දෙදාස්ගණන්වල මුලදී වමේ අයගේ කැරැට්ටුව හෙවත් අමතක නො කරමු පැරණි කතා

2002දී එක්සත් ජාතික පක්ෂ රජය කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේ ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡාවලට මුල පුරන ලදී. බටහිර සංවර්ධිත රටවල ණය හා ආධාර ලබා ගනිමින් සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කළේ ය. එය ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වූ දැවැන්ත ආර්ථික වැඩසටහනකි.

එවකට ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරව සිටි ප්‍රබල ම නායකයකු වූ කුමාර් ගුනරත්නම් හා තවත් අය විසින් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කරන ලද කාරණයක් වූයේ මෙම වැඩසටහන ඉදිරියට ගියහොත් තම පක්ෂයට අවස්ථාවක් නො ලැබෙන නිසා එය නැවැත්විය යුතු බවයි. කුමාර් ගුනරත්නම් එදා මේ සාකච්ඡාව පිළිබඳ ජවිපෙ නො වන වෙනත් පුද්ගලයකු සමග හෙළිදරව් කළේ ය. 

මෙම වකවානුවේදී ම කොටි සංවිධානය ද කල්පනා කළේ සාම ගිවිසුම තමන් හිර කරන්නට අටවන ලද උගුලක් බවයි. මේ පිළිබඳව කොටි සංවිධානයේ මාධ්‍ය මෙහෙයුම්කරුවකු වන සිවරාම් විවෘතව ම ලිව්වේ ය. බාලකුමාර් වැනි අය එදා හිරු පුවත්පත සමග පැවති සාකච්ඡාවලදී මෙම අදහස් ඉදිරිපත් කළේ ය. විශේෂයෙන් ම පශ්චාත් සුනාමි මෙහෙයුම් යාන්ත්‍රණය හෙවත් පී-ටොම්ස් සමග කටයුතු කරන්නට සිදු වන විට කොටි සංවිධානය දැඩි අපහසුතාවකට පත්ව තිබිණි. ඒ ඔස්සේ තමන් ආයතනික වී දෙමළ ඊලාම් අරගලය ගිලිහී යනු ඇතැයි ඔවුහු බිය වූ හ. (විමුක්ති කොටින්ගේ පිපාසය දෙමළ ඊලමයි යනු ඔවුන්ගේ සටන් පාඨයක් විය.) ඒ වන විට දකුණේ ආණ්ඩුව ද වෙනස් වී තිබුණු නිසා, සාම සාකච්ඡා ඉදිරියට යයි ද කියන ගැටලුව ද ඔවුන්ට තිබිණි. 

කුමාර් ගුනරත්නම්ලා විසින් කරන ලද ඉහත කී සාකච්ඡාවෙන් පසු ජවිපෙ පෙර නොවූ විරූ අන්දමින් ජාතිවාදය අවුස්සමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග කුමන්ත්‍රණය කරමින් එජාප ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නො වන ව්‍යවස්ථා උගුලකින් පෙරළා දැමුවේ ය. ඉන් පසු කොටි සංවිධානය උතුරේ දියත් කළ මැතිවරණ වර්ජනයේ පිහිටාරක්ෂාව ලබා ගනිමින් ප්‍රතිගාමී ජාතිවාදියකු වන මහින්ද ජනාධිපති පදවියට පත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන අවසන් කළේ ය. 

ජවිපෙ මහින්දගේ ආණ්ඩුවට එක් වූයේ නැත. එසමයේදී කුමාර් ගුනරත්නම් ඉහත කී පුද්ගලයා සමග කීවේ බැසිල් රාජපක්ෂලා සොරකම් කරන්නට පටන් ගන්නා බව දන්නා බවත්, ඔවුන් සමග හවුල් වීමට තමන්ට උවමනාවක් නැති බවත් ය. ඔවුන්ට තිබුණේ රට ගැන ප්‍රශ්නයක් නොව තමන්ගේ පක්ෂය ගැන ප්‍රශ්නයකි.

ඇතැම් විට, ජවිපෙට ඒ සමය වන විට බලය ගැනීම සඳහා වැඩපිළිවෙලක් තිබෙන්නට ඇත. එහෙත්, ඒ වන විට ජවිපෙ ජාතිවාදය සමග පැටලී සිටි තරමේ ප්‍රතිඵලයක් ලෙස මහින්දට විමල් වීරවංශ ඇතුළු කුට්ටියක් ජවිපෙන් කඩා ගන්නට හැකි විය. ඉන් පසු කුමාර් ගුනරත්නම්ලා ජවිපෙ දෙකට කැඩුවේ ය. 

දෙකට කීවාට ඒක හරියට කුමාර්ලා හතරෙන් තුනක් කඩාගෙන ගියා වැනි ය. එහෙත්, පසුව එම කොටස ක්‍රමානුකූලව දිය කර හරින ලදී. අවසානයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ඉතිරි වුණේ බොළඳ ලෙස විජේවීර අනුගමනය කරන ගතානුගතික මාක්ස්වාදීන් පිරිසකි. 

2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ මම හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙක් වීමි. හිරු කණ්ඩායම බොහෝ දුරට හිටියේ සිවරාම් සිටි ස්ථාවරයේ ය. එසේම, දෙමළ අරගලය ලංකාවේ සමාජ අරගලයේ ඉදිරි පෙරමුණ ය යන න්‍යාය රෝහිත භාෂණ ගොඩනැගුවේ ය. ඒ අනුව අප ද ගොඩනැගෙමින් පැවති තත්වය විග්‍රහ කර ගත්තේ වැළැක්විය යුතු ධනේශ්වර ප්‍රහාරයක් ලෙසයි. එහෙත්, දකුණේ සමාජයේ නැගී එමින් තිබුණු ජාතිවාදී ප්‍රවණතාව හේතුවෙන් අපි අපගේ ස්ථාවරය නිවැරදි ද යන විචිකිච්ඡාවෙන් යුතු වීමු. ධනවාදය ජාතිවාදයට වඩා ඉදිරිගාමී බව හිරු කණ්ඩායමේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ඉදිරිපත් විය. 

මෙම වකවානුව වන විට සිවිල් සමාජ සංවිධානවල ගෝලීයකරණ විරෝධී උද්ඝෝෂණය ප්‍රබල මට්ටමක තිබිණි. සරත් ප්‍රනාන්දුගේ සමාජ ආර්ථික දැක්මෙහි දිග පළල හා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති වාර්තා තුළ සිර වී තිබුණු මෙම ව්‍යාපාරය අවසානයේදී ජාතිවාදයේ උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන ලදී. එය අවසන් වූයේ එහි නායක මහමාන්කඩවල පියරතන හිමි ව්‍යාපාරය අත්හැර දමා මහින්දගේ ආණ්ඩුවේ සංස්ථාවක අධ්‍යක්ෂකමක් භාර ගැනීමෙනි.  

මේ වකවානුවේදී නිර්මාල් රංජිත් දේවසිරිලා (සුමිත් චාමින්ද ඇතුළුව) කෙළින් ම මහින්ද රාජපක්ෂට උදව් කළ හ. මට මතක හැටියට ඒ නව ලිබරල්වාදයට එරෙහි ස්ථාවරයකිනි. මෙය විශේෂයෙන් සඳහන් කළ යුත්තේ වර්තමානයේදී අති පාරිශුද්ධ වීමට දරන උත්සාහය තුළ ඔවුන්ට  තමන්ගේ ලේ වැකි අතීතය පෑගී ඇති බැවිනි.

නියමින් හෝ අනියමින් ඉහත කී සියල්ලෝ අප ද ඇතුළුව එදා ජාතිවාදයට සේවය කළෙමු. ජාතිවාදය දෙමළ වුවත්, සිංහල වුවත් ඒ දෙකක් නොව එකකි.

අප සියලු දෙනා ආවරණය වුණේ 2002 රනිල්ගේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන නව ලිබරල්වාදී ධනේශ්වර ප්‍රහාරයක් ය යන ස්ථාවරයට ය. 

අප අද කතා කරන අදහස් එදා ද හිරු කණ්ඩායම අභ්‍යන්තරයේ සාකච්ඡා කෙරිණි. ජාතිකවාදය අරුත් සුන් දෙයක් බව අපි අභ්‍යන්තරව අවබෝධ කරගෙන සිටියෙමු. එහෙත්, අවසානයේදී රෝහිත භාෂණ දෙමළ ජාතිවාදයට දිවි හිමියෙන් සේවය කිරීම තෝරා ගත්තේ ය. ඔහු ඇත්තෙන් ම දෙමළ ජාතිවාදී උගුලක සිරකරුවෙක් වූයේ ය. ජේ.ඩී.එස් වෙබ් අඩවියෙන් වර්තමානයේදී ඇසෙන්නේ ඔහුට සිදු වූ අලකලංචියේ වේදනාත්මක විලාපයයි.

මා මේ අතීත කතාව සිහිපත් කළේ එය වර්තමානයට සම්බන්ධ වන නිසා ය. ඒ සම්බන්ධය කෙබඳු ද යන්න මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. 

මේ කාරණාවලට එකඟ නො වන අයට තමන්ගේ ඉතිහාසය පිළිබඳ තමන්ට පැහැදිලි කර දෙන්නට හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රනිල් හැදුවේ කාලකන්නි ගෝත්‍රික යුද්ධයකට නොයා මේ ප්‍රශ්නය විසදන්න... 2005 රනිල් දිනුවානම් කොටි සංවිධානය කොටස් 3-4 තව කැඩෙනව.. (ඒ වෙනකොටත් කරුනා කැඩිල තිබ්බෙ ), ජාත්‍යන්තරය ඔවුන්ට අවිබිම තමා දේශපාලන විසෞමකට එන්න කියා බලකරනව... ලෝකයේ තමන්ට ඇති අවස්ථා දැක්ක දෙමල තරුනයො සංවිධානය අතහැරල දාල යනව.. (කොටි සංවිධානයට වැඩිම පිරිස් බලය නැතිවුනේ 2002-04 කාලයෙදි කියල ඔවුන්ම කියල තිබුන )
    අවසානයේ ප්‍රභාකරන්ගේ අවසානය කොටි සංවිධානයේ අභ්‍යන්තර කැරැලකින්ම හෝ නැතිනම් ඇතුලෙන් ලැබෙන ඔත්තුවලින් කෙරෙන ඉලක්කගත ගුවන් ප්‍රහාරයකින් වගේ දෙයකින් වෙන්න ඉඩ තිබුන...

    නමුත් උතුරේ දමිල ගෝත්‍රිකයින් වගේම් දකුනේ සිංහල ගෝත්‍රිකයින්ටත් අවශ්‍ය උනේ මහා මිනිස් බිල්ලක්... දකුනේ ගෝත්‍රිකයෝ රාජපක්ශ නම් ගෝත්‍රික රජෙක්ව හදා ගත්තා.. අවසානයේ දමිල සිවිල් වැසියන් දාස් ගනනක මරනයෙන් අවසන් උනා

    ReplyDelete
    Replies
    1. ඔබට මතකද දන්නෑ 1987 ඉන්දු ලංකා ගිවිසුම ගහල කිව්වෙත් සාමය උදාකරනවා කියල, ජේ ආර් ජනාධිපති රටේ ජනතාවට කිව්වේ රජිව් ගාන්ධි ට ආරාදනා කලේ තමන් බව, ඔහු ලෝකයට කිව්වේ වඩමාරච්චි සටනට ඉන්දියාව බාදා නොකරන්න යුද්දය අවසන් වන බවයි, ඉන්පස්සේ ප්‍රේමදාස කියල ජනාදිපති කෙනෙක් පහල වුනා, ඔහු කිව්වා එක ගෙදරක අයියයි මල්ලියි රන්ඩු වුනහම මල්ලිව අල්ලපු ගෙදරට දඩුවම් කිරිම ට අල්ලා නොදෙනබව, මෙහෙම කියල කොටින් සමග “මට ඔබ විස්වාසයි ඔබමට විස්වාසයි” කියල තමයි සාම සාකච්චාවට ගියේ ඉන්දියානු හමුදාවට පහර දීමට ආයුද කොටි සන්විදානයට ලබාදෙමින්, ඔබට මතක නැතුව ඇති 1991 දී නැගෙනහිර පොලිසියේ 600 කට අවි ආයුද කොටින්ට බාර දී යටත්වන ලෙස ප්‍රේමදාස උතුමාණෝ කිව්වා, පරම අවිහිසක ජනාධිපති වරයෙක් වූ මේ උතුමා කැමතිවුනේ නෑ කොටි සමග යුද්දයට යන්න, ඔහුට උවමනා උනේ සාම කතා ප්‍රේම කතා මගින් අපේ ප්‍රේමේ තුමා ඔබ ඔය කියන “මහා මිනිස් බිල්ලක්” නොදීමට වගබලාගත්තේ 600 ක පොලිස් නිලදාරීන් එක වලකට දමා වෙඩි තබා ගිනි තැබීමෙන්.
      ජනාධිපති ප්‍රේමදාසගේ කරුණාව අවසන් උනේ ඔහුගේ ශරීරය කෑලි කීපයකට කැඩී යන ලෙස ආමර් විදියේ බොහෝ දෙනා සමග පරලොව යාමෙන්. ඉන්පසු ආවේ යුදය ගැන කිසිම විශ්වාසයක් නැති අපේ පරම පවිත්‍ර සුදුනෙළුම, ඔව් ඔව් පසුව පචමල්ල වුන ඉන්පසුව චෝර රැජින වුන අපේ සාමකාමි චින්ද්රිකා කුමාරතුංග මැතිනියයි, මෙතුමිය කියන විදියට 75% යුද්දය අවසාන කලේ 2002 දී උතුරේ හමුදාව ඉවත් කිරීමට ආදාර කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලසිටීම මගිනුයි.
      ඉට පස්සේ මොකද උනේ දන්නවද ඔයා, අපේ වික්‍රම-සිංහ උතුමා අගමැති වී නැවත සාම සාකච්චා ඇති කර ගැනීමයි, මුලින්ම හමුදා බද්ධි අංශය පාවා දුන් ඔහු නොර්වේ සහයෙන් නවීන අධිත්ක්ෂණික උපාංග සහ පොලවයට බංකර් තැනීමට සියලු පහසුකම් කොටින්ට ලබාදීමයි, අද වනවිට බොහෝදෙනාට මතක නෑ කොටි සංවිදානයේ මෙවැනි බෙදීමක් 1988 වැනි කාලයේත් තිබුන බව කොටින්ගේ දෙවන පෙළ නායකයෙක් වූ මහත්තයා වැනි අයත් කලින් කලට මරාදමනවා.
      මේකේ තියන ලස්සනම වැඩේ ඉන්දියාව බලෙන් ශ්‍රී ලංකාවට පැමිණ අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුම පසුව එක්සත් ජාතික පක්ෂිකයන් කිව්වේ ජෙඅර් උරාගෙ මාළු උරාගෙ ඇගේ තියල කැපුව බවයි නමුත් ඇත්තටම මෙතන ජේ ආර් ට කරන්න දෙයක් තිබුනේ නෑ රජිව් තමයි මෙය සකස් කලෙත් පසුව ඇතිවූ තත්වය මත කෙසේ හෝ කිර්තිය ලබාගැනීමට මෝඩ එක්සත් ජාතික පක්ෂිකයන් ජේ ආර් ව වර්ණනා කරපු විදියටම කරුණාගේ බිදිමත් රනිල් ගේ හැකියාවක් ලෙසයි ඔබ වැනි අය වර්ණනා කරන්නේ.
      ඇත්ත කතාව තමයි රනිල් සිටියානම් තවම කොටින් සමග යුද්දය කරනවා, ඇත්ත තමයි සාමෙ කරන්න ගිහින් වසර 30ක් මිනිමරාගත්ත කාලකන්නි යුද්දය අවසාන උනේ යුද්දෙන් වසර 3 හරියට කරලා.
      අද කිසිවෙක් මේ යුද්දයෙන් මැරෙන්නේ නැතිබව ඔබට අමතක වීමයි කණගාටුව. මේසා සාම කතා කරමින් කරපු යුද්දය නිසා මිනිස් ජිවිට 80000 ආසන්න මිනිස් ජිවිත නැතිවුනේ 2005 ට පෙරයි, එක්සත් ජාතීන්ගේ සංගණන අනුව මරුන පිරිස 8000 පමණ වෙනවා 2005 සිට 2009 දක්වා එහෙම බැලුවහම හාරියට කරපු යුද්දය නිසා දහස් ගණනකගේ ජිවිතත් දෙපලත් බේරිලා තියනවා
      මේක තමයි ඔබලාට පිළිගන්න අපහසු තිත්ත ඇත්ත!

      Delete
    2. මෙතෙක් කල් සින්හල බොග් අවකාසේ ටොයියෙන් ලෙස පෙනී සිටි ලන්කාසිතිවිලි තුමා ඉතාම සීග්‍රයෙන් බයියෙකු ලෙසට රූපාන්තරනය වන දෙස ස ර ස තුමා බලා සිටින්නේ කනගාටුවෙනි!

      Delete
    3. ඩොලර් කාක්කන්ට (රුපියල් වලට මාරු වී ලැබෙනවා වුවද විය හැක), පිස්සන්ට සහ මන්ද බුද්ධිකයින්ට ලංකා ස්තුවිලි දී ඇති කණේ පහර ඉතා මනරම්ය...

      Delete
    4. //, මුලින්ම හමුදා බද්ධි අංශය පාවා දුන් ඔහු නොර්වේ සහයෙන් නවීන අධිත්ක්ෂණික උපාංග සහ පොලවයට බංකර් තැනීමට සියලු පහසුකම් කොටින්ට ලබාදීමයි,//

      ඔය වීරවන්සගෙ බයිලනෙ... ඔහේ තවම ඕව ඇත්තයි කියල හිතාගෙන ඉන්නවද?

      Delete
    5. @Sa rasaFebruary 26, 2016 at 10:39 AM

      /මෙතෙක් කල් සින්හල බොග් අවකාසේ ටොයියෙන් ලෙස පෙනී සිටි ලන්කාසිතිවිලි තුමා ඉතාම සීග්‍රයෙන් බයියෙකු ලෙසට රූපාන්තරනය වන දෙස ස ර ස තුමා බලා සිටින්නේ කනගාටුවෙනි!/ මම කනස්සල්ලෙන් ඉන්නේ කවදහරි ස රසත් බය්යෙක් වේ ද කියල :)

      ඔය ලංකාසිතුවිලිගේ රූපාන්තරණය නම් නියම කේස් ස්ටඩි එකක්. රසිකයි, ඉකොනොයි එකතුවෙලා ඇන්න ටොකකින් අන්තිම හැවත් ගැලවිලාම ගියා. අවුල තියෙන්නේ එළියට ඇවිල්ලා කියෙන්නේ සළඹයෙක් වීමයි.

      Delete
    6. //මම කනස්සල්ලෙන් ඉන්නේ කවදහරි ස රසත් බය්යෙක් වේ ද කියල :)//

      ස ර ස තුමා වනාහී උපන් බයියෙකි!

      Delete
    7. 2009 මතක තියාගෙන ඉන්න ඇනෝලට/පැරාලට 1983 මතක නෑ.

      Delete
  2. යුද්දෙ කෙසේ වෙතත් රනිල් ගෙ ආන්ඩුව රටේ ආර්තිකය නම් ඉතාම අගේට මෙහෙයවනවා....

    ර්බර් ශීට් එකක් දෙකක් දාගෙන දලු කිලෝ දෙක තුනක් විකුනගන ඉන්න හාදයට... වී ගොවියට දැන් අතේ මිල මුදල් ගැවසෙනව....රබල් කිලෝව රුපියල් අටසීයයි.. දලු කිලෝ එක රුපියල් තුන්සීයයි...

    එලවලු මිල හාල් මිල ඉතා අඩුයි... පෙට්‍රොල් ලීටරේ රුපියල් පනස් පහයි...

    කොටස් වෙලෙඳ පොල බලා ඉන්නැද්දි ඉහල යනවා....
    මහාමාර්ග, ඉස්පිරිතාල, විස්වවිද්යාල, ගුවන් තුපොලවල් සහ වරායවන් වැඩි වෙලා ඒවායේ යටිතල පහසුකම් වැඩි වෙමින් පවතිනවා....

    මන් අහන්නෙ මීට වඩා කාටද ආර්තිකේ නන්වන්න පුලුවන්?

    ReplyDelete
    Replies
    1. //"මන් අහන්නෙ මීට වඩා කාටද ආර්තිකේ නන්වන්න පුලුවන්?"// වෙන කාටද ඉතිං සරසා ට මිසක් :D

      Delete
    2. //වෙන කාටද ඉතිං සරසා ට මිසක් :D //

      නෑ මන් මේ පැරා ගේ ටෙම්ප්ලේට් එක අරගෙන වාක්ය රචනාවක් ලීවා... ලස්සනයි නේද අයිවන්?

      Delete
    3. යා යා යා ...ලස්සනයි ලස්සනයි (Y)

      Delete
    4. //ර්බර් ශීට් එකක් දෙකක් දාගෙන දලු කිලෝ දෙක තුනක් විකුනගන ඉන්න හාදයට... වී ගොවියට දැන් අතේ මිල මුදල් ගැවසෙනව....රබල් කිලෝව රුපියල් අටසීයයි.. දලු කිලෝ එක රුපියල් තුන්සීයයි... //

      මමත් හිත හිතා හිටියෙ කොහොමද world commodity prices එක පාරටම අඩුවුණේ කියල. බලනකොට රනිල් නෙ ඒකත් කරල තියෙන්නෙ.

      Delete
  3. /* ජවිපෙ මහින්දගේ ආණ්ඩුවට එක් වූයේ නැත. එසමයේදී කුමාර් ගුනරත්නම් ඉහත කී පුද්ගලයා සමග කීවේ බැසිල් රාජපක්ෂලා සොරකම් කරන්නට පටන් ගන්නා බව දන්නා බවත්, ඔවුන් සමග හවුල් වීමට තමන්ට උවමනාවක් නැති බවත් ය. */

    මෙය නිවැරදි ද?
    බැසිල් ආණ්ඩුවේ ඇමතියෙකු වුනේ 2010 දී නේද? මේ කියන 2005 මහින්ද ගේ රජයේ බැසිල් හිටියා ද?

    ReplyDelete
    Replies
    1. බැසිල්ව ආනයනය කලේ මහින්දගේ අගමැති වීමේ සටනට.

      Delete
    2. කුමාර් ගුනරත්නම්ලා බැසිල්ව ආනයනය කලේ ?

      Delete
    3. සිඩිනි ඉන්න චම්පා සෝමරත්න හරි කුමාර ගුණරතනම් සිඩ්නි ආව වෙලාවක අහමු රසික

      Delete
    4. කුමර් ගැන තවත් කෙනෙක් කියන කතා සටහන් කරද්දි මීට වඩා වගකීමක් තිබිය යුතුයි. තුමාර් දැන් ඉන්නෙ අත්අඩංගුවේ. මෙවැනි කාරනාවලට ඈදා කරුනු දැක්වීමකට කලින් සොයා බැලිය යුතුයි කවුද මේ කුමාර් කිව්වා කියලා කියන කෙනා කියලා

      Delete
    5. දේශපාලනය නොදන්නා අය, දේශපාලනය දන්නා අයගේ සාකච්ඡාවලට කට දැමීමෙන්, දෙගොල්ලන්ගේම කාලය නාස්ති වේ.

      Delete
  4. Thank you very much Mr. Razik and Mr. Jaysingka as well. We are very proud of you guys who really support the innocent Muslims who almost severely discriminated by blood thirsty Singala racist idiots all the time. Hat's off all the possitive commentators and bloody racists shall definitely sent to the Hell by mighty Allah.

    Thanks and Cheers !

    ReplyDelete
  5. මේ ලිපි අජිත් පැරකුම් ලියන එක හුඟක් හොඳයි. කිසියම් හේතුවක් නිසා මිට වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ.

    ReplyDelete
  6. ලෝකයේ හොඳම විරෝධෝක්තීන් (best oxymorons) ලැයිස්තු සකස් කිරීම සඳහා දැරෙන ප්‍රයත්නයන් ඇතැම්විට විවිධ වෙබ් අඩවි වල දැකිය හැකි වේ. මේ ලැයිස්තුවලට ඇතුලත් කළ හැකි විශිෂ්ට උදාහරණයක් දැන් අප රටෙන් ලැබී තිබෙයි. මේ විරෝධෝක්තිය අපට ලැබෙන්නේ "මතුගම" සහ "ඉංග්‍රීසි" යන වචන දෙක එකට ඈඳීමෙනි. "Mathugama English" කිව්වම, ඕනෑම oxymoron competition එකක පළමු තැන ලැබෙනවා. මේ "මතුගම ඉංග්‍රීසි" වලට නොදෙවෙනි පිස්සු විකාර w3lanka හි දැකිය හැකි වෙයි. මෙහි අයිතිකාරයා වන අජිත් පැරකුම් ජයසිංහ වනාහී විප්ලවවාදියකු නොවේය. අල්ලපු ගෙදර මනුස්සයා ඊරිසියාවට ගහපු පෙත්සමක් නිසා - මතුගම වැනි ඉදිරිගාමි ප්‍රදේශ්වල මෙවැනි දියුණු හැසිරීම් සුලභය - රාජ්‍ය සන්නද්ධ අංශවලට කොටුවීම නිසා පසුව විප්ලවවාදියකු ලෙස පෙනී සිටීමේ අවස්ථාව ලැබීමෙන් පසු මාර්ක්ස්වාදය ගැන වචන දෙක තුනක් ඉගෙනගත් - ඇත්තවශයෙන්ම පවසනවා නම් අජිත් සමග කඳවුරු වල සිටි අය දන්නා පරිදි, එකී කඳවුරුවල සිටි ජවිපෙ ක්‍රියාකාරිකයන් ගේ සාකච්ඡාවලට අජිත් බලයෙන් සම්බන්ධ වී යමක් ඉගෙන ගැනීමට උත්සාහ දරා ඇතත් කිසිවෙකුත් කිසිවක් අජිත්ට කියා දී නැත්තේ අජිත් වැනි ගොබිලෙකුට ඒ කිසිවක් නොවැටෙහෙන නිසයි. අවසානයේ දී සිදු වී ඇත්තේ ජවිපෙ ක්‍රියාකාරිකයන් ගේ සාකච්ඡාවලට හොරෙන් ඇහුම්කන් දුන් රාජ්‍ය සන්නද්ධ අංශ සාමාජිකයන් සමග මිතුරු වී ඔවුන් ට ගමේ පෙම්වතියට යැවීම පිණිස පෙම් හසුන් ලියා දී ඒ හිලව්වට මාර්ක්ස්වාදී වචන දෙක තුනක් ඉගෙන ගැනීමයි. මාර්ක්ස්වාදය පිළිබඳ අජිත් ගේ දැනුම මුළුමනින්ම කඳවුරු වල රැඳවියන් ව බලා ගැනීම පිණිස සිටි රාජ්‍ය සන්නද්ධ අංශවල සාමාජිකයන් ගෙන් ලැබුනකි; ඉන් ඔබ්බට නොයන්නකි. - එහෙත් කිසිදු මාර්ක්ස්වාදී සංකල්පයක් ගැන නිරවුල් වැටහීමක් නැති උපන් ගෙයි බයියකු වන අජිත් පැරකුම් ජයසිංහ ලියන දෙයින් සමාජයට කිසිදු බලපෑමක් එල්ල නොවේ. උදාහරණයකට "අප රටේ, ආණ්ඩුවට අයත් පාසැලක, ගුරුවරයෙකු ලෙස සේවය කරන කෙනෙක් නිර්ධන පංතියේ සාමජිකයෙක් ලෙස සැලකිය හැකිද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න." යන ප්‍රශ්නය අජිත් පැරකුම් ජයසිංහ ට යොමු කෙරුනොත් ඔහු ඊට පිළිතුරෙන් අජිත් පැරකුම් ජයසිංහ යනු මොන තරම් ප්‍රාථමික වානරයෙක් ද යන්න සෑම දෙනාටම පෙනී යනවා ඇත. විප්ලවය යනු කලුද සුදුද කියාවත් නොදැන සිටි අජිත් ව අවසානයේ දී නිදහස් කෙරුනි. ඉන් පසු අජිත් ව හිරු කණ්ඩායම තුල දැකිය හැකි විය. හිරු කණ්ඩායම යනු නිර්ධන පංතිය සමග කිසිදු සම්බන්දයක් නොතිබුනු විගඩමකි. මාර්ක්ස්වාදයේ මූලිකම පදනම ඇත්තේ ශ්‍රමය යන සංකල්පයේ ය. මාර්ක්ස් කියා ඇති දෙයින් ශ්‍රමය යන්න ඉවත් කෙරුනොත් ඉතිරිවන්නේ කුමක්ද? ඒ ඉතිරිවන රොඩ්ඩ සහ හිරු කණ්ඩායම අතර වෙනසක් නොමැති වෙයි. දෙකම සමාජයට බලපෑමක් කිරීමට අසමත් වෙයි. නිර්ධන පංතියේ සුවිශේෂත්වය පිළිනොගන්නා, වැඩ කරන ජනතාව, සමලිංගිකයන්, පරිසර සංවිධාන ආදී සියළු දෙනා එක මට්ටමින් සලක, විගඩම්මු අද මේ රටේ සිටිති. වෙනත් රටවල ද සිටිති. නමුත් මේ සනීපෙට විප්ලව කරන්න යන අයට බැරි දේ ද විප්ලවය ම ය. ලෝක සිතියමෙ කිසි තැනක මේ අය කර ඇති විප්ලවයක් ගැන අසන්නට නැත. මේ ලෙනින් ව පසු කර යාමට දඟලන පණ්ඩිතයන් ට අපට කීමට ඇත්තේ එක් කරුණකි. කරුණාර ඔබ ඔය කියන විප්ලවය, වැඩ කරන ජනයා නොමැතිව, නොඑසේනම්, නිර්ධන පංතියේ සුවිශේෂත්වය නොපිළිගනිමින්, කර පෙන්වන්න. එවිට අප ඔබ කියන දෙය ගැන සලකා බලන්නම්. එහෙත් මේ අයට එසේ කියා වැඩක් නැත. මේ අය සිහිනෙන්වත් විප්ලවයක් කිරීමට කල්පනා නොකරති. ඒ නිසා අපි වෙනත් දෙයක් මොවුන්ට කීමට කැමැත්තෙමු. ශ්‍රමය, පංතිය, පක්ෂය, නිර්ධන පංති ආඥාදායකත්වය, ආදී සංකල්ප භාවිතා නොකරන, මාර්ක්ස් ලෙනින්වාදී නොවන, න්‍යායික පදනමක් ගොඩ නගා පෙන්වන්න. එවිට අප ඔබ ගැන අවධානය යොමු කරන්නම්. එතෙක් කඳවුරු වල මළ පහ කිරීම ගැන Adventures of Ajith ලියමින් ඉන්න.

    ReplyDelete
    Replies
    1. මේ පිළිතුර මට දුන්නද අජිත් පරකුම්ට දුන්නද දන්නේ නැහැ. අජිත් පැරකුම් ඔය කියන විධිහේ මාක්ස්වාදය නොදන්නා කෙනෙක් වෙන්න ඇති. කුමාර් ගුණරත්නම් හා ඔහු සමග ඉන්න අය මාක්ස්වාදය දන්නා හා ප්‍රාග්ධනය කියවපු අයද? පුලුවන්නම් කියන්න. කුමාර් ගේ දේශපාලන අයිතියට මම නම් පෙනී සිටිනවා. ඔහු නිදහස් කල යුතුයි. නමුත් ඔහුගේ දේශපාලන දැනුම ගැන කියන්න තියෙන්නේ ඔය ඇනෝ කියපු ටිකම තමයි. ඕනේ නම් සම අයිතිය ව්‍යාපාරය පටන් ගත් ද සිට ඔහු කල හැම දේශනයක්ම බලන්න. මම ඒ හැම එකක්ම කියවා තිබෙනවා. දැන් ඔය කියන නිර්ධන පන්ති දේශපාලනය කරලා විප්ලව කරන්න යන්නේ වෙඩි වර්ධන හා රෝහිත භාෂානද ? ඒ දෙන්නටම මගේ ලොකු ගෞරවයක් නම් තියෙනවා ලියන දේ වලින්. නමුත් එගොල්ලෝ කරන විප්ලව සමහර විට මාර්ස් වලට මිනිස්සු ගිය හම වෙයි. ලංකවේ පසුගිය කාලේ මාක්ස්වාදී දේශපාලනයට යමක් කියල දුන්නනම් ඒ ඉතින් දීප්ති කුමාර ගුණරත්න හා සුමිත් චාමින්ද (දිපිතිගෙන් ගැලවුණු කෙනෙක්). ඒ දෙන්නටත් මේ හැමදේම දන්නා මාක්ස්වාදී පොරවල් බනිනවනෙ. ඔයාල කරයි විප්ලව?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා