ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉගෙන ගන්න කැමති නැත්තේ ඇයි?

මගේ රත්තරං යාලුවනේ, මේ ෆොටෝ එක හරි ලස්සනයි නේ ද? ඒ නිසා මං ඒක ඔයාලටත් පෙන්නන්න තමයි මෙතන දාන්නේ. මේ ඡායාරූපයයි, ලිපියයි අතර සම්බන්ධයක් නැහැ, හොඳේ! 
උපදේශක කාරක සභා වෙනුවට පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන ආංශික අධීක්‍ෂණ කාරක සභා පිළිබඳ වැඩමුළුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් ඇත්තෙන් ම සහභාගි වී තිබෙන්නේ 50ක් පමණ බව වාර්තා වේ.

මහජන මුදල් වැය කරමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්පත් දායකයන් ලෙස සහභාගි කරවාගෙන පවත්වන්නට යෙදුණ මෙම වැඩමුළුවෙන් ප්‍රයෝජනයක් ගන්නට මන්ත්‍රීවරුන් නො පැමිණියේ ඇයි?

පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයන් සිටින නිසා සන්නිවේදන ගැටලුවක් ඇති වේ යයි සිතිය නො හැකි ය.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීන් පත් වී තිබෙන සංදර්භය තුළ මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ගැන ඔවුන්ට තිබෙන දැනුම ඉතා අල්ප බව පෙනේ. විපක්ෂයේ සිටින අය සිතන්නේ තමන් පත් වී සිටින්නේ ම ආණ්ඩුව පෙරළන්නට ය කියා ය. ඇමතිකම් නැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පවා තමන්ට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් වගකීමක් ඇතැයි සිතන බවක් නො පෙනේ.

රාජ්‍ය පාලනය යයි ඔවුන් වැඩිදෙනෙක් සිතාගෙන සිටින්නේ කුමක් ද යන්න ද ප්‍රශ්නයකි.

සාමාන්‍යයෙන් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හුරු වී සිටින්නේ තමන් නියෝජනය කරන ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට, එම ප්‍රශ්න නිරාකරණය වන පරිදි නීති සම්පාදනයට හා යහපාලනයට නො වේ. ඔවුන් වැඩි දෙනෙක් කරන්නේ තමන්ගේ නායකයා සතුටු කිරීම, ඒ වෙනුවෙන් අවශ්‍ය පරිදි විහිළුකාරයකු හෝ මැරවරයකු වීම, නායකයාට කේලම් කියා අනෙක් අය කපාගෙන තනතුරක් ලබා ගැනීම, එම තනතුරේ බලයෙන් තමන්ට, තම පවුලේ ඥාතීන්ට, හිතවතුන්ට, පාක්ෂිකයන්ට වැඩිපුර බෙදා ගැනීම වැනි දේ ය.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීන් ශික්ෂණය කිරීම අතිශය දුෂ්කර ය. 

එහෙව් සංදර්භයක රාජ්‍ය පාලන බලතල තමන්ටත් පැවරෙන මෙවැනි අලුත් ක්‍රමයක් දරා ගන්නට ඔවුන්ට හැකියාවක් නැත. මෙහෙම වන්නේ ඒ නිසා ය.

තවත් සමහර මන්ත්‍රීවරුන් සිතාගෙන සිටින්නේ තමන් සියල්ල දන්නවා ය කියා ය. එබැවින් ඔවුන්ට අමුතුවෙන් ඉගෙන ගන්නට දෙයක් නැත. 

දිගු කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි පරිණත පුද්ගලයකු යයි කිව හැකි දිනේෂ් ගුණවර්ධන මෙම වැඩමුළුව ගැන කරන ප්‍රකාශය බලන්න.

“විපක්‌ෂ නායකයාටත් බැරිවුණා එයාගේ කණ්‌ඩායම ගෙන්වා ගන්න. ජවිපෙ මන්ත්‍රීවරුන් නෑ. ටී.එන්.ඒ. ඡේ.වී.පී. සහ ආණ්‌ඩුව එකතු වුණාම ඔක්‌කොම මන්ත්‍රීවරු 175 ක්‌ එන්න ඕනෑ. ඒත් අගමැතිට බැරිවුණා ඒ අයව ගෙන්වා ගන්න. මොකක්‌ද මේ විහිළුව? අපිත් පස්‌ හය දෙනෙක්‌ ආවා. අපි නෑවිත් හිටියා නම් අපිට චෝදනා කරයි.

“බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ආවා. වෙස්‌මිනිස්‌ටර් පාර්ලිමේන්තුවේ අය ඇවිත් හිටියා. රුපියල් කෝටි ගාණක්‌ වියදම් කරලා මේක කරන්න බැරිනම් නොකර ඉන්න තිබුණා. නැතිනම් පාර්ලිමේන්තුව ඇතුළේ මේක නොකර එළියේ තියන්න තිබුණා. පාර්ලිමේන්තු සේවකයෝ ශාලාවට දාලා මන්ත්‍රීවරුන් නැති හිඩැස පිරවූවා. බ්‍රිතාන්‍යයෙන් ආපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සේවකයන් මන්ත්‍රීවරුන් විදිහට පෙන්වන්නයි උත්සාහ කළේ. මොකද්ද මේ රට රවටන විහිළුව. මේක පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක්‌ කිරීමක්‌. කාරක සභා ගැන දැනුවත් කරන වැඩමුළුවට එන්නෙ නැති මන්ත්‍රීවරු ඔය කාරක සභාවලට එයිද? ඇමැතිවරුත් නෑ. නියෝජ්‍ය ඇමැතිවරුත් නෑ. ඒ බව අගමැතිවරයා එයාගේ කතාවෙන්ම පිළිගත්තනේ."

දිනේෂ් ගුණවර්ධන කියන්නට උත්සාහ කරන්නේ මෙම වැඩමුළුවට මන්ත්‍රීවරුන් සහභාගි නො වීම අගමැතිවරයාගේ වරදක් බවයි. ඒක හරියට ඉස්කෝලේ ගණන් මිස් උගන්නන්නේ නැත්තේ ප්‍රින්සිපල් මිස්ලාට බනින්නේ නැති නිසා ය කියනවා වැනි  කතාවකි. ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මන්ත්‍රීවරුන් යනු මෙවැනි වැඩසටහන්වලට කෙවිට භාවිතා කර දැක්කිය යුතු පිරිසක් බව නො වේ ද?

දිනේෂ් කරන්නේ උඩ බලාගෙන කෙළ ගැසීමක් නො වේ ද?

අවසානයේදී ඇත්තෙන් ම වරද තිබෙන්නේ මහජනතාව වන අප අත ය. කාලකන්නින්, නිකමුන්, යමක් උගත නො හැකි මුග්ධයන්, සියල්ල දන්නේ යයි සිතා සිටින අති පණ්ඩිතයන්, අලසයන්, මහජනයා නියෝජනය කිරීම යනු මැරවරකම් ය සිතනවුන්, සොරුන්, වංචාකාරයන්, පාර්ලිමේන්තුව යනු කැන්ටිමකැයි සිතාගෙන සිටිනවුන් පත් කර ඇරියේ වෙන කවුරු ද අප ම තමා ය. ඒ නිසා මහජනතාව තම තමන්ට ම තලා ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Dear Para, what I don't understand is you and few bloggers are talking such nice points about parliament and politics. All you people saying is true. And is there any chance to send all these articles to parliament or direct to their emails? If you can, it would be great. Even with all the comments.

    ReplyDelete
    Replies
    1. Don't worry. It has its effect although they appear they are not seeing them.

      Delete
  2. තෙවරප්පෙරුම ගියාද, නැතිනම් පාරේ වැඩ කරමින් සිටියාද?

    ReplyDelete
  3. //අවසානයේදී ඇත්තෙන් ම වරද තිබෙන්නේ මහජනතාව වන අප අත ය. කාලකන්නින්, නිකමුන්, යමක් උගත නො හැකි මුග්ධයන්, සියල්ල දන්නේ යයි සිතා සිටින අති පණ්ඩිතයන්, අලසයන්, මහජනයා නියෝජනය කිරීම යනු මැරවරකම් ය සිතනවුන්, සොරුන්, වංචාකාරයන්, පාර්ලිමේන්තුව යනු කැන්ටිමකැයි සිතාගෙන සිටිනවුන් පත් කර ඇරියේ වෙන කවුරු ද අප ම තමා ය//
    මෙයට හාත්පසින්ම වෙනස් , පතපොත කියවන, බ්ලොග් බලන , තමන් නියෝජනය කරන පළාතේ ගහක් ගලක් ගානේ දන්නා සමන්ත විද්‍යාරත්න වැනි මිනිසුන් පාර්ලි‌‌මේන්තුවට නොගියේ පක්ෂ පාට අතර බෙදී සිටින මිනිසුන්ට තමාගේ නියෝජිතයාගේ ඉගෙනීමෙන් වැඩක් නැති නිසාය...

    ReplyDelete
    Replies
    1. නෑ සමන්තට වෙලා තියෙන්නෙ වැරදි පක්ශයෙන් ඡන්දෙ ඉල්ලන එක. ඔහු එජාපය වැනි ප්‍රගතිශීලී පක්ශයකින් ඉල්ලුවනම් වඩා සාර්ථක අනාගතයක් හිමිවීමට ඉඩ තිබුණා. ජවිපෙ උපායමාර්ගය සකස්වී ඇත්තෙ මෙහෙමයි. පොදු සතුරා ලෙස මහින්ද දකින්නෙ මහින්ද විනාශ කර ගත්තොත් ඉන් පසු විනාශවන ශ්‍රීලනිපයෙන් හැලෙන ඡන්ද අහුලාගෙන 2020 දි ප්‍රධානම එජාප විරෝධී බලවේගය වීමයි. ජවිපෙ නායකයන්ගෙ වගේම සාමාජිකයන්ගෙ අභ්‍යන්තර ජීවිතත් පරස්පර විරෝධයන්ගෙන් පිරිලා. වංචනික බව, කුහක කම, වෛරය, විනාශකාරී බව, ද්‍රෝහිකම යන ගුණාංග එකතුවෙලයි ජේවීපී කාරයෙක් හැදෙන්නෙ.

      2005 දි මහින්දට උදව් කලේ අනාගනියි කියන පරම පවිත්‍ර කුහක චේතනාවෙන්. 1971 දි 1989 දි වගේම මේ යන විදිහට මේ පාරත් ජේවීපී එකට වරදිනව. දැන් ජේවීපී එක යූඇණ්පියෙ කොලොප්පන් සේනාංකය වෙලා නිසා.

      ලස්සනම වැඩේ යූඇණ්පී ඡන්ද ජවිපෙට යන්නෙ නෑ.පාවෙන ඡන්ද යම් ප්‍රමානයක් ජවිපෙට යනව. යූඇණ්පිය දුර්වල කලෙ ආණ්ඩු විරෝධී ඡන්ද ජවිපෙට වැටුන. බ්ලොග් ලියන යූඇන්පී අයත් ජවිපෙට දුන්න. දැන් ඒ මොනවත් නෑ.

      Delete
    2. 2014 පළාත් සභා චන්දෙදි සරත් ෆොන්සේකාටත් අඩුවෙන් චන්ද ගත්ත මහා ලොකු විමුක්තිකාමී මුණිවරු. ඔවුන්ගේ දේශප්‍රේමේ රෙද්ද පල්ලෙන් බේරෙනවා කතා කරනකොට නං. ඉරිසියාකාර , හීන මානෙන් පෙළෙන කුහක හැතිකරේ. උන්ගේ වටිනා මෙහෙවර තමයි අහිංසක කොල්ලො කෙල්ලොන්ගෙ මොළ හෝදල උන්ව නරකාදියට තල්ලු කරන එක.විප්ලව කොරන්න ගිහිං කෙරුවෙත් ඒකමයි. අහිංසක එවුංගෙ ඔළු කුරුවල් කරලා උන් ටික බිලි දුන්න. කැම්පස් ගියොත් ඉගෙනගන්න දෙන්නෙ නෑ.උන්ට හීන මානේ බෝ කරල අලුතෙන් එන එවුන්ට දස වධ දෙනවා. ඉල්ලීම් දුන්නත් නුදුන්නත් වැඩ වර්ජන කරලා මිනිස්සු අපහසුතාවයට පත් කරනවා.

      Delete
    3. දෙවැනි අනෝට.. ප්‍රසිද්ධ ඇනෝ කෙනෙක් බව පෙනෙනවා.. මේ ඇනෝ මාතලන් ගේ සහ පැරාගේ ඒවාට තමන්ගේ නමින් ටිකක් සැර අඩු කොමෙන්ට් එකකුත් ඇනෝ ලෙස මෙවැනි තමාගේ සුපුරුදු ගතිය පෙන්වමින් එකකුත් ලියනවා අපි දැක්කා... මේ ඇනෝ ගැන බ්ලොග් අවකාශයේ හැමෝම දන්නවා මිනිහ ඇරෙන්න..

      Delete
  4. //අවසානයේදී ඇත්තෙන් ම වරද තිබෙන්නේ මහජනතාව වන අප අත ය. //

    ලංකාවෙ ජනයාගෙන් බහුතරයක්ද නිකමුන්, මුඝ්හ්දයින් හා කාලකන්නින් වෙති... පොලිස් කාලකන්නි, විනිසුරු කාලකන්නි, ගුරු කාලකන්නි, දොස්තර කාලකන්නි, රියදුරු කාලකන්නි බහුල රටක්q දේශපාලන කාලකන්නි බහුතරයක් පාර්ලිමේන්තු යෑම කිසිලෙසකින්වත් පුදුමයට කරුනක් නොවේ....

    රසික වැනි වෘතීකයින් මේ දූපත හැරපියා සමෘධිමත් රාජ්‍ය කරා යෑමට මෙයද එක් හ්විතුආකි

    ReplyDelete
    Replies
    1. yamu yamu jaya boomi kara _National Anthem

      Delete
    2. //රසික වැනි වෘතීකයින් මේ දූපත හැරපියා සමෘධිමත් රාජ්‍ය කරා යෑමට මෙයද එක් හ්විතුආකි//

      ලබ්බ තමයි යන්න පුළුවන් හැම එකාම යන්නේ සල්ලි පස්සේ ඩොලරයයි රුපියලයි අගය එක සමාන සමානනම් ඔය යන සෙට්කෙන් 1% යයිද රට අතහැර පදිංචියට යයිද max ?

      Delete
  5. හාන්න දාන්න ඕන එවුන් පාර්ලිමේන්තු යැව්වාම ඔහොම තමයි ආයුබෝවන්ඩ..

    ReplyDelete
  6. මේවා පුද්ගලයකු උපතින්ම ගෙන ආ යුතු යහපත් ලක්ෂණයන්ය. ඒවා පිහිටා නැති අමන පුඟුලන් පාර්ලිමේන්තුවට යැවීම ඊළඟ පරම්පරාව විසින්වත් නවතනු ඇතැයි හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. දැන් දැන් ජනතාව ටිකක් කල්පනාකාරී වන බවක් පේනවා. සාමාන්‍යයෙන් මිනිසුන් පක්ශ නායකයින්ට ආසක්ත වන අතර නායකයාට සමීපතම අය පාර්ට්ලිමේන්තුවට තේරෙනවා. මරා වගේම සිරිසේන සහ රනිලුත් තෝර ගන්නේම බහුතරයක් විචාර බුද්ධියක් නැති මොට්ටපාලලා සෙට් එකක්. හර්ශලා එරාන්ලා වගේ ඇමතිවරු මෙන්ම නවක තරුණ මන්ත්‍රීවරුන්ට මේක හොඳ අවස්ථාවක් වුණත් මේක මග ඇරපු එක ඔවුන්ගේ නොසැලකිලිමත්කමක්. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිට සියලුම මට්ටමේ දෙශපාලකයන් සාතිශය බහුතරයක් දේශපාලන විද්‍යාව නොදන්නා අවස්ථාවාදී කපටින් ටිකක්.

      Delete
  7. එයා පුරුදු වෙල උන්නේ මහින්දගේ ක්‍රමයට නේ. මහින්ද තිබ්බා නම් ඔක්කෝටම එන්න වෙනවා. ඒත් දැන් තියෙන්නේ එහම ක්‍රමයක් නෙමෙයි නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. කැමති එකෙක් එයි. අකමැති එකා එන්නේ නෑ.

    ඕවා ඇත්තටම කාළේ කන වැඩ. කෙලින්ම ප්‍රායෝගිකව කලාම ඉවරයි. තාමත් කරන්නේ සම්ප්‍රදායික වැඩ.

    ReplyDelete
  8. ඕකට ආවහම අර රුපියල් 20,000/-යි පිං බත්එකයිදෙනවද ? .

    ReplyDelete
  9. පර්ලිමේන් තුවට යන්නේ ජනතාවට සේවය කොරන්න කීවට නියම අවශ්‍යතාවය තමාටම සේවය කොරගුනීමයි. ඒකයි ඔව්න් ඕවාට නොඑන්නේ. අද රජයේ සේවයේ අකාර්ක්‍ෂමතවය නැතිකරන්න යහපාලන ආන්ඩුව කොරන මගුලක් නෑ. රස පරීක්‍ෂක ලඟ , නීතිපති ලඟ වාර්තා නැතුව අවුරුදු ගනන් මිනිස්සු පල්වෙනවා. මේවාට විසදුම් හොයන්රනිල්ටත් ඕන නැත

    ReplyDelete
  10. රනිල් අර ඉන්දියාවෙ කෝවිල් ගිහින් බාරහාර ගොඩක් පුද පූජා හෙම කරා නේද? මෙහෙ පන්සල් පල්ලි යන් එවුන්ට පට්ට ගෝත්‍රික ගොබ්බයො කිය කිය අපහාස කරකර ඉන්දියාවෙ කෝවිල් අස්සෙ රිංගනව. බලනකොට රනිල් අර පොල් හොරකම් කරපු එවුන්ට වඩා අන්තයි මහජන මුදල් කෝටි ගනන් වියදම් කරලනෙ ඉන්දියාවෙ පොල් ගහන්න යන්නෙ. මරා කල්ලියෙ ගොඩේ ටයිප් හොර හැත්තටම කැපෙන ටොයියො කියාගන්න ටයිකෝට් අඳින වෙන්ඩ පොශ් බයියො (නම විතරක් වෙනස්) සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. Hon. Prime Minister Ranil Wickramasinghe has offered special prayers at famous Guruvayur Hindu Temple & also likely to offer prayers at the Mamiyoor Sacred Temple of God Krishna. Wickramasinghe had visited the temple in April last year (2015) as well, along with his wife and had offered Thulabharam, an offering where a devotee is weighed against offerings with sandal wood, a very expensive and precious Pooja to be offered to God Krishna.

      Sources:

      http://www.tamilcnn.ca/ranil-offered-special-prayers-at-guruvayur.html

      http://www.siasat.com/news/sri-lanka-pm-offer-prayers-guruvayur-sreekrishna-temple-kerala-915931/

      Delete
  11. ගිය අයගේ නාම ලේඛනයක් නැතිද?අර උඩින් රසිකත් කියලා තියෙන තෙවරප්පෙරුම ඇතුළු ගොඩක් දෙනා දන්නේ නැහැ තමන් පාර්ලිමේන්තුව තුල ඉටු කල යුතු කාර්යභාරය කුමක්ද කියලා.මේ අයට මුලින්ම කියලා දෙන්න ඕනේ පාර්ලිමෙන්තුව තියෙන්නේ මොකක් කරන්නද කියන එක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා