ආදි ශිෂ්‍ය ත්‍රස්තවාදයෙන් අධ්‍යාපනය මුදා ගැනීම

නවතම ගොන් පාට් රැල්ල - බැක් ටු ස්කූල් 
ප්‍රධාන පෙළේ පාසල් හඳුන්වා දීම සඳහා පසුගිය දිනවල පිලිප් ශාන්ත සහෝදරයා අපූරු යෙදුමක් භාවිතා කළේ ය. ඒ මුදා නොගත් ප්‍රදේශ වර්ගයක් ලෙසයි.

ප්‍රධාන පාසල් යනු තවමත් දූෂණයෙන් මුදා නො ගත්, රජයේ පාලනයට යටත් නැති, නීතියේ පාලනයක් නැති කලාපයකි. එහි රජයන ත්‍රස්තවාදය යනු ආදි ශිෂ්‍ය, ශිෂ්‍යා ත්‍රස්තවාදයයි. විදුහල්පතිවරු යනු ආණ්ඩුවෙන් පඩි කන, ආදි ශිෂ්‍යයන් අතින් නැටවෙන අන්තර්කාලීන ආණ්ඩුවක් වැනි ව්‍යූහයකි. 

පාසල්වාදය යනු ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වැනි ම වූ තවත් ගෝත්‍රවාදී ස්වෝත්තමවාදයක් බව ද, එය ද, ඉහත කී වාදයන් වැනි ම සාහසික, දූෂිත එකක් බව ද නැවතත් කිව යුතු ය. 

කරුණාකර මං අහවල් ඉස්කෝලෙ යයි කියමින් උජාරුවෙන් දොඩන ප්‍රගතිශීලී මහත්තුරු, නෝනලා මේ ගැන ගැඹුරින් සිතන්න. මෙය හෙළා දැකිය යුතු ස්වෝත්තමවාදයකි. 

මේ පාසල් ගෝත්‍රවාදයේ දිගුවක් ලෙස ආදි ශිෂ්‍ය සංගම් විසින් පාසල් මත අනවශ්‍ය ආධිපත්‍යයක් පවත්වාගෙන යනු ලැබේ. 1 ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේදී ආදි ශිෂ්‍ය සංගම්වලට 25%ක කෝටාවක් ලබා දීම ආදි ශිෂ්‍ය සංගම් ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමට හේතු වේ. මෙය වහා අහෝසි කළ යුතු අසාධාරණ තත්වයකි. 

ආදි ශිෂ්‍යයන් පාසල්වලට ආදරය කරනවා නම් තමන්ට කැමති පරිත්‍යාගයක්, උදව්වක් කරන්නට සංගමය යොදා ගත්තාට කමක් නැත. එහෙත්, මේ වන විට ආදි ශිෂ්‍ය සංගම් පාසල් තුළ වෙන ම රාජ්‍යයක් පවත්වාගෙන යති. ඔවුන් රජයේ චක්‍රලේඛවලට පිටින් වෙන ම පෞද්ගලික අධ්‍යාපන ව්‍යාපාරයක් පවත්වාගෙන යති. නිදහසේ දරුවන්ගෙන් මුදල් ගසා කති. ඒවායින් සෑහෙන පාසල්ප්‍රේමීහු පිරිසක් නඩත්තු වෙති. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පණ කඩාගෙන පෙළපාලි යන සංවිධානවල නායකයෝ ද තමන්ගේ දරුවන් වෙනුවෙන් මීක් නො කියා ආදි ශිෂ්‍ය සංගම් ත්‍රස්තවාදයට කප්පම් ගෙවති. 

ප්‍රධාන පාසල්වල විදුහල්පතිවරුන් වනාහි ආදි ශිෂ්‍ය සංගම් විසින් කපනු ලබන ළිංවලින් නාන පිරිසකි. ඔවුන් ආයතනික රෙගුලාසි, මුල්‍ය රෙගුලාසි ආදියට පිටින් ක්‍රියාත්මක වන අර වෙන ම රාජ්‍යයේ රජවරු ය. එහි නීති නැත. ඇත්තේ ආදි ශිෂ්‍ය බලය පමණි. 

නිදසුනක් ලෙස රාජකීය නම් වන පාසලේ විදුහල්පතිවරයා ආදි ශිෂ්‍ය සංගම් හරහා දේශපාලන බලය පාවිච්චි කරමින් දූෂණ රැසක යෙදුණු අයෙකි. අතට අසු වූ සොරකම වනාහි සුළු පටු එකක් නො වේ. අනවසරයෙන් පංතියක් පවත්වාගෙන යාම යනු අඩු තරමේ ළමයින් 45ක්වත් අත යට ගනුදෙනු ඔස්සේ පාසලට ගැනීමයි. එක් සිසුවකුගෙන් රු. ලක්ෂයක් පගාව ගත්තා යයි සිතන්න. 

එපමණක් නොව, මෙම පුද්ගලයා ශිෂ්‍යත්වය සමත් දරුවන් විශාල පිරිසකගේ මානව හිමිකම් උල්ලංඝනය කළ අයෙකි. ඔහුගේ ක්‍රියාව නිසා සෑම මට්ටමකදී ම ශිෂ්‍යත්වය සමත් දරුවන්ට තමන් අභිමත පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වෙයි. 

මොහු යනු සරළ මාරුවක් කළ යුතු පුද්ගලයකු නො ව, වැඩ තහනම් කර, අල්ලස් හා දූෂණ විමර්ශනවලට ද මානව හිමිකම් චෝදනාවලට ද ලක් කළ යුතු අයෙකි. ඉතා පැහැදිලිව ම හිරේ යන්නට හේතු ඇත්තෙකි. 

ප්‍රධාන පාසල් රැසක විදුහල්පති, පතිනියන් රැසකගේ තත්වය මෙසේ ය. 

මෙතෙක් කල් දේශපාලන අධිකාරීන් කළේ මොවුන්ගේ දූෂණ විමර්ශන යට ගසා, ඔවුන් ගසා කන දෙයින් තමන්ගේ කොටස ලෙස තමන්ට අවශ්‍ය ළමයින් පාසලට දමා ගැනීමයි. 

අධ්‍යාපන ඇමති අකිල විරාජ් මේ මුදා නො ගත් කලාපවලට ෂෙල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. දැන් ආදි ශිෂ්‍ය හා විදුහල්පති ත්‍රස්තවාදියෝ අනෙක් පැත්තට ෂෙල් වෙඩි වරුසාවක් එල්ල කරන්නට සැරසී සිටිති. 

මුදා නොගත් පාසල් යළි රජයේ පාලනය යටතට ගන්නට නම් විදුහල්පතිවරුන් කීපදෙනෙකුට අධ්‍යාපන මුල්ලිවයික්කාල් හෙවත් සිරගෙදර රැකවරණය ලබා දිය යුතු ය.

අධ්‍යාපන ඇමතිවරයා අත ගසා ඇත්තේ එසේ මෙසේ යුද්ධයකට නො වේ. අගමැති, ජනාධිපති වැනි අය පවා විදුහල්පති මාරුවලට අත පෙවීමට තරම් ආදි ශිෂ්‍ය ත්‍රස්තවාදය බලවත් ය. 

මේ අරගලය අබියසදී පීඩිතයන් නො සැලී සිටිය යුතු ය. 

අනෙක් කාරණය වෙනත් බොහෝ කාරණාවලදී පට්ට විප්ලවවාදීන් වන අයට පාසල්වාදය ළඟදී කෙතරම් දුරට ස්වෝත්තමවාදයෙන් මිදිය හැකි ද යන්න පරීක්ෂා කිරීමටත් මෙය කදිම අවස්ථාවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා ලංකාවෙ ළමයෙකුට අනිවර්යයෙන්ම පසල් යන්න ඔන කියල නීතියක් තියෙනවද? පාසලකට නොයවා පුද්ගලිකව( නිවසෙ ) උගන්නනන්න දෙමවුපියන්ට පුලුවන්ද? එහෙම ඉගෙන ගෙන රජයේ විභාග (O/L A/L) කරල විශ්ව විද්‍යාලවලට අතුල් වෙන්න පුලුවන් කමක් තියෙනවද? (පුද්ගලික පාසලක ඉගෙනගෙන ගෙන හරි )
    මම මේක අහන්නෙ කවද හරි ළමයෙක් හැදුවොත් උව ඉස්කොලේ නොයව ඉන්න පුලුවන්ද බලන්න. මටනම් මේ ඉස්කොල මහ විකාරයක් වෙලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පවතින නීතිය අනුව වයස අවුරුදු 14ක් වන තෙක් දරුවන් අනිවාර්යයෙන් ම පාසල් යා යුතු ය. නො යවන්නේ නම් දෙමව්පියන්ට නඩු පැවරිය හැකි ය.

      Delete
  2. //අනෙක් කාරණය වෙනත් බොහෝ කාරණාවලදී පට්ට විප්ලවවාදීන් වන අයට පාසල්වාදය ළඟදී කෙතරම් දුරට ස්වෝත්තමවාදයෙන් මිදිය හැකි ද යන්න පරීක්ෂා කිරීමටත් මෙය කදිම අවස්ථාවකි//

    එකට කෑවත් බොක්ක වෙනස් බොක්කන් සෙවීම නොහොත් පැරා ගේ රහස් පරීක්ශන!

    ReplyDelete
    Replies
    1. නැහැ. මං කියන්නේ අපි එක ස්වෝත්තමවාදයකට විරුද්ධ වෙමින් වෙන එකක් වැළඳ ගන්න එක වැරදියි. සියලු ස්වෝත්තමවාදයන් එක මිටින් පිළිකෙව් කළ යුතුයි.

      Delete
  3. අකිල කොරන්නේ අවංක දෙයක් නම් අපේ සහාය නිතැතින්ම ඔහුට හිමිය. එහෙත් ඒ වෙනුවට ඔහුගේ සෙට් එකක් බස්සන්නේ නම් මෙය විකාරයක්ම බව නොකිවමනාය. පැරාගේ ළිපියේ ඇති සියළු කරුණු හා 100% එකඟයි.

    ලක්ෂෙ නෙමෙයි පැරා... වන් මිලියන්... කොහොමද එක අවුරුද්දක් ඉන්කම් එක...

    ReplyDelete
    Replies
    1. අප ට පෙන්නේ නම් අකිලට පාලනය කරන්න පුලුවන් සෙට් එකක් බස්ස ගන්න තමයි වගේ ඒවගේම 5 වසරේ කඩඉනිමටත් වේනසක් කරන්නත් එක්ක මුට්ටිය දාල බලන්න හදනවා ද ? කියලත් සැකයි

      තව දශකයින් පසුව නගරබද / ගම්බද පාසල් අතර තරඟ නොවයි ඇතිවෙන්නේ රජයේ සහ පුර්ණ පුද්ගලික ජාත්යතර පාසල් අතර තරඟයක් ඉගැන් වීමේ මාධ්‍ය ඉංග්‍රීසි පෙරටුකරගෙන
      බොහෝ පුද්ගලික ආයතනවල රැකියාවන්ට ඉල්ලුම වන්නේ මනා ලෙස ඉංග්‍රීරිසිබස හසුරවන හැකි පරපුරක බැවින් ද මේ කාලය වනවිට පුද්ගලික ජාත්යතර පාසල්වල මුලින් ඉගෙනගත් සිසුන් විධායක ශ්‍රේනි තනතරු වලට පත්වී ඇත්නම් ඔවුනුත් ඔවුන්ගේ ආදී ශිෂ්‍ය සමාජය ගොඩනගා ගනිමින්, එවන් අවස්ථා මගින් වැඩි රැකියා වාසියක් ලබා ගිනිනම් අනිවාර්යෙන් මේ දෙවර්ගය අතර තරඟයක් ඇතිවෙවී.
      එබැවින් මේ නගරබද පාසල් වල තිබෙන ආදී ශිෂ්‍ය වියාපාරය පාසලේ මතු දියුණුවටත් දැනට එහි ඉගෙනුම ලබන සිසුවන්ගේ මතු දියුණුවටත් එලදායි වන බවයි අපගේ හැඟීම බෝහෝ ආදී සිසුන් තම න්ගේ දරුවන් තම පාසලටම ඇතුලත් කරගන්න බලන්නේ තමන්ගේ දරුවනගේ මේ රැකියා ලබා ගැනීමේ මතු දියුණුව පතාගනමයි
      මෙතැනදී මුදල් දී තම දරුවන් එම පාසල්වලට ඇතුලත් කරන්න බලන්නේ එම ආදී සිසුවන් නොවෙයි

      Delete
    2. මට තියෙන ප්‍රශ්ණය නම් මේ හැම දේටම කට පුක වහගෙන ඉන්න උන්, මෙඩිකල් ෆැකල්ටියක් පුද්ගලික අංශෙන් පටන් ගත්තම් නැට්ට එකක් ගොම නාගන්නේ මොකෑ කියන එකයි...

      Delete
    3. ඇත්තටම මේ මෙඩිකල් ෆැකල්ටියක් පුද්ගලික අංශෙන් පටන් ගන්න එකට විරුද්දව කතා කරන අයගේ පසු බිම කෙසේද? ඔවුනට තම දරුවකු පිටරට යවා ඉගැන්වීමට අවශ්‍ය තරම් ආර්ථික පහසුකම් තිබේද /නැතිද /
      එසේ නැතිනම් ??????> ලංකාවේ රජයේ මෙඩිකල් ෆැකල්ටියක්ට යන්න අවම සුදුසු කම මොකක්ද අවම සුදුසු කම් වලින් ඉහල නමුත් සිමිත ඉඩකඩ නිසා යාමට නොහැකි අයට මොනවද කරන්න කියන්නේ< දිවිනසාගනින් කිලා කියන්නද එකෙක් දෙන්න්නක් නම් පමණක්ද මේ අතර ඉන්නේ ?

      Delete
  4. ඔය කියන තරම් ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. එවන් පාසැලකට නොයෑමේ පශ්චත්වාපයෙන් කුහකකමින් රචිත තවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. ගැහැනු පුරුෂෝත්තමවාදයට එරෙහි වෙන්නෙ පිරිමි වෙන්න බැරි නිසා කුහකකමට ද?
      සුළු ජාතීන් ජාතිවාදයට එරෙහි වෙන්නේ මහ ජාතිය වෙන්න බැරි වීම නිසා කුහකකමට ද?

      Delete
    2. ගැහැණු පිරිමි වෙන්න බැරි නිසා නෙවෙයි. ගැහැණුන්ට නැති වරප්‍ර‍සාද පිරිමින්ට තියෙනවයි කියන පදනම උඩ. සුළු ජාතීනුත් එහෙමයි. ඔවුන්ට නැති වරප්‍ර‍සාද මහ ජාතියට තියෙනවයි කියන මතය උඩ.

      Delete
    3. ඔබතුමා එවන් පාසැලක ඇතුලේ ඉන්න කෙනෙක් නම් කථාව සාධාරණයි. ලිදේ ඉන්න ගෙම්බෙක් ලෝකය ගැන කරපු ප්‍රකශයක්...හරිදේ නොසයා කුහක ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැලකීමත් සමාජයට කරන සේවයක්

      Delete
    4. ඔබතුමා එවන් පාසැලක ඇතුලේ ඉන්න කෙනෙක් නම් කථාව සාධාරණයි. ලිදේ ඉන්න ගෙම්බෙක් ලෝකය ගැන කරපු ප්‍රකශයක්...හරිදේ නොසයා කුහක ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැලකීමත් සමාජයට කරන සේවයක්

      Delete
    5. මම එහෙම ලොකු පාසැලක කෙනෙක්.. අපේ පාසලින් කුඩ්ඩො ගංජකාරයො නමගිය පාතාල ලොක්කො බිහිවුනා..නමුත් ඉස්සරහට පෙන්වන්නෙ බිහිවුන හොද උන් ටික විතරයි.. ආදි සිස්‍ය සංගම කියන ඒවා තියෙන්නෙ සෙට් වෙලා විනෝද වෙන්න...ඊට අමතරව අනික් ඉස්කෝල වලට වඩා අපේ ලබ්බ උසස්ය කියලා ලෝකෙට පෙන්වන්නත් ආදිශිෂශ්‍ය සංගම් හොදට යොදාගන්නවා.. මම කිසිම තැනක මගේ පාසල ලොකුයි කියල හිතන්ෙන..නෑ..තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයක් නම් හැම නොඩ් එකම එක වගේ වෙන්න ඕනි.. එකම සහතිකේ ගන්න තැන අනුව වටිනකම වෙනස් වෙන එක පට්ට විහිලුවක්..

      Delete
    6. මෙහෙමයි මචන් උගන්නනේ ‍දේ එක උනාට පාසලක් කියන්නෙ ඉගෙන ගත්ත දෙයින්ම ළමයි මනින තැනක් නෙමේ. මොකද ළමයෙකුට උගන්නන් ටියුශන් කඩ කෑල්ලකිනුත් පුලුවන් නිසා. පාසලකින් ළමයෙක්ව මිනිහෙක් කරන්න පුලුවන් වෙන්න ඕනි. හුගක්ම රජයේ පාසල් වල ඒවා වෙන්නෙ නෑ.

      Delete
    7. amila chathuranga mahattayo mokai oya giya oya kiyana loku iskole

      Delete
    8. very true,,this bugger is jealous because he didnt get a chance to enter a good school

      Delete
  5. "අනෙක් කාරණය වෙනත් බොහෝ කාරණාවලදී පට්ට විප්ලවවාදීන් වන අයට පාසල්වාදය ළඟදී කෙතරම් දුරට ස්වෝත්තමවාදයෙන් මිදිය හැකි ද යන්න පරීක්ෂා කිරීමටත් මෙය කදිම අවස්ථාවකි."

    දැන් පේනව නේද "පට්ට විප්ලවවාදීන්ගේ" සැබෑ තත්වය. අනුන්ගෙ වැරදි හොයනකොට නම් හැමෝම ඉස්සො වගේ. කම්මලේ ආචාරියො වගේ.

    මේ බ්ලොග් එකට කෙලවෙන්න ගියොත් ඔයාට කරන වෙන්නෙත් ඕකම නෙමේද පැරා ?

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන්නෙ මෙන්න මේ වගේ කතාවලට.

      Delete
  6. ඔය මුදා නොගත් ප්‍රදේශවල වෙනම රාජ්‍ය පිහිටුවාගෙන ඉන්න ආදි ශිෂ්‍යයන්ට ස්වයංනීර්ණ අයිතිය නෑ කියලද පැරා කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. මෙතන ගොන් ජෝක් නොදා කුස්සියට ගිහින් වයිෆ්ට උණු තේ එකක් හදලා දෙනවා...

      Delete
    2. ඔබේ නිවසේ ලිපිනය දන්වන්න. කිරි තේ එකක් ම සාදා දෙන්නම්.
      ;-)

      Delete
    3. රසිකගේ කතා රසවත් උනාට කොමෙන්ට්ස් නම් ගූ හැත්තෑවයි. "කොහෙද යන්නේ පොල්ලේ මල්."

      Delete
    4. @ ඇනෝ-

      "කොහෙද යන්නේ පොල්ලේ මල්" කතාව තමයි ඔය වයිෆ්ට තේ හදන්න කියා (ඔබ හෝ වෙනත්) ඇනෝවෙකු කියා ඇති කතාව!

      පැරාම පාවිච්චි කර ඇති උපමා උපයෝගි කරගෙන මා ලියූ මගේ මුල් කමෙන්ටුවේ, එනම් "ඔය මුදා නොගත් ප්‍රදේශවල වෙනම රාජ්‍ය පිහිටුවාගෙන ඉන්න ආදි ශිෂ්‍යයන්ට ස්වයංනීර්ණ අයිතිය නෑ කියලද පැරා කියන්නේ ?" කියවෙන කතාව ඔබ (හෝ ඔබ දෙපල)ට තේරුම් ගත නොහැකි වීම ගැන මට කණගාටුයි!

      Delete
  7. ජපානයේ මම ඉන්න නගරයේ හොඳම හයි ස්කූල එකකට මගේ පුතා දාගත්තා.
    තනිකරම ජුනියර් හයි ස්කූල් එකේ අවු 3දි ප්‍රතිපල සහ එන්ට්‍රනස් ටෙස්ට් එකේ මාකස් විතරමයි බලන්නෙ.
    ඒ වෙනකල් මම ඒ ඉස්කෝලෙ දැකලවත් තිබුනෙ නෑ

    ReplyDelete
  8. අද ලිපියේ වචන සෙට් එක බැලුවාම ලිව්වේ වෙන කෙනෙක්ද කියලා හිතුනා. මේ සිංහල ජාතිවාදීන්ගේ වචනනේද?

    ReplyDelete
    Replies
    1. ඒක මිටර් උනෙත් එහෙම පොරකට ද කොහෙද...

      Delete
  9. පාසල් ආදී ශිෂ්‍ය සංගම් යනු ලංකාවේ ඇති අතිංශය ගෝත්‍රවාදී පක්ෂග්‍රාහී සංවිධාන වේ.

    විශ්ව විද්‍යාල ආදී විද්‍යාර්ථීන් ගේ සංගම් ඒ අතින් ඉතා හොඳයි.

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාල ආදී විද්‍යාර්ථීන් ගේ සංගම් ඒ අතින් ඉතා හොඳයි. අප්පට සිරි ඒගොල්ලෝ මොනවද දන්නේ නැ ආදීවිශ්ව විද්‍යාල වෙනුවන් කරලා තියෙන්නේ [නොදන්නකමට අහන්නේ ]
      ඉගෙන ගන්න උනන්දුවෙන් පැමිණි සිසුන්ට රටේ ප්‍රශ්න වලට එවැනි ශිෂ්‍යන් උසිගන්වපු එකද එහෙම නැතිනනම් එහෙම කරන අයට මුදලින් ආධාර කරපු එකද කලේ

      Delete
    2. නොදන්නා බව හොඳින් පෙනේ.

      විශ්ව විද්‍යාල ආදී විද්‍යාර්ථීන් ගේ සංගම්වල (Alumni Associations) ඇති වෙනස නම් ඔවුන්ට තම දරුවන් වෙනුවෙන් වශේෂ වරප්‍රසාද ලබාගත නොහැකි නිසා, අවංකවම පරාර්ථකාමීව වැඩ කරන බවට උපකල්පනය කරළ හැකි වීමයි!

      මේ සංගම් විසින් කරන වැඩ අතර, විශ්ව විද්‍යාලයට හෝ අදාල පීඨයට ද්‍රව්‍යමය ආධාර කිරීම, එහි සිසුන්ට මුදලින් ශිෂ්‍යත්ව ආධාර දීම සහ ද්‍රව්‍යමය ආධාර කිරීම වේ. ඒ සමගම ආදී විද්‍යාර්ථීන් ගේ වෘත්තීමය දියුණුව ගැනද වැඩකටයුතු කෙරේ.

      මා නම් එවැනි විශ්ව විද්‍යාල ආදී විද්‍යාර්ථීන් ගේ සංගම්වලට කෙලින්ම සම්බන්ධකම් ඇති අයෙකු නොවේ. නමුත් ඔවුන් ගේ ව්‍යාපෘතිවලට මුදලින් ආධාර කර ඇත්තෙමි.

      පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ආදී විද්‍යාරථීන්ගේ සංගමය ගැන විස්තර මෙතැනින් කියවන්න.

      https://www.pdn.ac.lk/eng/old/eeu/webpefaa/index.php

      ඔවුන් මේ නොබෝදා නිමකළ ව්‍යාපෘතියක් වන්නේ එහි සිසුන්ට ක්‍ෂේත්‍ර ගමන් යාමට අවශ්‍ය බස් රථයක් ලබා දීමයි.

      පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සමස්ත විශ්ව විද්‍යාලයටම අදාල ආදී විද්‍යාරථීන්ගේ සංගමයක් ඕස්ටේ‍ර්ලියාවේ මා වෙසෙන ප්‍රදේශයේ ද ඇත. ඔවුන්ද විවිධාකාරයේ මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර විශ්ව විද්‍යාලයට ලබා දෙති.

      වැඩි විස්තර සඳහා.
      http://www.puaan.org/index/Projects

      වෙනත් විශ්ව විද්‍යාලවල ආදී විද්‍යාර්ථීන් ගේ සංගම් ද මා වෙසෙන ප්‍රදේශයේ ඇත.

      Delete
    3. නමුත් ඔවුන් ගේ ව්‍යාපෘතිවලට මුදලින් ආධාර කර ඇත්තෙමි

      ඔබතුමා රට ගිහිල්ලත් ලොකු පින්කමක් නේ කරලා තියේන්නේ අප්පා කොච්චර ලොකු පිනක්ද ඩොලර් වලින් ආධාර කරන එක අනික රුපියල් වගේද ඩොලර් කියන්නේ

      Delete
    4. වෙනකෙකුට උදව් කළ යුත්තේ පින් ලැබේ යැයි සිතා නොවේ.
      පින් යනු බොහෝ දුරට පසුගාමී සංකල්පයකි.
      ඔබ පින් කරන්න.
      මම මගේ වැඩඩ කටයුතු කර ගන්නම්.

      Delete
    5. මොරටු සරසවිය වසයි
      2016 ජනවාරි මස 18 17:04:16 |

      සිසු උද්ඝෝෂණයෙන් පසු මොරටු සරවිය දින නියමයක් නොමැතිව වසා දැමූ බව එහි පාලනාධිකාරිය කියයි.
      උද්ඝෝෂණය අද අවසන් වුවත් තම ඉල්ලීම් ලැබෙන තෙක් දිගින් දිගටම උද්ඝෝෂණයේ යෙදෙන බව සිසුහු පවසති.

      තව ආධාර මොකටද මෙ ඉන්න ලමයින්ට්

      Delete
    6. පේරාදෙනිය ඉංජිනේරු පීඨයට තම දියනිය ඇතුල්කිරීමට ගිය මගේ මිත්‍රයෙක් කල ප්‍රකාශය තලේබාන්කරණය වී තිබූ පේරාදෙනිය අයි.එස්.අයි.එස් තත්ත්වයට රූපාන්තරණය වී ඇති බවක් පෙන්වයි. කියන හැටියට ශිෂ්‍ය ක්‍රියාකාරීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමනක්නොව ඔවුන්ගේ නංගිලා මල්ලිලාටත් ඩ්‍රෙස්කෝඩ් එකක් අනුගමනය කරවයි.

      මහනුවර දිස්ත්‍රික්කයේ සුවිසල් වනාන්තරයක් වනසමින් තැනූ මෙබඳු අතිශය පසුගාමී සමාජ විරෝධී ආයතනවල සිටින ළිංමැඩියන් පුනුරුත්ථාපනය කරන්නට බැරි නම් මේවා වසා දමාවත් ඉදිරි පරපුර රැකගත යුතුය.

      Delete
  10. ප්‍රධාන පෙලේ පාසල් සිදුකරන්නෙ ගමේ ගොඩේ පාසල් හෑල්ලුවට ලක්කිරීමක්.
    ගමේ පාසල් වලින් ශිෂ්‍යත්වය පාස් වෙන සිසුන් නගරයේ පාසල් සල්ලි දීලා ගන්න සම්ප්‍රදායක් දැන් ඇතිවෙලා තියෙනවා.

    ReplyDelete
  11. හපොයි මං දැං ඉන්නවා වගේ ගම්බද පාසල් වලම මට උගන්වන්ට ලැබේවා! අධ්‍යාපන ක්ෂේත්‍රෙය් අය ඒකෙ පරිපාලනේ ගැන මුකුත් නොදැන ඉන්න තරමට හිත හොඳින් සේවය කරන්ඩ පුළුවන්.ඔයි ඉස්කෝල ත්‍රස්තවාදේ අපේ ඉස්කෝල වල නැනේ

    ReplyDelete
  12. දැනට මම නම හිතාන ඉන්නේ මගේ ලමයෙක් හැදුනොත් ජාත්‍යන්තර පාසැල් වලටදාන්න.. ආන්ඩුවෙ පාසැල් කියන්නෙතනිකර විකාරයක්.. බහුතරයක් ගුරුවරු ඉන්නෙ සෘනාත්මක මානසිකත්වයක.. ඔවුන්ගේ ආකල්ප පරණයි.. සිසුන් මෙහෙයවන්න තවමත් යොදාගන්නෙ හත්පරණ ආගමික මතවාද///

    ඉන්ටනැෂනල් ඉස්කූල් පට්ට සෝක් බොහොම හොදය් කියන්නබෑ..ඒත් ඉස්කෝලයක්කියන්නෙ ලිමිටඩ් වටපිටාවක් නෙමෙයි.. අනික මගේ ලමයා ආන්ඩුවෙන් පිනට ඉගෙන ගන්නවාට මම කැමති නෑ.. හැම දේකටම අගයක් වටිනාකමක් තියෙනවාකියලා එයාට වැටහෙන්නට ඕනි..

    සමහර විට මට ලැබෙනගෑනි අනුව විප්ලවකාරී අදහස් ගොඩාක් වෙනස් වෙන් පුලුවනි.. ඒත් මම හිතන් ඉන්නෙ නම් ජාත්‍යන්තර පාසැල් සරණ යන්න.. කොහොම වේද දන් නෑ..බලමු ඉතිං..

    ReplyDelete
  13. ආදි ශිෂ්‍ය ත්‍රස්තවාදය !!!

    පැරකුම් මහතා ඔබ මේ කියන ආදි ශිෂ්‍ය ත්‍රස්තවාදය කියමින් ඔබ කියන දෙය පැහැදිලි මදිය
    සැමට චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන් ය නමුත් ඒවා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළහැකිද? එසේ කළහැකිනම් ඇයි එම චෝදනාකරුවන් ඒ සඳහා නීතිමය කටයුතු නොකරන්න කියලා පළමුව සොයා බලන්න
    දැන් බොහෝ නගර බද පාසල්වල ආදී සිසුන් රටෙන් පිටව පිහිටවාගෙන ඇති ආදීශිෂ්‍ය සංගම් මගින් තම විදුහල පමණක් නොව තම විදුහල්වල ඉගෙන ගන්නා ආර්ථික අපහසු කම් ඇති සිසුන් හට ආර්ථිකම වශයෙන්ද ආධාර කරයි [ නේවාසිකව ඉගෙන ගන්නා එක්සිසුවෙකුට අවුරුද්දට 50000.00 පමණ මුදලක් නේවාසික හා පාසල් ගාස්තු වශයෙන් වැයවේ] මෙමෙ මුදල් බොහෝ ලෙස අවශ්‍ය වන්නේ 5 වසරේ ශිෂ්‍යත්වයෙන් නගරයේ පාසල් වලට පැමිණෙන ගම්බදව ඉතා අඩු ආදායම් ලබන දෙමව්පියන්ගේ දරුවන්ටය. මෙවන් සිසුවන් නැවත ආර්ථික අපහසුතා නිසා , තම දුෂ්කර පළාතේ පාසැලට නැවත යාම වලක්වා ලන්නේ මෙම ආදි ශිෂ්‍ය සාමාජිකයින් විසින් පමණි. බොහෝ විට මේවා නිහඩවම කෙරෙන නිසා මෙය දන්නේ විදුහල්පති තුමාත් මෙමෙ ක්‍රියාවලිය සම්බන්දිය කරණ ආදි ශිෂ්‍ය නිලධාරියාත් ශිෂ්‍ය/ දෙමාපියනුත් පමණි. අවම වශයෙන් අවුරුද්දකට ළමුන් 15 -20 මෙසේ ආධාර අවශ්‍ය.

    ඉතින් මෙවැනි දෙයක් කිරීමට ආදී සිසුවන් ඉදිරි පත් වෙන්නේ ඇයි කියාසිතා බලන්න

    මෙවන් සිසුනට ආධාර කිරීමට රටේ වෙන කිසිවක් ඉදිරි පත්වන්නේ නම් නැත සියල්ල සිතන්නේ නගරබද පාසල්වල ඉගෙනගන්නේ යමක් කමක් ඇති ළමුන් පමණක් කියාය.එම නිසා ඔවුනට ආධාර අනවශ්‍යය කියාය.

    1 ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේදී ආදි ශිෂ්‍ය සංගම්වලට 25%ක කෝටාවක් ලබා දීම ආදි ශිෂ්‍ය සංගම් ත්‍රස්තවාදය ස්ථාපිත කිරීමට හේතු වේ........

    මෙය නම් ඉර්සියාව පෙරටු කරගෙන කල ප්‍රකාශනයකි


    ReplyDelete
    Replies
    1. ඉරිසියාවක් නෙමෙයි. ආදි ශිෂ්‍යයන්ට 25%ක් දීම හා තවත් කෝටාවක් ආරක්ෂක අංශවලට දීමත් අසාධාරණයි. රජයේ පාසල්වලට 1 ශ්‍රේණියට බඳවා ගැනීමේ ප්‍රමුඛ ම පදනම විය යුත්තේ ආසන්න පදිංචියයි. දෙමව්පියන්ගේ රැකියා ස්ථානවලට ආසන්නතාව වැනි වෙනත් කාරණා සාධාරණ අන්දමින් සලකා බැලිය හැකියි.

      Delete
  14. ඉපදිච්ච ගම ඉගෙනගත් ඉස්කෝලෙ ගැන,කයිවාරු ගහනව,ඉන්න රට ලෝකෙන්ම කාලකන්නි රටක් වෙලා.මෙහෙමත් හරක් ඉන්න රටක්.

    ReplyDelete
    Replies
    1. 1:48 PM ඇනෝ ඔබත් ඒ රටේ පුරවැසියෙක් නේද? ඔබ ද්වීත්වපුරවැසිභාවයක් ඇත්තෙක් නම් ඇයි නැවත එවැනිරටක පුරවැසිභාවක් ඔබ ලබාගත්තේ ."මෙහෙමත් හරක් ඉන්න රටක්".ඉන්නවට වඩා නරකද වෙන රටකට සංක්‍රමණය වෙන එක හැබැයි එහෙම ගිහිල්ල ඒ රටේදී I am proud to be Sri-lankan.කියලා කියන්න ඔට්ටු නෑ

      Delete
    2. මම ඉන්නෙ පිටරටක තමයි.මම වැඩකරන හැටි දැකල මාව දන්න අය ලංකාවටත් ඒ ගරුත්වයම දෙනව,ඒත් මම එයාලට ඇත්තම කියනව.

      Delete
    3. ඔබ උදම් අනන ඔය 'වැඩ කරන හැටි' ඔබට ලැබුනේ කොහෙන් ද ?

      Delete
  15. පැරා කියපු බොහොම දේවල්වලට එකඟවෙන්න පුලුවන්. මම ඉගෙන ගත්තෙ රාජකීය විද්‍යාලයේ. මන් හිතන්නෙ මාතලනුත් ආදිශිෂ්‍යයෙක් (වැරදිනම් සමාවෙන්න ). ගොඩාක් පාසල් වලට අදාල ජාතිවාදය, ආගම්වාදය අපිට අදාල නෑ. ජනාධිපති වුනත් ආදිශිෂ්‍ය වඩසටහනකදි පැරණි මිත්‍රයෙක් විදියට තමයි සලකන්නෙ. එසේම පාසලේ කෙරෙන සෑම දෙයකටම රජයෙන් මුදල් හා අනෙකුත් සම්පත් ලබාදෙන්නෙත් නෑ, ලැබුනත් ප්‍රමාණවත් නෑ. එකනිසා මෙම ආදිශිෂ්‍ය ප්‍රජාව පාසැලට විශාල රුකුලක් වෙනවා. දැන් කෙනෙක් තර්ක කරයි විශය බාහිර වැඩවලට ලොකු උනන්දුවක් අවශ්‍ය නෑ කියලා. යතාර්ථයනම් විශ්වවිද්‍යාල යන්න නොලැබෙන බොහොදෙනෙක්ට විශය බාහිර වැඩ පටන්ගන්න ලැබෙන එකම කලය පාසැල් අවදියයි.
    පැරාගෙ තර්කයට මූලික පදනම විය යුත්තෙ මෙවැනි පාසල් තුලින් ඇතිවන ශිෂ්‍ය සහොදරත්වයයි. එය පරම්පරා, සමාජයීය තත්ව, ආර්ථිකමය තත්ව අතික්‍රමනය කරමින් ප්‍රභලව ක්‍රියාත්මක වෙනවා. අපි සියල්ලන්ම සාමන්‍ය මිනිසුන් හැටියට, අපිව යම්කිසි කුලකයකට ඇතුලත් කරගැනීම වලක්වන්න බැහැ. මා සිතනාපරිදි එය තුලින් අපි කිසිවකුට හානියක් කිරීමට බලාපොරොත්තු වන්නෙ නෑ. තම දරුවන් තම පාසලටම ඇතුලත් කිරීමට උත්සාහ කිරීම බොහොදුරට පාසල හා ඇති බැඳීම සංඛෙතවත් කරන්නක්. මා හොඳින්ම දන්නා අගනුවර ඉතාම ජනප්‍රිය පාසැලක දීප්තිමත්ම ආදිශිෂ්‍යයෙක් ඔහුගේ පුතා අපේ පසලට අතුලත් කලා. එයට හේතුව ලෙස ඔහු දැක්වුයේ ඩනට ඔහු දරන ජාතිවාදී හා ආගම්වදී නොවන ආකල්ප සමග වඩාත්ම අනුගත වන්නෙ අප පාසල බවයි.

    මං හිතන්නෙ අපි කවුරුත් උත්සාහ කරන්නෙ රට වඩා යහපත් තැනකට ඔසවා තබන්නෙ කෙසේද යන්න සාකච්ඡා කිරීමටයි. පාසල් සංවර්ධනය එහි වැදගත්ම කොටසක් බව වාදයක් නෑ. ඉතා ඉහල ජනප්‍රිය තාවක් අති පාසල් වට උප සන්ස්කෘතියක් ගොඩ නැගී තිබෙනවා. එය තවත් කෙනෙන්ක් පහත් කොට තැකීමක් නොව බොහෝකොටම විනෝදය සඳහාද, වත්මන් හා ආදි සිසුන්ගෙ වර්ධනය උදෙසාද බාවිතාවෙනවා. කොහොමටත් කුඩාකල සිට එන මිත්‍රයන් සමග විනෝද වීම පහසුයි සහ ආකර්ෂනීයයි.
    නීතියට පිටින් (මානුශීය හෙතුඑවකින් තොරව ) යම්කිසිවෙක් පාසල බාවිතා ක්‍රනවනම් හා ඒ හරහා අයතා ලෙස මුදල් උපයනවනම් රටේ පවතින නීතිය හරහා අනිවාර්යයෙන්ම දඬුවම් කලයුතුයි. එසේ නොවුනහොත් එය පාසැලේ කීර්තිනමයටත්, ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ගෙ පෞර්ෂයටත් සෘනාත්මක බලපෑමක් වනු ඇති.

    ReplyDelete
    Replies
    1. ඇනෝ දැන් ඔය කියන්නේ ඔය රෝයල් එකේ ජාතිවාද ආගම්වාද නැති නිසා පැරා කියන දේ වැරදියි කියලද? ඔය ඉස්කෝලේ පින්සිබොල් පගාව ගහලා දැන් මාට්ටු වෙලා නේද? මේකට රෝයල්, ආනන්ද කියලා වෙනසක් නැහැ. හැම ප්‍රධාන පාසලකම තත්ත්වය ඕකයි. ඔය රෝයල් එකේ හිටපු විදුහල්පති කෙනෙක් මම අදුනනවා. ඔහු මට වරක් කීවා 'මම වාඩිවෙලා ඉන්නේ සල්ලි ගොඩක් උඩ' කියලා. පැරා ඔය කියන අදහස 100% ක්ම ඇත්ත බව එකී විදුහල්පතිවරයා ඇසුරුකළ මා හොඳින් දන්නවා. ලංකාවේ මිනිස්සු ජාතිය, ආගම, කුලය, ආදී නොයෙකුත් බෙදීම් අතරට ඔය පාසල් බෙදීමත් දාගැනීමයි මේ තත්ත්වයට මූලික හේතුව. ලංකාවේ සමහර පෞද්ගලික ආයතන තිබෙනවා ඉතා ප්‍රසිද්ධියේම සමහර පාසල් වලට ගිය අය තමයි ගන්නේ. හේතුව ඒවායේ ලොක්කෝ ඒ පාසල්වල ආදී සිසුන් වීම.

      Delete
    2. ලෝකෙ කොහෙත් හොඳ පාසල් හා upset පාසල් කියල categorise කරල තියනව....ඒ නිර්ණායක ඇවිල්ල හොඳ විෂය අධ්‍යාපනයක් ඇරෙන්න අනිත් කරුනු මත රැඳුනු ඒව...ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොළඹ ඉස්කෝල වලට ඉංග්‍රීසි පුලුවන් කියල අනුමාන කලාට මාවතගම අන්ත දූගී ඉස්කෝලෙක ලමයි සට සට ගාලා කතා කරනව දැකල ඇති....

      ඔය හොඳ හා හොඳ නොවන කියන නිර්ණායක තීරණය වන්නේ total personality කියන factor එකේදී....ඒකට හේතුව හොඳ ඉස්ඉඉස්කෝලෙකට ගියාම exposure එකයි experience එකයි හින්ඳ අනිත් අයට වඩා ඉස්සරහින් ඉන්න priviledge එකක් තියනව...ලෝකේ කොහෙත් ඒක එහෙමයි....ඉතින් ඒ priviledge එක කොහොම හරි ලබා දෙන්න දෙමව්පියෝ හැටියට අපි හරි අමුතු වැඩ කරනව....වැරදිද කියන්නනං දන්නෙ නෑ....

      ආදී ශිෂ්‍යයෙක් හැටියට ඉස්කෝලේට ආදරෙයි...මගේ ලමයි නොගියත්....උදව් පදව් කරනව...හැසැයි preferential treatment නෑ ඉස්කෝලෙ නිසා..අන්න එතනයි වැරැද්ද.....අවස්ථාව දෙන්න ඕන සමානව....interview එකකට ගියාම ඉංගිරිසි මුල ඉඳලම දන්න රාජකීයයි අපි වගේ ගොඩේ බයියෝ අතරනං ලොකු වෙනසක් තියනව

      Delete
  16. මට ඔය පොඩි ළමයි වගේ ඇඳගෙන පරණ විදුහලට ගොස් කරන විකාරය නම් පෙන්නන්න බැහැ .

    ReplyDelete
  17. ආදි ශිෂ්‍ය සංගම් වලට පාසල් පවරාදීම වඩාත් සුදුසුයි. ඔබ පවසන පාසල් බොහොමයකට ආදි ශිෂ්‍ය සංගමයෙන් ලැබෙන දේ රජයෙන් ලැබෙන දෙයට වඩා වැඩිය.

    ReplyDelete
  18. ජනප්‍රිය පාසල් තියෙන්නේ ටිකයි. ජනප්‍රිය නැති පාසල් ගොඩයි. එමනිසා ජනප්‍රිය පාසල් වලට සම්බන්ධ පුද්ගලයින් සුළු ජාතීන් ලෙස සැලකිය හැකියි. මේ රජය කර ඇත්තේ මහජාතියේ ආධිපත්‍යය සුළු ජාතීන් කෙරෙහි පතුරා ඔවුන් පීඩාවට පත්කිරීමක්. (සුළු ජාතිකයෙක් වෙන එක මාර ෆන් ඕයි)

    ReplyDelete
  19. 1. ලංකාවේ පවතින අධ්‍යපන ක්‍රමයේ බොහෝ අඩුපාඩු සහ දුර්වලතාවයන් තිබෙන අවස්ථාවකදි පැරාගේ w3lanka වෙබ් අඩවිය මගින් එක් එක් කරුන ගනිමින් එවා පිලිබදව විවේචනයන් ඉදිරිපත්කර ඇත. පැරාගේ සම්පුර්ණ ලිපිය මගින්ම ව්‍යාංගයෙන් සිදුකර ඇත්තේ අකිල විරාජ් ඇමතිවරයා සිදුකල කාර්ය නිවරදියැයි කිමය. (මෙය ඇමතිවරයා විසින් සෘජුව මැදිහත්විය යුතු නැති ඔවුන් විසින් ප්‍රතිපත්තිමය තිරණයක් ලබාගත යුතු තත්වයකි) ඇමතිවරයකු මැදිහත්වී රාජ්‍ය නිලධාරියකු මාරු කරන්නේනම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, විදුහල්පති සේවා ව්‍යවස්ථාව, අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව සහ ස්ථාන මාරුවිමේ පරිපාටින් අවශ්‍යවන්නේ නැත. අද ඇමතිවරයාට සෘජුවම මැදිහත්වී එක් විදුහල්පති වරයෙකු මාරු කල හැකිනම් හෙට සියලුම විදුහල්පතිවරුන් සහ සමස්ථ රාජ්‍ය සේවයකයින්වම විවිධ ඇමති වරුන්ගේ සහ දේශපාලකයන්ගේ අවශ්‍යතාවය අනුව මාරු කරනු ඇත.(ලිපිය නිකුත්කර ඇත්තේ ලේකම් වරයාය)

    2. අධ්‍යාපනයට ඇමතිවරයකු අවශ්‍ය වනුයේ එක් පාසලක විදුහල්පති වරයකු තවත් පාසලක් සදහා මාරු කිරීම සදහා නොවන්නේය. ඔවුන්ට රටේ පවතින අධ්‍යාපනය පිලිබදව සෘජු ප්‍රතිපත්තිමය තිරණ ලබා ගතයුතුය.

    3. අද දවසේ පාසලේ පන්ති කාමරවල තින්ත ගෑමේ සිට පාසැල්වල බොහෝ නඩත්තු කටයුතු සිදුකර ගැනීම සදහා විදුහල්පතිට සිගමන් යැදිමට හෝ කප්පන් ගැනිමට සිදුවි ඇත. රජය මගින් ගුරුවරුන්ගේ වැටුප් ගෙවිමට, පෙළපොත් ලබා දීමට අමතරව අනෙකුත් පාසල පවත්වාගෙන යාමට අදාල මුලික වියදම් ලබා දෙන්නේ නැත. එලෙස ලබාදීමට හැකියාවක් තිබෙද යන්න පිලිබදව සහ එලෙස නඩත්තු කල යුතු ක්‍රමවේදය පිලිබදව පැහැදිලි ප්‍රතිපත්තියක්ද රජයට නැතිය. පාසැල් සංවර්ධන සමිති හරහා මෙය කිරීමට කටයුතු කලද එහි වැඩිම දායකත්වය ලබා දෙන්නේ ආදිශිෂ්‍යයන්ය.

    4. රටේ පවතින අධ්‍යාපන ක්‍රමය, මාර්ග තදබදයේ සිට රටේ සියලුම කරුණු සමග බද්ධවී ඇති අප සමස්ථ අධ්‍යපන ක්‍රමයේ ඇති ගැටලුව පිලිබදව සාකච්ජා කල යුතුය. මෙවැනි එක් එක් කරුණ විවේචනය කිරිමෙන් මෙය යහපත් කිරිමට නොහැකිය. අද ආදිශිෂ්‍ය ගැටලුවය ඊයේ ගුරුවරුන්ගේ ළමුන්ගේ විනය සැදිම පිලිබද මානසික ප්‍රශ්නය පෙරේදා සැමට අධ්‍යපනයට ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීමට එය පෞද්ගලික කල යුතුයි ආදී ලෙස දිනෙන් දින එක් එක් කරුණ පිලිබද විවේචනය කිරීම මම හිකන පරිදි ගැටලුවට උත්තරයක් වන්නේ නැත. ඒ ආකාරයට හෙටද අපිට ගැටලු පිලිබදව ලිවිය හැකිය.

    5. මෙවැනි තත්වයන් ඇතිවී තිබෙන්නේ පවතින රජයන් අධ්‍යපන ප්‍රතිපත්තිය නිසිපරිදි සකස්කර නැති බැවින්ය. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස්කිරීමට බලාපොරොත්තුවන ආකාරයටම ජනතාවගේ අදහස් ලබාගෙන පවතින අධ්‍යපන ක්‍රමයේ දුර්වලතාවයන් සකස්කල යුතුය. ඒ සදහා වැඩපිලිවලක් සැකසිම හෝ අධ්‍යපනය ආයතන නඩත්තු වන ආකාරයේ සිට සෑම දෙනාටම ලබාගත හැකි ක්‍රමවේදයක් කෙටුම්පත් කිරීම සහ ඒ සම්බන්ධව ප්‍රතිපත්තිමය තිරණ ගැනීම ඇමතිගේ කාර්යය. ඇමතිවරයා එලෙස නොකර මේ කරමින් සිටින්නේ ෂෙල් ගැසීම නොව තම පෞද්ගලික අභිමතාර්තයන් ඉටුකරවා ගැනීමය. විදුහල්පතිවරුන් මාරුකිරීම ඇමතිගේ කාර්යය නොවේය. විදුහල්පතිවරුන්ට වැරදි කල නොහැක ලෙස පද්දතිය සකස්කිරීම ඇමතිගේ කාර්යය.

    6. එබැවින් ඇමතිගේ ගොන්පාට්වලට සුදුහුණු නොගන්න. ඇමතිට තමන්ගේ කාර්ය කිරිමට බල කරන්න. එලෙස නොකර ආදිශිෂ්‍යයන් පිලිබදව බොරු භිතියක් ඇති නොකරන්න. පාසැල් සහ අධ්‍යපනය සකස්කර ගත නොහැකි වී ඇත්තේ ආදිශිෂ්‍යයන් නිසා නොවේය. ආදිශිෂ්‍යයන්ට මේ සදහා මැදිහත්වීමට ඉඩදී ඇත්තේ පවතින අධ්‍යපන ක්‍රමයේ දුර්වලතාවයන්ය.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙය තුළ අඩංගු වන විසඳුම වන්නේ අර හැම එකට ම වගේ අධ්‍යාපනයටත් ප්‍රතිපත්තියක් හැදුවා නම් වැඩේ ගොඩ ය කියන එක ය. එතෙක් රෝයල් ප්‍රින්සිපල් ඇතුළු දූෂිතයන්ට එරෙහිව කිසිවක් නො කළ යුතු ය.

      නැත. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යනු අතිශය සංකීර්ණ පඹ ගාලකි. මෙය ලිහන්නට කොණක් සොයා ගැනීම අධ්‍යාපන ඇමතිවරයාගේ පමණක් වගකීමක් නො වේ. අප මෙහිදී අගය කර ඇත්තේ ස්ථාන මාරු දීම නො වන බව ඔබ වටහා ගත යුතු ය. ආදි ශිෂ්‍යවාදය යනු ජාතිවාදය වැනි ම වූ තවත් ස්වෝත්තමවාදයක් බව අප පෙන්වා දී ඇත. එය අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. ඒවා සමාජ ප්‍රශ්නයි. රජය පාසල්වල සියලු කටයුතු සඳහා අරමුදල් දුන්නත් ඒ ගෝත්‍රවාදය නැති වන්නේ නැත.

      මෙය වනාහි අප අධ්‍යාපනය ගැන මෙම බ්ලොග් අඩවියේ ලියන ලද පළමු ලිපිය නො වේ. මීට පෙර අප ලියූ ලිපි බලන්න. අප වනාහි සියල්ලට පරිසමාප්ත විසඳුම් දන්නා ඔබ වැනි අය නො වේ. අප වනාහි සංවාද ඇති කරන, සංවාදවලට සහභාගි වන සාමාන්‍ය ජනයා පමණි.

      මේ වනාහි අප දිගු කලක සිට කරන සමාජ සංවාදයේ කොටසක් පමණි.ඔබ කියන්නේ එය කරන එක වැරදි ය වැනි අදහසකි. ඔබ ඉටු කරන්නේ කාගේ උවමනාවක් ද යන්න ගැන විමසිලිමත් විය යුතු ය.

      Delete
    2. ඔබ මෙම ලිපියේ සම්පුර්ණයෙන්ම ලියා ඇත්තේ රාජකීය විදුහල්පති මාරු කිරිමෙන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් මුදා නො ගත් කලාපවලට ෂෙල් ප්‍රහාරයක් එල්ල කර විප්ලවිය ක්‍රියාවක් සිදුකර ඇති බව ප්‍රකාශ කිරීමටය. එහි අතුරු ඵලයක් ලෙස පමණක් ආදිශිෂ්‍යයින්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ක්‍රියාවන් විවේචනය කර ඇත.

      අධ්‍යපනයට ප්‍රතිපත්තියක් සකස්කල පමණින් සියල්ල යහපත් වන්නේ නැත. මම සදහන් කරනුයේ අප අධ්‍යපනයට ඇමතිවරයකු පත්කරගෙන ඇත්තේ පාසැල්වල විදුහල්පතිවරුන් මාරු කිරීම සදහා නොව විදුහල්පතිවරුන්ගේ සහ ආදිශිෂ්‍යයින්ගේ අනවශ්‍ය මැදිහත්වීම් අවම කිරීම සදහා ප්‍රතිපත්ති සැදීමට බවය. එමෙන්ම ඇමතිවරයකු සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් වලට විරුද්ධවිය යුතු බවත් දැක්වීමටය.ආණ්ඩුව පැමිණි විගස 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනආවේ මෙවැනි දේශපාලකයින් කරන අනවශ්‍ය මැදිහත්වීම් නවතා දැමිම සදහාය. දේශපාලකයින් සෘජුවම රාජ්‍ය නිලධාරින් මාරුකිරීමට මැදිහත් වන්නේනම් ස්වාධින කොමිෂන් සභාවල අවශ්‍යතාවයක් නැත. (19ය සර්ව සම්පුර්නයැයි මම කියන්නේ නැත)


      ආදිශිෂ්‍ය මැදිහත්වීමට ඉඩ ලබාදී ඇත්තේ පාසැල් සංවර්ධන සමිති වැනි පාසැලේ සංවර්ධනයට සෘජුවම සම්බන්ධ ආයතනයන් සමගය. මම දකින ආකාරයටනම් රජය ප්‍රධාන පෙලේ පාසැල්වල සංවර්ධන කටයුතුවලින් සහ පරිපාලන කටයුතුවලින් ඉවත්වී ඒවායේ සංවර්ධනය හා පාලනය සංවර්ධන සමිතිවලට භාරදිය යුතු බවයි. ඔවුනට අවශ්‍ය පරිපාලන බලය යම් සීමා කිරිමක් සහිතව ලබා දෙන්නේ නැතිව රජය එම පාසැල්වල අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීම ඔබ දකින ආකාරයටම රජය දියවීමේ දිශානතියකට ගමන්කරන්නක් නොවේය.

      ඔබ මෙන්ම මමද ප්‍රශ්නවලට පරිසමාප්ත උත්තර දන්නා පුද්ගලයින් නෙවේය. එහෙත් හුදු සිද්දිමය විවේචනයන් මගින්ම පමණක් සමාජයක් වෙනස් වන්නේ නැත.

      අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔබ ආදිශීෂ්‍ය ස්වෝත්තමවාදය පිලිබදව ලියන අස්සේ ඇමතිවරුන්ට හුණු ගාන්නට නොයන්න. විදුහල්පතිවරුන් සිදුකර ඇති දුෂණයන් පිලිබදව පරික්ෂණ කිරීම මගින් දුෂණ නැතිවන්නේ නැතිබවද සතක තබා ගන්න

      Delete
  20. මේක ලේසි දෙයක් නෙවෙයි. ආදි ශීෂ්‍ය සංගම් කියන්නේ මාෆියා එකක් වගේ. මමත් ගියේ ඉහල පෙලේ යයි සම්මත පාසලකට තමයි. ඒත් මම නම් හිතන්නේ අපි මේ වර්ගකිරීම් නවත්තන්න ඕනේ. එකේ පන්තියේ ඉඳල දහතුනට යනකම් පන්ති පවත්වන ඉස්කෝල, ගැහැණු පාසල්, පිරිමි පාසල් කියන වික්ටෝරියානු යුගයේ යල්පැන ගියපු දේවල් නැති කරන්න ඕනේ. ආදි ශීෂ්‍යයන්ට ප්‍රමුඛතාවය දෙන එකත් වැරදියි. ඒවා රජයේ පාසල් නම්, රජයේ නීති යටතේ පාලනය වෙනවනම් මේ දේවල් නැති වෙන්න ඕනේ. කෝටිපතියගේ දරුවත්, කුලීකාරයගේ දරුවත් එකම පදනමකින් පාසලට ගන්න අවශ්‍යයයි.

    ReplyDelete
    Replies
    1. විවාහක ශිෂ්‍යාවන්ටත් පාසල් යාමේ අවස්ථාව දිය යුතුයි. වික්ටෝරියානු කන්‍යාරාම ආකෘතියෙන් පාසල මුදවාගත යුතුයි.

      Delete
  21. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය ලේකා අනුරාධා රෝයි මහත්මියට පිරිනැමූ අවස්‌ථාව...Divaina, Mon Jan 18.
    What the hack is "ලේකා"

    ReplyDelete
  22. "බැක් ටු ස්කූල්" ගොන් පාට් එකක් වන්නේ යම් සේ ද එවැනිම වූ ගොන් පාට් රැල්ලක් ප්‍රසිද්ධ ගායක යුවලක් විසින් නොබෝදා ආරම්භ කරන ලදි. ඒ "නැවත විවාහ වීම" යි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා