සාම ගිවිසුමත් අමු අමුවේ උල්ලංඝනය කරමින් භයානක ලෙස ඝාතන කලා. 2006 ෆොන්සේකා ඝාතන ප්‍රයත්නය වන විටත් සාම ගිවිසුම තිබූ අතර සිවිල්, හමුදා මෙන්ම කදිරගාමර්, තිරුචෙල්වන් වැනි ලෝප්‍රකට විද්වතුන් පවා අමානුශික ලෙස මරා දැම්මා. ඉතින් ඔවුන් සමග සාමයක් ඇතිකරගත හැකිව තිබුණා යයි කීමම විහිළුවක්.

      නමුත් දැන් කළ යුතුවන සමාව දීම සහ සංහිඳියාව පිළිබඳ ඔබේ අදහස් සමග නම් එකඟයි. දැන් නම් අපිට අවශ්‍ය වෛරය නොව ඉවසීම, සමාව දීම මෙන්ම නම්‍යශීලීත්වයයි. රාජපක්ශලා නොකලෙත් එයයි. සිංහල අධිපතිවාදය ඉවත දමා අප වඩාත් නම්‍යශීලී විය යුතුයි. දමිළ මුස්ලිම් ජනතාවන්ට සාධාරණ හිමිකම් ලබාදිය යුතුයි.

      Delete
    4. සාධාරණ යුද්ධයක් කියලා එකක් තියෙනවද ?. යුද්ධය මොන ක්‍රමයකින් හරි අවසන් වෙච්ච එකද හොඳ ? නැත්නම් ඔය සියළු හිමිකම, අයිතිවසිකම්, නීති රකිමින් තාම යුද්ධකරන එක ද හොඳ

      Delete
  7. අනේ මන්ද... ඕකුන් ඔක්කොම නිදහස් කරන්න ඕන එක්කො.. එහෙමත් පුලුවන්ද.. අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. කොහොමත් තෝ වගේ මැටි මෝල්ලු දන්න රෙද්දක් නැහැ නෙව. ඉතින් ගොන් පාට් නොදා කට වහන් හිටු.

      Delete
  8. අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ:

    1. අහෝසි කම්ම අහෝසි කරනු!
    2. අංගුලිමාලලා නිවන් යන්නට පෙර මුලින් නඩු අසා හිරේ යවනු!

    http://rasikalogy.blogspot.com/2014/12/blog-post_11.html

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා