ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු!

යෝජිත ඉන්දු - ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම ප්‍රසිද්ධ කළ යුතු ය. එය මහජන සංවාදයට බඳුන් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු ය.

ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුවට තිබේ.

මේ වන විට මහින්ද රාජපක්ෂගේ මුදලින් යැපෙන මාධ්‍ය හා දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යි සිතා සිටින පක්ෂ හා කල්ලිවලට සම්බන්ධ මාධ්‍ය ගජරාමෙට කරමින් සිටින්නේ එට්කා නම් බිල්ලකු නිර්මානය කරමින් සමාජය බියපත් කිරීමයි. එය ඔවුන් හඳුන්වන්නේ මාධ්‍ය නිදහස ලෙසයි.

මෙම මාධ්‍ය විසින් ප්‍රබන්ධ කරනු ලබන පුවත් පිළිබඳ නිදසුනක් ලෙස මෙම සබඳතා පුරුකෙහි ඇති ප්‍රවෘත්තිය දක්වමි. මෙහි මාතෘකාවෙන් කියන ආකාරයට තමන්ට රැකියා නැති නිසා ශ්‍රී ලංකාවේ රැකියා ලබා ගැනීම පිණිස එට්කා ගිවිසුම අත්සන් කරන්නැයි ඉන්දියාවේ රැකියා විරහිතයන් උද්ඝෝෂණය කරන බවයි. එහෙත්, ප්‍රවෘත්තියෙහි එහෙම දෙයක් නැත.

එට්කා සම්බන්ධයෙන් වන මාධ්‍ය ප්‍රචාර තනිකර ම මෙවැනි ඒවා ය. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලෙස පෙනෙන ආකාරයට ලාංකිකයන් අන්දා වීඩියෝ නිර්මානය කර තිබෙන ආකාරය ද අපි දුටුවෙමු. මෙහොතකට පෙර මා දුටු වීඩියෝවක ඇත්තේ බරනැස වීදියක දත් බඳින මිනිසකු පිළිබඳ විස්තරයකි. දත් බඳින අය දන්ත කාර්මිකයන් මිස දන්ත ශල්‍ය වෛද්‍යවරු නොවෙති. පිළිගත් දන්ත කාර්මිකයකු වීමට ද විධිමත් පිළිවෙලක් තිබේ. එහෙත්, ඒ විධිමත් පිළිවෙලවල් අනුගමනය නො කරන හොර වෙද්දු ලංකාවේ ද ඕනෑ තරම් සිටිති. එ් කාරණා එසේ වෙද්දී එම වීඩියෝව ෆේස්බුක්හි බෙදාගෙන තිබුණේ එට්කා ගිවිසුමෙන් පසු ලංකාවේ දන්ත වෛද්‍ය විද්‍යාවට වන්නේ මෙය බව කියමිනි.

ලංකාවේ හොර වෙද්දු හිටියේ පේමන්ට් එකේ නොව රජගෙදරයි. එලියන්ත වයිට් නම් හොර වෙදා උදාහරණයකි. මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහය හොර වෙදුන්ට ලැබුණා ය කියා ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාවට කිසිදු හානියක් වූයේ නැත. මරදන්කඩවල වෑල්ඩිං වෙදා හිටියා ය කියා විකලාංග වෛද්‍ය විද්‍යාවට මොකවත් වූයේ නැත. වෙන දේවල් වුණේ මෝඩයන්ගේ අත පයවලට ය.

මාධ්‍ය විසින් කළ යුතුව තිබෙන්නේ බුද්ධිමත් සාකච්ඡා ඇති කිරීම මිස බිල්ලන් නිර්මානය කරමින් සමාජය බිය වැද්දීම නො වේ. ඉන්දියානු විරෝධය යනු ලංකාවේ සිංහල සමාජය තුළ මුල් බැසගෙන තිබෙන ජාතිවාදයේ හා දෙමළ විරෝධයේ ම තවත් එක් ස්වරූපයකි. ඉන්දියානු විරෝධය ඔස්සේ කරන්නේ ද ඒ සිංහල ජාතිවාදයට ආමන්ත්‍රණය කිරීමයි.

එට්කා විරෝධී උද්ඝෝෂණයේ මාධ්‍ය භූමිකාව මේ ජාතිවාදය ඉතා පැහැදිලිව නිරූපණය කරයි. එට්කා විරෝධී වෘත්තිකයන්ගේ කෙරුවාව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඒ ගැන මුළු රට ම දනිති. වෛද්‍යවරු වැඩි දෙනෙක් රජයෙන් සාපේක්ෂව ඉහළ වැටුප් අරගෙන, මහජනතාවට සේවය නො කර, පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවල යෙදී සිටින බව හා ඔවුන් හික්මවන්නට හා ශිෂ්ට කරන්නට ගන්නා ඕනෑම උත්සාහයකදී මහජනතාව විපතට පත් කරන බවට තර්ජනය කරමින් වර්ජන අසිපත ලෙලවන වෘත්තිකයන් පිරිසක් බව නො දන්නේ කවුරු ද?

දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යයි සිතා සිටින වාමාංශික දේශපාලන පක්ෂ හා ඊනියා විප්ලවවාදියෝ එට්කා විරෝධී උද්ඝෝෂණය පිටුපස අභිරුචියෙන් යන්නේ එළුවාගේ සෙළවෙන වෘෂණ කෝෂ දැන් දැන් වැටෙනු ඇතැයි සිතමින් තොල කට ලෙව කමින් පස්සෙන් ගිය නරියා සේ ය. තමන්ට සෙනග හා ඡන්ද නැති අර්බුදය ඍජු හෝ වක්‍ර‍ ජාතිවාදයන්ගෙන් වසා ගන්නට ඔවුන් ඉතිහාසය පුරා ම දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බව ඔවුන් කිසි දිනෙක තක්සේරු කර ගන්නේ නැත.

ලෝකය සමග නිදහස් ආර්ථික ගිවිසුම් අත්සන් කරමින් ඉදිරියට යන්නට නො වේ නම්, අති විශාල වශයෙන් ණය ගනිමින් හම්බන්තොට වරාය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති දියත් කළේ කුමටදැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරන ප්‍රශ්න කිරීම ඉතා නිවැරදි ය. මේවා කර ඇත්තේ අනාගත පරම්පරා උගසට තබමිනි. අප ඒ ණය ගෙවිය යුතු ය. ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට ආර්ථික ජාතිවාදයෙන් කිසිවක් ලැබෙන්නේ නැත. ජාතිකවාදී ස්වයංපෝෂණ ප්‍රතිපත්තිවලින් භාණ්ඩ හිඟය හා දරිද්‍රතාව හැර අන් කිසිවක් ලැබෙන්නේ නැත.

නිදහස් ආර්ථික ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවල පදනම වන්නේ දීම හා ගැනීමයි. සම්පූර්ණයෙන් ම වෙනත් රටකට යටත් වන ආර්ථික ගිවිසුම් අත්සන් කරන්නට ලෝකයේ කිසිදු රටකට උවමනාවක් නැත. එසේම වෙනත් ජාතික ආර්ථිකයන් හා ලෝකය සමග සම්බන්ධ නො වෙමින් කිසිදු ජාතික ආර්ථිකයකට ඉදිරියට යන්නට බැරි ය. ලංකාව වැනි රටකට කොහොමත් බැරි ය. නිදහස් ආර්ථික ගිවිසුම් විග්‍ර‍හ කර ගත යුත්තේ ඒ පදනමිනි.

දේශපාලනිකව අප ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට සහයෝගය දක්වන්නේ ඇයි ද යන්න අපි කලින් ලිපියක ද පැහැදිලි කළෙමු. එහි මෙසේ සඳහන් විය:

ආර්ථික ජාතිවාදය ද තවත් ස්වෝත්තමවාදයකි. ජාතිවාදයෙන් ලෝකයට කිසිවක් ලැබෙන්නේ නැත. සීපා තුළ හොඳ, නරක දෙක ම තිබේ. එහෙත්, අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත.

ඉන්දියාව සමග අත්සන් කරන්නට යන ගිවිසුම්වල ඇත්තේ නරක පමණක් නො වේ. එහි හොඳ ද තිබේ. හොඳ දක්වන අය හොඳ පමණක් පෙන්වා දෙති. නරක දකින අය පෙන්වා දෙන්නේ නරක ම පමණි. මේ පිළිබඳ පැහැදිලි අදහසක් පළ කළ හැක්කේ හැඟීම්බර කතාවලින් නො වේ. විද්‍යාත්මක අධ්‍යයනයකින් පමණි. කිසිවෙක් එවැන්නක් කරන්නේ නැත. ඉන්දියාවේ රස්සාවලට ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව ගැන පුවත් හොය හොයා නැවත පළ කිරීම ඊට වඩා පහසු ය.

මගේ මූලික අදහස මෙයයි. ඉතිහාසය ඉදිරියට යන්නේ රට රටවල්, ජාතීන් හා සමාජයන් අතර ආර්ථික, දේශපාලන, සමාජ සම්බන්ධතා ශක්තිමත් වෙමින් ය. එසේ ශක්තිමත් වන විට මිනිසුන්ගේ දේශපාලන ප්‍රජාවන් ද පුළුල් වේ. නිදසුනක් ලෙස පසුගිය සියවසේ මුල වන විට සිටි සිංහල භාෂාව කතා කරන උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී දේශපාලන ප්‍රජාවන් දැන් වඩා පුළුල් සිංහල දේශපාලන ප්‍රජාවක සංවිධානගත වී සිටිති. යුරෝපා සංගමය තුළ යුරෝපා ප්‍රජාවක් ගොඩනැගෙමින් ඇත.

කොමියුනිස්ට්වාදීන්ගේ පරමාදර්ශී ලෝක කොමියුනිස්ට් සමාජය බිහි වන්නේ ද මෙසේ දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමෙනි. ඔවුන් මූලධාර්මිකව ජාතිවාදයට විරුද්ධ වන්නේ ඒ නිසා ය. එහෙත්, දේශපාලන ප්‍රජාවන් පුළුල් කර ගන්නට අප සමාජවාදී විප්ලවය සිදු වන තෙක් බලා සිටිය යුතු නැත. මාක්ස්වාදීන් ජාතිවාදයේ වෙළෙමින් එසේ බලා සිටියදී පවා ඉතිහාසය ඉදිරියට යන්නේ ය.

ඉතිහාසය හැම විට ම සාමකාමී වී නැත. ඇතැම් අවස්ථාවලදී එය ප්‍රචණ්ඩ වී තිබේ. උදාහරණයක් ලෙස අවසන් ඊලාම් යුද්ධය සලකන්න. කොටි සංවිධානය හා රජය සාම සාකච්ඡා වෙනුවට යුද්ධය තෝරා ගත් හ. කෙතරම් නරක දෙයක් වුවත්, ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ මෑත ඉතිහාසයේ වැදගත් ම සුසමාදර්ශීය වෙනස ඇති වුණේ එකී ප්‍රචණ්ඩ ක්‍රියාවලිය නිසා ය. ඉතිහාසයෙන් මෙවැනි නිදසුන් ඕනෑ තරම් සොයා ගත හැකි ය.

මා කියන්නේ සරළ දෙයකි. අප ලෝකය සමග සම්බන්ධ විය යුතු ය. ඒ සඳහා මුලින් ම ඉන්දියාව සමග සම්බන්ධ විය යුතු ය. (ලංකාවේ ජාතික සංහිඳියාව ද මෙතැනදී අදාළ ය) සාකච්ඡා කළ යුතුව තිබෙන්නේ එම ප්‍රතිව්‍යූහගත වීම ප්‍රචණ්ඩ නො වන ආකාරයෙන් හා අවම හානි සිදු වන ආකාරයෙන් කර ගැනීම පිළිබඳව ය. දෙපැත්තෙහි ම ඇතැම් කොටස් මෙමගින් තාවකාලික පීඩාවන්ට ලක් වෙති. එහෙත්, ලංකාවේ ජනතාව ඉතිහාසයක් පුරා සිය ආර්ථික ප්‍ර‍ත්‍යාස්ථිතිය පෙන්වා තිබේ. ඔවුන් කාලයත් සමග පහසුවෙන් නව තත්වයන්ට හැඩගැසෙති.

නිදසුනක් ලෙස කණ්ඩලම හෝටලය ඉදි කරන්නට යද්දී එයට එරෙහිව වාමාංශිකයන්ගේ හා සිවිල් සමාජයේ මූලිකත්වයෙන් දැවැන්ත අරගලයක් සිදු විය. එහෙත්, දැන් එදා විරෝධය පළ කළ වාමාංශිකයෝත් දැන් නව තත්වයට හැඩගැසී ඇත.

ලොකු රටක් නිසා අප ඉන්දියාවට බිය විය යුතු නැත.

ඉන්දියාවේ ජාතිවාදී ප්‍රවණතා මෙල්ල කර ගැනීමේ දේශපාලන ප්‍රගතිශීලිත්වය ගොඩනගා ගත යුත්තේ අප විසිනි. අප බොහෝ කාරණාවලදී ඉන්දියාවට ඉදිරියෙන් සිටින බව අප අමතක නො කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රෙදි ගලවා තියා කඩේ යන විශ්‍රාමික කැරලිකරුවා

    ReplyDelete
    Replies
    1. අපි පුද්ගලයන්ට හෝ පක්ෂවලට කඩේ යන්නේ නැත. අපි කඩේ යන්නේ අරමුණුවලටයි. අරමුණු වෙනුවෙන් කරන දේශපාලනයේදී අපි අරමුණ හා අදාළ වන පක්ෂ හා ව්‍යාපාර සමග එක් වන්නෙමු. අරමුණු වෙනුවෙන් දේශපාලනය කිරීම තේරුම් ගැනීමට තරම් ලංකාවේ වාමාංශිකයන්ගේ විඥානය දියුණු වී නැත. මෙවැනි කතන්දර කියන්නේ ඒ නිසා ය.

      හැකි නම් අප නගන තර්කය විවේචනය කරන්න.

      කඩේ යාම ගැන වැඩිදුරටත් කියනවා නම්, ජවිපෙට, පෙසපට හෝ වෙනත් වමේ යයි කියන පක්ෂයකට කඩේ ගියත් එජාපෙට කඩේ ගියත් වෙනසක් නැත. මේ ඔක්කොම එක ය.

      Delete
  2. ඉන්දියාව සමග මෙතෙක් අත්සන් කර ඇති හෝ අත්සන් කරවා ඇති භාණ්ඩ වෙලඳ ගිවිසුම් වලින් මෙරට ට අත්වී ඇති එක හොඳක් හැකිනම් කියන්න.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව සමග දේවානම්පියතිස්ස රජතුමා අත්සන් කළ ගිවිසුම නිසා ලංකාවට බුද්ධාගම හා තවත් බොහෝ දේ ලැබිණි. හොඳද නරකද යන්න ඔබ විග්‍ර‍හ කරගන්න.

      Delete
    2. මේ ලිපියත් කියවා බලන්න:
      Sri Lanka's exports to India has grown through a free trade deal with 70 percent of export coming from it, while Indian imports are mostly outside the agreement, a top trade chamber has said.

      Only 20 percent of imports from India have come though the free trade deal, the Ceylon Chamber of Commerce said.
      Sri Lanka imports from India mostly outside free trade deal, 70-pct of exports from FTA

      Delete
    3. දේවානම් පියතිස්ස රජතුමා අත්සන් කල "භාණ්ඩ වෙලඳ ගිවිසුම" කුමක් ද ? කරුණාකර මහත්මයා, ප්‍රශ්ණයෙන් පැන නොගොස් පිළිතුරු ලබාදෙන්න. ඔබට ප්‍රශ්ණය හරි හැටි නොතේරෙන්නේ නම් මෙන්න නැවතත් එම ප්‍රශ්ණයම. "ඉන්දියාව සමග මෑත කාලයේදී (නිදහසින් පසු) අත්සන් කර ඇති හෝ අත්සන් කරවා ඇති භාණ්ඩ වෙලඳ ගිවිසුම් වලින් මෙරට ට අත්වී ඇති එක හොඳක් හැකිනම් කියන්න.

      Delete
    4. ඉහත සබඳතා පුරුකේ ඇති ලිපිය කියවා බලන්න.

      Delete
    5. දේවානම් පියතිස්ස රජතුමා අත්සන් කල "භාණ්ඩ වෙලඳ ගිවිසුම" කුමක් ද ? කරුණාකර මහත්මයා, ප්‍රශ්ණයෙන් පැන නොගොස් පිළිතුරු ලබාදෙන්න. ඔබට ප්‍රශ්ණය හරි හැටි නොතේරෙන්නේ නම් මෙන්න නැවතත් එම ප්‍රශ්ණයම. "ඉන්දියාව සමග මෑත කාලයේදී (නිදහසින් පසු(from bayyas)) අත්සන් කර ඇති හෝ අත්සන් කරවා ඇති භාණ්ඩ වෙලඳ ගිවිසුම් වලින් මෙරට ට අත්වී ඇති එක හොඳක් හැකිනම් කියන්න.

      Delete
    6. ඇයි ජේ.ආර්. රජීව් ගාන්ධි සමග ඇති කරගත් ගිවිසුම?

      ජේවීපීකාරයෝ සහ අන්තිමේදී ප්‍රේමදාස ගම කෑවේ නැතිනම් යුද්දේ ඉවර වෙන්නේ මීට සෑහෙන කාලකෙට කලින්.

      ඒ ගිවිසුමෙන් දේශිය කර්මාන්තවලට වුණු එක වැදගත් එකතුවක් තමයි ගල්කටස් තාක්‍ෂණය දියුණු වීම.

      Delete
    7. මෙන්න එක හොඳක් ------

      ලංකාවේ වැසියන්ගේ ආදායම් මට්ටමේ හැටියට බටහිර රටවල නිෂ්පාදනය කෙරෙන ඖෂධ ඉතා ම මිළෙන් අධික යි. ඒ නිසා ලාංකික වැසියාට දරා ගත හැකි මිළකට ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ ලංකාවට ලැබෙනවා.

      මෙන්න තවත් හොඳක් -------

      ලංකාවේ බස් මඟීන් හට ඉතා අඩු මිළකට (කිලෝමීටරය රුපියල් 9 කට පමණ ) ගමන් බිමන් යෑමට හැකි වී ඇත්තේ ලංකාව සහ ඉන්දියාව අත්සන් තැබූ ඩොලර් මිලියන 100 යේ ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කෙරුණු, සහ තවමත් ආනයනය කෙරෙන අශෝක් ලේලන්ඩ් බස් නිසා යි. ඉන්දියානු බස් නැතිව අප වොල්වෝ, ස්කේනියා, මර්සඩීස්-බෙන්ස්, ඉවෙකෝ, ඉසුසු, යූඩී නිසාන් වැනි බස්, මගී ගමනාගමනයට යෙදෙව්වා නම් ලාංකික බස් මගියා හට කිලෝමීටරයකට රුපියල් 75 ක් වත් ගෙවන්නට සිදු වෙනවා.

      මට තව "හොඳවල්" ඕනෑ තරම් ලිවීමට හැකි යි. නිර්නාමිකයා එක හොඳක් පමණක් සඳහන් කරන්න කිව් නිසා මීට වඩා ලියන්න යන්නේ නෑ.

      Delete
    8. සීතාවක මායාදුන්නේ රජුට පෘතුගීසීන් රට අභ්‍යන්තරයට පැමිණීම වළක්වා ගත හැකි වුණේ දකුණු ඉන්දියාවේ කැලිකට් හි "සැමොරින්" යන ධුර නමින් හැඳින්වුණු පාලකයාගෙන් ලැබුණු යුද්ධාධාර නිසා යි. (මූලාශ්‍රය: මහාචාර්ය ටිකිරි අබේසිංහගේ 'පරංගී කෝට්ටේ' නමැති ග්‍රන්ථය ).

      ඔන්න, ඉන්දියාවෙන් ලැබුණු තව හොඳක්.

      Delete
    9. මා අසා ඇත්තේ ඉන්දියාව සමග ඇතිකරගත් භාණ්ඩ වෙලඳ ගිවිසුම් වලින් මෙරටට අත්වී ඇති සෙත කුමක්ද යන්නයි. දන්නා තරමින් ඉන්දියාවෙන් ආනයනය කරන වාහන නිදහස් වෙළඳ ගිවිසුම් අදාල වන්නේ නෑ. ඒ ආකාරයට ගිවිසුමක් තිබුණා නම් අපේ පාලකයන්ට හිතූ හිතූ ආකාරයට වාහන මිල ඉහල පහල දැමීමට හැකියාවකුත් නෑ. ඉන්දියාව ඉතාම කපටි සහගත ලෙස එරටින් මෙරට ට වැඩිපුර ආනයනය කරන භාණ්ඩ ගිවිසුම් වලින් ආවරණය කොට නැහැ. එමෙන්ම මෙරටින් එරට ට වැඩිපුර අපනයනය කල හැකි (මෙරට අතිරික්තයක් පවතින) භාණ්ඩ සඳහාත් ගිවිසුම් වලින් ආවරණය කොට නැහැ. ණය යෝජනා ක්‍රමයක් යනු ගිවිසුමක් නොවන බව මතක තබා ගන්න.
      ඉතිහාස කතා ආර්ථික ගිවිසුමකදී අදාල නොවන බවත් මතක තබාගන්න.

      Delete
    10. /* ඉන්දියාව ඉතාම කපටි සහගත ලෙස එරටින් මෙරට ට වැඩිපුර ආනයනය කරන භාණ්ඩ */

      ආනයනය කරන්නේ ලංකාවෙනි.

      ඉන්දියාව එහි සිට අපනයනය කිරීම කපටි ලෙස කරනවා කියන්නේ ඔවුන් හිතාමතාම මිළ අඩු කර හෝ අනෙකුත් සැපයුම් රටවල් සමග සම්මුතියක් ඇති කරගෙන මෙරරට එවනවාය කියාද?

      Delete
  3. මහින්ද රාජපක්ෂ සීපා ගිවිසුම ගහනකොට වැරදියි. රනිල් ඒකම ඉක්ටා කියල ගහනකොට හරි. අනේ *කේ නන්නානේ...

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂ හෝ වෙන කවුරු හෝ ඉන්දියාව සමග අත්සන් කරන්නට ගිය නිදහස් ආර්ථික ගිවිසුමකට විරුද්ධව අප පළ කළ අදහසක් ඔබට හැකි නම් මෙම බ්ලොගයේ පළ වී ඇති දහස් ගණනක් ලිපි අතරින් උපුටා දක්වන්න. මෙය අභියෝගයකි.

      Delete
  4. මම නම් කියන්නේ කිසිම රටක් සමඟ ගිවිසුම් අත්සන් කරන්න නරකයි. ඒ වගේම රට ඝින් රස්සාවල් කරන ඔක්කෝම උන් ගෙන්නලා දාලා. ගුවන් ගමන්, නැව් ගමන් සියල්ලම නවත්තලා දාන්න ඕන. එතකොට ඔය ගහක කොලක ගෙඩියක් කොලයක් කාලා. මැරිලා යන්න පුළුවන්. පැස්ටෝල් නැති නිසා ෆුට් සයිකල් ටික දිරලා යනකන් ඒකෙන් ගිහිල්ලා ඊට පස්සෙ පයින් යන්න පුළුවන්. කොටින්ම කියන්වා නම් 15ඔ5 රට තිබුන තැනට ගෙනියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මරු අදහස........... විළි වසා ගන්න කොළ අතුත් ඕනෑ තරම් තියෙනවානේ මේ සසරිබර ලංකාවේ.

      Delete
  5. ෆේස්බුකියේ පළ කෙරෙන පැරඩි මෙමේස් සහ වීඩියෝ ඇත්ත ඒවා යැයි සිතීම නම් විහිළුවක්.

    මටත් මෙතැන ඇති ප්‍රශ්නය නම් ඇයි මේ යෝජිත ගිවිසුම ප්‍රසිද්ධ කරලා ඒ ගැන ජනතා කතිකාවතක් අරඹන්නේ නැත්තේ කියන එකයි.

    මේ සියළු ප්‍රශ්නවලට මූලික හේතුව එයයි. අනික කෝ යහපාලනයේ විනිවිදභාවය. ඔය බොටල් ජර්නලිස්ට්ලා වෙයිස් කට් ගන්නවා විතරද? ඒ පැණය අහනවා නම්මං තාම දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. තාම හදලවත් නැති ගිවුසුමක් ගැන කොහොමද කතා කරන්නේ..

      Delete
    2. කව්රු විරුද්ධ උනත් අස්සන් කරනවා කියල රනිල් කියන්නේ එහෙනම් හිස් කොලයකටද ?

      Delete
    3. කවුරු විරුද්ධ වුණත්, මහමඟ විසි-තිස් දෙනෙක් පොලිස් වෙඩි කාලා මැරුණත්, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කොන්දක් 1987 තිබුණා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන්න. එහි ප්‍රතිඵලයක් හැටියට පිහිටුවන ලද පළාත් සභාවලට විරුද්ධව ටොයියන් වත්, බයියන් වත් අද එක වචනයක් වත් කතා කරන්නේ නෑ. ඒ කියන්නේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම හොඳ යි කියන එක. ඒ ආකාරයට ම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මෙම 'එට්කා' ගිවිසුම අත්සන් කළ යුතු යි කවුරු විරුද්ධ වුණත්. තව අවුරුදු 10 කින් අද ඔය ගිවිසුමට විරුද්ධ වෙන අයත් කියයි "එට්කා චොර නෑ; එට්කා සුප්පා" කියලා.

      Delete
    4. කවුරු විරුද්ධ වුණත්, මහමඟ විසි-තිස් දෙනෙක් පොලිස් වෙඩි කාලා මැරුණත්, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට කොන්දක් තිබුණා 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන්න. එහි ප්‍රතිඵලයක් හැටියට පිහිටුවන ලද පළාත් සභාවලට විරුද්ධව ටොයියන් වත්, බයියන් වත් අද එක වචනයක් වත් කතා කරන්නේ නෑ. ඒ කියන්නේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම හොඳ යි කියන එක. ඒ ආකාරයට ම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මෙම 'එට්කා' ගිවිසුම අත්සන් කළ යුතු යි කවුරු විරුද්ධ වුණත්. තව අවුරුදු 10 කින් අද ඔය ගිවිසුමට විරුද්ධ වෙන අයත් කියයි "එට්කා චොර නෑ; එට්කා සුප්පා" කියලා.

      Delete
  6. වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයට ටොයි බයි බේදයක් නැතිව සහභාගිවෙුනේ රනිල් කියන විදියට සල්ලි අරගෙන නෙවේ. ඔය රෑකියා දශලක්‍ෂය දෙන විදිය රනිල් පැහැදිලි කරන්නැත්තේ ඇයි.

    ReplyDelete
    Replies
    1. //ටොයි බයි බේදයක් නැතිව සහභාගිවෙුනේ//

      ඒ කතාව වැරදිය...
      ටොයියා ටොයියාමය
      බයියා බයියාමය...

      සිජ්ජ වුනේ සිරා ට චන්දේ දුන්න එවුන් හැමෝම තමන් ටොයියන් කියා සිතා සිටීමය...

      එසේ වූ සුවහසක් වෙන්ඩ ටොයි එහෙත් සැබෑ බයි ගෙම්බන්ගේ රෙදි ගැලවීම ගැන (අර නිර්මාල් දේවසිරිසේනට වුනා වගේ..) රනිල් ට ස ර ස තුමා ගේ සාදර ඉස්තූතිය!

      Delete
  7. මොන බයියා කකුලෙන් අදින්න ආවත් නිර්බීතව රනිල් එම ගිවිසුම අත්සන් කරනා කීම දැක ස ර ස තුමා සාතිශයින් සතුටු විය...

    ReplyDelete
  8. මේ ගිවිසුම ගැන තවත් ප්රසිද්ධ කරන්න දෙයක් ඉතුරුවෙලා තිබෙනවද? හැමෝම තමන්ගේ හිතේ හදාගත්තු ගිවිසුම් පතුරු ගහලා ඉවරයි. ලංකාවේ විතරක් නෙමෙයි, ඔන්න ලංඩන් වලත් කට්ටියක් උද්ඝෝෂණය කරලා.

    ReplyDelete
  9. //"මේ පිළිබඳ පැහැදිලි අදහසක් පළ කළ හැක්කේ හැඟීම්බර කතාවලින් නො වේ. විද්‍යාත්මක අධ්‍යයනයකින් පමණි. කිසිවෙක් එවැන්නක් කරන්නේ නැත"//

    පැරා සිතන්නේ මෙයට වගකිවයුත්තේ රජය නොවේ කියාද ?

    ReplyDelete
  10. මමනමි කියන්නේ මෙවැනි ගිවිසුමි අවශ්‍ය බවයි.මෙයට අමතරව නැවත ආදමිගේ පාලම සාදා දෙරට අතර සමිබන්ධතාවය වැඩිකලයුතුය.

    ReplyDelete
  11. ඉන්දියාවේ සිටින වෘත්තින්‍කයන්ගෙන් 1වන ගණය සිටින්නෙ ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේය. දෙවැන්නන් මැදපෙරදිගය ඒවාගේ ම ගෙවීම හොඳය. තුන්වැන්නෝ ඉන්දියාවේමය. ලංකාවට එනු ඇත්තේ හතරවැනි ගණයයි. ලංකාවේ ගෙවීම ඔවුන්ට සෑහෙනු ඇත. ඔවුන්ට පළවැන්නෝ සමග තරග කළ නොහැක. පිටරටවල ලාංකික තොරතුරු තාකෂණ වෘත්තියකන් ඉන්දියානුවන් නිසා මුහුණදෙන ගැටලු ගැන ඔබ දනීද? ගහපල්ලකො ගිවිසුම කෙලින්ම ඇමරිකාව එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔය ගිවිසුම ඔයා ගාව තිබෙනවානම් අපිටත් බලාගන්න මෙතන දානවාද? අපිනම් ඔය ගිවිසුම දැකලා නෑ.

      Delete
    2. අශූචි මොන රහද?

      Delete
    3. @Bud in Oz
      Pahugiya anduwen kala horakam dushana oppu unida , oba ewa wana vidiha dutuweda?
      E dushana nethiwa pahugiya awuruddu ithiri una sidu una sanvardanaya kumak da?

      Delete
    4. ඇනෝ, අසූචි මොන රහද කියා ඔබට දැනගන්නට හැකි පහසුම විදිහ එය අනුභව කර බැලීමයි. මා එසේ කර නැති නිසා ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි වීම පිළිබඳව කනගාටුව.

      Delete
    5. @thaniya
      කොහෙද යන්නේ මල්ලේ පොල්...

      Delete
  12. දැන් පැරා තුමනි ඔබ බොහොම හොදට ඉංගිරිසි බස දන්නවා නෙව.. පසුගිය දවසක එංගලන්තයේ මහ විසාල මත ගැටුම් ඇතිවුනා එංගලන්තෙ යුරෝපා සංගමේ ඉන්නවාද යනවාද කියලා.. එතනදි ඒ කැමරන් අගමැත ිතුමා කීවෙ එතුමාගේ දේසපාලන ජීවිතේ මුහුනදීපු ලොකුම ගැටලුවක්ය ඒක කියලා.. එතනදි කැමරන් ගේ පක්ෂයේ අය පවා ඇතැම් විට කැමරන්ගේ මතය ප්‍රසිද්ධියේ විවේචනය කලා.. අවසානයේ ඔවුන් තීරණයකට ආවා..

    අපේ මෝඩ වහන්සේලා ඔක්කොම එකයි.. විරුද්ධ වෙන අයට තමුන් අනාගතයේ එන ගිවිසුමකට විරුද්ධ වන්නේ ඇයි.. ගිවිසුමක් ඇති වනවා නම් එහිදී එකී ගිවිසුම් කවර ආකාරයෙ ්විය යුතුදැයි ගොනුවක් විරුද්ධ පාර්ශවයට නෑ.. ඒ වගේමයි ආන්ඩුවේ අගමැති තුමා ඉතාම මෝඩ විදියට හැසිරෙනවා.. එතුමා දෙරණ එක්ක තියෙන තරහ හෝ රාජපක්ෂ භීතිකාව වෙන දෙයක්.. මේක වෙන දෙයක්.. එතුමා හිතං ඉන්නෙ රටේ හැමෝම ඇවිල්ලා ගම්බද පැතිවල ඉන්න රේඩි එකට කණ තියං පෝර්ති අහන ගැමියො කියලා..

    දෙපැත්තෙම ලොකු වැරදි තිබෙනවා. ඒ වගේම දෙපැත්තෙන්ම තමුන්ගේ මතය වෙනුවෙන් එයාල ඇඩ්වර්ටයිසින් කරන්න ඕනි..ඒකට අවකාශ දෙන්නත් ඕනි.. අවසානයේ වඩාත් සාධාරන වූ ගිවිසුමක් අත්සන් වෙන්නට ඕනි..

    සමහර මැටි හරක් කතා කරනවා ඉන්දියාව සමග මෙතෙක් තිබුන ගිවිසුම් වලින් මොකක්ද වුන සෙත කියලා.. ඉන්දියාවෙන් අපි ගතපු බඩු භාන්ඩ වැඩියි තමයි..බදු ආදිය සහ වෙනත් අතරමැදි ගාස්තු අඩුවෙනවා කියන්නෙ ඉන්දියානු බඩු අපිට මෙහෙදි ඉන්දියානු මිලට ම ගන්න පුලුවන්.. හාල් ලූනු අල පරිප්පු විතරක් නෙමෙයි මොබයිල් පෝන්..ටීවි.. ගෑස් කුකර් ලැට්ටප් වගේ ගොඩක් බඩු ලංකාවට වඩා බාගෙට බාගය්ක ඉන්දියාවෙන් මිලට ගන්න පුලුවනි.. අපිට වාසියක් වෙන්න නම් අපි ඉන්දියාවට බඩු විකුනන්නම ඕනිද? ලාබෙට තියෙන බඩු ඉන්දියන් මාකට් එකෙන් ඒ ලාබෙටම ගන්න ලැබෙන එක වාසියක් නෙමෙයිද?

    ReplyDelete
  13. වැඩි කතා කුමට ද? ඉන්දියාව සමඟ 'එට්කා' ගිවිසුම අත්සන් කරනු!

    ReplyDelete
  14. මෙම ඉන්දියානු ගිවිසුම් සමග සිදු වූ අදහස් දැක්වීම් වලට අනුව පෙනී යන්නේ විවිද පක්ෂ කණ්ඩායම් මෙන්ම විද්වත් යැයි සැලකෙන අයගේ පවා මෙවැනි කරනා සම්බන්දව ඇති දැනුමේ ගැටළුවක් ඇත .මේය ජවිපෙ අනුර කුමාර මහතා (නිර්මාල් ඇතුළු අනිත් යද මීට වෙනස් නොවේ ) දක්වන ලද අදහස් ඔස්සේ සලකා බලමු .
    සැකවින් කියවෙන්නේ මෙම අදහස් ද්ව්ත්වයි ,
    1.මෙය ඉන්දියානු ව්යා්ප්තවාදී වැඩපිලිවලේ දිගුවක් විය හැක .
    2.දැනට ඉන්දියාව හා ඇති ගිවිසුමේ ස්වභාවයට අනුව අපට අත්විය හැකි ඉරණම කුමද්ද ?
    1.මෙය ඉන්දියානු ව්යාාප්තවාදී වැඩපිලිවලේ දිගුවක් විය හැක .
    මෙම කරුණ පිළිබඳ රටක් වශයෙන් අප සැලකිලිමත් වීම අනිවාර්ය වන නමුදු විජේවීරවිසින් උත්පත්තිය ලබාදුන් ඉන්දියානු වියපත වාදය යනු එහි සැබෑ පිලිබිබුව නොවේ .පසුපස වෙනත් උවමනාවක් තිබුණි ,
    එනම් 80 දශකයේ ක්රි යාත්මක කිරීමට රහසිගතව ඔහු සැලසුම් කර තිබු දකුණේ සන්නද්ධ අරගලයට ප්රේභාකරන් සාදකය හරස්විමයි,
    ..මීට මුනදීමට කිසිදා යුධ අත්දැකීමක් ලබා නොතිබූ එවක රජය ක්රිසයාත්මක විය. ඒඅනුව කඩිමුඩියේ හමුදාවක් එකලස් කර උතුරට යැවීය . මෙම අස්ථාවරත්වය ජවිපෙට වඩා වාසිදායක වුවද හදිසියේ ඉන්දියන් හමුදාව පැමිණීම නිසා උතුරේ සිටි හමුදාව යලි දකුණට හරවන ලදී, මෙය විජේවීර ගේ සැලසුම් නොසිතු අර්බුදයකට තල්ලු කිරීමට හේතු විය .
    එනම් යුද්දයකට සුදානම් කල හමුදාවක් දකුණේ රැදිසිටින අවස්ථාවක ඔවුන්ගේ විප්ලවය අරම්ඹ කිරීමට සිදුවීම ඔව්න්ගේ අවාසියට හේතු වීමයි .එමනිසා ඉන්දීය හමුදා යලි හරවා යවන ලෙස ඉල්ලා උද්ගෝෂණ සංවිදානය කෙරිණි එහිදී ගෙනා තර්කය වුයේ ඉන්දියානු ව්යාඉප්ත වාදයයි(ඊට එවකට ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමට බලාසිටි ප්රේණමදාස ප්ර්ශවයෙන්ද උදව් ලැබිණ )එමගින් ඔවුන් බලාපොරොත්තු වුයේ ඉන්දියානු හමුදා පලව හැර දකුනේ හමුදාව යලි උතුරට තල්ලුකර යවා හැකි ඉක්මනින් සැලසුම් කරගත් පරිදි දකුණේ විප්ලවය ක්රිවයාත්මක කිරීමයි. නමුත් ඉහල නායකයන් කීපදෙනකු හැර කිසිවකු මෙය දැනසිටියේ නැත, මෙම පසුබිම යටතේ එකල දෙශපාලනයේ රන්කිරි කටගැ වර්තමාන බොහෝ දේශපාලන චරිත මෙම ඉන්දියානු ව්යාපප්ත වාදය ඔවුන්ගේ දේශපාලනයේ පළමු සිල්පදය බවට පත්කර ගන්නා ලදී ,පසු කාලීනව එය ඔවුන්ගේ දේශපාලන හැඩය කෙරේ තදින් බලපෑ බව පෙනේ .
    එඅනුව මගේ අදහස වන්නේ ඉන්දියානු ව්යාාප්ත වාදය පිළිබඳ අප සැලකිලමත් විය යුතු වුවද සමහරුන්ට වැහි ඇති යකාම එකම නොවන බවය .

    ReplyDelete
  15. මෙම ලියුම්කරු කවුරුන්දැයි මම නොදනිමි. විද්වතෙකු නම් මට කමත්වා!

    එසේ වුවද පැහැදිලිවම යමක් කිවයුතුව ඇත. ලිපියේ බොහෝ කරුණු දැක්වීම්, "යන්නේ කොහේද? මල්ලේ පොල්" වැනිය. නො එසේ නම් සාවද්‍යය.

    මාතෘකාවට අදාල නොවුවද ලියුම්කරුගේ දේශපලන අදහස් ලිපිය පුරාවට ඇදබා ඇත.

    1.මහින්ද හිතවාදින් ගැන දක්වා ඇත.------------
    සීපා/එට්කා ගැන බහුතරයක් ටොයියන් ද විරුද්ධය. විල්පත්තු වන සංහරයේදී මෙන් මෙහිදීද භේද නැත.

    2.ජාතිවාදයක් ගැන කරුණු දක්වා ඇත.----------
    ඉන්දියනුවන්ගේ ජාතිය දෙමළ හෝ වෙනත් එකක් බැවින් , සීපා/එට්කා ගිවිසුම් වලට විරුද්ධ බව පවසා ඇත්තේ කවුද?

    3 ජන මාධ්‍යයවල වැරදි කරුණු දැක්වීම් ගැන කියා ඇත.--------------
    4.විද්‍යත්මක අධ්‍යයනයක් සිදුවි නොමැති බව පවසයි.--------------------
    පහත දැක්වෙන සරල කරුණු වටහා ගැනීමට ඒවා අවශ්‍ය වේද?
    කෝටි සංඛ්‍යාත අන්ත දුගී දුප්පත් රැකියා විරහිතයන් පිරිසක් සිටින ඉන්දියාව සඳහා ශ්‍රී ලංකා රැකියා වෙළදපොල විවෘත කල විට තුට්ටු දෙකේ පඩියට වැඩ කරන ඉන්දියනුවන්ගෙන් ලංකාව පිරී ගොස් ලාංකිකයන්ට රැකියා නැත්තටම නැති වනු ඇත.
    වසන්ගත රෝග බහුල ඉන්දියනුවන් දහස් ගණනින් මෙහි පැමිණි විට ලංකාවේ දැනට නොමැති වසන්ගත රෝග ද සහිතව වසන්ගත රෝග බහුලව පැතිරී යනු ඇත.
    ඉතා පහල ජීවන මට්ටමක සිටින් ඉන්දියනුවන් මෙහි පැමිණි විට සොරකම් හා අපචාර ක්‍රිය තවදුරටත් වැඩි වනු ඇත.

    5. දොස්තරලාගේ, මහින්දගේ හා වෙනත් අයගේ වැරදි ගැන සදහන් කර ඇත.----------
    ඔවුන්ගේ වැරදි තිබුණා කියා ගිවිසුම හොද එකක් වේද? එහි ඇති සම්බන්ධය කුමක්ද?

    6.ගිවිසුමේ හොද පැත්ත ගැන නොකියන බව කියා ඇත.-------------------
    එහි හොදට වඩා නරක ඉතා වැඩි නම් ඉන් ඇති ඵලය කිම.

    7. ශ්‍රී ලංකාව තවදුරටත් ලෝකය සමග සම්බන්ධ විය යුතු බව දක්වා ඇත.----------------
    ඒ සදහා සීපා/එට්කා කිසිසේත් අවශ්‍ය නොවේ.

    8.කන්ඩලම හෝටලය පිළිබද වූ උද්ඝෝෂණ වලින් ඵලක් නොවූ බව පවසයි.------------
    කණ්ඩලම හෝටලය බොහෝ දුරට පරිසර හිතකාමී ලෙස තනා ඇති බව පැවසේ. ඊට හේතු වූයේ ඉහත උද්ඝෝෂණ බව කවුරුත් දන්නා කරුණකි.

    9. ගිවිසුමට එරෙහි විරෝධතා ඵලක් නොවන බව පෙන්වාදීමට උත්සාහ දරයි.-----------
    රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙඩිය පිටින් සීපා ගිවිසුම අත්සන් කිරීමට මුලින් උත්සහ දැරූ බව පැවසේ. දැන් එට්කා දක්වා පසු බැස ඇත.

    10. එළු වෘශණයේ උදාහරණය දෙමින් සීපා/එට්කා ගිවිසුම අනිවාර්යෙන්ම අත්සන් කරන බවට සරදම් කොට ඇත.------
    එය නම් නිවැරදි විය හැක. මන්ද ලියුම්කරු කඩේ යන ඔහුගේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද එවැනිම උද්ධඡ්චයෙකු වන බැවිනි.

    "සීපා/එට්කා ගිවිසුම ශ්‍රී ලංකාවට ඉතා අහිතකර බව විද්වතුන් බහුතරයක් පවසන නිසා මම ඒක අත්සන් කරන්නේ නෑ." යනුවෙන් පැවසීමට තරම් ප්‍රශස්ථ මට්ටමක රනිල් වික්‍රමසිංහ මහතා නොමැති බවත්, " හෙහ්! තොපි මොන තරම් කෑගැහුවත් මෙන්න මම ඒක අත්සන් කලා, ඔන්න බලා ගනියව් මගේ හැටි" යනුවෙන් පවසන මට්ටමේ එතුමා සිටින බවත් එතුමාගේ වත්මන් කථා විලාශයෙන් හා අතීත ක්‍රියා කලාපයන්ගෙන් මැනවින් පෙන්නුම් කරයි.


    ReplyDelete
    Replies
    1. මෙම ඇනොනිමස් කමෙන්ට්කරු කවුරුදැයි මම නොදනිමි. මා විද්වතකු නො වන බැවින් ඔහුට කමත් අවශ්‍ය නැත.

      Delete
    2. රනිල්ගේ උද්ද්ච්ඡභාවය මේ අවස්ථාවේදී මෙරටට බෙහෙවින් හිතකර බැවින් මේ ගිවිසුම අත්සන් කෙරෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි. ජේ. ආර්. ජයවර්ධන මහතාට 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම තිබූ ධෛර්යය ම දැන් රනිල්ට ද තිබෙන බව පැහැදිලි ය.

      Delete
  16. ලාංකීය පැරණි සමාජවාදයේ අද මුහුණුවර...

    ReplyDelete
  17. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.
    eka nam aththa mahaththayo,,, oyalage lokkata ehema thaniyama karaganna beriwa lokkage geni bada une nane, :(

    ReplyDelete
  18. Den oya givisum gahala, indian karayonta vitharak job hamba una kiyamu, lankawe minissunta rekiya lebeema adu wenawa neda? campus walin eliyata ena OL AL walin pasal walin eliyata ena lamai rasthiyadu wen nedda?
    e wagema lankawe salli india wata adila yanawa neda ?

    ReplyDelete
  19. Mahinda Rajapkshage(MR) mudalin yepena yanuwen dakawa atha, MR ge mudal ara mangala samaraweera kee billion 18 ta wenna athi yei mama sithamai,
    thama allapu sorek ho nethi bawa aranchi, mahabenku wage kolla kem walata weradi karuwan nidahase noweda?

    ReplyDelete
  20. ECTA sign kalot lankawe campus wala inna IT student la hamoma rakiya wirahita thathwayata path wenwa. Agamatithuma IT field eke job atirikkatayak tynw kyla byla gahanawa. E field eke inna aya dnnwa. Atta thatwaya. Lankawe IT sadahama wenwu ekma faculty eka tynne moratuwa university eke. Eth eke inna students latat job tiya training hoyagnn ekk hri amarui. E hnda meka sign kalot wnne lankawe IT field eke hamomata job nati wena eka wtri. Anika Freelancer upwork use krn aya dnnwa India wala inne monawada wage higannoda kyla. $200 wtr job $50 krn eun thama India wla inne. Meyala awot ape IT industry eka winasa wenawa. Ape IT industry ekt denata loku demand ekk tynwa. E ape sri Lankan ayage work quality eka nisa. India aya mekata ringnn hadnnet okai. Eyala awot ape demand eka nattama nati wenwa. Karunakarala deyak kynn kalin me field eke Inn ayagen atta thatwaya ahagena kata krnn.

    ReplyDelete
  21. මේ වෙලාවේ රටේ ඔලුවක් තියන මිනිස්සු කොච්චර බයෙන්ද ඉන්නේ කියන එක තේරුම් ගන්න මේ ලිපිය ඇති.
    මේ මනුස්සය කිසිම ලැජ්ජාවක් නැතුව ගිවිසුම ශෝක්, මේකට විරුද්ද වෙන්නේ මෝඩ මහින්ද ගැත්තෝ කොහොමත් රනිල් මේක කරනවා කියල පම්පෝරි ගහනවා.
    මෙතන මහින්දට රනිල්ට චන්දෙ දුන්න කියල බේදයක් නැහැ.
    IT ක්ෂේතාර්ය ගැන දන්නා ඕනෙම මනුස්සයෙක් විරුද්දයි මේ ගොන් ගිවිසුමට.

    අපිට ඉන්දියාවත් එක්ක ලාබ හොයන්න බැහැ. ගිවිසුම් කොහොම ගැහුවත් ඉන්දියාව අන්තිමට තමුන්ගේ උන්ට අදිනව. ගහනවා වගේ ලස්සනට ගිවිසම් අහෝසි කරන්නද? ඉන්දියාවත් එක්ක අපි යුද්ද කරන්නද ?
    ලංකාව වටේ තියන මුහුදේ මාළු මංකොල්ල කන කට්ටියක් ගැන රචකයා මේ කතා කරන්නේ.
    ජාත්‍යන්තර නීති නොතකා තමුන්ගේ මිනිස්සු ලංකාවේ මාළු කොල්ලකන එකට දැක්කේ නැහැ වගේ ඉන්න කියල ලංකාවට කියන රට ගැන මේ කතා කරන්නේ.
    ක්‍රිකට මැච් එකක් ගන්න වංචාවේ පරිමානේ හිතා ගන්න. අපි බලන මැච් එකමන කම් තමයි ඉන්දියාවේ මිනිස්සු බලන්නෙත් එත් umpires ල හොර කරන එක කමක් නැති රටක් ගැන අපි කතා කරන්නේ. සල්මන් කාන් මිනි මැරුවට ඒ මිනිහට වදින රටක් ගැන අපි කතා කරන්නේ.
    මහ පාරේ පවුල පිටින් කක්ක කරන මිනිස්සු.

    මේ මිනිස්සුන්ට පොඩි හිලක් ඇති රිංගල යන්න ආයේ එලවන්න වෙන්නේ නැහැ.
    IT ජොබ් වලට කියල ඇවිල්ල කට්ටිය පාර්ට් ටයිම් ත්‍රීවීල් එලවයි.
    මහින්ද රනිල්ට කඩේ ගියා වගේ නෙමෙයි තමුන්ගේ ලමයගේ මුණුබුරාගේ රස්සාවට කෙල ගන්නයි මේ හදන්නේ.
    මට හිතා ගන්න බැරි රනිල්ගේ මෝඩ මාන්නේ. ඒ මිනිහ ඉන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ මතය නියෝජනය කරන්න.
    මිනිහ හිතාගෙන ඉන්නේ මහින්දගේන් අරගෙන ලංකාවේ රජකමක් මිනිහට අවුරුදු පහකට දීල කියල.

    ReplyDelete
    Replies
    1. මෙවැනි අදහසක් ඇත්තෙන් ම තමන්ගේ නමින් පළ කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත. මන්ද, එය කෙතරම් අපරිණත අදහසක් ද යන්න එය ලියන්නා හොඳින් දන්නා නිසා ය. මේවා වනාහි හන්දිවල, බෝක්කු උඩ, කැන්ටින්වල, බස් එකේ, කෝච්චියේ කතා කරන වල්පල් මිස කිසිදු වැදගත්කමක් ඇති අදහස් නො වේ. මේ අදහස් තොරතුරු මත පදනම්ව ප්‍රකාශ වන්නේ නැත. එහෙම කරන්නට ඒවා මෙහි ලියන ඇනොනිමස් පොරවලට උවමනාවක් ද නැත. මන්ද, ඔවුන් එම අදහස්වලට වග නො කියන බැවිනි.

      නව මාධ්‍ය නිසා මෙවැනි අදහස්වලට ද ප්‍රකාශනයේ නිදහස හිමි වී තිබේ. එය ඇත්තෙන් ම සලකා බැලිය යුතු ගැටලුවකි.

      නිර්නාමික අදහස් පළ කිරීමට දී ඇති ඉඩ අපහරණය නො කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

      Delete
  22. http://www.bbc.com/news/world-asia-india-34276253

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා