රණතුංග පවුල ක්‍රිකට් නිලවරණයේදී පැරදවීම දේශපාලනිකව වැදගත් ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දේශපාලනිකව වැදගත් ය. 

ක්‍ර‍ිකට් ක්‍රීඩාව යනු ලංකාවේ සමාජයේ දූෂිත ම අංග අතරින් එකකි. ක්‍රීඩාවක් ලෙස එහි යටිතලය ඉතා දුර්වල ය. එසේ ම අතිශය දූෂිත ය. 

මම වසර කීපයක් තුන්වන කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩා කරන අර්ධ නාගරික පාසක ක්‍රිකට් භාර ආචාර්වරයා ලෙස සේවය කළෙමි. මගේ අත්දැකීම අනුව, මට ක්‍රිකට් ගැන කළ හැකි නිර්දේශය වන්නේ ලංකාවේ දිළිඳු හා ග්‍රාමීය ප්‍රදේශවල ජනයා ක්‍රිකට් පිස්සුවෙන් මිදිය යුතු බවයි. ක්‍රිකට් ක්‍රීඩාව ධනවතුන්ට භාර දී, දිළින්දන් වෙනත් ක්‍රීඩාවකට ආදරය කළ යුතු ය. මන්ද, ක්‍රීඩාව යනු ඔබේත්, මගේත් සෞඛ්‍යයට, ජීවිතයට සම්බන්ධ දෙයක් මිස හුදු රූපවාහිනී දර්ශනයක් පමණක් නො විය යුතු නිසා ය. 

ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් දූෂිත ද යත්, ඇතැම් ක්‍රීඩා සමාජ නිලධාරීහු ප්‍ර‍ධාන පෙළේ තරගාවලි සඳහා කණ්ඩායම පුහුණුකරුවන්ට විකිණූ අවස්ථා මම දනිමි. පුහුණුකරුවෝ එය තම ඇකඩමියට අලෙවි කරති. 

ක්‍රිකට් නිලවරණයත් එවැනි ය. ක්‍රිකට් සමාජයේ තීරණය අනුව ඡන්දය දෙන්නට එන නිලධාරීහු මුදලට වෙනත් අයට ඡන්දය දුන් අවස්ථා අතීතයේදී තිබිණි. එහෙත් මෙවර ඡන්දය විවෘතව ප්‍ර‍කාශ කරන්නට සිදු වීම නිසා ඒ සෙල්ලම කරන්නට බැරි විය.

මෙවන් ක්ෂේත්‍ර‍යකට එන ව්‍යාපාරිකයන් කරන්නේ හුදෙක් ම අත ලෙව කෑම සඳහා මී කැඩීම නො වන බව ඉතා පැහැදිලි ය. මේ කතාව පත් වී සිටින අයටත් අදාළ ය.

කොහොම වුණත්, මේ වන විට වරාය අල්ලාගෙන තිබෙන රණතුංග පවුල ක්‍රිකට් මැද්දට ද පනින්නට දැරූ උත්සාහය පැරදවීම නම් දේශපාලන ජයග්‍ර‍හණයකි. 

ලංකාව රාජපක්ෂ පවුලෙන් උගත් පාඩම අමතක කළ යුතු නැත. එවැනි තවත් පවුල් බලවත් කිරීමෙන් අප වැළකී සිටිය යුතු ය. 

මේ මොහොතේ ලංකාව පරිස්සම් විය යුතුව තිබෙන පවුල් රාශියක් තිබේ. ඒ අතරින් ඉදිරියෙන් ම ඉන්නේ රණතුංග පවුල හා සිරිසේන පවුලයි, රනිල් වටා ඇති පවුල්, මහීපාල පවුල, වෙල්ගම පවුල ආදී තවත් පවුල් රැසක් ද තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Please remove Sirisena family among the families about whom you name us to be careful. That family is clean and is not connected to any corrupt deals. The family hasn't and won't ever let the ideals of Yahpalanaya. There is no doubt about that!

    ReplyDelete
    Replies
    1. Sorry! my comment should be as follows:

      Please remove Sirisena family among the families about whom you name us to be careful. That family is clean and is not connected to any corrupt deals. The family hasn't and won't ever let down the ideals of Yahpalanaya. There is no doubt about that!

      Delete
    2. අනේ කවුදෑ ඔය සිරිසේන පවුලේ ක්ලීන් සාමාජිකයෝ? නම් කරන්න පුළුහන්ද?

      Delete
  2. ඕන දේකට හොඳ වගේම නරකත් තියෙනවා... ලංකාවේ ක්‍රිකට් වලට උනෙත් ඒ දේ... තිලංග හොඳයි කියනවා නෙමෙයි... ඒත් අම්මට සිරි ලංකාවේ වැදගත් හොරා තෝරගන්න සිඳු වෙලා තියෙන්නේ...

    ReplyDelete
  3. Ranathunaga lassanama inima kreeda kale Maradane ashka vidyalayata wiruddawa.
    mun patta hour..

    ReplyDelete
  4. ක්‍රිකට් මාෆියාවක් තියනවා. ඒ මාෆියාවේ, සුමතිපාලලා, රණතුංගලා, ධර්මදාසලා, සහ තවත් සෑහෙන පිරිසක් ඉන්නවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා