කුලී මිනීමරුවන්ට රජයේ සාක්කිකරුවන් වීමේ අවස්ථාව ලබා දිය යුතු ය

මහින්ද රාජපක්ෂගේ අඳුරු යුගයේ රහස් එකින් එක හෙළිදරව් වෙමින් තිබේ. 

වසීම් තජුඩීන් ඝාතනය වැනි අපරාධ කුමක් නිසා කරන ලද ඒවාදැයි සිතා ගැනීමට පවා අපහසු ය. 

සිංහල ජනතාව සමග සම්බන්ධව දේශපාලනය කරන්නට උත්සාහ කළ සාමකාමී දෙමළ දේශපාලනඥයකු වූ රවිරාජ් මරා දැමීම ගැන පසුගිය සතියේ අධිකරණයේදී වැදගත් හෙළිදරව්වක් සිදු විය. එහිදී පොලිස් ඔත්තු සේවා නිලධාරියකු පැවසුවේ රවිරාජ් මරා දැමීමට ගෝඨාභය රාජපක්ෂ කරුණා අම්මාන්ට පාර්ශ්වයට රු. මිලියන 50ක් ලබා දී ඇති බවයි. 

මෙම සාක්ෂි පොලිසිය හෝ රජය හෝ විසින් නිර්මානය කරනු ලබන ඒවා යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙයින් ඒවා අපක්ෂපාතීව විමර්ශනය කළ යුතු ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු එවකට සිටි පොලිස්පතිවරයා හා තවත් ඉහළ පොලිස් නිලධාරීන් දැන සිටි බව පැහැදිලි ය. ඔවුන්ගේ වගකීම තුළ ඇතැම් සාක්ෂි විනාශ කර තිබෙන බව දැන් හෙළිදරව් වී තිබේ. එසේ කරන්නට ඔවුන්ට අණ කළේ කවුරු ද? තවමත් ඔවුන්ගෙන් ප්‍රශ්න කර නැත.  

තජුඩීන් මිය ගියේ හදිසි අනතුරකින් නො වේ නම්, ඔහු ඝාතනය කළ අය සිටිය යුතු ය. රවිරාජ්,  ජෝසප් පරරාජසිංහම්, සිවරාම්, එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග වැනි පුද්ගලයන්ව ද ඝාතනය කළ ඝාතකයන් සිටිය යුතු ය. 

ඍජුව යුද්ධය හා සම්බන්ධව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වවලට පොදු සමාවක් පිරිනැමිය යුතු ය. එහෙත්, තජුඩීන් ඝාතනය වැනි සිද්ධි සම්බන්ධයෙන් එවැනි සමාවන් අදාළ වන්නේ නැත. 

මේවා කළ අය සෙවිය යුතු ය. ඊටත් වඩා වැදගත් වන්නේ එම කුලී මිනීමරුවන්ට නියෝග දුන් අය සෙවීමයි. 

ඒ වෙනුවෙන් කුලී මිනීමරුවන්ට ඉදිරිපත් වී රජයේ සාක්ෂිකරුවන් වීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතු ය. 

වාස් ගුණවර්ධන සිද්ධියේදී වූයේ අනෙක් පැත්ත ය. කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා රජයේ සාක්කිකරුවකු වී නීතියෙන් ගැලවී ගියේ ය. කුලී මිනීමරුවෝ මරණ දඬුවමට ලක් වූ හ. 

මෙම මිනීමැරුම් සඳහා අණ දුන් පුද්ගලයන්ට ද උවමනා නම් ඉදිරිපත් වී ඇත්ත කියන්නට අවස්ථාව දීම නරක ම නැත. 

බුද්ධි තොරතුරු ඒකකයේ හිටපු පොලිස් කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ දුන් සාක්කිය: 

"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය අදාළ ලඝු නොවන නඩු විභාගය අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පැවැත්වූ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සාක්කිකරු මෙසේ ද පැවසීය.
මට 2009 මඩකළපුවේ කල්ලඩි කෑම්ප් එකේ ස්ථාන මාරුවක් ලැබුණා. එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් ගැන කියන්න රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත්තා. 2006 මඩකළපුවේ රුද්‍රා මාස්ටර් යන අයගේ දුරකථන අංකයක් සොයාගෙන කතා කළා.
තොරතුරු ලබාගෙන මඩකළපුව ඒකකයේ ස්ථානාධිපතිව හිටිය පොලිස් පරීක්ෂක ධම්මික මහත්තයාට හෝ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහට දුන්නා. ඒවා ජාතික තොරතුරු ඒකකයේ එච් අංශයේ බාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඩූල් මහතාට ලබා දෙනවා.
2005 මැයි ස්ථාන මාරුවක් ලැබුණා. කොළඹ ජාතික තොරතුරු කාර්යංශයට. එහි සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජයවර්ධන මහතා කිව්වා කරුණා පාර්ශ්වයේ තොරතුරු ලබාගන්න කියලා. ඒ අනුව මම කරුණා පාර්ශ්වයේ කොළඹ සිටින වැරන් නොහොත් විවේකානන්දන්, සාමි නොහොත් සුරේෂ් රුද්‍රා මාස්ටර්, ඉනිය බාරති නොහොත් කුමාරස්වාමි, මාරිකන් ජේශිලන් යන අය සමඟ දුරකථන සබඳතා පවත්වා අදහස් හා තොරතුරු ගත්තා.
කොළඹ සිටි අය මුණගැසී කතා කරනවා. ඊට අමතරව රාජ්‍ය තොරතුරු අංශ මඟින් සේෆ් හවුස් එකක් (ආරක්ෂක නිවසක්) ගංගාරාම පෙරහර මාවතේ පවත්වාගෙන ගියා. එහි වියදම් දැරුවේ රාජ්‍ය තොරතුරු බුද්ධි අංශයයි.
2006/11/2 හෝ 3 මම කොළඹ කොටුවට ගිය අවස්ථාවේදී කරුණා කණ්ඩායමේ වැරන් නොහොත් ශිවකාන්තන් විවේකානන්දන් යන අය මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන කියා හිටියා ළඟ ඉන්නවා නම් ටෙක්නිකල් එක ළඟට එන්න කියා. මම දහවල් 11 ට ක්‍රිස්තියානි පල්ලිය අසල මෙඩිකෙයා ළඟට ගියා. එතකොට මම දුටුවා ශිවකාන්තන් ත්‍රිවිලරයක් තුළ සිටිනවා. මම හොඳින් හඳුනන වැරන් පේස්ටි එකක් කකා ඉන්නවා දුටුවා. මං ත්‍රිවිලරය පිටුපස ගොස් හිඳගත්තා. මොකද වෙන්නේ කියලා මම ඇහුවා. තනියම ද ආවේ කියලා ඇහුවා. එතකොට වැරන් කිව්වා සුරේෂ් ඉන්නවා තවත් කට්ටියක් ඉන්නවා කියලා.
විනාඩි 10 කට පස්සේ මම දැක්කා උසාවිය පැත්තේ සාංචිආරච්චිවත්ත පංචිකාවත්ත හන්දිය පැත්තේ ඉඳන් තුන්දෙනෙක් ආවා. එතකොට සුරේෂ්, නේවි වජිර, සෙනෙවි පැමිණියා.
මෙම කොළපාට ත්‍රිවිල් රථය රාජ්‍ය බුද්ධි තොරතුරු අංශයට බඳවා ගත් එකක්. වැරන් මට කිව්වා අපි අද ඉන්නේ පා. ම. රවිරාජ්ට වෙඩි තියන්න කියලා. ඒ අවස්ථාවේදී මම දුටුවා නාවික බුද්ධි අංශයෙන් රාජ්‍ය එස්. අයි. එස්. එකට බඳවාගෙන සිටින ප්‍රසාද්, වජිර, සෙනෙවි, අජිත් යන අය සිටියා.
ඔවුන් ඇවිත් ඉන්නේ රවිරාජ්ට ‍වෙඩි තියන්න කියලා මට හිතුණා. වජිර අතේ කළු මල්ලක් තිබුණා. ඒක අතේ තියාගෙන ඔහු ත්‍රිවිලරයට ගොඩවුණා.
ඊට පස්සේ වැරන් යන අය සමඟ කතා කළා. පසුව මම රාජ්‍ය බුද්ධි අංශය වෙත ආවා. මම සහකාර පොලිස් අධිකාරි ජයවර්ධන හමුවුණා. මම තනියම ගිහිල්ලා එතුමාට කිව්වා රවිරාජ් පාර්ලිමේන්තු මන්ත්‍රී මරන්න වැරන් ඇතුළු කණ්ඩායමක් සූදානමින් ටෙක්නිකල් හන්දියේ ඉන්නවා කියලා. එයා කිව්වා ස්පීකර් ෆෝන් දාලා වැරන්ට කතා කරන්න කියලා.
ඒ වෙලාවේ මම කතා කළා. වැරන්ගේ ඇහුවා ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවා. ඉස්සරහා දවසක කරන බව කිව්වා. ඕක කට් කරන්න කියලා ජයවර්ධන මහතා කිව්වා. එයා අධ්‍යක්ෂක කීර්ති ගජනායකට කතා කළා. ඒ දෙන්නා අතර විනාඩි 10 ක පමණ දුරකථන සංවාදයක් වුණා.
ජයවර්ධන මහත්තයා කිව්වා ඒ ගැන මොනවත් හොයන්න එපා කියලා. ඊට සති දෙකකට පස්සේ රවිරාජ්ට වෙඩි තිබ්බා. මේ සිද්ධිය වෙලා දවස් දෙකකට පස්සේ පොලිස් අධිකාරි ඩූල් මහත්තයා එයාගේ කාමරයට මට එන්න කිව්වා.
මම ගියා. එතකොට මම දැක්කා නේවි සෙනෙවි, වජිර යන අය. ඔහුගේ නම පසුව මම දැනගත්තා චාමින්ද කියලා. ඔහු රුවන්වැල්ල පදිංචිකරුවෙක්. ඩූල් මහත්තයා ඇහුවා මේ අය කවුද? කියලා. මම කිව්වා රවිරාජ් ඝාතනයට ටෙක්නිකල් හන්දියට ඇවිත් හිටිය අය නේද? කියලා. එතකොට ඩූල් මහත්තයා කිව්වා මේ අය නාවික හමුදාවේ අපි යටතේ ඉන්න අය කියලා. මට යන්න කිව්වා. ලෙෆ්ටිනන් ප්‍රසාද්, සෙනෙවි, වජිර යන අයගේ නියම නම් දන්නේ නැහැ.
සිද්ධිය වෙලා සතියකට පසු වැරන් මියුසියම් එක ළඟදී හමුවුණා. මම රවිරාජ් ගේ සිද්ධිය ඇහුවා. එදා හිටිය කට්ටිය තමයි ගියේ. එදා වැඩේ අප්සට් ගියා. මාතා පාරේ ඇඩ්‍රස් එක ලැබුණා. එතනින් එළියට එන විට ගැහුවා.

තවත් අයෙක් හිටියා. ඔහු ජනාත්. රවිරාජ්ට වෙඩි තියන්න මඩකළපුවේ සිට පැමිණි ඔහු රට සිටි අයෙක්. රුද්‍රා මාස්ටර් ඔහු ගැන දන්නවා. වැරන් මට කිව්වා වැඩේ සක්සස් වූ නිසා ගෝඨාගෙන් සල්ලි කෝටි 5 ක් සංවිධානයට හම්බවුණා කියලා. එම සල්ලි ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත හරහා ලැබුණා. මම රවිරාජ් ඝාතන සිද්ධිය පොලිස් අධිකාරි ජයවර්ධන මහතාට කියන අවස්ථාවේදී කීර්ති ගජනායක මහතාට දුරකථන ඇමතුම දුන් විට ඒක ඉහළින් ලද ඕඩර් එකක් කියලා කිව්වා. ඒ අනුව මෙම රවිරාජ් ඝාතනය ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා දැනුවත්ව සිදුවූ බවට මා පවසනවා. රවිරාජ් ඝාතනයට හේතුව එල්. ටී. ටී. ඊ. සංවිධානයට උදව් කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව වෙඩි තියන්න ඇති කියලා මම හිතනවා. කීර්ති ගජනායක, වැරන්, ඩූල් යන අයගේ කුමන්ත්‍රණයක් බවට මා පවසනවා."


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඉතා හොඳ යෝජනාවක්.

    හැබැයි එකදෙයක් තියෙනවා. මේ ලිපියෙන් ගම්‍ය වෙන හැටියට රටේ මිනී මැරිල්ල පටන් ගන්නේ 2005න් පස්සේ. අපි අහලා තියෙන විධියටනම් කතාව එහෙම නෙවෙයි.

    80 දශකයේ මුල සිදුවුණායයි කියන දෙමළ මිනිසුන් මරා දමා දේපළ මංකොල්ල කෑම, 80 දශකයේ අගභාගයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කළායයි කියන මනුෂ්‍ය ඝාතන, සමූල ඝාතන, මහමඟ උසාවි, ඒ වගේම එක්සත් ජාතික පක්ෂ රජය ඊට ප්‍ර‍තිචාර වශයෙන් කළැයි කියන පැහැරගැනීම්, පණපිටින් පිළිස්සීම් වගේ අමානුෂික අපරාධ වල කොටස් කරුවන්ටත් මේ අවස්ථාව ලබාදිය යුතුය.

    අර ප්‍රා සංවිධානයද මොකක්ද එක.. ඒකෙත් බුවා කෙනෙක් හිටි අඩියෙම හග් ගාන්න ගියා නේද ඊයේ පෙරේදා? ඒවට කලින් ඒවත් අහල එයාටත් සාධාරණයක් කරානම් නේද හොඳ?

    තව කළු බළල්ලු, කහ බළල්ලු.. මේවයෙත් ගේම් කාරයෝ එකා දෙන්නා හරි තවම ඇති නේ.

    මොකද මම අහලා තියෙන විධියට අඩුම වශයෙන් මනුෂ්‍ය ඝාතන කියන්නේ කාලයාගේ අවෑමෙන් අහෝසිවන අපරාධ නෙවෙයි. (කාලාවරෝධනයද මොකක්ද එකක්)

    ඉතිහාසයේ කාලයක් විතරක් වෙච්ච දේ අල්ලන් දේශපාලන වාසි ගන්න හදන එක කවුරු කරත් මහ තුප්පහිම වැඩක්. මැරිච්ච මිනිස්සුන්ටත් කරන නින්දාවක්.

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නැහැ. මව්බිම පුවත්පත සමග නිමල් ලෙව්කේ පවත්වන පුවත්පත් සාකච්ඡාවකදී කොටි සංවිධානය විසින් පොලිස් නිලධාරීන් 600ක් මරා දැමීම ගැන ඇසින් දුටු වැදගත් සාක්කි ගැන කතා කරනවා. මේවා විමර්ශනය කිරීම කිසිදු ගැටලුවක් නැහැ. ජවිපෙ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නට අවශ්‍ය නම් එවකට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහගෙන් විමසන්න පුළුවන්.

      විජේදාස ලියනආරච්චි ඝානතය ගැන වැදගත් සාක්කි වගයක් ද පසුගියදා මාධ්‍යවලින් හෙළිදරව් වුණා.

      Delete
    2. එක්නැලිගොඩලා ගැන ලියන්න ට කිටි කිටි ගාන යතුරු පුවරු, විජේදාසලා ගැන, කාංචනලා ගැන, රිචඩ්ලා ගැන කිටි කිටි ගාන්නේ නැත්තේ ඇයි පැරා ??. දැන් ඒ මිනී වල වටිනා කම අඩුයි නේ. මේ දවස් වල එවා යන්නේ තුට්ටු දෙකට. මේ දවස් වල ලංසුව තියෙන්නේ එක්නැලිගොඩටයි, තජුඩීන්ටයි නේ....

      Delete
  2. තිලිණ ගමගේ කියන්නෙත් අලි හොරෙක් නේද....?

    ReplyDelete
    Replies
    1. අසඩක් ලා නඩු අසති.

      මල කෙළියයි. ඉස්සර අපි, 'ඕකා අලි හොරෙක්' කිව්වේ වෙන තේරුමකින් නේද? දැන් ඒ යෙදුමට තේරුම් දෙකක් තියනවා.

      Delete
    2. අප්පට සිරි... යහපාලන ආණ්ඩුවෙත් නඩු අහන්නේ අසඩක් ලා ද ?

      Delete
  3. 88/89 ඔය කාලේ හමුදාවෙන් පැනගිය කෝප්‍රල් වරයකු, ජවිපෙට බැඳී විනාශකාරී ක්‍රියාවල යෙදුනා. අහිංසක මිනිසුන් කීපදෙනෙක් ඝාතනය කිරීමටද ඔහු ක්‍රියාකර තිබුනා.[නිතිය අදාළ නැත ]' මට ඉහලින් උපදෙස් ලැබුනා, ඔහුව පණපිටින් අල්ලාගන්න හෝ බැරිනම් මරාදමන්න කියලා. ඔහු 'අහස් නවයේ පාලම'

    මතින් රෑට ගමන් කරන බවට ඔත්තුවක් ලැබුනා. මම සොල්දාදුවන් හයදෙනෙක් සමග කළුවර වැටුනට පසු කැලෑ පාරවල් වලින් ගොස්, ඔය පාලම අසල රැක සිටියා දවස් තුනක්. තුන්වෙනි දවසේ රාත්‍රී දෙකට විතර, කවුරුන් හෝ රේල් පාර දිගේ එන බව, තරු එළියෙන් පෙනුණා. අපේ එක්කෙනේකුහේ තුවක්කුව අතට ගන්න යනවිට නැගුන ශබ්දයක් නිසා, ඔවුන් අපේ පැත්තට වෙඩි තිබ්බා T 56 තුවක්කු වලින්. නමුත් අපේ ප්‍රහාරය ඉක්මන් වුන නිසා, ඔවුන් තිදෙනාම වෙඩි කා, පාලම පල්ලට වැටී මියගියා. අර කෝප්‍රල් වරයාත් එතන හිටියා.[මම නිර්භීත රණවිරුවෙකි දැන් ලයිසන් චණ්ඩි කමින් කාලය ගතකරමි ]

    ඒ මේ හඬ මාලිගා වත්ත ලි මොලෙනි මා කිසි දිනෙක මිනි මරා නැත එසේම අනුබලදී , පම්පෝරි ගසාවත් නැත හැබැයි නිවන් යන්න කැමතිය

    පැරා මේ තව ඉන්නේ කුලියට මිනි මරපු චන්ඩි. රම්බෝ, කොමාන්ඩෝ ගේමක් දුන්න හරි හරියට Arnold Schwarzenegger වගේ අය. කවුද මෙයාලට නඩු දාන්න ඉදිරිපත් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. රට කැනහිලා උගේ හුජ්ජ පඩ ගූ අඩවියට කෙලවෙනකොට වලි අදිනවා, තට්ට කණ්නාඩි පොළඟා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තට්ට කණ්නාඩි පොළඟා......වැරදියි වැරදියි මෙහෙම ලියමු ....කලවැද්දා. මුගටියා .උණහපුලුවා , ගැරඬියා. මි මින්නා ගොන් හරකා මි හරකා .. ඇති නේ ...තව ඕනෙද

      Delete
  4. මෙම යෝජනාව, ජනවාරි 8 වන දින සිදු වුනේ විප්ලවයක් ය යන ඒ. පී. ජයසිංහ ගේ මෝඩ විශ්වාසය මත සිදු කරන මෝඩ යෝජනාවකි. අන් බොහෝ ධනපති ආණ්ඩු මෙන්ම, ජනවාරි 8 ට පෙර තිබූ රජය ද තම දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමට, ඝාතනය කිරීමට කටයුතු කළ අතර, ජනවාරි 8 වන දින බලයට පත්වූ රජය ද, තම දේශපාලන විරුද්ධවාදීන්, මර්ධනය කිරීමට, ඝාතනය කිරීමට නොපෙළඹෙන්නේ නැති බව පැහැදිලිය. එවැනි තත්වයක් යටතේ දී කුලියට මිනී මරන්නන්ට ගැලවී යා හැකි වැඩපිළිවෙලක් සකස් කිරීම යනු, කුලී මිනිමරන්නන් වීමට බලාපොරොත්තු වන අයට අනුබල දීමක් පමණක් වේ.

    ReplyDelete
    Replies
    1. අබුද්ධස්ස කාලේ බොරුව ඇත්ත ලෙස පෙනීම සහ ඇත්ත බොරුව ලෙස පෙනීම වලක්වන්න බැහැ. එම නිසා අන්ධ භක්තිකයින් පිරි මෙවන් රටකට ලැබිය යුත්තේ ජනවාරි 8 ට පෙර තිබුණ වගේ රාජාණ්ඩුවක්.

      Delete
    2. එතකොට තාම අබුද්දස්ස කාලෙද ?. මම හිතන් හිටියේ ජනවාරි 18 විප්ලවෙන් පස්සේ අබුද්දස්ස කාලේ ඉවරයි කියල . My Bad :(

      Delete
  5. 1.සාක්ෂි දෙන පොලිස් කොස්තාපල් පවසා ඇත්තේ , රවි රාජ් කොටි සංවිධානයට උදව් කල බැවින් ගෝඨා විසින් මැරවූ බවකි.

    2. එක්නැලිගොඩ ද කොටි සංවිධනයට උදව් කල බැවින් ගෝඨා විසින් මැරවූ බව පැවසේ.

    3.සුදු කොඩි රැගෙන පැමිණි කොටි නායකයින්ව ද ගෝඨා විසින් මැරවූ බව කියවේ.

    ඒ අනුව මෙම කිසිදු ඝාථනයක් පුද්ගලික් හේතූන් නිසා සිදුවී නොමැති බව පැහැදිලිය.

    රෝම ලන්දේසි නීතියට අනුකූලව ත්‍රස්ථවාදය මර්දනය කල නොහැක.

    කොටින් හා කොටින් හට උදවු කරන පුද්ගලයින් මරා දැමීම යුධ සමයේ ජතික වගකීමක් විය.

    දැඩි අවදානමක් ගෙන එම ජාතික වගකීම ඉටුකොට, අද රෝම ලන්දේසි නීතිය හමුවේ වරද කරුවෙකු වී සිටින ගරු ගෝඨාභය රජපක්ෂ මැතිතුමනි, ඔබට ජාතියේ උපහාරය වේවා.!!!!

    දැන් යුද්ධය අවසන්ව ඇති බැවින් නීති තර්ක ඉදිරිපත් කරමින් සුන්දර කථා කීම ඕනෑම අයෙකුට කල හැක.

    කොටි නායකයින්ගේ කරේ අත දමාගෙන ඔවුන් හට මචං යනුවෙන් අමතමින් රට පාවා දුන් ආරක්ෂක ලේකම් වරුන් සිටි රටක , ඔබගේ සේවය තව තවත් ඉස්මතුව පෙනේ, ගරු ගොඨභය මැතිදුනි. ඔබට නැවතත් ජතියේ ප්‍රණාමය.




    ReplyDelete
  6. කොටින් සිංහලයන් මැරීම ගැන ද මෙම තර්කය ම නැගිය හැකි ය.

    රෝම ලන්දේසි නීතිය යටතේ ජාතික විමුක්තිය ලබා ගත නො හැකි යයි ඔවුන් කියනු ඇත.

    රෝම ලන්දේසි නීතිය යටතේ විප්ලව කරන්න ද බැරි ය. එසේම, පාලකයන්ට තමන්ට විරුද්ධ අයගේ මානව හිමිකම් හා ජීවිත පවා නැති කරන්නට බැරි ය.

    එතකොට ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නය රෝම ලන්දේසි නීතිය ද?

    රෝම ලන්දේසි නීතිය නො තිබුණා නම් ඔබට මෙවැනි ආණ්ඩුවක් යටතේ ඔය වගේ ප්‍රකාශයක් කරන්නට ලැබෙන්නේ ද නැති බව මතක තබා ගන්න.

    ReplyDelete
    Replies
    1. කුමක් හෝ පවතින පිළිගත් නීති පද්ධතියක් තුල ත්‍රස්තවාදයට සාර්ථක විසඳුම් හොයා ගත්ත රටක්/සමාජයක් උදාහරණෙට දෙන්නකො පැරා

      Delete
  7. ඝෝඨාවන් මී හරක්ව ව එල්ලිය යුතුය. ඝෝඨා රවිරාජ්ව මරන්නේ හුදු ආත්මාර්ථාය තකාය. අපිට ජාත්‍යන්තර ඉස්සරහා විලි ලැජ්ජාය. මේ මී හරකා කල යුතුව තිබුනේ, රවිරාජ් ට නඩු පවරා අධිකරනය ඉස්සරහාට ගෙනවිත් සාධාරණ නඩු විභාගයක් ඇරඹීමය. එසේ කලා නම් ජන ඝාතක යුද්ධය සමූල ඝාතන අවසානයකින් තොරව තව දුරටත් කරගේන යාමට හැකියාව තිබිනි. අපටත් කොමිස් ගැසීමට ඉඩ නොතබා යුද්ධය ඉවර කල ඝෝඨා වන් දේශාපාලන ආත්මාර්ථකාමීන් එල්ලිය යුතුය.

    ReplyDelete
  8. මම වැඩ කලේ හමුදාවෙනම්.....දැන් එක එක චොදනා වලට මගේ වැඩ තහනම් කරලනම්, මම රිමාන්ඩ් එකේනම්....මගේ ගෑනිටයි ලමයින්ටයි ජීවත් වෙන්න විදිහක් නැත්තම්.....ගෙවල් කුලී කාරයා මගේ දරු පවූල ගෙදරින් එලියට දාන්න තර්ජනේ කරනවනම්,... මගේ පැටවුන්ව, අනිත් ලමයි මිනීමරුවගේ ළමයි කියලා කොන් කරනවනම්....මගේ ගෑණිගේ දරුවන්ගේ පින්තූර පත්තරේ යනවනම්... මමත් රජයේ සාක්කි කාරයෙක් වෙනවා මහත්තයෝ................

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලා හෝ ගෝටා වගේ මිනීමරුවන් කල ඝාතන එලියට එන එක හොදයි

      Delete
  9. ඔක්කොම ඒ කාලයේ ඝාතන සිදුවුණේ කොටි සංවිධානයට උදව් කරපු අය විතරමයි. ඒවගේම 89 ඝාතන ඔක්කොම ජේ වී පී කැරැල්ලට කිසිම සම්බන්ධයක් නැති අය මරපුවා.

    2005 ඉඳන් 2006 විතර වෙනකන් මහින්ද කොටි සංවිධානයට මුදල් දුන්නු කථාවත් බොරු වෙන්න ඕන. මොකද ගෝටා එයාව මරන්න කොන්ත්‍රාත් දුන්නෙ නැහැනෙ.

    ReplyDelete
  10. ඔය ප්‍රකාශයෙන් පස්සෙ අධිකරණයෙන් ඔහුගෙන් ප්‍රශන කීපයක් අහනවා නේද? ඒවට ඔහු දෙන පිළිතුරු මීටත් වඩා ආන්දෝලනාත්මකයි නේද? යුක්තිය හා සාධාරණත්වය ගැන ලියවෙන අවස්ථාවක ඒ කොටස් මඟ හැරුනේ මන්ද?
    ජයවේවා..!!

    ReplyDelete
  11. රවිරාජ් මැරුවේ ගෝඨාභය යැයි කියන අය, රවිරාජ් මැරීමට ගෝඨාභයට තිබූ උවමනාව / අභිප්‍රාය (motive එක) කුමක් ද යන්න පැහැදිලි කරනවාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා