යුද ජයග්‍රහණය, සොරකම් හා මහින්ද

යෝෂිත මාරසිංහ ගැන රෝහිත මාරසිංහගේ ෆේස්බුක් එකෙන් 
මහින්දගේ මද්දුම පුතාට එල්ල වී තිබෙන්නේ සොරකම් චෝදනාවකි. වඩා ශිෂ්ට වචනවලින් කියන්නේ නම් මුදල් විශුද්ධිකරණ චෝදනාවකි. 

සොරකම් චෝදනාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම වැරදි සහගත බව රාජපක්ෂ පවුලේ  විවිධ පුද්ගලයෝ පවසති. හේතුව ලෙස දක්වන්නේ ඔහු වනාහි ජනාධිපති විසින් රට වෙනුවෙන් හමුදාවට දුන් පුතා බව හා යුද්ධය දිනූ ජනාධිපතිවරයාගේ සිත නො රිදවිය යුතු බවයි. 

යෝෂිත රාජපක්ෂ කළ යුද්ධයක් නැත. ඔහු නාවික හමුදා නිලධාරියකු ලෙස බැඳෙන්නේත්, සුවිශේෂ පුහුණුවීම් ලබන්නේත් ජනාධිපති බලතල අයුතු ලෙස පරිහරණය කරමිනි. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ වගකිව යුතු ය. 

අනෙක් පැත්තෙන් තාත්තා යුද්ධය දිනුවා ය කියා පුතාට සොරකම් ඇතුළු නීති විරෝධී ක්‍රියාවල යෙදෙන්නට හා ඒවා සම්බන්ධයෙන් නඩු නොමැතිව ඉන්නට දිය යුතු යයි තර්ක කිරීම නම් ඇත්තෙන් ම මාර ම තත්වයකි. 

මහින්ද යුද්ධය අවසන් කළේ ය. එසේ කළේ දෙමළ ජීවිත රැසක් විනාශ කරමිනි. යටත් වූ හා භාර වූ කැරැලිකරුවන්, කොටි සංවිධානය විසින් බලෙන් යුද්ධයට යොමු කළ පිරිස් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කරන ලදී. 

එහෙත්, එය වනාහි කුරිරු යුද්ධයකි. විරුද්ධ පාර්ශ්වය ද සමාන කෘෘරත්වයකින් කටයුතු කළ, අතරමග සමාදානයකට දෙපාර්ශ්වය ම අකැමැති වූ යුද්ධයකි.එහෙයින් එයට රජය මෙන් ම කොටි සංවිධානයත් එක ලෙස වගකිව යුතු ය. 

එසේම, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට ගියේ හිතුවක්කාරකමට නො වේ. යුද්ධ කරන්නැයි සිංහල ජාතිවාදී සංවිධාන මෙන් ම, දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කැඩී සිටින පිරිස ද ඇතුළුව ජවිපෙ ද දැඩි බලපෑමක් කළේ ය. 

ඒ හා සමාන ම බලපෑමක් කොටි සංවිධානයට ද දේශීය හා විදේශීය දෙමළ මධ්‍යම පංතියෙන් ද, ඇතැම් වාමාංශිකයන්ගෙන් ද තිබිණි. 

යුද්ධයේ ජය පරාජය මේ සියලු දෙනා විසින් බෙදා ගත යුතු ය. 

මහින්ද යුද්ධ කළේ ආරක්ෂක හමුදා සමගයි. යුද්ධයට සෙබලු සැපයුවේ මේ රටේ ජනතාවයි. යුද ජයග්‍රහණය මහින්දට තනිව භුක්ති විඳින්නට අයිතියක් නැත. 

එසේම, යුද අපරාධ සිදු වුණේ ද මේ පිරිස්වල ආශිර්වාදයෙනි. එහෙයින් යුද අපරාධ පිළිබඳ වගකීම ද මහින්දට පමණක් පවරන්නට බැරි ය. 

මහින්ද යුද ජයග්‍රහණයේ වගකීම තනියෙන් භාර ගන්නට හදනවා නම් යුද අපරාධ සම්බන්ධ වගකීම ද තනිව භාර ගත යුතු ය. 

හැබැයි මේ එකක්වත් හොරකම්වලට අදාළ නැත. යුද්ධය ජය ගත්තා ය කියා හිතු මනාපෙට හොරකම් කරන්නට නිදහස් බලපත්‍රයක් මේ රටේ ජනතාව මහින්දට නිකුත් කළේ නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. විශුද්ධිකරණය කියන්නේ "මනි ලොන්ඩරින්" කියන එක නේද..?

    ඒ කියන්නේ කළු සල්ලි සුදු කරන එක...

    ReplyDelete
  2. කුඩුකාරයෙක්, හොරෙක්, කසිප්පු කාරයෙක් උනත් තමන්ගෙ දරුවා පුලුවන් තරම් හොඳින් හදන්නයි බලන්නෙ. තමන් කරන හොර මැර සමාජ විරෝධී වැඩ තමන්ගේ දරුවාට කරන්න ඉඩ තියන්නේ නැහැ.

    යෝෂිත, නිශාන්තලාගේ වැරදි මොනවාදැයි පොලිසිය නිල වශයෙන් කියයි
    http://lankaenews.com/news/3439/si

    ReplyDelete
  3. පුතා වෙනුවට තමාව කූඩුවට දාන්නැයි මහින්ද ඉල්ලයි. ඇයි ඒ? ඒ කියන්නේ මහින්ද හිතනවා, පුතා අතින් හෝ තමන් අතින්, කූඩුවේ දැමීමට තරම් වැරැද්දක්/වැරදි සිදුවී තිබෙන බව

    ReplyDelete
    Replies
    1. He knows he is next in line. So he is making big statements to win the gallery.

      Delete
  4. මගේ හොරකමකට මගේ පුතාව රිමාන්ඩ් කළොත් මාත් අඬනවා.
    පුතා කළ හොරකමකට ඌව රිමාන්ඩ් කළොත් මං අඬන්නේ නෑ.

    ReplyDelete
  5. දරුවෝ හොර වැඩ වලට සම්බන්ධ වෙනකොට කනට ගහල හදා නොගත්තට ඔබ තුමාට වගේම නෝනටත් හොදම වැඩේ. මේවා හිටන් තුමලටත් හොද පාඩම් ඉදිරියට ඉගෙන ගන්න. තමුන්ගේ බලය අතට අරගෙන දරුවෝ වැරදි කරනවා නම් කන පැලෙන්න ගහල හදන්නේ නැතුව ඒවාට ඉඩ හැරලා පස්සේ අඩනවා දකින අපිටත් පවු, ඔබ තුමාලටත් පවු.

    හැබැයි ඉතින් ඕක වැඩිය ලොකු චෝදන්වක් නොවෙයි.
    තදුදීන් මරපු එකට අතුල දැම්ම නම් ලොකු එකකයි මද්දුම එකයි දෙන්නම ඇතුලේ. රස්සාවල් දෙනවා කියල කරපු කරපු ස්ත්‍රී දුෂණ වලට ඇතුලට දැම්ම නම් කොල්ලෝ 3 දෙනාම ඇතුලේ. ගිණුම් වංචා වලට රජයේ දේපල වලට පාසල් වලට ලමයි තුලත් කිරීමේදී කල අනිසි බලපෑම් ඇතුළු වංචාවලට ඇතුලට දැම්මනම් නෝනත් ඇතුලේ. දිවිනගුම්වෙන් කරපු හොරකම් වලට ඇතුලට දැම්ම නම් බැරිසිලා ත් ඇතුලේ. එක්නැලිගොඩ ලා ලසන්තල, ගම්පහදී මරපු කැම්පස් කොල්ලෝ, ඇන්තනීලා, රෝශේන්ලා, රතුපස්වල මනුස්සයෝ ඇතුළු මහා විශාල ගණනක් ඝාතන කරපු යුධ අවි වලින් පවා ගසාකාපු අයව ඇතුලට දැම්ම නම් ඝෝටබයත් ඇතුලේ.
    නීති විරෝධී විදියට රජයේ දේපල භාවිතාව, කතගම පින් කැටේ ගිලීම ගැන විමර්ශන කරලා ඇතුලට දැම්ම නම් ශාශීද්රත් ඇතුලේ.
    ඔක්කොම හරියට හොයල අතුලට දාල නඩු අහනවනම් මහත්තයෝ රජකපක්ෂලා ඔක්කොම අවුරුදු 300ක් වත් හිරේ ඉන්න වැරදි කරලා තියෙනවා.
    ඔය තරම් වත් කාලයක් ඔහොම නිදහසේ ඉන්න ලැබුනේ යහපාලානේ ඉන්න එවුන් ඔබ තුමා වගේ නුගත් මිනීමරුවෝ නොවෙන ඉවසීමක් තියෙන මිනිස්සු නිසා.

    ReplyDelete
    Replies
    1. ඩුබායි වල තියනවා කියන එකවුන්ට් වල තොරතුරු ඉල්ලන්න හදිසිවෙන්න ඉස්සරින් මේ පියවර ගන්නයි තිබ්බේ.

      Delete
    2. මට නම් හිතෙන්නේ මේක දැන්වත් හැදෙනවා නම් හැදෙන්න දීපු පොඩි අනතුරු ඇගවීමක් විතරයි. මේ තියෙන කේස් වලින් පොඩිම පොඩි කේස් එකකට නේ අල්ලලා තියෙන්නේ. තජුඩීන්ගේ කේස් එකට ඇතුලට දැම්ම නම් ලේසියෙන් බේරෙන්න බැහැ. මේකටත් ඇප දේවි කලින් බැසිල්ට දුන්න වගේ. හැබැයි මේ නොකිය කියන්නේ එත් ගේමටම එනවා නම් කට්ටියම පෝලිම් ගැහිලා ඉන්න කියල වගේ.

      Delete
  6. මට හිතාගන්න බැරි ඇයි මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ මේ හොරකම් කරලා තියෙන්න තමන්ගේම සල්ලි කියලා. Isn't this public money. මේ වගේ මීහරක් රැලක් පාලනය කරන්න ලැබුනේ MRගේ වාසනාවට වෙන්න ඇති.

    ReplyDelete
  7. මගේ හොරකමකට මගේ පුතාව රිමාන්ඩ් කළොත් මාත් අඬනවා.
    පුතා කළ හොරකමකට ඌව රිමාන්ඩ් කළොත් මං අඬන්නේ නෑ.

    Well said...!!!

    ReplyDelete
  8. ඔබ උපුටා දක්වා ඇති facebook කමෙන්ටුව ජනාධිපති රාජපක්ෂයන්ගේ කණිෂ්ඨ පුත් චී චී ගේය. රෝහිත මාරසිංහ කෙනෙකුගේ නොවේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔහු මාර සිංහයෙක්නේ. ඔහුගේ අයියාත් මාර සිංහයෙකි.

      Delete
  9. යෝශිත අත් අඩංගුවට ගැනීම ප්‍රවෘත්තියක්ද ? කතාවක්ද ? ඛේදවාචකයක්ද ?. මාධ්‍ය මේතරම් බලුවී ඇත්තේ දුන්න ලැප්ටොප් වල software තවම obsolete වෙලා නැතිනිසාද ?

    ReplyDelete
  10. Saamanya janthaawa athara sitina boho horu da mahinda yuddeta thallu kala aya wethi. ae nisaa owho da naduwalin nidahas weimata illay da ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා