කිරිඇල්ලගේ පැණි ලියුම

විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් මෙවැනි ලියුමකට කථිකාචාර්ය පත්වීමක් දෙනු ඇතැයි මම නො සිතමි. 

එහෙම දෙන්නට සිදු වන තරමේ මැරවර බලයක් හා නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. තමන්ගේ වැරදි නැතිනම් උප කුලපති බිය විය යුතු නැත. 

මේ ලියුම මාධ්‍යවලට දෙන්නටත්, සමාජ මාධ්‍ය ඔස්සේ උසස් අධ්‍යාපන ඇමතිගේ රෙදි ගලවන්නටත් දැන් අපට පුළුවන. 

මෙවැනි ලියුම්වලින් වැඩක් ඇතත්, නැතත්, දේශපාලකයන් මෙවැනි ලියුම් දෙන එක වැරදි ය. 

ඒ අතර ම, මෙවැනි ලියුම් සම්බන්ධයෙන් දේශපාලකයන්ට පමණක් බනින එක ද වැරදි ය. මෙවැනි ලියුම් ඉල්ලා ඇවිටිලි කරමින් දේශපාලකයන් පසුපස යන්නේ මේ රටේ ජනතාවයි. මෙතැන නම්, එය කර තිබෙන්නේ උගතෙකැයි සැලකෙන අයෙකි. 

රජයේ රැකියා දිය යුතුව තිබෙන්නේ සුදුසු පුද්ගලයන්ට ය. ඒ සඳහා තෝරා ගැනීම කළ යුතුව තිබෙන්නේ පාරදෘශ්‍ය ක්‍රියාවලියක් ඔස්සේ ය. රජයේ රැකියා, උසස්වීම් හා තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලකයන් පසුපස යාම ජනතාව පළමුකොට ම නැවැත්විය යුතු ය. 

එසේම, මෙවැනි ලියුම් ලියන්නන් හෙළිදරව් කළ යුතු ය. 

දේශපාලකයා අපේ කර මතට නංවා ගත්තේ අප ම ය. දැන්වත් ඌ බිමට ඇද දැමිය යුතු ය. 

මෙවැනි දේශපාලකයන් දේශපාලනයෙන් තොලොංචි කර දැමිය යුතු ය. ඒ සඳහා ඒ දේශපාලනය අවසන් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඇමෑත්තතුමා කියනවා ලිපියේ සීල් එක ගහලා නැති නිසා මේක බොරු ලියුමක් ලු. අද පාර්ලිමේන්තුවේදී පොරකාසයක් කොරඤ්ඤං ලු.

    අනේ ද කියන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙනම් ව්‍යාජ ලේඛණ සැකසීමේ චෝදනාව මත කේ. පී. ඩී. ඩී. අමරසිංහ මහතාට නඩු වැටෙයි නේද? :D

      (ඇත්තටම එහෙම වෙන්න තියෙන්නේ. මන්ත්‍රීල ඇමතිලාගෙ පස්සෙ යන එවුන්ට පාඩමක් වෙන්නත් එක්ක)

      Delete
  2. සමාන අවස්ථා සැලසෙන රටක අවශ්‍යතාවය නොතේරෙන ඔවුන්ට චන්දය දුන් අයගේ අදහස් හඳුනා නොගන්නා මෙවන් දේශපාලකයින් යහපාලන රජයකට සුදුසු නැත.

    ReplyDelete
  3. // විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක් මෙවැනි ලියුමකට කථිකාචාර්ය පත්වීමක් දෙනු ඇතැයි මම නො සිතමි.

    එහෙම දෙන්නට සිදු වන තරමේ මැරවර බලයක් හා නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. තමන්ගේ වැරදි නැතිනම් උප කුලපති බිය විය යුතු නැත.
    //

    ඇයි නැත්තේ.....?
    තමන් ඇතුලට ආ කන්ඩායමෙන් නොව ඊට වසරක් පහල කන්ඩායමෙන් උපාදිය ලාබාගත්, බරපතල විනය චෝදනාවකට ප්පන්ති තහනමකට ලක් වූ අය ප්‍රබල ම ජාතික විශ්වවිදාලයක උපකුලපති වී සිටින සිරි ලන්කාවේ ඕවත් දේවල් ද පැරා???

    ReplyDelete
    Replies
    1. මට දවසක් අර අපේ හිටපු උපජනාධිපති වරයාගේ පස්චාත්තාප සුපර්වයිසර් වූ උපකුලපතිගේ ගේ දේශනයක් අහන්න ලැබුනා, මට හිතුනේ එයා ප්‍රාදේශීය සභාවක මන්ත්‍රිකෙනෙකුගේ ලියුමකට රස්සාව ලැබුණු කෙනෙත් කියලයි.

      Delete
  4. දේශපාලන විද්‍යාව පිළිබඳ කතිකාචාර්ය තනතුරක්නේ ඉල්ලන්නේ . මුන්නැහේ දේශපාලන විජ්ජාව හොදට දන්නවා කියන්න මේ ලයුමෙන්ම පේනවානේ .ඉතිං තවත් සුදුසුකම් ඕනනෑ මෙයටම ඕක දෙන්න කියන්න.

    ReplyDelete
  5. වැදගත් ලිපියක් පැරා, ඔක්කොටම වඩා මිනිස්සුන්ට ලජ්ජා බයක් නැතිකම තමයි මේ ඔක්කොටම මුල...

    ReplyDelete
  6. අර කිව්වා වගේ කෝ මේකේ සීල් එකක්....

    මේක ඇත්ත එකක් නම් අර කතිකාචාර්ය කම ඉල්ලන එකත් ඇමතියා වගේම වැරදි කාරයෙක් නේද...?

    ReplyDelete
    Replies
    1. හය්යො මම ඔයවගේ ලියුම් දුසිම් ගණනක් දැකලා තියනවා එකකවත් සීල් තිබ්බේ නෑනේ, උන් අපිව රවට්ටලා, ඔන්ද වෙලාවට අහුවුනේ නැත්තේ.

      සීල් එක කිව්වේ අර ලැබුණා කියල ගහන තඩි රවුම් ඩේට් සීල් එකද දන්නෑ.

      Delete
    2. උඹ දන්නවද ඇමතිවරු දෙන ලියුම් වලත් කැටගරි එකක් තියෙනවා කියලා... මේක මේ බේරෙන්න දීපූ ලියුමක්.. වැඩේ කෙරෙන්න නම් ලියුම් දෙන්නේ නෑ....

      ඕන ගොනෙකුට යුද්ධ් කොරන්න පුළුවන් කිව්වට ඇමතිවරු එච්චර ගොන්නු නෙමෙයි... මේ ලියුම් වලට කියන්නේ ඇණ ලියුම් කියලා...

      Delete
    3. අනේ පලයං මාතා කිරිඇල්ලයව සුද්ද කරන්නේ නැතිව. උඹල ඉතිං රෙදි ගළවගෙන යහපාලනයට කඩේ යන කට්ටියනේ.

      Delete
  7. පහුගිය දවස් වල විභාගයක් එහෙම තියල පළාත්සභා ගුරු පත්වීම් දුන්න හැටි එහෙම හොයල බැලුවොතින් තවත් එපා වෙයි.. කිසිම වෙනසක් නම් නෑ.
    //ඒ අතර ම, මෙවැනි ලියුම් සම්බන්ධයෙන් දේශපාලකයන්ට පමණක් බනින එක ද වැරදි ය. මෙවැනි ලියුම් ඉල්ලා ඇවිටිලි කරමින් දේශපාලකයන් පසුපස යන්නේ මේ රටේ ජනතාවයි.// +++++++++++++++
    ඒ වගේම ලියුම නැත්තම් රස්සවද නැතිවෙන තැන් නැති කල යුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
  8. ව්‍යක්ත ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත තෙරීම් කමිටු වලින් තනිකරම ලින්ගික අල්ලස් වලට ලැච්චරර් තනතුරු ලැබෙනා සිරි ලන්කාවේ දේසපාලකයන් ගේ ලියුමකට ලැච්චරර් තනතුරක් දුන්නාම මොකොද?

    ඇකඩමික් ලා ගෙන් සමන්විත සිලෙක්ශන් කොමිටි වලින් සිදු වූ අක්‍රමිකතා නිසා අගතියට පත් ව නඩු කියා තනතුරු ලබාගත් දුසිම් ගනන් කස්ටිය අප පෞද්ගලිකව දනිමි!

    ReplyDelete
  9. සීල් එක ලියුමෙ කොහෙද තියෙන්නෙ? සීල් එක තියෙන්නෙ ලියුම් කවරෙ මුද්දරය උඩනෙ. ඒකවත් දන්නෙ නැද්ද. පහුගිය කාලෙ නම් සීල් නැති ලියුමක් නොවෙයි නිකං කඩදාසි කෑල්ලක් තිබුනත් ඇති උප කුලපතිකමක් උනත් ගන්න.

    ReplyDelete
  10. දේශපාලකයා අපේ කර මතට නංවා ගත්තේ අප ම ය. දැන්වත් ඌ බිමට ඇද දැමිය යුතු ය. +++++++++++++++++++++++

    ReplyDelete
  11. Ihatha athi siyalla kiyawuu kalhi, ada ape Rata gena igenagatha heka...Upaadidaariya Amathipasse giye ai..?Amathi seal-nethi/athi iyumak dunne Ai..?Upaadidaareen attaala gasaagena rassaa illanne ai..?Me siyallata methek lebuu prathichaara monowada? Ad, boho tharuna comments kiyawana vita, ''hitan'' yana ek vadanak ithaa janapriya be pene...! a vadanath me siyalu comments haa replyth athara wenasak aththema nethi tharamya...Eth, me Rate Tharuna Sevaa Sabaawak pihituweema gena Adyayanayaka yedunu, ek, Videshika Ugathek, 1969 dee, kiyaa aththe, me rate Rassaa deemedee, 'most needy in the most suitable' yana kondesiya itu-nowenaa thaak kal, merata Asiayaawe shokaya wanu athi bawai....! Siyalu Upaadidaareeni, Numbala gena Api monawa karannada..? Samaajayata nubalaa vihiluwak vee thibena tharamada, Gastharayanta Thama heena-maana wasaa geneemata nubalaa scap-goat vee athi tharamada, ugathungema Waasanaawaki...! Neda?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා